2016-11-15

ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී වාසි





සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන සහන කවදද කවුද දුන්නේ.



මුං ඇට කිලෝවක් රුපියල් 15 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ මුංඇට කිලෝ 4 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 60 කි.



පරිප්පු කිලෝවක් රුපියල් 10  අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ පරිප්පු කිලෝ 15 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 150 කි.

සීනි කිලෝවක් රුපියල් 2 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ සීනි කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල්  72 කි.


හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ හාල් මැස්සෝ කිලෝ 24 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 120 කි.

අල කිලෝවක් රුපියල්  5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ අල කිලෝ 36 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 180 කි.




ගෑස් සිලින්ඩර් රුපියල් 25 කින් අඩු කර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා අප නිවසේ ගෑස් සිලින්ඩර්  7 පමන පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 175 කි.

භූමි තෙල් ලීටරයක් රුපියල් 5 අඩුකර ඇති අතර අවම වශයෙන් වසරක් සදහා ඔය බයිසිකලේ මොනවහරි කරනකොට , මැෂින් එකක් හදනකොට මජං හෝදන්ඩ භූමි තෙල් ලීටර් 5 පරිබෝජනය කරන අතර ඉදිරි වසර සදහා මිල අඩුකිරිම නිසා ලැබෙන සහනය රුපියල් 25 කි.



දේශීය ටින් මාළු කියන්නේ අර ගණන් අඩු ගද ගහන එව්වා වෙන්ඩ ඇති 

දේශීය කිරිපිටි අනේ මන්දා රත්ති හරි ඇන්කර් හරි නැවුම් කිරි හරි තමා



ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි


මුං ඇට = 60

පරිප්පු = 150

සීනි = 72

හාල් මැස්සෝ = 120

අල = 180

ගෑස් = 175

භූමි තෙල් = 25


සමස්ථ එකතුව රුපියල් 782 කි.


92 comments:

  1. අම්මට හුඩු... බලහංකෝ ඉතින් ඈ.. ස්වල්ප ගානල් කියලද හිටන්...

    ReplyDelete
    Replies
    1. කඩේ ගිය ජොකියෙක්ගෙ ගොන් පාට්

      Delete
    2. ඔබට සතුටුයිද දැං

      Delete
  2. ඇයි ඔය මදිද හිටං.
    තව ගාන වැඩි කරගන්න ඕනනං කරන්න තියෙන්නෙ කන එක ඩබල් කරන එකයි.

    ReplyDelete
  3. මම සෙනසුරාදා ඉරිදා උදේට කන්නේ මුණ ඇට , කව්පි හෝ කඩල තම්බලා , රවී ලංකාවට පෝෂ්‍යදායි කෑම හුරුකරවනවා වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. තම්බලා කන්ඩ ඕන ඕකගේ ඇටේ තමා

      Delete
  4. ආන් ඒකනේ කියන්නේ .... අපි අමාරුවෙන් එක හොරෙක් ගෙදර යවල ඉතිරි හොරු ටික එකතු කරලා හදාපු ආණ්ඩුවෙ වෙනස ... දැන් ඕකට තව කීයක් හරි සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල ... එකතු කරල .....

    කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් එකක් ගන්න බැරුවයැ .... !

    ReplyDelete
    Replies
    1. ඔය සල්ලි ටික එකතු කරල ලොකු බලුකපුටු දානයක් දෙන්ඩ ඉන්නේ

      Delete
  5. හඳෙන් හරි හාල් ගෙනත් දෙනව කිව්වා= දුන්න ලාංකීයයෝ
    ඇට අටක් දෙනවා කිව්ව =දුන්න ලාංකීයයෝ
    10000ක් පඩි දෙනව කිව්ව =දුන්න ලාංකීයයෝ
    ඒ එකක්වත් ලැබුනෙත් නැහැ ඒත් දෙනවා එහෙමයි මෙ සසරි බර සිසිරි ලක....
    එක ටකරම/ පොල් පැලයට/ නිකං දෙන පොත් කීපයකට/ සිල් රෙද්දට
    ඔච්චර නුදුන්නත් දෙනව අප්ප

    ReplyDelete
    Replies
    1. ඇයි... 350 ට පාන්.. ඒකෙන්නෙ අම්මපා 70% ඉවර කරගන්න පුළුවන් වුනේ...

      Delete
    2. එසේ කිසිවක් ලබාගනනැත , උවමනාද නැත ,

      Delete
  6. සීනි මිළ අඩු කිරීම හෙලා දකිමු.මින් සීනි පරිභෝජනය ධයිර්යමත් කර රටේ දියවැඩියා රෝගීන් ගණන වැඩි කර ඔවුන් බෙහෙත් ගන්නා විට 'තොපි ලෙඩවූයේ මන්ද?' බද්ද ගසා රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් විය හැක.

    ඉඩම් වාහන කැටගරියට අයිතිවන වාහන මොනවාදැයි නොදන්නා නිසා ඒ ගැන මුකුත් කිව නොහැක.

    මූල්‍ය අර්බුධයකට රට මුහුණපා ඇති අවස්ථාවක හුදී මහජනයාට මේ සා සහන සැපයීම පිළිබඳ අපගේ ප්‍රණාමය සමස්ථ යහපාලන රජය වෙත කුහකත්වයකින් තොරව පිරිනැමිය යුතු බවට යෝජනා කරමි ය.
    ජයවේවාඅ..!!

    ReplyDelete
    Replies
    1. ඉඩං වාහන කියන්නෙ ලෑන්මාස්ටර් වලට බොල.

      Delete
    2. ටැට්ටර්,ලෑන්මාට්ටර් වලට එහා ගිය ඒවත් ශද්ද බද්ද නැතුං ඉන්නවා නේහ්?

      Delete
    3. මයේ හිතේ ෆෝවිල් වාහනත් ඉඩං වාහනම තමා නේ

      Delete
  7. නොදකින් බං මේ බජට් එක. රුපියල් 2ක් 5ක් 10ක් කියන්නෙ හිඟන මිනිහෙක්ට දුන්නත් හොඳ කුණුහබ්බ දෙකක් අහගන්න ගානක්.

    ඔය බජට් හදන වේසාවියොන්ගේ කාර් පර්මිට් අර දීමනා මේ දීමනා කපල හිඟන්නෝ තත්වෙට දාපු දවසට තේරේවි.

    ඒත් වැඩක් නෑ බං ඕකුන්ගේ ඔළුවේ තියෙන ගූ ටික තියෙනකන් ඒ වැඩේ හරියන්නෙත් නෑ.

    ජනතාවට අබ සරණයි.!!

    ReplyDelete
    Replies
    1. කොරපු ඇටේකුත් නැ , අර මනුස්සයා කොරපු දෙයක් නැ කියකිය පස් පඩව්වේ බැනල , ඒවායෙම පිටකවර වෙනස්කරල අපිට පෙන්නලා ....බොරුවට පංපෝරි ගහනවා ....ජනතාව හොල්මං වෙනවලු

      Delete
  8. දැන් බලද්දි සෑහෙන ගාණක් අඩු කරලනේ. මේ ගමන සිංහල අවුරුද්දට වැඩිපුර වුනත් මුං කැවුම් හදන්න පුළුවන්. පරිප්වපු ඩේ වුනත් වෙනදට වැඩිය කන්න පුළුවන්. ඉතිං හා නරකද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. ඕකුන් වැඩිපුර කන්නේ එවිවා වෙන්ට ඇති

      Delete
  9. අයවැයට කලින්ම දවසක රවී කියුවනේ “මීලඟ අයවැයෙන් පස්සේ ජනතාව හොල්මන් වෙනව) කියලා... ඉතින් හරිනේ... මේ වගේ සහන දැක්කම හොල්මන් තමා...

    ReplyDelete
    Replies
    1. හොලුමං කෙසේ වෙතත් මහා ගන්දස්සාරයක් දැනෙනවා

      Delete
  10. මට නම් අයවැයෙන් සහන ඕනා නැත. අපට ඕනා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වීමත් මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් ය. ඊට අමතරව දිගු කාලීන ව්‍යාපෘති කීපයකුත් ය.මෙගා නගරය හැකි ඉක්මනින්ම ඇරඹිය යුතුය. අපට හැමදාමත් කෙල උනේ ඔය පොඩි පොඩි ආතල් බලාපොරොත්තු වෙලාය.මට නම් රජතුමාගේ පාලනයේ පවා මට නම් වරදකට තිබුණේ ඔය ගොටු අබා ගේ ක්‍රියා කලාපය පමණක් ය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. අද පත්තරෙත් කවුද කියල තිබුණ අයවැය කියන්නෙ බඩු ගනං අඩුවැඩි කරන එකක් නෙ‍මෙයිය ඊට වැඩිය රට ඉදිරියට ගෙනයන ක්‍රියාමාරග ගැන තීරණ ගන්න එකක්ය කියල. ඒත් අපේ අය බලාපොරොත්තු වෙන්නෙ ඒව නෙමෙයි නෙ.

      Delete
    2. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් වෙන්න අයියා කන්නෙ තණකොළ ද ? අපි කන්නෙ බත්. ඒක හින්දා ව්‍යහය ශක්තිමත් නෑ

      Delete
    3. පේනවා පේනවා ව්‍යුහය කියලා හරියට ලියාගන්න බැරි බත්කන හරකෙක් කියලා.

      Delete
    4. වා.... හරි දස්සයෙක්නෙ ලොකු අඩුපාඩුවක් අල්ලගත්ත නේද... ඔය අයිය බොන්නෙ පුන්නක්කුද ?

      Delete
    5. දස්සයෙක් නෙවෙයි බත් කන හරකෝ දක්ෂයෙක්. ගොන් නාම්බා

      Delete
    6. සුවර් එකටම මේ අයීයා ටණකොල කාල පුන්නක්කු බොන අයිය කෙනෙක් වෙන්න ඕනෑ... පටස් ගාල වැරදි අල්ලනවා

      Delete
    7. අන්න රට හරකට යන්තම් මොලේ පෑදුණා. තව මගේ ගූ ටිකක් කාපිය එතකොට තවත් තොගේ මොලේ පෑදෙනවා

      Delete
    8. ඇට වලයි , අරකෙයි මේකෙයි ගණන් අඩු කරල රට හදන්ඩ බැරිබව දන්නවා කොච්චියෝ , මාත් කියන්නේ මුං ඔය උඹ කියපු ටික කොරනවා කියල බලේට ඇවිල්ලා , අරුන්ගේ වැරදි කිය කියා ඉන්නවා මිසක් කරපු ලබ්බක් නැනේ , අපිට ඇටේ පෙන්න පෙන්න ඉන්නවා

      Delete
  11. බැසිලා වගේ කොමිස් කාක්කන් මේ ඕනෑ ආණ්ඩුවක ඉන්නවාය. කබ්‍රාල් ද මහේන්ද්‍රන්ද කියා වෙනසක්ද නැතිය. හිටං කියන්නේත් මරා ගේ ලපටි මොඩලය ය.පස්සේ ඔය හිටං දුවං යන්නටත් බැරි නැතිය. කොමිසොන් සභා ටික නම් වටිනවාය..හිටං ඒකට අත නොදමා ඉන්න ඕනෑය

    ReplyDelete
    Replies
    1. ඒවායෙත් හඩ තිබුනට වැඩ කෙරෙන බවක් නැනේද

      Delete
  12. api ithin thanakola kana nisa awulak natha

    ReplyDelete
    Replies
    1. එපා යකෝ ඔව්වට බල්ලෝ රෙනවා , හුජ්ජකරනවා

      Delete
  13. යකෝ ගල් බාගයක් ගන්ඩ පුලුවං තව පොඩි ගානක් දාල ... මදිද ඉතිං ...???

    ReplyDelete
    Replies
    1. මං එකෙං ගල් බාගයක් ගෙනාවා , උඹලට එකතු වෙන එකෙං ගල්බාගයක් ඇරං වරෙං

      Delete
  14. // සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය //

    ඉයන් තුමා වෙන්ඩැති එහෙම කිවුවෙ හිටන්!

    ReplyDelete
    Replies
    1. සරස ඒ විතරක් නෙමෙයි ඊලඟ අවුරුද්දෙ ෆෝන් එක හරහා එන ජනාධිපතිගේ අළුත් අවුරුදු පණිවිඩේ දෙන්නෙත් මහින්ද මහත්තයා.

      Delete
    2. අනේ සාරසෝ හැම එකටම මේ මනුස්සයව අල්ලගන්ඩ එපා

      Delete
    3. අප්පටසිරි ඉයනුත් මේ පාර මහින්දටද ජන්දේ දෙන්නේ

      Delete
  15. ඉතිං අප්පොච්චියේ අවුරුද්දකට රුපියල් 782 ක් කියන්නේ දවසකට සත 2.1 ක් විතර නේද? ලේසි කෙලියක්ද රවී තුමාගේ අවයව පෙන්වීම?

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ අවුරුද්දකට දවස් කීයද?

      Delete
    2. හුටා අවයව එලියේ

      Delete
  16. ඔය ඉතින් මුගෙන් හොදක් අහන්න බැහෙනේ...ගේමේම්යි ඉල්ලන්නේ

    ReplyDelete
    Replies
    1. හොද කියන්ඩ ..හොදක් කරාද ...කරාද

      Delete
  17. උඹලා ආණ්ඩුව වට්ටන්න නේද හදන්නේ........ යකෝ ඉතින් බත් වෙනුවට මුං ඇට කාහල්ලාකෝ.........

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් කෑවේ ඒවා තමා , උදේට තම්බලා , දවල්ට බැදලා , රෑට ඉතිං උදේ දවල් ඉතුරු වෙච්ච එකක්

      Delete
  18. මරාගේ මල්ලි එළුවා ඇවිල්ලා පුක පිරෙන්න දෙයි. බලන් හිටහන්. තොපිට තාම තේරෙන්නේ නැහැ. රාජපක්ෂ බ්‍රෑන්ඩ් පුන්නක්කුයි රනිල් බ්‍රෑන්ඩ් තණකොළයි වේලක් ඇර වේලක් හරි බඩට වැටුන්නැත්තන් නින්ද යන්නේ නැහැ වගේ .

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයට නින්ද යන්නේ අපි අනුරකුමාර බ්‍රෑන්ඩ් හුලං බොන දවසට තමා

      Delete
  19. අවුරුද්දකට විශ්ව විද්‍යාල වලට යන 25000 වැඩි කරන්නත් තව 15000 කට පෞද්ගලිකව ඉගෙන ගන්න පොලී රහිත ණයෙනුත් අටම්ගෙ දරුවෙකුටත් අනාගතයේදී උසස් අධ්‍යාපනය ලැබීමට පිටිවහලක් වේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තුතියි , එතකං උං දෙන්නට මොනවහරි දෑතේ මහන්සියෙං හරි හම්බකරල දුන්නහැකි , උං උපාදි ගන්න වයසට එනකොට විස්සවිජ්ජාලේ යන්ඩ හම්බවෙයිද කියන එකයි සැක මහත්තයෝ , මොකද ඒ වෙනකොට මේ යනවිදිහට කාන්තාවන්ට විස්සවිජ්ජාලේ තහනං කරල , අඩු වයසෙං කසාද බන්දන මුස්ලිම් ආංඩුවක් එනවනේ

      Delete
  20. අයවැය් කියන්නෙ ප්‍රයිස් ලිස්ට් එකක් නෙවෙයි.
    අයවැයෙන් කරන්නෙ ඉදිරි අවුරුද්දෙ ආර්ථික ප්‍රතිපත්ති.
    අටං අයියලගෙ දෑහට පේන්නෑ මේ සංවර්ධනේ..
    කෝචොක් කොරන්න එපා.
    වොක්ස්වැගන් එකෙං යද්දි කාටැයි ආඩම්බර

    ReplyDelete
    Replies
    1. පහුගිය අයවැයෙන් ආසියාන්තරා තොටුපොලවල් හතක් ම හැදුවා නේද හිටන්?

      Delete
    2. //අයවැය කියන්නෙ ප්‍රයිස් ලිස්ට් එකක් නෙවෙයි//

      ඔව් සීතාම්බර කැරට් අලයක්

      Delete
  21. චන්ද දුන්න අපිට මඩු වලිගෙන් තලපියව්.

    ReplyDelete
    Replies
    1. Why you think like this? Buget no wrong. Past mahinda theef garment buget also put tax and hit people strong. Why you cant remembar this?

      Delete
    2. අම්මටසිරි ජන්දේ දුන්න එකෙක් දැක්කමයි මේ

      Delete
  22. This is very good buget by new garment. I think all you can take benifit too. We all have good buget this year not like all past years.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත..කොත්තමල්ලි බිලා කහ කනවාට වඩා හොඳයි මුන් ඇට කාලා ප්ලේන්ටියක් අල්ලේ කාලා බොන එක :) :) :)

      Delete
    2. උඹල නං කියයි අපිනේ කරන්ඩ ඕන

      Delete
    3. රට තොට විස්තර කියන ලියන ඒවා කියවා තේරුම් ගැනීමට හරිම අපහසුයි

      Delete
  23. Replies
    1. සනිපයි ....ආසාවේ බැ දෙයියෙක් @% ඇරියාවාගේ

      Delete
  24. හරිනේ දැන්. ඔය කරවා ගත්තේ ලෙසටම. දැක්කේ නැද්ද බජට් එකත් එක්ක ආව මෙනුවක්.
    කුක් විත් ජෙම්ස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හොද කෑම වට්ටෝරුවක්

      Delete
  25. මම හිතුනොත් ලංකාවට එන්නේ නෑ බං. මෙහේ සිගරටුත් ලාභයි.අරක්කුත් ලාභයි. ඒ මදිවට කසිප්පුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. උඹ එන්ඩ එපා බං , උඔ එහෙට වෙලා ඉන්න එකට අපි කැමතියි , උඹ ගියත් හරි බේබදු සංගමය විසිරිලා ගියා

      Delete
  26. අවුරුද්දට සිනි කිලෝ 36. මාසෙකට කිලෝ 03යි. දවසටක ග්රෑම් 100යි. අටන්ලගේ ගෙදර හතර දෙනාට ග්රෑම් 25. එක්කෝ අටංලා තේ බොන්නේ දවසකට එක සැරයයි. එහෙම නැත්තම් තුන් සැරයක් බොනවා ග්රෑම් 08 ගානේ අල්ලට අරන්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි , බොහෝවිට උදයට විතරයි , සමහරක්විට ඔක එහෙට මෙහෙමට වෙනවා ඇති කිලෝ එකනක් දෙකක්

      Delete
  27. මේ තත්වය අනුව රටේ ජනතාව මියයා හැකි අවස්ථා තුනක්.
    1 රටේ සංවර්ධනයකුත් නැතිව, ආදායම් උත්පාදනයකුත් නැතිව ටැක්ස් ගහනා ගැහිල්ලේ හැටියට මිනිස්සුන්ට කන්න නැතිව හාමතේ මියෑදිය හැකිය.
    2 යහපාලනය ගේනවා යැයි කියාපු උන් කරනා, කියනා වැඩ දෙස බැලුවිට හාට් ඇටෑක් හැදී මියෑදිය හැකිය.
    3 ගොන්පාට් කෙලිමින් මේ ආණ්ඩුව දෙන ආතල්වල හැටියට හිනාව වැඩිවී ඉස්පොල්ලේ ගොස් මියෑදිය හැකිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉපැයුම් මාර්ග ඇහිරෙනවා ....එන්ඩ එන්ඩ පටු වෙනවා , ආදායම් අඩුවෙනවා , ඒ අස්සේ හොයාගන්න තුට්ටු දෙකට කෙලිනවා .....මෙව්වා හොදට දැනෙන්නේ ඉලක්කං හයේ පඩි කාරයන්ට නෙමෙයි , තමගේ දෙයක් පොඩායට කරගන ඉන්න අපිට

      Delete
  28. මට නම් පාං !!

    ReplyDelete
  29. මේ ආණ්වුවනම් චී ගොඩයි..ඒකෙ කතාවක් නෑ...
    ඒත් ඔය බයි මාමිනම් ඔහොම ආතල් එකක් වත් දුන් නෑ
    බජට් එකේදි රොකට් ඇරියා මිසක...
    අන්තිම කාලේත් ලයිට් බිලට දුන්නු ආතල් එක මතක් වුණාම පපුව හෝස් ගාල යනවා

    ReplyDelete
  30. කෙමෙන්ට් වලට උත්තර දීපන්

    ReplyDelete
    Replies
    1. අහවල් එකෙන්ද .....ඔන්න දුන්නා

      Delete
  31. මගේ දැවෙන පැනය

    782+ තව කීයක් ඕනෙද බොතලයක් ගන්න (බයිට් එකට බැදපු මුං ඇට හොදා

    ReplyDelete
    Replies
    1. ගෙවල් දෙකක ගාන එකතු කරහම පුලුවං

      Delete
    2. එහෙනම් අවුරුද්දකට බොන බෝතල් තොගේට තව එකක් ඇඩ් කොරතෑකි.
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .

      .

      හුටා බෑනෙ ගොල්ලිෆ් එකක් 50/=

      Delete
  32. ඔය අයවැය බෙන්ස්, ලෑන්ඩ් කෲසර් වලින් යන දියවන්නාවේ ගෙම්බන්ට අදාලම නැත...

    ReplyDelete
    Replies
    1. එහෙනං ....අන්න ඇඩ් දාල ගෙන්නපුවා විකුනනවා

      Delete
  33. අටන් මලයා ඔය රුපියල් 782 දාලා සුවිස් ගිණුමක් අරින්න වෙයි..එන අවුරුද්දේ බදු ගහන්නේ ඕකට.. :) :) :)

    ReplyDelete
    Replies
    1. අප්පට එහෙමද , බැංකුවේ එක්දාස් හත්සිය ගානක් තියනවා ඒකත් අරං ඇවිත් අල්මාරියේ දාන්ඩ ඕන

      Delete
  34. ජවිපෙ තමයි බං ඉතුරු වෙලා තියෙන්නේ. අර ඉයනුත් කිවේ. වහාම සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කියල අනුර ජනාධිපති කියල් චීනෙන් ණය ගමු. හුටා මහින්ද කලෙත් ඒකනේ.

    ReplyDelete
    Replies
    1. කොරයි මේ කියල දෙපිටි කාට්ටුවෝ

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>