මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින් තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට මූලික සැකැස්ම සහ උපාංග බොහෝදුරට සමානයි. පාවිච්චි කරන අයට නිතරම එන ප්‍රශ්න දෙකක් තමයි , නූල් කැඩෙන ලෙඩෙයි යට නූල් බුරුල් ලෙඩෙයි , ඒ දෙකට තමන්ටම කරන්ඩ පුලුවන් අත් බෙහෙත තමයි මේ ලියන්ඩ යන්නෙ.
ඉස්සෙල්ලාම ටෙන්ෂන් කප් එක එලියට ඇදලා ගලවලා කෑලිටික අනාගන්නෙ නැතුව පිලිවලින් තියාගන්න
ඔය තියෙන්නේ ආයේ හයිකරන්ඩ ඕන පිලිවලටම තියලා
දැං ඔය ටෙන්ෂන් ඩිෂ් දෙක හරි තුන හරි අතරේ තියන කුණු ටික සුද්ද කරන්න
ආයේ මෙෂින් එකට දැනකොට කෑළි ටික තියෙන්න ඕන මෙන්න මේ පිලිවලට
ටෙක් අප් ස්ප්‍රීන් එකේ දගර ගැහුන පැත්ත ඇතුලට රිගන විදිහට ඉස්සෙල්ලාම ටෙන්ෂන් ඩිෂ් එක ඊලගට පැතලි ටෙන්ෂන් ඩිෂ් එක ආයෙත් අනිත් ටෙන්ෂන් ඩිස් එක , සමහරක් මෙෂින් වල මැද්දට දාන පැතලි ඩීෂ් එක නැ , ටෙන්ෂන් ඩිෂ් දෙකක් විතරයි තියෙන්නෙ. ඊලගට ෆෙෂර් ප්ලේට් එක. ( පහත රූපය බලන්න ) ටෙක් අප් ස්ප්‍රීන් එකේ අනිත් පැත්තේ ඇතුලතට හිටින විදිහටයි ෆෙෂර් ප්ලේට් එක දාන්නේ , ඔය කූරක් වගේ තියන ටෙන්ෂන් ෂාෆ්ට් එක ඇතුලට කෑලි ටික එක එක දාන්නේ නැතුව කෑලි ටික පිලිවලට එලියෙදි අටවගන එක පාර ඔක්කොම ටික ස්ටඩ් එක ඇතුලට රිංගවන්ඩ.
දැන් ටෙන්ෂන් රිසින්ග් කප් එක ( ප්ලස් මයිනස් කප් ) දණ රිණ ලකුනු උඩට හිටින විදිහට දාන්ඩ
දැන් ටෙන්ෂන් ස්ප්‍රීන් එක කුඩා පැත්ත එලියට හිටින විදිහට දාන්ඩ
ඊලග ටෙන්ෂන් ස්ටඩ් එක ( පොඩි කට්ට වොෂර් එක ) මේක දාන කොට ඔය පොඩි කට්ටයක් වගේ තියන කොටස පිට පැත්තට සහ යටට හිටින විදිහටයි දාන්න ඕන
දැන් ටෙන්ෂන් නට් එක හීනියට දාරයක් වාගේ තියන පැත්ත එලියට හිටින විදිහට අතේ ගානට තරමක් තදකරලා නවත්තන්ඩ
දැං පෙෂර් ෆුට් එක ගලවමු
දකුනු පැත්තෙන් උස්සලා නිඩ්ල් ප්ලේට් එකත් ගලවමු
දැං වම් පැත්තේ තියන ෂට්ල් ලොක් එක ඉස්කුරුප්පු නියනකින් ඉස්සරහට ( අපිට ඉන්න පැත්තට විරුද්ධ පැත්තට ) තල්ලු කරලා , ෂටල් එක ගලවලා එලියට ගම්මු , ඔය ෂටල් එක වටේ තියන රොටේටින්ග් ප්ලේට් එකේ ඇණ තුනටනං අතවත් තියන්ඩ එපා.
දැං ඔය ෂටල් ස්ප්‍රීන් එක සහ ෂටල් ස්ප්‍රීන් ගයිඩි එක අස්සේ තියන කුණු ටික සුද්ද කරමු
ඊලගට ෂටල් ස්ප්‍රීන් ගයිඩි එක සහ ෂටල් එකේ ප්ලාස්ටික් එක අතරට ෂටල් ස්ප්‍රීන් එක රිගවමු
දැන් ඔය දකුනු පැත්තේ හිලට ප්‍රමානයෙන් විශාල ඇණයත් වම් පැත්තේ හිලට ප්‍රමාණයෙන් කුඩා ඇනයත් දාල තද කරමු , මෙතනදි දකුනු පැත්තේ ඇනය හොදින් තදකරන්න ඕන , වම් පැත්තේ ඇනය නුල තරමක් තදට නිදහසේ ගලාගන එන විදිහටයි තදකරන්න ඕන
අර කියුව විදිහට තරමක් තදට ඒකාකාරිව නිදහසේ නූල ගලාගන එනවානං හරියට හරි
දැං ඔය මෙෂින් එක අස්සේ තියන කුනු දූවිලි තින්ත ගාන පොඩි බ්‍රෂ් එකක් අරං පිරිසිදු කරන්න , එහෙම කලහම මෙෂින් එක තරහා වෙන එකක් නැ.
දැං ෂටල් එක තිබුන විදිහටම තියලා ෂටල් ලොක් එක ඉස්ක්රුප්පු නියනෙන් තිබුන විදිහටම ආපස්සට ( අපි ඉන්න පැත්තට ) පැත්තට දාන්න
අළුත් ඉදිකට්ටක් දාන්න , ඒක හයි කරනකොට ඉදි කට්ටේ යට පොඩි කර්ව් එකක් සහ උඩ කදේ පැතලියට තියන පැත්ත අපිට විරුද්ධ පැත්තට ( ඉස්සරහට ) සම්පූර්නයෙන් නීඩ්ල් බාර් එකේ ඇතුල යන විදිහට රිංගවලා හයි කරන්න
ඉදිකටු ගන්නකොට ඔරිජිනල් විතරක් ගන්න , 2020 ( කද රතුපාට ) සයිස් 14 හරි 16 හරි හොදයි , ඇදෙන රෙදි මහනවානං 2045 ( කද ගොල්ඩ් පාට ) ඉදි කට්ට හොදයි , එහෙමයි කියල සාමාන්‍ය රෙදි මහන්න බැරිකමක් නැ , 2045 සයිස් 14 සහ 16 ගන්නකො වැඩේ ඉවරයි.
ටොප් කවර් ත්රේඩ් ගාඩ් වලට මේ විදිහට නුල රදවලා ගන්න , මෙෂින් එකේ උඩ තියන නුල් පන්දු රදවනයට මිටර් 2500 යේ 5000 තඩි නුල් කොන් දාල මහන්න එපා , ඒ ස්පූල් හෝල්ඩරය හදලා තියෙන්නේ මිටර් 500 සහ 200 යේ නුල් කොන් දාන්න , ලොකු නුල් කොන් මෙෂින් එක පිටි පස්සේ බිමින් තියල ගන්න.
පුට් එක උස්සලා නූල ටෙන්ෂන් ඩිෂ් දෙක අතරට දාල ටෙක් අප් ලිවර් ( නූල අරගන උඩහට පහලට යන කොක්ක ) දාන්න , දැන් පුට්ට එක පහලට දාල ඇදා බලන්න නූල තරමක් දතට ඒකාකාරිව ගලාගන එනවද කියලා , එහෙම අවුලක් නැතුව එකම ටෙන්ෂන් එකකින් නුල එනවානං කොහොමටවත් අවුලක් වෙන්න බැ
නූල තද මදිනං ටෙන්ෂන් නට් එක දකුනට කරකවලා , නුල තදකරගන්න
දැන් පහල ත්රේඩ් ගාඩ් දෙකට නූල දාන්න , ඉදිකට්ටේ ඉස්සර පැත්තෙන් නුල දාල පස්සෙන් එලියට ගන්න
දැන් මහලා බලන්න , උඩ සහ යට නුල් දෙකම එකවාගේ තියනවා
උඩ නුල් ( ඉදිකටුවේ නූල )
යට නූල ( ෂටල් එකට දාපු බොබින් එකේ නුල )
මහන කෙනෙකුට උපසම්පදාව වුනත් මේ බ්ලොග් එකෙන් ගත්තෑකි. දිගටම කියෙව්වොත් මහානාකිය තනතුර දක්වා ගියෑකි
ReplyDelete++++:D
Deleteමං කියුවයි කියල හිතාගන්නවා හොදයි
Deleteඑහෙයි
DeleteHapoi 😊
Deleteහැක්..
Deleteසංකීර්ණ දේ සරලව කියල දෙන එක හැම එකාටම කරන්න බෑ. ඒක වෙනම හැකියාවක් !
ReplyDeleteඒක අපේ මැෂින් ***ට උපරිමයෙන් තියනව, හොද පෝස්ට් එකක්.
මේක දැක්කහම අපේ අම්ම මහන්න ගන්න හැටි මතක් උනා.
මැෂින් බිජ්ජගෙ මැෂින් පෝස්ට්, එල.
ReplyDeleteමැසිම ගැලෙව්වා හයි කරන කොට ඇන වැඩි වුනා ප්‍රෙසර් පුට් එක ගාව හිලට දාල වැහුව දැන් මැසිම වැඩ කරන් නෑ.........මට ලාවට මතක තෝ මොකද ඔය කරන්නේ කියල ගෑනු කෙනෙක් අහනව විතරයි.......... අනිද්දා ටිකට් කපනව කිව්ව. දොස්තර අක්කා මාර ලස්සනයි..
ReplyDeleteබැරි අමාරුකං පෙන්නහං තව ටික දවසක් තියාගනි
Delete//නූල් බුරුල් ලෙඩේ , නූල් කැඩෙන ලෙඩේ හදාගන්නේ කොහොමද//
ReplyDeleteරෑට දාන පෝස්ට් උදේට මකන ලෙඩේ සනීප කරගන්නෙ කොහොමද? ඒ ගැනත් මොනා හරි ලිව්වනං.
ඔය අතුන් වෙනි පියවරට පසු සහ හත්වන පියවරට පසු ගල් කාලක් කටේ හලාගන්න කියල තමයි කොම්පැණියෙ ඔපරේශන් මැනුවල් එකේ තිබුණේ.
ReplyDeleteමට හම්බෙච්ච එකේ එක කොලයක් අඩුවෙලා තිබුනා ... එහෙනං ඒකේ තියෙන්ඩ ඇත්තේ ... කොයි කොම්පැනියේ ගල් කියලද තිබුනේ .... හේ හේහ්
DeleteAththamai mama inne vena trataka euanta gedara mahana mechine eka suluven ho hada ganna hati kila deema .........Oba gana ithamath adambara venava.
ReplyDeleteIdiriyata sampurana maechine eka hada ganna hati dana ganna kamathi piyavaren piyavara
අනිත් උං මාව ඉස්ටු දායි
Delete+++++
Deleteඅනිත් උං මාව ඉස්ටු දායි ඉතින් උරුමස් හොඳ ඉස්ටුවට තමයි අවුලක් නෑ අපි කනවා !
Deleteකොහෙන්ද බං ඔය මැසිම හොයාගත්තෙ. ඒකෙන් මහල තියෙනව නැති වෙන්න.
ReplyDeleteමොනව උනත් මහන උංට වැදගත් පෝස්ට් එකක්.
අපෙ ගෙදර ඉන්දියපන් වක්කරන මැසිමේ පොට ගියා හදාගන්නේ කොහොමද කොහෙන්ද ?
ReplyDeleteආං එහමෙයි මැෂිං හදන්නෙ.
ReplyDeleteඅපි හදන මැෂින් මොනාද අෆ්පා මේව එක්ක බලද්දි.
මේකත් save කොලා.ඕනි උනොත් කියහන්කෝ :-)
ReplyDeleteකෝ බොල කම්මැලියෝ අර paint කරපු මැසිමේ පින්තුර ටික.
අනෙ පහුගිය ටිකේ බිසි උනා ඒ අවු අස්සෙ , පින්තුර ටිකයි , ලිපි ටිකයි දාපු තැන හෙයා ගන්න බැනෙ සමාවෙලා සොයා දෙනු මැනව
Deleteආන් එව්වා
Deleteවිචාරකතුමා හිටියනම මේකට දාන කමෙන්ට් එක ගැන මට හිතාගන්න බෑ. ඔහුට මැෂිමෙන් ඇඳුම් මහන්න පුළුවන් වගේම සියලුම යන්ත්‍ර සූත්‍රවල තාක්ෂණික පැත්ත හොඳින් දැනගෙන හිටියා. ඔබේ ලිපිය පැරණි බොහෝ මතකය අලුත් කළා . අපේ ගෙදර ප්[අලමු මැෂිමත් ඔබේ රූපයේ මැෂිමට බොහෝ සමානයි
ReplyDeleteවිචාරක දියණිය
කදිමයි.හොඳ ප්‍රයෝජනයක් ගනිමු
ReplyDeleteගෙම්බා මාක් මැෂිමක් තීනවා හදාගන්ඩ ඕනි
ReplyDeleteඈ බං ආණ්ඩුවට බැන බැන උඹත් කොමෙන්ට් වාරණය කරනවාද ?
ReplyDeleteඅපුරු සටහනක් අයියේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අම්මට මේක ගොඩක් වැදගත් අයියේ
ReplyDeleteඅපේ ගෑනිගෙ එක බලනකොට මීයෝ කාලා කියහංකො බං
ReplyDeleteඒක මීයෝ කනකං උඹ මක්කලාද
Deleteසෑහෙන වටිනා ලිපියක්
ReplyDelete