2019-05-20

ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.



ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම පුලුවන් කියන එක තමයි.

අධිවේගී  මෙෂින් එකක , ලෙදර් මහන්නම හදපු මෙෂින් එකක තරම් නැති උනත් ජාමේ බේරගන්න පුලුවන් , සීයට සීයක් සාර්ථක නැති උනත්  ජාමේ බේරගන්න පුලුවන්.

ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න උත්සාහ කරන කොට සැලකිලිමත්  වෙන්න ඕන කරුනු කිහිපයක්  තියනවා. අපි එකින් එක ගම්මු එතකොට ලේසියි.


1) පාවිච්චි කරන නූල්  මොනවාද

2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද

3) ත්රේඩ්  ටෙන්ෂන් හොදට තියනවද

4) ෆීඩොක් සහ ප්ලේට්  හොදට තියනවද

5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද


හරි  අපි එකින් එක ගම්මු

1) පාවිච්චි කරන නූල්  මොනවාද

නූල් වල ප්‍රමාණය ( ගණකම,මහත ) මැහුම් වලදී  හරිම වැදගත්  නමුත්  බහුතරය පලමුවෙන්ම නොසලකා හරින්නෙත්  ඒකමයි , ලාබෙටම තියන එකගන්නවා , නූල්  කෝන්  එකක  ලේබල්  එකේ  කෝන් එකට ඔතලා තියන  තියන නූල ගැන තොරතුරු  ගොඩක්  තියනවා .......... මෙතැනදි  වැඩියෙන් වැදගත් වෙන්නේ  නූලේ ප්‍රමාණය ගැන විතරක්  නිසා  මම ඒක ගැන විතරක්  කතා කරන්නං ... tkt අගය ..එහෙම නැත්තං සාමාන්‍ය විවහාරයේ  .. ටිකට් නොම්බරේ .. ඒකෙන් කියවෙන්නේ  නූලේ  ගණකම ... 120 කියුවොත්  ගොඩක්  හීනියි  ... 80 ඊට ටිකක්  මහතයි ... 50  ඊටත් වැඩිය මහතයි .... 30  ගොඩක්ම  මහතයි  .....10 ඒක  ගොඩක් හයිය මහත නූලක්  ..... අන්න ඒ සයිස්  එකෙන්  තමයි  අර  හාල්  බෑග්  ...පොහොර උර එහෙම  මහලා තියෙන්නේ .............

සාමාන්‍ය රෙදි   මහන්න බහුලව  ගන්නේ  tkt 120 නූල්  ......... ඒකෙන්  ලෙදර්  සහ  රෙක්සින්  මහන්න ගියහම  නූල ශක්තිමත්  නැති  නිසා  ......  කැඩෙනවා ........ ලෙදර් පොටවල් දෙක හරියට එකතු වෙන්නෙත් නෑ  නුලට ශක්තියක් නැති නිසා ...... මැහුම්  ලස්සනකුත්  නැ.

මහන ලෙදර්  එක හෝ  රෙක්සින්  එක  ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ  මහතත්  වැඩිවෙන්න ඕන ... මහන මැටිරියල්  එකට  අනුකුලව

ඉතින්  මහන  දේට අදාලව  ...  නූලේ  ප්‍රමාණය   වැඩිකරගන්න වෙනවා tkt 80.....50.....30..... ආදී වශයෙන්

සරලවම කියුවොත්  ලෙදර්  රෙක්සින් මහන්න මහත නූල්  දාන්න ඕන





2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද

හැම වෙලාවෙම මිලෙන් වැඩි ඔරිජිනල් ඉදිකටුම අරගන්න , ඊයම් කොල වල ඔතලා කඩදාසි පැකට් වල දාපු ඒවා ගන්න එපා ...  ඒ ඉදිකටු  ලෙදර්  තියා නිකං රෙදි මහන්ඩවත් සුදුසු  නැ , පහත පින්තුරයේ  තියනවා ඒ වාගේ  බාල ඉදිකටු වර්ග සමහරක්




ඔය පරණ කලුපාට මෙෂින් හැම එකකටම යොදන ඉදිකටුව HA කියන ඉදිකටුව , ඒ මාදිලියේ  ලංකාවේ ගන්න තියන හොදම ඉදිකටුව සිංගර් ඔරිජිනල්  ඉදිකටුව තමයි ... HA - 18   HA - 21  වාගේ  මහත ඉදිකටුවක්  ලෙදර් සහ රෙක්සින් මහන්න යොදාගන්න ඕන ... පහත  පින්තුරයේ  තියනවා සිංගර් ඔරිජිනල් ඉදිකටු.



මහන ලෙදර්  එක හෝ  රෙක්සින්  එක  ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ  මහතත්  වැඩිවෙන්න ඕන කියලා අපි  කතා උනානේ  ... අන්න එහෙම මහත නූලක් දානකොට ඉදිකටුව මහත එකක් වෙන්න ඕන ... මොකද මහත නූලට ගැලපෙන්න සහ ශක්තිමත්  ලෙදර් හරහා නූල් අරගන යන්න ලොකු සිදුරු හදන්න ඕන නිසා ..අනික සිහින් ඉදිකටුවකට බෑ ලෙදර් එකක් හිල්කරන්න.


3) ත්රේඩ්  ටෙන්ෂන් හොදට තියනවද

ලෙදර් සහ රෙක්සින්  මැහිල්ලෙදී ...  මේක ඉතාමත්  වැදගත් කාරනාවක් ... ටෙන්ෂන් එක මගින් නූල මතට දැඩි පීඩනයක් දෙන්න ඕන , මොකද එහෙම නැත්නම් යට පැත්තෙන් නූල් බුරුල් වෙනවා ... ටෙන්ෂන් එක හරියට වැඩකරන්න නං  ටෙන්ෂන් එකේ  සියලු කොටස් නිවැරදි අනු පිලිවලින් සවී වී තිබීම සහ ටෙන්ෂන් නට් එක  පහතට තදකරලා නූල මතට යෙදෙන පීඩනය වැඩිකරලා තියෙන්න ඕන.  ...
ටෙන්ෂන් එකේ  ඉලක්කම් වලින්  අගය මතක තියාගන එතැනට කරකවන එක නං හරියට ත්රේඩ් ටෙන්ෂන් හදාගන්න නිවැරදි ක්‍රමය නෙමෙයි... බොහෝ දෙනෙක්  ඒ වැඩේ කරනවා  ..... පුට් එක ඉහලට ඔසවලා ටෙන්ෂන් එකට එනකං නූල නිවැරදිව  දාලා ..පුට් එක පහලට දාලා නූල  අතින් අදිනකොට  කැඩෙන නොකැඩෙන ගානට තදට තියෙන්න ඕන ... එහෙම නැත්තං  ටෙන්ෂන් නට් එක දකුනට ( පහතට ) කරකවලා නූල හොදට තදකරගන්න ඕන.  අන්න ඒ  විදිහ තමයි නිවැරදි ක්‍රමය , සමහර විට  තව දුරටත් යට පැත්තෙන් නූල්  බුරුලට  ..තොන්ඩු තොන්ඩු හිටිනවනං  , තව දුරටත්  ටෙන්ෂන් නට් එක තද කරන්න  ඕන .... මහන විට නූල නොකැඩෙන තෙක්. මේ  පහත රූපයේ  තියනවා  ත්රේඩ් ටෙන්ෂන් එකේ කොටස් නිවැරදි අනුපිලිවලින්  සවිකරගන්න ආකාරය.




සමහරක් අය මොකක් හරි  පොඩි අවුලක්  ආපුවහම හිතුමතේ  මේ පහත පින්තුරයේ  තියනවා වාගේ බාල ටෙන්ෂන් කඩෙන් ඇරං ඇවිත් හයිකරගන්නවා .... අන්න එහෙම උනහමනං  ලෙදර්  සහ රෙක්සින්  මහන එක හීනයක්. මොකද ඔය ටෙන්ෂන්වල ස්ප්‍රීන්ග් සහ ටෙන්ෂන් ඩීෂ් වලට හොද තෙරපුමක් දෙන්න  බෑ නූලට ... ඉතින් කැරියර් එකේ සහ ෂටල් එකේ  නූල්  හිරවෙනවා හෝ නූල් බුරුලට මැහෙනවා. තවදාකවත්ම මෙෂින්වල ස්පේයාර් පාට්ස් මාරුකරන්න එපා හිතුමතේ , ඒ වාගේම මාරුකරන කොටස් විසිනොකර පරිස්සමට ඇරගන තියන්න , සමහර වෙලාවට මම දැකලා තියනවා කාර්මිකයන් විසිනුත් වැරදි වැටහීම් නිසා හොදට තියන පාට්ස් ඉවත් කරලා තියන අවස්තා.




4) ෆීඩොක් සහ ප්ලේට්  හොදට තියනවද

පීඩොක් එක සහ නීඩ්ල්  ප්ලේට් හොද තත්වයෙන්  නැත්නම්  ලෙදර්  මහන්න බෑ , ෆිඩොක් එහෙම නැත්තං දැති සෙට් එක ගෙවිලා තියනවනං  ලෙදර් මහන්න  අපහසුයි , අනිත් කාරනාව තමයි  තෝර්ත් ප්ලේට් එහෙම නැත්තං නීඩ්ල්  ප්ලේට්  එක කඩතොලු වෙලා  ,  යටට බැහැලා තියනවනං  ලෙදර් මහන්න  බෑ .... දැන් මේක කියුව ගමං  ... අලුතෙන්  දෙකක්  ගෙනත්  මාරු කරන්න එපා ,  ඒ දෙක හොද තත්වයෙන් තියනවද කියලා තමන්ට හරි අදහසක්  ගන්න බැරිනං  හොදින්  දන්න කාර්මිකයෙකුගේ  උදව්ව ලබාගන්න , පුනපුනා මෙෂින් එකේ තිබෙන පාටස් මාරු කරන්න එපා කියලා කියන්නේ  ලොකු හේතුවක් ඇතුව.

ගොඩක්  පරණ මෙෂින්  ... ඇමරිකාව , එන්ගලන්තය , බ්‍රසීලය , ජපානය , ඉතාලිය , ජර්මනිය වාගේ රටවල් වල හදපු ඒවා ... උසස් තත්වයේ  ලෝහවලින් හදලා තියන  නිසා ඒ මෙෂින්වල කොටස් ගෙවීයාම සහ කෑඩි බිදී යාම අල්පයි ... ඉතින් හිතුමතේ  අමතර කොටස්  ගෙනැවිත් සවිකිරීම මගින් රත්තරන් ටිකකට තියන කෑල්ලක්  ගලවලා චීනයේ හෝ ඉන්දියාවේ හදාපු බ්ලෙක් තහඩු කෑල්ලක්   මෙෂින් එකට සවිවෙන්න පුලුවන්.

                                               
                                                 
                                                           


5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද

පෙෂර් ෆුට් එකේ  අඩිය  ගෙවිලා  සහ කඩතොලු වෙලා තිබුනෝතින්  ලෙදර්  එක මැහිලා ඉස්සරහට යන එක හොර වෙන්න  පුලුවන් , ඒ වාගේම පුට් ෂැන්ක් එක ( උඩ කොටස ) සහ පුට් ප්ලේට් එක ( යට කොටස ) සවි වෙලා තියන රිවට් එකලගින් අනවශ්‍ය විදිහට සෙලවීමක් කියනවානං ,  ලෙදර් එක කෙලින් පිටුපසට නොයා පැත්තකට යන ස්වභාවයක් ඇති වෙන්න පුලුවන්.


අනිත් වැදගත්ම දේ  තමයි පෙෂර් ෆුට් ස්පීන්ග් එක කාලයත් එක්ක තේරපීම් නිසා හැකිලිලා තියෙන්න පුලුවන් , පුට් බාර් එක උඩින් තියන පුට් බාර් පෙෂර් නට් (  පෙෂර් බාර් තම්බ් ස්කූරූ )  එක ගලවලා එතැනින් ස්පීන්ග් එක එලියට අරගන , අඩු දෙකක් ආධාරයෙන් දෙපසට ඇදලා සෙන්ටි මීටර් තුනක් පමණ දිගින් වැඩිකරගන නැවතත් තිබු ලෙසම සවිකරගන , පෙෂර් නට් එක හොදින් පහතට කරකවා , දැති සෙට් එක සහ පුට් එක අතරට මැදිවන ලෙදර් එක මතට හොද පීඩනයක් ලබා දී පහසුවෙන් ලෙදර් එක පසු පසට තල්ලු වෙන ආකාරයට සකසාගන්න පුලුවන්.



හරි දැන් ඔබට පහසුවෙන් ලෙදර් සහ රෙක්සින් මහගන්න පුලුවන් ඔය උඩින්  කියාපු විදිහට හැම දෙයක්ම හදාගත්තානං , සමහර විට ගැටලුවක් එන්න පුලුවන් , නැවත් වරක් හොදින් මේ ලිපිය කියවන්න එතකොට යම් දෙයක් අතපසු උනාද කියලා හොයාගන්න පුලුවන් වෙයි. සමහරක් විට ගොඩක් දැඩි සහ පුට් එක සහ පීඩොක් එකට බදාගන යන මැටීරියල් එකක් අහු උන වෙලාවට පසු පසට තල්ලු වෙනවා හොර වෙන්න පුලුවන් , අන්න ඒ වෙලාවට ලෙදර් එකේ  උඩින් පුට් එකට අහුවෙන සීමාවේ  ඔයිල් පොගවාගත් ස්පොන්ජ් කැබැල්ලකින් සිහින් ඉරක් ඇදගැනිමෙන් මහන දෑ ඉදිරියට තල්ලුවීමට පහසුවක් සලසාගන්නත් පුලුවන්.


 *** ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් දෙයක් මම ඔබට කියලා දෙන්නම් ***

HA ඉදිකටු මෙම මෙෂින් වලට යෙදීමට නිෂ්පාදකයා අනුමත කරන ඉදිකටුව උනත් , ලෙදර් සහ රෙක්සින් සිදුරු කරමින් ගමන්කිරිමේදි , ඉක්මනින්  මොටවීමට සහ කෑඩියාමට සහ ලෙදර් හරහා ගමන් කිරිමේදි ඉදිකටුව මතට දැනෙන දැඩි ඝර්ශනය නිසා රත්වීම මගින් නුල් පිලිස්සි කෑඩියාමට ලක්වෙන්න පුලවන්.

මේ ගැටලුව වෙනුවෙන් විශේෂයෙන් නිපදවන ලද  HA - LR ( ලෙදර් ෆොයිට් ) ඉදිකටුවක්  නිෂ්පාදනයේ තිබී ඇති නමුත් ලංකාවේ කොහේදිවත් මම ඒ ඉදිකටුව දැකලා නෑ , නමුත් කිසිම ගැටලුවක් නැතිව HA ඉදිකටුවේ දිගට ආසන්න වශයෙන් සමාන වෙන , අදීවේගී  ( හයිස්පීඩ් ) මහන මෙෂින් වලට ලෙදර් සහ රෙක්සින්  මැසීමේදී යොදන ඉදිකටු  සවිකරගන්න පුලුවන්.

එම ඉදිකටු DB - LR   සහ   DP - LR  වශයෙන් වර්ග දෙකක් දකින්න පුලුවන්
උප වර්ග කිහිපයක්ම ඇති නමුත් මේ කාර්ය්‍යට අදාල වන දෑ ගැන පමණක් සරලව තේරුම් කරන්නං

DB - LR
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 සහ 18 දක්වා නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස සිහින්ව නිපදවා ඇති අතර ඉදිකටුවේ ප්‍රමාණය අංක 19 , 20 , 21 , 23 , 25 ප්‍රමාණයන් නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා ඇති ආකාරය දකින්න පුලුවන්.
කලාතුරකින් අවස්ථාවක මේ ඉදිකටුව  PF -LR කියලා පැකට්ටුවේ සදහන් කරලත් එනවා
DP - LR 
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 , 18 , 21 , 23 , 25 දක්වා සියල්ලම නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා තියනවා දකින්න පුලුවන්


DB - LR   සහ   DP - LR
ඉදිකටු වර්ග දෙකේම  මැසීමට උපකාරිවන  ඉදිකටුවේ පහල කොටස ඉදිකටුවේ ප්‍රමාණය අංක ඉහල යනවිට මදින් මද විශාල වන ලෙස නිපදවා තිබෙනවා , උදාහරනයක් කියනවානං සයිස් 18 ට වඩා සයිස් 21 මහතින් වැඩියි.


නමුත් මේ කද කොටස මහතින් අඩු DB - LR  ඉදිකටු සහ කද කොටස මහතින් වැඩි DB - LR  ඉදිකටු වාගේම සයිස් එක වෙනස් වන විට උඩ කදේ මහතේ වෙනසක් නොවෙන DP - LR ඉදිකටුත් පරණ කලුපාට මෙෂින් වලට යොදන්න පුලුවන්

ඔබ දන්නවා   කලුපාට පරණ මහන මෙෂින්වලට යොදන HA ඉදිකටුවල උඩ  මෙෂින් එකට සවිවන කොටස උඩ සිට පහලට කානුවක් වැනි දාරයක් තිබෙන පැත්ත රවුමටත් , ඉදිකටුවේ නූල දමන සිදුරට උඩින් ඇති කර්ව් එක ( ඇතුලට නෙරා ඇති සැකැස්ම ) තිබෙන පැත්ත පැතලිවත් නිෂ්පාදනය කරලා තියනවා , අපි මෙෂින් එකට ඉදිකටුව සවිකරන කොට ඒ කර්ව් එක සහිත පැතලි පැත්ත මෙෂින් එකේ ඇතුල් පැත්තටත් , කට් එක සහිත රවුම් පැත්ත එලියටත් හිටින විදිහට මෙෂින් එකට සවිකරනවා.

නමුත් මේ  DB - LR   සහ   DP - LR  ඉදිකටුවල පැතලි පැත්තක් නෑ , මෙෂින් එකට සවිවන කොටස රවුමට තමයි එන්නේ , මෙෂින් එකට මේ ඉදිකටු  හයිකරන කොට කට් එක සහිත පැත්තට මෙෂින් එකේ පිට පැත්තටත් , කර්ව් එක සහිත පැත්ත එලියටත් හිටින විදිහට හරියටම සවිකරගන්න ඕන , DB - LR කද සිහින් ඉදිකටු සවිකිරිමේදී ඉදිකටුව නිඩ්ල් ප්ලේට් එකේ සිදුරට කෙලින්ම හිටින විදිහට සවි වෙනවාද කියලත් සැලකිලිමත්  වෙන්න ඕන , ඉදිකටුව ඉතාමත් තදින් නීඩ් ක්ලැප් එකේ නට් එක තදකිරීම මගින් සවිකරගන්න ඕන , ඉදිකටුව ක්ලැම්ප් එක තුලින් නිඩ්ල් බාර් එකේ හැකි තරම් ඉහලට ඔසවලා සවිකරන්න ඕන.

DB - LR   සහ   DP - LR  ඉදිකටුවල තියන විශේෂත්වය තමයි නිඩ්ල් පොයින්ට් එක ( ඉදිකටු තුඩ ) පිහි තුඩක හැඩයෙන් තියුනුවට නිපදවා තිබීම සහ උසස් තත්වයේ ලෝහයකින් නිපදවා තිබීම , අන්න ඒ කාරනා  දෙක නිසා  ලෙදර් හරහා ඉදිකටුව පහසුවෙන් ගමන් කරන නිසා පහසුවෙන් හිර වීමක් නැතුව මෙෂින් එක ලෙදර් එක පසු පසට තල්ලු කරනවා , ඉදිකටුවෙන් ඇතිවන සිදුර දිගු හැඩයේ සිහින් පැහැදිලි සිදුරක් නිසා පහසුවෙන් සහ ලස්සනට නූල් ලෙදර් එක වටා ගොනු වීම සිද්ධවෙනවා , ඒ කාරනාව සහ ඉදිකටුව රත් නොවීම නිසා  මහනකොට නූල් කැඩෙන්නෙත්  නෑ , ලෙදර්  මහනකොට ලස්සන තියෙන්නේ මහත නූලක් යොදාගැනිමෙදි  බව අපි දන්නවනේ ... මේ DB - LR   සහ   DP - LR ඉදිකටු යොදාගැනීමේදි අපිට ඕනම ගණකමක නූලක් යොදාගන්නත් පුලුවන්.






ඔය කියුව දේවල් කරලත් හරිගියේ නැත්තං  වෙනත් සංකීර්ණ ගැටලුවක් මෙෂින් එකේ තියනවා වෙන්න පුලුවන් කාර්මිකයෙකුට කියලා ඒ වරද නිවරැදි කරගන්න.

අවසාන වශයෙන් මේකත් එකතු කරන්නං , මෙෂින් එක පාගලා මහනවට වඩා පහසුවෙන් සහ උසස් නිමාවකින් මහන දේවල් මහගන්න පලුවන් , ඔය මෙෂින් එකට මෝටර් එකක් හයිකරගන්න.

ඊමේල් සහ මැසේජ් වලට දිගින් දිගටම උත්තර ලියන එකනං අතපසුවෙනවා , ගැටලුවක් තියනවානං කතාකරන්න , වැඩක් කරන ගමන් හරි උත්තර දෙන්නං
0778707807

10 comments:

  1. ලෙදර් මැහිල්ල කොහොම වෙතත් හරි පැත්තට ඉදිකට්ට දාගන්න හැටිනං දැනගත්ත මේ පෝස්ට් එකෙන්

    ReplyDelete
    Replies
    1. හරි දැන් னයා ඉදිකට්ට දාගත්තා නම් නූල කඩා ගන්නේ නැතිව නූල දාගනිං. දන්නේ නැත්නම් 0778707807 අංකය අමතලා අටං ගොයියාගෙන් අහපං.

      Delete
    2. හපොයි, ඊගාවට ඕකා ෆුට් ඇජස් කරන්න එහෙම ආවොත් හෙන කේස් එකක් වෙන්නෙ.

      Delete
    3. ලෙදර් එකේ උඩින් පුට් එකට අහුවෙන සීමාවේ ඔයිල් පොගවාගත් ස්පොන්ජ් කැබැල්ලකින් සිහින් ඉරක් ඇදගැනිමෙන් මහන දෑ ඉදිරියට තල්ලුවීමට පහසුවක් සලසාගන්නත් පුලුවන්.

      Delete
    4. ඕකට හොඳ මොනවගේ ඔයිල් එකක්ද කියලත් අටමගෙන්ම තමයි අහගන්න තියෙන්නෙ.

      Delete
    5. ඒකවත් වටින්නේ නැද්ද

      Delete
    6. @) කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)....ගැට්ට ගැන යමක් පැවසිය යුතුද

      Delete
    7. @Pra Jay තේරුනානේ ....හරියටම ...... අහවල් එකට කරන්ඩ කලින් අවල් එකට කෙල ගානවා වාගේ

      Delete
    8. @Praසන්ன

      අවුලක් කරන්නැ උඹ නැති වෙලාවක එන්නේ

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
  • හරක්මස්
    ‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘ ‘‘ මොන ජයසිංහද ‘‘ ‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘ ‘‘…
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • HA-2045 ballpoint needles applied to household machines
  • හාමිනේද පෙට්‍ටගමද
     නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.  හැබැයි හැමෝටම වගේ එ…
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
    ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                …
  • මෙන්න  බලන්න  මේ  siruba 747 overlock  එකට වෙලා තියන දේ
    මේ  මෙෂින්  එක  සිරුබා නුල් හතරේ  ඔවර් ලොක්  මෙෂින්  එකක් , මේ   මෙෂින්  එක…
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
1,645,933

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>