2019-11-03

ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්



ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින්

පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද

‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘

‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘

‘‘ මට හයිස්පීඩ් මැසිමක් ගන්න ඕන , හොද මොකක්ද ‘‘

‘‘  මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘

‘‘  මට මේ මැසිම විකුණාගන්න ඕන , කීයකට දෙන්න පුලවන්ද ‘‘

'' සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් හොයලා දෙන්න ''

‘‘ මේ මැසිම කීයකට විකුනතහැකිද ‘‘

‘‘ ඇන්ටික් මැසිමක් තියනවා විකුනලා දියං ‘‘

ඔන්න ඔය වාගේ  කතා බොහෝ දෙනෙක්  මගෙන් නිතරම අහනවා , අන්න ඒ නිසා මේ ගැන යමක් ලියන්න ඕන කියලා  හිතුනා , මේක ටිකක් නෙමෙයි  ගොඩක් සංකීර්ණ පැනයක් , ඒක නිසා පොදුවේ  සියලු අවස්තාවන්ට සහ සියල්ලන්ට ගැලපෙන විදිහට එක් එක් කරුනු විදිහට ලියන්නං , එතකොට තේරුම් ගන්න පහසුවෙයි.

මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම දෙන උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැෆ්. ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද

නැතුව, අළුත් චයිනීස් මැෂින් වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස

අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක. තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක

ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මැෂින්වල පාට්ස් එක සමානද

මේ මැෂින්වල නිතරම අවශ්‍ය වන කොටස් බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා

අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මැෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ

පරණ ජපන් මැෂින්වලට පාට්ස් නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මැෂින් වර්ග , මාදිලි කොපි කරමින් චීන නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මැෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මැෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර් මහන යන්ත්‍රයන් උනත් ... අලුත් මාදීලි සියල්ල චීනයේම නිෂ්පාදනය කරන ලද ඒවා , මොන නමින් ආවත්  සමානයි ....... නමුත් නිෂ්පාදන තත්වයන් ( කර්මාන්තශාලාවේ තත්වය ) භාවිතාකරන ලෝහ සහ වෙනත් අමුද්‍රවයවල ප්‍රමිතිය අනුව මැසිමේ හොද නරක තීරණය වෙනවා ......... හොද තත්වයේ මහන මැෂින් මිල ඉහලයි.

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)

කොහොම උනත් ජපන් එව්වායේ කෑලි හොද හන්දා පාවිච්චි කරපු ජපන් එකක් හොදයිනේ

ඔබ පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් මිලදි ගත්තද , අළුත් වැඩියාවේදි ඔබට යන්ත්‍රයට යොදන්නට වන්නේ චීන අමතර කොටස්ය . අලුත්වැඩියාකල එකක් ගත්තද  සංවේදි කොටස් සියල්ල අලුතින් යොදන ලද චීනයේ නිෂ්පාදනය කල ඒවාය.

ඒ උනාට බලලා හොද එකක් ගත්තහම ඉවරනේ කෑලි මාරු කරන්ඩ ඕන නැනේ

පාවිච්චි කල ජපන් මහන යන්ත්‍රයක් තුල සවිකර ඇති බොහෝ කොටස් කලින් පාවිච්චි කල අය විසින් මාරුකරන ලද චිනයේ නිෂ්පාදනය කල එව්වාය.

අපේ අල්ලපු ගෙදර අක්කා ගෙනාවනේ හොද ලස්සන ජපන් මැෂින් එකක්

දැනට වෙලද පොලේ තිබෙන පාවිච්චි කරන ලද ජපන් මහන මැෂින් කිහිප දෙනෙකුගේ අතින් අතට ගිය වසර 20ක් 30ක් පරණ ඒවාය, එක්කෝ ඔය කියන මැෂින් එක චයිනීස් එකක් ඒ අක්කව අන්දලා දීලා, නැත්තං පරණ එකක් පේන්ට් කරලා .

ඉතින් අනේ ඔය ගාමන්ට් වලින් අයින් කරන ඒවා නැද්ද හොද එව්වා

කාලයකට ඉස්සර නං ඇගලුම් කම්හල්වලින් වසර දෙකතුනකට වරක් තමන් භාවිතාකල මැෂින් ඉවත් කොට අළුතින් මැෂින් ලබා ගත්තා, ඒ ස්වර්ණමය යුගය දැන් අවසානව ඇති නිසා , වෙළද පොලට පාවිච්චිකල හොද තත්වයේ ජපන් මැෂින් එක්වෙන්නේ නැ

අනේ මටත් හොයලා දෙන්නකෝ එහෙම එකක්

දැන දැන් හොද තත්වයේ මැෂින් එකක් දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනි (මට එවැනි මැෂින් එකක් ලැබුනා මීට වසර 8කට පමන කලින් , මගේ මිතුරෙකුට එය රැගෙන දුන්නා, තවම එය ලෙඩ නොදි දිගටම ධාවනය වෙනවා) කලාතුරකින් වාසනාවකට එවැන්නක් ලැබුනද , දැන්නං එහෙම එව්වා ඇත්තේම නැ වාගේ

ඉතින් ජපානයෙන් පාවිච්චි කරපුවා ගෙන්නන තැන්වල නැද්ද

ඉස්සර නං එහෙම එව්වත් තිබුනා, දැන්නං එයාලා ගේන්නෙත් , ඩොමැස්ටික් පෝටබල් මැෂින් විතරයි , තව සමහරක් තැන්වල තියනවා  චීනයේ පට්ට ගහපුවා ...... හොයන්ඩ  බෑ අලුත් වාගේ ලස්සනට තියනවා .... ගන්න  කෙනා  ..මේක ජපන්ද  ඇහුවහම  කඩේ එකා ඔලුව වනනවා

හොද ජපන් එකක් දැන් හොයාගන්නම බැරිද

තියන තරමක් තියෙන්නේ මහ සවුත්තු මැෂින්

ඒ උනාට පරිස්සමට පාවිච්චි කරපු පරණ එකක් හොයාගන්ඩ බැරි වෙන එකක් නැ

හොද තත්ව‍යේ මැෂින් එකක් කවදාවත් කෙනෙක් නිකරුනේ විකුනන්නේ නෑ. එක්කෝ ඒ මෑෂින්එක මහනවාට වඩා හදනවා වියයුතුය , (එහෙම එකක් මොකටද නේද) ,
නැත්තං ඒ මනුස්සයා බංකොලොත් වෙලා වෙන්න ඕන , (ඒකත් හරියන්නේ නෑනේ.... ''අයියෝ අරූ මගේ හොද මැෂිම අඩුවට කෙලගෙන ගියානේ '' කියලා උදේ හවා හූල්ලනවා)

අපිට පරණ මැසිමක් අරගන .හදාගන්ඩ පුලුවන්නේ  ඉතින්

පරණ මැෂිමක් මීළදි ගත් ඔබට මැෂිම හොද මට්ටමකට ගැනීම සදහා සැලකියයුතු මුදලක් වියදම් කිරීමට සිදුවිය හැක

''අනේ උඹ දන්න රෙද්ද ....අපේ මැෂින් හදන අයියා කියුවනේ චයිනීස් එව්වා හරි නැ කියලා''

ඔව් ඔව් පාවිච්චි කරපු ජපන් මැෂින් හොදයි ටෙක්නීසියන්ලට, නිතර ඇවිත් මොනවාහරි කරලා කීයක් හරි අරගන ගියහැකි , මැෂින් නිතර නිතර ලෙඩ වෙනවිට කාර්මිකයන් වෙනුවෙන්ද සැලකියයුතු මුදලක් වැයකිරීමට සිදුවේ.

ඔච්චරම නරකයි කියන්නේ මොකද , ඔය ඕන තරං  මිනිස්සු  මහන්නේ  පරණ මැෂින් වලින්

පරණ මෙෂින් බොහෝ දුරට ගෙවී ගොස් ඇත , එව්වායේ උපාංග නියමාකාරයෙන් ක්‍රීයා නොකරයි ,භාවිතා කිරීමෙදි ඔබට කිසිදු සුව පහසුවක් නොමැත , වියයුත්තේ මැසිම ඔබට සහයෝගය දීම ඌවද , ඔබට එම මැසිමේ කොටසක්වී වැඩ කිරිමට සිදුවිය හැක.

මම ගියා කිහිප තැනකටම බලන්ඩ , තියන එව්වායේ එහෙන් මෙහෙන් කෑළි එල්ලෙනවා ....දන්නවද හොද මැෂින් තියන තැනක්

බොහෝ තැන්වල තියන මැෂින් වල ප්‍රීය මනාප පෙනුමක් නොමැත. දුර්වර්ණව මළකඩකෑ මැෂින් තමයි තියෙන්නේ , පිට ගැස්මට බෙහෙත් විදගන මහන්ඩ ඉදගන්ඩ ඕන

අර අතන ෂොෆ් එකේ තියනවා ලස්සන සුදුපාට ජපන් 8700 ජුකි කියලා ගහපු මැසිමක් 42000 කියනවා පාඩුද , අවුරුද්දලු මැහුවේ

සමහරක් ආයතන චීනයේ නිෂ්පාදනය කල මහන මැෂින් අළුත් පිටම කුළියට ලබාදෙයි. කුණු ගෑවුන පසු ඔබට ජපන් එකක්ද චීන එකක්ද කියලා හොයන්න බැ, ටික දිනකින් කුලියට දුන්න තැනින් එය රැගෙනවිත් පාවිච්චිකල ජපන් මැෂින් එකක යැයි පවසා අළුත් මැෂින් එකටත් වඩා මිලකට විකුනනු ලබයි. (එවිට වැඩි මිලක් ගෙවා ඔබ මිළදී ගන්නේ චයිනීස් එකකි, 37000 මෙෂිමට 42ක් දීලා ගන්නවා) ,

ඔය හොදයි කියුවට චයිනීස්නේ අප්පා

අද අප භාවිතා කරනු ලබන සියළුම භාණ්ඩ චීනයෙ නිෂ්පාදනය කල ඒවානං මහන මෙෂින් නරක මක්කැයි (කුණු ගොඩවල් අතරින් හරිදේ තෝරාගන්න පුළුවන් නං එච්චරයි) ....ඔයාගේ ලැප්ටොප් එක ෆෝන් එක උනත් චයිනීස් නේද.

ඔය කොච්චර කියුවත් මට නං ජපන් එව්වා තරං හරි යන් නැ

ඔයා වාගේ අය ඉස්සර සුද්දගේ වාහන තරම් ජප්පගේ වාහන හොද නැ කියුවා, දැන් ජප්පා හොදයි , චීනා හොද නැ, තව ටික කාලයකින් තව මොකෙක් හරි ඇවිත් චීනත් හොද වෙයි ( ඕක ලෝකේ හැටි)

අනේ ඒ උනාට අපේ ඇදුම් මහන අංකල් කියනවා එයාට ජපන් එක තරම් හරි නැලු අළුතින් ගත්ත එක

මිනිස්සු කියනා තරම් චයිනීස් හයිස්පීඩ් මැෂින්වල නරකක් නොමැත, දැන්  ඇගලුම් කම්හල් වලද භාවිතා කරන්නේ චයිනීස් මහන මැෂින්.

මට සාරිබ්ලවුස් මහන අක්කා කියනවා අනේ සාරි බ්ලවුස් මහන්ඩ ජූකි මෙෂින් හරි යන්නේ නැලු

එහෙනං ඒ උන්දැට පිස්සු , කොච්චර පහසුවට ,ලස්සනට මහන්ඩ පුළුවන්ද ජූකි වලින් , සමහරක් ඔහොම හිතාගන හිටිය අයට කියලා කියලා කියලා ... මං බලෙන්ම වාගේ ජුකි අරගන්න හිත හැදුවා . දැන් එයාලා මට පීන් දෙනවා (අනේ මල්ලි ඉස්සර මට පැය දෙකක් ගිය වැඩේ පැය බාගෙන් ඉවර කරනවා , මේ බලන්ඩකෝ මැහුම්වල නීට් එක , ඔයාට පින්සිද්ද වෙනවා) (හැබැයි ඉතින් පීන් විතරයි , මැෂිම හදලා ගාන කියුවහම අඩනවා , අවුරුද්දකට සැරයක් මැසිම හදලා අටසිය පණහක් ඉල්ලපුවහම ඇගෙන් ඇටයක් යනවා වාගේ අඩනවා , එයා එක සාරී බ්ලවුස් එකක් මහලා එක්දාස් පන්සීයක් ගන්නවා , උන්දැ මේක කියෙව්වොත් මරු)

දැන් එතකොට ඔව්වට කෑලි එහෙම තියනවද

චයිනීස් හයිස්පීඩ් මැෂින්වලට අමතර උපාංග සහ අමතර කොටස් ඕනැ තරම් වෙළද පොලේ බහුලව මිලදී ගැනිමට හැක.

මිල ගණන් එහෙම කො‍හොමද

චයිනීස් හයිස්පීඩ් පහසුය මිලට මිලදී ගතහැක, සමහරක් විට පරණ ජපන් මෙෂින් එකකටත් වඩා අඩුවෙන්

අපි මහන්නේ සපත්තුනේ , ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් දුහන්ඩ පුළුවන් වෙයිද

වසර 5ක් පමණ කිසිදු අපහසුතාවයකින් තොරව භාවිතා කලහැක, ඉන් පසුවද අවශ්‍ය අළුත් වැඩියාවලින් පසු පෙර පරිදිම භාවිතාකල හැක

සාමාන්‍යයෙන් මොනවද එන ලෙඩ

බොහෝ විට සිදුවන්නේ නිඩ්ල් බාර් ටයිමින්ග් සහ කැරියර් ටයිමින්ග් වෙනස්වීමයි.එය ඔබටද නිවැරදි කරගත හැකි පහසු කටයුත්තකි

දැන් ඔයා ඔය කියන්නේ පරණ ජපන් එකකට වඩා හොදයි චයිනීස් අළුත් එකක්

ඇත්තටම හොදයි , පරණ මැෂින් අරගන.. යන කෝච්චි වලට බෙල්ල තියනවට වඩා

චයිනීස් එව්වා හොදයි කියලා දැන් ඔයා කියනවානේ කාගෙන්ද අපි ගන්නේ

නොයෙක් නම්වලින් ලංකාවට ගෙනත් විකුනන අය ඉන්නවා . සමහරක් එව්වායේ ජුකි කියලා ගහලත් තියනවා , ඔය ගොඩක් තැන්වල ලංකාවට ගේන්නේ ''නෝ නේම්'' මැෂින් ‍එයාලගේ ආයතනය තුලදි තමයි නම ගහන්නේ , ජූකි කියලා ගහලා තියන එව්වා ඇත්තම ජූකි කියලා හිතලානං ගන්න එපා , ඔරිජිනල් ජුකී එකක් ඔය ගානට ගන්න බැ , කාර්මිකයෙක් එකක් ගිහිල්ලා බලලා ගන්න පුලුවන් නං හොදයි...... දන්න කෙනෙකුට හොද මෙෂින් එකක් අදුරාගන්න අමාරු නැ.  ඔරිජිනල් ජුකීම ගන්න ඕනනං JK agencies ලගට යන්න එයාල තමයි ලංකාවේ නියෝජිතයා. ජූකි කියලා ගහල තිබ්බට  රැවටිලා ... කුණුගොඩවල් වලට කරගහන්න එපා ... වෙන නමක්  තියන ගණන් අඩු මැෂින් ෆේක් ජුකිවලට වඩා දාහෙන් සම්පතයි.

ඒ කියුවෙ .......හොද මෙෂින් එකක් කියලා අදහස්කලේ මොකක්ද

මිනිස්සු බිස්නස් කරන්නේ ලාබ ලබන්න .අපේ රටේ මුදලාලිලාට හොද දෙයක් දෙන්න නං උවමනාවක් නැ එයාලට ලාබදේ එයාලා දෙනවා, (  මිනිස්සු ලාබෙට ඉල්ලනවා , කඩේ එකා චීනගෙන් ලාබේට ඉල්ලනවා , චීනා බාලකරලා ලාබෙට දෙනවා , වරද තියෙන්නේ සල්ලි දීලා ගන්න අපේ )  අපි දැනගන්න ඕන හරිදේ තෝරලා බේරලා ගන්න . තියන තරගයත් එක්ක ඒක එක එව්වා ගෙනත් විකූණනවා . අන්තිමට බඩු බාල වෙන එක තමයි වෙන්නේ . හොදට දන්න කෙනෙක් එක්ක යන්න එතකොට ඔයාට හොද එකක් ගන්න පුළුවන්

ආ අපේ මැෂින් හදන අයියා එක්ක ගියානං හරි

එහෙනං අයියා එක්ක යන්න කලින් ඔයා තනියම ගිහිල්ලා බලන්න , දෙන්න පුළුවන් අන්තිම ගාන දැන් ගන්නවා වාගේ කතා කරලා අහගන්න , හෙට එනවා කියලා ආපහු එන්න ,නැත්තං කඩකාරයා අයියට කට්ටයක් තියලා ඔයාට ගාන කියනවා. එතකොට අයියා ඔයාට ඇත්ත කියන් නැ

අම්මෝ බලාගන යන කොට ඔක්කොම එවුන් එකයි. ‍කොහොමද හොද ටෙක්නීෂියන් කෙනෙක් අදුරාගන්නේ

හරිම ලේසියි
ඔහු අයකරන මුදල වැඩියි ,
ජිවිතේට ගණන් අඩු කරන්නැ,
වැඩකට අල්ලාගන්න අමාරුයි,
බොහොම රළු විදිහට කතා කරනවා,
චාටු බස්වලින් ඔබව අමතන්නේ නැ,
අහවල් තැන හොද මෙෂිමක් තියනවා අරගන දෙන්ඩද අහන් නැ,
නිර්ධය විදිහට ඔබව විවේචනය කරනවා (ඔබේ වැරද්දක් දැක්ක තැන එය කියනවා) ,
ඔබේ මහන මැෂින් එකේ තියන වරදක් පෙන්වා දෙන්න පැකිලෙන්නේ නැ,
ඔබට ඔහු දන්නා දේ කියලා දෙනවා , ඒ වාගේම ඔබ දන්නා දේ අහගන්නත් ලැජ්ජා වෙන්නේ නැ ,
තමන් නොදන්නා දේ මම දන්නැ කියන්න පැකිලෙන්නේ නැ,
අවශ්‍ය විටක වෙනත් කාර්මිකයෙකුට ඔබව යොමු කරනවා,
කවදාවත් අටවන ජෝජ් වැඩ කරන්නැ,
මේ පාට්ස් ටික දාලා කරනවානං කරමු නැත්තං ඔයා වෙන කෙනෙකුට කියලා කරගන්න,
ඔන්න ඔහොමයි දක්ෂ අවංක බාස්ලා.

දැනට තියන හොදම බෑන්ඩ් නේම් එක මොකක්ද

ආයේ විවාදයක් නැ දැනට තියන හොදම එක තමයි ( සිංගර් සෝජී ) ඒක ඇත්තටම හොදයි, මගේ නම්බර්වන් සෝජී.
... zoje , maqi , jack , CHEARS මේ සන්නාමයන් හතරම චීනයේ උසස් තාක්ෂණයෙන් යුතු කර්මාන්ත ශාලාවල , උසස් අමුද්‍රවය්‍ය යොදමින්  නිපදවන මහන මැෂින්.
තවත් හොද මට්ටමේ  මිළ අඩු වෙනත් සන්නාමයන්ගේන් එන මහන මැෂින් තියනවා , නමුත් හොදින් හොයලා බලල මිළදි ගන්න ඕන ...... මුදල ගැන හිතලා අමාරුවේ  වැටෙන්න එපා , මිල අඩු හොද මැසිමක් මිලදී ගන්න හැම වෙලාවෙම හොදින් දන්න කෙනෙකුගේ සහයෝගය අරගන්න.

ආ එහෙනං මම යනවා කම්පණි එකේ ෂෝරුම් එකට

නැ ඔයා යන්න ඔයාගේ නගරයේ ඉන්න වෙනත් බලයලත් වෙළද නියෝජිතයෙක් වෙතට,
එයා ඔයාට දෙනවා එයාගේ ලාබයෙන් කොටස් වට්ටමක් විදිහට ,
හිතවතෙක් නං එයාට ලැබුන මුදලට උනත් ගන්න බැරි වෙන එකක් නැ,
අනික ගෙවන්න ගන්න එපා. අපරාදේ සල්ලි , වැඩිපුර ලොකු මුදලක් ඔයාට ගෙවන්න වෙනවා.

ඉතින් අනේ කම්පණි එකේ ෂෝරුම් එකෙන් ගන්නවට වඩා පිට තැනකින් ගන්න එක හොද වෙන්නේ
කොහොමද

මෙහෙමනේ
හිතන්න ඔයාගේ මැෂින් මෝටරය කැඩුනා ඔයා ගිහිල්ලා කියනවා ෂෝ රුම් මැනේජර්ට
''ආ මිස් වැඩකරන්නේ නැද්ද ගලවලා අරගන එන්න, අපි සර්විස් සෙන්ටර් ඇරලා බලමු''
''කොච්චර දවසක් යයිද''
''සතියක් දෙකක් විතර''
මාසෙකට හම්බෙන්නැ මෝටරය

ඔයා කියනවා වෙනත් වෙළද නියෝජිතයෙකුට (හැබැයි මෙෂිම ගන්න ඕන එයාගෙන්)

''මුදලාලි අර මැසිමේ මෝටරය දුහන් නැ නේ''
''ආ එහෙමද නෝනා බලමු අපි මොකද කරන්නේ කියලා''
''රසික මෙන්න මේ නෝනලගේ මෝටරය වැඩ කරන්නේ නෑලු පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න''
''ආ රසික කෝකටත් අළුත් මෝටරයක් අරගන යන්ඩ අරක හදන්ඩ බැරි උනොත් ආයේ එන්ඩ ඕන නැනේ ''

බලයලත් වෙළද නියෝජිතයෙක් කියන්නේ යම් නගරයක ඉන්න පාරම්පරික වෙළද විය්‍යපාරිකයෙක් , ඔහු හැම විටම තමන්ගේ පාරිබෝගිකයන් පිලිබදව සැලකිලිමත් වෙනවා , යම් සමාගමක අලේවිසලක ඉන්න සේවකයන්ට පාරිබෝගිකයන් පිලිබදව .. ඒ විදිහේ බැදීමක් ලබැදියාවක් නෑ.

ෂෝරූම්වල ෂෝඑක විතරයි , ටෙක්නීෂියන් කෙනෙක් නැ , මැෂින්එක පාවිච්චි කරනහැටි කියලා දෙන්න දන්න  වෙළද සේවකයෙක් නෑ , සවිකිරිමේ ගැටලු තියනවා. පුට් ලිප්ටර් එහෙම හයිකරනවා වැරදියි , පුට් එක උස්සන්ඩ බස් එකක පටවන්ඩ ඕන දනිස්ස , මෝටර් එජස් කිරිමක් කරන්නේ නැති හන්දා බඩ වැල වාගේ මැෂිම ඇදගන යනවා අපිට ඕන තැන නවතින්නේ නැ,
ඉතින් පාවිච්චි කරන කෙනා අපහසුතාවයට පත්වෙනවා , දැන් දැන් කොම්පැණිවලිනුත් හයිකරන්ඩ ගෙදරටම එනවා ........ එතනත් පොඩි පොඩි අවුල් තියනවා ... ඒ එන සමහරු ජෝං බාස්ලා

ඔය කියන විදිහට ගෙදර ගෙනල්ලා කාට හරි පෙන්නලා හදා ගන්න වෙයිද

ඔව් එහෙම කරනවානං හොදයි, එතකොට ඔයාගේ උසට , ඔයාගේ පහසුවට , ඔයාට ඕන විදිහට , මහන මැටීරියල් වලට 100% හරියට , ලෙසටම සෙට් කරගන්න පුළුවන්


පාවිච්චි කරපු මහන මැසිමක් කීයකට විකුණන්න පුලුවන්ද

සන්නාමය සහ මාදිලිය කුමක්  උනත් වෙළදපලේ එම සන්නාමයේ  එම මාදිලියේ අලුත් මැසිමක වටිනාකමෙන් බාගයයි ............ කඩේ අලුත්  එක 50000 නං සෙකන්ඩ් හෑන්ඩ් 25000 යී

මේක මං පාවිච්චි කලේම නෑ , ඇදුං කෑලි පහක් ඕන්නං මහන්න ඇති ..... මැසිම දාලා තිබ්බ පෙට්ටිය හිටන් තියනවා , තවම වොරන්ටි එකත්  තියනවා , අනික මම ගෙවන්ඩ ගත්තේ ගෙවලා ඉවර වෙනකොට 50000 මැසිම 65000 ක් උනා

ඒ කිසිවක්  අදාල වෙන්නේ  නෑ ....... ඉල්ලන අය ඉල්ලන්නේ  වෙළදපලේ  වටිනාකමෙන් බාගයකට

 අහවලා  මීට වඩාකල් පාවිච්චි කරලා මේ මැසිමම 35000 ට දුන්නනේ

ඔව් වෙන්න ඇති  , කිසිවක්  නොදන්න අයට ඒ විදිහට විකුණාගන්න  පුලුවන් ....... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් දන්න කෙනෙකුට ඔය කියන මහ ගණන් වලට දෙන්න බෑ  ,   සානුකම්පිතව සලකලා  යම් කෙනෙක්  ඒ ගානට ගන්න පුලවන් , එහෙම නැත්තං නොදන්නකම.

 ඉතින් හොද තත්වයේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කඩෙන් ගන්ඩ ගියහම 25000 ට ගන්ඩ බෑනේ

ඔව් එතනදි කඩේ අයිතිකාරයා  මැසිමේ අලුත් වැඩියාවන්ට යම්කිසි මුදලක් වැයකරලා තියනවා ... ඔහුගේ ලාභයත් එකතු කරලා එනකොට ගාන ටිකක් වැඩියි , නමුත් ඔබ විකුණන්න ගියහම හැමෝම ඉල්ලන්නේ කුණුකොල්ලෙට.

මගේ මැසිම මම විකුණන්න හදනකොට හැමෝම ඉල්ලුවේ 15000 ට

ඔව් එහෙම වෙන්න පුලුවන් , පාවිච්චි කල මැසිමක  වටිනාකම අලුත් මැසිමෙ වටිනාකමෙන් බාගයයි කියුවට මෙහෙම දෙයකුත්  වෙනවා , මැසිම කුණු දුවිලි වැදිලද , සීරිලාද , සමහර... ආවරණ වාගේ කොටස් කැඩිලද , මෝටර් වාගේ  දේවල් මාරු කරලද , වෙනත් ඔරිජිනල් කොටස් වෙනුවට වෙන දේවල් සවිකරලද , මැසිම කොච්චරකල් පාවිච්චි කරලද , සන්නාමය මොකක්ද , මාදිලිය මොකක්ද , ඔබ  ඒ මැසිමෙන් මැහුවේ මොනවද ...... ඔන්න ඔය වාගේ  හේතු ගොඩක් මූලික කරගන  පාවිච්චි කරපු මහන මැසිමක වටිනාකම අර හරි අඩක් කියන සීමාවේ ඉදන් පහලට යනවා.

ජුකියක සෝජියක , ගෙදර පාවිච්චි කරන සිංගර් එකක වටිනාකමත්  අර විදිහටම භාගයයිද

නැහැ ... සන්නාමය සහ මාදිලියත්  එක්ක වෙනස් වෙනවා ....... සරලව ගත්තහම ..... හයිස්පීඩ් එකක වටිනාකම ගොඩක් අඩුවෙන්නේ  නැ ..... ඊට වඩා තරමක්  වටිනාකම අඩුවෙනවා  ස්ටෑන්ඩ් සහ ටේබල් සහිත සිග්සැග් එකක් , ..... ඊටත් අඩුයි  ස්ටෑන්ඩ් සහ ටේබල් තියන  නෝමල් මැසිමක ....... හවුස්හෝල්ඩ්  ඔවර්ලොක් එකක හෝ  ෆෝටබල්  මැසිමක වටිනාකම  ඊටත්  අඩුවෙනවා.

පරණ මැෂින්  හොදයි  කියනවනේ  ...... ජපානේ  , ඇමරිකාවේ , එන්ගලන්තේ , බ්‍රසීලයේ , ජර්මනියේ  හදපු  පරණ මැෂින් නං  හොද ගානකට විකුණගන්ඩ පුලුවන් ඇති  නේද

මොන පිස්සුද ....... සමහරක් විට එව්වා ගන්නේ  ....... කෑළි ගලවලා   වෙන මැෂින්  වලට අමතර කොටස්  ගන්ඩ  ....... එහෙම නැත්තං  දාහට පන්සීයට  යකඩවලට  උණු කරන්ඩ.

ඉතින්  අනේ  ඔය කියනවනේ  ගෙම්බාමාක් ඇන්ටික් මැෂින් ලක්ෂ ගණන් වලට  ගන්නවා කියලා ... අපේ ආච්චිටත්  ගෙම්බා මාක්   එකක් තියනවා ...... ඒයා ඒකෙන්  මහන්නෙත්  නෑ .. කාමරේ හංගලා තියන් ඉන්නේ

මොනවාහරි  දෙයකට ඇන්ටික් වැලිව් එකක් ඇඩ්වෙන්ඩ අවුරුදු 100 ක්  පනින්න ඕන ...... ඔය ඇන්ටික්  ඇන්ටික්  කියන එව්වට අවුරුදු 100 පැනලා නෑ ...... අනික ඔය ගෙම්බාමාක් කතාව ......... ඔය හැමෝම  මැරෙන්ඩ  හදන්නේ  ....... පරණ මහන මැෂින්වල  තියන  ලෝගෝ  එකක් අල්ලගන ........ පරණ සීමන්කෝ  ( සිංගර් මැනුෆැක්චර්  කම්පණි )     මැෂින්වල තියන  , රොකට් ෂටල් එකක් අස්සට දාපු බොබින් එකක් සහ හරහට ගහපු ඉදිකටු  දෙකක්  තියන ...... අතපය දිග ඇරපු  ගෙම්බෙක් වාගේ පේන ලෝගෝ  එක තියන ඇමරිකාවේ හෝ  එන්ගලන්තෙ හදපු  ස්ටෑන්ඩ් තියන මැෂින්  අල්ලගන ගෙම්බා මාක්  කියලා  නටනවා.

 ඇත්තම  ගෙම්බාමාක්  මැසිමක්  තියනවා  ...... ඒකට  ස්ටෑන්ඩ්  එකක්  නෑ  .... මේසය  උඩ තියන    දල සැකැස්මක්  තියන   අතින් කරකවන .... ප්‍රථමික මහන මැසිමක් .....  අන්න ඒකේ  කොටලා  තියනවා   ඇත්තම ගෙම්බෙක්  ....... මැසිම  මේසේ උඩ තිබ්බහමත්  තඩි ගෙම්බෙක් වාගේ .......... ඒක  ඇත්තටම ගොඩක් පැරණි  මැසිමක් ........ හදලා තියෙන්නේ  ඕලන්දයේ ...... අන්න ඒකනං  ඇන්ටික්  තමා ,
හැබැයි  කට කයිය විතරයි  .......... ලස්ස ගානට ගත්ත  එකෙකුත්  නෑ වික්ක එකෙකුත් නෑ.

ඒ උනාට  පරණ එව්වා  හොදයි අප්පා

මට දැන්  මේකනං   කියල  කියලා  සීමාව පැනලා  තියෙන්නේ  , ඇයි  එහෙනං  අනිත්  හැම දේම  ගන්නකොට අලුත්  දේ  හොයන්නේ ..... මහන මැෂින්  විතරක්  පරණ එව්වා  හොදයි  කියන්නේ  ..... Old  is gold  කියලා  ........ ඇයි  පරණ ගෑණියෙක්ව  මිනිහෙක්ව  කසාද  නොබදින්නේ .......

අනේ නිකං  යන්ඩ අනේ  ....... අපි මේ  පරණ එව්වා  හොදට පාවිච්චි කරන්නේ ...... මේ  දැනුත්  මහන ගමං ....... මේක ජුකී 555  එකක් ........ මං ගත්තෙත් පාවිච්චි  කරපු  එකක් . මං ලගත්  දැන්  අවුරුදු දොලහක්

මේකට දෙන්න තියන  උත්තරේ  මෙහෙමයි .......... නාකී පාට්නර්  කෙනෙක්  එක්කත්  සෙක්ස්  කරන්න පුලවන් .......... හැබැයි  අවුල්  ගොඩක්  තියනවා ...... ඒක ටිකක්  නෙමෙයි  ගොඩක්  බෝරින් ...... කිසි ගෝ එකක් නෑ .......  ඒක හෙන වෙහෙසකර අත්දැකීමක්  ........... හැබැයි සෙක්ස්  පාට්නර්  තරුණයි නං  ......... ඒ අත්දැකීම  හරිම ආස්වාදජනකයි.......

 එතකොට මට මේක හොද ගාණකට විකුණාගන්නම බැරිද  .......... මට දැන්  මේක  ඕන නෑ  ........ මගේ වැඩේට මේක ගැලපෙන්නේ නෑ  ..... නමුත්  දෙකපහට මේක  දීලා  දාන්නත්  බෑ.

 හොද ගාණකට  විකුණාගත්ත හැකි  ........ ගොං මෝඩයෙක්  අල්ලගන , එයාගේ  ඇගේ  ඕක  ගහලා  ........ ඔයාගේ  පව් ටික  එයාට දීලා  බේරෙත  හැකි  ........ ඔය අවුල්  මොකුත්  වෙන්නේ  නෑ  ...... දෙයක්  මිළදි  ගන්න කොට  ..... තමන්ට  මේක  ගැලපෙනවද  ,  ඉදිරි  වැඩ වලටත්  උවමනා වෙනවද  කියලා  හොදින්  හොයලා  බලලා ගන්නවනං .... ලාභය දැක්කට උස්සං එන්ඩ  එපා.
....ලාභ බඩුවේ  හිලක්  තියනවාම තමයි....

පාවිච්චි කරපු මැසිමක් ඔය විදිහට අලුත් එකේ එකේ වටිනාකමෙන්  භාගයකට හෝ  පාවිච්චිය  නරකනං  තවත් අඩුකරලා  ගත්තං  නං හරි නේද එතකොට

මෙහෙමයි  මගේ උපදෙස නං පාවිච්චි කරපුවා ගන්ඩ එපා ..... අමාරුවෙන් හරි අලුත් එකක් ගන්ඩ.


හයිස්ෆීඩ් මෙෂින් එකක් පාවිච්චි කරනකොට අපි මොනවද කරන්න ඕන, සර්විස් කරන්න ඕන කොච්චර කාලයකින්ද

‍ඔයිල් බාත් එකේ ඔයිල් මට්ටම ලෝ කියන ලෙවල් එකට ( සලකුණක් යොදා ඇත) එනවිට තියන ඔයිල් ඉවත් කර අළුතින් ඔයිල් සලකුනුකර ඇති අවශ්‍ය මට්ටමට යොදන්න ඕන,
කිසිවිටක් තියන ඔයිල් වලට අඩු වෙන ඔයිල් දැමීමෙන් වලකින්න,ඔයිල් දාන දවසට මැසිමේ යට පැත්ත පින්සලකින් සුද්ද කරන්න,
තත්වයෙන් උසස් හොද ඉදිකටු යොදන්න,
ෂටල් සහ බොබින් හොද උසස් මට්ටමේ එව්වා පමණක් යොදන්න,
‍කාලයක් ගතවනවිට මෝටර් පැඩල් එක පහලටම පාගන්ඩ වෙනවා වාගේ දැනෙයි , එවිට කාර්මිකයෙකු‍ගේ සහය ලබාගන මෝටර් කොක්ෂීට් එක සහ මෝටර් බෙල්ට් එක මාරු කරන්න,

දැන් ඉතින් දන්නවා නේද ගන්න ඕන මොකක්ද කියලා

..... ඉතාමත් අවධාරණයෙන් පසුව ලියමි ......

මම කිසිම ආයතනයකට සම්බන්ද කාර්මිකයෙක් නොවෙමී, කිසිවෙකුට සමග සේවා ගිවිසුමකට නොබැදුන මට යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් පහත් කිරීමට හෝ උසස් කොට ලිවිමට අවශයතාවක් නොමැත, හිතට එකගව මගේ අත්දැකීම් සමග මට දැනෙන සිතුවිලි අකුරු කෙරුවා පමණි
මට අවශ්‍ය ඔබට හොදමදේ ලබා ගැනීමට උදව් කිරීම පමණි.

0778707807
ලක්මාල් කන්දෙවිදානෙ

6 comments:

  1. අටම් බාස් රැගෙන යන්න - හොඳම දේ අරගන්න.

    නොමිලේ ෆුට් ඇජස් කිරීමක්.

    ReplyDelete
  2. සිංගර් එකට පස් පඩංගුවේ බැන්න කලින් අමතර කොටස් හොඳ නෑ කියලා.දැන් මැෂින් හොඳයි කියනවා?

    ReplyDelete
  3. //නාකී පාට්නර් කෙනෙක් එක්කත් සෙක්ස් කරන්න පුලවන් .......... හැබැයි අවුල් ගොඩක් තියනවා ...... ඒක ටිකක් නෙමෙයි ගොඩක් බෝරින් ...... කිසි ගෝ එකක් නෑ ....... ඒක හෙන වෙහෙසකර අත්දැකීමක් ........... හැබැයි සෙක්ස් පාට්නර් තරුණයි නං ......... ඒ අත්දැකීම හරිම ආස්වාදජනකයි.......// පරණ පාට්නර් ගත්ත ගානෙන් බාගෙකට වගේ දීලා අලුත් කෑල්ලක් ගන්න බැරි වෙයිද බන්?

    මේ.. මට තියෙන්නේ මේ එක ප්‍රශ්නයක්වත් නෙවෙයි.. මහන්න ඉගෙන ගන්න විදියක් කියපන්..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>