ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා , මෙෂින් එක එන්නේ ලෑල්ල සහ ස්ටැන්ඩ් එක එකපෙට්ටිය , මෝටරය තව පෙට්ටිය සහ හෙඩ් එක තවත් එකක විදිහට පෙට්ටි තුනක. ඉතින් ඔය පෙට්ටි තුනම කඩල එලියට අරගන හයිකරන්ඩ ගිහිල්ලා , එක්කෝ වැරදියට හයි කරල , නැත්තං කෑලි අඩු වෙන් හයි කරල එක්කෝ බාගෙට තදකරල , එව්වායෙන් මොනවහරි ලෙඩක් දීලා අලවෙලා තමයි මට යන්ඩ වෙන්නේ ,
ස්ටෑන්ඩ් සවි කිරී
ඉස්සෙල්ලාම ස්ටැන්ඩ් පෙට්ටිය කඩල ඒක ඇතුලේ තියන ලාච්චුව අරගන්න , මෝටර් බෙල්ට් එක පැත්තකින් තියල , ලාච්චුවේ තියන කෑලි ටික එලියට ගන්න
ඔය තියෙන්නේ කැලිටික ඔක්කොම
දැන් ඉස්සෙල්ලාම එක කකුලක් අරගන කුඩා කොටස විශාල කොටසේ ඇතුලට රිංගවලා , ඇතුලු පැත්තෙන් බෑකට් එක තියල දාහතර සයිස් ඇණ දෙකක් අරගන තද කරන්න , මෙතනදි සාමාන්‍ය සම්මත උස තමයි අඟල් 28 , ඒත් අපේ රටේ කොට ජීවත එච්චර උස නැති හන්දා මම නං තියන්නේ අඟල් 26ක් වාගේ , අනික තමයි කඩෙන් හයිකරල ගේනවා නෙමෙයි අපිම මෙතනදි කරගන්න නිසා මහන කෙනාට ගැලපෙන නිවැරදි උසෙන්ම අපිට සවිකරගන්න පුලුවන් , එක කරන්නේ මෙෂින් එක සම්පූර්නයෙන් හයිකරල ඉවරවෙලා , මහන කෙනා ඉදගන්න පාවිච්චි කරන පුටුවම තියල ඉන්දවලා , වැල මිට ලගින් අත නවල මෙෂින් ලෑල්ල උඩින් තිබ්බහම කොන්ද නොනැමි කෙලින් තියන විදිහට එජස් කරල , එතකොට ඉතින් කවදාවත් කොන්ද රුදාවල් , බෙල්ල රුදාවල් හැදෙන්නේ නැ.
මේ තියෙන්නේ ඇතුලතින් බෑකට් එක සවිවෙන විදිහ
මෙන්න මේ විදිහට කකුලේ පහලට රබර් මවුන්ට් එකත් හයිකරගන්න
මෙන්න තියනවා කකුල් දෙකම හයිකරල ඉවරවෙලා
දැන් තියෙන්නේ පැඩල් එකට පැඩල් කූර සවිවෙන බැකට් එක හයිකරගන්න , එකට පාවිච්චි කරන්නේ සයිසි දහයේ ඇණ දෙක
දැන් පැඩල් බාර් එකට පැඩල් එක සවිකරගන්න , ඒක කරනකොට බාර් එකේ වම් පැත්තේ දෙවැනි සිදුරේ වම් පැත්තෙම කොනටම තියල හවි කරන්න
දැන් පැඩල් බාර් එක බැකට් එකට හයිකරගන්න කුඩා බෑකට් නට් එක ස්ටෑන්ඩ් එකේ ඇතුලු පැත්තට තියල ( කකුලේ ඉස්සරහ ඉදන් පැඩල් බාර් එකට අගල් පහක් විතර තියන්න )
ඔන්න දෑන් ස්ටැන්ඩ් එක හයිකරගන ඉවරයි
මෝටරය සවිකිරිම
ඉස්සෙල්ලාම ලොකු ඇණ තුන ලෑල්ලේ උඩින් යටට රිගවාගන්න
දැන් මෝටර් පුලිය ලෑල්ලේ බෙල්ට් එක වැටෙන කටට සමාන්තරව හිටින විදිහට තියල
මෙන්න මේ විදිහට නට් වලින් තදකරගන්න
දෑන් මෝටර් ස්විච් එක ලෑල්ලේ ඉදිරිපස දකුනු කොනට ස්කුරුප්පු ඇණ වලින් සවිකරගන්න
බෙල්ට් එකේ නොවදින විදිහට වයර් එකත් ක්ලිප් කරගන්
ලෑල්ල සවිකිරීම
අනිත් පැත්ත හැරවු ලෑල්ලේ උඩින් ස්ටැන්ඩ් එක තියලා , ඉදිරි පසින් සහ පසු පසින් සමාන දුරක් සහ , දකුනු පසින් ස්ටැන්ඩ් එක මෝටරයේ නොවදින විදිහට තියල ලෑල්ල සිදුරු කරන්න
මේ වැඩේදි ඩ්රිල් එකක් පාවිච්චි නොකර ඇලිස් කට්ටක් පාවිච්චි කරනවානං හොදයි , පේනවානේ ලෑල්ලේ හැටි
දැන් වම් පැත්තේ කොනෙනෙන් ලාච්චුව හයිකරගන්න ( මේ ඇණ වලට ඇලිස් කට්ටෙන් හිල් කරන්න එපා )
බාත්එක සහ හෙඩ්එක සවිකිරීම
රබර් මවුන්ට් හය බාත් එකට සහ ලෑල්ලට සවිකරගන්න
යකඩ සරනේරුව හෙඩ් එකට රිංගවාගන්න
බාත් එක ලෑල්ලට බස්සවාගන්න
හෙඩ් ස්ටොපර් එක ලෑල්ලට බස්සන්න
හෑන්ඩ් වීල් එකට සහ මෝටර් පුලියට බෙල්ට් එක සවිකරගන්න
දැන් මෝටර් එජස්මන්ට් නට් එක මගින් අතින් තදකරන කොට එබෙන ප්‍රමානයට බෙල්ට් එක සීරු මාරු කරන්න
දැන් මෝටරය සහ පැඩල් එක පැඩල් රොඩ් එක මගින් සම්බන්ද කරන්න , පැඩල් එක අනවශ්‍ය ලෙස ඉහලට නොවුස්සා පැඩල් බාර් එකේ සිට ඉදිරිපසට අගලක පමන ආනතියක් සහිතව සවිකරගැනිමෙන් දිගුකාලිනව ඇති වන පාදයේ ස්නායු තෙරපිමේ රෝගයෙන් මිදිමට හැකිය , මෙෂින් එක පාවිච්චි කරනකෙනා මෙෂින් එකේ ඉන්දවා , පැඩල් එකට කකුල තැබුවිට විලුඹ ලගින් කකුලේ යට කොටස අනවශ්‍ය ලෙස ඉහලට නොයිස්සි නිදහසේ තිබෙන ලෙස සීරුමාරු කිරිම තමයි නිවැරදිම ක්‍රමය
මේ ඉදිරිපස ඇනය බුරුල් කොට පැත්තෙන් ඇති ඇනය ඉදිරියට තදකිරිමෙන් , කොක්ෂීට් එක ඉදිරියට ගෙන මහන කෙනාට පහසු වෙන පරිදි කකුල බුරුල් කරනවිටම මෙෂින් එක නවතිනලෙස සකසාගත හැක
මේ ස්ප්‍රීන් එක තදකිරිම මගින් පැඩල් එක ඉහලට එසවීම වේගවත් කල හැක
පුට් ලිප්ටර් බෑකට් එක මේලෙසට සවිකොට ඇත්තේ ඇසුරුම් කිරිමේ පහසුව සදහාය , මෙය උඩ පැත්ත යටට හිටිනසේ සවිකරගන්න
ලිප්ටර් සවිකරන නිවැරදි ක්‍රමය මෙයයි , කකුලට පහසු වෙන පරිදි උඩට පහලට සහ දෙපසට සීරුමාරු කරගන්න
මේ ඇණ දෙක මගින් පුට් ලිප්ටරයේ නිදහස් සෙලවීම් සීරු මාරු කරගත හැක
බෙල්ට් කවරය සවිකිරිම
කලුපාය යකඩ පින් එක මෙතනට සවිකරන්න
බෙල්ට් ගාඩ් එක ඇණ තුන මගින් මෙලෙස සවිකරගන්න
ගාඩ් එකේ පිටුපස කොටසත් මේ ලෙස සවිකරගන්න
දැන් හෙඩ් එක ඔසවා බොබින් වයින්ඩරය මේ ලෙස තබා , නැවතත් හෙඩ් එක පහත්කර , වයින්ඩරය ඉදිරියට තල්ලු කල පසු බෙල්ට් එකේ වදින ලෙසත් , වයින්ඩරය ඕප් කලවිට බෙල්ට් එකේ නොවදින ලෙසත් තිබෙන තැනින් තබා , ස්කුරුප්පු ඇණ දෙක මගින් සවිකරගන්න
නුල් ස්ටෑන්ඩ් එක සවිකරගන්නා ආකාරය
නූල් දමාගන්නා ආකාරය
දැං ඉතින් හෙඩ් පෙට්ටිය ඇතුලේ තියන ඔයිල් ලීටරය බාත් එකට හලලා මහන්ඩයි තියෙන්නේ
අවුලක් තියෙනං කෝල් එකක් දෙන්න 0776531595
ඩී. අයි. වයි. නියමයි!
ReplyDeleteනොතේරෙයි
DeleteThis comment has been removed by the author.
DeleteDo It Yourself නෙ ඔය කියල තියෙන්නේ.සිංහලෙන් නම් කියන එක හරියටම දැනගන්න හෙන්රි හෝ රවියාගෙන් අහන්න. ඔය මාතෘකාවත් How to fix නොව How to assemble විය යුතුයි.
DeleteDo It Yourself
Deleteහප්පට සිරි. දැනුයි දැක්කේ. Do it Yourself තමා. ඕක කාර් වැඩවල වලවනාතේ යූස් වෙන වචනයක් නිසා මාත් දැම්මා. උපදෙස් ටික අගෙයි. ඔහොම පොටෝ එක්ක විස්තර කරලා තියනවා දැක්කම ආසයි.
Deleteමං දන්නැ අනේ මට තේරෙන්නැ අනේ
Deleteහරිම අනුවේදනීය කතාවක්!
ReplyDeleteමැෂින් බිජ්ජාගෙ "මැෂිමාලංකාරය", හද කිලිලිපොලා යනවා.
Deleteහැලපයෝ ඇනෝ දාන්න ගිහින් අදනම් කෙලවුනා නේද?
Deleteඇනෝ කමෙන්ට් ප්‍රොෆයිල් එකෙන් වැටීමේ ඒ අජූත මොහොතට හැලපයා මුහුණ දෙන අයුරු
Deleteහප්පට සිරි කිවුවලු.
Deleteහැලපයාට අපහාස කොරන්ට කාරි නෑ යකුනේ.
Deleteඒක ලිව්වෙ මම- ඔරිජිනල් ඇනෝ
ඒක තමා මුන්ට පිස්සු
Deleteඔරිජිනල් ඇනෝ.ඔයාට හැලපගෙ ප්‍රොෆයිල් එකෙන් කොමන්ට් කරන්න පුලුවන්ද.මාරයි අනේ.
Deleteඇනෝලා,
Deleteමට වැරදුනේ නෑ බං.මම ඔය අනං මනං කරන්න යන්නෙ නෑනෙ ඔහෙ ලියනවා.
අනේ ඔව්වා ගනන් ගන්න එපා
Deleteඋඹේ මේ අනුවේදනීය මැෂිමාලංකාරය කියෙවුවට පස්සෙ මම ජුකී මැෂිමක් ගන්න අදහස අතෑරිය.
ReplyDeleteආයෙ මොකටද පෙට්ටි කඩන්නෙ එක්කො ආයෙ ආපු වෙලාවක උඹම හයි කරල දියං. හැක්..
අනේ උඹගෙයි මගෙයි මැහිල්ල
Deleteඑක්කෝ උඹ රස්සාව අතඇරලා..නැත්තං හිට්ස් වැඩිකරගන්න කරපු දෙයක් මේ....
ReplyDeleteජුකී මැෂින් හයිකරන අවශ්‍යතාවය තියෙන බ්ලොග්කියවන අය කී දෙනෙක් ඉඳීද හැබෑට..?
කොහොමහරි රස්සාවට අබ සරණයි...!
හරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං අතුන්වේතම්බං කන්නේ එව්වා
Deleteහරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං අතුන්වේතම්බං කන්නේ එව්වා
Delete///අතුන්වේතම්බං////...??????????
Deleteචෙෆ්ල එක්ක ආස්සරේ වැඩි උනාම ඔය වගේ අමුතු ඒව තමයි කන්න වෙන්නෙ. හැක්..
Delete.
Deleteඅතුන්වේතම්බං ලුණු ඉහල පොලුත් එක්ක හොඳයි
Deleteහරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං තුන්වේල තම්බං කන්නේ එව්වා ලෙස නිවැරදි විය යුතුය
Deleteමාත් මේ කල්පනා කලේ මේක කියවල කී දෙනෙක්ට ප්‍රයෝජනයක් තියෙයිද කියල.
ReplyDeleteබඩ ගෝස්තරේ හොයාගන්න දේ ගැන ඕනෙවට වඩා කියන්න එපා බං , උඹම ඕව සල්ලි අරං කරල දීපන්.
ඔය කිවුවට මූ වැදගත්ම කෑලි එකක් දෙකක් හයිකරන හැටි කියල දීල නැතුව ඇති. ඔය පෙට්ටිය කඩල මුගේ කෑලි ටික හයි කළාට පස්සෙ ඉතුරුවෙන ඒව කොහෙටද හයි කරන්නෙ කියල අහල මූට කෝල් දෙන්න තමයි ඔය නොම්බරෙත් දාල තියෙන්නෙ. අන්න එතකොට තමයි ගාන කපන්නෙ ඩබල් එකේ. හැක්..
Deleteමූ එන්නෙ පැඩ්ල් එක එජස් කරන්ඩ කියාගෙන.
Deleteඋඹල දෙන්නට විතරයි වැඩේ අහු උනේ
Deleteතව්ව නෑ නෙ... රබර් බුස් එකත් නෑ..
ReplyDelete(හෙන වෙලා යන වැඩක් මෙයා බස් බස් ගාල ලියලා දාල.)
ජයවේවා..!!
කේස් එකත් පිම්බිලා.. වැස්සකුත් එනව.... චේං එකට මම වග කියන්නෑ ඔන්න
Deleteමට තේරෙන්නේ නැ
Deleteඇයි බං අයියෙ අර ගැරේජ් බාස් කියලා වීඩියෝ එකක් ශෙයා උනේ?
Deleteහරිම සුංගාරාත්මක කතා පොජ්ජ....
ReplyDeleteපින්තූර ජුන්ඩත් නිලන්කාරයි...
තනි ඇහැට ඇඬුන හිටං...
එතකොට අනිත් ඇහැ
Deleteජුකී මහන මැෂිමක් ඇති නිවසකට වටිනා ලිපියක්.
ReplyDeleteජයවේවා!!!
ඇති නෙමෙයි ගන්න ඉන්න ගෙදරකට
Deleteබඩ ගෝස්තරේ හොයාගන්න දේ ගැන ඕනෙවට වඩා කියන්න එපා බං , උඹම ඕව සල්ලි අරං කරල දීපන්.//2
ReplyDeleteකාටහරි වැඩක් වෙයි කියල ලිව්ව නම් හිත හදාගනින් මොකද මෙහෙම ලියන දෙයක් කවද හරි කාට හරි වැඩක් වෙනව. හැබැයි කවුරුවත් අගේ කරේ නෑ කියල හිත නරක්කරගන්න එපා. අපි උඔල මේව මනින යුනිට් වලින් නෙවෙයි හැමෝම මනින්නෙ. ඒකයි මං කම්මල කියාපු එක අනුමත කරන්නෙ.
Deleteහිතේ දැං නරක්වෙන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ බං ....හිත තියෙන්නේ අක්මාවෙලු නේද
Deleteආසාවෙන් කියෙව්වා. ස්ක්‍රීන්ෂොට් ගහගත්තා. ඉඳලා හිටලාවත් මෙව්වා දාන්න මලේ.
ReplyDeleteස්ක්‍රීන්ෂොට් දාල පොත් එහෙම ගහන්නැ බස්වල විකුනන්ඩ
Deleteකවද හෝ කවුරු හෝ කෙනෙක් ජුකී මැසිමක් අටෝගන්නේ කොහොමද කියල සර්ච් පාරක් දැම්මොත් මේක ඌට හතරමහ නිධානෙ පහලවුනා වගේ වෙයි..!!
ReplyDeleteරෙෂ්පට් මස්සිනා හොඳම එකෙන්..
උඹට මතකද අර "මොනවද මුත්තේ මොකද කරන්නේ "කියල අහන පොඩි එකාගෙයි සීයගෙයි අඹ පැලයක් හිටවන සිංදුව.....
ඒක ඇත්ත. කෙනෙක් හොදින්ම දන්නා ඔහුගේ/ඇයගේ නිපුණතාවයක් ඇති දේ ගැන ලිවීම වඩාත්ම සාර්ථකයි කියල මමත් හිතන්නේ. එතකොට මේවා කියවන අපිටත් නොදන්නා ක්ෂේස්ත්‍ර වල දේ ගැන ගූගල් එකෙන් දැන ගන්න බැරි බොහෝ දේ දැන ගන්න පුළුවන්. හැමදෙයක් ගැනම යමක් දැනගෙන ඉන්න එක කොයිතරම් වටිනවද!
Delete++++++++++++++
Deleteමොනවද මුත්තේ ඔතන කරන්නේ - මිත්තගෙ මූයා ඔය වැලි කන්නේ
Deleteඒකනේ මං ලියුවේ
DeleteVery imported and usefull analicis you put to blog. Good good
ReplyDeleteස්තුතියි
Deleteමචෝ. ලිව්ව වගේම ඕකම පොඩි වීඩියෝ කෑල්ලක් වගේ හදල යු ටියුබ් එකට දාගන්ට වගේ වැඩක් කොරල බලහන්. ලියනවට වඩා මහන්සි වෙන්ට ඕන තමයි. මම කිව්වේ උබේ මේ උත්සාහය තවත් ගැම්මක් දෙන්ට. නිකන් "ඇටම් වීඩියෝ ප්‍රඩක්ෂන්". කොහොමද නැගල ගියොත්.👊🏽
ReplyDeleteඅම්මෝ මචෝ කෝ කාලය , අනික යකෝ අප්ලොඩ් බයිට්
Deleteෂෙහ්... ඔව්වගෙන් ඩබොලක් ම ගෙදර තියේ පැකින් පිටින්ම. කොහෙද ඉතිං අදාළත් නෑ අයිතිත් නෑනෙ මට..........
ReplyDeleteකොහොමද හම්බුනේ කියල මං දන්නවා
Deleteබැරි වෙලාවත් මැෂින් එකක් හයි කරගන්න ඕනේ උනොත් , ඉන්න තැනකින් ඇවිත් හයි කරලා යන්න අටම්... එක ලේසි වගේ මේක ඉගෙන ගන්නවට වඩා :)
ReplyDeleteගාස්තුව ටිකක් සැරයි
Deleteදැන් ගෙවල්වල් මැෂින් තියනව ද බන් ? මම හිතන්නේ නැතිම තරම්...
ReplyDeleteනැතුව බං එහෙනං මං බඩගින්නේ මැරෙන්ඩ එපැය
DeleteWe are best seller in india as well as services provider of Industrial Sewing Machine Supplier, Direct Drive Motor Energy/Power Saving Machine & Direct Drive Motor Energy Saving Machine. We have all kinds of industrial Sewing Machine.. Contect us: 9810081403 & http://bsmcompany.com.
ReplyDeleteඅපි ඉන්දියාවේ හොඳම විකුණන්නා මෙන්ම කාර්මික Sewing Machine සැපයුම්කරු වන සේවා සම්පාදකයා වන සෘජු ඩ්රයිව් මෝටර් බලශක්ති / විදුලිබල ඉතිරිය යන්ත්රය සහ සෘජු ඩ්රයිව් මෝටර් බලශක්ති ඉතිරිය යන්ත්රය වේ. 9810081403 සහ http://bsmcompany.com: අපි කාර්මික Sewing Machine, සියලු වර්ගවල .. අපට Contect ඇත.
Deleteමගෙ අම්මෝ..
ReplyDeleteජුකී මෙශින් එකක් හයි කරන්න මේතරම් අමාරුද?
මන් ජුකී මෙශින් එකක් ඇත්තට දැකලා නෑ. ඒත් මේ පින්තුර්‍ර ටික එක්ක විස්තරේ බලද්දි ඇත්තට දැක්ක වගේ තමයි...
:)
අමාරු නැ හරිම ලේසියි ඊටත් වැඩිය මහන්න ලේසියි
Deleteමෙච්චර මගුල් කරන්න බෑ බං. අපේ ගෙදරට එකක් ගත්ත දවසට උඹට කෝල් එක් දෙන්නම්. ඒක මීට වඩා ලේසියි වගේ.
ReplyDeleteඅයකිරීම් සැරයි
Deleteනියමයි. මට කෙසේවෙතත් අපේ අම්මටනන් මේ ලිපිය වටිනවා. ජුකී මැෂින් එක ගෙනාපු දවසෙ ඕක හයි කරගන්න බැරුව අපි විඳපු දුකක්. පස්සෙ කෙනෙක්ව ගෙන්නලා තමා හයි කර ගත්තෙ.
ReplyDeleteකොහොමහරි කරගන්න එකයි වටිනේ
Deleteමේ ලිපිය හා කන්ටෑක්ට් අංකය මට ඉතා නුදුරේදීම වැදගත් වීමට ඉඩ ඇත.
ReplyDeleteඑදාට අටම් වෙත ඇමතුමක් දෙන්නම්.
හා අහලපහලකනං ආව හැකි , මහ දුරකනං බැ
Deleteපාරිභෝගිකයා ම එකලස් කර ගැනීමට එවන බඩු සහිත පෙට්ටි ඇතුලේ එකලස් කර ගැනීම පිළිබඳ පියවරෙන් පියවර විස්තර කෙරෙන රූප සහිත අත් පොතක් එනවා නේද?
ReplyDeletehttps://www.facebook.com/suriyaarachchi/posts/10153506833303793
@රසිකොලොජිස්ට් අත් පොතක්නන් තිබ්බා.මැෂින් එක ඩුබායි වලින් ගෙන්නපු එකක්. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොත තිබ්බෙ නැ. අරාබියෙන් ලියපු පොත තමා තිබ්බෙ.අපිට අරාබි තේරෙනවයෑ.. :-)
Deleteලංකාවේ එහෙමටවත් එකක් හම්බෙන්නේ නැ රසික , අනික මොකදෝ මන්දා අපේ අයට පැහැදිලි සටහනක් තිබුනත් කරගන්න බැ . ගෙදර තියන හොල්ඩරය ස්කූරු ටයිප් කියල දැක දැක පින් ටයිප් බල්බ් ගේන රටක් මේක
Deletecan u do home visiting repairs???
ReplyDelete0776531595
Delete