මේ මෙෂින් එක සිරුබා නුල් හතරේ ඔවර් ලොක් මෙෂින් එකක් , මේ මෙෂින් එක අවුරුදු 15 විතර අලුත්වැඩියා කරන්නෙකුට පෙන්වන්ඩ උවමනා වෙලා නැ , ඒක හරිම වාසනාවක් ඒතරම් කාලයක් කිසිම අලුත්වැඩියාවක් නොකර දුහන්ඩ ලැබුන එක , ඒකට හේතුවකුත් තියනවා ..ඒ නෝනා වසර විස්සක් විතර ඇගලුම් කර්මාන්ත ශාලාවක මහන යන්ත්‍ර වල වැඩකරපු කෙනෙක් ... ඉතින් පොඩි පොඩි ලෙඩ වලට දෙන්න ඕන බෙහෙත් එයා දන්නවා .. මේක එයා ගෙදර පාවිච්චියට ගත්ත එකක් , දැනට වසරකට විතර කලින් එකපාරටම හිරවෙලා පැත්තකට කරපු පාර අල්ලලාවත් නැ ..එහෙම පැත්තකට කරලා තියෙන්නේ ... .. මහ මහ ඉන්නකොට එක පාරටම හිරවෙලා. ඒ දැම්ත් හරි ඒ පැත්ත බලලාවත් නැ ...
ඊයේ පෙරෙයිදා දවසක බොක්කේ පිට් කස්ටමර් කෙනෙක් කතා කරලා කියනවා
අයියේ නුල් හතරක් තියනවා දාපු ගමං බෙල්ට් එක කඩලා ගියා
ඔයාගෙද
නැ අපේ නැන්දෙකුගේ
මේ අමාරු කාලේ ඒක ලොකු ගානක් කියලයි මටනං හිතෙන්නේ ......
එහෙම නොවී ඒ නෝනට තියන දැනුමත් එක්ක ලස්සනට පාවිච්චි කරන්න තිබුනා මෙෂින් එක
ඔයාලට හිතෙන්නේ ඒ නෝනා දන්න කෙනෙක් වෙලත් අතපසු උනේ මොකක්ද.
එයා අතපසු කරගත්තේ නියම කාලයේදී ඔයිල් මාරුකරන එක
එයා කියන විදිහට පිට කොටුවේ ලාබ නිසා ලිටර් හතරේ කෑන් එකක් ගෙනත් තියාගන දිගටම දැම්මලු අඩුවෙනකොට ...
ඔය පින්තුරවල පේනවා මෙෂින් එක අඩියේ මිලිමිටර් අටක් දහයක් විතර ඔයිල් කායං බැදිලා තියනවා ....
ඔහොම බැදෙනවා එහෙට්ට මෙහෙට්ට යන වටේට කැරකෙන පාට්ස්වලත් ... මෝටර් එකත් හරිම අමාරුවෙං හිර මෙෂින් එකක් ඇදගන දුහලා අබලං වෙලා...
ටිකක් හිතන්න
ඔයිල් ටික ටික එකතු කරන්න එපා , තියන ඔයිල් අයින්කරලා , ෆිල්ටර් තියන මෙෂින් එකක් නං ඒකත් සුද්ද කරලා .... එහෙම බැරිනං .. ෆිල්ටර් එක සවුත්තු වෙලානං ඒක මාරු කරලා ... මෙෂින් එක සුද්ද කරලා ... නිෂ්පාදකයා ... අනුමත කරන ඔයිල් වර්ගයෙන් ... අනුමත කරන ප්‍රමාණය යොදන්න
( මේකත් හරි දුකයි ... අනවශ්‍ය සැප දෙන්ඩත් එපා ... මෙෂින් තියෙන්නේ අපේ වැඩ පහසුකරගන්ඩ ... ඕනවට වැඩිය සැප දෙන්ඩ ඕනත් නැ ... අවශ්‍ය දේවල් විතරක් කරන්න )
මයෙ හිතේ හුඟක් අයට සෙතක් වෙන කාරණා පොකුරක් මේ!
ReplyDeleteපාංකඩ පමුණුවටත් වැදගත්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි බං මොකක්ද මැතුවේ
Deleteවාහනේක උනත් ඔයිල් අයින් කරන්නැතුව පිරෙව්වොත් ඔය වැඩේ තමයි වෙන්නෙ.
ReplyDeleteනෝනට ඔයිල් මාරුකරන්න කියල දෙන්න කෙනෙක් හිටියෙම නැද්ද එතකොට. හැක්..
ඉදලා නැ වාගේ නේද
Deleteමොනව නැතත් ඔයිල් මාරු කරන එක වෙලාවට කරන්න වුවමනයි. නැත්නම් අවුල්.
ReplyDeleteනැත්තං වාත අමාරු වැඩිවෙනවා නේද
Deleteහොඳමයි
ReplyDeleteසතුටුයි
Deleteඔයිල් කූරක් නැතෙයි ඒ ගෙදර ළඟ පාතක?
ReplyDeleteඋඹත් දැං ගානට හැදිලා නේද ... රට රට වල රස කෑම කාලා
Delete