2014-05-11

සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින් මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට

 , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front'





ඇයි අවුල්ද .

හිනාවෙන්ඩ එපා ,

දැන් බලන්ඩකෝ රටේ මොන ප්‍රශ්නයක් උනත් එව්වට උත්තර තියනවනේ බ්ලොග් කාරයෝ ලග , නැ නිකමට හිතන්ඩකෝ අපිට එදිනෙදා අහන්ඩ දකින්ඩ ලැබෙන මොන ප්‍රශ්නයට ගැටලුවට උනත් උත්තරය තියනවනේ සිංහල බ්ලොග් වල , ආයේ ඉතින් රට කරවන , නීතිය කොරවන එකාලටවත් තියනවද රටේ ප්‍රශ්නවලට එහෙම නිර්මාණශීලි උත්තර , අපේ උන්ට රට බාර දුන්නානං ආයේ ඉතින් පණ ගහල සුරපුරයක් කොරල ගත්තහැකි එක අවුරුද්දට , නිකම්ම නෙමෙයි රට සංවර්ධනය කරල මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් කරල නවීන ලෝකයට ගැලපෙන විදිහට.

අනික තමයි සිංහල බ්ලොග් කාරයෝ අතරේ නැනේ ඔය ටෙන්ඩර් මගඩි කරන කොමිස් ගහන අඩුම තරමේ පාරේ වැටිලා තියන රුපියල් පහක්වත් සාක්කුවට දාගන්න එකෙක්වත් , ඒ විතරක් යැ පොඩි කාලේ බිජු කොටෝපු , කෙල්ලන්ව දං කඩන්ඩ එක්ක ගිය එකෙක්වත් නැ , සත්තු මරණ උන් නැ , කුණුහාරප කියන උන් නැ , ගහමරාගන්න උන් නැ , කොටින්ම ඩබල් ඉරි කපල ඉස්සර කරන , කන්තෝරුවෙන් ඒෆෝ කොලයක් ගෙදර ගෙනියන එකෙක්වත් නැ , රට ජාතියට පට්ට ආදරෙයි , පාරේ ඉන්න හිගන පැටියටත් උම්මා එකක් දීලා යන පොරවල් ඉන්නේ .

ඔය කාරනාව ජනතාව හොදට තේරුම් අරන් ඉන්න හන්දා තමයි මේ තරම් සිංහල බ්ලොග් කියවන්නේ , මගේ අම්මෝ කෑමක් හැදුව එකක් , වෙහෙරක් වදින්ඩ ගිය එකක් , බස් එකක් ජැක් ගැහුව එකක් , රෙද්ද අහක් වෙච්ච එකක් උනත් දැම්මහම තියන පේක්ෂක ප්‍රතිචාරේ , වෙන කවුරුවත් නෙමෙයි රටේ ජනතාව තමා ඔය එන්නේ බොගදාපුවා බලන්ඩ ,

ඒකනේ ඔච්චර ඇනෝල ඉන්නේ . ගුගල් ෆෝපයිල් එකක් , බ්ලොගර් ෆෝපයිල් එකක්වත් නැ , සර්වසුභවාදි , ජාතිකවාදි ( ජාතිවාදි නෙමෙයි ) පරමාදර්ශි ජනතාව තමයි ඔය කමෙන්ට් කරන්නේ ,

( මොකක්ද ..... ඔය එන්නේ බ්ලොග් කාරයෝමයි )


අනේ පලයං මල්ලි යන්ඩ එකෙක් දෙන්නෙක් ඉන්නව තමා කාණු පණුවෝ , ඒ උනාට සිංහල බ්ලොග් කාරයෝ බහුතරය අඹ මලෙන් උපන්  සිංහපෝතකයෝ , ආයේ ඉතින් වෙඩි වගේ තමා , පුක බිම ඇනුනත් බෙට්ට කෙලින් , කන්ඩ නැතත් ගු කන්නේ නැ , ප්ලැටිනම් වගේ පිරිසිදු සුපිරි පොරවල් .
ඒකනේ බං මිනිස්සු ඉල්ලන්නේ පස්සයක් අටවගන ඉල්ලන්ඩ කියල රට කොරන්ඩ , දැන් ඉතින් මිනිස්සු ඉල්ලන හන්දා මැතිවරනෙට ඉදිරිපත් වෙනවා මිසක් ,  බ්ලොග් කාරයන්ට නැනේ එහෙම පරම්පරා පෝසනය කොරන්ඩ ගොඩ ගහන . හොදට ඉන්න එකේකුට මඩ ගන්ඩ , චරිත ගාතනේ කොරන්ඩ ආසාවක් මිනිස්සු ඉල්ලන හන්දමයි මේ ඡන්දෙට ඉල්ලන්නේ .

අනිවා බඩේ බත් වාගේ සුවර් අපි දිනනවා , එහෙම දින්නහම අපි  පිහිටවන අපේ ජනතාවාදී රජයේ ඡායා ඇමති මංඩලයට දැනට යෝජනා වෙලා තියන නම් සහ තනතුරු තමයි මේ පහලින් තියෙන්නේ ,
තව ගොඩක් පුරප්පාඩු තියනවා , එව්වට ගැලපෙන කෙනෙක් යෝජනා කොරන්ඩත් පුළුවන් , දැනට යෝජනා කරපු නම් වලට කැමති නැත්තං ඒ ඇමතිකං වලට ගැලපෙන කෙනෙක් යෝජනා කරන්ඩත් පුළුවන් ,

එහෙමත් නැත්තං මට අරක ඕන මට මේක ඕන කියල කියන්ඩත් පුළුවන්, ඔය ඇමතිකං ඇරුනහම , තියනව නියෝජ්‍ය ඇමතිකං , සංස්ථා සභාපතිකං , එතනින් ගියහම තානාපති කං , ඇයි රජයට අනුබද්ධ ආයතනවල මුල්පුටු , ඒවට ඉතින් අපේ බ්ලොග් කාරයන්ට ඉල්ලිම් කරන්ඩ පුළුවං.

ඔන්න පහලින් ඉන්නව කට්ටිය , ටිපෙක්ස් කරන්ඩ ඕන කට්ටිය ටි‍පෙක්ස් කරන්ඩ , ටිපෙක්ස් උඩින් අළුත් නම් ලියන්ඩ , තවමත් පත් කරල නැති තනතුරුවලට කාවහරි යෝජනා කරන්ඩ පුළුවං , ඕන්නං අළුත් ඇමතිකං , තනතුරු එහෙමත් යෝජනාකරල අනුමත කරල පත්කරගන්ඩ පුළුවන් , අපි අපිනේ ඉතින් , මොනවා කරගන්ඩ බැරිද ,



බුද්ධශාසන අමාත්‍ය
චතුෂ තුෂර කුමාර මැතිතුමා

මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය
ඉන්දික උපශාන්ත මැතිතුමා

රාජ්‍ය කළමනාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අරුණි ශෆිරෝ මැතිනිය

වරාය සංවර්ධන අමාත්‍ය
සරත් ලංකාප්‍රීය මැතිතුමා

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
රවී වීරසිංහ මැතිතුමා

දේශීය වෛද්‍ය අමාත්‍ය
ආර් පි සුසන්ත

ආර්ථික සංවර්ධන , සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය
අභිත එදිරිසිංහ මැතිතුමා

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා , අන්‍යආගමික කටයුතු පිලිබද අමාත්‍ය
හැලපයියා මැතිතුමා

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
හිරු නැති හෝරාව මැතිනිය

පශු සම්පත් කටයුතු
රාජ්ගේ නවාතැන මැතිතුමා

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
නිහිංසා මැතිනිය

ක්‍රීඩා අමාත්‍ය
සුදික කන්නංගර මැතිතුමා

ව්‍යවස්ථා සංශෝධනය , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිලිබද අමාත්‍ය
අජිත් පැරකුම් මැතිතුමා

ධීවර කටයුතු පිලිබද අමාත්‍ය
දුලිප් සිකුරාජපති මැතිතුමා

ළමා සංවර්ධන අමාත්‍ය
අනුෂ්ක ලක්මාල් මැතිතුමා

කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය
කෙන්ජි ඔගාවා

ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ , ප්‍රවෘත්ති අමාත්‍ය
නලින් දිල්රුක්ෂ මැතිතුමා
( මීට අමතරව රජයේ මාධ්‍ය ප්‍රකාශක )

ගුවන්සේවා ‍අමාත්‍ය
මලිත් කුෂාන් මැතිතුමා

ගුවන්සේවා ‍නියෝජ්‍ය අමාත්‍ය
තරියාගේ කෙරුවාව මැතිතුමා

ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
රසික නානායක්කාර මැතිතුමා

සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ
කොන දෙමළ ප්‍රසන්න මැතිතුමා

ආපදා කළමනාකරණ අමාත්‍ය
සෙන්නා කුරුන්ද මැතිතුමා

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
විදානෙ මලදානේ මැතිතුමා

සෞඛ්‍ය අමාත්‍ය
ප්‍රදීප් චන්දන මැතිතුමා

නැවත පදිංචි කිරීම් , ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
රසික සූරියආරච්චි මැතිතුමා

ග්‍රම සංවර්ධන අමාත්‍ය
සදරුවන් හිස්අහස මැතිතුමා

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
මොඩන් ෆේට්රියට් මැතිතුමා

අධ්‍යාපන අමාත්‍ය
හෙන්රි ජයවර්ධන මැතිතුමා

උසස් අධ්‍යාපන අමාත්‍ය
සංවේදී මැතිතුමා

අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍ය
වැප් නිශාන්ත මහතා

අධිකරණ අමාත්‍ය
දයානන්ද රත්නායක මැතිතුමා

සමාජ සේවා අමාත්‍ය
බුද්ධි  ප්‍රසාද් මැතිතුමා

පරිසර වන සම්පත් කලමනාකරන අමාත්‍ය
ගාමීණිගේ විජිතය මැතිතුමා

කම්කර සබඳතා හා ඵලදායීතා සංවර්ධන අමාත්‍ය
ඉවාන් ගෙඹිලූෂා මැතිතුමා

විනෝද කටයුතු පිලිබද අමාත්‍ය
පත්තර මල්ලි මැතිතුමා

තැපැල් හා විදුලි සංදේශ
අමිල චතුරංග මැතිතුමා

දැනට කිසිවෙකු නම් නොකරන ලද  ඇමති මංඩලය
ගරු අග්‍රමාත්‍යතුමා
ආරක්ෂක ඇමතිතුමා
මහාමාර්ග කටයුතු
ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය
පළාත් පාලන හා පළාත් සභා
කර්මාන්ත හා වානිජ කටයුතු
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්
විදුලිබල හා බලශක්ති
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
ආර්ථික කටයුතු
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
පාර්ලිමේන්තු කටයුතු
තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
කෘෂිකර්ම
ප්‍රවාහන
තැපැල් හා විදුලි සංදේශ
රාජ්‍ය කළමනාකරන හා ප්‍රතිසංස්කරණ
ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
ඛණිජ තෙල් කර්මාන්ත
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
විදේශ කටයුතු
සමාජ සේවා
තාක්ෂණ හා පරියේෂණ කටයුතු
වැවිලි කර්මාන්ත අමාත්‍ය


සිංහල බ්ලොග් පෙරමුණේ
මහ ලේකම් ,
පක්ෂ නායක ,
ඇතුලු  පක්ෂයේ අනිකුත් නිල තනතුරුවලටද මෙතෙක් නම් යෝජනාවී නොමැති අතර , ඒ සදහාද නම් යෝජනා කොට පත්කරගත හැක.

මිට අමතරව රජයේ යම් යම් තනතුරු කිහිපයකට නම් යෝජනා කොට ඇති අතර ඒ තනතුරු සහ යෝජනා කරන ලද අයලුවන් පහත දැක්වේ , අනිකුත් තනතුරු සදහාද නම්යෝජනා කොට ස්ථිරකරගත හැක

පුරාවිද්‍ය කොමසාරිස්
විචාරක මැතිතුමා

සුරාබදු කොමසාරිස්
වේසකයා මැතිතුමා

අන්තරායකර ඖෂධ පාලන අධිකාරි
ජනිත් අරන්දර මැතිතුමා

සභාපති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ඨාව
දමිත් ගූණවර්ධන මැතිතුමා

ජාතික කිරි මංඩලයේ සාභාපති
අපුර්වී ඔමාය මැතිනිය

සිංහල බ්ලොග් පෙරමුණට ජයවේවා , සිංහල බ්ලොග් දිගුකල් දිනේවා , ශ්‍රී ලංකා මාතාව බැබලේවා .

351 comments:

  1. කිරි මණිඩලේ - අපූර්වි මැතිනිය ,,

    හුකෑස් !!!!

    එතකොට එයාගෙ ආසනේ අඹේවෙල වෙන්ටෑ !!!!

    පශු වෛද්‍ය වරයා සමියා මැතිතුමා ..

    පට්ටයි යකෝ පට්ටයි..

    ReplyDelete
    Replies
    1. කිරි මණිඩලේ - අපූර්වි මැතිනිය ,,

      සැරට හිනා යනව ඕයි

      Delete
    2. වදන් නෑ පවසන්ඩ ලොක්කා ..

      අභිජනන මධ්‍යස්තාන දායි ලංකාව වටේ !!!!!!

      ජාතියේ කිරි මව. හුකෑස්

      Delete
    3. යකෝ ඒකනම් වෙනස් කල යුතුයි වගේ ..

      Delete
    4. මොනව කන්නද කන ටික කයි සමියා. ඒ තරං කිරි මංඩලේ සුපියිරිනේ යකෝ ආඩම්බර වෙයන්....පත්තර මලයෝ මෙන්ස දවසේ කමෙන්ටුව....

      Delete
    5. ඕ යේස් නලින් අයියා.. සමියට කිරි වැඩිවෙලා කිරි මුදවලත් කනවලු බං ..

      Delete
    6. උබලා හිනාවෙයල්ලකෝ ඉදගෙන .උබලා ඔක්කොම එක්ක මං තරහයි. :(

      Delete
    7. මේ දවස්වල අත ලෙවකනවාලු.

      Delete
  2. හම්මේ ඉතින්.. රට කොරවිල්ල කෙසේ වෙතත් රටට කොරයි..

    ReplyDelete
    Replies
    1. නෑ බං මේකේ ඕනම දේකට උත්තර තියනවනේ ඉතිං මේක නරකද? දැන් කොරහල්ලකෝ....

      Delete
  3. මේකෙ හොඳටම ගැලපෙන්න දීල තියෙන්නෙ සුරාබදු කොමසාරිස් තනතුර.

    ReplyDelete
    Replies
    1. මං රාජ්ව යෝජනා කරනවා විපක්ෂ නායක කමට....

      Delete
    2. ඇයි මැතිවරණ කොමසාරිස් ?????

      ගනින උන්ට අරක්කු දෙයි ජබු ගහන්ඩ !!

      Delete
    3. තමා තවදුරටත් රජයේ රැකියාවක ඉන්න ආසද? නැද්ද? රාජ්

      Delete
  4. එකම ඇමති කම කීප දෙනෙකුට කරන්න බැරිද??

    රාජ්‍ය ගුවන් සේවා අමාත්‍ය ධූරය සදහා මා ඉෂාර ගුණවර්ධන මහතාගේ නම යෝජනා කරමි...

    ReplyDelete
    Replies
    1. මමත් මේ කියන්න ආවේ... ගුවන් කටයුතු සම්බන්ධ සියළු ඇමති කම් ඉෂාර මහතාට දෙන්න ඕනා.. ඒකට වෙන කවුරුවත් නෑ.. ආයේ...

      Delete
    2. නියෝජ්‍ය ඇමති කං දේශයි මමයි ගන්නං.. අපි ඇවිල්ලා රොකට් ඔස්තාර් ලා .. දවසෙං බාගයක් ඉන්නෙ හඳේ .. මූලික සුදුසුකං ඒවා !!

      Delete
    3. ඔයාගේ අමාත්‍යාංශය නම් දෙන්න පුළුවන් මේකේ ඉන්න කිපදෙනේක්ටම හැක් :)

      Delete
    4. අඩෙ මටත් ඔය අධික්ෂන මන්ත්‍රි කමක්වත් දියල්ල ඔකෙ.මමත් රොකට් වලට මනාපයි නොවැ

      Delete
    5. ඉස්සරනං මාත් රොකට්වලට මනාපයි ඒත් දැන් නං නෑ......

      Delete
    6. හුකෑස් !! යකෝ බ්ලොග් අවකාසෙ ඉන්නෙ මොක්කුද බොලව් මේ .චැහ් . දමි අයියා සැප කනේ :D

      Delete
    7. කෝ මේ දූසකයා ආව ගියා.. නෝ කතා නෝ සිනා....

      Delete
  5. අටමෝ,
    අද දිනය හා මාසය මොකක්ද කියල කැලැන්ඩරයෙන් බැලුවේ නැද්ද? අද මැයි මාසේ 11 දා මිසක් අප්‍රේල් 1 නෙමෙයි. ගොන් පාට් දාන්න නාස්ති කරන කාලය "ඔයාගේ අත් දෙක පිච්චුනාට සමා වෙන්න " කතාවේ ඉතුරු කොටස් ලියන්න පාවිචිචි කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මේකේ ගොන්පාට් එක කියපංකෝ උපහාස රසය උඹට තේරෙන්නේ නැද්ද? මුල් ටික හොදින් කියවපන්කෝ....

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. ඔක්කොවන්ටම කලින් මහින්ද එක්ක තරඟ කරන්න කෙනෙක්ව නම් කරලා හිටහන්.. අනේ අම්මේ රට බලන් ඉද්දි දියුණු වෙයි.. කාටදා ආඩම්බර...

    ReplyDelete
    Replies
    1. අත ළග එන්නේ ජනපතිවරණයක් නොවේ මහ මැතිවරණයක්. එයින් අනතුරුවයි මහින්ද එක්ක හැප්පෙන්න වෙන්නේ. ඒකටනං තාම එකෙක්වත් නැ. ඉන්නවනං ඉන්නේ රනිල් විතරයි. ඒත් එයා දැන්ම එන්නේ නෑ. තාම බෑ කියලා පුළුල් දැනුමක් ඇති රනිල් දන්නවා

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. නලින් අයියා හෙට අනිද්දා ප්‍ර ක තමා ඇනෝ , උඹ දුක් වෙලා පලක් නෑ !!4

      Delete
    4. ඇනා වරෙන් එදාට අඩියක් ගහන්න මං ගානේ

      Delete
  7. මගෙ නියෝජ්‍යකම අරූ මැතිතුමාට දීපං

    ReplyDelete
    Replies
    1. අත යට කීයක් ගත්තද අරූගෙන්....

      Delete
    2. මෙතැන ප්‍රැන්සිස්කකරනයක් වෙන්න යනවෝ

      Delete
  8. සේරටම කලිං මගේ ඇමති කමට ඉටිකිරිස් සෙකට්‍රි කෑල්ලක් දියං ,
    දෙක තුනක් හරි කමක් නෑ එතකොට මටත් ලේසියි .. !!!
    බ්ලොග් අවකාසෙං නං එපා වඳින්නං :D

    ReplyDelete
    Replies
    1. """බ්ලොග් අවකාසෙං නං එපා වඳින්නං :D"" හිනාවෙලා බඩ කොර

      Delete
    2. මං "වනිතා අක්කව යෝජනා කරනවා මල්ලියට "

      Delete
    3. අනෙ අම්මෝ එපා !!
      ඊට හොඳා උඹේ ෆාම් එකේ ඉන්න එළ වැස්සියෙක් දියං සෙකට්‍රි කමට :D

      Delete
    4. හි හි ඇයි බන් එයා උබව ගානට හදලා ගනී

      Delete
    5. හදන එක කොහොම උනත් කප්පාදු නං කරයි :D

      Delete
    6. ඔන්න ඔහෙ වනිතව බාර ගනින් බං. :)

      Delete
    7. එහෙම කොහොමද බං බැන්ද විතරයි.. අවුරුදු විසිගානක ඇරියස් එක්ව්න් කාලක් වත් ඉවර නෑ තව.. තොපි යාලුවොද බොලව් : D

      Delete
    8. එහෙම තමා බං කළ්‍යාණ මිත්‍රයො. :D

      හරි හරි උඹට වනිතාව බාර ගන්න බැරි නම්. 'පුරුෂ කට‍යුතු අමාත්‍යංශයක්' හදලා ඒකට වනිතාව දාලා. උඹව වනිතාට බාර දෙනවා. :)

      Delete
    9. මමත් කියන්නෙ පත්තරෙ උබ ඔකට වනිතව ගනින්.ප්‍රශ්නයක් වුනොත් අපි ඉන්නවනෙ උදවුවට.

      Delete
    10. මේ අමාත්‍යංශය දුන්නම ඇමතියා දැනගන්න ඕන තමංගේ කාර්ය මණ්ඩලය පත්තරගන්න.ඒක බැරිනං පලයං විපක්සෙට

      Delete
    11. සංසාරේ දමි අයියා , ඇමතිකමක් හින්ද පරම්පරා කුට්ටමට කෙලවෙන වැඩක් වෙන්නේ යකෝ .. කුජීතයි අංග විකලයි

      නලින් අයියා බැරිද කස්ටිය පිලිවෙලකට හදල කරල දෙන්ඩ මට .. : D

      Delete
    12. ප්‍රියෝ තොට නං මොකෑ , ඔන්න මං උඹට සෙකට්‍රි කමට යස්සනී දෙනවා කපං පුතා ටිංකිරි රෝස් පාං එක්ක .හුකෑස්

      Delete
    13. ඇමතිංකං දහයක් එක්කවත් ඒකිව නං එපා එක බැල්මයි අපි සුන්. අනේ සමියා.... දුකේ බැරුවා....

      Delete
    14. සෙකට්‍රි කියලා ගුටිකන්න පුලුවනෑ .. ඒකත් හරි

      Delete
    15. මට වනිතා පත්තර මල්ලිව යටකොරන් ඉන්න හැටි මැවිලා පේනවා යකෝ....

      Delete
  9. //සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ//
    යකෝ ඔය සමූපකාර ටික සුද්ද කරන්නම අවුරුදු දෙකක් විතර යයි.
    ඇයි ඕවයෙ තියෙන කුණු අල, ළූණු, හාල්මැස්සො ටික අයින් කරන එක සෙල්ලං වැඩක්යැ.

    කොහොමත් සමුපකාර අස්සෙ අභ්‍යන්තර වෙළෙදාං තියෙනවනෙ. :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ සමුපකාර වැඩෙත් නියමයි ඈ

      Delete
    2. අයියෙ උඹට සමුපකාරයක් නං කඩන්න වෙනවා පොසොන් එකට ගොඩකුඹුරට එන උන්ට කන්ඩ දෙන්ඩ !!

      Delete
    3. දැනටම 30ක් ඉන්නවා ගොඩකවෙල යන්න

      Delete
    4. එහෙනං සමුපකාරෙ හැරෙන්නත් මදි.

      සතොස ටම ගේම දෙන්න වෙනවා .

      Delete
    5. කාගිල්ස් එකක්ම කඩන්න ඉන්නෙ.

      Delete
    6. හිටහං පොසොන් ලගයි ....

      Delete
  10. Phone eken awe apoi hina yanawa appa.. ape paththareta niyama amthyansayak thiyenawaa. Niyamai atamo

    ReplyDelete
    Replies
    1. පල යන්ඩ.. උඹට නිව්සීලන්ඩ් වැස්සියංගෙන් කිරි දොවාගෙන " දීකිරි දීකිරි - ගෙනාව දී කිරි" කියල නට නට ගම වටේ ගිය හැකි :D

      Delete
    2. බලහං දැන් මෙහෙම එකක් මට දුන්නම මිනිස්සු මා ගැන වැරදි චිත්තරූප මවාගන්නවා ඉදගෙන :D

      Delete
    3. චිත්ත රූප මවාගන්ඩ දෙයක් නෑනේ .අටමා මම සෙට් එකම උඹව ඇස් දෙකට දැක්කනේ
      ඌ හිතට එකඟව දීල තියෙන්නෙ :D

      Delete
    4. :( :( :( අයි කිල් යු ග්ර්ර්

      Delete
    5. ආ ඔව් ඔව් .. ගල් හොඳා ..එක බෝතලයක් ඇති.. වඩෙ ත් ගෙනෙං ඈ.. ඉතුරුව අපි හොයාගන්නං.

      Delete
    6. නලින් අයියෙ ගල් හොඳා නේ ??? මොකෝ අපි කවද බීපු රට අරක්කුදෑ ආයිබෝං

      Delete
    7. ගල් තාම හොදම සැප අපි ඒ කාලෙත් ගල් අදත් ගල් වලට මනාපයි. කොයි ගලත් අපට එකයි...

      Delete
    8. හැක් . නලින් අයියා ගල් කොරියක් නේ !!!!

      Delete
    9. අපි කවදත් ගල්වලට මනාපයි.

      Delete
  11. දැන් උඹ කවුද මේකේ ...?

    ReplyDelete
    Replies
    1. ඇයි උබට තෙරුනෙ නැද්ද.මු තමයි ජනාධිපතිකමට ඉල්ලන්නෙ

      Delete
    2. ඕක මට අලූත්ම කලුපාට සිපෙන්ඩරයක් දෙනවා කිව්ව ජනාදිපති උන ගමං, මං ඉස්සෙල්ලාම ඒකෙං කරන්නේ ඉවානයව උස්සං ගිහිං කැලේටවිසික් කරනවා.

      Delete
    3. පත්තර මලයා ෂ්..ෂ් කට කට එදා කිව්වේ සුදු වැන් එක ගන්න කියලා ඒ වැඩේටනේ...

      Delete
    4. ආ හරි හරි . අන්‍රෙජිස්ටඩ් ඩොල්පින් එකක් දෙන්නං කිව්ව නේ ??? හරි හරි. එහෙනං සීට් ටික ගලෝලා දේශකයයි ඉවානයයි අර මැලේ රාලෙයයි එකපාර පැටෙව්වහැකි.

      Delete
    5. අන්න එහෙමයි රහසිගතව වැඩක් කොරන්නේ

      Delete
  12. හැබැයි...අර ඇමති කම ඉතරක් මදි මට....

    ReplyDelete
    Replies
    1. බුද්ධ සාසෙනෙත් ඕනා .....ඉතිරි ටික කන්න...

      Delete
    2. ඒකට සුදුස්සෝ නම් හරියට මේ බ්ලොග් අවකාශේ

      Delete
    3. උබට එකත් දීල නානසාර දානව උපදෙසක කමට

      Delete
    4. බුදු අපේපේ උඹට දෙන්නම තියං ඉන්නවා හස්තකර්මාන්ත ඇමති කම බං. ඒකට උබට වැඩිය හොද එකෙක් වෙන කොහෙද ඉන්න්.

      Delete
    5. ඇනෝ මචං එව්ක නං පට්ටයි යකෝ !!!

      Delete
  13. නලියා....ජනාධිපති මාද්‍ය උපදේශක කරල ....අපේ මාතලන් ලොක්කව මාධ්‍ය ඇමති කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. තව මාතලන්ට නාගරික මාර්ග තදබද අවම කිරීමෙ අධීක්ෂණ ඇමති කමක්... & නියෝජ්‍ය වනිතා කටයුතු.... බර්ගර් ජාතිය නගාසිටුවීමේ....

      Delete
    2. මාතලන් මෙහෙට සුදුසු වැඩියි , මම නම් යෝජනා කරන්න මාතලන්ට "යින්ලක් ශිනවාත්‍රා" ව බන්දලා දීලා තායි අගමැති කරන්න කියලා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අහිංසක නලියා රෙද්දක් ඇඳං පාරෙ බැහැල යන එකත් නැති කොරපියව් !!!

      Delete
    5. යකෝ මේව කියන්නේ අපේ වනිතා කටයුතු ඇමැති තුමානේ

      Delete
  14. අටම ව විදුලි ඇමති කලාම....නොරොච්චෝලේ ඇතුළු බලාගාර වලට යන දේශීය විනිමය ඉතිරි වෙයි.... මැෂින් හදන්න දෙයිය නිසා...

    ReplyDelete
    Replies
    1. යකෝ අටමව දාන්න ඕන දේශිය නිමි ඇදුම් ඇමැති හෝ පේෂකර්මාන්ත ඇමැති විදියට

      Delete
    2. කාර්මික සංවර්ධන ඇමති.

      Delete
  15. """ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්" = ගරු ලක්මාල් කන්දෙවිදාන මැතිතුමා ...වෙන මොකවත් නිසා නෙවෙයි විමල් වීරවංශ ගේ බෝක්කු කටට හරියන කටක් තියෙන වෙන කෙනෙක් නැති නිසා

    ReplyDelete
    Replies
    1. උඹ හිටහං පැහෙන් නැතුව..මං සහන් බොස්ට කිව්වා ඇවිත් ඒක බාරගන්න කියලා .. ඌ විතර බිල්ඩිං ගැන දන්නවද යකෝ මේ මිනී ඔලුවා . :D

      Delete
    2. ඉවානයෝ උඹට තියෙන්නේ ශුක්‍ර ඇගිලි ටිකක්.

      Delete
    3. සහන් කාරයා ගියා ගියා මයි තොලොංචි. මෙව්වනං ඉන්දිකයගේ කුප්ප වැඩ

      Delete
  16. ආරක්ෂක ඇමති නම් ...ඉදගෙන /හිටගෙන දෙකටම ඉන්නෙ අපේ විචාරක තුමා විතරයි...

    ReplyDelete
    Replies
    1. රංජන් විජේරත්න ලොක්කත් ආරක්ෂක ඇමතින් වෙලා හැරමිටියක් අරං ගියෙ කකුල අප්ෂැට් නිසා ..

      ඉතිං විචාරක සෑර් හැරමිට්ටෙං තුංකුදු ගැහිල ගියාම මොකෝ.... දෙමු දෙමු !!

      Delete
    2. රන්ජන් ලොක්කා හැරමිටියේන් ගියේ නැතෝ එහෙම ගියේ රත්වත්තේ ලොක්කා. ඒත් ඇක්සිඩන්ට් එකක් නිසා....රන්ජන් ලොක්කා බම්බලපිටියෙදි කොටි බෝම්බෙට අහුවුණා.

      Delete
    3. රන්ජන් ලොක්ක හැරමිටියෙං ගියෙ නැද්ද අයියෙ සුදු කලිසමයි ෂර්‍ට් එකයි ඇඳල.. අර් පොල්ලක් වන වනා .. හැක් . හත් ඉලව්දයි .

      Delete
  17. මට අධ්‍යාපනේ එපා වෙලා තියෙන්නේ. මට දියං ඔය වනජීවී වගේ එකක්. ඒත් ඕනේ නෑ බං.මට දේශපාලනෙත් එපා වෙලා තියෙන්නේ.

    උඹ කිව්ව කතාවෙන් සෑහෙන කොටසකට මම එකඟයි. ඔක්කොටම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. තවත් අහිංසක නාලන්දියෙකුට කෙළින්න හදනවා වන ජීවි එක අරගන.....

      Delete
    2. හා හෙන්‍රි අයියට දඩමස් කෑල්ලක් කන්ඩ හිතිලා, :D

      Delete
  18. මං නං කියන්නේ පක්ෂේ නායකයා විදිහට කකාව දාමු. ඒ කියන්නේ විපක්ෂේ පොදු අපේක්ෂකයා විදිහට.මොකද කකාට තමයි රටේ පාවෙන ඡන්ද හෙවත් ඇනෝ ඡන්ද ටික වැටෙන්නේ.පස්සේ විධායක ජනාධිපතිකම අයින් කරළා කකාට අගමැති කම දෙමු.

    අනේ බං සෑමාටත් මොකක් හරි දියං.

    ReplyDelete
    Replies
    1. කකාට දෙමු කාන්තා සුභසාධන වගෙ ඇමතිකමක්..

      කකා තට්ටෙන් සොමිය දෙන මනුස්සයනෙ බං

      Delete
    2. දාන්ඩ කකා ලින්ක් එක මරස් ගාල තරහ නැතුව..

      Delete
    3. කකා පොදු අපේක්ෂකයා හැටියට මාත් යෝජනා කරනවා....මේ තට්ටේ සොමිය දන්නේ තට්ටෙන් සොමිය ගත්ත එවුන් විතරයි..... මටත් තද වෙනවා අම්මපා දැන් කොණ්ඩේ තිබ්බාට මාත් කාලයක් තට්ටයා හරිය

      Delete
    4. තට්ටෙට තට්ටෙ හරියන් නෑ . ස්ලිප් කරනවා :D

      Delete
  19. ඔයා මට බන්ධනාගාරේ බාර ගන්න කියනවද..... ? බැරි හින්දනේ එපා කිව්වේ ...... මං ගියොත් තුන් හතර දෙනෙක්ම ගෙදර යවනවා...... sure......

    ReplyDelete
    Replies
    1. කීයක් ගෙදර ගියත් මොකෝ අනේ ඔයාට සැප ලැබෙනවනං

      Delete
  20. විහිලුවට දැම්මට ...බ්ලොග්කරුවෙක් චන්දය ඉල්ලුවොත් අඩු ගානේ දිස්ත්‍රික්කයකින් හරි දෙතුන් දෙනෙකුට දිනන්න පුළුවන්. අදහස සලකා බලන්න. වටිනා වැඩක්.......

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹ ගැන දුකයි..... අතගාලා බලපං පිටිපස්ස.....

      Delete
  21. හොඳයි හොඳයි. බ්ලොග්කරුවන්/කාරියන් කියන්නෙ ඉතින් අලි වංසෙන් තමන් ගැන හිතාගෙන ඉන්න උදවියනෙ. දවසට හිට්ස් සීය තියෙන එකාත්/එකීත් හිතන්නෙ තමන් මහාලොකු මහාජන සේවයක් කරනව කියලනෙ. උන්ට මෙහෙම දීලා මදි. ලංකාවේ රජකම දෙන්න ඕනැත් බ්ලොග්කාරයකුට හරි කාරියකට හරි තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට අපුලයි වගේද?

      Delete
  22. මර්වින් සිල්වාගේ ඇමතිකම කාටද?එතකොට ජේස්ට ඇමතිලා.?

    /පාර්ලිමේන්තු කටයුතු
    තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
    සමාජ සේවා
    කෘෂිකර්ම
    ප්‍රවාහන/මේවා දෙසරේ ටයිප් වෙලා

    ටෙලිපෝන් ඩිරෙක්ටරියේ තව ගොඩාක් ඒවා තියෙනවා
    කර්මාන්ත සංවර්ධන කියලා එකක්,ව්‍යාවසාය සංවර්ධන කියලා එකක්,ග්‍රාමීය කර්මාන්ත කියලා තව එකක්.වාණිජ කටයුතු කියලා තවත් එකක්, අනේ මන්දා කෙහොමවුනත් මේක හරියන්නැහැ.මොකද
    ඇමතිකම් තියෙන ගානට බ්ලොග් ලියන අය නැහැ මගේ හිතේ,
    ඡන්ද ගත්තත් මිනිස්සු අමුතුවෙන් හදන්න වෙයි ඇමති කම් අමුතුවෙන් හදන්න වෙයි,
    නැතිනම් මහින්ද මාමිට වගේ එක්කෙනකුට අමාතා්‍යාංස ගොඩාක්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  23. අටමො.. ඔයිට කලිං ෂෝක් වැඩක් තියනවා ..
    උඹෙ ඕවලොක් මැෂිමක් අරං ගිහිං දැන් ඉන්න ඇමතියො ටිකේ ×× වල් ටික මහගෙන මහගෙන ගිහිල්ලා අරලු පෙති දෙක දෙක ගිල්ලෝපං.. රට හැදෙනව නිකම්ම :D

    ReplyDelete
    Replies
    1. අන්න කරනවානම් වැඩක්...

      Delete
    2. අරළු පෙති මතක් කරන්නෙපා බොල. :) මගෙ බඩ දඟලනවා.

      Delete
    3. සීනි හැන්දක් එක්ක ජාපාල අහුරක් කාපන් අරළු එපා නං .. ආයෙ මොනවද ආටි ගහනව වගෙ තමා.කැලණියම හෙල්ලෙයි :D

      Delete
    4. අනෙ අම්මෝ එපා බං. මේ ළගදි බඩ සුද්ද වෙන්න කියලා අරළු පෙති දෙකක් බීලා කැළණිය නෙමේ මුළු ගම්පහ දිස්ත්‍රීක්කෙම හෙල්ලුවා. :D

      Delete
    5. එහෙනං මෙදා අහුරක් බීපිය.. දකුණු ආසියාවම හෙල්ලෙයි :D

      Delete
    6. මූ දන්නේ නෑ ක්‍රමේ අවශ්‍ය වෙලාවට බිපන් කෝපි එකක් සුටුස් නවතිනවා යකෝ....

      Delete
    7. ඕ යේස් . ඊළඟට අවුට් පුට් වෑල් එක හිරවෙච්ච ගමං ගහනවා බැක්ෆයර් එකක් ඉස් මුදුනිං පිටවෙන්නෙ බඩු .සැප කනේ

      Delete
    8. එතකොට තැඹිලි ගෙඩියේ පිහිට තමා බුදු ශුවර්.....

      Delete
    9. අරක මහනවනං වල්ලපට්ට වලින්ම මහපං

      Delete
  24. වැඩේ නම් නියමයි...පට්ට පට්ට වල්ල පට්ට....ඔය විදියට කෙරුවාව බලල ඇමතිකම් ටික බෙදල දුන්නා නම් රට බලන් ඉන්නැද්දි සුර පුරයක් වෙනවා . දෙයියොත් බැහැල මෙහෙ පදිංචි වෙනවා ෂුවර්..
    මට "විදුලිබල හා බලශක්ති" ඇමතිකම හොඳයි...සලකල බලහන්..

    ReplyDelete
    Replies
    1. හරියට කොරහන් නැත්තං දෝශාභියෝගේ ගේනවා අපි

      Delete
    2. දෝශාබියෝගෙ ගෙනාවට නලින් අයියට පොඩ්ඩක් සැලකුවම නෑ ඒක ගැසට් එකනෙ මල්ලි කියයි .. අහල බලපංකො

      Delete
  25. මර්වින් ගොයියගෙ අර මඟුල මට ඕන එච්චරයි. මාත් කැළණියෙ එකා වෙච්චි එකේ ඔන්න ඕක මටම දීලා දාහන් අයියෙ. :)

    ReplyDelete
    Replies
    1. උඹ දුප්පතා දරුපවුල් කාරය වෙච්චි දෙන්නද භාන්ඩාගාරික තනතුරක් වගේ/ මුදල් අමාතයංස ලේකම් වගේ.. අපේ ඉන්දික ගොයිය අඩු පොලියට ණයකුත් දෙයි ඕන්නං :D

      අවුරුදු දෙකක් කරානං ගෙයක් ගහල ඇලියොං එකක් ගෙනත් රජා වගේ හිටියෑකි.. ජීවිත කාලෙම ගොඩ. :D

      Delete
    2. අඩෝව් දෙනව නම් ලොකු දෙයක් බං. හැබැයි ඉතිං දීලා අන්තිමේ "ආර්ථික ඝාතකයා" කියලා නමක් එහෙම පට බදිනවා නෙමේ ඕන්. :)

      Delete
    3. කියන මගුලක් කියගත්තදෙං යකෝ ඇඟේ වදිනවයැ .. ක්කියක් හරි හොයාගෙන් ෂයිඩ් වෙයං, අපටත් සලකපං ඈ

      Delete
    4. ඔය මොනව කිව්වත් මොකෝ බං උඹනේ ලොක්කා. අපටත් සලකාන්. කවුරුහරි ගස් බදිනවනං කියාං අපිත් එන්නං පොටෝවක් හරි ගන්න

      Delete
    5. අම්මට නලියා දෙයි හෙඩ් ලයින් එක ඇඹරිලා යන්ඩ .. ඇමති තුමා දූශිත රාජ්‍ය සේවකයකු ගස් බඳී .. යකෝ අපේ ප්‍රියානේ. සෙල්ලංද ?? එදාට අපි මචං කියන් නෑ සර් කියන්නං :D

      Delete
    6. නිකං බැ අපටත් සලකන්න ඕන ප්‍රියා

      Delete
    7. මධ්‍යස්ත මාධ්‍ය කරණය.. !! ජයවේවා නලින් අයියට ජය වේවා.

      මාත් හෙට ඉඳං දිනමිණ ගන්නවා

      Delete
  26. අඩෝ!!!! මට මැරයාගේ චරිතේ වගේ රගපාන්න දෙන්න බැයිද?

    ReplyDelete
    Replies
    1. දෙන්නං පුතා .හැබැයි ස්ක්‍රිප්ට් එක ලියන්නෙ අපි .උඹ ගුටිකාපං . හොඳට ගෙවනවා.. ලෙම්න් පෆ් එකක් කාල.දවසක් දෙකක් ඉන්නත් වෙයි.අවුලක් නෑනෙ. ගෙදරිං හොඳට කාල වරෙං

      Delete
    2. දැං කොයි මැරයටද අදින්න හදන්නේ ගෝනවල සුනිල්ද සොත්ති උපාලිද ජුලම්පිටියේ අමරෙටද, කියපන් මට ඒක මුලින්ම

      Delete
    3. ඔව් ඔව් නලින් අයියට ඩ්‍රාෆ්ට් එක ලියල් තියල නිදාගන්න යන්න ..

      Delete
    4. හැම තැනම මැරයොනේ... ඉතිං අපිත් ඒ අයව අදුනං ඉන්න එපැයි

      Delete
    5. තොප්පි චමින්ද සුදීකයියෙ .. මේකෙ චමිදල ගොඩයි ..

      Delete
  27. මලා...............කොරලා හිටියි.....මේ මොකෑ අහකට වෙලා අපේ පාඩුවේ ලෙඩෙක් බලාකියාගෙන හිටිය මම. මේ ... මේකා මට මොන හෙනයක් ද මේ පාත් කොලේ. ගිය ආත්මෙ කරපු පවක් ද කොහේ දෝ මගේ හිසමත දොක්කන්නනේ මේ අටමා නොමෝමකින් .......මේකා කොටියම කාපිය......

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයෝ ලෙඩ්ඩු බලල රුපියල් සීයක් අරං බම්බු ගහන්ඩයෑ.. ලමයි බමයි ආස ඇති මොන්ටෙරෝ එහෙක ඉස්කෝලෙ යන්ඩ.නෝනත් කැමති නැතෑ ලෑං කූසරේක සොපිං යන්ට..නහින දෙහින කාලෙ රජා වාගෙ හිටියෑකි.. පිස්සු නං කෙලින්ඩෙපා ඈ

      Delete
    2. මේ වගේ චෑන්ස් හැමදාම නෑ හැමතැනම නෑ.

      Delete
  28. අටං පෝස්ට් එකක් ලියන්න මොකක් හරි පොඩී වස්තු බීජයක්නේ මුලින්ම පහල වෙන්නේ. එතකොට අපූර්විට කිරි මණ්ඩලේ දෙන්න ආපු සිතුවිල්ල තමයි මෙතන වස්තු බීජය නේද? උඹ තමයි දවසකට වත් අටමා.

    ReplyDelete
    Replies
    1. නෑ .ගෙදර කිරි මණ්ඩලේ වර්ජනේ කොරලා.. !! ඒ ඇරියස් එක ගියෙ අර අහිංසකීගෙ පිටිං ලු !!

      Delete
    2. අපුරිට පඩා හොදයි ගෙදර කිරි මංඩලේ........ සිරා කතාව පත්තර මලයා

      Delete
  29. ඉඳලා හිටලා ඇවිත් උඹල ලියන අටමගුල් කියවලා කොමෙන්ට් ලියන අපිටත් ඔය මොනව්හරි 'වැදගත් යමක්' දුන්නම මොකෑ වෙන්නෙ :-)

    ReplyDelete
    Replies
    1. හරි බං උඹට දෙන්නං කාර්ය භාරයක් නැති ඇමැති කමක්.....

      Delete
    2. ජේශ්ට ඇමතිකමයි මොන්ටෙරෝ එකයි දෙන්නං . සෙකට්‍රිල වැඩක් නෑනේ. දැං වයසයිනේ බොස් .

      Delete
    3. මධ්‍යම පළාත් සංවර්ධන ඇමති.

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹ හරියට කියවලා නැ වගේ පෝස්ට් එක...

      Delete
    2. මීට සත්ගුණවත් කාමරේ වෙසෙන ඇනෝ කොලුවා.නරිත් මිදි තිත්තයි කීවලු බන්

      Delete
    3. ෆ්‍රෙශ් කිරි බොන්න කව්ද බං ආස නැත්තෙ . උඹත් මාර පොරක්නෙ ඇනෝ :D

      Delete
    4. ඒවට කවුද අනේ ආස නැත්තේ......

      Delete
    5. තොට තියෙන්නේ ඔටෝ බිජ්ජක් ද? %$ යෝ

      Delete
    6. අනේ සිරා මල්ලි වරෙන්කො බන් ඇනෝ මොකද අපි මොකද අපි අපිමනේ බන්

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. ඇයි තොට බලාගන්න බැරිවෙච්ච ඇරියස්ද මේ.

      Delete
    9. කෙන්ජියට ඔහොම කියන එක හරි නෑ නේද ?

      Delete
    10. නොන්ජියට නෙමේ කිවුවේ සිරිකැරාට

      Delete
    11. Monada appa boruwata ano enne. Kellekta apahasayak karala sathutu wena eka pirimi kamata hari naha aiyala. Hinawela inna ane wali nawaththanna.

      Delete
  32. කමෙන්ට් පිස්සු කෙළනවා වෙන තැනක දාන එකක් මෙතැන්ට ආවේ මැකුවේ ඒ නිසා

    ReplyDelete
    Replies
    1. මේකත් අර මකපු තැන දාපු එකක්...

      Delete
  33. මාතලන්ට දෙමු සන්චාරක ප්‍රවර්ධන
    හෙන් රි අයියට බලෙන් හරි දෙනව පොලොසියත් ඇතුල් කරල ස්වදේශ කටයුතු
    චන්දනයට සන්ගිස්කුරුත දෙමු
    වනජීවි එකත් හරියන්නෙ නම් සදරුට

    ReplyDelete
    Replies
    1. පිස්සුද වනජිවි එක හරියටම හරි එකාට දීල තියනවා අපේ සමරකෝන් මැඩියට.... ඌ ඇර කවුද මේ ගැන දන්නේ...

      Delete
    2. වන්ජීවී එක මාතෙයට දුන්නනං ඌරු ගාත් වලිං පුට්බෝල් ගහයි. .ඕ යේස්

      Delete
    3. බොන්ඩයි මස් කන්ඩයි තියනවනං තොපි ගූවලවලුත් අදියි දිවෙන්..

      Delete
    4. මොනවද මේ කතා මචෝ .. අරක්කු දෙනවනං ඕන එකක් කරනවා අපි !!

      Delete
  34. ඒවට කවුද අනේ ආස නැත්තේ......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  35. මහින්ද අබේසුන්දරගෙ වැඩේ දෙමු මාතලන්ට

    ReplyDelete
    Replies
    1. ඒ පාකි නකා වගේද යකෝ මාතලං.තෝ දන්න ඉටිගෙඩිය.

      Delete
  36. කිවත් වගෙ ලංකාවේ බ්ලොග් ලියන අය ලඟනේ මරු මරු අදහස් තියෙන්නේ. අපේ රට දේශපාලුවන්ට බ්ලොග් කියවන්න පුරුදු කලොත් හොඳයි. මොකද පුරොහිතලා සේරම ඉන්නේ මේ බ්ලොග් අඩවි අස්සේ

    ලංකාවේ නිදහස් චින්තකයන්ගෙ පොරම් වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  37. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  38. මේක මාර අසාධාරණ යි ඈ... කෝ මට ඇමතිකමක්???

    ReplyDelete
    Replies
    1. ඔයාට දෙනවා පුරාවිද්‍යා ඇමතිනිය විදියට.

      Delete
  39. අම්මට සිරි මටත් දීලනෙ එකක්. අනිවා ස්ට්‍රයික් තහනං කොරලා සෞඛ්‍ය සේවෙ නග්ගල ගන්නව ඕං.

    ReplyDelete
    Replies
    1. අයියා ඇඟේ අමාරුව යන්න වයින් ස්පිරිට් කාලක් ගන්ඩ බැරිවෙයිද ??????

      Delete
    2. වයින් ස්පිරිට් මොකටද අප්පා ජනිත් අරන්දරට කියලා උස්සන බෝතල් ටිකක් ගෙදරට ගෙන්නගත්තනං හරිනෙ.

      Delete
    3. අපිට රට අරක්කු හරියන් නෑ . එක්කෙ වයින් ඉස්පිරිට් එක්කො කෂියා..
      ඔබතුමා ළඟ කෂිය නැතුව ඇති නේ ??
      කමක් නෑ ඉස්පිරිට් කාලක් ඇති.. බඩේ අමරුවට බොන්ඩ. ඒකයි

      Delete
    4. ජනියා දැන් තැපැල් එකේද ඉන්නේ

      Delete
  40. මට ක්‍රීඩා ඇමති කම හම්බුනොත් ඉතිං පාර්ලිමේන්තුවේ සියලුදෙනා දියවන්නා පාක් එක වටේ උදේට ඇවිද්දවනවා. ඇවිද්ද පය දහස් වටී කියන්නේ නිකන්ද ?

    ReplyDelete
    Replies
    1. ව් ඇවිදින වෙලාව බලලා එකා එකා ජබොක් ගාල තල්ලු කරාම හරි !!

      මං කරනං වැඩේ ටොප් එකට..ඇම්තියෙක් මන්තිරියෙක් බේතකට නැති වෙන්ඩ ! ඕ යේස්

      Delete
    2. දැං ඔයා කොයි පයිද ඇවිද්දවන්නේ

      Delete
    3. කොයි පයිංද විය යුතුයි

      Delete
    4. ඕ යේස්.. හිනා කාලා මැරෙනවා බොල

      Delete
  41. අටම්.

    අපිට ඇමති කමක් නම් එපා. ඡන්දේ ඉල්ලන්න සල්ලි යනවානේ. ඒ හින්දා අපිට සංස්ථා මණ්ඩල 10 ක සභාපතිකම් 10 වෙන් කොරලා තියන්න. වියදම් නොකර හම්බ කරන්න පුළුවන් එකම ක්‍රමය ඕක තමයි.....

    ReplyDelete
    Replies
    1. හරි පෝස්ටර් ලක්ෂයයි වාහන 20ක් ඩීසල් ඩ්‍රයිවර් එක්ක. අන්තිම රැස්වීමට ටවුමම ආවරණයවෙන්න සවුන්ඩ් ටිකයි ස්ටේජ් එකයි බාරගන්නවද දැන්ම....

      Delete
    2. ගල් කේස් දහයකුත් දාන්ඩ .. මේ වැඩ සෙල්ලං නෑ

      Delete
  42. සමහර එවුන්ට ගරු මැතිතුමා සමහර එවුන් මහතා මොකද යකෝ ඒ. අපට ඕව අල්ලන්නේ නැ ඉදගන

    ReplyDelete
  43. අන්තරායකර ඖෂධ පාලන අධිකාරි
    ජනිත් අරන්දර මැතිතුමා


    මන් නැත්නම් උඹලා පවතෙන්නෙත් නැහැ බොලවූ .

    අඩෝ මේකත් ගරු පොස්ට් එකක් හරිය , මැතිතුමා ගැලපෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේං අපේ ලොක්ක ආවා, ජය වේවා

      Delete
  44. අභිත එන්න මල් පිපි දැයි බලන්න

    ReplyDelete
  45. ______________________________________________________________________________________

    කමෙන්ට් 200 යි !!!!!!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>