2019-05-01

2020 ජනාධිපති කවුද



මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක්
ඝෝටා හොදයි
සිරිසේන හොදයි
රනිල් හොදයි
ෆෝන්සේකා හොදයි
චම්පික හොදයි
බැසිල් හොදයි
චමල් හොදයි
එස්බී හොදයි
එන්නඩ පුලුවන්නං මහින්දත් හොදයි
පල්ලේවත්ත හොදයි
නාඝානන්ද හොදයි
වෙල්ගම හොදයි
සංගා හොදයි
එක එක්කෙනාට එක එක උත්තර
ඒ අතරේ.... රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට සහ  බුද්ධි අංශ උපදේශකවරයෙක් විදිහට හිටපු ..ආචාර්ය... අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමා කියනවා ... 2020 දී ජනතාව අතරින්ම මතුවෙන ..ජනතාවගේ ආදරය දිනාගන්න ..දැනට රට කෑමට සම්බන්ධයක් නැති ... කෙනෙක් රටේ ජනාදිපති වෙනවය කියලා.... ඒ කියන කෙනා ..තවම දන්නෙත්  නෑලු  එයා ජනාධිපති වෙනවා කියලා , එයාගේ  නම  දැන්මම හෙලි උනොත්... දැනට  මේ රටකන්ඩ සෙට්වෙලා ගැන්සි ඔක්කොම වටකරලා නෙලලා කුඩු සම්බෝල කරලා දානවලු ඒ කෙනාව.

මෙතුමා කියන දේවල් ..එහෙම සුලුවට තකන්ඩත් බැරි මොකද ... කියපු හැම දෙයක්ම ඇත්ත වෙලා තියනවලු , කොටින්ම සිරිසේන ජනාධිපති වෙන්ඩ අවුරුදු ගානකට කලින් මෙතුමා කියුවලු සිරිසෙන ජනාධිපති වෙනවා කියලත්..... අජිත් රෝහණ කොලොන්නේ කියන්නේ  සාත්තර කාරයෙක් නෙමෙයි  නිසා මේ  කතාව ගැන ටිකක්  විමසිලිමත් උනොත්  හොදයි.


ඔය පරණ සහ අලුත් ජනාධිපති කතා පැත්තක තියලා ගත්තත් , මේ වීඩියෝව සියලුම ශ්‍රී  ලාංකිකයෝ නැරබිය යුතු වීඩියෝවක් ... ඒ නිසා ..ඩේටා සහ වේලාව වැයකරලා  මේක බලන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



https://www.youtube.com/watch?v=c_76aknBfGs&feature=youtu.be




https://www.youtube.com/watch?v=-zaGjvTUv1A



තවත්  ඉතාමත් වැදගත් දෙයක් තියනවා , උගත් කමක් තියන , රටට වැඩක් කරන්න උවමනාවක් තියන , රටේ නායකය කියලා ලෝකේට පෙන්වන්ඩ පුලුවන් මනුස්ස පාටට ඉන්න ,... ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමාම නරකද 2020 දී ජනාධිපති කරන්න.

14 comments:

  1. ස්තුති කරන්න වචන නැහැ, අටං! ප්‍රෝග්‍රෑම් එක බලන්න ගනිද්දී කමෙන්ට් එකක්වත් තිබ්බේ නැහැ. මට ඉස්සෙල්ලා ඉයන් මහත්තයා ඒක බලලා වගෙයි. වැඩි-වැඩියෙන්, හැමෝම මේ වැඩ සටහන බලත්වා!!! වැයවන වෙලාව-ඩේටා වලට වඩා ලැබෙන දැනුම වටිනවා.

    ReplyDelete
  2. අටං තුමෝ මමනං නිර්දේශ කරන්නෙ නාමල් කුමාර කියන ශ්‍රේෂ්ට උත්තමය. ඔන්න දැන් දැන් ඒ මහත්තයට නුවර ඉස්කෝල වල ත්‍යාග ප්‍රදානෝත්සව වලටත් කතා කරල පොලීසිවල ඉහල මහත්තරුත් සැලියුට් ගහනව කියන්නෙ. නරකද ආරක්ෂක ලේඛම් කම චතුරිකා අක්ක. සොරි තතුරිකා ඇන්ටි බබාට දුන්නනං. කොහොමද ඒක..?? එහෙම උනොත් මම බාරගන්නව අර මයිත්‍රී අංකල් ගෙ දික්කසාද උන දුව එක්කම එයාගෙ දරුවව. ඒ ඔක්කොටම පස්සෙ මම උබට දෙන්නං හොඳ රටක කීයක් හරි හොයාගන්න පුළුවන් තානාපති කමක්. පිස්සුද බං. මැද පෙරදිග නෙමෙයි. ඔය පෝලන්ත, රුමේනියාවේ බැරිනං බල්ගේරියාවේ හරි. මොකද ෆ්‍රාන්ස්, ජර්මනි, ලොකු රටවල් ඔක්කොම දැන් පැක්. අවුලක් නැහැනෙ. ජය වේවා..!!

    ReplyDelete
  3. This is the first time I heard about this guy, did anyone remember him during 2015 presidential election? Did he also said Eelam war will finish in 2009? So he does't know the name of the new President? God (Allah) help us, since Jesus couldn't help us on 21/04/19.

    In 2015 all I can remember USD 80 Bil in Dubai bank in MR's name, 4 Lamborghinis in Madamulana Garage, Gold horse from USA Buckingham palace, and Rajitha had photos and videos of Thadjudeen killers.

    ReplyDelete
    Replies
    1. FYI Buckingham Palace is in UK not USA :D :D

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Randi, obviously you did not see the original story about the Gold horse. They really said Buckingham Palace USA, try to find the video.

    ReplyDelete
  6. ලක්මාල් කන්දෙවිදාන හොඳයි

    ReplyDelete
    Replies
    1. චම්පික හොඳයි.

      Delete
    2. කොයි චම්පිකද? ගොඩකවෙල බුවාද?

      Delete
  7. මට ගල් අරික්කාලයි සිකරැට් එකයි අරංදීලා උඹ කට වහගෙන පැත්තකට වෙලා හිටියොත් ඔහොම ටෝක් දෙන්න නං මටත් පුළුවං.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
1,645,180

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>