2016-08-29

How to write a Sinhala blog ( 1 ) , සීංහල බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද , සිංහල අකුරු ලියන්නේ කොහොමද , බ්ලොග් එකට වෙන ජීමේල් එකක්


වරදවා හිතන්න එපා කවුරුවත් , මම කම්පියුටරයක් ගෙදරට ගේනකොට දන්නේ ඔන් ඕප් බට්න් එක විතරයි , පස්සේ ටික ටික ඉගන ගත්තා , ඔය ගැන ටිකක් ලියල තියනවා මෙතන  මෙලෝ මල දානයක් නොදැනයි මං මේකට බැස්සේ , දැං ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියොත් මං එදා දන්නවට වඩා මේ ගැන දන්නවා , ඉතින් මේක අමාරු නැ .


අපිට බ්ලොග් ලියන්න පුලුවන් , ඩෙක්ස්ටොප් එකකින් , ලැප් ටොප් එකකින් , ටැබ් එකකින් ෆොන් එකකින් උනත් , බ්ලොග් ලියන්න හොදම තැන තමයි බ්ලොගර්  , මොකද එකක් සරලයි පහසුයි , අනික ගොඩක් සිංහල බ්ලොග් බ්ලොගර් උඩ හදාපුවා.


ඉස්සෙල්ලම මං කියන්නං මං කැමතියි බ්ලොග් ලියන්න ඕන කෙනෙක්  තමන්ගේ පුද්ගලික ඊමේල් එක පාවිච්චි නොකර වෙන එකක් පාවිච්චි කරනවානං , එතකොට පුලුවන් පටලවාගන්නේ නැතුව යන්න ,




මේ බලන්න මං වෙබ් බ්‍වුසර් තුනක් පාවිච්චි කරනවා , එකක් පුද්ගලික ඊමේල් වලට , අනික මගේ බ්ලොග් වලට , අනික කවුරු හරි උදව් ඉල්ලපුවහම ඒක හදන්න හරි එයාගේ බ්ලොග් එකට ලොග් වෙන්න හරි. මෙතනදි මං හිතන්නේ හොදම දේ තමයි ගුගල් ක්රෝම් පාවිච්චි කරන එක බ්ලොග් එකට , ඔයාගේ දැනට පාවිච්චි කරන මේල් එක පාවිච්චි කරන්නේ ගුගල් ක්රෝම් බ්‍වුසරය උඩනං ,  ඔපෙරා බ්වුසරය හරි , ෆයර්ෆොක්ස් බ්වුසරය හරි ඩවුන්ලෝඩ් කරගන , ඕකට ඔයාගේ දැනට තියන මේල් එකෙන් ලොග් වෙන්න . ගූගල්ක්රෝම් එක නිදහස් කරගන්න බ්ලොග් එකේ වැඩ වලට.


දැන් ඉතින් ඉස්සෙල්ලම සිංහල ලියන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ , ඒකට මම පාවිච්චි කරන්නේ  විජේසේකර යතුරු පුවරුව  ,




හරියටම කියුවොත් මේ ක්‍රමය සිංහල ටයිප් රයිටරයෙන් ටයිප් කරනවා හා සමානයි , ටයිප් රයිටර් පාවිච්චි කරපු අයට නං මේක කජු කනවා වාගේ , අනික තව කාලයක් යනකොට කොලවල ලියන එක නැති වෙලා යාවි , එතකොට අපි සිංහල ලියන්න ඉංගිරිසි පාවිච්චි කලොත් සිංහල අකුරු නැත්තට නැති වෙලා යාවි , ඒ නිසා අපි පරිඝණක සහ ජංගම දුරකතන වාගේ මාධ්‍ය වලදි කෙලින්ම සිංහල අකුරු ලිවීම ප්‍රවර්ධනය කරන්න ඕන. පුරුදු උනහම ලියන්න හරි ලේසියි , අකුරු තියන තැං මතක තියාගන්න අමාරුනං , සිංහල අකුරු ලියාපු ස්ටිකර් කොළ කැලි ටිකක් කී බෝඩ් එකට අලව ගත්ත හැකි , නැත්නං සිංහල අකුරු තියන කීබෝඩ් එකක් සල්ලි දීලා ගත්තහැකි. මෙතන තියන අනිත වාසිය තමයි කෙලින්ම බ්ලොග් එක උඩට ටයිප් කරන්න පුලුවනං කම , කොපි පේස්ට් කරන්න ඕන නැ. ඇලපිලි පාපිලි හොයන්න කරදරයක් නැ , සිංග්ලිෂ් කන්වර්ටර් වලදි වගේ ඒක අකුරකට කී හත අටක් ඔබන්න ඕනත් නැ , මට හිතෙන්නේ මේක තමයි හොදම ක්‍රමය.


තව ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි  ucsc කියන මෙන්න මේක  ,








මෙතනදි ඉතින් සිංග්ලිෂ් වලින් කියන එක පල්ලෙහා කොටුවේ සිංහලෙන් වැටෙන එක වෙන්නේ , සිංග්ලිස් වලින් ලියන්ඩ බැරි කම සහ සමහරක් අකුරු හොයන්න අමාරුකම හන්දා මට මේක හරි ගියේ නැ , අනික මේක ඔන් ලයින් ඇරෙන්න පාවිච්චි කරන්න බැ.

තවත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි ගුගල් ඉන්පුට් ටූල් එක , ටිකක් විතර ucsc එක වාගේ . මට හිතෙන්නේ ඒකට වඩා හොදයි කියල







මේක ඔන් ලයින් පාවිච්චි කරන්න සහ , ඩවුන් ලෝඩ් කරල කෙලින්ම පාවිච්චි කරන්නත් පුලුවන්. මට ටිකක් විතර අල්ලලා ගියා මේක මුල් කාලේ කමෙන්ට් කරන්න , විජේසේකරය හුරු උනහම අත ඇරලා දැම්මා.





බාගන පාවිච්චි කරනවානං මෙතනින් ගන්න.



ෆෝන් වලින් ටැබ් වලින් වැඩේට බහිනවානං , හරියටම හරි යන්නේ හෙලකුරු ඇප් එක තමා , ඒක බාගන්න ප්ලේස්ටෝ එකට ගිහින් , මේකෙන් පුලුවන් අපිට විජේසේකර යතුරු පුවරුවට හරි සිංග්ලිෂ් යතුරු පුවරුවට හරි ඉන්පුට් මෙතඩ් එක මාරු කරල තමන් කැමති එකකින් සිංහල ලියන්න , ඇත්තටම මේක හරිම පහසුයි . මට දැං කම්පියුටරේට වඩා ඉක්මනට සිංහල ලියන්න පුලුවන් ෆෝන් එකෙන්










තව ගොඩක් සිංහල ටයිප් කරන්න ක්‍රම තියනවා , ඒත් මම හිතන්නේ මේ හතර තමයි සාර්ථකම ක්‍රම හතර , ඔයාලට ගැලපෙන ක්‍රමය තෝරාගන්න . තව දුරටත් එක එක වෙනස් ටූල් සහ උපදෙස් තියනවා මාතලන්ගේ මෙන්න මේ පෝස්ට්  එකේ ඒක කියවලා බලන්න .


දැං අපි බ්ලොග් එකට ජීමේල් එකක් හදමු , ඉස්සෙල්ලාම දැං ලොග් වෙලා ඉන්න මේල් එකෙන් අන්ලොග් වෙන්න , දැං ජීමේල් වලට ගිහින් අළුත් මේල් එකක් හදන තැන ක්ලික් කරන්න






එතකොට එනවා මෙන්න මේක





මේල් එකේ නමත් බ්ලොග් එකට දාන නමම වෙන එක හොදයි , ඒ නමම දීලා ඔය තියන විදිහට අනිත් ටිකත් පුරවන්න , ෆෝන් නම්බර් එක දාන්න තියන තැනට කවදාවත් අත්නොහරින නම්බර් එකක් දෙන්න , මොකද දැං දුරකථන සමාගං  අතහරින නොම්බර වෙන අයට දෙනවා. මේල් එකේ සිකුරිටි වෙරිෆිකේෂන් ෆොන් එකට එන හන්දා කවදාවත් මේ නොම්මරය අත අරින්න බැ.

දැන් නෙක්ස්ට් සෙටප් ඔබන්න ,





දැන් ඔන්න ඔයාගේ ෆොන් එකට කෝඩ් එකක් එවනවා






දැන් ඒ මෙතනට දෙන්න


දැන් එන එකින් එක පිටු නෙක්ස්ට් කරගන එන්න , ඒ ගමං මගදී තව සිකුරිටි වැඩි කරගන්ඩ එහෙම ඕනනං ඒවත් හදාගන මෙතනට එන්න , දෑං මේල් එක හැදිලා ඉවරයි.






දැං උඩ දකුනු පැත්තේ තියන පොඩි කොටු ටික ඔබලා එන කොටුවේ more කියන එක ක්ලික් කරල බ්ලොගර් අයිකන් එක මතු කරගන ඒකත් ක්ලික් කරන්න





දැං ඔන්න ඔයාට බ්ලොග් එකක් හදන්ඩයි යන්නේ


මෙම ලිපියේ දෙවැනි කොටස මෙතැනින් කියවන්න

මාතලන් ලියාපු ලිපිය මෙතැනින් කියවන්න




ප; ලි
වරදක් හරි තව එකතු කරන්න ඕන දෙයක් හරි දැක්කොත් ලියල එවන්න , අපි ඒක පොස්ට් එකට එකතු කරමු

මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


67 comments:

  1. මං හිතුවේ මේ වෙන මගුලක් කියල.. ශෙහ්..

    අර හෙළකුරු දාගන්න විදිය නම් පට්ට වටිනවා..

    ReplyDelete
  2. බය හිතෙන මාතෘකාවක් එක්ක ආස හිතෙන වැඩක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්වට බය වෙන්ඩ එපා ලබ්බෝ ....කක්කාබර ...කැලේ යනවා මානසික කක්කාබරට

      Delete
  3. මගේ යාලුවෙක් බ්ලොග් එකක් හදාගෙන මළා.

    ReplyDelete
    Replies
    1. අර බ්ලොග් වලට කමෙන්ට් කරල මැරුන කෙනාගේ නැයෝ වෙන්ඩ ඇති

      Delete
  4. මොකක්ද බං අර UCSC එකෙන් සිංහල ටැමිල් කිට් කියල ඉස්සෙල්ල එකක් දුන්නෙ. මම තාම පාවිච්චි කරන්නෙ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එක දැං වැඩ නැ බං

      Delete
  5. මටත් මතකයි ඒ දවස්වල රෑ දෙගොඩ යාමේ ඉඳන් මගේ බ්ලොගය හැදුවා, මටත් නිදාගන්න දුන්නෑ.....පව් කාරයා

    ReplyDelete
    Replies
    1. තොට එ්කෙන් නරකක් උනාද පිස්සෝ

      Delete
  6. උඹේ මහන්සියට එකෙන්ම රෙෂ්පට් එක !!!

    ReplyDelete
    Replies
    1. හැම එකටම රෙස්පට් අනේ මන්දා

      Delete
  7. හොඳ වැඩක්. මම දැකපු දේවල් කීපයක් මෙතන කොටන්නං

    1. //හරියට අර අපේ බක්තිමත් කිතුනුවා මට කලා වාගේ//
    වයිපරෙන් ඇහුවොත් කියයි කොච්චර අමාරුවෙන්ද පල්ලි එක්කන් යන්නෙ කියලා.

    2.//වර්ඩ්ප්රෙස් , පහසුකම් එමටයි// මම පාවිච්චි කරලා නෑ. ඒත් අපිට සල්ලිවලට ගන්නත් පුළුවන් අමතර පහසුකම් තියෙනවා බ්ලොගර් වලට වැඩිය. ඒත් මම හිතන්නෙ බ්ලොගර් හොඳයි ආධුනිකයෙකුට.

    3.//මේ බලන්න මං වෙබ් බ්‍වුසර් තුනක් පාවිච්චි කරනවා//
    ඒ මොකටද බං? මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ. එකකින් ලොගවුට් වෙලා අනිත් එකෙන් ලොග් උනෑකිනෙ. අනිත් කාරණාව මට හිතෙන්නෙ වෙනම මේල් එකක් ඕනෑවෙන්නෙ තමුන්ගෙ අන්න්‍යතාව සම්පූර්ණයෙන්ම සඟවන්න ඕනෑනම් විතරයි. ඒත් එහෙම හංගන එක වෙන මේල් එකකින් ආවා කියලා ලේසි වෙන්නෙ නෑ.

    4.//එතකොට අපි සිංහල ලියන්න ඉංගිරිසි පාවිච්චි කලොත් සිංහල අකුරු නැත්තට නැති වෙලා යාවි//
    මම නම් හිතන්නෙ නෑ. මොකෙන් කෙටුවත් කෙටෙන්නෙ හෙළුවෙන් නම් ප්‍රශ්නයක් නෑනෙ.

    5.//අනික මේක ඔන් ලයින් ඇරෙන්න පාවිච්චි කරන්න බැ.//
    සේව්කරලා බලන්න. ජාලෙ නැතුව වැඩ කරනවා.

    6. //ගුගල් ඉන්පුට් ටූල් එක//
    මේක පොඩ්ඩක් අමාරුයි. මොකද එකම ඉංගිරිසි අකුරුවලට සිංහල වචන කීපයක් එනවා. ඉතින් ඉක්මණින් ටයිප් කරන්න බෑ.

    7.//මේල් එකේ සිකුරිටි වෙරිෆිකේෂන් ෆොන් එකට එන හන්දා කවදාවත් මේ නොම්මරය අත අරින්න බැ// ඉතින් ඔය වෙරිෆිකේශන් නොම්මරය පස්සෙ වෙනස් කරන්න පුලුවන්නෙ

    ReplyDelete
    Replies
    1. තව එකක් ස්ක්‍රීන්ශොට් ගනිද්දි Snipping tool එක පාවිච්චි කරපන්.

      Delete
    2. (//අනික මේක ඔන් ලයින් ඇරෙන්න පාවිච්චි කරන්න බැ.//
      සේව්කරලා බලන්න. ජාලෙ නැතුව වැඩ කරනවා.) මේක දැනගත්තු එකනම් ගොඩක් වටිනවා.ස්තූතියි.

      Delete
    3. /එතකොට අපි සිංහල ලියන්න ඉංගිරිසි පාවිච්චි කලොත් සිංහල අකුරු නැත්තට නැති වෙලා යාවි//
      මම නම් හිතන්නෙ නෑ. මොකෙන් කෙටුවත් කෙටෙන්නෙ හෙළුවෙන් නම් ප්‍රශ්නයක් නෑනෙ.

      මම මොකවත් කියන්නේ නැ මොකෙන් කෙටුවත් හෙලුවෙං කෙටෙනවා කියන එක ගැන තව ටිකක් හිතහං

      Delete
    4. //හරියට අර අපේ බක්තිමත් කිතුනුවා මට කලා වාගේ//
      වයිපරෙන් ඇහුවොත් කියයි කොච්චර අමාරුවෙන්ද පල්ලි එක්කන් යන්නෙ කියලා.

      බණ දහං කියන හන්දා මං හිතුවේ එහෙම ......( යක්ෂ පරික්ෂාවලට නං නතු වෙන්ඩ එපා ....මොනවා උනත් )

      Delete
    5. //වර්ඩ්ප්රෙස් , පහසුකම් එමටයි// මම පාවිච්චි කරලා නෑ. ඒත් අපිට සල්ලිවලට ගන්නත් පුළුවන් අමතර පහසුකම් තියෙනවා බ්ලොගර් වලට වැඩිය. ඒත් මම හිතන්නෙ බ්ලොගර් හොඳයි ආධුනිකයෙකුට.

      සමහරක් වෙබ් ඩිවලපර්ලා ( ඒ වචනය මං කියපු විදිහ හරිද මන්දා ) පස්සේ ඩොට් කොම් එකක් දාල දුන්නට සයිට් එක හදන්නේ ඒක උඩ නේද

      Delete
    6. 3.//මේ බලන්න මං වෙබ් බ්‍වුසර් තුනක් පාවිච්චි කරනවා//
      ඒ මොකටද බං? මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ. එකකින් ලොගවුට් වෙලා අනිත් එකෙන් ලොග් උනෑකිනෙ. අනිත් කාරණාව මට හිතෙන්නෙ වෙනම මේල් එකක් ඕනෑවෙන්නෙ තමුන්ගෙ අන්න්‍යතාව සම්පූර්ණයෙන්ම සඟවන්න ඕනෑනම් විතරයි. ඒත් එහෙම හංගන එක වෙන මේල් එකකින් ආවා කියලා ලේසි වෙන්නෙ නෑ.//

      මෙහෙමනේ සුදෝ , ලොග් අවුට් වෙවි ඉන්නවට වඩා නරකද තුනටම ලොග් වෙලා ඉන්න ඒක , එහෙම කලා කියල කාටවත් කරදරයක් වෙන්නේ නැනේ පහසුවක් වෙනවා මිසක් ...මොකැ සල්ලි යනවද ...පවුල බනිනවද

      Delete
    7. //ඒත් එහෙම හංගන එක වෙන මේල් එකකින් ආවා කියලා ලේසි වෙන්නෙ නෑ.//

      අපි අහවල් එක හංගන්ඩද බං , අනික හැංගිලාම ඉන්න අය නැද්ද , ඕන නං හැංගිලා ඉන්ඩ පුලුවන්

      Delete
    8. //අනික මේක ඔන් ලයින් ඇරෙන්න පාවිච්චි කරන්න බැ.//
      සේව්කරලා බලන්න. ජාලෙ නැතුව වැඩ කරනවා.

      එලකිරි මට ඔින මෙහෙම නිවැරදා කිරීම් , ඔයා වෙනස් වෙලා නැ , ඉස්සර හරියම තමයි , අටම නං වෙනස් වෙලාද මන්දා බං

      Delete
    9. //ගුගල් ඉන්පුට් ටූල් එක//
      මේක පොඩ්ඩක් අමාරුයි. මොකද එකම ඉංගිරිසි අකුරුවලට සිංහල වචන කීපයක් එනවා. ඉතින් ඉක්මණින් ටයිප් කරන්න බෑ.

      මට හිතෙන්නෙම අර කොබල විස්ස විද්යාලේ එකට වඩා මේක හොදයි

      Delete
    10. 7.//මේල් එකේ සිකුරිටි වෙරිෆිකේෂන් ෆොන් එකට එන හන්දා කවදාවත් මේ නොම්මරය අත අරින්න බැ// ඉතින් ඔය වෙරිෆිකේශන් නොම්මරය පස්සෙ වෙනස් කරන්න පුලුවන්නෙ

      මං මෙතන කියන්නේ නොම්මර අත අරින්න බැ කියන එකෙන් ආයේ වෙනස් කරන්න බැ කියන එක නෙමෙයි ....මං වාගේ අදබාල නුහුගුනකාරයෙක්ට ඕක කරගන්ඩ අමාරුයි ....මචං මේක ලියුවේ අටපාස් නුගත් වේසිගේ පුතා ....එහෙම නැත්තං මැෂින් බිජ්ජා ....උගේ ලෙවල් එකේ කාණු පනුවන්ට .....ලුම්පන් කැරියන්ට .....( සමාවෙයං උඹට වරදක් කියනවා නෙමෙයි )

      Delete
    11. //තව එකක් ස්ක්‍රීන්ශොට් ගනිද්දි Snipping tool එක පාවිච්චි කරපන්.//

      හිමිහිට හොයාගන්නං මචෝ ...බුකියේ බිත්තියේ අලවලා තමයි ස්ක්‍රීන්ශොට් ගන්න විදිහ අහගත්තෙත්

      Delete
    12. මෙහෙමයි. මුලින්ම ඔබපං Windows කී එක. එතකොට පැත්තෙන් එනවා නේද ටයිප් කරන්න කොටුවක්. ඒකෙ ගහපන් Snipping tool කියලා. ඊටපස්සෙ එන්ටර් එක ඔබපන්. දැන් උඹගෙ ස්ක්‍රීන් එක අළු පාට වෙයි. ඒ එක්කම පෙනෙයි පොඩි කතිරයක්. මවුස් එකේ වම් පැත්ත ඔබලා පොඩ්ඩක් එහා මෙහා කරලා බලපන් උඹට වැඩේ තේරෙයි. උඹ සිලෙක්ට් කරපු ටික ආවම ඒක කොපි වෙලා තියෙන්නෙ වෙන තැනක පේස්ට් කරන්න පුලුවන්. නැත්නම් ෆයිල් එකක් විදිහට සේව් කළෑකි.

      Delete
    13. https://www.youtube.com/watch?v=Y44V8KYiIEs

      මෙහෙමයි වෙරිෆිකේශන් වෙනස් කරන්නෙ.

      Delete
    14. //මෙහෙමනේ සුදෝ , ලොග් අවුට් වෙවි ඉන්නවට වඩා නරකද තුනටම ලොග් වෙලා ඉන්න ඒක...//

      ඔය වැඩේ නම් වෙන්න ඕනෙ, ඕකට email client එකක් යූස් කරන්න, mozilla thunderbird වගේ. ඕන ත‍රම් ඊමේල් අකවුන්ට් ඇඩ් කර ගන්න පුලුවන්. බ්‍රවුසර් ඕපන් කරගෙන ඉන්නවට වඩා ඒක හොඳයි. ඊමේල් මැනේජ් කරගන්නත් ලේසියි, ඩේට, රිසෝසස් යූසේජ් එකත් අඩුයි, නැත්නම් බ්‍රවුසර් දෙක තුනක් ඕප්න් කරපුවහම රැම් එක ඉවරයිනෙ :D
      Download Thunderbird
      - https://www.mozilla.org/en-US/thunderbird/

      Delete
    15. //මෙහෙමනේ සුදෝ , ලොග් අවුට් වෙවි ඉන්නවට වඩා නරකද තුනටම ලොග් වෙලා ඉන්න ඒක...//

      ඔය වැඩේ නම් වෙන්න ඕනෙ, ඕකට email client එකක් යූස් කරන්න, mozilla thunderbird වගේ. ඕන ත‍රම් ඊමේල් අකවුන්ට් ඇඩ් කර ගන්න පුලුවන්. බ්‍රවුසර් ඕපන් කරගෙන ඉන්නවට වඩා ඒක හොඳයි. ඊමේල් මැනේජ් කරගන්නත් ලේසියි, ඩේට, රිසෝසස් යූසේජ් එකත් අඩුයි, නැත්නම් බ්‍රවුසර් දෙක තුනක් ඕප්න් කරපුවහම රැම් එක ඉවරයිනෙ :D
      Download Thunderbird
      - https://www.mozilla.org/en-US/thunderbird/

      Delete
  8. උඹත් හරියට විකල්ප පත්තරකාරයෙක් වගේ

    ReplyDelete
    Replies
    1. අනේ ජෝනෝ තෝ තාම බ්ලොග් කියවනවා . ඇයි උඹ මට එහෙම කියන්නේ ...මං විකල්ප පත්තරකාරයෝ වගේ දහපත්දුරා වැඩ කරව යෑ

      Delete
  9. පොස්ට් ටික සෑහෙන්න වටිනවා.

    ReplyDelete
  10. ලිපි පෙළ මගින් බොහොම ලොකු සේවාවක් ආධුනිකයන්ට වගේම ප්‍රවීනයන්ටත් සැලසුනා මම එහෙම කියන්නෙ අද දක්වා තියන ලිපි සියල්ලම කියවා බලල. ගේඩක් ස්තුතියි අටම්

    ReplyDelete
    Replies
    1. මං ඉතින් මොනවා කියන්ඩද , මතක් වෙන තව දෙයක් මේකට එකතු කරනවා ඇර

      Delete
  11. හොඳ වැඩක් අටමෝ. සුළු කාරනා ටිකක්.

    මාතා ලිව්වා කියපු තැන උගේ පෝස්ට් එකට ලින්ක් එකක් දැම්ම නම් තව වටිනවා. මෙන්න ලින්ක් එක:

    http://campussyndi.blogspot.com/2014/01/1.html

    වෙනස් ගූගල් මේල් අකවුන්ට් වලට වෙන වෙන බ්‍රව්සර් පාවිච්චියක් අවශ්‍ය නැහැ. logout වෙලා, ආයේ ලොග් වෙනකොට "sign in with a different address" කියන එක කෙටුවහම වෙන අකවුන්ට් එකකින් ලොග් වෙන්න පුළුවන්. පස්සේ ඕනේ ගූගල් සයිට් එකක දකුණේ උඩ එන ප්‍රොෆයිල් අයිකන් එකෙන් අනික් address වලට සුටුස් ගාල ස්විච් වෙන්න පුළුවන්, logout /login ඕනේ නැහැ.. බ්ලොගර් එක ට විතරක් යන්නේ මුලින්ම ලොග් වුනු එක. එක නිසා මෙහෙම කරනවා නම් බ්ලොග් ලියන එකට මුලින් ලොග් වෙලා පස්සේ අනික් ඒවා ඇඩ් කරා නම් හරි.

    UCSC කන්වර්ටර් එක කම්ප්පියුටරේ කොහෙට හරි සේව් කර ගත්තම (පේජ් එක ලෝඩ් කරලා Ctrl +s ගහන්න) ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා (ඔන්නම් එතනට බුක්මාර්ක් එකක් දාගෙන) පාවිච්චි කරන්න පුළුවන්. ඔන්ලයින් යන්න ඕනේ නැහැ. නමුත් විජේසේකර තමා ඉගෙන ගන්න වටින්නේ.

    2-step verification දාලා ෆෝන් එකක් දාල තියෙනවා නම් අනිවාර්යයෙන් Backup recovery codes ටිකක් හදලා කොලේක ලියාගෙන හෝ ප්‍රින්ට් කරලා පරෙස්සම් තැනක තියන්න. එතකොට ෆෝන් නම්බර් එක නැතිම උනත් බය වෙන්න දෙයක් නැහැ. මේක කරන්න 2-step verification ඕන කරන තැනින්ම පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මචං හරියට දුන්න උත්තර බලහං

      Delete
    2. ලින්ක් එක උඩටත් දාගන ආවේ පහල එක වැටිලා උඩ එක වැටිලා නැ , අද තමයි ආයෙත් කොම්පියුටරයකින් ලොග් උනේ වරද හැදුවා

      Delete
  12. හරි හරි ඕක දෙපාරක් කියන්ඩ ඕනෙ නෑ. උඹ ඕනෙ තරම් යටින් දාගනින්

    ReplyDelete
    Replies
    1. කම්මල අයියේ මට ඔයාට යටින් දාන්ඩ ආසයි

      Delete
  13. උපදෙස් ටික නං පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. සම්මාන ලාභි නෝනා ලියනවා හොදටම මදි

      Delete
  14. බ්ලොග් ලෝකේට එන්න අටමා මටත් ගොඩක් උදව් කලා. මේ කරන වැඩෙන් තව කට්ටියට බ්ලොග් ලියන්න හැකියාව ලැබේවා.

    //අනික තව කාලයක් යනකොට කොලවල ලියන එක නැති වෙලා යාවි , අපි සිංහල ලියන්න ඉංගිරිසි පාවිච්චි කලොත් සිංහල අකුරු නැත්තට නැති වෙලා යාවි// මේ අදහස ගොඩක් වටිනවා. ඒ වගේම මේ තුළින් ගොඩක් දේවල් හිතන්න ඉඩදීලා තියෙනවා.

    අටමාට බුදුසරණයි. දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. හෑ මං මොනවද බං බොට කොලේ

      Delete
  15. මේ පොස්ට් එකේ වටනා කම නම් කියලා නිම කරන්න බැ. මට මතකයි තියෙන ගැජට් ඔක්කොම එල්ලන්න ගිහින් මගේ පළවෙනි බ්ලොග් එක මට නැති උනා, ඒ වෙලාවේ අටම් මට ගොඩක් උදව් කළා. ගොඩක් පිං..!!

    ReplyDelete
    Replies
    1. අර ඉස්කෝලේක පින්සිබල් සර්ගෙයි ...ඉස්කෝල නෝනගෙයි කතාව මතක් උනා ...මේ කමෙන්ට් එක කියවලා ...( මට නං ඒකාව කියන්ඩ බැ මහත්තාගෙන් අහගන්ඩ )

      Delete
  16. හොදයි හා හික් හික්

    ReplyDelete
  17. හ්ම්ම්ම් හරිම වැදගත් උපදෙස් ටිකක්නෙ.ෆෝන් එකෙනුත් බ්ලොග් එක කොටන්න පුලුවන් කියන එක දැන ගත්ත එකනම් මාර වටිනවා. ස්තූති අටං අයියේ.

    ReplyDelete
    Replies
    1. හම්මේ අදයි දන්නේ ...එකකොට මෙයාද යකෝ කායියා

      Delete
  18. අටම්ගේ බොක්ක හොඳ වැඩියි , මෙව්වා හන්ගගෙනනේ පපුව කුනුවෙච්චි අය කරන්නේ , සයිබර් අවකාශයේ මට හමුවුණු හිත හොඳ බ්ලොගියා නොහොත් අටමාට හදපිරි මෙව්වා එක හොදේ

    ReplyDelete
  19. ගැහැණුන්ගේ මොළ ගෙඩිය මෙව්වා එකක් වැනිය කියනවනෙ?
    ඒ වගේ ඉතින් කවුරුත් නො එන නොදන්න බ්ලොග් එකක් මාත් අටවං ඉන්නෙ කළණ මිතු ඇතුළු හුඩී බ්ලොග් ජන හිත කාමීන්ගෙ උදව ඇතිවය. නමුත් එයද තමව මට වුවමනා අයුරින් ඩිසයින් කර ගත් නොහැක= මෙවන් සමාජ සත් කාරයක් කල ඔබ මතු ආත්මයන්.." වේට් ෆො ඉට්" දක්ෂ බ්ලොග් කරුවෙක් ම වේවා

    ReplyDelete
  20. ලිපි පෙළ ඉහලින්ම වටිනවා.perfect ජයවේවා

    ReplyDelete
  21. මේ මචං, පැන්සලෙන් පට්ට ලේසියෙන්ම සිංහල කොටතෑකි බං...
    දාගෙන බලපන්කෝ, කොහොමද කියල...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>