2016-11-10

කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද - how to install windows xp core i5 or core i7 new computer


දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන එකක් යූස්කරල , අළුත් එක යූස් කරන්ඩම හිතෙන්නේ නැ .

පරණ බඩු මුට්ටු වලටත් ඔය සෙතේ ඔහොම්මමයි , හැබැයි කොම්පියුටර් වලදි නං ඕකේ තව පැත්තක් තියනවා ,

සමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන්  වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ , ඉතිං සමහරක් වෙලාවට දානවා තියා බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක සිලෙක්ට් කරන්ඩත් බැ ,

දැං මං කියන්නේ ඔහොම උනහම මං කරන දේවල් ටිකක් , පලමුවෙන්ම කියන්ඩ ඕන මං මේ කරන දේවල් විදිමත්ව ඉගන ගත්ත දේවල් නෙවෙයි , මම හැමදේම අතගාල ඉගනගන්න , ඉගන ගත්ත එකා , කොම්පියුටර් සම්බන්දව ඔය කතාව තවත් ටිකක් අන්දබජල් , මොකද මට කඩ්ඩ බැනේ , දකින හෝයාගන්න දෙයක්  ගැටගහල කියවගන්නේ අමාරුවෙන් නෙමෙයි .....කියව ගන්ඩ බැ.

පට්ට කම්පියුටර් කාරයන්ට මේක හූනු බිජ්ජක් වෙන්ඩ පුලුවන් හැබැයි මං මේවා ලියන්නේ මං වාගේ මැට්ටෙක් උනාට ගැට්ට කහන උන් තව ඇති කියල හිතාගන.

මේ කතන්දරය මට කිහිප සැරයක්ම වෙලා ගොඩ දාගන තියනවා , ඔය අල්ල පනල්ලේ මේ ලගදී දවසක යාළුවෙක් ඒකගේ   බඩරස්සාව කරන තැන  කොම්පියුටර් දෙකක් අරගන ආවා  xp  දාලා දෙන්ඩ පුලුවන්ද අහගන .


මං පුලුවංය කියවහම මේක කියපි ,

මේවා අපිට විකුනුව කොම්පැනියට කිව්වහම අළුත් එව්වට xp  දාන්ඩ බෑ ය , අනික එහෙම දැම්මහම වොරන්ටි දෙන්ඩ බෑය කියුවය , පස්සේ  කරදර කරනකොට එකෙක් ඇවිත් අතගගා ඉදලා ගියාය ,  මයික්රෝසොෆ්ට්  ඒජන්තයට    කතාකලාය  ,  ඒකලා..... අර්ලි වර්ෂන්  දාලදෙන්ඩ බෑය ....ඕන නං   තියන  වින්ඩෝස් 8 එකයි  වින්ඩෝස්  10 එකයි අයින් කරල වින්ඩෝස් 7 දාල දෙන්නං කියල කියුවය .....අනේ බං ....ඔෆිස් එකේ  පේරෝල   දාන්ඩ පුලුවං    xp වලට විතරයි   හන්දා   ඔෆිස්  එකේ  ටිකක් වැඩ දන්න පොරක් එක්ක දාන්ඩ හැදුවාය ...ඒත් හරිගියේ   නැතුව පිටින් පොරක් ගෙන්නුවාය .....ඌත්   xp වලට ඩ්‍රයිවර්ස්  නැය කියල දමල  ගහල ...ගියාය කියල  කෙදීරි ගාන්ඩ ගත්තා.

හා එහෙනං බලන්ට තියලා පල කියල

දැං ඉතින් ඔන්න  වින්ඩෝස් සීඩි එක දාල  මෙෂින් එක රීස්ටාට් කරල   esc  හරි   f10 ගහල බයෝස් සෙටින්ග් වලට ගිහින් බූට් ඕඩර් එක වෙනස් කරල ප්‍රස්ට් බූට් ඩිවයිස් එක විදිහට බූටබල් පෙන් එක හරි , ඩී වී ඩී එක හරි සිලෙක්ට්  කරගන්නවා  , සමහරක් වෙලාවට ඕක වෙන්නේ නැ , ඒ වෙලාවට මදර් බෝඩ් එකට ගහල තියන කේබල් ඔක්කොම ගලවලා cmos බැට්රියත් ගලවලා  clr ජම්පර් එක ගහලා විනාඩි 10 විතර තියලා cmos clr   කරගන්නවා. ජම්පරේ නැත්තං බැට්රි පින් දෙක මොකකින් හරි ෂෝට් කරනවා ,  ආයේත් ගලවපු බඩ කඩුත්තු ඔක්කොම ගහලා රීස්ටාට් කරල බලනවා

සමහරක් වෙලාවට එහෙමත් හරියන්නැ ....බූට්වෙන්නෙම නැ මෙෂින් එක , එහෙම වෙලාවට  හාඩ් ඩිස්ක් එකේ කේබල් එක ගලවලා රීස්ටාට් කරල , සී ඩී එකේන් මෙෂින් එක බූට් වෙච්ච ගමං   ආයෙත් කේබල් එක ගහනවා .

සමහරක් විට ඒත් හරියන්නෙම නැ  . එතකොට පිහිටට එන්නේ  ලිනක්ස් තමයි ,  මොකක්හරි ලිනක්ස් වර්ෂන් එකකින් කම්පියුටරය සම්පූර්නයෙන්ම ෆෝමැට් කරල දානවා , එතකොට ඉතින් පැටියා හිලැ වෙනවා  හරියට නිකං  උණු කරපු ලුණු වතුර දුන්න මුගටියා වාගේ .

දැං ඔන්න xp cd  එක ගත්තා කියමුකෝ  ඔන්න එකිං එක ෆයිල් ලෝඩ් වෙවි ගිහිං  , එක පාරටම නතර වෙලා  එනවා කියහංකෝ ඔය පල්ලෙහා තියන බ්ලු ස්ක්‍රීන්  එක හරි  , ඒ සමාන වෙන එකක් හරි ,  සමහරක්   වෙලාවට ඔතනදි කියනවා   f7  ගහන්ඩය අරකය මේකය කියලත්  , ඒක එක එව්වායේ එක එක විදිහට වෙනස් වෙනවා , එන මැසේජ් එක , ඒත් ඉතින් මක්කා කරත් ඉස්සරහට යන්ඩ බැ කියමුකෝ , වෙන xp cd එකකින් බලනවා ඒත් හරියන්නේ නැ.





මේක ගිගාබයිට් කෝර් අයි සෙවන්  කම්පියුටරයක් , දාන්ඩ ගියේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ එකක් , පස්සේ ඉතින් ආයෙත් බයෝස් වලට ගිහින් ඔය පල්ලෙහායින් දාල තියන විදිහට සෙටින් හැදුවා.










මේක ඇවිල්ලා එච් පී කෝර් අයි ෆයිව්   මෙෂින් එකක්  , මේකට වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ දාන්ඩම දුන්නේ නැ , පස්සේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ත්‍රී එකක් දැම්මේ



මේකෙදී   uefi boot sources  කියන මංගල්ලෙත්  disabled  කරන්ඩ උනා



මෙතනදී  ide  ඔෆ්ෂන් එක පෙන්නුවේ  වෙනස් විදිහට , හැම එකේම  එකම විදිහට නෙමෙයි සිමොස් සෙටින්ග්   මුහුනත  , එකින් එකට වෙනස් උනත් හොයාගන්න අමාරු නැ .

දැං ඔන්න ඒ කරල ආයෙත් රීස්ටාට් කරල  සීඩි ඒක රීඩ් කරනකොට  එන්ටර් බට්න් එක ගහල ඉස්සරහට යනවා ,  දැං ඉතිං බබා වගේ වැඩේ යනවා ......නැ  යකෝ නැ  .......setup is starting windows  කියන තැනට ආපුවහ   ...කෙලා හුටා ...ආයෙත් හිරවෙනවා  , සිඩි මාරු කරනවා , වෙන හාඩ් ඩිස්ක් මාරු කරනවා , රැම් මාරු කරනවා ,  මොන මොකවත් අහන්නේ නැ ,


 පස්සේ setup is starting windows කියන තැනට ආපුවහම f7  ගහනවා f6 ගහනවා තියන හැම බට්න් එකම මිරිකනවා  එව්වා උඩ නැගගන ඉන්නවා  , මොන ඒ හරියන්නෙක්වත් නැ



පස්සේ මොකද කරන්නේ  , ආයෙත්   මුල ඉදං  පටං අරං සීඩී එක කියවන්ඩ ගත්ත වෙලාවේ ඉදං එකම රිද්මයකට නොනවත්වා f7  එක මිරිකගන මිරිකගන යනවා  , setup is starting windows කියන තැනට ආපු ගමං  තප්පරේකට ඒකපාරක් වාගේ වෙන්ඩ වේගය  වැඩිකරගන f7 එකට   ගහගන ගහගන යනවා , එකපාරටම  මොනිටරය කලුවෙලා යනවා ........අයින එක නැවැත්තුවද ....නැ ..නැ  ඔන්න ඔය පල්ලෙහා තියන එක  නිල්  වෙනකං වැඩේ කරගන යනවා



හම්මේ දැං සුරාන්ත සැප , වැඩේ ගොඩ ...සමහරක් වෙලාවට ...ඔය පිටුව  ඔයිට ටිකක් වෙනස් විදිහටත් එනවා ...  ඇග්රි වෙන්ඩ  f8  ඔබන්ඩ වාගේ එව්වා එක්ක , ඒක   සීඩි එකින් එකට වෙනස්  , දැං ඉතින් කී එක එහෙම දීලා , ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම  ඔය පල්ලෙහා තියන එක වාගේ කළු වෙයි



දැං  N  අකුර ගහලා එන්ටර් කරලා දාන්ඩ ,  වැඩේ තක්කෙටම අහවරයි .

දැං ඉතින් දන්න එවුං රීගන හත්පොලේ ගාගන කියල කමෙන්ට් දානවා එහෙම නෙමෙයි

මේ වැඩෙං පස්සේ මට මෙහෙම අදහසකුත් ආවා , windows xp  පයිරට් කොපියක් හොයාගන්ඩ හැදුවට හරි අමාරුයි දැං ,  ඒක එක්කෙනා වෙනස් කරපු එකම සර්විස් ෆැක් එකේ වර්ෂන් සියගානක් ඇති , මට මතකයි එකක් තිබුනා  ..බීල් ගේරේට්ස් ...එඩිෂන්   කියලත්  , ....ඒක ඉන්ස්ටෝල් කරන්න කී එකක්  ඕනත් නැ ......ඔය  හොර කොපි ඔක්කොම එක තැනකට එකතු කරොත්   අමුතු වටිනාකමක්   ..තියන අපූරු  එකතුවක් වෙයි නේද .....මොකද කියන්නේ   ඔයාල ලග තියන  windows xp  CD  වල  කොපියක් අටමට දෙන්ඩ කැමතිද.

101 comments:

  1. Oka matath una ubuntu daanna ghn..😁

    ReplyDelete
  2. එළනේ මචං, වෛයිරස් අසාදන ලෙඩ රෝගවලට මුහුණ දිමේ ප්‍රතිශක්තිකරණය එහෙම තියේවිද ?

    ReplyDelete
    Replies
    1. ඇමොක්සිලිං ටිකක් බීහං

      Delete
    2. පැය කීයෙන් කීයටද.......

      Delete
    3. නිට්ටාවටම සුව වෙන්ඩ එකපාරම අහුරක් බීහං

      Delete
    4. නොදකිං *කයා....

      Delete
  3. පරණ එක අතාරින්ඩ? හඃ..... ගහනවා තොගෙ බෙල්ල කැඩෙන්ඩ. (හලේ බොලේ පාරේ යන අලුත් එව්වා දැක්කම, පරණ එක විසිකොරන්ඩ හිතෙන වෙලාවල් තියනවා)

    මේ මෑතකදී මගේ යාලුවෙක් ගෙනාවා, Acer Aspire F15 එකක්. core i7, 1TB HDD, 4 GB VGA, 8 GB RAM. මේකේ Win 10 දාලා තිබුණේ පිටරටින් ගේනකොටම. එක auto update වීම නැවැත්තුවත්, මාසෙකට විතර වතාවක්, නැවත ඒ වැඩේ පටන්ගන්නවා.

    මේකට Win 8.1 දාන්න උත්සාහ කළා දන්න සියලුම ක්‍රම වලින්. ගන්නේ නැහැ. 10 විතරයි ගන්නේ. හැබැයි මම bios reset කලේ නැහැ. no boot media කියන තැනට එනකල්, HD එකේ සියල්ල මැකුවත්, auto partition එකක් හදාගන්නවා 500 MB එකක්.

    මේ මගුලට මොකෑ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. 8.1 වලට වඩා 10 හොදයි නේද , bios reset කරල බලන්න

      Delete
    2. ඔයා auto update නැවත්වන්න පාවිච්චි කරපු ක්‍රමය මොකක් ද?

      8.1 වලට වඩා 10 හොදයි තමා.

      Delete
    3. linux වලින් format පාරක් දාල බලන්න H.D.D එක

      Delete
    4. මට නං linux තමයි ඔහොම උනහම පිහිටට එන්නෙ

      Delete
    5. කදාන ලින්ටන් පාර පැත්තෙ යනවනම් hiren boot cd එකක් ලැබෙන්න සලස්සන්න පුලුවන්. මගෙ ජූනියර් මල්ලි කෙකෙනෙක් ඉන්නව.

      Delete
    6. ගෙදර යන්නෙ ඒපාරේ

      Delete
    7. message එකක් දාපන් HVA Foods (heladiv tea) දන්නවද?

      Delete
    8. මටාත්.............මටාත්........ මටත් එකක් ඕනේ.

      Delete
    9. හම් හම් පැත්තකට පැත්තකට ආවා මෙතන කොල්ලො කර වැඩ කරන්ඩ

      Delete
    10. අටමගෙන් කොපියක් ඉල්ලගන්ඩෝ......

      Delete
  4. කතාවේ හරය.
    කොම්පීතරේ ආටූ ටී ටූ ගානකොට අටමට කෝල් එකක් දීපිය.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මැශිමට වර්චුවල් පීසී එකක් හදලා එක්ස්පී දාන්න ට්‍රයි කළේ නැද්ද? මොකද දන්නෙ නෑ අර කම්පැනියෙ උන් එහෙම කළේ නැත්තෙ?

    උත්සාහවන්තයා ජය ගනී කියන්නෙ ඕකට තම්යි.

    ReplyDelete
    Replies
    1. මං කවදාවත් එහෙම තරල නැ , කොහොමද කරන්නෙ

      Delete
    2. http://mycomputer201226.blogspot.com/2013/01/VirtualPCandDualboot.html

      Delete
  6. CD එකක් තියෙනවා ඕනෙද>>>>>

    ReplyDelete
    Replies
    1. වැඩ කරනවද , කී එකත් එක්ක දීපං , සිරාවටම XP එකතු කරන්ඩයි යන්නෙ

      Delete
  7. Virtual Machine ekak atulata windows XP danna. dan XP ekata mirosoft support ene nathi nisa PC ekata direct install karala run karanna eken security issues enna puluwam.
    Pirate copy install karan eka nm recommend karanna ba. me site ekn OEM key ekak ganna. https://www.kinguin.net/

    ReplyDelete
    Replies
    1. http://www.tomshardware.com/faq/id-1853121/set-virtual-windows-machine-virtualbox.html

      Delete
    2. එතකොට පුලුවන්ද XP වල ඩොස් උඩට ගිහිං කරන දේවල් කරන්න , ( උදා ...ඩොස් උඩ දුහන පේරෝල් එකක් වාගේ දෙයක් කරන්න )

      Delete
    3. ow puluwm. net eke godak tutorial tyenawa oya subject eka gana. e nisa prasnyak wene na. try krala balana. bank wala ehemat 1970/80 kale hadapu software unat aluth OS wala run krana bari unahama. virtual machine ekata prana OS eka install krala use krnwa.

      Delete
    4. dos wala duwana software ekak nam. smaharavita DOS Box (http://www.dosbox.com) walin unat wade goda da ganna puluwm wei.

      Delete
    5. මේකත් එහෙම තැනක් , රජයේ දෙපාර්තමෙන්තුවක් , තව මම දැකල තියනවා , ප්‍රීන්ටින්ග් මෙෂින් , කලර්ස් මැච් කරල මික්ස් කරන මෙෂීන් වාගේ , ගොඩක් කාර්මික ශේෂ්ත්‍ර වල තියනවා මෙෂින් සපෝට් කරන්නේ " XP සහ 98 විතරයි , සමහරක් විට ලොකු ගණන් වටින මෙෂින් අයින් කරන්ඩයැ , වින්ඩොස් 7 සපොට් කරන්නේ නැ කියල

      Delete
    6. සමහරක් එම්බෝයිඩින්ග් මෙෂින් සහ පෝටබල් මෙෂින් තියනවා , 7 වලටවත් සපෝට් කරන්නේ නැ

      Delete
    7. ස්තුතියි ඇනෝ ....මම ඇනෝ වහනවට විරුද්ධ මේකයි

      Delete
  8. හැබැයි අටමො ඔකටත් වඩා අලුත් වර්ශන් වල legacy boot optin එක අයින් කරන්න බෑ

    දැම්මත් drivers ප්‍රශ්න

    හොදම දේ තමයි virtual pC software පාවිච්චි කරන එක

    (ගොඩක් වෙලාවට ඕක දාන්න අකමැති දැම්මට පස්සෙ එන ප්‍රශ්න වැඩි නිසයි එතකොට කාලය අපතේ යනව වැඩියි ඒකයි අපි ඕක දාන්නෙ නැත්තෙ)

    ReplyDelete
    Replies
    1. ඒක හරි තමා මචං , ඒ උනාට සමහරක් මිනිස්සු පට්ට අසරණ වෙනවා

      Delete
    2. legacy boot optin අයින් කරන්න බැරි , මොනවෑද මං , ( කොයි සීමාවේ ඉදන්ද , දැනගත්තොත් අත නොගහ හිටිය හැකි )

      Delete
    3. ඔව් මමත් කාලෙ ඔයදේවල් හොදට අත් දැකල තියනව. හැමොටම පුලුවන් විදියට පැහැදිලි කරල දෙනනකත් උත්සාහ කරනව ඒත් ගොඩක් අයත් එක්ක අමාරැයි කරන්න මොකද එයාල අපිට වඩා හොදට දන්න නිසා.

      Delete
    4. අලුත් HP workstaion වල තමයි කේස් එක එන්නෙ දෙක තුනයි මටත් හම්බ උනේ.

      Delete
    5. legacy boot optin අයින් කරන්න බැරි
      අලුත් වර්ශන් මොනවද මචං ,

      virtual pC software
      එකක් දාල ඒ ෆ්ලැට් පෝම් එකට XP දැම්මහම ඩොස් උඩට ගිහිං පේරොල් එකක් වාගේ ඩොස් උඩ වැඩකරන වැඩසටහනක් දුහාගත්ත හැකිද

      Delete
    6. 1. මොඩල් එක නම් මතක නැත world duty free ඓකේ graphic designer ගෙ මැසිම තමයි එහෙම උනේ ඒකෙ RAID Card එකක් එනව.

      2.2. දැනව xp උඩ දුවන එකක් නම් 99% වැඩ කරයි.software එක කීවොත් මද්දත් හොයල බලල කියන්නම්.

      Delete
    7. මෙන්න මේ කට https://www.google.lk/search?q=hp+280+i5&client=ms-android-oppo&prmd=ivsn&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjn5Ziz9obQAhWMOY8KHSLBD84Q_AUIBygB&biw=360&bih=559&dpr=1.5#imgrc=M2emu7jdQIdshM%3A තමා දැම්මේ

      Delete
    8. සවුන්ඩ් ඩ්‍රයිවර්ස්ගත්තේ නැ ට්‍රයිකලේ නැ ,පොරට ඕන නැ කියල කියුව නිසා , අපරාදෙ බලන්ඩතිබුනෙ ,හොයාගන්න බැරි වෙයි කියල හිතෙන්නේ නැ

      Delete
    9. drive pack solution download කරගන්න හැබැයි 4GB විතර යයි.

      Delete
    10. අළුත් වර්ශන් එක 9gb වලටත් වැඩියි බං , අදහස අත ඇරියා ෆෝන්එකෙ usb tethering ගහගන ඉන්ටර්නෙට් එනකොට ඩවුන්ලෝඩ් කියන්නේ පන්තියේ හිටපු ලස්සනම කෙල්ල වාගේ

      Delete
    11. නෑ නෑ DVD vitiation එකක් තියනව

      Delete
    12. torrent එකේ පාරක් දාන්න සයිට් එකේ නැතිව.

      නැත්තම් offline එක බාගන්න network විතරක් තියනව අනිත් ඒව net එකෙන්ග න්නව.

      Delete
    13. එහෙම එකක් බලන්නං

      Delete
  9. ‍යකෝ මම පෙරේදත් මගේ මැසිම ෆෝමැට් කරල XP දැම්ම. අපිට කොහෙන්ද ඊට වැඩිය හොද ඔපරේටිං සිස්ටම් එකක්.
    මා ගාව තියෙනව සීරියල් එකත් එක්ක XP සර්විස් පැක් 2 එකක්. ඒක දාල ඊට පස්සෙ ‍සර්විස් පැක් 3 වෙනකල් අප්ඩේට් කරන්න පුලුවන් අප්ඩේටර් එකක්. ඒ විදියට තමයි මේක ඉන්ස්ටෝල් වෙන්නෙ. උඹට ඕනනං කොපියක් දෙන්නං.

    ReplyDelete
  10. පෝස්ට් එකේ පලවෙනි ටිකෙන්ම කියවිල්ල අල්ලල දැම්ම , කම්පූටර් වලට මොනාද බං ඔච්චර වද දෙන්නෙ මේලක් යවාගන්ඩ , බ්ලොග් එකක් බලාගන්න තිබ්බම මදෑ.
    මටත් මේ ගෙනල්ල හයිකරල දීල ගියා අපේ IT බුවාල පට්ට අළුත් බාන්ඩෙ කියල , මම ඒත් ආස පරණ එකට

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද අයිටි බුවාල

      Delete
  11. අටමා උඹ නම් ඔල් රවුන්ඩර් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මං දන්න ඇටයක් නැ බං එදි නෙදාා ජිවිතයට මුහුන දෙනවා

      Delete
  12. මගේ යාලුවෙක් අප්ඩේට් වෙන්නෙ නැතුව මළා.

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට අප්ඩේට්නොවි මැරෙයි කියල හිතෙනවා

      Delete
    2. දැංනං අප්ඩේට් උනොත් තමයි මැරෙන්නෙ. බලහං ගෝලිප් එකක් 50 යි. ගල් බෝතලේ තාම වැඩිකරල නෑ. 1240 කියල තමයි කියන්නෙ.

      Delete
    3. ඇනෝ උඹ මල ගිය පෙරේතයෙක් වගේනෙ බන්,හැම තැනම උබේ මොකෙක් හරි එකෙක් මැරිලා

      Delete
    4. DAN TEYENNE PAAWATTA KOLA OTHANA ADENNA TAMA MACHO

      Delete
  13. අටමා උඹ මාව අවුරුදු ගානක් පස්සට ගෙනිච්චා. ගමේම එවුන්ගෙ කම්පියුටර් හදපු යුගයක් තිබ්බා කොච්චියාට.
    වින්ඩෝස් 98 කාලෙ ඊට පස්සෙ me.. xp ඔය ඔක්කොම එක්ක. ඒ කාලෙ පෙන්ටියම් 3 800 කියන්නෙ පට්ට මැෂිමක්..ගිගාබයිට් හාඩ් එක..20gb .. ඕක පාටිෂන් කඩා ගෙන රෙඩ් හැට් ලිනක්ස් පාටිෂන් එකකුත් තියන් හිටියා කොච්චියා..

    ReplyDelete
  14. මට තේරෙන්නේ නැත්තෙ එකම එක දෙයයි. මොන මල හත්තිලව්වකටද බං ආයෙ XP දාන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, ඒකනම් මහ ගොං නොස්ටැල්ජියාවක්

      Delete
    2. ඩූඩ් පොස්ට් එක කියවන්න

      Delete

    3. සමහරුන්ට තියනවා විශේෂ අවශ්‍යතා , එක්කෝ තමං පාවිච්චි කරන පරණ සොප්ට්වෙයාර් එකක් එහෙමත් නැත්තං උපකරණයක් හරි උපාංගයක් හරි අළුත් මෙහෙයුම් පද්ධතියක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නැ , අන්න එතකොට ඕන වෙනවා අළුත්ම අළුත් කම්පියුටරයට තියන අළුත් මෙහෙයුම් පද්ධතිය අයින් කරල , එතෙක් මෙතෙක් ආපු හොදම මෙහෙයුම් පද්ධතිය කියල බොහෝ දෙනෙක් කියන වින්ඩෝස් එක්ස් පී දාන්ඩ ,

      Delete
    4. මේකත් එහෙම තැනක් , රජයේ දෙපාර්තමෙන්තුවක් , තව මම දැකල තියනවා , ප්‍රීන්ටින්ග් මෙෂින් , කලර්ස් මැච් කරල මික්ස් කරන මෙෂීන් වාගේ , ගොඩක් කාර්මික ශේෂ්ත්‍ර වල තියනවා මෙෂින් සපෝට් කරන්නේ " XP සහ 98 විතරයි , සමහරක් විට ලොකු ගණන් වටින මෙෂින් අයින් කරන්ඩයැ , වින්ඩොස් 7 සපොට් කරන්නේ නැ කියල

      Delete
    5. සරලම උදාහරනය අතබලා අනාවැකි පරිගණකයෙන්. still runs on win 98

      Delete
  15. හරිම අනුවේදනීය කතාවක් බං. කියවල මම පැය කාලක් ඉතර ඇඬුවා.

    ReplyDelete
    Replies
    1. වොෂ් රෑම් එකට යන්න , ෂීට්එකේ අඩන එක හරි නැ නේද

      Delete
    2. මම තාම අඬනවා.....

      Delete
  16. අටමයියේ උඹ තමයි දවසකට හරි මිනිහ ... මේ විදිහට දන්නා නොදන්නා සබ්බ සකලමනාවම කොරල වැඩේ ගොඩ දාගත්ත සංවේදී කතා වස්තුව කියවල මෙව්වා එක උණු වෙලා ගියා ... හෙක් ... හෙක් ...

    ඔය උඩ දාල තියනවා වගේ VPC වැඩේ තමයි මැසිමේ OS එක ඩවුන් ග්‍රේඩ් කරන්න බැරි නම් ගොඩ යන්න පුළුවන් හොඳම විදිහ ... එතකොට අලුත් එකයි පරණ එකයි දෙකම තියනවා !

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ අයියා , මල්ලි මල්ලි

      Delete
    2. බුදු මල්ලියේ සමාවෙයන් ... :-D

      Delete
  17. අළුත් ඒව තිබ්බට මම නං ආස පරණ ඒව යූස් කරන්නමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මුල අමතක කරන්නෙ නැ හොද ලමයි

      Delete
  18. මාත් XP සර්විස් පැක් 3. කවුරු කොහොම කිව්වත් XP තමයි හොඳම.

    ReplyDelete
    Replies
    1. මට ඒකෙන්කොපියක් ඕන

      Delete
    2. අන්න ඒක තමයි ප්‍රශ්ණේ සීඩී එක ආගිය අතක් නෑ,නැත්තම් එවන්නවත් තිබුණ. කී එකනම් තිබුණ මගෙ හිතේ.

      Delete
  19. මමත් නම් කෝල් එකක් දෙනවා. :P

    ReplyDelete
  20. උඹ ටොප් පොරක් අටමෝ....අතපත ගාලා ඉගෙනගෙන හරි මෙහෙම ලියලා උදව්කරනවා කියන්නේ හරි දියුනු මිනිහෙක් කියන එක. උඹ අනිත් දේවල් ඉගෙන ගන්නවා වගේ තව ඉංග්‍රීසි ටිකකුත් ඔහොමම ඉගෙන ගනිං. උඹට වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අප්පා ඕකනේ බැරිම වැඩේ

      Delete
  21. හැබෑට මෙහෙම නැටුමක් නටපු කාලයක් මතක නෑ.. ඉස්සර සතියකට සැරයක් වත් කාගේ හරි කොම්පියුටරයක් අල්ලගෙන ඔහොම නටනවා. ඒ දවස් වල ඔය XP CD එකක සීරියල් කී එක කටපාඩමින් කියන්න පුළුවන් කම තිබුනා එච්චරට ඕක දානවා.. හෙහ් හෙහ්

    ඩෙස්ක්ටොප් මැෂිමක් අරගෙන ආයේ ඔය වගේ ආතල් ටිකක් ගන්න හිතෙනවා. හැබැයි ඉතින් සැබෑ අවශ්‍යතාවයක් නැත්නම් මහන්සි වෙන්න හිතෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. BR89Q-4B9GB-9DPFD-M2PY3-R3F83

      මම හිතන්නෙ මේකත් එකක් හරියට මතනෑ දැන්

      Delete
    2. RHKG3-8YW4W-4RHJG-83M4Y-7X9GW ඕක තමයි අපි පාවිච්චි කරන්නෙ.

      Delete
    3. යකෝ බං ප්‍රසා අයියෙ ඔය කී එකත් මට කටපාඩම්. මාලඟත් තියෙයි ඔය XP SP2 එක.

      Delete
    4. ඔව් පැතුම් ආතල් ගන්ඩ කරල වැඩක් නැ උවමනාවක්ම නැතුව , නිරපරාද ලෙ කන වැඩක්

      Delete
    5. මට මතක තිබුන එක Q අකුරෙන් පටන් ගන්න එකක්.. හෙහ්

      Delete
    6. සමහරක් වෙලාවට එකම කී එක තිබුනා උනත් , එක එක සීඩි වෙනස් ....එකම සර්විස් පැක් එකේ උනත්

      Delete
    7. QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T පැතුම් කිව්වෙ මේක වෙන්න ඔ්න

      Delete
  22. හුටා මචං මට මේක මතක නැතුවම ගියානෙ. උඹ මතක් කරෙත් නෑ. හිටහං මං අද හෙටම එවන්නම්.

    ReplyDelete
  23. මමත් ඔය පොඩ්ඩ පොඩ්ඩ කම්පියුටර් ගැන දන්නවා... ප්‍රෝගැමින්, NVQ කෝස් එහෙම කරා... දවසක් අපේ අම්මා කිව්වා නංගිට ටිකක් උගන්නන්න කියලා... ඉතින් මම නමෝ විත්තියෙන් කම්පියුටර් හාඩ්වෙයාර් වලින් පටන්ගත්තා... පහුවදා ඉදන් නංගි ඉගෙනගන්න ආවෙ නෑ... එයා කියන්නෙ මම දන්නෙ කම්පියුටරේ මස් කරන්න විතරලු... බලහං ඉතින්...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>