Sewing machine එකේ වාඩිවෙලා මහද්දි කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාද
දීර්ගකාලීනව මහන අයත් එක්ක වැඩ කරලා ලැබුන අත්දැකීම් එක්ක , ඒ අයගේ බෙල්ලේ වේදනාව , කොන්දේ අමාරුව , උරහිස් සහ අත්වල වේදනාව , කකුලේ ඉහල කලවා ප්‍රදේෂයේ වේදනාව , සහ විලුඹ අවට වේදනාව , කියන හැම අපහසුතාවයකට හේතුව මෙෂින් එක උස වැඩි වීම , සහ ඉදගන්න පුටුවේ උස නොගැලපීම කියන කාරනාව මේ වෙනකොට මට හොදහැටි අවබෝදවෙලා තියනවා.
ඒ ගැටලුව තියන මගේ සේවාලාභින්ට මම දෙන විසදුම් ටික මේ විදිහට මෙතැනට එකතු කරන්න හිතුවා , ඔයාලත් කරලා බලන්න.
සාමාන්‍ය ස්ටැන්ඩ් තියන මෙෂින් එකකදී නං මෙෂින් එකේ උස වෙනස් කරන්න බෑ , එතනදී අපිට කරන්න පුලුවන් ඉදගන්න පුටුව වෙනස් කරන එක , එතනදි හම්බ උන හොදම පිලිතුර තමයි , කුෂන් රහිත ,සීරුමාරු කරන්න පුලුවන් පුටුව. කුෂන් තියන පුටු සහ පුටුවට අමතරව කොට්ට එකතු කරගැනීමත් නරකයි , මම දැකලා තියනවා කුෂන් සහ කොට්ට නිසාත් අපහසුතාවයන්ට ලක්උන අය.
පිටිපස්සේ හේත්තුවෙන ඇන්ද තියන එකක් වෙන්න ඕන ඒ පුටුව , එතකොට මහන අතරේ ලැබෙන සුලු විවේකයන්ගේදී පිට හේත්තු කරලා කෙලින්වෙලා ඉන්න එකෙන් බෙල්ලට , අත් වලට , උරහිසට සහ කොන්දට සහනයක් ලැබෙනවා , පුටුව එජස් කරගන්න තමන්ට පහසු විදිහට.
පැඩල් එක පාගලා මහනවනං මෙෂින් එකේ හිරයක් හෝ බෙල්ට් එකේ තද ගතියක් තියනවනං පාදයේ වේදනා ඇති වෙනවා , මෙෂින් එකට මෝටර් එකක් හයිකරලා නං , කවදාවත් පාගන පැඩල් එක උඩින් මෝටර් කන්ටෝලර් එක තියා ගන්න එපා
මෙෂින් එක අස්සක මුල්ලක වෙනත් උපකරන , බඩුගොඩවල් , ගෘහභාන්ඩ ලගින් තියාගන ඒවායෙන් බේරෙමින් වැරදි ඉරියව් වලට ඉන්න එපා
මෙෂින් එකේ ඉන්න ගමං යම් යම් දේ ගැනීම පිටු පසට ඉදිරියට හෝ දෙපසට අනවශ්‍ය විදිහට .. ඇලවීම හෝ දිගඇදීම කරන්න එපා , අලසකම අමතක කරලා නැගිටලා උවමනාදේ අරගන්න , එක දිගටම මෙෂින් එකේ ම ඉන්න එපා ටිකක් නැගිටලා ඇවිදින්න.
මට හමු උන ගොඩ දෙනෙකුට තිබුන අපහසුතාවය නැති උනා මේ විදිහේ පුටු පාවිච්චියට ගත්තහම , හැබැයි ඉදගන්න කොටසේ කුෂන් එකක් තියන ඒවා නෙමෙයි , අමාරුයි කියලා කොට්ට තියාගන්නත් එපා , ඒක විසදුමක් නෙමෙයි. සමහර අයට කොට්ටය හෝ කුෂන් එක ඉවත් කලහම අපහසුතාවය මගහැරුන වෙලාවලුත් තියනවා.
හිස ඔසවා බැලීමේදි හැකි තරම් දුරක් ඇසට දර්ශනය වෙන තැනක මෙෂින් එක තියාගන්න , වරින් වර මහන එක නවත්වලා ටික වෙලාවක් තමන්ට පෙනෙන ඈතම තියන ගසක් වාගේ වස්තුවක් දිහා හොදින් ඇස්පිය හෙලමින් බලාගන ඉන්න , බෙල්ලේ , කොන්දේ වේදනාවන් විතරක් නෙමෙයි ඇස්වල ඇතිවන අපහසුතා නැතිකරගන්නත් පුලුවන් , වැඩිකාලයක් පාවිච්චිකරන්න ඇස්දෙක පරිස්සං කරගන්නත් පුලුවන්
මෝටර් කන්ටෝලර් පාගන පැඩල් එක උඩින් තියාගන්න එපා.
මෙෂින් එකේ ඉදගන අතේ යට කොටස මෙෂින් එකේ ටේබල් එක උඩින් සමාන්තරව තියාගත්තහම , වැලමිට ලගින් අංශක 90 ට තියෙන්න ඕන , අතේ ඉහල කොටස සිරුරට ලම්ඹකවත් වැලමිටෙන් පහල කොටස මෙෂින් ටේබල් එකට සමාන්තරවත්අපේ සාමාන්‍ය උසත් එක්ක ගත්තහම පොලවේ ඉදන් සෙන්ටිමීටර් 75 උසින් මෙෂින් එකේ බෙඩ් එක තියන එක තමය හොදම උස , බොහෝවිට ජුකි මෙෂින් මීට වඩා උසින් සහ පහතින් සවිකරලා තියනවා දකින්න පුලුවන්
මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ , ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන
මහනකොට විතරක් නෙමෙයි මොන වැඩේ කරද්දිත් නිවැරදි ඉරියව්ව වැදගත් , නැත්තං දීර්ඝකාලිනව අපහසුතාවන්ට ලක්වෙන්න වාගේම , සුවකල නොහැකි ආබාධයන්ට ලක්වෙන්නත් පුලුවන්.
0778707807 - ලක්මාල්
පශ්චාත් 80 දශකයේ ගණිත මානයේ ආදරයෙන් ඉතිරි කොටසක්ද මේ
-
*පශ්චාත් 80 දශකයේ ගණිත මානයේ *
*ආදරයෙන් ඉතිරි කොටසක්ද මේ*
;.
මේ මොහොතේ දේශපාලනය ගැන ගොඩක් අවුල් බව මාරසට නොතේරනවා නොවේ. ඒකට කිසිදු
ලිස්සා යන ලිහිසි තෙල...
32 minutes ago
No comments:
Post a Comment
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>