2016-08-29

How to write a Sinhala blog ( 4 ) පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි


තෙවැනි කොටස මෙතැනින්




දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න.






දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික් කරන්න




දැං ඔයා ලියන්ඩ යන ලිපියට ආදාල ලේබල් එකක් දාල සේව් කරන්න , මුල ඉදන්ම මෙහෙම කරන එකේ වටිනාකම තමයි , ලිපි වර්ගීකරනයක් සිද්ද වෙන එක , කියවන අයටත් ඒක පහසුවක්




දැං අපි පෝස්ට් එකට පින්තුරයකුත් දාමු , ඔය උඩ පෙන්වල තියන අයිකන් එක ක්ලික් කරන්න
මෙතනදි මතක තියාගන්න ඕන කාරනාවක් තමයි ෆොටෝ සහ වීඩියෝ අපේ කම්පියුටරයට  ඩවුන්ලෝඩ් කරල ආයෙත් බ්ලොග් එකට අප්ලොඩ් කරන එක තමයි හරි , මොකද කොහේ හරි තියන එකක් අප්ලොඩ් කරාට පස්සේ ඒක දාපු කෙනා ඒක දාපු තැනින් අයින් කරගත්තහම අපේ බ්ලොග් එකෙනුත් ඒක නැතුව යන්න පුලුවන්




දැං ඔය මාක් කරල තියන තැන ක්ලික් කරන්න



දැං ඔයාගේ කම්පියුටරයේ තියන පයිල් ටික පෙන්වනවා , ඒ අතරින් ඔයාට ඕන පින්තුරය තෝරලා , ඕපන් ක්ලික් කරන්න




දැං එන කොටුවේ පින්තුරය සිලෙක්ට් කරල  යට තියන ඇඩ් සිලෙක්ටඩ් ක්ලික් කරන්න




දැං අපි විඩියෝ එකකුත් පොස්ට් එකට දාමු




අපිට මෙතනදි කම්පියුටරයේ තියන එකක් හරි ඔයාබටේ තියන එකක් හරි අප්ලෝඩ් කරගන්න පුලුවන්




කලින් පින්තුරයට කලා වගේ සිලෙක්ට් කරල ඇඩ් කරගන්න




දැං ඉතින් තමන් කැමති දෙයක් ලියාගන යන්ඩයි තියෙන්නෙ, කලින් සිංහල ලියල නැති කෙනෙක් නං ටිකක් විතර අවුල් ගතියක් දැනෙයි , ඒත් පොස්ට් දෙක තුනක් ලියනකොට  පුරුදු වෙලා එයි ගානට




ඔයා ලියන ඒක ඔටෝමැටිකලි සේව් වෙනවා තමයි , හැබැයි සමහරක් වෙලාවට එහෙම නොවෙන්න පුලුවන් අන්තර්ජාල දෝෂ නිසා  , ඒක නිසා වරින් වර ඔය උඩ පෙන්වලා තියන සේව් බට්න් එක ක්ලික් කරාට කමක් නැ




ඔය පෙන්වලා තියන preview බට්න් එක ක්ලික් කරල ඔයාට පුලුවන් පබ්ලිෂ් කරාට පස්සේ කොහොමද බ්ලොග් එක පේන්නේ කියල බලාගන්න




පෝස්ට් එක ලියලා ඉවරනං දැං ඉතින් තියෙන්නේ පබ්ලීෂ් කරලා දාන්න




එතකොට පෝස්ට් එක පබ්ලිෂ් වෙලා මෙන්න මෙතනට එනවා , වීව් බ්ලොග් ක්ලික් කරල  බ්ලොග් එක ඕපන් කරලා බලන්න




ආ ඔය තියෙන්නේ , දැං අපි බලමු අපේ බ්ලොග් ලිස්ට් එකට අපි කැමති බ්ලොග් එකතු කරන්නේ කොහොමද  කියල , ඉස්සෙල්ලාම බ්ලොග් ලිස්ට් එකේ ලග පොඩියට තියන මිටියයි යතුරයි අයිකන් එක ක්ලික් කරන්න




එතකොට ඕපන් වෙන බොක්ස් එකේ ඇඩ්ටු ලිස්ට් ක්ලික් කරන්න , දැං ඔයා කැමති බ්ලොග් එකේ එඩ්රස් එක කොපි කරගන එන්න



ඔයාට පේනවා නේද කලින් ඕපන් උන බොක්ස් එක උඩින් තවත් එකක් ඕපන් වෙලා තියනවා , ඒකේ තියන ඇඩ් බයි url කියන තැනට ඔයා කොපිකරගන ආපු එඩ්රස් එක පේස්ට් කරන්න




දැං ඇඩ් බට්න් එක ක්ලික් කරන්න




දැං සේව් කරන්න




ඔන්න එතකොට ඔයාගේ බ්ලොග් ලිස්ට එකට බ්ලොග් ඇඩ්වෙලා තියනවා පේනවා , සමහරක් විට ඇඩ් කරපු එක ඩිස්ප්ලේ වෙන්න ටිකක් වෙලා යන්න පුලුවන්


පස්වෙනි කොටස මෙතනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

22 comments:

  1. ඈ යකෝ උදාහරනෙට ගන්න බලු බෙට්ටට වඩා දෙයක් තිබුනේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ඇනෝ - මූ වගේ එකෙක් අම්මපා :-)

      Delete
    2. මේ ඇනෝ කමෙන්ට් එක මේල් දිහා බලාගන ඉන්නකොට වැටුනේ නමකින් , ඒත් ඕපන් කරනකොට ඇනෝ නිමස් වෙලා එහෙම වෙන්නේ උනේ කොහොමද කියල බලන්න ඕන

      Delete
    3. ඇ තිස්සයෝ පිච්ච මලක් දැම්මට වඩා මේක හිතට ( හරි නැ කියමුකෝ ) නහයට වදින්නේ නැද්ද

      Delete
  2. මේ දවස්වල කමෙන්ට් කරන්නත් බයේ ඉන්න මට මොන බ්ලොග් ලිවිලිද?

    ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ

    ReplyDelete
    Replies

    1. //ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//

      එසේ මෙසේ බයවිල්ලක් නං නෙවෙයි බයවෙලා තියෙන්නෙ මෙදාපාර .. හැක හැක :D

      Delete

    2. //ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//

      හැක් හැක් බයවෙලා සලිත වෙලා. බාසාවත් අමතක වෙලා. හිනාවෙලා බඩ රිදෙනවා

      Delete

    3. //ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//

      හැක් හැක් බයවෙලා සලිත වෙලා. බාසාවත් අමතක වෙලා. හිනාවෙලා බඩ රිදෙනවා

      Delete
    4. බයවීමටත් ඉගනගත යුතුයි පත්තරමල්ලිඅයියා, ලව්පූස්තුමා.
      දෙහි මදිවෙලා ජම්බෝලයක් කප්පව ගත්තා.
      අත බලා ගන්න කම්මලකට යන්නත් තියනවා

      Delete
    5. කෘෂිකර්මය වෙන මල කරුමයක්

      Delete
    6. බය නෙමෙයි බං කැත

      Delete
    7. බඩ රිදුනට මොකැ බඩ වෙලා නැත්තං

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පුක බල්ලාම කාපිය... (අැයි බන් මුන්ටම ෙකලින්ෙන)
      [IMG]http://i64.tinypic.com/o88aps.jpg[/IMG]

      Delete
    2. පුක බල්ලාම කාපිය... (අැයි බන් මුන්ටම ෙකලින්ෙන)
      [im#]http://i64.tinypic.com/o88aps.jpg[/im]

      Delete
    3. මොකක්ද බේබද්දෝ මේ රුපේ පෙන්නෙත් නැ කියන දෙයක් තේරෙන්නෙත් නැ ...රෙද්ද

      Delete
  4. මොකෝ මගෙ කමෙන්ට් එක මකලා.. ඒකෙ අසභ්‍ය වචන මුකුත් එහෙම තිබුනැයි ?

    ReplyDelete
    Replies
    1. අනේ මං කමෙන්ට් මකන්නේ නැ බං , වෙන මක්කහරි වෙලා මොකක්ද උඹ දැම්මේ ආයේ දාන්ඩ බෑද

      Delete
  5. මට හිතෙනව බං අලුතෙන්ම ෆෝර්මැට් වෙලා මේ කියන විදියට බ්ලොගක් පටන් අරන් අලුත්ම බ්ලොග් ජීවියෙක් හැටියට උඹලා අතරට එන්න.

    ReplyDelete
    Replies
    1. හරියන්නේ නැ මොනව කියුවයත් කරත් උඹ පරණ බ්ලොග් වෝකර් හෙන්රි කොටා නං

      Delete
  6. සෑහෙන්න මහන්සිවෙලා ලියලා තියෙන්නේ. බොහොම හොඳයි.

    බ්ලොග් ලියන සමහර අය පවා දන්නේ නැහැ, ඉතා මෑතක් වනතුරු, බ්ලොගර් කමෙන්ට්ස් වලටත් පින්තූර සහ වීඩියෝ දැමීමේ පහසුව තිබුන බවත්, ගූගල් සමාගමෙන් අද එය අත්හිටුවා ඇති බවත්.

    බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් දෙක සංසන්දනය කරමින් ලියා තිබුණු විස්තරයද වටිනවා. වර්ඩ්ප්‍රෙස් එකේ තවමත් කමෙන්ට්ස් වලට වීඩියෝ සහ පින්තූර දාන්න පුළුවන්. ඒ වගේමයි සමහර අය දන්නේ නැහැ, වර්ඩ්ප්‍රෙස් එකේදී, අඩවි පරිපාලකට, කමෙන්ට් සංස්කරණය කොට පලකිරීමේ පහසුව තිබෙන බව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි කොච්චර කට්ට කාගනද බං , ස්කීර්ප්ට් දාල කමෙන්ට් වලට පින්තුර වීඩියෝ දාන්ඩ හදාගත්තේ , ගුගල් දෙයියව බල්ලෝ ඇදගන යන්ඩ ඒන

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්
    ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල…
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • අස්සට දාන්නේ කොහොමද
    කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින්…
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • ඇයි යකෝ ඔය
                                             …
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  •  මම දන්න ගුණයහපත් බල්ලෝ
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද
1,646,040

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>