2019-06-21

මෝහිනීගෙ ගල් කාල

පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති. අලුත් බයික් එක නිසා සෙල්ෆ් ස්ටාට් නියමෙට වැඩ. ගහපු ගමන් ස්ටාට් වෙච්චි බයික් එක මම හෙමීට මහ පාරට දැම්ම. ඇරල දාල යන්න ඕනෙ ඉක්මනට. ගෙදර ගියාම අම්මගෙ සුපුරුදු බැනුම් ටිකත් අහගෙන හෙට වැඩට එන්න ලෑස්ති වෙන්නත් එපැයි උදෙම්ම.හැත්තෑවට විතර මං ඇරල දාල එන්නව දැං. පාරත් සුනාමියට අහු උණා වගෙ පට්ටම පට්ට පාලුයි. බල්ලෙක් වත් නෑ. අඩුමතරමෙ බල්ලෙක්!


වෙලාව පාන්දර එකයි තිස් තුනට විතර ඇති. කිලෝ එකේ විතර කෑලි කපලා අතට ගන්න තරම් කළුවරයි. පාරත් පට්ටම පට්ට පාලුයි. මක් කරන්නද ඉතිං කොහොමහරි ගෙදර යන්නත් එපැයි. හවස හිතන් හිටියෙ පාටිය ඉවර උණත් නැතත් රෑ දහය වෙද්දි එතනින් දිරාමාර් වෙනව කියල. කොහෙද ඉතිං ආත්ම ගාණක් තිස්සෙ පෙරුම්පුරාගෙන ආපු පාප මිත්‍රයො ටිකත් එක්ක ඒව සුම්ම. ඩිලානයාට ඒරියා මැනේජර් පට්ටමක් පංගාර්තු වෙච්ච එකේ ප්‍රීතිය අපි සැමරුවෙ ටවුමෙන් කිලෝමීටර් දහයක් විතර එහා තිබිච්චි, මකුළු දැල් වලින් ලස්සනට සරසපු, උගෙ පාලු මහ ගෙදර.

බල්ලෙක් වත් නැති වෙලාවක කලුවරේ පාලු පාරක යන එකෙත් පොඩි ගතියක් තියෙනව. ඒ අසිරිය විඳින්න හිතනකොටම ටික ටික ඇක්සලේටරේ බුරුල් වෙනව මට දැනුණා. ආතල් සීමාව තිහේ තියාගෙන දැන් මම අවට අසිරිය විඳින ගමං යනවා. අසිරිය කිව්වට පාර දෙපැත්තෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඒ පේන්නෙ නැති කට්ට කරුවලේ මොනවහරි පෙනෙයි කියල හිතාගෙන යන එක වෙනමම ආතල් එකක්. තව කිලෝමීටර් තුනක් හතරක් යනකං පාර දෙපැත්තෙ වෙල් යාය මේ හරියෙ ලයිට් කණු තිබ්බත් අපරාදෙ කියන්න බෑ එකක වත් ලයිට් නෑ. මූණ ලාවට පිහදාගෙන යන හුළං පාරත් එක්ක ලේ වල තිබ්බ ඇල්කොහොල් තවත් ප්‍රමුදිත වෙනව මට දැනුනා.
මේ වැඩේ කරන්න බෑ. පාරත් වැනෙනවා, බයික් එකත් වැනෙනවා ඊට අමතරව මාවත් වෙනමම වැනෙනව මට දැනෙනව. යකෝ මං බීලද බයිසිකලේ බීලද එහෙමත් නැත්තං මේ මහපාර බීලද කියල මට දැං හිතාගන්න බෑ. පාරෙ සීමාව ලකුණු කරන්න මීටර් සීයෙන් සීය වගෙ හිටෝපු මිටි කොන්ක්‍රීට් කණු මගෙ දිහා බලාගෙන හිනාවෙනව වගෙ මට පෙනුනා. බිම ඉඳන් අඟල් හයක් අටක් විතර තියෙන කලු පටි නිසා ඒව පෙනුනෙ හරියට කලු කොට කලිසම් ඇඳගත්තු සුදු වාමනයො වගෙ. ඒව මට හිනා වෙනවද මා එක්ක හිනාවෙනවද කියලවත් හිතාගන්න බැරි උණාට පහුවෙන හැම මිටි කණුවක් එක්කම ආපහු හැරිලත් හිනා වෙන්න මම අමතක කරේ නෑ.


කොච්චර සූර් උණත් ඒ හොඳ සිරිත් අමතක කරන්න හොඳ නෑ. ඔහොම යනකොට එකපාරටම බයික් එක තදින් වෙවුලනව මට දැනුන. මෙච්චර වෙලා යසට මෝල කුලප්පු වෙච්චි එන්ජිම එකපාරටම ඩහ්! නතර වෙලා ගියා.
සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවට මෝටරේ වදින්නෙත් නෑ. දහ පහලොස් පාරක් ඒක උඩ නැගගෙන එබුවයින් පස්සෙ ඒක මට එපා උණා. ඒ පාර මම සත්තිය දාල කික් කරන්න පටන් ගත්ත ඒකෙන් වත් ස්ටාට් වෙයි කියල හිතාන.


ම්හු! මොන! එන්ජිම නෙවෙයි ඇහැරුණේ. වෙර වීරිය අරන් මම දැන් කික් කරනවා දිගට හරහට සහ පළලට. ෂර්ට් එක ඇඟට ඇලෙන තරම් දාඩියයි. නළල දිගේ ගලාගෙන ආපු දාඩිය බින්දුවක් ඇස් කකියවාගෙන ඇස් කෙවෙනි වලට කාන්දු වෙනවා දැනුනා.


“මේ ලබ්බ ස්ටාට් වෙන්නෙ නෑ වගෙ මේ කපේ” නෝක්කාඩු ස්වරයෙන් මටම කොඳුරගත්තු මම කරන්න දෙයක් නැති තැන බයික් එකෙන් බැස්ස. දැන් ඉතිං මොකද කරන්නෙ. මට දැං ඇඬිල ඉන්නෙ, මේ අටමගලෙත් තල්ලු කරන් යන්නෙපැයි මනුස්ස වාසයක් තියෙන තැනකට මුලින්ම මොනව කරන්නත් කලින්. සරීරයේ සියලු සක්තිය කකුල් දෙකට දීපු මම ඕඩි හෙලෙයි, හේල හෙලෙයි කියල දැන් බයික් එකත් තල්ලු කරන් ඔහොම වැනි වැනී යනව.


ඒ අස්සෙ ගුඩුස් එකක් ආවෙ මෙන්ඩිස් රස ආයෙම මතක් කරගෙන. ඔහොම්මම මීටර් පන්සීයක් විතර යන්නැති. පාර අයිනෙ තඩි බෝඩ් එකකුත් තියෙනවා “බීමත්ව රිය පදවන්න එපා” කියල. හරි ඉතිං කණ පැලෙන්න බීල හිටියට මම යන්නෙ තල්ලු කරගෙන නෙ. බීමත්ව මෝටර් බයික් තල්ලු කරං යන්නෙපා කියල කොහෙවත් ගහල නැහැනෙ. දැන්නම් සාක්කු දෙකේ තිබ්බ කන් දෙක පාත් වෙල බිම ගෑවෙන තරමට මං හැක් වෙලා. ඒ අස්සෙ මට දැන් පේනව මේ පට්ට කලුවර පාරෙ මට මීටර් සීයක් හමාරකින් එකම එක ලයිට් කණුවක ලයිට් එකක් පත්තු වෙනව. හැබැයි ඒකත් ගැහි ගැහි. ඒ ගැහෙන එළියෙන් මට පේනව පොඩි බෝක්කුවක්. එතන කවුරුහරි ඉන්නවා වගේත්. තවත් හොඳට ඇස් දෙක පිහදාපු මං දැක්ක එතන පොඩි ළමයෙක් වඩාගෙන සුදු ඇඳගත්තු ගෑනියෙක්.
ආයෙම පාරක් ඇස් දෙක පිහදැම්ම. ඒත් මුන් දෙන්න ඉන්නව.

අම්මටසිරි!
මෝහිනී වත්ද?

ආයෙ දෙකක් නෑ ඒකි තමා.මේ වෙලාවට මෝහිනී නැතුව නිසංසලා ඉන්නද යකෝ පාරෙ.
ජරමර අස්සෙ බර කරත්ත කිව්වලු. කාල වරෙංකො දැන්.

මම බෝක්කුව ළඟට කිට්ටු කරනකං මෝහිණී හිනාවේගෙන බලා ඉන්නවා.

“රෙදි අන්දන්න නං කියන්නෙපා හරිය! හැතැම්ම ගානක් මේ රෙද්ද තල්ලු කරං ඇවිල්ල මට දැං හික් ගෑවිල ඉන්නෙ” මම තරහෙන් මෝහිනීට කිව්ව.

“කව්ද ඕයි තමුසෙට රෙද්දක් හදන්න කිව්වෙ?” මෝහිනී උත්තර දුන්නෙ කින්ඩියට වගෙ.

හැබෑටම යකෝ මෝහිනී කියන්නෙ රෙද්ද හදන්න කියල නෙවෙයිනෙ.
ආ හරි!

“ළමයි බමයි වඩාගන්න නං ලොවෙත් බෑ දැං” බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු මම බෝක්කුව ළඟට ගිහින් සාක්කුවෙන් දාඩිය පුස්ඹ හමන ලේන්සු කෑල්ල එලියට අරං බෝක්කු ගැට්ට උඩ එළලා ඉඳගත්ත.
“දැන් මම එහෙම කිව්වෙත් නෑනෙ නේද?” මේකි ආයෙම හිනා වෙනව.
යකෝ! මේකි බලකො.

“ආ නැද්ද, එහෙනම් අවුලක් නෑ” මම නහය හාරන්න ගත්ත.
“ලැජ්ජ නැද්ද යකෝ ගෑනියෙක් ඉස්සරහ නහය හාරන්න”


තුහින: මෝහිනීගෙ ගල් කාල
https://thuhina123.blogspot.com/2019/06/blog-post_20.html

ඉතුරු හරිය  ඔය ලින්ක්  එකට ගිහින්  කියවලා කමෙන්ට්  එකක්  දාන්නලා ....

2 comments:

  1. ලක්මාල්, මම බ්ලොග් කියවන්න පටන්ගෙන වැඩි කාලයක් නෑ.අටම්පහුර කියවන්නේ මාස එකහමාරක විතර ඉදලා.මට තේරුන විදියට ඔබ තරුණ කෙනෙක්. අටම්පහුරේ ලියා ඇති දේ බොහොමයක් ඔබේ අත්දැකීම් බවයි පෙනෙන්නේ. ඔබේ වයසට මේසා අත්දැකීම් ගොන්නක් ලබන්න ඔබ වාසනාවන්තයි. ඒ සුන්දර අත්දැකීම් කියවන්නට ලැබුනු මමත් වාසනාවන්තයි.දැනුම හා රසය සමව බෙදන ඔබට ස්තිතිවන්ත වෙනවා වගේම සුභ පතනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  2. ඔබ ගැන තවටිකක් හිතුවාම නැසීගිය ගායක දීපාල් සිල්වා මහතාගේ සින්දුවක කෑල්ලක් මතක්වුනා.

    "නිස්සො සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩදෙනවා යමෙරෙට
    සෙතක් වෙයිද මෙහෙම රටකට ඕයි"

    කටපාඩම්කොට ලබාගන්නා සහතිකයකින් දැනුම මැන නිර්මාණශීලී දක්ශයින්ට නිසි අවස්තා ලබා නොදීම අද අප මුහුනදෙන ඛේදනීය තත්වයන්ට ප්‍රධානම හේතුවක්.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>