2019-06-19

elna su air electronic sewing machine


මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි කරලා තියන අය නං දන්නවා ... මේ මේ මෙෂින් එකට එන ෆුට් කන්ටෝලර් ඒක ...එහෙම නැත්තං පැඩල් එක අපි නිතර දකින වයර් තියන එකක් නෙමෙයි .......... මේ කන්ටෝලර් එක හුළං පිරෙන රබර් බැලුමක් වාගේ එකක් සහ සේලයින් බටයක්වාගේ සිහින් බටයක් එක්ක එන්නේ ......... ඒ රබර් පැඩල් එක පාගන කොට ඒකෙන් පිටවෙන වාතය බටය දිගේ .මෙෂින් එකේ තියන ඩයෆෑම් ස්විච් එකකට ගිහින් ඒ හරහා ...විදුලිය සම්බන්ධවිමෙන් .... තමයි ක්‍රීයාත්මක වෙන්නේ.
මේ මෙෂින් එක දැනට අවුරුදු තුනකට විතර කලින් මම පලමුවෙන් අලුත්වැඩියා කරනකොටත් ....... කලින් අලුත්වැඩියාවකදි ... ෆුට් කන්ටෝලරය සහ ...... ස්විචය සහ සංවේදී කොටස් සියල්ල යකට අලවන තද ගම් වර්ගයක් යොදලා ........ නැවතකිසිවක් කරන්න නොහැකි විදිහට ස්ථිරව අලවලාතිබුනේ ...........ඒ වෙනකොටත් අදාලකොටස් හොදින් ක්‍රීයාත්මක උන නිසා ඒ සම්බන්දව ගැටලුවක් ඇති උනේ නැ.
නමුත් දෙවනි වර වසර තුනකට පස්සේ නැවත මාහට යොමුවෙනකොට ...... අදාල කොටස් දෝශ සහිතව තිබුන නිසා ........... ලොකු අපහසු තාවයකට මාව පත් උනා කියුවොත් නිවැරදියි ........ ඊට අමතරව ...... බිම වැටිමක් හේතුවෙන් ...හෑන්ඩ් වීල් එකට සහ ස්ටොප් මෝෂන් එකට සහ ......... තවත්සංවේදි කොටසක් වන .......... මෝටර් කනෙක්ටින්ග් වීල් එකට හානි සිද්ධවෙලා තිබුනා.
මේ මෙෂින්වල තියන තවත් විහේෂත්වයක් තමයි ........... මෝටරය සහ මෙෂින් එක සම්බන්ද කිරීමට බෙල්ට් එකක් නොමැති වීම ........... රබර් වීල් එකක් සහ ....... ෆෙෂර් ස්ප්‍රීන්ග් එකකින් තමයි ඒ කාර්ය්‍ය සිද්ධවෙන්නේ
කනෙක්ටින්ග් වීල් එක හොදටම හයි වෙලා .රබර් ගතියක් ඇත්තෙම නෑ , ඒකත්නිවැරදි කරගන ........ දෝෂ සහිතව තිබුන පෙෂර් ස්ප්‍රීන්ග්එක වෙනුවට ආදේශකයක් යොදවලා .................... එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් එක සම්පූර්ණයෙන් ඉවත් කරලා .......... විද්‍යත් පරිපථයේ වෙනස්කම් කිහිපයක් මගින් ..........සාමාන්‍ය වයර් සහිත ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් එකකින් මෙෂින් එක පාවිච්චි කරන්න පුලුවන් විදිහට ...... හැදුවා.
වෙලාව පාන්දර එකහමාරයි .......... හිතට ලොකු සතුටක් දැනෙනවා ....... ඒක වෙහෙස මහන්සියට වඩා ප්‍රභලයි ............ අමතරකොටස් නැති නිසා තමන් පණ වගේ ආදරය කරන මෙෂින් එක අයින් කරන්ඩ වෙයි කියලා හිතන් ඉන්න ...... ඒ ගුණයහපත් මැතිණියගේ හිනාව මතක් වෙනකොට.
මේ වෙනස්කම් කරන්න ලොකු මුදලක් ගියේ නැ ඇත්තටම ......
ඇත්තටම මේ වැඩේට ........... තරමක් වෙහෙසෙන්න ඕන ............ නමුත් ..... මැහුං වලට ආදරය කරන අය දන්නවා ............ පරණ ............. එල්නා එකක් බර්නිනා එකක් නීකී එකක් කෙන්මෝර් එකක් හක්ස්වානා එකක් කියන්නේ ............ තවත් එක මෙෂින් එකක් විතරක් නෙමෙයි කියලා ............ ඒක වෙන බෑදීමක් ......... ඒක මහන අයටත් එහෙමයි ...හදන අයටත් එහෙමයි.

lakmal kandevidane / 0778707807














1 comment:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  • අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි
    අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
  • Presser Feet Guide Of Household Sewing machines ,  different presser feet that do a lot of other functions , විශේෂ කාර්ය්‍යන් සදහා භාවිතා කිරීමට ගෘහස්ථ මහන මෙෂින් සදහා නිපදවා ඇති පුට් වර්ග සහ ඒවායෙන් පහසුවෙන් මසාගතහැකි මැහුම්.
    ම්  ම්  ම්  ... කොතනින්ද මේක පටන් ගන්නේ .... හොදයි  ...මෙහෙම පටන් ගමුකෝ , අදකාලේ මහන මෙෂින් එකක් සල්ලි දිලාගන්නකොට බොබින් දෙක…
  • හොර ගෑණු
    '' හෙලෝ මේ '' '' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • How to use Singer 974 Contessa Sewing Machine
1,646,059

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>