2019-05-15

ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි


ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි

රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය සතුට නිදහස සොම්නස උදාවේවායැයි පතමින්  
සෑම නිවසකම සාමාජිකයන්  හැකි හැම විටකම බුදුරජාණන්  වහන්සේට මල් පහන් පුදා  , පන්සිල් සමාදන්වී ,  ධජග්ග සූත්‍රය සජ්ජායනය  කරන්න

පිරිසිදුව සකස්කල පිරිත් පැන් බදුනක්  බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ගමේ පන්සලට ගොස්  පන්සිල් සමාදන්වී ස්වාමීන්  වහන්සේගෙන් පිරිත් පැන්  ලබාගන මහත් භක්තියෙන් රැගෙන විත් බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ධජග්ග සූත්‍රය , රතන සූත්‍රය , මහා මංගල සූත්‍රය , කරණියමෙත්ත සූත්‍රය , අංගුලිමාල පිරිත ඇතුලු  සියලුම පිරිත් දේශණාවන්  ඔබේ මෝටර් රථයේ , ඔබේ  සේවා ස්ථානයේ ,  ඔබේ වෙළද සැලේ , නිවසේ  ශ්‍රවණය  කරන්න , අන් අයට කරදරයක් වන මට්ටමට හඩ වැඩි කිරීමෙන් වලකින්න

නිවසින් පිටතට යන හැම විටම  පිරිත් පැන් ස්වල්පයක්  රැගෙන යන්න ,  මහ මගදී , සේවා ස්ථානයේදී , වෙළද සැලේදී සහ විශේෂයෙන් මංසන්ධිය  වලදී පිරිත් පැන් බිඳක් ඉසින්න

පිරිත් පැන් ඉසිමේදි  විශේෂ වතාවත් , උපකරන , දෙහි අතු  , මල් වැනි දෑ අවශ්‍ය නොවන අතර , බුදු ගූණයට කිලී සහ ඔබ ආහාරයට ගන්නා දෑ ගැවසෙන ස්ථාන  අදාල නොවන බවද මතක තබාගන්න ,  භාවිතයට සහ හසුරුවාගැනීමට පහසු කුඩා බදුනක් භාවිතා කිරීම සැහෙන අතර , එම බදුන නිවසට පැමිනි පසු නැවත පිරිත් පැන් පුරවා බුදු කුටිය තුලින් තබන්න

පිරිත් පැන් ඉසීමේදී  රටේ ඇතිවී ඇති තුන්බිය දුරුවන මෙන් මහත් අධිෂ්ඨානයකින් සහ අභිමානයකින් සිතමින් සිනාමුසු  මුහුණින් අදාල කාර්යයෙහි  යෙදෙන්න , අන්අය තමන්ගැන කුමක් සිතනවාදැයි නොසිතන්න ,  ඒ ගැන විමසන  සහ ඔබ දෙස උනන්දුවෙන් බලන අයට ,  රටේ ඇතිවී ඇති තුන්බීය  දුරුවන මෙන් අධිෂ්ඨාන කොට සකස්කල පිරිත් පැන් ඉසින බව පවසන්න

ඔබේ අසල් වැසියාට මිතුරු මිතුරියන්ට මෙය පවසා ඔවුන්ද  මේ  උතුම් කර්තව්‍යය ට සහභාගි  කරගන්න , විශේෂයෙන් නිතරම කුසල කර්මයන්ගේ නිරතවන  සිල්වත් වැඩිහිටි  මව්වරුන් සහ පියවරුන් දැනුවත් කරන්න.

ඊමෙල් , මැසෙන්ජර් , වයිබර් , ඉමෝ වැනි  පහසු මාධ්‍ය මගින් සියල්ලන්ටම මේ පනිවිඩය  බෙදාහරින්න.

ධජග්ග සූත්‍රය සහ තේරුම දැන ගැනීමට
http://fb.pathnirvana.org/archives/596

ධජග්ග සූත්‍රය දිනපතා ශ්‍රවණයට
https://youtu.be/1dbfSz0FB_Q

තුන් සූත්‍රය  දිනපතා ශ්‍රවණයට
https://youtu.be/o2smtViBRy8

සර්වරාත්‍රීක පිරිත් දේශනාව  ශ්‍රවණයට
https://youtu.be/413GdM_YFNw

ඔබ සැමට තෙරුවන් සරණයි

ලක්මාල් කන්දෙවිදානේ
0778707807

10 comments:

  1. Good idea Atam, hope this madness is under control now.

    ReplyDelete
  2. කල් වැසි වසීවා
    කෙත් - වතු සාර වේවා
    සත් සිත් නිවේවා
    රජය දැහැමිව රට කරත්වා!

    ReplyDelete
  3. රජය දැහැමිව රට කරනව බලන්නනම් ඉතින් අළුත් රජයක් පත්කරගන්න වෙයි. පවතින රජයෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උන්ට දහම මතක් වෙන්නෙ තනතුර නැති උනාම විතරයි. ඒකනෙ අගමැතිකම නැති උනාම පිරිත් කියවපු අරලියගහ මන්දිරේ දැන් පිරිත් සද්දයක්වත් නැත්තෙ.

    ReplyDelete
  4. මේ සේරම කරල ලබන පාරත් ඉන්න 225ම පාර්ලිමේන්තු යවන්න

    ReplyDelete
  5. මේ දවස්වල පිරිත් පැන් ඉසින්න ගියොත්නම් අල්ලන් යනවා ආයෙ දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. වෙන පැන් නෑ. දවස් 4ක් වහල

      Delete
    2. හැක්.. වහපුවම වැඩියෙන් විකිනෙනවා කියල තමා වැඩිහිටියෝ කියන්නෙ...

      Delete
  6. වෙසඟේ බොන්න වෙලා තියෙන්නෙත් පිරිත් පැන් තමයි බං. අනික් පැන් කඩ ඔක්කොම ක්ලොස්ඩ්.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 3
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  • ලේසියෙන් පහසුවෙන් හරක්මස් බයිට් ඒකක් හදාගන්න හැටි
  •  තාත්තයි පුතයි ( වීඩියෝ  සෙන්ටර් කතා )
    මේක මට මතක් උනේ  මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු  කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ  වීඩියෝ…
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • මුල්ල පටස්
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • Making a  Blacksmith's bellows / blower from an empty cement bag
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 4
1,645,181

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>