2017-09-27

කූඹියෝ වෙනුවෙන් මගේ මෙව්වා ඒක





මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම  උනන්දුවෙං බලාපු.


පස්සේ  පස්සේ  ඉතින් අන් සැපතට  බාදා  කරන්ඩ හොද නැති හන්දා , උඹල  ඕන එකක්  බලාගනිල්ලා  කියල අපේ  ලොකු  එකීටයි  මහ එකීටයි ඕන  එකක් කරගන්ඩ දීලා බ්ලොගක් කියවාගන හිටියා.

සෝචණියයි   කියහල්ලකෝ  අපේ ලොකු  කෙල්ල  ටික  දවසකින්   මම   මොනවහරි  කියුවහම මට  කියනවා

‘‘ ඔබ  මේ  සැබැවක්ද   පවසන්නේ ‘‘

අනාතයි   .... මේකි   පට්ට   කොරියන් වෙලා ........... ඉතින්  අපේ  උන්දැට  කම්ප්ලේන්  කරනවා

‘‘ ඔය මල ජරාව මං නං  බලන්නේ  නැ  ... අහවල්  චැනල් එකේ යනවා   සෝක්    කතාවක් ...  මට  ඒක බලන්ඩත් නැ....  ඕකී  බලන්නේ  ඔය  .... මටත් අප්පිරිය කතා        (නැති )    එව්වා  ...  ඒකම  බලන්ඩ ඕන  කියලා  මට  වද දෙනවා   මං ඉතින්  මගේ  වැඩක්  කරගන්නවා ‘‘


තත්වේ  තවත්  සෝචණියයි  පොඩි  එකි  ආවට   පස්සේ   ... ඝණ පූර්ණය හරිනේ   දෙකයි දෙක  ...  වැඩි ඡන්ද  නැතුවට   අපේ  ආදරේ   බර  දාල   උන්  දෙන්නා  උන්ට  ඕන දේ   බලනවා

‘‘ තාත්තේ   මම  ෂේශා   ... අක්කා ... ෂිවන්‍ය  ...  අපි   දෙන්නා  ඔයාව  හද නැති   දවසක  දෂ්ථ   කරනවා ‘‘

මොන හුයන්නකද   මේ  ....  දෙන්නම  නැති   දවසක  ,  ඇන්ටනා කේබල්   එක  ගලවලා   ටීවී  එක   ටියුන්  කරලා  ........  බූස්ටර්  පවර්  සප්ලයි එකේ   අවුට්  පුට්  එක  කට් කල ....

ටීවී  එක  කැඩිලා   .... තාත්තට  සල්ලි   නැ  අලුත්   එකක්   ගන්ඩ

( මං  නැති  අල්ල පනල්ලේ  ඕකුං  දෙන්නා  කාට හරි   කියලා  ඕක   හදවගනද  දන්නෙත් නැ )

ඉස්සර  ලස්සන  නිර්මාණ  බලලා  ,  ලස්සන  පිට රට කතා සබ්ටයිටල්   එක්ක  බලලා  සිංහල  ටෙලිනාට්ටි  එපා වෙච්ච මට ..........(  ඔව්වා  හදන  රස්සාවත්  කාලයක්  කරලා )........... අමුතු  කිචියක්   හැදුනා  ...... කූඹියෝ..... ගැන  ....බුකියේ   කියල  තියන  දේවල් දැකලා ....ටීවී   බලන්ඩ වෙලාවක්   ඇතැ  ....වෙලාව  හදාගත්තත්  ටීවී   ඇතැ ....ගූගල්   කරලා   බැලුවා   ....  එපිසොඩ්  ....  සැහෙන ගානක්  තිබුනා  ..... හතරක්  පහක්   බැලුවා  ....ටීවි  එකේ  විනාඩි තිහ හතලිහ   ගියාට ...එක එපිසෝඩ් එකක් විනාඩි  පහලවයි   .. දාසයයි ....  පට්ටයි   බං ලා ...  මේක   සිංහල  ටෙලිනාට්ටි   කලාවේ   ටර්නින්ග් පොයින්ට්   එකක් .....  කැමරාමන්  කවුද  , ඩිරෙක්ටර්   කවුද  ,  පිටපත්  රචකයා කවුද  ,  ආට් ඩ්රෙක්ටර්  කවුද  , දෙබස්   කාගෙද.........   මම  හෙව්වේ   බැලුවේ   වත්  නැ  ..... ඒතරමට   පට්ටයි .....  ඔව්වා   හොයලා   මොටද   රස  මරාගන්නේ    .....  පට්ටයි   *ත්තෝ.

තෝරාගන  තියන  නලු  නිලි  සැට්  එකත්  පට්ටයි .... ආයේ   ලොවෙත්  නැ





ජැක්සන්   ලොක්කගේ   අයිය  නං   ජැකාව   ෆලෝ  කරනවද   මංදා   ....  එමම   වෙන්ඩ  හදනවා  කියලයි හිතුනේ............DNA............... හින්දා එහෙම   වෙනවා   ඇති  සමහරවිට       ,  ඌත්  හොදයි   ... දෑ  ඉන්න  පකරින්තුවන්ට     වැඩිය  ....  ඌගේ   ගෝලයා   ට්‍රන්ස්පෝටර්   ස්ටැතම්  කාරයාට   ගොඩක්  ලගයි  ( පෙනුමෙං  ඈ  ) 

ඉපදුන  ගමං  අම්මගෙන්  බෙල්ල මිරිකුවේ   නැත්තේ  ඇයි   කියල   අහපු  ඩයල්  එකත් මරේ මරු  ... අර  අළුත්  පරපුරද  මොකක්ද එකේ පොර  ...  ඔව්  ඔව්   අර  සමනලිත්   හිටියේ ....  එයාටනං   බයින්ඩ   එපා .... මං  ඔය  හස්ත  කරුමාන්තයක්   කරත්   එයාව  මතක් කරලා තමයි   කරන්නේ  .... පරක්කු  උනොත්  .... අර  පියුමි  ළමයව  මතක්  කරනවා   ..... හාද ..

තෝරගන   තියන  ඇක්ටර්ස්ලනං  පට්ටයි .....  අනික  තමා  අර  ඩබලගේ   ගුබ්බැයමේ   ලොකේෂන් එක  ....  බය  නැතුව  වෙනසක්  කරලා   තියනවා  ....



තුමිදු  ගේ   නරි  ඇස්  .... නියමෙට   ගැලපෙනවා   ඌ  ඇට් කරන  චරිතයට....



මොන මගුලක්   හින්දද  මන්දා  මට  මතක්  උනේ  මේක   බලනකොට  ....  ලියනාඩෝ   ඩී  කැප්රියෝගේ  ....කැච්  මී  ඉප් යු කෑන් ..... ඒක  ලැබුනානං  ... තුමිදු   ඊටත්   වැඩිය  හොදට  කරයි  .


මට   හිතුනේ   උෟටත්  වැඩිය  පොර   .... අර  මහඋල්පත්ගම  ද  මොකක්ද  නම  තියන  ඩයල්  එක  ....  මේක  ලියාපු  කෙනා   මා දිහා  බලාගන  ලියලද  කොහෙද.    .... ඒකා  මං   වගේමනේ.




ඔය  ටෙලිය  කරන  රත්තරං  පුතාලට  මට  කියන්ඩ  තියෙන්නේ  මෙච්චරයි

සල්ලි  තණ්හාවට  වැදමහවාගේ  දිගට  ඇදගන  යන්නේ   නැතුව  .... මිනිස්සුන්ට මැරෙනකං   මතක හිතෙන  අවසානයක්   එක්ක  ලස්සනට  ඉවර   කරලා .... ඔය වගේ  තවත්  ලස්සන කතාවකට   පලයව්.


38 comments:

  1. කූඹියෙක් දැකලා හරි බ්ලොග්එකක් තිබුනා කියලා අටමාට මතක්වුන එකට කූඹින්ට අපේ හදපිරි මෙව්වා එක........

    ReplyDelete
  2. අපේ ගෙදර නම් මම දැන් ඉන්දියන් කථා බැලීම තහනම් කරලා තියෙන්නේ.

    ReplyDelete
  3. තොගේ පස්සපැත්ත කූඹියෙක් කෑවද බ්ලොග් එක මතක් වෙන්න.
    මටනං ඔය මළඉලව් මොකවත් ටීවී එකේ බලන්න වෙලාවක් එන්නෙ නෑ.
    උඹ කිවුව හින්ද නෙට් එකෙංවත් බලන්නං.

    ReplyDelete
  4. ඒක කියන්නවත් පෝස්ට් එකක් දාපු එක ලොකු දෙයක්.
    සිංහල පිල්ම් බලන්නෙ නැති මම අහම්බෙන් වගේ මෝටර් සයිකල් පිල්ම් එකක බලපු වෙලාවෙත් මට ආවෙ ඔය හැගීමම තමයි

    ReplyDelete
  5. ටයිටල් එක දැක්කම හිතුනෙ මෙයාගෙ මෙවුව එක කුඹීකාලවත් දෝ කියල.

    ReplyDelete
  6. කූඹියෙක් කිති කැවීමෙන් අවදි වූ අටංට ජයින් ජයම වේවා

    ReplyDelete
  7. //පට්ටයි බං ලා ... මේක සිංහල ටෙලිනාට්ටි කලාවේ ටර්නින්ග් පොයින්ට් එකක්//
    එකඟයි. ලොකු ඉඩෝරෙකට පස්සෙ වැස්ස වැස්සක් වගේ.

    ReplyDelete
  8. අම්මටසිරි අටමා..!! 😳..!! මමත් අහම්බෙන් වගේ කුබියෝ බලන්න පටන් ගත්ත. අර මහඋල්පත්ගම එකා ගෙ නං පට්ට ඇක්ටින්. අර A/L ඉවරයි එකෙත් ඌ පට්ට.
    👊🏽

    ReplyDelete
  9. දැන් එතකොට ටීවි එකක් නැත්තෙ මට විතරද??

    - ජෑ මා කාලී -

    ReplyDelete
  10. මාත් බැලුවා දැනට ගියපු ටික. දිලිසෙන සුකුරුත්තම් වැඩ නැහැ. හරිම තාත්විකයි. ගොඩක් දෙනෙක් හොඳ කිව්වේ අර mind palace scene එකට මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ, මොකද්ද ජැක්සන්ගේ අයියගේ සම්බන්ධෙ මේකට?

      Delete
    2. එයා රගපානවා මාෆියා බොස්ට

      Delete
    3. සේනක ටයිටස් මම හිතන්නේ ජැකාට කලින් ෆීල්ඩ් එකට බැස්ස කෙනෙක්

      Delete
  11. අටමෝ.....මේ උඹේ ගොන් පෝස්ට් එකට මම හරිම කැමතියි. වෙල් ඩන් අටමා.

    කූඹියෝ කියන්නේ , මේ අන්ද මන්ද සමාජ බහුභූතය, අපේම සහ තොපේම කර නැරඹිය හැකි සුවිසාල පොල් රොටියකි. දැන් එයට උවමනා වන්නේ යථාර්තය හඳුනාගත හැකි ලුනු මිරිසක් පමනි. මා හොඳින් රසවිඳිනා මේ ටෙලියට, පූර්වාදර්ශ දුන් තවත් නාට්‍ය බොහෝය. ඒ ලෙවල් ඉවරයි, විභාග ෆේල්. සිල්ලර කාසි, ආදි බොහෝ නිර්මාන තුලින් එය අග්‍ර ගන්‍ය විය. අමුතු මිනිස්සු නම් ටෙලිනාට්‍යය, රන්ම්මිනිතැන්න වැනි අති කෘතීම පසුබිමක නොකලා නම් ඒය ප්‍රභල තිර පිටපතකි. ගංගු රොශානේගේ රංගනය විශිෂ්ඨය.
    මේ දේවල් ගැන ලියන්නට නම් බොහෝ දේ ඇත. කූඹියෝ හා ඇවිදින්නට මම බොහෝ කැමැත්තෙමි... මම සහ මඟේ බිරිඳ එහි ඇවිද යන්නෙමි. ඒ අන් කිසිවක් නිසා නොව අප දෙදෙනාද කුහුඹුවන් නිසා වෙන්නෙමු. අඩ සියවසකටත් වඩා මහළු අපි දෙදෙනා, තොපේ රංගන චමත්කාරය එදා අප විඳි රසයෙන්ම රස විඳුන්නෙමු. ටොප් වැඩක් . ටොප් ක්ලාස්ස් රංගන මවන්නන් හා සමගින් අප සමාධ්ය ගත වෙන්නෙමු.

    ලක්සිරි ධර්මරත්නලා, ලක්මිණි අමරදේවලා සහ තව බොහෝ අය විය යුත්තේ කිමැක්දැයි දණී. සුමිත් රත්නායකලා නිහ්ඬව ඒ රාජකාරියේ යෙදේ. මේ ඇරඹෙන්නේ ටෙලියෙ හරි කාලයයි සිතන්නෙමි. මේ අපි දකින්නේ ඉඩෝයට වරුසා පමනි. ඔබ අවධිමත්වන්න. මොවුන් දිරිමත් කරන්න!!!!!!!!!

    අටමා...මම හරි කැමතියි මේ කමෙන්ට් එක ඒ නිර්මාණ කරුවන්ගේ ඇස ගැටෙන මානයක තියන්න පුලුවන් නම්. ඒ මගේ දිරිමත් කිරීම පෙන්වීම උදෙසා.

    ReplyDelete
    Replies
    1. /////අටමා...මම හරි කැමතියි මේ කමෙන්ට් එක ඒ නිර්මාණ කරුවන්ගේ ඇස ගැටෙන මානයක තියන්න පුලුවන් නම්. ඒ මගේ දිරිමත් කිරීම පෙන්වීම උදෙසා.//////////

      වෙන මුකුත් නිසා නෙමේ අටමෝ....මම ෆේස්බුක්වගේ අටම්පහුරුවල එහෙමෙහෙ නැති නිසා.

      Delete
    2. හරි හරියයට මාරසිංහ ගේ මාර කොමන්ට් එකක් වගෙනේ මේ කොමන්ට් එක පුහු.!

      Delete
  12. අද මමත් බලන්න පටන් ගත්තා... තාම කොටස් දෙකයි.. දැනට නම් මරු

    ReplyDelete
  13. මටත් බලන්න හිතුන එත් මේක දැක්කම තව එක වැඩි උනා

    ReplyDelete
  14. ඒක හොඳයි තමා එත් පොඩි එකා පාඩම් නොකරන නිසා ගෙදරින් බාල්දි ටීවි දානකොට

    ReplyDelete
  15. මමත් TV සීරිස් එකක් බලන විදියට බලන්නේ ඒ තරමට වැදුනා

    ReplyDelete
  16. යකෝ එතකොට මං ඉතරද මේක නොබලපු එකා. සමාජයෙං කොං වෙයිද? මාත් කඩියෙක් හරි දිමියෙක් හරි ඇඹලයෙක් හරි බලාගන්නව.

    ReplyDelete
  17. ටීවී එක අභින්ෂ්ක්‍රමනය කර ඇත.සුද්දා සී ස්ටුඩියෝ හා ගේම් චැනල් වලය.නැන්දම්මා අසෝකයාගේ හතුමුතු පරම්පරාවම හොයං දැන් උන්දැගේ සීයාටත් ලයින් දමමිං හිදී.මට ඉතිරි ලැප විතරය.පුළුවං නං චැනල් එකයි වෙලාවයිත් දාපල්ලා.අවම බලේ පාවිච්චි කරලා එක පැය බාගෙකට හූනියං පෙට්ටිය මගේ අතට ගන්ඩ

    ReplyDelete
  18. දැන් කූඹියො හැම තැනම.එහෙ බැලුවත් මෙහෙ බැලුවත් කූඹි...

    ReplyDelete
  19. \\සල්ලි තණ්හාවට වැදමහවාගේ දිගට ඇදගන යන්නේ නැතුව .... මිනිස්සුන්ට මැරෙනකං මතක හිතෙන අවසානයක් එක්ක ලස්සනට ඉවර කරලා .... ඔය වගේ තවත් ලස්සන කතාවකට පලයව්.\\

    මේ කථාවටනම් මම එක පයින් කැමතියි. මමත් කියන්නේ එකමයි. මේ කූඹියෝ කථාවනම් මම් බලලා නෑ. ඒ කොහොම් වෙතත්, ලංකාවෙ, ඉන්දියාවෙ, ඉවරයක නැති, එක තැන කැරකෙන දිගු නාට්‍ය වලට මගෙන් කැමත්තක් නෑ. කොරියන් කථා හරි ලස්සනයි. ඒත් ඒවා ලංකාවෙ පෙන්නන විදියෙන් ඒවගෙ තියෙන ගතිය නැති වෙනවා. ඒ කථාවක එක කොටසක් පැයක් වගේ දිගයි. පටන් ගන්නෙත් ඉවරවෙන්නෙත් හරි සුන්දර විදියට, යම් ගැලපීමක් එක්ක. එහෙම කථාවක් කිසිම ගැලපීමක් නැතිව කොටස් හතරකට පහකට කඩලා පෙන්නනකොට හිතෙන්නේ එකතැන කැරෙකෙනවා කියලා. සිංහලට හඬ කවනකොට ඒකෙ තියෙන ගතිය තවත් අඩු වෙනවා. ශබ්ද රසය බින්දුවට බහිනවා. කොහොම නමුත් ඒ කථාවල අගක් මුලක් තියෙනවා, උසස් බවක් තියෙනවා. ලංකාවෙ පෙන්නන විදියෙන් ඒම පේන්නේ නෑ. නමුත් ඔන්ලයින් කථාවක් හොයන් වැලුවොත් මම කියන දේ තේරේවි.

    ReplyDelete
  20. මේ ටෙලි නාට්‍යය ගැන යහපත් පෝස්ට් හා කමෙන්ටු දැක බලන්න ඕන කියල හිතුවා. යන්තම් එක ටෙලි නාට්‍යක්වත් වගුරෙන් ගොඩ එන්න බලනවානම් ලොකු දෙයක්.

    ReplyDelete
  21. මේ දවස්වල පෙන්වන විකාර නාට්‍ය තොගය අතරේ මෙහෙම බලන්න පුළුවන් නාට්‍ය කීපයකුත් විකාශනය වෙනවා. එකට පිටපත හා රගපාන ශිල්පීන් වැදගත් වෙනවා. තුමිදු දොඩන්තැන්න කියන්නේ වේදිකාව සිනමාව තරණය කල අයෙක් විශේෂයෙන් වේදිකා ශිල්පීන් මාලා නාටකයක රඟපාන කොට ඒ අය කැපී පේනවා
    විචාරක දියණිය

    ReplyDelete
  22. රුපාවාහිනියේ යන නොයෙකුත් විකාර නාට්‍ය හමුවේ දැන් දැන් බැලිය හැකි නිර්මාණයන්ද ඉදිරිපත් කෙරේ. එවැනි මලා නාටක අතර කූඹියෝ ද දැකිය හැකිය.
    තුමිදු දොඩන්තැන්න මාලා නාටක වලට පැමිණෙන්නේ සිනමාව හා වේදිකාව තරණය කිරීමෙන් පසුවය . තිර පිටපත හා වේදිකා ශිල්පියෙක් මාලා නාටකයක රඟපානවිට එයට ලැබෙන ජවය පුදුම සහගතය.එම නිසා එය මේ දිනවල කූඹියෝ මාලා නාටකය සුවිශේෂී වේ.
    විචාරක දියණිය

    ReplyDelete
  23. ඕක 2014 ගහපු කතාවක්ලු බන්. මල් ගතියක් නැහැ කියල විකුණා ගන්න බැරි වෙලා.
    අන්තිමේ අවුරුදු ගානකට පස්සේ ITN එකෙන් අරන්.

    https://www.facebook.com/groups/koombi.gula/

    ReplyDelete
  24. මටනං කූඹියෝ යනු උස්සා තබන ලද තවත් එක් අඩු නරක ටෙලියක් පමණි. මෙහි තේමාව සහ කතාව ගලා යාම ටිකක් වෙනස්ය. නමුත් එහි ඔය කියන මාර මෙව්වා එකක් නම් නැත. හේතු ඇති පදමට කූඹිගුලේ කියා තිබේ

    ReplyDelete
  25. මෙම ටෙලිය 2014 දී ශූට් කරල තියෙන්නෙ.. එපිසෝඩ් 58 ක් තියෙනවා..

    ReplyDelete
  26. අටමො බ්ලොග පාලු වෙන්න නොදි මසෙකට එකක් හරි මොකවත් ලියපන් බන්.ආසාවෙන් කියවපු බ්ලොගක් මෙක

    ReplyDelete
  27. කූඹි හොඳයි. ඉතා හොඳයි! තව කූඹි ඕනෙ අපට. රතු කූඹි, නිල් කූඹි, කහ කූඹි, කඩි, දිමි සේරම නම් වලින් මේ වගේ තාත්වික නිර්මාණ කරන එක වැදගත්.

    ReplyDelete
  28. පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කුබියෝ...
    ඒ ටිකම ඇති ( බාල බැලුවේ යු ටියුබ් එකෙන් )

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>