2018-03-12

දියව් දියව්..... අපිට දියව් ..... නෙට් නිදහස අපට දියව්



මං දන්න වයසක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා අපේ මේ ගෙවල් ලගම  , මම එයාලව අදුරගත්තේ ඒ නොනගේ මහන මෙසිම හදලා දෙන්ඩ ගිහින් , දැ ඒ ඇදුනුං කමට අවුරුදු ගානක් වෙනවා. පස්සේ ඉතින් ඔය , පිච්චිච්ච බල්බ් මාරුකරන ඒවා  කොමිපිටරේ ස්කයිප් එහෙම දාල දෙන ඒවා වාගේ පොඩි පොඩි වැඩ එහෙමත් කරලා දෙනවා. මොකද ඒ ගෙදර මහ ජෝඩුව ඇරුනහම වෙන කවුරුත් නැ , කෙල්ලයි කොල්ලයි දෙන්නම රට ,  පෙරෙයිද  ඒ ඇන්ටි අපේ ගෙදර එනවා ළමයින්ට කතා කරන්ඩ බැ කියල ෆෝන් එකත්  උස්සං , ඉස්සර කොම්පියුටරෙං ස්කයිප් පාවිච්චි කලාට දැං එයාල පාවිච්චි කරන්නේ , වයිබර් , ෆේස්බුක් මැසෙන්ජර් එහෙම .... අනේ  ඉතින් වැඩේ  ගොඩ දාල දුන්නා .... මෙන්න  ආයෙත්  දැං ටිකකට කලින් ආවා ආයෙත් වැඩ නැ  කියල , ආයෙත් වෙන එකක් දාල දීලා ඇරියා. කොච්චර කාලයක් අල්ලලා හිටීද දන්නේ  නැ.


ඔය වගේ  අහිංසක මිනිස්සු  කී දෙනෙක් නං මේකෙං බැට කනවද , එතනින්  ගියහම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ  රස්සාවල්  කරන මිනිස්සු , එතනින්  ගියහම විනෝදය සදහා  තොරතුරු දැනගැනිම සදහා ඉන්ටර්නෙට් පාවිච්චි කරන අපි වගේ  අයට මොනතරම්  වදයක්ද ......

තාප්පේ හිල්හදාගන පයින එකයි , තාප්පෙට උඩින් පනින එකයි හරියන වැඩක් නෙමෙයි.... මේකට මොකක්හරි විසදුමක්  තියෙන්න ඕන , ඔහොම හිතාගන ජංජාලේ  සැරිසරනකොට තමයි මේ ලින්ක් දෙක දැක්කේ , කැමති අයට ගිහින් එකතු වෙන්න පුලුවන්.


https://medium.com/internet-freedom-movement-sri-lanka/statement-f1b33cebbd5e

https://www.facebook.com/groups/internet.freedom.in.srilanka/


20 comments:

  1. ඔය තහනම තව මාසයක් අල්ලලා හිටියොත් කීප දෙනෙක් සිය දිවි නසා ගන්න වුනත් බැරි නෑ ඕන්...

    ReplyDelete
  2. විචාරක තුමා ජීවත්ව සිටියානම් කොයි විදිහේ කොමන්ට් එකක් දමයිද මේ වගේ අමන වැඩවලට

    ReplyDelete
  3. ස්කයිප් එකයි ජීමේල් එකයි වැහුවනාං බලන්න තිබුණා රටේ හිඟමන තවත් වැඩිවෙන හැටි. වෙලාවට ඒ දෙක වැහුවෙ නැත්තෙ. ඒ වගෙම තමයි ගූගල් ප්ලස් එක සමාජ මාධ්‍ය ජාලයක් නෙවෙයිද?

    ReplyDelete
  4. මොනා උනත් මේකෙන් පාඩම් කළා වැඩිපුර <3

    ReplyDelete
  5. එක මකුණෙක් කෑවම සේරම මකුණො මැරුව වගේ සීන් එකක් වුණේ.

    ReplyDelete
  6. වෙනත් රටවල අත්දැකීම් වලින් ඉගෙනගන්න නොදන්නා, තහංචි වලින් ලොව පාලනය කරන්නට හැකියැයි සිතා සිටින ගොන් ගං පාලකයින්ටත්, ලිං ගැට්ටෙන් එපිට ඇත්තේ නරකාදිය යැයි සිත සිටින යටත් වැසියන්ටත් ලෝකයේ වැඩ කිඩ ඉගෙන ගන්න අවස්තාවක්.

    ReplyDelete
  7. ටනලුත් වැහුවොතින් අයෙත් තාප්ප තමයි, එහෙම නේද ජෙප්පෝ මල්ලිලා.

    ReplyDelete
  8. ජාතිවාදයට මුවා වී සිරිසේන අකමැති ෆේස්බුක් ගිණුම් තහනම් කරන්නැයි ‘සක්තිලක‘ සහ ‘වල පයයි ගොඩ පයයි‘ගෙන් ෆේස් බුක් සමාගමට බලපෑම්..! ලංකා ඊ නිව්ස් අංක එකට..! තහනමට එරෙහි සමුළුවක් අද උදේ

    (ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.13, ප.ව.9.20) ජාතිවාදයට වැට බැඳීමට මුවා වී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකාව තුල ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීම මේ වන විට සියේට හතරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කරන ෆේස්බුක් පිටු තහනම් කිරීම දක්වා ඉදිරියට ගොස් තිබේ. මෙකී ගල්යුගයේ ජීවත්වන සමාජ ජාල ගහලයන් අතර කැපී පෙනෙන ගහලයන් දෙදෙනෙකු වන්නේ ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් සිරාල් සක්තිලක සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ (TRC) සභාපති සහ ජනාධිපති ලේකම්වරයාද වන ‘වල පයයි ගොඩ පයයි‘ ලොක්කා ය.

    මොවුන් ෆේස්බුක් සමාගමට දන්වා ඇත්තේ ෆේස් බුක් තහනම ඉවත් කිරීමට නම් TRC ය සහ සර්ට් ආයතනය දැනුම් දෙන ෆේස් බුක් ගිණුම් තහනම් කළ යුතුය යන කොන්දේසියයි. සර්ට් ආයතනය යම් තාක් ස්වාධීන ආයතනයක් වුවද TRC ය යනු ජනාධිපතිගේ දේශපාලන අතකොලුවකි. ෆේස්බුක් ආයතනය සක්තිලක සහ වල පයයි ගොඩ පයයිගේ යෝජනා මෙතෙක් පිළිගෙන නැත.

    කෙසේ වෙතත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ඇත්තේ මේ පිරිස තහනම් කරන්නැයි ඉල්ලා සිටින ෆේස්බුක් ගිණුම් අතර පළමු තැන ගෙන සිටින්නේ ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම බවය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම මේ පිරිස විසින් කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව බාධා කර ඇති නමුත් ජනතාවට එය කියැවීම බාධාවක් වී නැත්තේ ලංකා ඊ නිව්ස් ෆේස් බුක් ගිණුම නිසාවෙනි. ජාතිවාදයට එරෙහිවීමේ අවස්ථාව බලා දැන් එයද තහනම් කර ගැනීම මේ තක්කඩියන්ගේ අභිලාෂයයි. ඊට උඩ ගෙඩි දෙන ප්‍රවෘත්තියක් එක්තරා වෙබ් අඩවියක් විසින් පසුගියදා පළ කර තිබිණ. ‘ලංකා ඊ නිව්ස් නිකම්ම පෙනෙයි‘ නම් පුවතකින් දක්වා තිබුනේ ගූගල් ට්‍රෙන්ඩ්හි දත්ත යැයි කියමින් වීපීඑන් හරහා ලංකා ඊ නිව්ස් කියැවූ වැඩිම පාඨක පිරිස ගැටුම් ඇති වූ මධ්‍යම පළාතේ අය බවයි. ගූගල් සමාගමෙන් අප කළ විමසීමේදී දනගන්නට ලැබුනේ එය අමූලික බොරුවක් වන අතර එදින ලංකා ඊ නිව්ස් වැඩියෙන් කියවා තිබුනේ සබරගමු පළාතේ අය බවයි. සබරගමු පළාතේ ජාතිවාදී ගැටුමක් තිබුනේ නැත. ජඩමාධ්‍ය ඩීල් කරුවෙකු ලෙස ප්‍රකට එම වෙබ් අඩවි අයිතිකරුගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ ලංකා ඊ නිව්ස් ජාතිවාදය වැපිරීමට උදව් වන අඩවියක් බව ඇඟවීම වුවද ලංකා ඊ නිව්ස් කිසිදු දිනයක ජාතිවාදයට හෝ ආගම්වාදයට උඩ ගෙඩි දී නැතුවා පමණක් නොව අප ඊට එරෙහිව සටන් කරන්නෝ වෙමු. නමුත් ලංකා ඊ නිව්ස් යනු සියේට හතරේ ජනාධිපති ජනතා ද්‍රෝහියෙක් කියා ඔහුට පළමු ගල ගැසීමට බිය නොවූයේද වෙමු.

    ගෝත්‍රිකයා සමග අගාධයට යන එජාපය
    ජාතිවාදී ගැටුම් සමනය වීමෙන් පසුවත් මෙම සමාජ ජාලා තහනම දිගටම පවත්වාගෙන යෑම ගැන ආණ්ඩුවේ එජාප පාර්ශවය කැමැත්තක් නොදැක්වුවද ජනාධිපතිගේ ගෝත්‍රවාදී වුවමනාවන් අභිබවා වැඩ කිරීමට කොන්දක් නොමැති කම නිසා ජනතා අප්‍රසාදයට ලක්වී සිටිති. අපොස උසස් පෙල සියලුම සිසුන්ට අන්තර් ජාල පහසුකම් සහිත ටැබ් එකක් නොමිලේ ලබා දීමට එජාපය කටයුතු කරන ලද්දේ තරුණයන් අන්තර් ජාලයට පිවිසෙනවාට බිය නැති නිසා විය යුතුය. නමුත් ඊට ගෝත්‍රීක සිරිසේන අකුල් හෙලද්දී එජාපය කට පුක පියාගෙන සිටියේ ය. අඩුම ගණනේ තමන්ට කැමැති ඇමැතිවරයාට නීතිය හා සාමය බාර දෙනවාට පවා සිරිසේන විරුද්ධ වන විට එජාපය කට පුක පියාගෙන පරාජය බාර ගන්නේ ය. මේ අවස්ථාවේ දී ද ජනාධිපතිගේ ගෝත්‍රික සිතුම් පැතුම් මත සමාජ ජාලා වාරණය කර ගෙන සිටියදී එජාපය ඊට විරුද්ධ වුවද කට පුක පියාගෙන සිටින්නේය. (දයා ගමගේ වැන්නෙක් සමාජ ජාලා මගින් අපහාස කරනවා වැනි මෝඩ කතා කීම එජාපයේ මතය නොවේ)

    සියේට හතරේ එකාට අනාගතයක් නොමැති බැවින් ඔහු ඕනෑම ගෝත්‍රික ක්‍රියාවක් කරමින් අගාධයටම පනිද්දී ‘සම්මුතිය සම්මුතිය‘ යැයි කෙකර ගාමින් සියේට තිහේ එජාපයද ඒ මෝඩයා පසුපස යමින් විනාශය වැළැඳ ගැනීම කණගාටුදායක ය.

    ‘ෆේස් බුක් එක මගින්ම ජයගත් ආණ්ඩුව ෆේස් බුක් එක මගින්ම විනාශ වන්නේය‘ යි කව්දෝ ෆේස් බුක් සටහනක් තබා තිබිණ.

    සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හා වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුව
    ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වාරණයට එරෙහිව සියළු බේද පසෙක ලා ඉදිරියේදී කටයුතු කළ යුතු ක්‍රමවේදය ගැන තීන්දු තීරණ සාකච්ඡා කිරීමේ සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හා වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවක් අද 13 උදෑසන 9.00 ට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. ඔබට ඊට සහභාගී වීමට නොහැකි නම් දුරකථන අංක 077 3083479 ට හෝ 077 3062021 ට අමතන්න.

    ReplyDelete
  9. නරක කාලේ ආපුවාම තමුන් මොනවා කරනවද කරන්න සුදුසු මොනවද කියල ඔලුවට එන්නේ නෑ බං.. අපේ ආච්චිලා ඕකට කියුවේ නුහුගුණේ කියල.. මේ ආණ්ඩුවට දැන් නුහුගුනේ.. අනුකම්පා කරමු තව ටික දොහ නේ.. :/

    ReplyDelete
  10. කම්මැලිවෙලාවට විතරක් එෆ්බී බලන මට නම් අඩුවක් දැනෙන්නෙ නෑ. කොහොමත් මං පොත් හා චිත්‍රපටිවලට හුඟක් අඩුවෙන් තමයි ඔය එෆ්බී හොබී එක කරන්නෙ. අනිත් එක එෆ්බී එකේ ලඟදි වැඩියෙන් තිබුනෙ අප්‍රසන්න දේවල්.
    වයිබර් හා වට්සැප් නැති එක නම් ලොකු පාඩුවක්
    සැ.යු. මං ගැන විතරයි කිව්වෙ

    ReplyDelete
  11. මෙෙත්‍රී ෙග තාත්ත (උප්පැන්නෙ නම තියෙන එකා) ගේවටේ තාප්පයක් බැන්දනම් ඔහොම වෙන්නෑ හිටං

    ReplyDelete
  12. ෆේස්බුක්.. ඒ මොකක්ද ඒ.

    ReplyDelete
  13. කෝ බං බ්ලොග් උත්සව තියපු අර මොක්කුන්ද එක්ක ලොකු කන්ටැක්ට් තිබ්බ ඇවුන් ට බැරි මොකද මේ ලබ්බේ ෆේස් බුක් තහනම නැති කරන්න? හා හා හා 😂😂😂. මට මාර හිනා... 🤣🙉 ඒ අස්සෙ තව පොරක්... නෑ එක්කො ඕන නෑ... උබට කෝල් එකක් දීලම කියන්නං 🙈

    ReplyDelete
  14. බුකියට රිංගන්න විදිහක් නැතුව ආණ්ඩුවේ එවුන්ගේ රීරි මාංස කන්න කේන්ති ගත්තට පලක් නෑ යකුනේ.. ඕකුන් ඔතනට යැව්වේ අපේම මිනිස්සු.. මං මේ කියන්නේ කලින් හිටපු එවුන් හොඳා කියන එක කියල වැරදියට තෙරුන් අරං වලිගෙ පාගගන්න එපා. කලින් ආණ්ඩු කරපු එවුනුයි, දැන් ආණ්ඩු කරන එවුනුයි, විකල්ප කියාගන්න එවුනුයි ඔක්කොම ට්‍රයි කරන්නේ බොලා අපිව පාලනය කරන්න බලයට පත්වෙලා උන්ගේ ආතල් එක ගන්න. නැත්තම් මොකද බන් මේ බොලා අපිව පාලනය කරන්න උන්ට මේ තරම් කැක්කුමක්.. දැන්වත් මේ ඉන්න 225 න් එහාට හිතලා ඕක පාලනය කරන්න සුදුසු මොලගෙඩි ටිකක් දියවන්නාවට යවන්න විදිහක් කල්පනා කරපල්ලා..

    ReplyDelete
  15. ඔව් ඔව් දෙයි දෙයි කඩේට කෙසේ වෙතත් ගෙදරටම ගෙනත් දෙයි පැකේජ් වලින් පිරෙන්නම දෙයි

    ReplyDelete
  16. පිටි ගුලියක් නිසා ඇතිවූ මුස්ලිම් සිංහල කෝලාහලය ඇතිකලේ...මේ හොරකම සහ විශ්වාසභංගය වසා දමන්නට බව මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නැත. මොහු මහ බැංකුවේ අධිපතිකොට පත් කර මේ හොරකම බළල් අන්ඩ දමා සිදුකල හොරා අදටත් රටේ අගමැති ලෙස සිටිනවා....රටේ කිසිවකුට මේ ගැන වගේ වගක් නැත. ඉස්පිරිතාලෙක මිනිහෙකුට පහරදුන්විට පාරටපැන ටයර්පුච්චන මිනිස්සු...මේගැන නොදන්නාසේ සිටිති. මහා පුදුමයකි...කොළපාට කන්නාඩිය දාගත් එකාට රනිල්කල මේ මහා හොරකම පෙනෙන්නේ නැත. ඔවුන්ට අගමැති රනිල් මහා මොළ කරුවෙකි Mr Clean කෙනෙකි. නිල්පාට කන්නාඩිය දාගත් එකාට මහින්ද රාජපක්ෂ සහ සහෝදරයෝ කල මහා හොරකම් මිනීමැරුම් එකක්වත් පෙනෙන්නේ නැත. ඔවුන්ට ඔහු මහා දේශප්‍රේමියෙකි.රනිල් සහ මහින්ද සම්මන්ත්‍රණයකදී එකළඟ වාඩිවී සිනාසෙමින් සුහදව කතාකරමින් සිටින අන්දම රූපවහිණියෙන් දුටුවෙමි. ඔවුන් සිනාසෙන්නේ ඔවුන් දෙවිවරුන් සේ සිතාසිටින මේරටේ මහජනතාවටය. රනිල් සිරිසේන හවුල් ආණ්ඩුව...මහින්ද, පුතුන් සහ සහෝදරයන් අල්ලා හිරේ දමනතුරු UNP කාරයෝ බලාසිටිති. හොරු රංචු දෙකක් නොව ඇත්තේ එකම හොරුරංචුවක් බව ජහමනයාට වැටහෙන්නේ නැත. උන් පිල් වලට ජාති වලට ආගම් වලට බෙදී කා කොටාගෙන මරා ගනිති...අනෙකාගේ දේපල ගිනිතබති. පාර්ලිමේන්තුවේ මේ බැංකු හොරකමගැන කෑගසන JVP සහෝදරයෝ උසාවියේ වරෙන්තු කරුවකු වන මොහු සොයාගෙන එනමෙන් නීතීඥ වරයකු වන අගමැතිට බලකර...පාරට බහින්නේ නැත. දැන් ෆේස් බුක් ආදී සමාජජාලා වසාදමා මහජනයාගේ කටට පිටිගුලියක් ඔබා තිබේ. අයියන්ඩී...අහෝ මේ කුමන වර්ගයේ රාජ්‍යයක්ද ?

    ReplyDelete
  17. ලංකාවේ තත්වය තවත් පහතට වැටෙන එක මේකෙන් වෙන්නේ .

    ReplyDelete
  18. දියව් දියව්..... අපිට දියව් ..... නෙට් නිදහස අපට දියව්

    කොබන් තවම නෑනේ අනේ උඹලගේ ත් හඬ විතරයි.

    හු හු තවම නෑ අපි හිතුවා අටමා කිව්වා ගමන් දෙයි කියලා අනේ..... තාම නෑ

    ReplyDelete
  19. පොඩ්ඩක් හිටපං මං අපේ කරුණාරත්න පරණවිතාන ඇමති සෑර්ට කෝල් එකක් ඇරං ඕක සුටුස් ගාල හදෝල දෙන්නං... ඕ යේස්

    ReplyDelete
  20. Hey there! Do you use Twitter? I'd like to follow you if that would be okay.

    I'm definitely enjoying your blog and look forward to new posts.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • එහෙම එකක් උනාද අප්පා
    ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින් …
  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • singer zig zag sewing machine 974 , 1288 , 288 , 247 නූල් බුරුල් ලෙඩේ  , නූල් කැඩෙන  ලෙඩේ හදාගන්නේ කොහොමද
    මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින්  තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
1,649,548

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>