‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘
‘‘ නැ .....එපා ‘‘
‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘
‘‘ උගුර කසනවා ...සෙම වැඩි වෙලා ‘‘
‘‘ ඇයි එහාට යන්නේ ....ඔලුව කසන්ඩ එපාද ‘‘
‘‘ අතේ තෙල් ......මුනේ ගෑවෙනවා ‘‘
‘‘ මං අද තෙල් ගෑවේ නැ‘‘
‘‘ ඒ මොකද ...කැලැල් ටික ටික මැකෙන හන්දද ‘‘
‘‘ කැලැල් මැකුනට වැඩක් යැ .....අත් දෙක හරියයිද මගේ .... ඉස්සර වගේ වැඩ කරන්ඩ ‘‘
‘‘ කාලයක් යයි ‘‘
‘‘ අර රංජන්ගේ වාගේ මගෙත් අත පය හැමදාම වකුටු වෙලා තියෙයිද ‘‘
‘‘ දෑන්ද ඔව්වා හිතෙන්නේ .... අරකට හලාගත්ත වෙලාවේ භුමිතෙල් කෑන් එක මගේ ඔලුවට හලන්ඩයි තිබ්බේ ... උදේ ඉදං ගැස්සි ගැස්සී ටැට්ටරේ උඩ ඉදල සරුවාගෙම කෙඩෙත්තු වෙලා ......කෝ කෝ අහකට යනවා ...මට නිදිමතයි ‘‘
‘‘ ඉහි ඉහි ...හි .....‘‘
‘‘ මේ කනක් ඇහිල බුදිය ගන්ඩ ඔය $ත්ත වහගන්නවද ‘‘
‘‘ ඉහි ...ඉහි ....මට බයින්ඩ එපා දෙයියනේ ‘‘
‘‘ මේ ...මේ ...මේඅහනවා ... තමුසේ දැං කරන්ඩ ඕන හරිය මට කරල ඉවරයි ...... රත්තරං ටිකට කරපු රස්සාත් ගැහිල ගිහිං ආයෙත් ටැට්ටරේටම වැටුනා ..... ගමේ යන කයිකතන්දර එක්ක යන්ඩ ඇරල පස්සට හිනාවිලියි , ආඩපාලි ඇනුං පද අහන එකයි , මූණට අහන උන්ට උත්තර දීමයි මට දැං ඇති වෙලා .....මං මේ ගෙයි වසන්නේ අර දරු දෙන්නා හන්දා ......මාස හය හතක් නැතුව අද මේ ඇදට නැග්ගේ %රි වාතේ ඉහට ගහල නෙමෙයි , මගේ ඇගට අමාරු හන්දා‘‘
‘‘ අනේ කෑගහන්න එපා ......මතු උපදින උපදින ආත්මේ බැලමෙහෙවර කරන්නං ....මට සමාවෙන්න රත්තරනේ ‘‘
‘‘ මේ අහනවා .....මං තමුසෙට ආදරේ නැතුව නෙමෙයි , ඒකයි එලියට බැහැල නොගිහිං තවත් මෙතන ඉන්නේ , ....... ඒත් තමුසේ මට කරපු දේට මට සමාව දෙන්ඩ බැ ‘‘
‘‘ මං එහෙම කරේ නැ අයියේ .... එදා ඉදං හැමදාම ඔයා මට සාත්තු කරනකොට කොච්චර මං ...කියන්ඩ හැදුවද ...එත් බැරි උනා .... ජයන්ත අයියා අදක ඊයෙද මට ලෙංගතු ....... ඔයා දන්නවද ඉස්සර පොඩිකාලේ දවසක ...ඉස්කෝලේ හෝඩියෙදි මට කක්කා ගිහිං ..... මං හැංගිලා ඉන්නකොට වැවට එක්කාගන ගිහිං කක්කා හෝදවලත් තියනවා , හැමදාම අපි හිටියේ එකට ...... දවසක් අපේ අප්පච්චි ...හොදටම රා බීලා බැනල එලව ගත්තා , ජයන්ත අයියව .... යකෝ ඇවැස්ස කියලද තෝ හිතං ඉන්නේ ... තෝ ජාතක උනේ අපේ ගෑණිගේ අප්පොච්චිට කියල .....ජයන්ත අයියා සේකර මාමගේ නෙමෙයිලු . අපේ අම්මලැ සීයලු එයාගේ තාත්ත ‘‘
‘‘ යකෝ මාර වේසා පරම්පරාවකටනේ මං අලගුතිබ්බේ ‘‘
‘‘ මං වේසාකං කෙරුවේ නැ අයියේ ... මං එහෙම කරානං ඔයාලගේ අම්මල නැන්දල රෙදි නැන්ද එක්ක එළල අකුලං ගිය රෙද්ද රතු උනේ කොහොමද .... ඔයා වාගේම ජයන්ත අයියත් හැමදාම මා බලන්ඩ ආවා ,ඉස්පිරිතාලෙට , හැබැයි ඔයාට හොරෙන් , තවත් අලකලංචියක් වෙයි කියන බයට ‘‘
‘‘ ඒකත් දන්නෙත් දැන්නේ ‘‘
‘‘ ඇයි මේ අපාගත වෙන්ඩම හදන්නේ ....ඔයා දන්නවද මට ඔයා ගැන කියුව දේ ඉස්සර ඉස්සෙල්ලම .... ‘‘‘‘‘ අන්න ජයනාතයට තමුසෙව කසාද බදින්ඩ ඕනලු ....මං කියුවා අම්මලාගෙං .... අහන්ඩ කියල ..... ගිණිපුක්ගාය තිබුනට ඌ හොද ඒකා ......‘‘‘‘‘
‘‘ ඒ බයිලා දැං ඕන නැ ‘‘
‘‘ ඔයාට කහට එකක් හදලා දෙන්නද ‘‘
‘‘ එපා ‘‘
,. මගේ කුක්කු කැත වෙලා නේද ‘‘
‘‘ දන්නැ ‘‘
‘‘ මේ බලන්න , කුක්කු පුඩුවක් නැ නේද ..... පව් චුටි පුතා , මගේ කිරි බොන්ඩ කොච්චර පෙරේතද ‘‘
‘‘ ඇයි , මොකද උනේ ‘‘
‘‘ තුවාල හොදටම හොද උනහම මං දුන්නා කිරි බොන්ඩ කියල ..... මගේ කොල්ලත් මාව අප්පිරියා කලා ..‘‘
‘‘ ඔය ... ඔය ,.. ඔයා අල්ලන තැන කුක්කු පුඩුව .... මිරිකල බලන්න මට තාම කිරි එරෙනවා .....පේනවද ‘‘
‘‘ හම් ‘‘
‘‘ ඔයාටත් හිරිකිතයිද ‘‘
‘‘ නැ ...නැ ‘‘
‘‘ නැත්තේ නැ ..... පල්ලෙහා ...අගුරු වෙලා කැත වෙලා කියල මම දන්නවා .....ඒ උනාට මට තාම එතන දැනෙනවා ......ගොඩ කාලෙකට පස්සේ සනීප නැතිවෙලා හොදවෙලා ......මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
අනෙ අම්මෝ.
ReplyDeleteඇයි අම්මියෝ
Deleteඅටමෝ උඹ යථාර්ථයක් කියන්න හදනවා...
ReplyDeleteඋඹට අතනට අගුරු වලට වඩා යමක් කියන්න පුලුවන් කියලා මට හිතෙනවා..
එහෙනං වෙන යමක් යෝජනා කරහං බලන්ඩ
Deleteඅටමෝ, හිතටම වැදුන කතාවක්. කීප වරක්ම් කියවන්න ඕනෑ හරියටම තේරුම් ගන්න
ReplyDeleteකොහොහරි තේරුම් ගත්තනේ ඒ ඇති
Deleteමේකත් එක්තරා ෆෙටිශ් එකක්..
ReplyDeleteI like foot fetish. 'couse it's really fun. call me to have fun.
Deleteමම අඩි fetish කැමතියි. 'ඇත්තෙන්ම එය විනෝදකාමී ඇති. විනෝද වෙන්න මට කතා
Deleteසති පූජාවේ තවත් පැත්තක්...!!!
ReplyDeleteතරුණ හදවත් මීට වඩා සාණුකම්පිත වියයුතුයි...ඔහුගේ අවලාද නොඉවසනුව ඈ තම ජීවිතය වෙනුවට දෙදෙනාගේ ආදරයට භූමිතෙල් වත්කර ගිනිඇවුලුවාවත්ද...?
මට හැඟුනේ එහෙමයි අටම්....
ගැහැණිය ඇත්ත හැඟිස්සවීමටත් බොරුව වසා ගැනීමටත් දක්ෂද...?
ඇයි එතනටම ගිනිතියාගත්තේ...?
පාථකයාට සෑහෙන්න හිතන්න ඉඩතියලා කතාව ලියපු නිසායි ඔච්චරම ගැටළු...ඒකත් හොඳයි අප්පා...!
අනේ අප්පේ මේ මනුස්සය ගිය දුරක්
Deleteකථා දෙකක් නෑ. අටමා දක්ෂයෙක්.
ReplyDeleteඕන දේකට මල්ලි
Deleteතමන් තමන්ගෙන්ම පලිගැනීම, ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. කෙනෙකු එවැනි දේ කරන්නට පෙළඹෙන්නේ, සුළු හානියක් කරගෙන, අනෙක් අයගේ අවධානය දිනාගන්නයි. නමුත් හානිය බරපතළ වූ පසු විඳවන්නේ, හානිය කරගත් කෙනා වගේම, ඔහුගේ/ඇගේ පවුලේ අයයි.
ReplyDeleteඒ මදිවට අපිත් විඳවනවා මේවා කියවලා ඔලුවට අරන්..!
Deleteඇත්ත තමයි විචාරකතුමා
Deleteතුමා නෙවෙයි ...........මං කියන්නේ නෑ.
Deleteනියමයි අටමෝ. මටනම් හිතාගන්නවත් බැහැ මෙහෙම නිර්මාණයක් කරන්න.
ReplyDeleteඔයාට බැරි නැ ට්‍රයිකරල බලන්න
Deleteමම එදා උඩුවා එක්ක කතා උනා උඹ නොලියන එක ගැන.. ඒක මහ අපරාදයක්...
ReplyDeleteමොකද මේ සමාජය එක්තරා ස්ථරයක් උඹ නියෝජනය කරන නිසා.. එතන තමයි ලාංකිය කලාවේ උල්පත...
අර කවුද කියුවලු ..මං මේ මගේ හිතේ අමාරුවට ලියන්නෙ කියල
Deleteඇත්ත. මේ කතාව කොච්චර අමුද?? ඒ තරමට රහයි
Deleteස්තුතියි
Deleteකියවලා ඉවර වෙද්දි ඔලුවට පොල්ලකින් පතබෑව වගේ දැනෙන මේ ලිවීම මරු!
ReplyDeleteජයවේවා !
ස්තුතියි
Deleteදෙයියන්ට ඔප්පු වෙච්චාවෙ, "මගෙ අත් දෙක පිච්චුනාට" ද??, කාලෙකට පස්සෙ. මේ රිසානාද?
ReplyDelete..මගෙ අත් දෙක පිච්චුනා... ඉවරෙටම ඉවරයි බං , පරන මේල් එකට ලොග් වෙන්ඩ බැරුව යනකොටයි දන්නේ පරන කතා එකසියගානක් මකලා
Deleteම් ම් ම් අපූරුවට ලියපු කෙටි කතාවක්. පාඨකයා ට මොලය වෙහෙසලා අනුමාන කරන්න ඉඩ සලසපු අපූරු නිර්මාණයක් කියලා මට හිතෙන්නේ
ReplyDeleteමට එච්චරට එහෙම හිතුන්නැ බං , කොම්පියුටරයක් හම්බෙච්ච වෙලාවේ කොටල දැම්මා
Delete+++××
ReplyDelete+++××
ReplyDeleteරාජ්‍ය සම්මාන දෙන්න ඕනේ මෙන්න මේ කතාවලට. නැතුව අර සම්භාව්‍ය පල් හෑලි වලට නෙවෙයි.
ReplyDeleteකිලෝමීටර් ගානක කතාවක් අඟල් දහයක දොළහක ලියනවයි කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒකත් හැමෝටම තේරෙන විදියට!!!
බ්‍රාවෝ මචං
මං එහෙම කෙටියට ලියන්නේ නැ බං , මේක කෙටියට ලියන්ඩ උනා වෙන අපහසුතාවයක් හින්දා
Deleteගැනුන්ගේ යථාර්ථ මේකද බං ...
ReplyDeleteගෑණු තමා බං දන්නේ
Deleteනියමයි.
ReplyDeleteඅයියේ වතුරබෝතල් දෙකක් දෙනවද දිව ගිලෙන්ඩ එනවා
Deleteවරෙං ඉස්සරහ දැල් කඩෙන් අරං දෙන්නං.
Deleteඇඹරිලා ඉන්නෙ..ඕ යේස්
ReplyDeleteමොකැ දොරටවත් හිර උනාද
Deleteහිතට භූමිතෙල් වක්කොල්ලා (පෙට්‍රල් නෙමෙයි.) ලයිටරෙත් අතටම දෙන තරමට උඹ සාර්ථකයි..
ReplyDeleteජයවේවා..!!
පිස්සුද අයියා අපි එහෙම ගින්දර දෙන්නැ කාටවත්
Deleteඅටමා කාලෙකට පස්සෙ ලියල නේද? මාතලන් කිව්ව වගේ මටත් කීපසැරයක්ම හිතුන මොකද මේ අටම දැන් ලියන්නැත්තෙ කියල. ලියපු එකත් පොල්ලෙන් ගැහුව වගේ නියමටම ලියල.... ජයෙන් ජය.......
ReplyDeleteලියන්නං ආයෙත් ටිකක් හිටහල්ලකෝ
Deleteබොරුවට මූනිච්චාවට කියනව නෙවෙයි අටමෝ... උඹ සිරාවටම දක්ෂයි...
ReplyDeleteඅපේ පවුලත් කියනවා බං
Deleteකථාව නියමයි විනාඩි කිපෙන් කියෝලා ඉවරකලාට ලොකු කතාවක් නේ. ඒත් අර අඟුරු වචනේ හැර වෙන වචන තිබුන් නැද්ද :(
ReplyDeleteඑහෙනං කියහං වෙන වචනයක් එතනට ගැලපෙන
Deleteඅම්මෝ ඇතියන්තම් අටමට ලියන්න හිතිල.
ReplyDeleteමොලෙත් කොලොප්පන් වෙනව. සත්‍ය සිදුවීමක් ඇසුරිනි ද?
නැ බං කරුමෙට හිතට එන ඒවනේ
Deleteමරුනෙ ඔයහිතේ ඇල්කොහොල් දාන්න වටිනව.
Deleteහිතට නෙමෙයි බඩට
Deleteනියමෙට ලියල තියනවා, දිග කතාවක් දිගින් අඩු කරලා වගේ.
ReplyDeleteදිගිං අඩු කරල නෙමෙයි ලැබුන වෙලාවේ දඩිබිඩියේ ලියුවා
Deleteකීප වතාවක්ම කියෙව්වා, උඹේ මේ හැකියාව එළ මචං...
ReplyDeleteමොකද උඹ මොකවත් ලියන් නැත්තෙ
Deleteඋඹ කාලෙකට පස්සෙ අර සෙරෙප්පු දෙක ක්වොලිටියේ කතාවක් ලියලා. මම හිතුවෙ උඹට දැන් ඒ ශෛලිය අමතකත් වෙලා ඇති කියලා
ReplyDeleteඅමතක නැ..... මතකයි මතකයි ....එව්වා අමතක කරල කොහොමෙයි
DeleteNiyama kathavak .....
ReplyDeleteමොකද උඹත් දැං අර ආපු වේගය අඩුකරල
Deleteඅටම්... මේ ලිවිල්ල වර්ණනා කරන්න මට දන්නේ නැ. ඒ නිසා සරලවම කිව්වොත් ඔබ දක්ෂයෙක්... අන්තර්ගතය ගැන ටිකකට පැත්තකින් තියලා මේ ලිවීමේ රටාව ගැන කථා කලොත් ඇත්තටම, ලිවීමක ප්‍රකාශිත අර්ථය ද ගම්‍ය අර්ථයද සැගවුණු අර්ථයද යන අර්ථ රස එකවර මතුකරන්නට පුළුවන් ඔබ වගේ පරිකල්පන ශක්තිය වගේම පොළොවේ පයගහල ජිවත් වෙන නිර්මාණ කරුවෙකුට විතරක් යන්න මගේ විශ්වාසය.
ReplyDeleteහයියෝ සංසාරේ මට ඔව්වා කියනකොට මතක් වෙන්නේ බූල්ස්අයි සිත්තරේ කතන්දරේ
Deleteමේ ලගදි එකෙක් මට කියනවා ....තෝ අලියෙක් වාගෙලු ....මං හිතුවේ මහත හින්දා කියනවා කියල ....පස්සේ වෙන එකෙක් තමයි අරු කියපු එක තේරුම් කරේ....
හැඟීම් සහ දැණීම් උඩු යටිකුරු වෙන අවසානයක්. කවුරුවත් අත නොගහපු මාතෘකාවක්.
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ අන්තිම ඡේදය මේ තරම් ගොරහැඩි නොකර පොඩ්ඩක් පොලිශ් කරානම්...තෝ තමයි රජා කියලා.
පොලිශ් කරල කියහං එහෙනං බලන්ඩ
Deleteඅඩෝ මාව හොල්මං උනා බං. මේවනෙ කතා.මම මේක හත් අට සැරයක් කියෙව්වා.
ReplyDeleteහෙහ් හෙහ් ඔයත් හොල්මං උනා කියන්නේ මොකක් හරි ඇත් තමා
Deleteපට්ටයි.
ReplyDeleteරගුපති රාගව රාජා රාම්
Deleteඅටමගේ මේ ලිවීමේ මෝස්තරයට මම කැමතියි බං. මේක බ්ලොගියේ අටමගේ සලකුණ.
ReplyDeleteජයවේවා!!!
දෙබස් වලිං ලියන එකට මං හරි මනාපයි
Deleteජ ය වේ වා !!
ReplyDeleteඑලකිරි
හොදිං මැනේවා
Deleteබ්ලොග් කියෙවුවට කමෙන්ට් නොදාන මට මේක කියෙවුවට පස්සේ කමෙන්ට් එකක් නොදා ඉන්නම බැරිවුනා.ඊයේ රෑ මුඩ්ඩා එක්කත් කතාකලා මේ කතාව ගැන. මේක පට්ටයි බං
ReplyDeleteතොපි දෙන්නා එකතු උනා කියන්නේ මගේ පතුරු අරින්ඩ ඇති
Deleteඒ ඇයි බං උඹ ඔය රූපේ කණ්ණාඩි දෙකක් දාලා ඉන්නේ.... දැන් පේන්නෙම නැද්ද බං........ අනේ උඹ වයසට ගිය තරමක් නේද???????? කතාව නං සුපිරියි ඈ....... පොට්ට වුණත් හොදට ලියලා.....
ReplyDeleteඔය අර මදුරුවගේ කන්නාඩි දෙක , ඒකා මට ඒක බලෙං දැම්මා
Deleteමෙන්ඩිස් ඔල්ඩ් එකක් එක්ක මේ කතාව වෙනස් විදියට අහන්න ලැබුණේ.
ReplyDeleteපව්!!!
අපි මක්කා කරන්ඩද
Deleteඋඹ හිතන්නේ මං මේක කී පාරක් කියෙව්වා කියලද... අඟුරු වචනේ අවුලක් නෑ බං! ඕක තමයි ඔය වෙලේ අනිවා කියව්වෙන්නේ...
ReplyDeleteමල් හතයි!
මටත් වෙන වචනයක් හිතෙන්නැ
Deleteදෙසැරයක්ම කියෙව්වා... සුපිරි මේක...
ReplyDeleteඉස්තුතියි
Deleteකාලෙකින් බ්ලොග් කියවන්න ආවම ඉස්සෙල්ලම දැක්කෙ මේ කතාව.අගෙයි අටම්.....කියවන්න ආස හිතෙන විදියක්
ReplyDeleteකාලෙකිං නේන්නං දෙන්නම
Deleteනිකම්ම බල්බ් එකක් පත්තු කලහම වගේ නෙමේ පිටිපස්සෙං අවතල කණ්නාඩියත් තිබ්බහම ටෝච් එකේ වගේ බල්බ් එහෙක එලිය...
ReplyDeleteකල්පනාව නාස්ති කරගන්නෙ නැතිව මේ ලියන කලාව පිළිවෙලකට කරහං බං
බ්ලොග් අස්සෙම හිරවෙලා ඉන්ට එපා
දැං දැං විකුණන්න තියන නවකථා කෙටිකථා පරිවර්තන පොත පත බලහං මෙලෝ රහක් නෑ...
ටිකක් හිතල මතල කාරිය අතගහපං පොතක් ලියන්ට... කෙටිකථා පොතක් වුණත් කමෙක් නෑ...
ප්‍රතිභාව ලේසියෙන් කෙනෙකුට පිහිටන්නෙ නෑ..
උඹේ පළමු ලියැවිල්ලෙන්ම මම නම් දුටුවා ඒක...
එහෙම අදහසක් තියනවා ඉස්සරහට බලමු
Deleteකතාවේ ගොඩක් දේවල් හැංගිලා ... කියවන අයගේ පරිසරය හා පසුබිම අනුව හිතට එන තේරුම වෙනස් ... හොඳ කෙටි කතාවක් ... හැබැයි මේක අටං කතාවක් කියල දිය සලකුණ තිබ්බ වගේ කතාවට වැඩිය අදාල නැති කක්ක කෑල්ලකුත් අමුණල !
ReplyDeleteඉතිං බං කක්කනේ ...මක්වෙනවද
Deleteසිරාවටම බොක්ක cool වෙනවා අප්පා
ReplyDeleteහෑ ඒ මොකැ
Deleteඒකෙත් හැටි අම්මපා
ReplyDeleteඅගුරු වෙච්ච එකේද
Deleteඅටමා යථාර්තවාදී රීතියට අනුව ලියුව හොඳ කෙටි කතාවක්. ඒක ඒ හැටියටම අමුවෙන්ම හැඟීම් වලට පහර දෙන එක තමා ඔය රීතියට වැටෙන්නේ. මේක අමුයි. රොමැන්ස් එක නැහැ. නමුත් තිත්තමිනිස් අත්දැකීම. මම පොතක් මම කියවල තියනවා. මස්සින පණපිටින් පුච්චපු අරාබි කෙල්ලෙක්. එකී පස්සේ ජිවත් වෙලා කටහ්ව කියනවා. නම සවුඩ්. පොතේ නම බර්න්ඩ් අලයිව් - කවුරු හරි සිංහලට පරිවර්තනය කරලා තියනවද දන්නේ නැහැ.
ReplyDeletehttp://www.goodreads.com/book/show/386990.Burned_Alive
උඹේ කතාව ඔය ඇමෙරිකන් රියලිස්ම් ෂෝර්ට් ස්ටෝරි ගනයේ වගේ සමහර විට.
මෙතැන ගොඩක් තියනවා: https://www.diigo.com/list/jhs-clarklibrary/American+Realism%3A+Short+Stories/1obccm3c9
හම් මං ඔව්වා දන්නැ බං ...හිතට එන එක ලියනවා
Delete
ReplyDeleteපලවෙනි සැරේට ආවේ. මේ කතාව ගැන යාලුවෙක් දුන්න ආරංචියකින්. සුපිරි ලියවීමක්. සුභ පැතුම් !
යාලුවෝ දෙන්නටම ස්තුතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක මරු බං අයියේ.. පට්ටම කාලෙකින් කියවන්න ඇවිත් කියවපු පළවෙනි එක. ජය
ReplyDeleteඅටං අපේ බ්ලොගය පැත්තට ටිකකට එනවද??????? ඒකේ මොකක් ද තාක්ෂණික දෝෂයක් තියෙනවාලු.... අරූ තමා කිව්වේ උඹම තමා මේකට හරියන්නේ කියලා........ නිදහසක් තියේනං ඇවිං යමංකෝ.........
ReplyDelete