දිවිමගේ දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්
මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්
ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක් එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්
දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්
ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්
නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්
සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්
ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්
දුක තමයි රංජනී
ReplyDeleteඅනිත් උන්ගේ දුක අහලමද මන්දා රංජනී පිට් එකේ ඉන්නව ......වැඩේ කියන්නෙ හිත හොද ගැනි උනාට තාම බඩ වෙලත් නැ
Deleteමට නං සුපිරි කවි තුනක්.... පරණ සීන් එකක්ද බං ? "අතැඟිලි බැඳුනේ අයි මේ විලසින්" වගේ සීන් එකක්ද? අතින් අල්ලන්නෙ නං කොල්ලෝ හොඳකට නෙවේ....
ReplyDeleteඅන්න අන්න සජ්ජා
Deleteඑතනින් එහාට ගිය ලෙන්ගතු කං ගැන හිතෙන්නේ නැද්ද බං........හත්දෙයියනේ උඹටත්
සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
Deleteමා වටකර සතර දෙසින්-ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්-මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා..
මා ඈ කර මාල බඳින්නේ-ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සළු පළඳන්නේ-ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මඟුල් සිලෝ -පෝරුව දෙදරයි..
සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා
මධුසමයට මගට බහින්නේ-ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳී පෙම සිහිවන්නේ-අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා -ඇයි මට කීවේ..
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පදරචනය: සුනිල් ආරියරත්න
සංගීතය: සරත් දසනායක
මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙලන්නේපා
Deleteමං හින්දා ඔබේ හදතුළ සුසුමක් නැඟේන්න එපා
ගිවිසා ගනිමු අපි පෙම්යුවළක් සේ කිසිදා එක් නොවෙණා
අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳි
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නේමි ඔබ අන්සතු වුදා
අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී
ඔබ සිරකරලන දොරඟුළු දමනු බැරි
නෑකුල දීගෙන් බැදෙනා පෙමක් නොවී
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ
ගායනය : ගුණදාස කපුගේ සමඟින් මාලිනී බුලත්සිංහල
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ
නාකි විසේ ගෙටත් උසේ....හෙට අනිද්දා දීග දෙන කෙල්ලෝ 2කින්න තාත්තා කෙනෙක් නේද මේ...අඳෝමැයි
ReplyDeleteඋඹ ලියපුවා හැම එකක්ම කියවලා නැතිවුනත් කියවලා තියන ඒවයින් උඹේ හොඳම කවිය.වචන ටික මාරයි....
//හෙට අනිද්දා දීග දෙන//
Deleteනබියට තමා එහෙනං දෙන්ඩ වෙන්නේ
අහසට සොඳුරුද සඳ කෙතරම්,
Deleteගසකට සොඳුරුද මල කෙතරම්,
සයුරට සොඳුරුද රල කෙතරම්,
එතරම් මිහිරියි ඔබ මටනම්.
හිත මැද පෙම්බරකම් සඟවා,
යන එන මග ඉඟිබිඟි කරමින්,
හොඳ නෑ කරනා ඔය දඟකම්,
දුටුවොත් වෙන අය වෙයි නපුරන්.
සුන්දර ඔය වත හින්දම තුන්යම,
නින්දක් මට නැතුවා නැතුවා.
තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
අහන්න මට හිතුනා හිතුනා.
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
සත්තයි සිහිනෙක මා සිටියා.
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
බිලිඳුන් නිදි නෑ මං යනවා....
ගායනය - නෙලූ අධිකාරි ..
නාකි විසේ ගෙටත් උසේ.... x2
ReplyDeleteමට නං හිතෙන්නෙ උඹ මේක ලිව්වෙ උඹෙ නෝනට කියල ...
හැක හැක හැක ...
//නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවාමුත් රසවිතක්
Deleteසිනිදු අතැගිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්//
ඇස් දෙක කටේ දාගන
කටේ බුලත් විටක් දාගනද බැලුවේ
දැන් එයා බුලත් විට කන්නේ නැති හොඳ ළමේක්..
Deleteසිරාවට..... විට නැවැත්තුවට පස්සෙ ටිකක් පිස්සුව තද වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...!!
Deleteඇයි මයේ දෙය්යෝ විට කන එක නැවැත්තුවේ ...එකෙක් හරි අඩු වෙන එක පාඩුවක් නේ රත්තරනේ ... ගෙදර ගිහින් පැණි දුන්කොල සුට්ටක් එක්ක විටක් හපන කොට දැනෙන සනීපෙ ....හැක් හැක්
Deleteමේ ඉතා රසවත් වූ කාව්‍යය තුළ බාලාපයෝජනයක ලක්ෂණ පෙනේ....
ReplyDeleteඅටමෝ,
ReplyDeleteලස්සන අරුතක් තියෙන ලස්සන කවියක්. ටිකක් උත්සාහ කලොත් මේකෙන් ගී පදමාලාවක් හදන්නත් පුළුවන් වාගෙ.
සමරසේකර
හැබෑද?
Delete'ගහට පොත්තක්' විලස ගැලපුණු පොත්ත ගස හැරදා ගියේදෝ
ReplyDeleteරසට පෙනුමට ඉදුණු බතකට......... සුවඳ පමණක් අහිමි වීදෝ
මසට මනසට දැනුණු ප්‍රේමය......... සඵල වීමට පින් නොවීදෝ
කහට නැති මටසිළුටු ප්‍රේමෙට එනම හැර වෙන නම් තිබේදෝ
ඔන්න ආව අඩු පාඩුව ......
Deleteමෙච්චරයි අඩුවට හිටියෙ ...
මොකද්ද බං මුද්දෝ මේ නාකි සෙට් එකට එකපාරට වෙලාතියෙන්නේ?නිසි වයසෙදි නොකර හිටිය ඒවා මුන් වලකජ්ජ ගහන්න ලංවෙලානේ කරන්න හදන්නේ....ඕක තමයි කියලා තියෙන්නේ දත් තියන කාලේ මස් කාපන්.හැබැයි බෙල්ලේ එල්ලාගන කන්න එපා කියලා
Delete//නාකි සෙට් එකට එකපාරට වෙලාතියෙන්නේ?//
Delete+++++++++++++++++++++++++++++x2
හැක් හැක්
//මේ නාකි සෙට් එකට// අඩෝ මේ.. නලුවා වයසට ගියාට සෙට් එක වයසට යන්නේ නෑ කියල අහල නැද්ද? නැත්නම් අඩුම ගානේ හැට පැන්න වඳුරවත් බිමින් යන්නෑ කියලවත් අහල නැද්ද.. නොදෝමකින් අල බහින්නෙත් නැතිව වැල මැරිච්චි තරුණයෝ ටික.. හැක්.
Deleteකවුරුවත් මොකුත් කිව්වද?
Deleteපෝය කිට්ටුයි නෙවැ …… :D
Deleteහඳ තියන කාලෙට පොඩ්ඩක් අවුල් යනවා.. ලබන සතිය දිහෑට හරියයි . ඕ යේස්
භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ
Deleteතෘෂ්ණා ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ
ගිලී කාම අඳුරේ භව ආලේ
දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ
ආල වැඩුවෝ ධ්යා න මනාපේ
තිලොනා ධර්මේ රසේ
භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ
වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ
නිර්වාණේ නිර්වාණේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
මායා.. මායා… මායා….
ගායනය : ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා ( ඩබ්. ඩී. අමරදේව )
ගී පද - ඩී. ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
(1947 අප්‍රියෙල් 09 තිරගත වූ අශෝකමාලා චිත්‍ර පටියෙන් )
ඔය ජවනිකාවේ පෙනී හිටියෙත් අමරදේව මහතා නේද සින්දු?
Deleteවිචාරක තුමෝ ඒ ෆිල්ම් එකේ තාපසයට ඉන්නේ අමරදේව මහත්තයා ...
Deleteමෙන්න මේකේ ඉන්නවා අන්තිම කොටසේ ..
https://www.youtube.com/watch?v=mT3F4v2IOh0
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
ReplyDeleteඅකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක් ///
මෙන්න මෙතන නං පස්ට ඈ මට කෙනෙක්ව මතක් වුණේ නෑ කියන්ටකො
හිහි
ලස්සනයි කවිය ජයවේවා
අටමෝ... මේ කවි ටිකනම් මරු. අරුන් කිවුවට ගනන් ගන්න එපා. ටිකක් වයස වුනාට මොකද? ආදරයට වයසක් පාටක් සීමාවක් තියෙනවායැයි???
ReplyDeletehttp://nelumyaya.com/?p=3833
ReplyDeleteලක්මාල්ගෙ හිත ගිනි කන්දක් වාගෙ කියල හිතෙනවා...
ReplyDeleteවෙලාවකට බුර බුරා නගිනවා...
වෙලාවකට නිසංසලේ දුම් රොටු අහසට නංවනවා..
වෙලාවකට නැගෙන හුමාලය දේදුන්නක් මවනවා...
මොක වුණත් ඒක හොඳ සහෘද හිතක්...!
එව්වා එහෙම්ම තිබෙද්දී මේ නොසැලකිලි වලට නම් සමා නැත
සැරිසර --> මේක නාම පදයක්.
මෙහෙම වෙනස් වුණානම් --> "මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත්..."
ලොවෙන්බට --> මං උන්නා නගරයක නමක් කියලා.. "ලොවෙන් බට.."
අතීතතේයි --> "අතීතෙයි"
ලගින් --> "ලඟින්"
මවනවාමුත් --> "මවනවා මුත්"
සිනිදු අතැගිලි --> බොල සඥ්ඥක තියන බාසා බොහොම අඩුයි... "සිනිඳු අතැඟිලි"
නොහැගෙන --> ආයේ ඒකම කරා...!! "නොහැඟෙන"
ලෙන්ගතුකමක් --> ලෙන්ගතු කමක්
ආදරය ඍංගාරය විරහව මේවා පරිපූර්ණව ප්‍රකාශ කරන්න ඕනෑ...
එක බිඳකවත් අඩුපාඩුවක් නොතියා...
තියුණු සැතක් වාගේ ළය පසාකරගෙන පතුලට බහින්නේ එතකොටයි....
ඔන්න දොඩං අයියේ දැං බලන්ඩ
Delete...ඟි...... ඳු .......
ලැජ්ජයි අප්පා අවුරුදු පහක් වෙන්ඩත් ආවා
...ඟි...... ඳු .......
අකුරු විජේසේකර යතුරු පුවරුවෙන් ගහන්නේ කොහොමද කියල තවම හොයාගන්ඩ බැරි උනා
හෙහ් හෙහ් හෙහ්
Deleteදැං හරි දැං හරි මලයා...!
හොඳ වෙලාවට මේක තිස්ස අය්යා දැක්කේ ...අද අපේ හැලප සර් පරක්කු නිසා අටන් බේරුනා .නැත්තම් අදත් දොර ගාව දනගහගෙන ඉන්න වෙනවා ...හැක් හැක්
Delete///නැත්තම් අදත් දොර ගාව දනගහගෙන ඉන්න වෙනවා ...හැක් හැක්/// +++++++++++++++
Delete@ තිස්ස දොඩන්ගොඩJuly 28, 2015 at 10:08 AM
Deleteමේ වගේ අඩුපාඩු, සිංහල බ්ලොග් බොහොමයක දකින්නට ලැබෙනවා. සඤ්ඤක අකුරු ගැන නොසළකා හැරීම, රකාරාංශය, යංශය, රේඵය, ගැන නොසැළකීම, රැ සහ රු යන අකුරුදෙක පටලවාගනීම බහුලයි.
අටම් වැරදි නිවැරදි කරගැනීම අගය කරනවා.
ඉතින් කියුවේ නැනේ
Delete...ඟි...... ඳු ..
ලියන විදිහ විජේසේකරයෙන් ....මං ඒක කොපි පේස්ට් කරා
මෙතන තියේ ඔක්කොම මචෝ..!
Deletehttp://www.nongnu.org/sinhala/doc/keymaps/sinhala-keyboard_1.html
[Alt] + [.] = ඟ
[Alt] + [o] = ඳ
google input tools වලදී නම්;
Deletehangima = හැඟීම
anduma = ඇඳුම
handa = හඬ
handa = හඳ
අටං අයියා... පට්ටයි බං...
ReplyDelete//ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්// මටත් වගක් නෑ බං
පොස්ට් අතරින් පතර මේ වගේ ලස්සන කවිත් පළකරන්ඩෝ
ReplyDeleteජයවේවා අටමයියා!
පරණ සෙල්ලං තාම නෑ නොවැ හිතිං මුගෙ අවතැන් වෙලා
ReplyDeleteඑනපොට හොඳ නෑ ජොසී කෙල්ල ගෙට ගං.
ReplyDeleteඅටං අය්යේ Blog Archive එක උඩට දාපං බං. පරණ පෝස්ට් එකක් හොයන්නත් පහලටම එන්න වෙනවා.
ReplyDeleteඔය ඇස් අමතක වෙන්න නම් - මගේ ඇස් පියවෙන්න වෙයි … හුකෑස් :D :D
ReplyDeleteලඟදිම ලැබෙයි
Deletehttp://www.dailymail.co.uk/sport/rugbyunion/article-2508758/Worst-sports-black-eyes-England-captain-Chris-Robshaw-gets-shiner-Autumn-International-New-Zealand.html
අම්මෝ !!! :D
Deleteඔන්න පරන කුණු එලියට ඇවිල්ලෝ....අටමියෝ...ඇලට් එකේ හිටපියෝ
ReplyDeleteකවිය නම් බොක්කටම වැදුනා
මදාවිගේ කවි ඇරෙන්න අනිත් ජාතිවල කවි කියවන්න කම්මැලියි බං...
ReplyDeleteකසුට්ටාගේ පෝස්ට් එක බලල ආපහු ඇවිත් කයිය කියෙව්වා...
Deleteපොඩි මෙව්වා එකක් නැත්තෙත් නැහැ...
එළ...
උඹ මේ කවියෙන් කියන ඒව මිසක් , අපේනම් මේ වගේ දේවල් තුන්හිතකවත් නෑ. අනික අත පිරිමැදල රොන් ගන්න .....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහත්තිලව්වයි අටමා........... මොකෑ වුණේ............. අනේ උඹ පව් කියලා හිතෙනවා බං...... මොනවා වුණත් ඔය අතගාන වෙලාවක අපිත් ඒයාව මතක් කරාය කියපං........ රොන් ගන්න ගිහින් තුඩ කඩා ගන්නවා ඒහෙම නෙමෙයි.... හරිද????
ReplyDelete//සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්//
ReplyDeleteපිපුණු මලක් නම් තලලා රොන් ගනිමී....
කැකුලු මල නිසා නොතලා යන්න යමී.....
"වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
Deleteනිරන්තරේ දුකමයි දැනුනේ අපට
පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට"
උපරිමයි මචෝ... මම හිතන්නේ උඹ ලිව්ව හොඳම එක...
ReplyDeleteබලාගෙන ඉතින්..... අනේ මල්ලැල්ලෑ....
හ්ම්...................මිනිස්සුන්ගේ හිතේ මේ වගේ අතීතාවර්ජන ඇතිවීම ස්වාභාවිකයි.
ReplyDeleteඅතීතාවර්ජනයට ප්‍රේමය මුසුවී තිබීම සුන්දරයි.
සුන්දර ප්‍රේමයක්, සිතුවිල්ලකට පමණක් සීමාවී, හද තුළ රැඳුණු මතකයක් වීම, ආනන්දනීයි.
මේ අත්දැකීම අපිත් එක්ක බෙදාගැනීම ආකර්ෂණීයයි.
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්
ReplyDeleteහ්ම්ම් ඇයි ලෝකෙට පේන්නැත්තේ
කොටුවක් පනින්නද මේ ලෑස්තිය...... ගියොත් ගියා.....
ReplyDeleteඑල ද බ්‍රා
ReplyDelete//හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්// ++++++++++++++++++++++++++ සුපිරියි!
ReplyDeleteසිතේ රැඳුනා...
ReplyDeleteහදේ ඇඳුනා...
ඔබේ රුව මා...// ;)
ලස්සන කවි ටිකක්.
ජය වේවා!!!
https://www.youtube.com/watch?v=1TSxzZSC2JI
ReplyDeleteලබනා සෙනෙහේ මට මදිවුනාදෝ
ReplyDeleteහදවත මගේ සියුමැලි වැඩිවුනාදෝ
සෙනෙහස මගේ ඔබහට වැටහුනාදෝ
ලෙන්ගතු වන්නවත් මට පිං මදි වුනාදෝ
සැහේන කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවෙි
Delete