පරණ බඩු මුට්ටු වලටත් ඔය සෙතේ ඔහොම්මමයි , හැබැයි කොම්පියුටර් වලදි නං ඕකේ තව පැත්තක් තියනවා ,
සමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ , ඉතිං සමහරක් වෙලාවට දානවා තියා බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක සිලෙක්ට් කරන්ඩත් බැ ,
දැං මං කියන්නේ ඔහොම උනහම මං කරන දේවල් ටිකක් , පලමුවෙන්ම කියන්ඩ ඕන මං මේ කරන දේවල් විදිමත්ව ඉගන ගත්ත දේවල් නෙවෙයි , මම හැමදේම අතගාල ඉගනගන්න , ඉගන ගත්ත එකා , කොම්පියුටර් සම්බන්දව ඔය කතාව තවත් ටිකක් අන්දබජල් , මොකද මට කඩ්ඩ බැනේ , දකින හෝයාගන්න දෙයක් ගැටගහල කියවගන්නේ අමාරුවෙන් නෙමෙයි .....කියව ගන්ඩ බැ.
පට්ට කම්පියුටර් කාරයන්ට මේක හූනු බිජ්ජක් වෙන්ඩ පුලුවන් හැබැයි මං මේවා ලියන්නේ මං වාගේ මැට්ටෙක් උනාට ගැට්ට කහන උන් තව ඇති කියල හිතාගන.
මේ කතන්දරය මට කිහිප සැරයක්ම වෙලා ගොඩ දාගන තියනවා , ඔය අල්ල පනල්ලේ මේ ලගදී දවසක යාළුවෙක් ඒකගේ බඩරස්සාව කරන තැන කොම්පියුටර් දෙකක් අරගන ආවා xp දාලා දෙන්ඩ පුලුවන්ද අහගන .
මං පුලුවංය කියවහම මේක කියපි ,
මේවා අපිට විකුනුව කොම්පැනියට කිව්වහම අළුත් එව්වට xp දාන්ඩ බෑ ය , අනික එහෙම දැම්මහම වොරන්ටි දෙන්ඩ බෑය කියුවය , පස්සේ කරදර කරනකොට එකෙක් ඇවිත් අතගගා ඉදලා ගියාය , මයික්රෝසොෆ්ට් ඒජන්තයට කතාකලාය , ඒකලා..... අර්ලි වර්ෂන් දාලදෙන්ඩ බෑය ....ඕන නං තියන වින්ඩෝස් 8 එකයි වින්ඩෝස් 10 එකයි අයින් කරල වින්ඩෝස් 7 දාල දෙන්නං කියල කියුවය .....අනේ බං ....ඔෆිස් එකේ පේරෝල දාන්ඩ පුලුවං xp වලට විතරයි හන්දා ඔෆිස් එකේ ටිකක් වැඩ දන්න පොරක් එක්ක දාන්ඩ හැදුවාය ...ඒත් හරිගියේ නැතුව පිටින් පොරක් ගෙන්නුවාය .....ඌත් xp වලට ඩ්‍රයිවර්ස් නැය කියල දමල ගහල ...ගියාය කියල කෙදීරි ගාන්ඩ ගත්තා.
හා එහෙනං බලන්ට තියලා පල කියල
සමහරක් වෙලාවට එහෙමත් හරියන්නැ ....බූට්වෙන්නෙම නැ මෙෂින් එක , එහෙම වෙලාවට හාඩ් ඩිස්ක් එකේ කේබල් එක ගලවලා රීස්ටාට් කරල , සී ඩී එකේන් මෙෂින් එක බූට් වෙච්ච ගමං ආයෙත් කේබල් එක ගහනවා .
සමහරක් විට ඒත් හරියන්නෙම නැ . එතකොට පිහිටට එන්නේ ලිනක්ස් තමයි , මොකක්හරි ලිනක්ස් වර්ෂන් එකකින් කම්පියුටරය සම්පූර්නයෙන්ම ෆෝමැට් කරල දානවා , එතකොට ඉතින් පැටියා හිලැ වෙනවා හරියට නිකං උණු කරපු ලුණු වතුර දුන්න මුගටියා වාගේ .
දැං ඔන්න xp cd එක ගත්තා කියමුකෝ ඔන්න එකිං එක ෆයිල් ලෝඩ් වෙවි ගිහිං , එක පාරටම නතර වෙලා එනවා කියහංකෝ ඔය පල්ලෙහා තියන බ්ලු ස්ක්‍රීන් එක හරි , ඒ සමාන වෙන එකක් හරි , සමහරක් වෙලාවට ඔතනදි කියනවා f7 ගහන්ඩය අරකය මේකය කියලත් , ඒක එක එව්වායේ එක එක විදිහට වෙනස් වෙනවා , එන මැසේජ් එක , ඒත් ඉතින් මක්කා කරත් ඉස්සරහට යන්ඩ බැ කියමුකෝ , වෙන xp cd එකකින් බලනවා ඒත් හරියන්නේ නැ.
මේක ගිගාබයිට් කෝර් අයි සෙවන් කම්පියුටරයක් , දාන්ඩ ගියේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ එකක් , පස්සේ ඉතින් ආයෙත් බයෝස් වලට ගිහින් ඔය පල්ලෙහායින් දාල තියන විදිහට සෙටින් හැදුවා.
මේක ඇවිල්ලා එච් පී කෝර් අයි ෆයිව් මෙෂින් එකක් , මේකට වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ දාන්ඩම දුන්නේ නැ , පස්සේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ත්‍රී එකක් දැම්මේ
මේකෙදී uefi boot sources කියන මංගල්ලෙත් disabled කරන්ඩ උනා
මෙතනදී ide ඔෆ්ෂන් එක පෙන්නුවේ වෙනස් විදිහට , හැම එකේම එකම විදිහට නෙමෙයි සිමොස් සෙටින්ග් මුහුනත , එකින් එකට වෙනස් උනත් හොයාගන්න අමාරු නැ .
දැං ඔන්න ඒ කරල ආයෙත් රීස්ටාට් කරල සීඩි ඒක රීඩ් කරනකොට එන්ටර් බට්න් එක ගහල ඉස්සරහට යනවා , දැං ඉතිං බබා වගේ වැඩේ යනවා ......නැ යකෝ නැ .......setup is starting windows කියන තැනට ආපුවහ ...කෙලා හුටා ...ආයෙත් හිරවෙනවා , සිඩි මාරු කරනවා , වෙන හාඩ් ඩිස්ක් මාරු කරනවා , රැම් මාරු කරනවා , මොන මොකවත් අහන්නේ නැ ,
පස්සේ මොකද කරන්නේ , ආයෙත් මුල ඉදං පටං අරං සීඩී එක කියවන්ඩ ගත්ත වෙලාවේ ඉදං එකම රිද්මයකට නොනවත්වා f7 එක මිරිකගන මිරිකගන යනවා , setup is starting windows කියන තැනට ආපු ගමං තප්පරේකට ඒකපාරක් වාගේ වෙන්ඩ වේගය වැඩිකරගන f7 එකට ගහගන ගහගන යනවා , එකපාරටම මොනිටරය කලුවෙලා යනවා ........අයින එක නැවැත්තුවද ....නැ ..නැ ඔන්න ඔය පල්ලෙහා තියන එක නිල් වෙනකං වැඩේ කරගන යනවා
හම්මේ දැං සුරාන්ත සැප , වැඩේ ගොඩ ...සමහරක් වෙලාවට ...ඔය පිටුව ඔයිට ටිකක් වෙනස් විදිහටත් එනවා ... ඇග්රි වෙන්ඩ f8 ඔබන්ඩ වාගේ එව්වා එක්ක , ඒක සීඩි එකින් එකට වෙනස් , දැං ඉතින් කී එක එහෙම දීලා , ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම ඔය පල්ලෙහා තියන එක වාගේ කළු වෙයි
දැං N අකුර ගහලා එන්ටර් කරලා දාන්ඩ , වැඩේ තක්කෙටම අහවරයි .
දැං ඉතින් දන්න එවුං රීගන හත්පොලේ ගාගන කියල කමෙන්ට් දානවා එහෙම නෙමෙයි
මේ වැඩෙං පස්සේ මට මෙහෙම අදහසකුත් ආවා , windows xp පයිරට් කොපියක් හොයාගන්ඩ හැදුවට හරි අමාරුයි දැං , ඒක එක්කෙනා වෙනස් කරපු එකම සර්විස් ෆැක් එකේ වර්ෂන් සියගානක් ඇති , මට මතකයි එකක් තිබුනා ..බීල් ගේරේට්ස් ...එඩිෂන් කියලත් , ....ඒක ඉන්ස්ටෝල් කරන්න කී එකක් ඕනත් නැ ......ඔය හොර කොපි ඔක්කොම එක තැනකට එකතු කරොත් අමුතු වටිනාකමක් ..තියන අපූරු එකතුවක් වෙයි නේද .....මොකද කියන්නේ ඔයාල ලග තියන windows xp CD වල කොපියක් අටමට දෙන්ඩ කැමතිද.
Oka matath una ubuntu daanna ghn..😁
ReplyDeleteඉතිං මොකද කලේ
Deleteඑළනේ මචං, වෛයිරස් අසාදන ලෙඩ රෝගවලට මුහුණ දිමේ ප්‍රතිශක්තිකරණය එහෙම තියේවිද ?
ReplyDeleteඇමොක්සිලිං ටිකක් බීහං
Deleteපැය කීයෙන් කීයටද.......
Deleteනිට්ටාවටම සුව වෙන්ඩ එකපාරම අහුරක් බීහං
Deleteනොදකිං *කයා....
Deleteපරණ එක අතාරින්ඩ? හඃ..... ගහනවා තොගෙ බෙල්ල කැඩෙන්ඩ. (හලේ බොලේ පාරේ යන අලුත් එව්වා දැක්කම, පරණ එක විසිකොරන්ඩ හිතෙන වෙලාවල් තියනවා)
ReplyDeleteමේ මෑතකදී මගේ යාලුවෙක් ගෙනාවා, Acer Aspire F15 එකක්. core i7, 1TB HDD, 4 GB VGA, 8 GB RAM. මේකේ Win 10 දාලා තිබුණේ පිටරටින් ගේනකොටම. එක auto update වීම නැවැත්තුවත්, මාසෙකට විතර වතාවක්, නැවත ඒ වැඩේ පටන්ගන්නවා.
මේකට Win 8.1 දාන්න උත්සාහ කළා දන්න සියලුම ක්‍රම වලින්. ගන්නේ නැහැ. 10 විතරයි ගන්නේ. හැබැයි මම bios reset කලේ නැහැ. no boot media කියන තැනට එනකල්, HD එකේ සියල්ල මැකුවත්, auto partition එකක් හදාගන්නවා 500 MB එකක්.
මේ මගුලට මොකෑ කරන්නේ?
8.1 වලට වඩා 10 හොදයි නේද , bios reset කරල බලන්න
Deleteඔයා auto update නැවත්වන්න පාවිච්චි කරපු ක්‍රමය මොකක් ද?
Delete8.1 වලට වඩා 10 හොදයි තමා.
linux වලින් format පාරක් දාල බලන්න H.D.D එක
Deleteමට නං linux තමයි ඔහොම උනහම පිහිටට එන්නෙ
Delete"hiren boot cd" try this
Deleteමාලග නැ මචං
Deleteකදාන ලින්ටන් පාර පැත්තෙ යනවනම් hiren boot cd එකක් ලැබෙන්න සලස්සන්න පුලුවන්. මගෙ ජූනියර් මල්ලි කෙකෙනෙක් ඉන්නව.
Deleteගෙදර යන්නෙ ඒපාරේ
Deletemessage එකක් දාපන් HVA Foods (heladiv tea) දන්නවද?
Deletemail එකක් දැම්මා
Deleteඑල
Deleteමටාත්.............මටාත්........ මටත් එකක් ඕනේ.
Deleteහම් හම් පැත්තකට පැත්තකට ආවා මෙතන කොල්ලො කර වැඩ කරන්ඩ
Deleteඅටමගෙන් කොපියක් ඉල්ලගන්ඩෝ......
Deleteකතාවේ හරය.
ReplyDeleteකොම්පීතරේ ආටූ ටී ටූ ගානකොට අටමට කෝල් එකක් දීපිය.
ජයවේවා..!!
ගෙනත් දීපිය
Deleteමැශිමට වර්චුවල් පීසී එකක් හදලා එක්ස්පී දාන්න ට්‍රයි කළේ නැද්ද? මොකද දන්නෙ නෑ අර කම්පැනියෙ උන් එහෙම කළේ නැත්තෙ?
ReplyDeleteඋත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකට තම්යි.
මං කවදාවත් එහෙම තරල නැ , කොහොමද කරන්නෙ
Deletehttp://mycomputer201226.blogspot.com/2013/01/VirtualPCandDualboot.html
Deleteබැලුවා
DeleteCD එකක් තියෙනවා ඕනෙද>>>>>
ReplyDeleteවැඩ කරනවද , කී එකත් එක්ක දීපං , සිරාවටම XP එකතු කරන්ඩයි යන්නෙ
DeleteVirtual Machine ekak atulata windows XP danna. dan XP ekata mirosoft support ene nathi nisa PC ekata direct install karala run karanna eken security issues enna puluwam.
ReplyDeletePirate copy install karan eka nm recommend karanna ba. me site ekn OEM key ekak ganna. https://www.kinguin.net/
http://www.tomshardware.com/faq/id-1853121/set-virtual-windows-machine-virtualbox.html
Deleteඑතකොට පුලුවන්ද XP වල ඩොස් උඩට ගිහිං කරන දේවල් කරන්න , ( උදා ...ඩොස් උඩ දුහන පේරෝල් එකක් වාගේ දෙයක් කරන්න )
Deleteow puluwm. net eke godak tutorial tyenawa oya subject eka gana. e nisa prasnyak wene na. try krala balana. bank wala ehemat 1970/80 kale hadapu software unat aluth OS wala run krana bari unahama. virtual machine ekata prana OS eka install krala use krnwa.
Deletedos wala duwana software ekak nam. smaharavita DOS Box (http://www.dosbox.com) walin unat wade goda da ganna puluwm wei.
Deleteමේකත් එහෙම තැනක් , රජයේ දෙපාර්තමෙන්තුවක් , තව මම දැකල තියනවා , ප්‍රීන්ටින්ග් මෙෂින් , කලර්ස් මැච් කරල මික්ස් කරන මෙෂීන් වාගේ , ගොඩක් කාර්මික ශේෂ්ත්‍ර වල තියනවා මෙෂින් සපෝට් කරන්නේ " XP සහ 98 විතරයි , සමහරක් විට ලොකු ගණන් වටින මෙෂින් අයින් කරන්ඩයැ , වින්ඩොස් 7 සපොට් කරන්නේ නැ කියල
Deleteසමහරක් එම්බෝයිඩින්ග් මෙෂින් සහ පෝටබල් මෙෂින් තියනවා , 7 වලටවත් සපෝට් කරන්නේ නැ
Deleteස්තුතියි ඇනෝ ....මම ඇනෝ වහනවට විරුද්ධ මේකයි
Deleteහැබැයි අටමො ඔකටත් වඩා අලුත් වර්ශන් වල legacy boot optin එක අයින් කරන්න බෑ
ReplyDeleteදැම්මත් drivers ප්‍රශ්න
හොදම දේ තමයි virtual pC software පාවිච්චි කරන එක
(ගොඩක් වෙලාවට ඕක දාන්න අකමැති දැම්මට පස්සෙ එන ප්‍රශ්න වැඩි නිසයි එතකොට කාලය අපතේ යනව වැඩියි ඒකයි අපි ඕක දාන්නෙ නැත්තෙ)
ඒක හරි තමා මචං , ඒ උනාට සමහරක් මිනිස්සු පට්ට අසරණ වෙනවා
Deletelegacy boot optin අයින් කරන්න බැරි , මොනවෑද මං , ( කොයි සීමාවේ ඉදන්ද , දැනගත්තොත් අත නොගහ හිටිය හැකි )
Deleteඔව් මමත් කාලෙ ඔයදේවල් හොදට අත් දැකල තියනව. හැමොටම පුලුවන් විදියට පැහැදිලි කරල දෙනනකත් උත්සාහ කරනව ඒත් ගොඩක් අයත් එක්ක අමාරැයි කරන්න මොකද එයාල අපිට වඩා හොදට දන්න නිසා.
Deleteඅලුත් HP workstaion වල තමයි කේස් එක එන්නෙ දෙක තුනයි මටත් හම්බ උනේ.
Deletelegacy boot optin අයින් කරන්න බැරි
Deleteඅලුත් වර්ශන් මොනවද මචං ,
virtual pC software
එකක් දාල ඒ ෆ්ලැට් පෝම් එකට XP දැම්මහම ඩොස් උඩට ගිහිං පේරොල් එකක් වාගේ ඩොස් උඩ වැඩකරන වැඩසටහනක් දුහාගත්ත හැකිද
1. මොඩල් එක නම් මතක නැත world duty free ඓකේ graphic designer ගෙ මැසිම තමයි එහෙම උනේ ඒකෙ RAID Card එකක් එනව.
Delete2.2. දැනව xp උඩ දුවන එකක් නම් 99% වැඩ කරයි.software එක කීවොත් මද්දත් හොයල බලල කියන්නම්.
මෙන්න මේ කට https://www.google.lk/search?q=hp+280+i5&client=ms-android-oppo&prmd=ivsn&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjn5Ziz9obQAhWMOY8KHSLBD84Q_AUIBygB&biw=360&bih=559&dpr=1.5#imgrc=M2emu7jdQIdshM%3A තමා දැම්මේ
Deletedrivers තිබ්බද?
Deleteසවුන්ඩ් ඩ්‍රයිවර්ස්ගත්තේ නැ ට්‍රයිකලේ නැ ,පොරට ඕන නැ කියල කියුව නිසා , අපරාදෙ බලන්ඩතිබුනෙ ,හොයාගන්න බැරි වෙයි කියල හිතෙන්නේ නැ
Deletedrive pack solution download කරගන්න හැබැයි 4GB විතර යයි.
Deleteඅළුත් වර්ශන් එක 9gb වලටත් වැඩියි බං , අදහස අත ඇරියා ෆෝන්එකෙ usb tethering ගහගන ඉන්ටර්නෙට් එනකොට ඩවුන්ලෝඩ් කියන්නේ පන්තියේ හිටපු ලස්සනම කෙල්ල වාගේ
Deleteනෑ නෑ DVD vitiation එකක් තියනව
Deletetorrent එකේ පාරක් දාන්න සයිට් එකේ නැතිව.
Deleteනැත්තම් offline එක බාගන්න network විතරක් තියනව අනිත් ඒව net එකෙන්ග න්නව.
එහෙම එකක් බලන්නං
Deleteයකෝ මම පෙරේදත් මගේ මැසිම ෆෝමැට් කරල XP දැම්ම. අපිට කොහෙන්ද ඊට වැඩිය හොද ඔපරේටිං සිස්ටම් එකක්.
ReplyDeleteමා ගාව තියෙනව සීරියල් එකත් එක්ක XP සර්විස් පැක් 2 එකක්. ඒක දාල ඊට පස්සෙ සර්විස් පැක් 3 වෙනකල් අප්ඩේට් කරන්න පුලුවන් අප්ඩේටර් එකක්. ඒ විදියට තමයි මේක ඉන්ස්ටෝල් වෙන්නෙ. උඹට ඕනනං කොපියක් දෙන්නං.
දිහං දීහං
Deleteපෝස්ට් එකේ පලවෙනි ටිකෙන්ම කියවිල්ල අල්ලල දැම්ම , කම්පූටර් වලට මොනාද බං ඔච්චර වද දෙන්නෙ මේලක් යවාගන්ඩ , බ්ලොග් එකක් බලාගන්න තිබ්බම මදෑ.
ReplyDeleteමටත් මේ ගෙනල්ල හයිකරල දීල ගියා අපේ IT බුවාල පට්ට අළුත් බාන්ඩෙ කියල , මම ඒත් ආස පරණ එකට
අපිට කොහෙද අයිටි බුවාල
Deleteඅටමා උඹ නම් ඔල් රවුන්ඩර් කෙනෙක්.
ReplyDeleteමං දන්න ඇටයක් නැ බං එදි නෙදාා ජිවිතයට මුහුන දෙනවා
Deleteමගේ යාලුවෙක් අප්ඩේට් වෙන්නෙ නැතුව මළා.
ReplyDeleteමටත් වෙලාවකට අප්ඩේට්නොවි මැරෙයි කියල හිතෙනවා
Deleteදැංනං අප්ඩේට් උනොත් තමයි මැරෙන්නෙ. බලහං ගෝලිප් එකක් 50 යි. ගල් බෝතලේ තාම වැඩිකරල නෑ. 1240 කියල තමයි කියන්නෙ.
Deleteවෙනස සැපද
Deleteඇනෝ උඹ මල ගිය පෙරේතයෙක් වගේනෙ බන්,හැම තැනම උබේ මොකෙක් හරි එකෙක් මැරිලා
Deleteපෙරෙතවිමානයක්
DeleteDAN TEYENNE PAAWATTA KOLA OTHANA ADENNA TAMA MACHO
Deleteඅටමා උඹ මාව අවුරුදු ගානක් පස්සට ගෙනිච්චා. ගමේම එවුන්ගෙ කම්පියුටර් හදපු යුගයක් තිබ්බා කොච්චියාට.
ReplyDeleteවින්ඩෝස් 98 කාලෙ ඊට පස්සෙ me.. xp ඔය ඔක්කොම එක්ක. ඒ කාලෙ පෙන්ටියම් 3 800 කියන්නෙ පට්ට මැෂිමක්..ගිගාබයිට් හාඩ් එක..20gb .. ඕක පාටිෂන් කඩා ගෙන රෙඩ් හැට් ලිනක්ස් පාටිෂන් එකකුත් තියන් හිටියා කොච්චියා..
හිතාගන්ඩවත් බැ බං
Deleteමට තේරෙන්නේ නැත්තෙ එකම එක දෙයයි. මොන මල හත්තිලව්වකටද බං ආයෙ XP දාන්නේ?
ReplyDeleteඒක තමයි, ඒකනම් මහ ගොං නොස්ටැල්ජියාවක්
Deleteඩූඩ් පොස්ට් එක කියවන්න
Delete
Deleteසමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ ,
මේකත් එහෙම තැනක් , රජයේ දෙපාර්තමෙන්තුවක් , තව මම දැකල තියනවා , ප්‍රීන්ටින්ග් මෙෂින් , කලර්ස් මැච් කරල මික්ස් කරන මෙෂීන් වාගේ , ගොඩක් කාර්මික ශේෂ්ත්‍ර වල තියනවා මෙෂින් සපෝට් කරන්නේ " XP සහ 98 විතරයි , සමහරක් විට ලොකු ගණන් වටින මෙෂින් අයින් කරන්ඩයැ , වින්ඩොස් 7 සපොට් කරන්නේ නැ කියල
Deleteසරලම උදාහරනය අතබලා අනාවැකි පරිගණකයෙන්. still runs on win 98
Deleteහරිම අනුවේදනීය කතාවක් බං. කියවල මම පැය කාලක් ඉතර ඇඬුවා.
ReplyDeleteවොෂ් රෑම් එකට යන්න , ෂීට්එකේ අඩන එක හරි නැ නේද
Deleteමම තාම අඬනවා.....
Deleteආ ඇත්තද
Deleteඅටමයියේ උඹ තමයි දවසකට හරි මිනිහ ... මේ විදිහට දන්නා නොදන්නා සබ්බ සකලමනාවම කොරල වැඩේ ගොඩ දාගත්ත සංවේදී කතා වස්තුව කියවල මෙව්වා එක උණු වෙලා ගියා ... හෙක් ... හෙක් ...
ReplyDeleteඔය උඩ දාල තියනවා වගේ VPC වැඩේ තමයි මැසිමේ OS එක ඩවුන් ග්‍රේඩ් කරන්න බැරි නම් ගොඩ යන්න පුළුවන් හොඳම විදිහ ... එතකොට අලුත් එකයි පරණ එකයි දෙකම තියනවා !
කවුද යකෝ අයියා , මල්ලි මල්ලි
Deleteබුදු මල්ලියේ සමාවෙයන් ... :-D
Deleteඅළුත් ඒව තිබ්බට මම නං ආස පරණ ඒව යූස් කරන්නමයි
ReplyDeleteඔව් ඔව් මුල අමතක කරන්නෙ නැ හොද ලමයි
Deleteමාත් XP සර්විස් පැක් 3. කවුරු කොහොම කිව්වත් XP තමයි හොඳම.
ReplyDeleteමට ඒකෙන්කොපියක් ඕන
Deleteඅන්න ඒක තමයි ප්‍රශ්ණේ සීඩී එක ආගිය අතක් නෑ,නැත්තම් එවන්නවත් තිබුණ. කී එකනම් තිබුණ මගෙ හිතේ.
Deleteමමත් නම් කෝල් එකක් දෙනවා. :P
ReplyDeleteඅප්පෝ මට බැ
Deleteඋඹ ටොප් පොරක් අටමෝ....අතපත ගාලා ඉගෙනගෙන හරි මෙහෙම ලියලා උදව්කරනවා කියන්නේ හරි දියුනු මිනිහෙක් කියන එක. උඹ අනිත් දේවල් ඉගෙන ගන්නවා වගේ තව ඉංග්‍රීසි ටිකකුත් ඔහොමම ඉගෙන ගනිං. උඹට වරදින්නේ නැහැ.
ReplyDeleteඅප්පා ඕකනේ බැරිම වැඩේ
Deleteහැබෑට මෙහෙම නැටුමක් නටපු කාලයක් මතක නෑ.. ඉස්සර සතියකට සැරයක් වත් කාගේ හරි කොම්පියුටරයක් අල්ලගෙන ඔහොම නටනවා. ඒ දවස් වල ඔය XP CD එකක සීරියල් කී එක කටපාඩමින් කියන්න පුළුවන් කම තිබුනා එච්චරට ඕක දානවා.. හෙහ් හෙහ්
ReplyDeleteඩෙස්ක්ටොප් මැෂිමක් අරගෙන ආයේ ඔය වගේ ආතල් ටිකක් ගන්න හිතෙනවා. හැබැයි ඉතින් සැබෑ අවශ්‍යතාවයක් නැත්නම් මහන්සි වෙන්න හිතෙන්නේ නෑ..
BR89Q-4B9GB-9DPFD-M2PY3-R3F83
Deleteමම හිතන්නෙ මේකත් එකක් හරියට මතනෑ දැන්
RHKG3-8YW4W-4RHJG-83M4Y-7X9GW ඕක තමයි අපි පාවිච්චි කරන්නෙ.
Deleteයකෝ බං ප්‍රසා අයියෙ ඔය කී එකත් මට කටපාඩම්. මාලඟත් තියෙයි ඔය XP SP2 එක.
Deleteඔව් පැතුම් ආතල් ගන්ඩ කරල වැඩක් නැ උවමනාවක්ම නැතුව , නිරපරාද ලෙ කන වැඩක්
Deleteමට මතක තිබුන එක Q අකුරෙන් පටන් ගන්න එකක්.. හෙහ්
Deleteසමහරක් වෙලාවට එකම කී එක තිබුනා උනත් , එක එක සීඩි වෙනස් ....එකම සර්විස් පැක් එකේ උනත්
DeleteQW4HD-DQCRG-HM64M-6GJRK-8K83T පැතුම් කිව්වෙ මේක වෙන්න ඔ්න
Deleteහුටා මචං මට මේක මතක නැතුවම ගියානෙ. උඹ මතක් කරෙත් නෑ. හිටහං මං අද හෙටම එවන්නම්.
ReplyDeleteඅවුලක් නැ හිමිහිට
Deleteමමත් ඔය පොඩ්ඩ පොඩ්ඩ කම්පියුටර් ගැන දන්නවා... ප්‍රෝගැමින්, NVQ කෝස් එහෙම කරා... දවසක් අපේ අම්මා කිව්වා නංගිට ටිකක් උගන්නන්න කියලා... ඉතින් මම නමෝ විත්තියෙන් කම්පියුටර් හාඩ්වෙයාර් වලින් පටන්ගත්තා... පහුවදා ඉදන් නංගි ඉගෙනගන්න ආවෙ නෑ... එයා කියන්නෙ මම දන්නෙ කම්පියුටරේ මස් කරන්න විතරලු... බලහං ඉතින්...
ReplyDelete