2017-05-02

flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන් Windows දාමු

ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ තියන තැනකින් ඕක බලාගන කරගන්නවා , ඒත් ඉතින් සන්තකේට තියන 32 පෙන් එක බූටබල් කරලා තියාගන්ඩ බැනේ , ඔය ඕන කරන සොෆ්ට්වෙයාර් කෑලිටික දාල තියාගන්නේ ඒ පෙන් එකේ හන්දා , ආයෙමත් පෙන්එක ෆෝමැට් කරලා බූටබල් කරන්ඩ කලින් බාපු තැනින් තිබිච්ච ටික පටව ගන්නවා.

ආයෙමත් වින්ඩෝස් දාන්ඩ ඕන උනහම පෙන් එක බූටබල් කරගන්නවා , මොකද 29 ජීබි පිරිල තියන හන්දා ඕස් එකක් දාල තියන්ඩ ඉඩක් නැ , වැඩේ කියන්නේ ඔන්න ඕන වෙලා හොයනකොට කලින් බලාගත්ත සයිට් එක හොයාගන්ඩ නැ , හම්බෙන්නේ වෙන එකක් , ඒකේ ක්‍රමය කලින් එකට වඩා වෙනස් , එක්කෝ තියෙන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලකින් කරන විදිහ , හැමදාම මල වාතයක් , ඒක හින්දා මං මගේ ප්‍රයෝජනයට මේක මගේ බ්ලොග් එකේම ලියලා තියන්ඩ හිතුවා කාටහරි ඕන උනොත් බලාගන්ඩත් පුලුවන්නේ.


පෙන් එකකට මෙහෙම කරලා තිබුනට , ඉඩ තියනවනං අපිට ඕන වෙන දේවල් දාල තියාගන්ඩත් පුලුවන් , හැබැයි ඕ එස් එකට අදාල ෆයිල් ටික ෆෝල්ඩර් එකක් අස්සට නොදා එලියේ සේව් කරලා තියෙන්න ඕන, අනික තමයි බූටබල් පෙන් එකක් හදාගන්ඩ අවම තරමේ 8 ජීබි පෙන් එකක් ඕන , 4 ජීබි එකක් හරියන්නේ නැ ( මම මේ ෆෝටෝ ගහන්ඩ පාවිච්චි කලේ 4 ජීබී පෙන් එකක් ඒකට මුලා නොවන්න )



ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ

ඉස්සෙල්ලාම ඔයාගේ පෙන් එක මෙෂින් එකට ගහලා ෆෝමැට් කරන්න


ඊලගට  ඉස්ටාට් බට්න් එක ක්ලික් කරලා cmd කියලා ටයිප් කරහම එන සී එම් ඩී එක උඩ රයිට් ක්ලික් කරලා ran as administrator ක්ලික් කරන්න



 එතකොට ඔන් වෙන ක්මාන්ඩ් ෆෝම්ප්ට් එකේ list disk  කියලා ටයිප් කරන්න

එතකොට පෙන්වනවා  ඔයාගේ කම්පියුටරයේ තියන ඩිස්ක් ටික , එතනින් ඔයාගේ පෙන් එක සිලෙක්ට් කරගන්න  ඕන , ටයිප් කරන්න  select disk  කියලා දාන්න ඩිස්ක් එකේ නම්බර් එක මගේනං 1





දැං clean කියලා ටයිප් කරලා එන්ටර් කරන්න


දැන් create partition primary කියලා ටයිප් කරලා එන්ටර් කරන්න




දැන් select paetition  කියලා ටයිප් කරලා පෙන් එකට අදාල පාටිෂන් නම්බර් එකත් ටයිප් කරන්න මගේ නං 1



දැන් active කියලා ටයිප් කරලා එන්ටර් කරන්න



දැන් format fs=ntfs quick කියලා ටයිප් කරලා එන්ටර් කරන්න


අන්තිමට exit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න 



දැන් ෆෙන් එක ඔටෝ රන් වෙයි , එකත් ක්ලොස් කරලා , ඔයාලග තියන dvd එකේ තියන ෆයිල් ඔක්කොම ටික පෙන් එකට කොපි කරන්න ,

දැන් ඉතින් ඊලගට මෙෂින් එක රීස්ටාට් කරලා  BIOS වලට ගොහින් First Boot Device එක විදිහට පෙන් ඩ්‍රයිව් එක තෝරලා  දෙන්න. Boot Priority වෙනස් කරන තැනට යන  විදිහ කම්පියුටරයෙන් කම්පියුටරයට චූට්ටක් විතර වෙනස්  , මගේනං   esc බට්න් එකට මෙෂින් එක රීස්ටාට් වෙනකොට ගැහුවහම කෙලින්ම යනවා.

කරලා බලන්න ඩී වි ඩී එකකින් දානවට වැඩිය ඉක්මනට වින්ඩොස් දාන්න  පුලුවන් පෙන් එකෙන්

53 comments:

  1. වැදගත් ලිපියක් අයියා...
    අටම් අයියාවත් බ්ලොග් ලෝකේ ටෙක්නිකල් පොස්ට් දාන එක ගැන සතුටුයි සිරාවටම...

    අයියා ඔය වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් දෙකක් තියේ මම දන්න..

    Rufus අනික

    UNetbootin

    ජය වේවා ^_^

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි සුදුමහත්තයා ....කාලයක් ලංකාවේ නම්බර් වන් බ්ලොගර්

      Delete
  2. ලිපිය හොදයි මමනම් භාවිතා කරන්නේ මේ Software එක. අනිත් Software එකක්වත් හරියට වැඩ කරන්නේ නැහැ මේක හොදට වැඩ කරනවා. https://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/

    Pen Drive එකට OS එක දාලා එකේ ඇතුලේ වෙනම floder එකක් හදලා ඕන කරන ෆයිල් නම් මම දාගන්නවා. ඒක නිසා මටනම් හැමදාම දාන්න ඕනේ නැහැ OS කලින් මම ඔය වැඩේට භාවිතා කරේ හාඩ් Disk එකක්. වැඩේ කරන වෙලාවට තමයි ඒක හයි කරගන්නේ. කඩේ 1300 වගේ ගන්න තියෙන 80GB Hard එකක් ගෙනල්ලා එකේ එක පාටිෂන් ඒකකට අර මන් දුන්න Software එකෙන් Bootable drive එකක් විදියට හදා ගන්නවා. ඊට පස්සේ Bios එකෙන් තෝරලා එකෙන් Install කරනවා.

    ReplyDelete
    Replies
    1. පෙන් එක පුරවලා බඩු ඒකයි බං , හාඩ් එකේ වැඩේ ලැප් වලට කරන්න බැ නේද බං

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Portable hard drive වලින් පුලුවන් එත් ඒවා ගිනි ගනම් මන් කිවෙව් භාවිතා කරන් ලද Hard ගැන :)

      Delete
  3. බොහොාම වටිනවා අටම්

    ReplyDelete
  4. O/L පෙල් අපිට ඕවා තේරෙන්නේ නැ බං ඔන්න ඔය කුණුහරුප කතාවක් ලියලා දාපං තේ රෙන බාසාවෙන්

    ReplyDelete
    Replies
    1. O/L පෙල් අපිට තමා බං මෙව්වත් දාන්නේ

      Delete
  5. තාක්සනේ... අමු සිංහලෙන්.
    ජයවේවා..!!

    ReplyDelete
  6. අම්මපා බං අටමො උඹේ මේ හැකියාව මට තිබුනනම්

    ReplyDelete
    Replies
    1. මගේ හැකියාවක් නෙමෙයි බං මෙව්වා මං ජංජාලයෙන් ඉගන ගත්තුවා

      Delete
  7. ජනේලයක් පෑනෙන් බා ගන්න හැටී
    අනේ දැණුයි දන්නේ මගෙ මොලේ මැටී
    ගෙනේ දැණුම මේ ලිපියත් බොහොම වටී
    තැනේ බලා ස්තූතියනම් දෙන්න වටී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජනේලයක් පෑනෙන් ( බා නෙමෙයි , දා ) ගන්න හැටී

      Delete
  8. බොහොම අපූරුයි අටං.

    ReplyDelete
    Replies
    1. හේ හෙහ් පෙන් එක ගහල බූට් කරන්නෙයි තනන්නෙ

      Delete
  9. අපි හිතමු වින්ඩෝස් ඩීවීඩී එකක් නෑ කියල. අපි ලඟ තියෙන කොම්පියුටරෙත් ඩී වීඩී නෑ කියල අපි හිතමු. එතකොට ISO To USB කියන කෑල්ලත් පාවිච්චි කරල ඔය වැඩේ කරන්න පුලුවන්. මාලඟ කාලයක් තිබ්බ 8GB එකක් වින්ඩෝස්, ඕන කරන සොෆ්ට්වෙයා එහෙම දාල පෙන් එක ප්‍රොටෙක්ට් කරල.

    වැඩේ බොහොම ලේසියි. නෙට් එකෙන් ජනේලෙ බෑවා, පෙන් එකට ගැහුවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් කරලා බලන්ඩ ඕන

      Delete
    2. Iso එකයි අලුත් winrar එකයිතිබ්බත් ඇති

      Delete
  10. දැං උඹ කියහං ඕක XP වල කරන්නෙ කොහොමද කියලත්.

    ReplyDelete
    Replies
    1. මොකාආආආක් XP???? අහෝ කොණ දෙමල නොදිටි මොක්පුර

      Delete
    2. මොකාආආආක් XP???? අහෝ කොණ දෙමල නොදිටි මොක්පුර

      Delete
    3. අැයි උඹල XP දැකල නැද්ද? ඒකෙන් ආවනං ඔය දෙකේ ලෙඩේ සනීප වෙනව.

      Delete
    4. ඒක සනීප කරගෙන බෑ. එතකොට උඹ ලේසියෙන්ම වසන්තයා වෙනවා. එහෙම කොහොමද

      Delete
    5. ඒක සනීප කරගෙන බෑ. එතකොට උඹ ලේසියෙන්ම වසන්තයා වෙනවා. එහෙම කොහොමද

      Delete
    6. අනේද කියන්නෙ ඉවාන්. පරණ පින්ටර් කබලක් නිසා මේකා විඳින දුකක්. XP!

      Delete
    7. පින්ටරේ අවුලක් නෑ බොල. ඒක 7 වලටත් වැඩ.

      Delete
    8. xp නං මෙහෙම දැන්න බැ ද කොහෙද ප්‍රසන්නයෝ, බලන්න ඕන

      Delete
  11. තැන්කූ අටම් , කාලෙකින් වැදගත් පෝස්ට් එකක් ලියල...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මූ කලිං ලියපුව වැඩක්ම නැද්ද

      Delete
    2. ඒ කියන්නෙ මූ කලිං ලියපුව වැඩක්ම නැද්ද

      Delete
    3. අන්න ඒකයි දීපන්කෝ උත්තර

      Delete
  12. මටනං හාංකවිසියක් තේරුනේ නෑ ඕං
    මම කරන්නේ ඔය වගේ වැඩක් කරගන්න ඕනේ උනහම කවුරු හරි දන්න එකෙක් හොයාගෙන ගිහින් වැඩේ කරෝගන්න එකයි.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එවුන් හින්දා තමයි අපිට මල වදේ

      Delete
    2. අන්න අන්න එහෙම කියන්න එපා හරිද....
      උඹල වගේ පින්වත්තු අපිට මේවා හදලා දෙන නිසා තමයි අපි මෙවායේ ඇවිත් කමෙන්ට් කරන්නේ.

      Delete
  13. මම නම් ඔව්ව එච්චර දන්නෑ,එල ලිපියක් ..

    ReplyDelete
  14. මරු අටං මරු! ඕං ටෙක් බලාගනිල්ලා. මම USB බූටබල් කරන්න ගන්නෙ ZOTAC WinUSB Maker කියන එක.

    ReplyDelete
  15. මාත් පෙන් එක බූටබල් කරං තියෙන්නේ... හරි ලේසිය. වෙලාව ඉතුරුයි මාර විදියට.

    ReplyDelete
  16. ඉස්සරනම් මේ දේවල් ආසාවෙන් හොයල ඉගෙනගත්ත අටමෝ
    දැන් ඉතින් කරන්නේ කාට හරි කීයක් හරි දීල හදාගන්න එක තමා,
    හැබැයි ලිපිය ගොඩක් වැදගත්

    ReplyDelete
  17. අමාරුවෙන් cmd කරන්න ඕනි නෑ winඑකෙන් file එක pen එකට extract කරල ගත්තම හරි, අනික තියෙන file වලට අමතරවෙොන file තිබ්බත් අව්ලක් නෑ හැබැයි වෙනම folder එක්ක දාල

    ReplyDelete
  18. මට නං මේ තාක්ෂණ පැත්තේ දේවල් කිසිවක් නොතේරේ.

    ReplyDelete
  19. meke eka step ekak adui. okkotama kalin diskpart kiyala type karanna oone.

    ReplyDelete
    Replies
    1. cmd අවශ්‍ය නෑ සාමාන්‍ය විදියට format කලත් ඇති

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද
    මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ ,…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • pace maker
  • HA-2045 ballpoint needles applied to household machines
  • ලොකූ අයියා
    ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා…
  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • how to assemble juki High Speed Lockstitch Sewing Machines  ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය
    ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා ,…
1,646,432

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>