මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක්
‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘
කියන එක මං ඉතින් කියනව
‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද ‘‘
කියල , එතකොට උන්දල කියනව
‘‘අර උඩයි යටයි දෙකම එක විදිහට කරවටෙයි අතවටෙයි යටයි ලස්සනට එලියට පේන්ඩ ගහල තියෙන්නේ ඔලොක් පාර ‘‘
‘‘ආ ඒ ඔවර් ලොක් එකක් නෙමෙයි , පැට්ලොක් එකක් ‘‘
ඔන්න ඉතින් ඊලගට පැයකින් හමාරකින් මං බේරිලා ගෙදර එනව බොරු , ඒ උනත් මං මගේ වැඩක් පස්සට දාලහරි , මං දන්න විදිහට උන්දලට කියල දෙනවා අලගිය තැන් මුලගිය තැං ඔක්කොම .
මොකද ඉතින් දන්න උන් අපෙන් අහනවැ , උන්දල හොදට දැනුම , හයිය හත්තිය තියන උන් , සල්ලිත් යහමින් තියනව කොහේ හරි හොද තැනකට ගිහින් ඕන කලමනා ටිකයි , මැෂින් ටිකයි ඇන්න එනව මිසක් , එහෙම යැ මේ මිනිස්සු කොට්ට උරයක් , ගවුමක් , හැට්ටයක් මහගන ජීවත් වෙන ගමං , ටිෂර්ට් එකක් , ජංගියක් , ලංකට් එකක් මහල , පොලේ දාල විකුනල තව පනං හතරක් හොයාගන්නනේ හදන්නේ .
සයිබරෙත් කාටහරි ඕන වෙයි කියල මං දන්න විදිහට , ඔය පටලැවෙන මෙෂින්වල , මුලික මෙෂින්ටික ගැන කියන්නයි මේ යන්නේ , ( තව ඉතින් මෙව්වායේ එක එක වෙනස්කං තියන ආටෝ රාසියක් මෙෂින් තියනව ) , හැබැයි ඉතින් නැති බැරි එකෙක්ට , මේවායෙන් තමන්ට අවශ්‍ය එකක් දෙකක් තෝරගත්තහම , අනිත් ඒවායෙන් කරන දේවල් වලටත් පැලැස්තරයක් ගහගන , ටීෂර්ට් ගේමක් , ලංකට් ගේමක් ගහත හැකි.
interlock (flatlock) sewing machineපැට්ලොක් කියන්නේ මොනවද
ප්ලැට් බෙඩ්
https://www.youtube.com/watch?
මෙන්න මෙතන තියනවා නූල් පහේ ප්ලැට්බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්.
ඒකෙන් කරන්න පුලුවන් ප්ලැට් බෙඩ් එකකින් කරන වැඩ විතරයි , පෝල්ඩර් හයි කරන එක , සහ සිලින්ඩර් බෙඩ් එකකින් කරන දේවල් එකේන් කරන්න බැ.( අස්සට රිංගවල වටේ මහන එක , පොල්ඩරයක් දාගන ඉලස්ටික් එකක් නමල මහන එක , පයිපින් පොල්ඩර් දාන එක කරන්න බෑ , කොටින්ම කියුවොත් ප්ලැට් ජොබ් විතරයි කරන්න පුලුවන් .
සිලින්ඩර් බෙඩ්
https://www.youtube.com/watch?
මෙන්න තියනවා නූල් පහේ සිලින්ඩර් බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
, ගන්නවානං ගන්න ඕන මේකක් තමයි , ඒකට හේතුව ඔය මෙෂින් එකෙන් පැට්ලොක් මෙෂින් වලින් කරන ඕනම දෙයක් කරන්න පහසුයි ( කට්ටක් කාල හරි පෝල්ඩර් හයි කරන්ඩ උනත් පුලුවන් ) . මේකක් තියන කොට සෙල්ලං දාන්ඩ ලේසියි , දක්ෂ කාර්මිකයෙක් අල්ල ගත්තහම , මොනව හරි කරල ඕනම ඔපරේෂන් එකක්ට කන්වට් කරගත්ත හැකි මැෂිම , සමහරු නං කියනව ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරනකොට අමාරුයි කියල , ඔව් ටිකක් අමාරුයි තමයි හැබැයි පුරුදු උනහම ගානක් නෑ , පුලැට් බෙඩ් එකක් සහ පෝල්ඩර් මෙෂින් එකක් ගන්ඩ ලක්ෂ දෙකකටත් වඩා වියදං කරනවට වඩා හොදයි නේ සල්ලි නැති කෙනෙක්ට , මේකකින් මහල සල්ලි ටිකක් හොයාගන බැරියැ අනිත් දෙකත් ගන්න , අනික පිරිමි අන්ඩවෙයාර් වගේ දෙයක් කරන කෙනෙකුට මේක තිබුනහම හොදටම ඇති .පෝල්ඩර් මොඩල්
මෙන්න තියනවා නූල් පහේ ෆෝල්ඩර් මෝඩ්ල් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
එකේන් කරන්න පුලුවන් ඉලස්ටික් සහ පයිපින් අල්ලන්නත් , ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරන්නත් , සිලින්ඩර් බෙඩ් එකෙන් කරන වැඩ කරන්න බැ .
අවශ්‍ය නම් මැද ඉදිකටුව හෝ පැත්තේ ඉදිකටුවක් අයින් කරල ඉදිකටු දෙකෙනුත් , උඩ ලූපරයේ නුල අයින් කරල ස්පයිරල් ත්රේඩ් නැතුව ඉදිකටු දෙකේ හෝ තුනේ නුල් පාර නෝමල් මැස්මක් විදිහට පෙනෙන් නත් මහන්න පුලුවන් .
( උදා ....ටිෂර්ට් වල යට වටේ සහ අත්වටේ , කරවටේ එහෙම මහල තියෙන්නේ )
මෙන්න තියනවා එක එක විදිහට මැහෙන හැටි
වෙනත් විශේෂ කාර්ය්‍යන්ට නිපදවපු වෙනස් මෙෂින් තිබුනත් මූලිකව මේ වර්ග තුනටම තමයි ඒවා අයත් වෙන්නේඔය මෙෂින් වර්ග තුනෙන්ම මැහෙන්නේ මෙහෙමයි
...........................................................................................
overlock sewing machine
ඔවර්ලොක් කියන්නේ මොනවද
නුල් හයේ ඔවර්ලොක්
https://www.youtube.com/
නුල් හයේ ඔවර්ලොක් මැෂින් එකක් මේක , නුල 6 සහ 5 සහ 4 සහ 3 වශයෙන් ඕනැම ඔවර් ලොක් මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .
නූල් හතරේ ඔවර්ලොක් මෙෂින්
https://www.youtube.com/watch? v=dqjLLxmDWg4 (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන්, මේකේ ලොක් ස්ටිච් මැස්මක් හෝ , චේන් ස්ටිච් මැස්මක් නැති නිසා කරවටේ වගේ ඇදෙන්න ඒන මැස්මවල් මහන්නේ මේකෙන්
නුල් පහේ ඔවර්ලොක් මැෂිම
නුල් පහේ ඔවර්ලොක් මැෂිම
https://www.youtube.com/watch? v=wX2-VLryNlQ (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )
ඔවර්ලොක් මැස්මට අමතරව යට පැත්තෙන් චේන්ස්ටිච් සහිත නෝමල් මැස්මක්ද සමගින් මහන් පුලුවන් , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන් , ගොඩක් දුරට යොදා ගන්නේ ටිෂර්ට් වගේ ඇදෙන රෙදි මහන්න නෙමෙයි , ටීෂර්ට් වලට පාවිච්චි කලත් ගන්නේ දෙපැත්ත මහන්න විතරයි. කලිසම් සායවල් ෂර්ට් වගේ දේවල් මහන්න තමයි ගන්නේ
එක එක නිමාවන්ට මැහුම් සකස් කරල තියන හැටි
ඔන්න එහෙනං දන්න විදිහට කියුවා , ප්‍රශ්නයක් තියනං 0776531595නොම්බරයට කතා කරන්න
ඔවර්ලොක් මැස්මට අමතරව යට පැත්තෙන් චේන්ස්ටිච් සහිත නෝමල් මැස්මක්ද සමගින් මහන් පුලුවන් , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන් , ගොඩක් දුරට යොදා ගන්නේ ටිෂර්ට් වගේ ඇදෙන රෙදි මහන්න නෙමෙයි , ටීෂර්ට් වලට පාවිච්චි කලත් ගන්නේ දෙපැත්ත මහන්න විතරයි. කලිසම් සායවල් ෂර්ට් වගේ දේවල් මහන්න තමයි ගන්නේ
එක එක නිමාවන්ට මැහුම් සකස් කරල තියන හැටි
ඔන්න එහෙනං දන්න විදිහට කියුවා , ප්‍රශ්නයක් තියනං 0776531595නොම්බරයට කතා කරන්න
No eka save karagaththa.. SL katahari uwamana unoth.
ReplyDeleteඑලකිරි
Deleteඅනේ උඹේ ටෙලිපෝං නොම්බරේ ඕකට කතා කරනවට වඩා හොදයි නිවාඩු වෙලාවක ඇවිත් කතාකරනව.
ReplyDeleteබලපන් 1/7/2015 9:36 AM මිස් කෝල් එකක් තියනව. මැසිමක් ගැන අහගන්න මම තමයි කෝල් එක දුන්නෙ.
ෙදෙෙදෙතුන් පාරක් ගන්න එපැය
Deleteඅටම් ව්‍යාපාරික පැත්තටම බරවෙලා අයියෝ..........
ReplyDeleteඅනේ මන්ද
Deleteකවදහරි ටී සර්ට් එකක් මහගන්න ඕව උන වෙලාවක බොට කෝල් එකක් දෙන්නං.
ReplyDeleteඇයි ලංකට්
Deleteඅටම් මොකෝ පේජ් එකේ නම වෙනස් කරලා
ReplyDeleteමට එක එක ෙවෙලොවට හිෙතෙන පිස්සු ෙකෙේස්
Deleteඔයිට හොඳ නැද්ද ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක් වත් කිව්වනම්.. :-(
ReplyDeleteඇයි එෙහෙම කියන්‍ෙනෙ
Deleteඇයි බ මුන්ට මේවා හාලුයි චිසුයි
Deleteගූයි තක්කාලි
බොල්ට් ඇනයි කඩලයි වගෙනෙ
උඹේ රස්සාවනේ.... මුකුත් කියන ඒකත් හරිනැහැ... ඒත් මාර ජාති කටට ඒනවා... පස්සේ වෙලාවක කියන්නම්කෝ.....
ReplyDeleteඅවුලක් නැ කියුවනං
Deleteමටත් මැසිමක් නං ගන්නත් ඕනෑ එච්චර වියදං කරන්නත් වත්කමක් නෑ.මොකද උඹ කියන්නෙ.
ReplyDeleteහරි ලේසියි..
Deleteඅවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳ (වියලි නැති) කුරුබැට්ටියක්
හයිය ඉරටු කීපයක්
සාදන අයුරු යූ ටියුබ් එකේ බල!
හැලපෙට කුරුම්බැට්ටියක් හොයාගන්න මැසිමක් ගන්නවට වැඩිය වියදමක් කරන්න වෙයි.
Deleteඊබේ එකේ බැලුවනම්... හැක්!
Deleteඒ කියුවේ පොල් වත්තක්ද
Deleteගනං අඩු එකක් ගම්මු
Deleteඕලොක්.. මතක් කොරන්ඩ එපා... අපේ අම්ම ගාවත් ඔය කියන අටමගයක් තියෙනවා... ඒකේ නූල් ගැල වුණාම දාන්න ඕනි මං... ඒ තරං එපා වෙන වැඩක් නෑ අටං...
ReplyDeleteමහ මගුල්ක් යැ එක
Deleteඅනේ මන්දා මේවා නම්!!! මම දන්නේ අර ඉස්සර තිබුන පාගන ඒවා තමා...
ReplyDeleteඅපේ අම්මාගේ පාගන මහන මැෂිමේ පාගන කෑල්ලේ රථ ධාවන කොට එය දියුණු කිරිමේ ගෞරවය නම් මං සතුයි!!!
අටං අයියේ ප්‍රශ්නයක් තියෙනවා....
එතකොට ජුකී මැෂින් මොනවද??
ජුකී කියන්නෙ සිංගර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් බොල.
Deleteඔය අන්තිමට තියෙන නූල් පහේ මැසිමත් ජුකී එකක් නෙ.
Deleteහැලපයිය නං මෙව්වා දන්නව මයේ හිතේ රූපයියට උත්තරේ මෙතන තියනව
මහන එක ගැන මමත් උනන්දුයි. මේක හොඳ වටින පෝස්ට් එකක්.
ReplyDeleteඔයාට බ්ලොග් එකක් තියනවද , තියනවනං ,Edit User Profile වල Privacy වලට ගිහින් Share my profile ඉස්සර හරිය දාන්න
Deleteඅම්මේ
ReplyDeleteMoko macho
ReplyDeleteඑළ කිරි.. ගස්ලබ්බිලාගෙ අහත් ඔය ටී ශර්ට් කෙරුවාව කොරනවා කාලෙකට.දැං හරි.... ගස්ලබ්බටත් මෙශින් වචන දාලා ටෝක් එකක් දෙන්න ඇහැකි..
ReplyDeleteජයවේවා..!!
අලකරගනිංකො
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය මැෂින් වලින් රෙද්දක වාටිය දිගේ ලස්සන රටාවක් වගේ මැහෙන හැටි බලා ඉන්න ආසයි.
Deleteහැබැයි මගේ හීනේ කවදාහරි අපේ උන්දැට මෙන්න මෙව්වා එකක් ඇන්න දීමයි.
[im#]https://jangun.files.wordpress.com/2015/07/bro_2800d.jpg[/im]
ඉතින් බර්නිනා එකක්ම අරගන දෙමුකෝ , මොකෝ සල්ලි නැතුවයැ , ඊලග පැන්සොං පඩියෙන් ලෝබකං නොකර ඇන්ටිට එකක් අරගන දෙනවා හොදයි.
Deleteහරිම වටිනා තොරතුරු ආපු ලිපියක් කතා කරල බලන්න ඕන වෙලාවක
ReplyDeleteඕන වෙලාවක
Deleteතට්ටෙගාල තියන විදිහට පේනව මහණ අය සමඟ දැඩි සම්බන්ධයක් තියනව කියල
ReplyDeleteවිනාඩි දහයකට සැරයක් සෝඩා සප්ලයි කරන මැෂින් එක මොන ලොක්ද?
එතකොට පරිප්පු උපරිමයෙන් බෙරි කරන මැෂිම?
ඒව අටමලොක් බ්‍රෑන්ඩ්.
DeleteDAN ITHIN CALLS AI AJARAMETA
ReplyDeleteමොකක්ද මචං
Deleteකම්පියුටර් එකට සෙට් කරල ඩිසයින් එක දෙන්න පුලුවන් මැසිමකුත් තියෙනවා නේද? ඒ ගැනත් විස්තරයක් දාමුද?
ReplyDeleteඔය විචාරක මහත්තය දාල තියෙන්නේ ඒක තමයි
Delete, මචං වැඩක් තියේ කෝල් මී
මට නම් ඉතිං මැෂින් සද්දෙ ඇහුනෙ නැත්නම් කෑවේ නෑ වගේ
ReplyDeleteඇත්තමයි මෙන්ඩෝ උඹට එහෙම හිතෙන්නේ ප්‍රගමනයක් ඇති හන්ද වෙන්ඩ ඇති , මට නං වෙලාවකට හිතෙන මේ රස්සාව අත ඇරල වෙන මොනවහරි කරන්ඩ ,
Deleteමාත් උන්න නෙ ගාමන්ට් පැට්ටේරියක. හම්මේ සුපයිසර් වුනැයි කියල
ReplyDeleteහැම සෙද්දෙ මැසිමක්ම පුරුදු කලා. රෙද්දෙ ඕලොක්
අන්න කන්සායි හෙක් හෙක්
කන්සායි හදන්ඩ ගියහමත් එහෙමයි , කන්ස ගහන්ඩ හිතෙනව
Deleteඅර අපිට් තලාව කලේ යන්න ටී ෂර්ට් ඕන වෙලා ගණන් බැලුව. කෝ අටම නිකන් කතා කළේවත් නැහැනේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=3458
මං ටිෂර්ට් මහන්නැෙනෙේ මහත්තෙයෙො
Deleteවැදගත් තොරතුරු ටිකක්... මැහුම් වැඩ වලට ආස වුනාට වේලාවක් නැති එකනේ ප්‍රශ්නේ.. :(
ReplyDeletewow its amazing post thanks for share it did you used White Hat SEO? or Video Marketing for your blog?
ReplyDelete