2012-10-13

වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම , The wrong needle is the wrong side



මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.  

කොම්පියුටරයකට         රැම් එකක් ගහනවා වාගේ, සොප්ට්වෙයාර් එකක් ඔබනවා වාගේ මේක ලේසි නැ ඔලුවට දාගන්ඩ. මෙෂින් එකින් එකට , උපාංග සහ ක්‍රමවේදය වෙනස් තරමක් දුරට

මෙහෙම හිතමුකෝ

ඔයාලට සිංගර් නෝමල් මෙෂින් එක කියපුවහම  පැනපු ගමන්

'' ආ මම දන්නවා අර කළුපාට ආච්චිලාගේ කාලේ මැසිමනේ ''

ඔක්කොම කළුපාට මෙෂින් උනාට ඔව්වා එකින් එකට වෙනස්

එක් එක් රටවල්වල නිෂ්පාදනය කරන ලද මෙෂින් වල සමහරක් කොටස් වල වෙනස්කම් දකින්න පුළුවන්, කළුපාට නොමල් මෙෂින් වෙළද නාමයන් විශාල ප්‍රමාණයක් යටතේ  දකින්න පූළුවන් 


තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් 

" අනේ ඕක මොකක්ද මෙයා ඉදිකට්ට දාන එක මහලොකූ වැඩක්ද "

මහලොකු වැඩක් නෙමෙයි උනාට දවසකට එක්කෙනෙක්වත් මැසිම උස්සගන එනවා ඉදිකටු වැරදියට දාගන

 '' අනේ බලන්ඩකො මැහෙන්නැ අප්පා කියාගන ''

එහෙම එන සමහරක් උන්දලා රටේ නම්දරාපු මැහුම්කාරියෝ, ඒක හන්දා මේ කතන්දරය මහන ඈයොන්ට ඉතාමත් වැදගත්වෙනවා

*** බහුලව සිද්ධවෙන ඉදිකටු සම්බන්ද වැරදි ***

1) මේෂින් එකට අදාල නොවන වැරදි ඉදිකටු භාවිතා කිරිම

2) ඉදිකට්ට වැරදි පැත්තට සවිකිරිම සහ ඉදිකට්ට බාගෙට සවීකිරිම

3) මොට්ට , ඇදවු ඉදිකටු , ගලවා ඉවත්කල ඉදිකටු භාවිතා කිරිම , බාල ඉදිකටු (ගුණාත්මක බවින් අඩු) භාවිතා කරීම

දැන් මෙව්වා ඔක්කොම ඔක්කොම එකට ලියන්ඩ ගියොත් පැටලිලි සහිත වෙයි , 

උඩින් කියපු කරුණු තූන ගැන වෙන වෙනම  ලියන්නම් , එතකොට හැමෝටම ලේසිවෙයි.

ඉදිකටු ගැන සරලව තේරුම් කරන්න තියන ලේසිම විදිහ තමා මෙෂින් එක පෙන්නලා ඉදිකට්ට මොකක්ද කියලා කියන එක. ඒක නිසා මම එහෙම කරන්නං.



අපි ගෙවල්වල පාවිච්චි කරන නෝමල් සහ සිග්සැග් මෙෂින් වලට පාවිච්චි කරන ඉදිකටුවල කියන නම තමයි HA

‍මෙන්න මේ වගේ මෙෂින් වලට








අපි මිලදී ගත යුත්තේ ගානවැඩි උනත් හොද ඉදිකටු. ඒ ඇයි කියලා දන්නවද , සමහරක් වේලාවට හොදට වැඩ කරන මෙෂින් එකක් උනත් අවුල් වෙනවා තත්වයෙන් බාල ඉදිකටු සවීකිරීම නිසා.

මෙන්න හොද එව්වා









කඩදාසිකොල පැකට්වල ඔතලා තියන ඉදිකටු ගන්න එපා



ලංකාවේ පහසුවෙන් මීළදි ගන්න පුළුවන් හොද ඉදිකට්ට තමයි ඔය උඩින් තියන  සිංගර් රතුපාට ඉටිකොළ පැකට් එක, ඉදිකටු ගන්නකොට ඒ පැකට් එකම ඉල්ලන්න.

ඒ ඉදිකට්ටෙත් වර්ග දෙකක් තියනවා


සාමාන්‍ය රෙදි මැසිම සදහා HA 2020
මේ ඉදිකට්ටේ මැසිමට සවීකරන ඉහල කොටස රතූපාටින් පාටකරලා තියනවා.




ටීෂර්ට් රෙදිවැනි ඇදෙන රෙදි මැසීම සදහා HA 2045

මේ ඉදිකට්ටේ මැසිමට සවිකරන කොටස රත්තරන් පාටින් පාටකරලා තියනවා.  ඉදිකටු තුඩ සුමට ආකාරයෙන් නිමවා තියනවා රෙදිවලට හානියක් නොවන ලෙසට.

ඇත්තටම වෙන්නේ මේකයි, මේ ඉදිකට්ටේ තූඩ රෙදීවල සියුම් නූල් අතරින් රින්ගලා අනිත් පැත්තට බටර්වගේ යනවා.

මේ ඉදිකටු වර්ගයට කට්ටිය නම් ගොඩක් කියනවා

රැංග්ලරු ඉදිකටු

බෝල් පොයින්ට් ඉදිකටු

වෙට්ලුක් ඉදිකටු

ඩියුරෝ ඉදිකටු 


( වෙනත් නිෂ්පාදකයන්  BP   /    K5  වැනි ඒ ඒ සමාගමට අදාල නම් භාවිතා කරනවා )

එහෙම උනයි කියල මේකෙන් සාමාන්‍ය රෙදි මහන්න බැරිකමකුත් නැ

ඔය ඉදිකටු වර්ග දෙකේම ප්‍රධාන වර්ණ තීරුවට යටින් තියනවා කූඩා වර්ණ තීරුවක් ඒ තීරුවෙන් කියවෙන්නේ ඉදිකටු size එක, මෙන්න මේ විදිහට 

9  කොළ

11  තැඹිලි

14  නිල්

16  දම්

18  කහ

21  දුඹුරු


කලාතුරකින් ඔය සයිස් පහම එක පැකට් එකක එන වෙලාවලුත් තියනවා

තමන් මහන රෙද්දත් එක්ක ඒකට ගැලපෙන ඉදිකටු සයිස් එක සහ වර්ගය තෝරා ගැනීමෙන් උසස් ප්‍රතිපල ලබාගන්න පුලුවන් ,

මේ ඉදිකටු සවිකරනකොට හැම වෙලාවෙම ඉදිකටුවේ නූලට පැටලෙන කැරියර් එක පැත්තට ඉදිකටුවේ පැතලි පැත්ත හිටින විදිහටයි සවිකරන්නේ

දැන් දන්නවනේ අපි ගන්ඩ ඕන මොන ඉදිකට්ටද කියලා



fn 2 චයිනීස් ඔවර් ලොක්



මම මේ කියන්න යන්නේ අපේ රටේ මහන මෙෂින් ගෙන්වන මහත්තුරු වැඩිදෙනෙක් අපිට විකුණන මෙෂින් එකක් ( චීනයේ නිෂ්පාදනය කරන මේ මාදිලිය එච්චර හොද එකක් නෙමෙයි )  

FN-2 නමින් හදුන්වන මෙම මහන යන්ත්‍රයට සවිකරන්න ඕන නිවැරදි  ඉදි කටු වර්ගය හදුන්වන්නේ DP x 5 නමින්.




අපි කලින් කතා කරපු HA ඉදිකටුවත් එක්ක බලපුවහම මේ ඉදිකට්ට දිගින් එක සමානයි

මෙෂින් එකට සවීවන උඩ කොටස රවුම් ස්වභාවයකින් නිම කරලා තියනවා ( පැහැදිලි මදිද:  අර කලින් ලිපියේ සදහන් කරපු HA  ඉදිකටුවල මෙෂින් එකට හයිකරන කදකොටසේ එක පැත්තක් පැතලියට තියනවා කියලා කියුවා මතකයිනේ මෙතෙන්දි එහෙම නැ, ඉදිකට්ටේ මෙසිමට සවිවන ඉහල කොටස සම්පුර්ණයෙන්ම රවුම් )


ඉදිකට්ටේ පහල කොටසත් HA ඉදිකට්ටට වඩා ටිකක් රවුම් ස්වභාවයක්  ගන්නවා

HA ඉදිකට්ටේ වගේම ඉදිරිපස කානුවක් වැනි දාරය සහ පිටුපස පහල කොටසේ ඇතුලට නෙරා ගිය වක්වු හැඩයන්ද මේ ඉදිකට්ටේ එලෙසම දකින්න පුළුවන්

9 / 11 / 14 / 16 / 18 / 21 /23 කියන ප්‍රමාණ වලින් මිළදි ගන්න පුළුවන්

ඇදෙන සුළු රෙදි වර්ග (ටීෂර්ට් වැනි) මැසීම සදහා විශේෂයෙන් නිර්මාණය කල බෝල් පොයින්ට් ඉදිකටු ( HA ඉදිකටුවල වාගේ ) තියනවා, එව්වා හදුන්වන්නේ මෙන්න මෙහෙම

DP - BP ,  DP - K5  ඔන්න ඔය වගේ ( පිටුපස අකුරු දෙක නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක )

තත්වයෙන් බාල සහ උසස් තවයේ ඉදිකටු දකින්නට ලැබෙන නිසා මීළදි ගැනිමෙදි සැලකිලිමත්වීම ඉතා වැදගත්වෙනවා, එය හරිම සරලයි, කල යුත්තේ මිලෙන් වැඩි හොද ඇසුරුමක තියෙන ඉදිකටු මිලදි ගැනිම පමණයි.




දැන් බලමුකෝ DC ඉදිකටු ගැන


මෙන්න ඉන්දියන් ඔවර්ලොක් මෙෂින්



ගෙදර පාවිච්චියට , පොඩි බිස්නස් එකකට ගන්නවානං ගන්න ඕන නියම ඔවර්ලොක් මෙෂින් එක , මේව්වා නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ.

 චයිනීස් GN-1 මෙෂින් වලට බොහෝ දුරට සමාන උනත් , වැඩට බැස්සහම අහසට පොළව වගේ. මේ මෙෂින් එක ගැන විස්තර පසුවට කතා කරමු අද කියන්නේ ඉදිකට්ට ගැන.

  මේකට හයිකරන්නේ DC ඉදිකටු



චයිනීස් GN -1


මෙන්න තවත් චීනයේ නිෂ්පාදනය කරන ..ඔවර් ලොක්.. මෙෂින් එකක්. මේකට කියන නම  තමයි GN-1

මේ මෙෂින් වර්ග දෙකටම පාවිච්චි කරන්නේ DC ඉදිකටු

DC ඉදිකට්ට ඔය අපි ලිපියේ ඉහලදි දැක්ක  DP ඉදිකට්ට වඩා මිලිමීටර්  6  ක් විතර කොටයි

මෙෂින් එකට සවිවන කොටසත් DP ඉදි කට්ටකට සමානයි

ඉදිකට්ටේ පහල කොටසත් DP ඉදිකට්ට හා බොහෝ දුරට සමානයි

DP සහ DC ඉදිකටු අතර තියන ඔබට වැදගත්වන එකම වෙනස උස පමණයි

මේවායෙත් අපිට බොල්පොයින් ඉදිකටු මිලදී ගන්න පුලුවන්





high speed overlock sewing machine






මෙන්න මේ හයිස්පීඩ් ඔවර් ලොක් මෙෂින් වලටත් දාන්නෙ අර අපි කලින් කියපු DC ඉදිකටුම තමා






high speed nomal sewing machine






මෙන්න මේ හයිස්පීඩ් නෝමල් මෙෂින්වලට දාන්නේ  DB සහ DP ඉදිකටු , 
DB නිඩ්ල් බාර් එකක් සහිත මෙෂින්වලට DB ඉදිකටුද ,  
DP නිඩ්ල් බාර් එකක් සහිත මෙෂින්වලට  DP ඉදිකටුද යෙදිය යුතුයි

සාමන්‍ය රෙදි මැසීමට නිෂ්පාදනය කල මෙෂින්වලට DB ඉදිකටු සහ ගණකම් රෙදි මැසීමට නිෂ්පාදනය කරපු මෙෂින් වලට  DP ඉදිකටුත් සවිකරන්න ඕන

අවශ්‍ය නම් DB නීඩ්ල් බාර් තියන මෙෂින් එකකට DP නිඩ්ල් බාර් එකක් සවිකරන්නත් පුලුවන්

ඉදිකටු දෙකේ වෙනස  DP ඉදිකටුවේ සවිවන කොටසට වඩා තරමක් සිහින්ව DB ඉදිකටුවේ සවිවන කොටස නිර්මාණය කර තිබීම තමයි
මේ වර්ග දෙකේම ලෙදර් ෆොයිට් එහෙම නැත්නම් LR කියලා උප වර්ගයකුත් තියනවා ඒක භාවිතා කරන්නේ ලෙදර් සහ රෙක්සින් මැසීමට

ඇදෙන සහ සියුම් රෙදි මැසීමට BP හෝ K5 නමින් හදුන්වන උප වර්ගයකුත් තියනවා
ඒවා නම් කරන්නේ මේ  විදිහට
DB
DB - BP
DB - K5
DB - LR
DP
DP - BP
DP - K5
DP - LR

3 comments:

  1. මෙහේ කඩවල් වලනං ගොඩක් තියෙන්නෙ කඩදාසි පැකට් එකේ එන එක තමයි. ඔය වගේ ඒව ගන්නනං සිංගර් එකටම යන්න වෙනව.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • බැරි උන හරිය ඔයාම කාගන්ඩ
    '' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ '' '' මට බැ '' '' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම '' '' අනේ මං කන්නැ '' '' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
  • නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්
    අතීතේ සියවරක් මා ඔබව බලා උන් දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන් ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන් දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන් මා දමා ගිය…
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
    යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ…
  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • How to identify high quality needles
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • Presser Feet Guide Of Household Sewing machines ,  different presser feet that do a lot of other functions , විශේෂ කාර්ය්‍යන් සදහා භාවිතා කිරීමට ගෘහස්ථ මහන මෙෂින් සදහා නිපදවා ඇති පුට් වර්ග සහ ඒවායෙන් පහසුවෙන් මසාගතහැකි මැහුම්.
    ම්  ම්  ම්  ... කොතනින්ද මේක පටන් ගන්නේ .... හොදයි  ...මෙහෙම පටන් ගමුකෝ , අදකාලේ මහන මෙෂින් එකක් සල්ලි දිලාගන්නකොට බොබින් දෙක…
1,645,070

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>