Popular Posts

2012-05-03

මරාගන කෑම


අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා ලස්සන ලස්සන උන්. 

එ උන්දගේ හාමිනේගේ අම්මන්ඩිත් ඉන්නවා එ ගෙදර. රියල් ආච්චි අම්මා කෙනෙක්.මමත් ඉතින් ගිය රාජකාරිය කොර කොර ඉන්නවා. ආවා එවුන්දැ මගේ ලගට.( අතේ මේසපිහියක්). 


‍ ''..අනේ පුතේ කපලා දියන්කො අර කූකූළා..''

අහුලන් කන සතා කොහොමද දෙයියනේ කපන්නේ , මම ආච්චිට අහිංසක බැල්මක් දැම්මා.උන්දැ කට පැත්තට හිනාවක් දැම්මා එ හිනාව ඇතූලේ නොදකින් පොන්නයා වගේ අදහසක් ගැබ්වෙලා තියනවා කියලා මට හිතූනා.කොහොමින් කොහොමින් හරි දවල් බතටත් කතා කලා.

  දවල්ට කන්ඩ බෝම්බ ගහලා වගේ චුටියට කපපු කොක්කා මාළුත් තිබුනා. මමත් දැන් හිමිහිට කනවා, ආච්චි කෑම මේසය ලග කැරකි කැරකී ඉන්නවා.ටික වේළාවකින් උන්දැ අහක බලාගන මෙන්න මෙහෙම කියාගන කූස්සියට ගියා.


  ''....සුද්ධකරලා දෙන්ඩ බැරුවට මුන්ට අඹරන්ඩනම් පුළුවන්....''

2 comments:

  1. අඹරන කොට කවුද ,අයියෝ ජාතකේ හොයන්නේ !!!!
    😁😁😁😁😅😅😅😂😂

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>