2018-03-08

singer zig zag sewing machine 974 , 1288 , 288 , 247 නූල් බුරුල් ලෙඩේ , නූල් කැඩෙන ලෙඩේ හදාගන්නේ කොහොමද

මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින්  තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට මූලික සැකැස්ම සහ උපාංග බොහෝදුරට සමානයි. පාවිච්චි කරන අයට නිතරම එන ප්‍රශ්න දෙකක් තමයි , නූල් කැඩෙන ලෙඩෙයි යට නූල් බුරුල් ලෙඩෙයි , ඒ දෙකට තමන්ටම කරන්ඩ පුලුවන් අත් බෙහෙත තමයි මේ ලියන්ඩ යන්නෙ.



ඉස්සෙල්ලාම ටෙන්ෂන් කප් එක එලියට ඇදලා ගලවලා කෑලිටික අනාගන්නෙ නැතුව පිලිවලින් තියාගන්න



ඔය තියෙන්නේ ආයේ හයිකරන්ඩ ඕන පිලිවලටම තියලා


දැං ඔය ටෙන්ෂන් ඩිෂ් දෙක හරි තුන හරි අතරේ තියන කුණු ටික සුද්ද කරන්න


ආයේ මෙෂින් එකට දැනකොට කෑළි ටික තියෙන්න ඕන මෙන්න මේ පිලිවලට


ටෙක් අප් ස්ප්‍රීන් එකේ දගර ගැහුන පැත්ත ඇතුලට රිගන විදිහට  ඉස්සෙල්ලාම ටෙන්ෂන් ඩිෂ් එක ඊලගට පැතලි ටෙන්ෂන් ඩිෂ් එක ආයෙත් අනිත් ටෙන්ෂන් ඩිස් එක , සමහරක් මෙෂින් වල මැද්දට දාන පැතලි ඩීෂ් එක නැ , ටෙන්ෂන් ඩිෂ් දෙකක් විතරයි තියෙන්නෙ. ඊලගට ෆෙෂර් ප්ලේට් එක. ( පහත රූපය බලන්න ) ටෙක් අප් ස්ප්‍රීන් එකේ අනිත් පැත්තේ  ඇතුලතට හිටින විදිහටයි ෆෙෂර් ප්ලේට් එක දාන්නේ , ඔය කූරක් වගේ තියන ටෙන්ෂන් ෂාෆ්ට්  එක ඇතුලට කෑලි ටික එක එක දාන්නේ නැතුව කෑලි ටික පිලිවලට එලියෙදි අටවගන එක පාර  ඔක්කොම ටික ස්ටඩ් එක ඇතුලට රිංගවන්ඩ.


දැන් ටෙන්ෂන් රිසින්ග් කප් එක ( ප්ලස් මයිනස් කප් ) දණ රිණ ලකුනු උඩට හිටින විදිහට දාන්ඩ


දැන් ටෙන්ෂන් ස්ප්‍රීන් එක කුඩා පැත්ත එලියට හිටින විදිහට දාන්ඩ


ඊලග ටෙන්ෂන් ස්ටඩ් එක ( පොඩි කට්ට වොෂර් එක )  මේක දාන කොට ඔය පොඩි කට්ටයක් වගේ තියන කොටස පිට පැත්තට සහ යටට හිටින විදිහටයි දාන්න ඕන


දැන් ටෙන්ෂන් නට් එක හීනියට දාරයක් වාගේ තියන පැත්ත එලියට හිටින විදිහට අතේ ගානට තරමක් තදකරලා  නවත්තන්ඩ


දැං පෙෂර් ෆුට් එක ගලවමු


දකුනු පැත්තෙන් උස්සලා නිඩ්ල් ප්ලේට් එකත් ගලවමු


දැං වම් පැත්තේ තියන ෂට්ල් ලොක් එක ඉස්කුරුප්පු නියනකින් ඉස්සරහට ( අපිට ඉන්න පැත්තට විරුද්ධ පැත්තට ) තල්ලු  කරලා , ෂටල් එක ගලවලා එලියට ගම්මු , ඔය ෂටල් එක වටේ තියන රොටේටින්ග් ප්ලේට් එකේ ඇණ තුනටනං අතවත් තියන්ඩ එපා.


දැං පොඩි ඉස්කුරුප්පු නියනක් ඇරං ෂටල් ඇණ දෙක ගලවමු



දැං ඔය ෂටල් ස්ප්‍රීන් එක සහ ෂටල් ස්ප්‍රීන් ගයිඩි එක අස්සේ තියන කුණු ටික සුද්ද කරමු


දැන් ඉස්සෙල්ලාම  ෂටල් ස්ප්‍රීන් ගයිඩි එක ෂටල් එකට රිංගවමු


ඊලගට  ෂටල් ස්ප්‍රීන් ගයිඩි එක සහ ෂටල් එකේ ප්ලාස්ටික් එක අතරට ෂටල් ස්ප්‍රීන් එක රිගවමු



දැන් ඔය දකුනු පැත්තේ හිලට ප්‍රමානයෙන් විශාල ඇණයත් වම් පැත්තේ හිලට ප්‍රමාණයෙන් කුඩා ඇනයත් දාල තද කරමු , මෙතනදි දකුනු පැත්තේ ඇනය හොදින් තදකරන්න ඕන , වම් පැත්තේ  ඇනය නුල තරමක් තදට නිදහසේ ගලාගන එන විදිහටයි තදකරන්න ඕන 


ෂටල් එකට බොබින් එක දානකොට නුල් ඔතලා තියන පැත්තට විරුද්ධ අතට දාන්න , ඒ කරලා ෂටල් ස්ප්‍රන් එකේ ඉස්සරහ කට්ටය අස්සට දාල අදින්න එතකොට නුල පිටි පස්සේ  කට්ටයට ඉබේම වැටෙනවා


අර කියුව විදිහට තරමක් තදට ඒකාකාරිව නිදහසේ නූල ගලාගන එනවානං හරියට හරි




දැං ඔය මෙෂින් එක අස්සේ තියන කුනු දූවිලි තින්ත ගාන පොඩි බ්‍රෂ් එකක් අරං පිරිසිදු කරන්න , එහෙම කලහම මෙෂින් එක තරහා වෙන එකක් නැ.


දැං ෂටල් එක තිබුන විදිහටම තියලා ෂටල් ලොක් එක ඉස්ක්රුප්පු  නියනෙන් තිබුන විදිහටම ආපස්සට ( අපි ඉන්න පැත්තට ) පැත්තට දාන්න



අළුත් ඉදිකට්ටක් දාන්න , ඒක හයි කරනකොට ඉදි කට්ටේ යට පොඩි කර්ව් එකක් සහ උඩ කදේ පැතලියට තියන පැත්ත අපිට විරුද්ධ පැත්තට  ( ඉස්සරහට ) සම්පූර්නයෙන් නීඩ්ල් බාර් එකේ ඇතුල යන විදිහට රිංගවලා හයි කරන්න





ඉදිකටු ගන්නකොට ඔරිජිනල් විතරක් ගන්න , 2020 ( කද රතුපාට ) සයිස් 14 හරි 16 හරි හොදයි , ඇදෙන රෙදි මහනවානං 2045  ( කද ගොල්ඩ් පාට ) ඉදි කට්ට හොදයි , එහෙමයි කියල සාමාන්‍ය රෙදි මහන්න බැරිකමක් නැ , 2045 සයිස් 14 සහ 16 ගන්නකො වැඩේ ඉවරයි.



ටොප් කවර් ත්රේඩ් ගාඩ් වලට මේ විදිහට නුල රදවලා ගන්න , මෙෂින් එකේ උඩ තියන නුල් පන්දු රදවනයට මිටර් 2500 යේ 5000 තඩි නුල් කොන් දාල මහන්න එපා , ඒ ස්පූල් හෝල්ඩරය හදලා තියෙන්නේ මිටර් 500 සහ 200 යේ  නුල් කොන් දාන්න , ලොකු නුල් කොන් මෙෂින් එක පිටි පස්සේ බිමින් තියල ගන්න.




පුට් එක උස්සලා නූල ටෙන්ෂන් ඩිෂ් දෙක අතරට දාල ටෙක් අප් ලිවර් ( නූල අරගන උඩහට පහලට යන කොක්ක )  දාන්න , දැන් පුට්ට එක පහලට දාල ඇදා බලන්න නූල තරමක් දතට ඒකාකාරිව ගලාගන එනවද කියලා , එහෙම අවුලක් නැතුව එකම ටෙන්ෂන් එකකින් නුල එනවානං කොහොමටවත් අවුලක් වෙන්න බැ



නූල තද මදිනං ටෙන්ෂන් නට් එක දකුනට කරකවලා , නුල තදකරගන්න

දැන් පහල ත්රේඩ් ගාඩ් දෙකට නූල දාන්න , ඉදිකට්ටේ ඉස්සර පැත්තෙන් නුල දාල පස්සෙන් එලියට ගන්න


දැන් මහලා බලන්න , උඩ සහ යට නුල් දෙකම එකවාගේ තියනවා

උඩ නුල් ( ඉදිකටුවේ නූල )


යට නූල ( ෂටල් එකට දාපු බොබින් එකේ නුල )


දැන් ටෙන්ෂන් කප් එක අරගන දණ රිණ ලකුණු වලට සමාන්තරව  5 සහ 6  ඉලක්කම් හිටින විදිහට නට් එකට රිංගවලා ඉස්සරහට තල්ලු කරලා තද කරන්න.

31 comments:

  1. මහන කෙනෙකුට උපසම්පදාව වුනත් මේ බ්ලොග් එකෙන් ගත්තෑකි. දිගටම කියෙව්වොත් මහානාකිය තනතුර දක්වා ගියෑකි

    ReplyDelete
  2. සංකීර්ණ ⁣දේ සරලව කියල දෙන එක හැම එකාටම කරන්න බෑ. ඒක වෙනම හැකියාවක් !

    ඒක අපේ මැෂින් ***ට උපරිමයෙන් තියනව, හොද පෝස්ට් එකක්.

    මේක දැක්කහම අපේ අම්ම මහන්න ගන්න හැටි මතක් උනා.

    ReplyDelete
  3. මැෂින් බිජ්ජගෙ මැෂින් පෝස්ට්, එල.

    ReplyDelete
  4. මැසිම ගැලෙව්වා හයි කරන කොට ඇන වැඩි වුනා ප්‍රෙසර් පුට් එක ගාව හිලට දාල වැහුව දැන් මැසිම වැඩ කරන් නෑ.........මට ලාවට මතක තෝ මොකද ඔය කරන්නේ කියල ගෑනු කෙනෙක් අහනව විතරයි.......... අනිද්දා ටිකට් කපනව කිව්ව. දොස්තර අක්කා මාර ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බැරි අමාරුකං පෙන්නහං තව ටික දවසක් තියාගනි

      Delete
  5. //නූල් බුරුල් ලෙඩේ , නූල් කැඩෙන ලෙඩේ හදාගන්නේ කොහොමද//
    රෑට දාන පෝස්ට් උදේට මකන ලෙඩේ සනීප කරගන්නෙ කොහොමද? ඒ ගැනත් මොනා හරි ලිව්වනං.

    ReplyDelete
  6. ඔය අතුන් වෙනි පියවරට පසු සහ හත්වන පියවරට පසු ගල් කාලක් කටේ හලාගන්න කියල තමයි කොම්පැණියෙ ඔපරේශන් මැනුවල් එකේ තිබුණේ.

    ReplyDelete
    Replies
    1. මට හම්බෙච්ච එකේ එක කොලයක් අඩුවෙලා තිබුනා ... එහෙනං ඒකේ තියෙන්ඩ ඇත්තේ ... කොයි කොම්පැනියේ ගල් කියලද තිබුනේ .... හේ හේහ්

      Delete
  7. Aththamai mama inne vena trataka euanta gedara mahana mechine eka suluven ho hada ganna hati kila deema .........Oba gana ithamath adambara venava.

    Idiriyata sampurana maechine eka hada ganna hati dana ganna kamathi piyavaren piyavara

    ReplyDelete
    Replies
    1. අනිත් උං මාව ඉස්ටු දායි

      Delete
    2. අනිත් උං මාව ඉස්ටු දායි ඉතින් උරුමස් හොඳ ඉස්ටුවට තමයි අවුලක් නෑ අපි කනවා !

      Delete
  8. කොහෙන්ද බං ඔය මැසිම හොයාගත්තෙ. ඒකෙන් මහල තියෙනව නැති වෙන්න.

    මොනව උනත් මහන උංට වැදගත් පෝස්ට් එකක්.

    ReplyDelete
  9. අපෙ ගෙදර ඉන්දියපන් වක්කරන මැසිමේ පොට ගියා හදාගන්නේ කොහොමද කොහෙන්ද ?

    ReplyDelete
  10. ආං එහමෙයි මැෂිං හදන්නෙ.
    අපි හදන මැෂින් මොනාද අෆ්පා මේව එක්ක බලද්දි.

    ReplyDelete
  11. මේකත් save කොලා.ඕනි උනොත් කියහන්කෝ :-)
    කෝ බොල කම්මැලියෝ අර paint කරපු මැසිමේ පින්තුර ටික.

    ReplyDelete
    Replies
    1. අනෙ පහුගිය ටිකේ බිසි උනා ඒ අවු අස්සෙ , පින්තුර ටිකයි , ලිපි ටිකයි දාපු තැන හෙයා ගන්න බැනෙ සමාවෙලා සොයා දෙනු මැනව

      Delete
  12. විචාරකතුමා හිටියනම මේකට දාන කමෙන්ට් එක ගැන මට හිතාගන්න බෑ. ඔහුට මැෂිමෙන් ඇඳුම් මහන්න පුළුවන් වගේම සියලුම යන්ත්‍ර සූත්‍රවල තාක්ෂණික පැත්ත හොඳින් දැනගෙන හිටියා. ඔබේ ලිපිය පැරණි බොහෝ මතකය අලුත් කළා . අපේ ගෙදර ප්[අලමු මැෂිමත් ඔබේ රූපයේ මැෂිමට බොහෝ සමානයි
    විචාරක දියණිය

    ReplyDelete
  13. කදිමයි.හොඳ ප්‍රයෝජනයක් ගනිමු

    ReplyDelete
  14. ගෙම්බා මාක් මැෂිමක් තීනවා හදාගන්ඩ ඕනි

    ReplyDelete
  15. ඈ බං ආණ්ඩුවට බැන බැන උඹත් කොමෙන්ට් වාරණය කරනවාද ?

    ReplyDelete
  16. අපුරු සටහනක් අයියේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අම්මට මේක ගොඩක් වැදගත් අයියේ

    ReplyDelete
  17. අපේ ගෑනිගෙ එක බලනකොට මීයෝ කාලා කියහංකො බං

    ReplyDelete
  18. සෑහෙන වටිනා ලිපියක්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
    මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස …
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • මගේ නම ලැසී
    බල්ලන්ට ආදරය කරන උදව්කරන අය , ආසාවට හදන්න අරං අනාත කරන අය සහ සත්තු හදන අපිට පාඩමක් මගේ නම ලැසී , ඉස්සෙල්ලාම මට මතක මම එක ගෙදරක ඉන්නවා ... එහේ…
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • මට මොකටද කාගෙවත් ජංගී
    ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
1,647,714

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>