2016-08-16

අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන , සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු


අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු වලින් ටිකක් දාන්ඩ , ආසම ඒවා ගොඩක් තියනවා මේ ටික විතරක් නෙමෙයි මං කැමති. අනික ඔය පැටලෙනවට එක දෙක දැම්මට එහෙම එකක් ඉස්සරහට ගන්ඩ
පුලුවන් බෙහෙත් පෙති නෙමෙයි මෙව්වා.




( 1 )   උලලේනෝ



පාළුව දෙවනත් කරලා
නාඩන් උලලේනෝ
කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ ....!!

හීත හුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ ......!

ඉහිරුණ කිරි කොතලෙට
ඉකිබිඳලා ඵල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ ........ !

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ

උලලේනෝ ........ !

මේ මයේ හිතේ සින්දුවකට කියල හිත ගිය පලවෙනි සින්දුවද කොහෙද . ඉස්සර රේඩියෝ එකේ මේ සින්දුව යනකොට අපේ ආතා අහගන ඉන්නවා හෙන ආසාවෙන් ,  මට ඒ කාලේ නං හිතට ආවේ බෙල්ල කඩාගන කන්ඩ බලාගන ඉන්න යස්සනියක් ගැන කියවෙන ගීතයක් කියල , මයිල් කෙලිං කරගන අහගන ඉන්නේ

( 2 ) පබලු නගේ නා මල් තිලකේ




පබලු නගේ නාමල් තිලකේ  
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ නුඹ ඇයි නැතතේ

වැවේ දියේ ඇති නිකින් ඉනිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කනදේ බෝ ගස් හෙවනේ
මම අද තනියෙම ඔළිඳ ගනිනවා
වෙනදා වාගේම තලමල පිපිලා      
තිබුනට ඇළ ලඟ වත්තේ
සුමනෝ නුඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැද පෙට්ටියක තියාලා
පහන් දෙකක එළිමැද්දේ
මදටිය වැටත්දි හඳ කැලතෙන ඇල
ඒදණ්ඩේ හිස් මත්තේ

සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....

මොන මගුලකට මං මේකට ආසයිද මන්දා , දෙකක් දාගත්තහම මේක කියන්ඩ මං හරි ආසයි , කොහෙද එක    වෛශ්‍යපුත්තරයෙක්වත් මට මේක කියන්ඩ දෙන්නේ නැනේ , අපේ කලු මලය විතරයි ..ආ මංජු අයියේ කියහං උබේ සින්දුව කියල මලබෙරේ ගහන්නේ


( 3 ) වක්කඩ ලග දිය වැටෙන තාලයට


වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....

මට හිතෙන්නේ මේක තරහ වෙච්ච ගෑනි යාලු  කරගන්ඩ කියන සින්දුවක් කියල , සමහරක් දැන උගත් මහත්තුරුනං කියනවා මාස මාරු වෙච්ච එකක් ගැනලු කියන්නේ ....අනේ මන්දා ඔව්වා


( 4 ) පෙනේ දියං නයි හාමී





නා කොල අන්දම් පෙන නොවටින්නේ 
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනය නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයං නයි හාමී සමාවෙයං නයි හාමී

දරමිටි බදිනා කඹය කියාවි
දරනුව හදලා වලඳ තියාවි
කැබිලිති අරගන පෙරලි නටාවි
පෙනය නැතිව අපි අසරනවේවි
පෙනේ දියං නයි හාමි
පෙනේ දියං නයි හාමි

ඉහිං කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුබේ පල නැති බව තේරේ
සුරම්ය වු මේ සර්ප විමානේ
හොදින් ඉන්න අපිටත් සන්තෝසේ
පෙනේ දියං නයි හාමි
පෙනේ දියං නයි හාමි

මේකනං සහතික ඇත්ත කතාවක් , අපි ඉන්නේ සර්ප විමානෙක ඉදල හිටල පෙනය පුප්පල පුෂ් පුෂ් ගාල ඉන්ඩ ඕන නැත්තං කොහෙං ඇරෙයිද දන්නේ නැ , අර කතාවක් තියෙන්නේ කට නැත්තං බල්ලොත් කෙලලා කියල

( 5 ) සිහිල් සුළං රැල්ලේ




සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ...

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංඟා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ....

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන 
අමා සුවය පැතුවේ.....

මේ ගැන ඉතින් කවර කතාද , පට්ටකුල් ලව් සින්දුවක් .ඔය ඉදල හිටල  එලියට ගිහින් ඉන්නකොට නිදාගන්ඩ ගිහින් ඇස්දෙක පියාගන එලියට නැහෙන්ඩ හිතෙන් කියන දොයිය බබා සින්දුව , මේක එක දිගට දෙපාරක් තුන්පාරක් කියනකොට ඔලුව යටින් අල්ල තියාගන ඉන්න දකුනු අතේ වැලමිට උඩින් ඔලුව තියාගන්න අටමි මගේ කෙස් අස්සෙන් ඇඟිලි දාල සොරයිසීස් අතගානවා , ....එහෙමත් නින්ද ගියේ නැත්තං ඉතින් ..ගස්ලබ්බගේ .....එක අලි පැටියෙක් ආවා .....දෙවනි අලි පැටියත් ආවා .....ඔන්න තුන්වෙනි අලි පැටියා ..... දැං අලි පැටවු හතරයි .....සෙල්ලම තමා. ඔය මොකක්වත් නැ බුරිය උල් වෙන්ඩ බිව්වහම



( 6 ) ඇයි නාවේ මා සොයලා





ඇයි නාවෙ මා සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

කී දේ කළ දේ
දැන සිටියේ මා පමණයි
අවසානෙ දුක යැයි
මා හට දැනුණේ පසුවයි
ඇයි මා ඇයි මා තනිකළේ ඔබ
වැරදී මා නොවෙයි

ඇයි නාවෙ මා සොයලා....

සොඳුරේ ඔබගේ
ප්‍රේමෙ පතා මා සිටියේ
ඇයි මේ වගේ දුක්‌
සාගරයක මා හෙළුවේ
ඇයි මා ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ

ඇයි නාවෙ මා සොයලා....

මං දවසක් එකෙකුට කියුවහම   මේ සින්දුවට ආසයි කියල
‘‘ අප්පෝ මහ ගූනේ ‘‘
‘‘ ඇයි ඒ ‘‘
‘‘ හෙන පොන්න සින්දුවක් ‘‘


( 7 ) මෙ භවයෙදි මුළු දිය දායෙ




මේ භවයෙදි මුළු දිය දායේ                                             
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක්ම වී ඔබ 
ඇයි මහ සාගරයක් වුයේ

ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ

මේ භවයෙදි මුළු දිය දායේ

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පිට රළ ලුහු බඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවන්නෙමි
පැතුම් සදුන් හද ගලෙහි උලා

ඉස්සර පත බූට් එකක් කාල ඉන්න කාලේ දවසක  මං මේ සින්දුව කිය කියා ටැප් එකක් තද කලා , කොච්චර ආසාවෙං සින්දුව කියුවද කියුවොත් අලුතෙං හදාපු බාත් රූම් එකේ ටයිල් දෙකක් කඩලා පෝසට් සොකට් එකත් මාරු කරල තමයි , වැඩේ ඉවර කලේ ......නැ නැ ....අතිං කාල හරක් බලපු වැඩක් හින්දා ගුටි කැවේ නැ , වැඩිපුර ටයිල් කැට ටිකක් තිබුනා ...පෝසට් සොකට් එකක් ඒ කාලේ රුපියල් නමයද කොහෙද ...ගොල්ඩ්ලිප් තුනක සල්ලි විතරයි අතින් කයිට් උනේ


( 8 ) ලක් වැසියන් කෙරෙහි නැමී



ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයත් 
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගොඩාක් බ්ලොග්කාරයෝ අහන්ඩ ඕන ( අඩු තරමේ දරුවන්ටවත් අහන්ඩ දෙන්ඩ ඕන සින්දුවක් ) .....ඔව් හුත්තෝ දුපත් මානසිකත්වේ තමා


( 9 ) කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී



කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී…
නැවතී බලනවා මොහොතක් කොහොම හරී…
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී…
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී…

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා…
සුඟළට සියුම් දාහක් කන් ඇති හින්දා...
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා…
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා…

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී…
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී…
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී…
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී…


මේකත් කැරි සින්දුවක් , නැන්දා මාලනි නොකියා පිරිමි කෙනෙක් කියන්න තිබ්බේ



( 10 ) ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි



ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...

කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්..

ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …


සමහරක් කියනවා මේක ආනමාලු සින්දුවක්ලු , තව සමහරක් කියනවා මේක ලියාපු ගැණු ළමයා ලියල තියෙන්නේ ආප්ප  සින්දුවක් විදිහටලු , ඉතින් යකෝ අර සත පහක් වාගේ දිවුල් ගොයියට මේක දුන්නේ ඒ ඇත්තිට අමු කැවිලද , මට නං මේක ඇහෙනකොට මතක් වෙන්නේ මෙෂින් හදලා දෙන ඇන්ටි කෙනෙක්ව ,  ආප්ප කන අය ආප්ප කාපුවාවේ , ආනමාලු කන අය ආන මාලු කාපුවාවේ , දෙකම කන අය මාරුවෙන් මාරුවට හරි එකට එක ඇදේ තියාගන හරි දෙකම කාපුවාවේ , මාත් තියන දෙයක් කාල සින්දු අහනවා

( 11 ) ඇස රැදුන රැදුන තැන්වල




ඇස රැදුන රැදුන තැන්වල 
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට 
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//

ඇස රැදුන රැදුන ..// 

රෑ කවුද හෙමින් එලබී 
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී 
අහකැයි කියා ගියා ..//

ඇස රැදුන රැදුන ..//

වැසු විමන් පියන් පියවා 
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන 
විමසන්නේ යටි හිතයි ..//

කාලයක් අමතක නොකර දවසට හත් අට වතාවක් කියාපු සින්දුවක් , මල් දෙකක් ගෙනත් සම්පා එක්ක මෝල්කයක් ඔතාගන ගහල , ඉතුරු පේපර් තුනට පැට්ටෝ තුනක් ඔතාගන තව ටිකකින් තව පැට්ටෙක් ගහලා ......කියාපු සින්දුවක් .....තව සින්දු ගොඩක් නිය පිටින් තට්ටුවක් නොදා කියල ...දොලහට එකට ...අන්තිම චොක්ලට් කෑල්ලත් කාල ..ස්ටෝබෙරි ඩේලි කිරි අන්තිම බින්දුවත් බීලා ...හොල්මං වලට බයෙත් තනියම ගෙදර යන ගමං කෑගහල කියන්නෙත් ඕක .....අම්මගේන් කන හරහා දෙකක් කාල කුස්සියට යන කොට එනවා තාත්ත ......කොහෙද වේසිගේ පුතෝ යන්නේ මහ රැ ........මෝඩ හිනාවක් දාල බත් බෙදාගන්නවා .....යකෝ අදනං පට්ට ....පොලොස් මැල්ලුං ....කීරමිං සාලයෝ අලදාල උයල ...අතර මැද්දේ තක්කාලිත් දාල ....පට්ට පට පට ..... ඒක කන කොට රහ දැනෙන්නේ මොලේ  සෛල වලට ..ඒ ආතල් එක නාකි වෙලා කේජි ගහල ගන්ඩ බැ මහත්තයෝ .....ඉස්සර මල් ..කුෂ් වලට පරාදයි....කොහොමහරි මහ ඩබලගේ ඇස් වහල සිකරට් එකකුත් ගහල නිදාගන්ඩ යනවා කොට්ටයක් තුරුල් කරං ....ආයෙත් හිතට එන්නේ අරකි ....ඊට පස්සේ ඇස් තෙමෙනවා ....හිමිහිට මේ සින්දුව මුමුනනවා ....නින්ද යනවා ....මට තාම ඒක අමතක කරන්ඩ බැනේ

හයියෝ බැ බං දැං සින්දු සීයකට වඩා මතක් උනා , බරට සින්දු ඇහුවත් එක්ක , නිවාඩු දවසම මේ ආතල් එකට එකක් හලලා තව එකක් එකතු කරන්න බැ , මං කැමති එව්වා කොච්චර තියනවද , මට දැං මහන්සියි , මේ සින්දු දෙක එකතු කරනවා මං ආසම පට්ට දෙකක් ඔයා බටේ නං නැ ,

මේ දෙක අහලා බලන්න පට්ට ලස්සනයි , ලියුවේ නිමාලි කියල ගෑණු ලමයෙක් , කියන්නේ දිනේෂ් කියල මීගමුවේ ආතල් ඩයල් එකක් , දැනට අවුරුදු දහයකට විතර කලින් සන්රයිස් බීච් සෙට් උන වෙලාවේ මේ ‘‘හිතගාව දඟදාන‘‘ සින්දුව කියනකොට සුද්දෝ සුද්දියෝ සෙට් එකකුත් අපිට සෙට් උනා කොල්ලගේ ගිටාර් පාරට , බොන්ගෝ එකත් නවත්තලා ගිටාර් එකෙන් මේ සින්දු දෙක පණ පිහිටවනකොට කියල වැඩක් නැ , මේ දෙකම ඔයා බටේ නං නැ . කාලෙකට කලින් එලකරියටනං අප්ලෝඩ් කරල තිබුනා. දිනේෂ් නං  ඔටුදේසේ රස්සාවක් කරනවා කියලයි ආරංචි , නිමාලි නං කොහෙද දන්නේ නැ.

 ( 12 ) මෙන්න මෙතනින් අහන්න ‘‘ හිත ගාව දඟදාන ‘‘

62 comments:

  1. මං කැමති මේවායින් 7, 9, 11

    ReplyDelete
  2. මගේ හොඳම 2, 6, 8 සහ 11

    ReplyDelete
  3. මගේ මනාපේ 1, 8 සහ 9.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තව කැමති එව්වා කොච්චර තියනවද

      Delete
  4. ඇයි නාවෙ එක ගැන ලොකු ලවු එකක් නැහැ මගෙ හිතේ, අනික් ඔක්කොටම සෑහෙන මනාපයි.

    ReplyDelete
  5. පිස්සු හැදෙයි.. සඳ බැබලෙයි... ගස්ලබ්බා හද හද හිටපු ලයිනප් එකේ සිංදු කීපයක්ම මෙතන තියනවා.ඒ නිසා ලිස්ට් එකට වෙන එව්වා ඔබනවා.
    සුමනෝ එකේ පද ටයිපිං මිස්ටේක් එකක් ද? ඒක /පිරුවට හැඳ පෙට්ටියක තියාලා/ කියල නේද කියවෙන්නෙ?
    කඩමණ්ඩියේ සිංදුවට නම් පිරිමි හඬක් කිව්වට කපුගේගෙ හඬ විතරයි වගේ සෙට් උනොත් සෙට් වෙන්නෙ.
    සින්දු ටික දකිනකොට හිතුනෙ කොළඹ ලඟපාත හිටියනම් කියලා..
    (මල් සුවඳ විඳලා අඩ අඳුරෙ උගුරු කුහරෙන් එන අමුතු හඬකින් සිංදුවක් ඔටෝ එන එකේ ආතල් එක නම් හම්මේ......)හෙහ් හෙහ්
    අලිමන්තරේ වැඩකරනවා කිව්ව එක හරිනේ ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වරද හැදුවා
      සමහරක් විට ටී එම්ටත් හරියයි
      වැඩ වැඩ තිහ පයින්නැ

      Delete
  6. මං මෙතනින් ගොඩක් කැමතී උල ලේනෝ, සිහිල් සුළං රැල්ලේ සිංදු දෙකටයි...


    3 වෙනි එක අහල නෑ...
    තේරීම ශෝයි...

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ ඒක අහලා නෑ

      Delete
  7. 5 සිට 11 දක්වා ඔක්කොම සිංදු වලට මම ආසයි. මේ ලිස්ට් එක දැමීම ගැන මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. 12 සහ 13 අහලා මොකද හිතෙන්නේ කියන්න

      Delete
  8. අකැමතියි කියන්න එකක්වත් නැහැ. වැඩිපුර කැමති තුනක් තෝරන්න වුනොත්....1,9,11 වගේ. හැබැයි හලන්නම අමාරු තව කීපයක්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම උනා වෙලාව තියනං සීයක් විතර එකතු කරත හැකි

      Delete
  9. 6 වෙනි සින්දුවට විතරයි කැමති නැත්තේ.

    1. ගායන විලාශය කෘත්‍රිමව මවාගෙන ගයන්නේ.

    2. හින්දි තනුවක් කොපි කරලා.

    මෙන්න හින්දි ගීතය

    https://www.youtube.com/watch?v=K-LpErDQEps

    ReplyDelete
    Replies
    1. හින්දි තනු කොපි කොලාම තියෙන වැරැද්ද මොකක්ද මෙයා....

      Delete
    2. අර කියුවත් වගේ , කොහොමටත් ඉන්දීය රාගධාරි සංගීතයේ අභාෂයත් අපිට තියන එකේ

      Delete
    3. @ චෙෆාකි. මෙන්න මේකයි මෙයා වැරැද්ද. යමක් කොපි කරන්නේ නිර්මාණ හැකියාවක් නැති එකා. ඒක ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවන බව දැන දැනත්, සමාජගත කිරීම, තමන්ගේ පුහු බව පෙන්වීමක්. එවැනි ගීත අගය කිරීම, එවැනි අනුකාරකයන් තව තවත් බිහිවීමට දෙන අත්වැලක්.

      @ අටම්. එහෙනම් හින්දුස්ථාන් රාගධාරී සංගීතය ඉගෙනගත්, අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, අමරා රණතුංග, දයාරත්න රණතුංග, (අම්මෝ දිග ලැයිස්තුවක්) මොකද හින්දි තනු කොපි නොකළේ?

      සංගීත ඥානය නැති අයයි කොපි කරන්නේ.

      Delete
    4. අනේ විචා හිටියනං

      Delete
  10. බොට තියෙන ආදරේ ඩබොල් උනා අයියේ..මගේ ලයිනප් එකමනේ...ඔන්න අඩු මේ මහකන්ද විතරයි...වැඩේ කියන්නේ තෝ සිංදු කියනවාවත් අහනවාවත් මම දැකලා අහලා නෑනේ ඕයි...අනේ හුකේ නන්නානේ කිව්වලු...!

    ReplyDelete
    Replies
    1. අපි සින්දු කියන්නේ හොරෙන්

      අහන්නෙත් ගෙදරදී විතරයි

      Delete
  11. සුමනෝ ගොඩාක් කාළෙකින් ඇහුවේ උඹ දවසක් කියපු දවසේ... උඹ දන්නවනේ මාතලන්ට ඕන රෙද්දක් කියලා... කපුගේ කියන්නේ නියම ලාංකීය සඟිස්කුරුතියේ හඬ... එකෙක්වත් දන්නේ නෑ ඇයි කපුගේට හැමෝම මේ තරම් කැමති කියලා.. ඒක මලක් ගහපු දවසක කතා කරමු... මිල්ටන් පෙරේරා කියන්නේ විරහවේ අඳෝනාව.. මේ තියෙන සින්ඳු ඔක්කෝටම මම කැමතියි මනාගේ ඒවත් ඇතුලුව.. අපිට බැරි උනා නේ මනාට අත දෙන්න... ඌ මාර ටැලන්ට් එකක්... මම කීප දෙනෙකුට කතා කලා.. ඔක්කොම ලක්ෂ ගනන් ඉල්ලන්නේ.. නැත්නම් ඌ අපූරු කට හඬක් තියෙන පට්ට ටැලන්ට් එකක්..

    ReplyDelete
  12. මේ ලිස්ට් එකේ සින්දු ගොඩකට කැමතියි . මටනම් සින්දු වලටත් වඩා ලස්සනයි අටම්ගේ පසුබිම් කතා

    ReplyDelete
  13. උලලේනෝ ; 71 කැරැල්ල ගැන කියන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතන්න පලුවන්

      Delete
  14. මයි ෆෙවරිට් #8 .
    උඹ එතන ලියලා තිබ්බා වුනාට මට හිතෙන විදියට නම් එක "දූපත් මානසිකත්වයක්" නෙමෙයි.

    -------
    // උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ//
    ------ගොඩක් පුත්තු ලොකුවුනේ ඔය වගේ කාලෙකදී තමයි. ජාතියේ වාසනාව.

    ------

    අටමෝ, සිලෙක්ෂන් එක සුපර්.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කට්ටිය කියන්නේ එහෙම

      Delete
  15. 11 නම් එල. 👊🏽 බොන්න හදනකොටන හිතනවා සිංහල පරණ සින්දුවක් අහල ආතල් එකක් ගන්ට. කොහෙද හැමදාම වෙන්නෙ බයිස්කෝප් එකක් බලන එකම විතරයි. පරණ සිංහල සින්දු මටනම් හරියන්නෙ දෙකක් දාගත්ත වෙලාවටම තමයි. හිටං 😂 බලමු අනිද්දටවත් මේ සෙට් එක අහන්ට.

    ReplyDelete
    Replies
    1. දොලහ දහතුනත් අහලා බලන්න

      Delete
  16. ආණ්ඩුකාර දිවුල්ගනේගේ සින්දුවට මම ඒ තරම් කැමති නෑ. කපුගේගේ මම අහපු නැති සින්දුත් තියෙනවා. හොඳ කලෙක්ෂන් එකක්

    ReplyDelete
    Replies
    1. එයාගෙත් ලස්සන සින්දු තියනවා තව

      Delete
  17. මේ සින්දු ටික නම් නියමයි. "වක්කඩ ළඟ" මගේ ලිස්ට් එකෙත් තියෙනවා. ඒ වගේම "කඩමණ්ඩියේ දොළ අයිනේ" සින්දුවටත් "ඇස රැඳුන රැඳුන" සින්දුවටත් ගොඩක් කැමතියි.

    ReplyDelete
  18. මෙතන තියන සිංදු වලින් ආසම සිහිල් සුළං රැල්ලේ සිංදුව :)
    ගහක මල් පිපිලා සිංදුවටත් ආසයි
    උළලේනෝ සිංදුව වෙනස් සිංදුවක්. ඇහෙද්දි දැනෙන්නෙ පාලු මූසල ගතියක්. හැමවෙලේම අහන්න කැමති නැති උනත් ඒ සිංදුවට මම ආසයි

    ReplyDelete
    Replies
    1. මාරියාවේ ඔහේ නවතින්නේ .......ඒකත් මරු

      Delete
  19. මේ භාවයේදී මුළු දියදායේ, ඇස රැඳුන තැන් වල...මේ මගේ ප්‍රියතම ගීත...අනික් ගීත සියල්ලටත් බොහොම කැමතියි...

    ගිතාන්ජලි ගීතයේ සුන්දරත්වයක් තියනවා...අනික් ගීතය (13) නම් විශේෂයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ලස්සනයි ...තවත් ලස්සනයි ...ගිටාර් එකක් විතරක් ගහල කියනකොට

      Delete
  20. අටං වැඩිපුරම කැමති ගායකයා කපුගේ නේද?

    ReplyDelete
  21. අටං ගේ සින්දු ලිස්ට් එක කියවපුවහම කමෙන්ට් එකක් නොදා කොහොමද

    1 ඇත්තටම රසවත් සින්දුවක් මේකේ තියෙන රසය වෙනස්ම එකක්
    3 මගේ ෆේවරිට් ලිස්ට් එකේ උඩම තියෙන එකක්, වක්කඩ ලඟ සින්දුව කැමති එකෙකුට මාසේ කේස් එකක් ඔළුවෙ තියාගෙන කුණු රසයක් වින්ඳහැකි. ඒත් ඒක කළු තලෙළු සුන්දර ගැමි යුවතියකගේ නෝක්කාඩු බැල්මක් හිතෙන් මවාගෙන රස විඳින කොට. ඒ නෝක්කාඩුව වක්කඩේ දිය වැටෙන තාලයට තිත්තපැටවුන්ගේ නැටුමට උපමා කරන කොට එන රසය මොන තරම් සුන්දරද. අන්න ඒ රසය විඳින්න බැහැ වක්කඩක බැහැලා සරමට තිත්තයෝ අල්ලලා නැති එකෙකුට.
    7 මම කැමති තව සින්දුවක් ඒකේ පද වල වරදක් තියෙනවා මම හිතන්නේ
    ඒකේ පළමු පදවැලේ " පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ" කියලා නේද කියැවෙන්නේ.
    8 කියන්නේ ගීත රසය විඳින එකක් නෙවෙයි. හැමෝම අහන්න ඕනේ පද වැලක්. දූපතක උපන් එකාට ඒ දූපත ගැන හැඟීමක් නැත්නම් ඌට අම්ම තාත්තත් වැඩක් නැහැ.

    අටංගේ අර්ථ දැක්වීමුත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ හොදම කමෙන්ට් එකද මන්දා

      Delete
  22. ඊලඟට අපි හම්බෙච්ච දවසට කෑගහල ඔය සින්දු කියමු. අර සුමනෝ සින්දුව අපි ඒලෙවල් කරන කාලෙ හැමදාම හවස 7ට 8ට විතර සෙට් එක පිටින් ලිඳ ලඟ නානකොට කෑගහල කියන සින්දුවක්. ඇයි උම්මාද සිතුවම්. අපේ කෑගැහිල්ලට හැමදාම ඇන්ටිගෙන් බැනුම් අහනවා.

    ලිස්ට් එක සුපර් ඈ. 12 13 14 15 හෙමින් පස්සේ අහල කියන්නම්.

    ReplyDelete
  23. 12 නියමයි , 13 කටහඬ නියමයි...හරි අපූරු ලිස්ට් එකක් අටම්.. දැනට දාපු හැමෝගෙම ලිස්ට් එක දිඟට ඇහුවා..

    ඔයා බටේ-- නියම translation එක :):)

    ReplyDelete
  24. මගෙත් පේවරිට් හත අටක් උඹ තෝරලා තියෙනවා. කැමති සිංදු රාසිය දහයකට පහළොවකට ලඝු කරන්න කොහොමත්ම බැරි නිසා මම සද්දෙ වහගෙන ඉන්නවා.

    ReplyDelete
  25. මේ ලිස්ට් එකම හොඳයි. වඩා කැමති 1, 2, 3, 5, 6,7, 11 ට . ඒවා මමත් නිතර අහන සින්දු.

    ReplyDelete
  26. හෙක්.. සින්දු පැත්තක දාමුකො. උඹේ පසුබිම් කතා ටික ඊට වැඩිය මරු.

    ReplyDelete
  27. මටත් හිතට ඇල්ලුවේ කතා ටික තමා, ගීතත් බොහොම අපූරුයි. නිතර නෑසෙන එවා ටිකකුත් තියෙනවා හිමිහිට රසවිඳින්න ඕනේ.

    ReplyDelete
  28. මචං පබළු නගේ මමත් ආසම සිංදුවක්... උඹත් එක්ක සෙට් වෙන්න චෑන්ස් එකක් ආවොත් අපි දෙන්න කියමු.. හැබැයි මළ බෙරකාරයෙක් නම් ඉන්නම වෙනවා....

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. එල සින්දු ලිස්ට් එකකි.....
    අලුත් සින්දු හිට් වෙලා නැද්ද?

    ReplyDelete
  31. I go Parakum sir blog too now. I reed butiful lirik song there too. You blog song liriks also very nise and tasty too. Good good write more this like things.

    ReplyDelete
  32. I go Parakum sir blog too now. I reed butiful lirik song there too. You blog song liriks also very nise and tasty too. Good good write more this like things.

    ReplyDelete
  33. මළ ගෙදරක ඇවිත් ඉන්න ගමං කියෙව්වේ. 12 - 13 සිංදු දෙක විතරක් ඇහුවා ෆෝන් එක කනේ ගහගෙන.. 12 පට්ට .. 13 ත් හොඳයි මූඩ් එක සෙට් වෙනවනම් .. මේ සිංදු ඔක්කොම වැටෙන්නේ මගේ රස පරාසයට.. ඔක්කොම වගේ සිංදු වලට ආසයි වෙනස් වෙනස් අත්දැකීම් එක්ක..මට නිකමට හිතුනා උඹ සනත් නන්දසිරි ගේ මා හද අසපුව සිංදුවටත් ආසා වෙයි කියල..
    චෙෆා කියුවා වගේ.. උඹ ගැන ආදරේ තවත් වැඩි උනා..

    ReplyDelete
  34. මාත් කැමති ගීත ගොඩක් මෙතන තියෙන්වා ඒ වගේම 12,13 ගීත දෙකත් රහයි.ගිටාර් එකේ හඩ වොයිස් එකත් එක්ක ලයිව් මික්ස් වෙනකොට තවත් රහ ඇති.

    ReplyDelete
  35. මමත් කැමති සින්දු බර ගානක්ම මෙතන තියෙනවා...
    එළ...

    ReplyDelete
  36. ම්න් නන් කැමති 8, 10... සී.ටී.ගෙ සිංදු වලට කැමති නැතෙයි...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>