2016-08-29

How to write a Sinhala blog ( 5 ) බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි


හතරවෙනි කොටස මෙතැනින්

මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග් ෆලෝකරන එක , එතනදි ගූගල් පලෝවරය ෆලෝ නොකර බ්ලෝගර් ෆලෝවරය ෆලෝ කරන එක තමයි හරි , කවුරු හරි ගූගල් මගුලත් දාල තියනවානං ඒකත් ෆලෝ කරාට කමක් නැ , හැබැයි  මුල් තැන දෙන්න ඕන බ්ලොගර් ෆලෝවරයට  ,  අනික තමයි අනිත් අයට තමන්ගේ බ්ලොගර් ෆෝපයිල් එකෙන් ලොග් වෙලා කමෙන්ට් කරන එක.





තමන්ට ෆලෝ කරන්න ඕන බ්ලොග් එකේ බ්ලොගර් ෆලෝවරයේ යට තියන බට්න් එක ක්ලික් කරන්න ,





ඊට පස්සේ පොප් අප් වෙන බොක්ස් එකේ ෆලෝව් කියන අයිකන් එක ක්ලික් කරන්න , ටික වෙලාවකින් ඒ බ්ලොග් එකේ ෆලෝවරයේ ඔයාගේ ෆොටෝ එක වැටෙයි



දැං බලමු කමෙන්ට් දාන විදිහ







කමෙන්ට් කරන්න ඕන තැන කමෙන්ට් අයිකන් එක ක්ලික් කරන්න





ඉස්සෙල්ලම එතන දකුනු පැත්තේ යට තියන නොතිෆයි මී සිලෙක්ට් කරන්න , එතකොට ඔයාගේ මේල් එකට එතන ඉදන් වැටෙන කමෙන්ට් එනවා

ඊලගට කමෙන්ට් එක කොටන්න

පබ්ලිෂ් බට්න් එක ක්ලික් කරන්න






ඔන්න දැං කමෙන්ට් එක වැටිලා , දැං ඔයාට ඒකට රිප්ලයි කරන්න ඕන කියල හිතමු , එතන යට තියන රිප්ලයි කියන ඒක ක්ලික් කරල ඔයාට කියන්න තියන දේ කියන්න ,





මෙන්න මේ විදිහට




ඔන්න දැං තව කමෙන්ට් එකක් දාන්න ඕන , ඒක අර රිප්ලයි එක අස්සේ නොගහ වෙනම කමෙන්ට් එකක් විදිහට දාන්න

ලින්ක් දාන හැටි ඊලගට බලමු , ඉස්සෙල්ලම පෝස්ට් එකට ලින්ක් දාන හැටි බලමු





ඉස්සෙල්ලම පෝස්ට් එකේ තමන්ට ලින්ක් එක දාන්න ඒන වචන ටික  දිගේ  මවුස් එකේ වම් පැත්තේ බටන් එක ක්ලික් කරගන ඇදගන ගිහින් හයිලයිට් කරගන්න





දැං ඔය උඩ තියන ලිනක් අයිකන් එක ක්ලික් කරන්න







එතකොට ඕපන් වෙන පොප් අප් වින්ඩෝ එකේ යු ආර් එල් එක දාන්න තියන තැනට , ඔයාට ඕන ලින්ක් එක දීලා  යට තියන Open this link in a new window කියන එකට හරියක් දාල Ok  කරන්න



ඔන්න හරි දැං පෝස්ට් එකේ ඕන තැනට ලින්ක් එක වැටිලා


දැං බලමු  කමෙන්ට් එකකට ලින්ක එකක් දාන විදිහ

ඉස්සෙල්ලාම කමෙන්ට් බොක්ස් එකේ  <a href="  කියල ටයිප් කරන්න , ඊට පස්සේ ඔයාට ඕන ලින්ක් එක දාන්න , ඊලගට "> කියල දාල  ඔයාට ඕන වචනටික දාන්න , ඊලගට </a> කියල දාන්න
<a href="LINK HERE"> WORDS HERE</a>





තේරෙන්ට ඇති කියල හිතෙනවා


හයවෙනි කොටස මෙතැනින්

මේ හා බැදුන වෙනත් ලිපි 

























12 comments:

  1. මෙච්චර කල් බ්ලොග් කියෙව්වට, කමෙන්ට් කරාට, මම මේකෙනුත් දෙයක් ඉගන ගත්තා..පුලුවන්නම් කියහන් මොකක්ද කියලා...

    ස්තූතියි ඒක කියලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. බලුබෙටි කහ පාටයි කියල. හැක්..

      Delete
    2. ලින්ක් දාන විදිහද

      Delete
  2. ඉතින් යකෝ උදාහරනයට ගූ බෙට්ටක්ම ගන්න ඕනෙද.

    ReplyDelete
    Replies
    1. මං අරහෙම දැක්කේ මේ කමෙන්ට් එකද අරකද

      Delete
  3. ට්‍රෙන්ඩ් එක ෆලෝකොරනවා වගේ, හිටිං ඩිස්ප්ලේ එක මැද්දෙන් කොල කෑල්ලක් අලෝගන්නකන්.

    ReplyDelete
  4. රීඩින් ලිස්ට් එකේ ඇඩ් බ්ලොග්ස් කියන තැනට ෆලෝ කරන්න ඕන බ්ලොග් එකේ ඇඩ්‍රස් එක කොපි පේස්ට් කරන එක තමයි මමනම් කරන්නේ. ගැජට් නැති බ්ලොග් උනත් දැනට නම් ෆලෝ වෙනව :)

    ReplyDelete
    Replies
    1. ඔව් අරහෙම කරල අපිට උදව් කරන්ඩ මුන්ට හෙනද බං

      Delete
  5. Notify me දැනගත්තෙ අද. මට කොමෙන්ට් මිස් වුණා හුඟක් වෙලාවට. මේක දැනන් හිටියෙ නෑ. ස්තූතියි අටමා.

    ReplyDelete
    Replies
    1. ඕව් ඒක හෙන පහසුවක් , කරල බලන්න වෙලාව ඉතුරු කරගත්තහැකි

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • මුල්ල පටස්
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • ඇයි යකෝ ඔය
                                             …
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි
    අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක…
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
1,646,039

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>