දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල බ්ලොගර් අයිකන් එක ක්ලික් කරන්න
දැන් බ්ලොගර් අයිකන් එක ක්ලික් කරන්න
ඔන්න දැං ෆෝපයිල් එක හදන්නයි යන්නේ , වැදල කියන්නං මෙතනදි ගූගල් ෆෝපයිල් එකට නං යන්න එපා , තෝරාගන්න බ්ලොගර් ෆෝපයිල් එක , ගූගල් ෆෝපයිල් එක බ්ලොගර්ලට හැම වෙලාවෙම ගූගල් දෙයියා ඇගේ ගහන්ඩ හැදුවට , බ්ලොගර් කෙනෙකුට වටින්නේ බ්ලොගර් ෆෝපයිල් එක , ලියන කෙනාට විතරක් නෙමෙයි කියවන කෙනාටත් ඒක පහසුයි , බ්ලොග් එකේ විසිටර්ස්ලව වැඩි වෙන්ඩත් ඒක යම්කිසි ප්‍රමානයක බලපෑමක් කරනවා.
ඔන්න ෆෝපයිල් නේම් එක දෙන්නයි තියෙන්නේ , දෙන්න බ්ලොග් එකේ නමම , දාන්ඩ සිංහල පුරුදු වෙන්ඩත් එක්ක සිංහලෙන්ම බලුබෙටි කියල
ඔන්න දැං බ්ලොගර් ඩෑෂ් බෝඩ් එක උඩට ආවා , දැං ක්ලික් කරන්න නිව් බ්ලොග්
දැං දාන්ඩ බ්ලොග් එකේ නම ටයිටල් එකට , එඩ්රස් එකටත් ඒකම දාන්ඩ , අග්ගිස්සට බ්ලොග්ස්පොට් ඩොට් කොම් කියලත් දාන්ඩ , ක්‍රීයේට් බ්ලොග් ක්ලික් කරන්න
දැං ඊලගට එන පිටුවේ වම් පැත්තේ උඩ තියන වීව් බ්ලොග්
ඔන්න දැං බ්ලොග් එකක් හැදිලා
වම් පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න
ඊලගට කස්ටමයිස් ක්ලික් කරන්න
දැං තියෙන්නේ ටෙම්පලේට් එක ( බ්ලොග් එකේ මූලික සැකස්ම ) තෝරන එක , ඔය උං පින්තුරයේ තියන ඩයිනමික් වීව් කියන එකනං තෝරගන්ඩ එපා , හොදයි වාගේ පෙනුනට ගූහතයි.
හොදයි කියල හිතෙන වෙන එකක් තෝරගන්න , කියවන්න එන අයට පහසුම එකක් උනහම හොදටම ඇති , වැඩිය වැඩ ඕන නැ . ඇප්ලයිටු බ්ලොග් කියන දකුනු පැත්තේ උඩම තියන බොත්තම ඔබන්න
දැං වම් පැත්තේ තියන ලේයර් අවුට් තෝරල බ්ලොග් එකේ සයිඩ් බාර් වල සැකස්ම ඔයාට ඕන විදිහට හදලා , ආයෙත් ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න .
දැං ඇජස්ද විජට් තෝරලා , සයිඩ් බාර්වල සහ බ්ලොග් පෝස්ට් එකේ සයිස් ඒක ඕන විදිහට වෙනස් කරන්න , හැබැයි මුලු පිටුවේම දිග 1250px වලට වඩා ලොකු කරන්න එපා එහෙම කලහම සමහරක් ස්ක්‍රීන්වලදි බ්ලොග් එකේ සමහරක් කොටස් නොපෙනෙන්ඩ පුලුවන් , දැන් ආයෙත් ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න
දැං ඇඩ්වාන්ස් ක්ලික් කරල එන මෙනු එකේ බ්ලොග් ටයිටල් සිකෙල්ට් කරල සයිස් එක හදන තැනින් උපරිම අගය සිලෙක්ට් කරල ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කරන්න
මෙතනදි තව ඔයාලට පුලුවන් පිටුවේ අකුරු සයිස් සහ . පිටුවේ පාට වාගේ දේවලුත් හරිගස්ස ගන්න , එක් එක් සැකසුමකින් පස්සේ , ඇප්ලයිටු බ්ලොග් සිලෙක්ට් කිරිමෙන් අනතුරුව වීව් බ්ලොග් ක්ලික් කිරීමෙන් පුලුවන් තවත් ටැබ් එකක් ඕපන් කරගන සැකසුම වෙනස්කිරිමෙන් පසු බ්ලොග් එකේ පෙනුම බලාගන්න .
දැන් වීව් බ්ලොග් සිලෙක්ට් කරන්න
දැං ඔන්න ආයෙත් බ්ලොග් එකේ මුල් පිටුවට ආවා
මෙහෙමයි මුලදී ටෙම්පලේට් එකේ ෆොන්ට් සයිස් වාගේ දේවල් වෙනස් කරන්න යන්න එපා , බ්ලොගර් දෙන විදිහටම තියෙන්න දෙන්න , ටික දවසකින් ඔයාටම අවබෝධවෙයි වෙනස් කරන්න ඕන මොනවාද කියල , එතකොට කරන්න , එහෙම නැත්නම් කියවන්න එන අය අපහසුතාවයට පත්වෙයි , සමහරක් දේවල් මොනවා උනාද කියල ඔයාටම හිතාගන්න බැරිවෙයි . මේවා මහලොකු දේවල් නොවෙන නිසා ටික දවසකින් ඔයාටම පුලුවන් ඔයාට ඕන විදිහට හදාගන්න ,
එතකං වටින්නේ එළකිරිවාගේ ලියාගන යන එක තමා
තෙවැනි කොටස මෙතැනින් කියවන්න
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
//ඔන්න ෆෝපයිල් නේම් එක දෙන්නයි තියෙන්නේ , දෙන්න බ්ලොග් එකේ නමම //
ReplyDeleteහරි. එහෙම කලා....
ස්තුතියි.
ස්තූතියි
ReplyDelete