2017-04-28

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය


අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට ඔහොම මගුලක් උඹත් දැනගන  හිටියේ නැනේ ... මෙහෙම එව්වානං තේරුම් ගන්ඩ බැ ...

මාම කියන්ඩද
මචං කියන්ඩද
අයියා කියන්ඩද
සර් කියන්ඩද
අක්කට ඉගැන්නුවට
මට ඉගැන්නුවයැ
අනික ඒකිත් නැති කොට
සීයා කියලවත් කියන්ඩද

එහෙම නමක් අපේ
යාළුකමට තිබුනෙම නැනේ

නාකියෝ ස්තුතියි උඹට

වෙන මොකටවත් නෙමෙයි
පැන්සොන් ජීවිතේ
පන්සලටයි මරණාදාර සමිතියට
අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
හොයන්ඩයි වැය නොකර
හවසට මං ගෙදර ආවහම
කියවන්ඩ දෙයක්
ලියලා තිබ්බට

2017-04-20

තනියට


යන්න ගියහම ඔබ
නේන ගමනක් හෙට
ඒවි තනියට මට

පවුරු බැම්මක් උස


2017-04-17

කා එක්කද බං



මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට බෝල අතක් ගහන්ඩ තියෙන්නේ ,ඉරිදටත් දහම්පාසල් යන්ඩ එපෑ.... රෙද්ද... , ගහේ පැහුන දිවුල් තිබුනා යමරෙට කවුරුහරි කඩාගනීද දන්නෙත් නැ , තව ටිකක් බලලා මං තනියමහරි යනවා , ගෙදර ගිහින් බලන්ඩත් බැනේ .... අමිලයැ අක්කලා අම්මලා ගේ රෙස්පට් බලනවට වඩා හොදයි ඌත් එක්ක යාලුකම නවත්තන එක.

‘‘අඩේ මචෝ මොකැ අපි කරන්නේ ‘‘

‘‘ මේ පලයං බං යන්ඩ ‘‘

‘‘ අඩේ ඇයි බං එහෙම කියන්නේ ..මොකේ ‘‘

‘‘ තෝ මගුලක් කරාද මෙච්චරවෙලා ....එන්ඩ එපා කියුව හන්දයි මං නොආවේ ‘‘

‘‘ හරි හරි මචෝ මං දැං ඉතින් ආවනේ ‘‘

‘‘ තෝ වරුවක් තිස්සේ නෑවානේ ‘‘

‘‘ නෑ නෑ බං අම්මියි තාත්තියි අක්කිට කියලා මට පාඩං කරවන්ඩ කියලා ...එයා එක්ක බැ බං ...මට ප්‍රශ්න පත්තර දීලා ලියලා දෙනකං ලගට වෙලා ඉන්නවා ‘‘

‘‘ වාර විභාගේ ඉවරයිනේ ‘‘

‘‘ නැ නැ ඕ ලේවල් ප්‍රශ්න පත්තර ‘‘

‘‘ පිස්සුවක් ඇතෑ ....අපිට තව එහෙම්පිටින් අවුරුදු තුනක් තියනවනේ ‘‘

‘‘ ශිෂ්‍යත්වෙත් ෆේල් උනා කියලානේ බං ඔය ... ඕලෙවල් ...වලින්වත් කොළඹ ඉස්කෝලෙකට දාගන්ඩ ඕන කියල කියන්නේ ‘‘

2017-04-12

ලොකුසාදුයි සල්ගාදුයි



ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු.
ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු.
තව සල්ගාදු කියලා කෙනෙකුත් කැටයමක් දෙකක් කපාගන තමුන්ගේ අවටියල් වැඩ වහගන්ඩ ගමටම සත්තම දාගන උන්නාලු.

පමනක් දාට ගමේ කොල්ලෝ කුරුට්ටෝ රණ්ඩුදඹර කරගත්තහම හේමත් පොලිසි උසාවි යන්ට ඕන කාරනාත් විසදන්නේ සල්ගාදුලු.එහෙව් දාට දෙපාර්ශවයම පන්සලේ පුරාන ගල් පඩිපෙල ගාවට ගෙන්නලා අතපුරවලා කනේ පාරවල් හත අටක් ගහලා පුකටත් පයින් ඇනලා එලවලා දානවලු.

ඔන්න ගමේ ගෑණියෙකුට මිනිහෙක් ගැහුවොත් පහුවදා එලිවෙනකොට ගැණි පන්සලේ , හවසට වැඩ ඇරිලා එන එකාව සල්ගාදු ගල් පඩිපෙල ලගදී අල්ලගන්නවා ... ඈ බෝල @#$ පුතෝ තෝ ගෑණිට අත උස්සනවද , පුලුවන්නං තව එක පාරක් ගෑණිට අත තියලා පෙන්නපිය @#%$.  මම තොගේ අත කඩනවා කියලා බයිනවලු.ආයේ ඉතින් ඒ මිනිහා එක වචනයක් කියුවොත් සොරි ඩොට් කොම් කොල්ලන්ට සලකන විදිහට තමා ඒ මිනිහටත්.

ඉතින් ගමේ ගෑණු හරි ආදරෙයි සල්ගාදුට. ආසා ජාති මොනවද කියලා අහලා එහෙම තමයි තම්බලා ගෙනත් දෙන්නේ.කොලු ගැටවුන්ට කියන්නේ පොඩි උන්නාන්සේ පේනවද ... ඒ වාගේ හැදියල්ලා කියලා.
ඉස්කෝල ඇරිලා ආපුවහම .... උන්දලම කොල්ලව පන්සලට ගෙනත් ඇරලනවා ....

‘‘අනේ  ... ‘‘සල්ගාදු‘‘  නැ නැ වැරදුනා ‘‘පොඩිසාදු ‘‘  මේකා හතීරටේ පාජාවේ යනවා , මහ එකා ගෙදර එන වෙලාවටම ගෙදර එවන්ඩ‘‘

සෝචනීයයි පිංවතුනි .... ඊටපස්සේ ඉතින් රබර්කිරි කැටස්පටි කතාව තමා

ඇත්තටම ඔය පොඩි සාදූයි පොඩි සාදූයි කියුවට ලොකු සාදුට ටිකයි වයස අඩු .... හැබැයි ලොකු සාදුගේ ලොකු අප්පචිගේ පුතා හන්දා සදාතනික පොඩි සාදු , කොච්චර නං සිල්වත් , නැණවත් , ගුණවත් පොඩි සාදුලා ඇවිත් ඔය පන්සලේ මහණ උනාද ....පුලු පලුවං අය රට ගියා , එක්කෙනෙක් දෙන්නෙක් මේ මහ පන්සලට අයිති අහල ගං හතේ පොඩි පන්සල් බාර දීලා එලෙව්වා ( එහෙම කලෙත් නැ දැ යොන්ට විතරයි ) . තව දෙන්නෙක් මාගංසෝලි ගෙදර ගෙනිච්චා .... අනිත් අය යංතං සංතං පොඩි පොඩි රස්සාවල , නාඝිත උන්නාන්සෙනං අහවල් පිරිවෙනේ ගුරුරස්සාවේ  නැවතිලා ඉන්නෙත්  ඒකේමයි.

2017-04-05

රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘ කතා දෙකක්


මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ


කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය මේකය කියලා , ඔහොම එව්වා ඉතින් එනවනේ , බොරුවකුත් නෙමෙයිනේ , විනාසයක් නොවෙනවත් නෙමෙයිනේ. එහෙම අළුත් දෙයක් නොකර ඉන්ඩද.... බැනේ , එහෙම උනානං ඉතින් අපිට බොග දාන්ඩ වෙන්නෙත් කටුවයි මිටියයි අරං ගලක තමයි .

වෙන්ඩ ඕන ...සංවර්ධන වියායාප්පුරුති , නව ආයෝජනද මොනාද මන්දා කරන කොට හොදම තැන , හරිම දේ කරනවා මිසක් .... අහවලුන්ගේ මල් හෝටලය හදනකොට වාගේ   වැවේ පිට වාන අගල් හතරක් කපන එක නෙමෙයි.

හරි හරි ඔව්වා වැඩක් නැ ..... ඔව්වා ලියන්ඩ ගියහම හැමදාම අහන්ඩ වෙන්නේ ...අනේ මැසින් බිජ්ජෝ ...තෝ දන්න දේසපාලනේ කියලමනේ ......  ඔය ජුංඩ අමතක කරන්ඩලකෝ‍ෙ

හරි දැං ඔන්න සින්දු ලියලා සින්දු කියලත් කංඩලම හෝටලය හදන එක නැවැත්තුවේ නැනේ , ඔන්න දැං හෝටලේ හදලා ඉවරයි  ,   ඔතන ඇවිල්ලා  අවුරුදු දාස් ගානක්  කුරුල්ලෝන්ට පුරුදු පරිසරයනේ ... වීදුරුගැන වැටහීමක් නැතුව දවසට සැලකිය යුතු කුරුල්ලන් ප්‍රමානයක් පියාබලා ඇවිත් වීදුරුවල වැදිලා මැරිලා වැටෙනවලු.

Popular Posts

  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • interlock (flatlock) sewing machine and overlock sewing machine and  t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්
    මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක් ‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘ කියන එක මං ඉතින් කියනව ‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද…
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • කිරි පීල්ල
    මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා මොනවද තාත්තේ තහඩු…
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  •  මම දන්න ගුණයහපත් බල්ලෝ
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • බඩු තියනවා ගාණ දෙදහයි
  • Sri Lankan Style Octopus Recipe
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
1,643,670

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>