2019-06-12

overlock machine , (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන



මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න  ගොඩක් දේවල්  තියන නමුත් වෙනද වගේම  නිතර අහන්න ලැබෙන පුරස්නවලින්ම වැඩේ ඇදගන යං , මම එකින් එක අරගන කතා කරන්නං ,  ලිපිය කියවීමේදි ශීර්ෂයට අදාල අංකය හෝ අනු අංකය යොදා ඇති පින්තුරය බැලීමෙන්  හොද වාටහීමක් ඇති වෙයි කියලා මම හිතනවා.

තවත්  ඉතාමත්  වැදගත් දෙයක්  තියනවා කියන්න , වෙළද සමාගම්  , සන්නාම නාම වාගේ දේවල්  හැකි  තරම්  නොකියා  ඉන්න උත්සාහ කරනවා , එහෙමට කියලා අදාල   ආයතනවලින්  නං  දැනට කිසිම ගැටලුවක්  ඇවිත්  නැති උනත්  , සමහරක්  පටු අරමුණක්  තියන  අයලුවන්  විසින්  වරින් වර අභුත චෝදනාවන් එල්ළ කරනවා

බොහොම  ආදරෙන්  මේ  කියන්නේ........ මම කිසිම සමාගමක සේවකයෙක්  නෙමෙයි , කිසිම සමාගමක අලෙවි ප්‍රවර්ධයෙක් නෙමෙයි , මම නිදහස්  කාර්මිකයෙක් , නිවහල් මතධාරියෙක් ......... මට අවශ්‍ය එකම දේ  ....... මං දන්න චුට්ට ඔයාලත්  එක්ක බෙදාගන්න එක විතරයි

 ( 1 ) මටත් ඕලොක් එකක් ගන්ඩ ඕන  .මොකක්ද  හොද.

මෙහෙමයි ඔවර්ලොක් මෙෂින් එකක් ගන්න කොට බලන්න ඕන පලවෙනි දේ තමයි තමන් කරන වැඩේට සහ තමන් ඉදිරියේදි  කරන්න බලාපොරොත්තු වෙන දේවල්  සහ ඒත් එක්කම තමන්ට ලැබෙන වෙනත්  අවස්ථාවන් වලට ගැලපෙන්න මෙෂින් එකක්  ගන්න එක , එහෙම නැත්තං නිරපරාදේ වරින් වර අලුතින් ඕලොක් මෙෂින්  ගන්න වෙනවා

 ( 2 ) ඒත් ඉතින්  මම දන්නේ  නැනේ  ඔය එක එක වර්ග ගැන

 බොහෝ පිරිසක් කියවන නිසාත් එකිනෙකාගේ අවශ්‍යතා වෙනස් නිසාත් ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්න වර්ග පිලිබදව  මූලික වශයෙන්  විස්තර කරන්නං , එතකොට තමන්ට ගැලපෙන දේ දැන ගන්නවා සහ තෝරාගන්නවා  වාගේම , අනිත් වර්ග පිලිබදවත් දැනුවත් වෙන්න පුලුවන්. මම මේ වර්ග කිරීම කරන්නේ මෙෂින් මාදිලිය සහ මැස්ම පිලිබදව සැලකිල්ලට අරගන ,  මේ කාර්ය්‍යන්ම කරන්න පුලුවන් පෙනුමෙන් සහ හැඩයෙන් සමාන හෝ අසමාන සහ   විවිධ වෙළද නාමයන් යටතේ  නිමාවේ  , කල්පැවැත්මේ , ක්‍රීයාවලියේ දි   තත්වයෙන් ඉහල හෝ පහල මෙෂින් තියෙන්න පුලුවන් බව සහ මම මේ පැහැදිලි කිරීමට යොදාගන්න අන්තර්ජාලයෙන් සොයාගන්නා පින්තූර  ..හුදෙක්ම පැහැදිලි කිරීමට යොදාගන්න ආදර්ශක පමණක් බව මතක තියාගන්න.  ඒ  වාගේම සමහර වෙලාවට  මම අවශ්‍ය තැන්වලදී  .... යම් දෙයක්  හැදින්වීමට අවස්ථානූකූලව ... නියමු යෙදුම හෝ  වැඩිදෙනෙක් භාවිතා කරන ප්‍රචලිත යෙදුම යොදාගන්නවා.


 ( 2,a )  6 thread  industrial overlock machine





 industrial මෙෂින්  එකක්  කියුවට  දැන්  බහුලව  නිවෙස්  වල ස්වය්‍ය රැකියාවල යෙදෙන අය සහ  කුඩා කර්මාන්තකරුවන්   භාවිතා කරනවා.

මූලිකව  වර්ග  දෙකක්  තියනවා  ........ ඩිරෙක්ට් ඩ්‍රයිව් ( එනර්ජී සේවින්ග් ) සහ සාමාන්‍ය ක්ලච් මෝටරය ....... තියන  මෙෂින් විදිහට.

මේ  මෙෂින්  එකේ  ඉදිකටු  තුනක්  තියනවා , ලූපර් ( යට නූල් පටලවන කොකු )  තුනක්  තියනවා , උපරිම ක්‍රීයාවලියෙදී නූල්  හයක්  යොදවන්න  ඕන.

නූල්  හයේ  මැස්ම , නුල් පහේ  මැස්ම , නූල් හතරේ  මැස්ම , නූල් තුනේ  මැස්ම ලබා ගැනීමට භාවිතා කරන්න පුලුවන්

ඔව්  ඔව්  ඔයා හිතපු දේ  හරි .......... දැනට ඔවර්ලොක්  කියලා  තියන හැම මෙෂින්  එකකින්ම  කරන දේවල්  කරන්න පුලුවන්

නූල්  හයෙන්  මහන්න පුලුවන්

නූල්  පහෙන්  මහන්න පුලවන්

නූල් හතරෙන්  මහන්න පුලවන්

නූල් තුනෙන් මහන්න පුලවන්

නූල්  තුනෙන්  නැරෝ කෝඩ්  කරන්නත්  පුලුවන් ( බේබි ඇදුම් වල නැපි වල තියනවා වාගේ හීනියට ලග ලග මහන්න )

කොටින්ම කියුවොත්  ඕන රෙද්දක්  මහතහැකි

දැනට ඩොමැස්ටික්  ඕවර්ලොක්  එකක් පාවිච්චි කරලා  ලොකු  මෙෂින් එකකට යන්න  හිතන කෙනෙකුට හරි  ... ඉස්සරහට  පැතිරුන විය්‍යපාරයක් කරන්න අදහස්  කරන කෙනෙකුට  හරි මම අනුමත කරන්නේ ........... 6 thread  industrial overlock machine එකකට යන්න  කියන ඒක ............. මොකද  දෙයියනේ කියලා  ඔයා  ඉස්සරහට යනකොට  ....... මෙෂින් සම්බන්දව  එන ගැටලු  වලට  ඔයාට සාර්තකව මුහුන දෙන්න  පුලුවන්  ඔයා ලග  මේකක්  තියනකොට.



(2,b)  5 thread  industrial overlock machine






 industrial මෙෂින්  එකක්  කියුවට  දැන්  බහුලව  නිවෙස්  වල ස්වය්‍ය රැකියාවල යෙදෙන අය සහ  කුඩා කර්මාන්තකරුවන්   භාවිතා කරනවා.

මූලිකව  වර්ග  දෙකක්  තියනවා  ........ ඩිරෙක්ට් ඩ්‍රයිව් ( එනර්ජී සේවින්ග් ) සහ සාමාන්‍ය ක්ලච් මෝටරය ....... තියන  මෙෂින් විදිහට.

මේ  මෙෂින්  එකේ  ඉදිකටු  දෙකක්  තියනවා , ලූපර් ( යට නූල් පටලවන කොකු )  තුනක්  තියනවා , උපරිම ක්‍රීයාවලියෙදී නූල්  පහක්  යොදවන්න  ඕන.

නූල් පහෙන්  මහන්න පුලවන්

නූල් තුනෙන් මහන්න පුලවන්

නූල්  තුනෙන්  නැරෝ කෝඩ්  කරන්නත්  පුලුවන් ( බේබි ඇදුම් වල නැපි වල තියනවා වාගේ හීනියට ලග ලග මහන්න )

ටීෂර්ට් මහන්න නුල් පහ යොදාගන්නේ  නැ  ,   ... වම්පස චෙන් මැස්ම   නිසා  ඇදෙන්නේ  නැ මහන දේ ,  කර වටේ සහ අත් වටේ  එහෙම ඇදෙන්න එපෑය ටීෂර්ට් වල , නමුත් නූල් තුනෙන් ටීෂර්ට් මැටිරියල්  මහන්න පුලුවන්.

ඕනැම ඇදුමක ඔවර් ලොක් කරන ගමන්  නෝමල් මැස්මට සමාන මැස්මක්ද මසා ගැනීමට හැකි වීම විශාල පහසුවක් ගෙන දෙනවා.

දැනට ඩොමැස්ටික්  ඕවර්ලොක්  එකක් පාවිච්චි කරලා  ලොකු  මෙෂින් එකකට යන්න  හිතන කෙනෙකුට හරි  ... ඉස්සරහට  පැතිරුන විය්‍යපාරයක් කරන්න අදහස්  කරන   6 thread  industrial overlock machine එකකට යන්න අමාරු  කෙනෙකුට ටීෂර්ට් මහන්න අදහසක් නැත්තං   මම අනුමත කරන්නේ ........... 5 thread  industrial overlock machine එකකට යන්න  කියන ඒක



(2,c)   4 thread industrial overlock machine



industrial මෙෂින්  එකක්  කියුවට  දැන්  බහුලව  නිවෙස්  වල ස්වය්‍ය රැකියාවල යෙදෙන අය සහ  කුඩා කර්මාන්තකරුවන්   භාවිතා කරනවා.

මූලිකව  වර්ග  දෙකක්  තියනවා  ........ ඩිරෙක්ට් ඩ්‍රයිව් ( එනර්ජී සේවින්ග් ) සහ සාමාන්‍ය ක්ලච් මෝටරය ....... තියන  මෙෂින් විදිහට.

මේ  මෙෂින්  එකේ  ඉදිකටු  දෙකක්  තියනවා , ලූපර් ( යට නූල් පටලවන කොකු )  දෙකක්  තියනවා , උපරිම ක්‍රීයාවලියෙදී නූල්  හතරක්  යොදවන්න  ඕන.

 නූල් හතරේ  මැස්ම , නූල් තුනේ  මැස්ම ලබා ගැනීමට භාවිතා කරන්න පුලුවන්


නූල් හතරෙන්  මහන්න පුලවන්

නූල් තුනෙන් මහන්න පුලවන්

නූල්  තුනෙන්  නැරෝ කෝඩ්  කරන්නත්  පුලුවන් ( බේබි ඇදුම් වල නැපි වල තියනවා වාගේ හීනියට ලග ලග මහන්න )

මේ  මෙෂින්  එක ටීෂර්ට් වැනි ඇදෙන සුලු මැටිරියල් මහන්නම නිෂ්පාදනය කරපු එකක් , මහන ඇදුම් ඇදෙන්න අවශ්‍ය නිසා  මේ මෙෂින් එකේ යට පැත්ත චේන් ටයිප් එකේ  නොමල් ස්ටික් එකක් ( නූල් පහේ දී වාගේ )  නැති උනත්  ඉදිකටු දෙකක් මගින් මැසිම සිදුවෙන නිසා ශක්තිමත් බවේ ගැටලුවක් නොතිබෙනවා වාගේම මැහුම් අතට ඇදුම හොදින්  ඈදීමත් සිද්ධ වෙනවා ,  එහෙමයි කියලා  නූල් තුනක් යොදාගන  වෙන දේවල්මහන්න බැරි කමකුත්  නැ.

දැනට ඩොමැස්ටික්  ඕවර්ලොක්  එකක් පාවිච්චි කරලා  ලොකු  මෙෂින් එකකට යන්න  හිතන කෙනෙකුට හරි  ... ඉස්සරහට  පැතිරුන විය්‍යපාරයක් කරන්න අදහස්  කරන   6 thread  industrial overlock machine එකකට යන්න අමාරු  කෙනෙකුට ටීෂර්ට් මහන්නත් අදහසක් තියනං   මම අනුමත කරන්නේ ........... 4 thread  industrial overlock machine එකකට යන්න  කියන ඒක




(2,d)   3 thread industrial overlock machine






industrial මෙෂින්  එකක්  කියුවට  දැන්  බහුලව  නිවෙස්  වල ස්වය්‍ය රැකියාවල යෙදෙන අය සහ  කුඩා කර්මාන්තකරුවන්   භාවිතා කරනවා.

අපි ඉහත කතා කරපු  මෙෂින් වලින් 3 thread මෙෂින් එකකින්  කරන කාර්ය්‍යන්  කරගන්න පුලුවන් නිසා දැන් නිෂ්පාදන අවම උනත් නැත්තෙමත්නැ.

සාමාන්‍ය ඇදුම් මහන අය අතරේ බෙහෙවින් ප්‍රචලිතයි.

පැරණි මෙෂින් බහුලව පාවිච්චි කරනවා තවමත්

නැරෝ කෝඩ් , නැරෝ හෙම් , කෝඩින්ග් හෙම් , බේබී ඕලොක් , ආදි නම් වලින් හදුන්වමින්  රෙද්දක වාඩිය නූල් ගැලවී නොයන ආකාරයට අලංකාරව නිමවා ගැනීමට ( උදාහරන ... බේබී සුට් , තට්ටු සායවල් ) මෙම මෙෂින්  සුලු වෙනස්කම් කිහිපයක් කොට පාවිච්චි කරනවා දකින්න පුලවන්

මැහුම් ඉතාමත් ලගින් සහ සිහින්ව නිමාවක් ලබාගත හැකි ලෙස  විශේෂයෙන්   නිෂ්පාදනය කල  නැරෝ ඕවර්ලොක් මෙෂින්ද වෙළදපොලේ දැකගන්න පුලවන්


මේ  මෙෂින්  එකේ  ඉදිකටු  එකක් සහ  ලූපර් ( යට නූල් පටලවන කොකු )  දෙකක්  තියනවා ,  නූල්  තුනක්  යොදන්න  ඕන.

නූල් තුනෙන්  සාමාන්‍ය ඔවර්ලොක් මැස්ම මහන්න පුලුවන්



නූල්  තුනෙන්  නැරෝ කෝඩ්  ( නැරෝ ඔවර්ලොක් , බේබී ඔවර්ලොක් ) කරන්නත්  පුලුවන් ( බේබි ඇදුම් වල නැපි වල තියනවා වාගේ හීනියට ලග ලග මහන්න )

මේ  මෙෂින්  එක ටීෂර්ට් වැනි ඇදෙන සුලු මැටිරියල් හෝ  නූල් තුනක් යොදාගන  වෙන ඕනම මැස්මක් සදහා හොදාගන්න පුලුවන්

දැනට ඩොමැස්ටික්  ඕවර්ලොක්  එකක් පාවිච්චි කරලා  ලොකු  මෙෂින් එකකට යන්න  හිතන කෙනෙකුට නූල් 6 , නුල් 5 , නුල් 4 ,  මෙෂින්  එකකට යන්න  කොහොමටවත්   අමාරු  නං සහ ටීෂර්ට් මහන්න අදහසකුත් නැත්තං ...... 3 thread industrial overlock machine එකකට යන්න කියලා කියන්න පුලුවන්.

නමුත් මම පුද්ගලකිව කැමතියි  නුල් තුනේ එකකට නොයනවනං , මොකද  නූල් 6 , නුල් 5 , නුල් 4 මෙෂින් වල මිලේ සහ මෙම නුල් තුනේ  මෙෂින් එකේ මිලේ ලොකු වෙනසක් නැති නිසා.


( 3 ) අනේ  ඔව්වට සල්ලි නෑ  අප්පා  නැද්ද ගණන් අඩු  පොඩි  මෙෂින්  මොනවත්

තියනවා වර්ග කිහිපයක්ම සමහරක් පාවිච්චියට හොදයි , සමහරක්  එහෙම නෑ , අනික මහන්න පුලුවන් නූල් තුනකින් විතරයි , සාමාන්‍ය කුලී ඇදුම් මහන කෙනෙකුට හෝ  ආසාවට ගෙදර අයගේඇදුම්  මහන අයට හොදයි , පහසුවෙන්  තේරුම් ගන්න පුලුවන්  වෙන්න අපි එකින්  එක ඇරගන බලමු


  ( 3,a )  Household  Indian 3 thread overlock machine



තරමක රළු පෙනුමක් තියනවා , පෙනුම වාගේම තමයි කල් පැවැත්ම හොද ශක්තිමත් මෙෂින් එකක්

මිල පහසු නිසා ලෝකය පුරාම දිළිදු සහ දියුනු වෙමින් පවතින රටවල්වල සියවසරකට ආසන්න කාලයක් අලෙවි කොට සහ අලෙවි වෙමින් පවතිනවා

අමතර  කොටස් මිළදිගන්න අපහසුවක් නැ
එක ඉදිකට්ටයි ,ලුපර් දෙකයි  ,නූල් තුනයි
කුඩා විය්‍යපාරයක් කරන අයට , ගෙදර අයගේ දේවල් ආසාවට මහන අයට , බ්‍රයිඩල් ඩේස් මේකින්ග් කරනඅයට , ටේලර් සාප්පු වලට හොදට ප්‍රමානවත් මෙෂින් එකක්

බේබි ඔවර්ලොක් ( නැරෝ කෝඩ් ) කරන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් , නැරෝ කෝඩ් කරන්න නිෂ්පාදකයා විසින්ම නිරිමාණය කරපු මාදිලියකුත් තියනවා , අවශ්‍ය කෙනෙක්  සාමාන්‍ය මෙෂින් එකක් ඇරගන හදාගන්නවට වඩා කෙලින්ම නැරෝ මෙෂින් එකක් මිලදී ගන්න එක නුවනට හුරුයි

එකම වෙළද නාමයෙන් චයිනීස් මෙෂින් තියනවා මේ හැඩයම සහ පෙනුම තියන අන්න ඒක නිසා මිළදී ගන්න කොට සැකහැර දැනගන්න තමන් මිලදී ගන්නේ ඉන්දියාවේ නිපදවු  මෙෂින් එකක්ද කියන එක

මිලදි ගන්න කොට තව වැදගත් දෙයක්තියනවා සැලකිලිමත් වෙන්න , ඉන්දියාවේ  මේ මෙෂින් නිදපවීම ගෘහස්ථ කර්මාන්තයක් විදිහට සිද්ධවෙනවා ,  ඉන්දියන්  අපනයනකරුවන් කිහිප දෙනෙක් ගෙවල් වලට පාට්ස් ටික දීලා හයිකරගන්න කුමක් හෝ වෙළද නාමයක් යටතේ අපනයනය කරනවා  ,  මේ කාරනාව නිසා දැන් දැන් මෙෂින්වල තත්වයේ යම්කිසි බාලවීමක් සිද්ධ වෙනවා , අන්න ඒක නිසා පිලිගත්ත ආයතනයක්  විසින් ගෙන්වන කර්මාන්තශාලාවක් තුලදී  පමණක් නිෂ්පාදනය  කල මෙෂින් පමණක් මිලදී ගන්න උනන්දු වෙන්න , මොකද ප්‍රචලිත  වෙළද  නාමයක් යටතේ  උනත් තියෙන්න පුලුවන් කිසිවෙකු  විසින් හෝ  කර්මාන්තශාලාවක නිපදවන්නේ නැතුව  අර කියපු විදිහේ  ගෙවල්වල  කොටස් සවිකිරීම කරපු බාල මෙෂින්.
හොද තත්වයේ  මෙෂින්  එකක් මිලදී ගන්න එක හරිම ලේසියි , හොද දේවල්  මිලෙන් වැඩියි වැඩියි , පිළිගත්ත වෙළදනාමයක් තියනවා.

මිලදී ගන්න කලින් තමන්ට ඇත්තටම හිතවත් කාර්මිකයෙකුගෙන්  මිලදී ගන්නේ  මොකක්ද කියලා  අහලා දැනුවත් වෙන්න

පිටත පෙනුමේ ලස්සනට හෝ මිල අඩු කමට හෝ පහසුවෙන් මිලදීගත හැකි වීමට රැවටෙන්න එපා



( 3,b )  Household  Chinese  3 thread overlock machine  FN-2




පොදුවේ හදුන්වන්නේ චයිනීස් FN-2 කියලා

සමහරක් වෙලාවට  පිලිගත්ත වෙළද ආයතන විසිනුත් ගෙන්වලා  නොයෙකුත් නම් වලින්  විකුනනවා දකින්න පුලුවන්

භාවිතය අපහසු නිතරම  ලෙඩ දෙන  අමතර කොටස් ලබාගැනීමට අපහසු කල්පැවැත්මක් නැති  මාදිලියක්

කිසිසේත්ම මිලදී ගන්න එපා , මුදල් අපරාදේ



( 3,c )    Chinese  3 thread overlock machine  GN-1







පොදුවේ හදුන්වන්නේ චයිනීස් GN-1 කියලා

සමහරක් වෙලාවට  පිලිගත්ත වෙළද ආයතන විසිනුත් ගෙන්වලා  නොයෙකුත් නම් වලින්  විකුනනවා දකින්න පුලුවන්

නැරෝ කෝඩ් ( බේබී ඔවර්ලොක් ) විදිහට වෙනස් කරලා පාවිච්චි කරන්න බෑ

ඉහත කතා කරපු FN-2 මාදිලියට වඩා තරමක් හොද උනත් මිලදී ගන්න එපා , කල්පැවත්ම අඩුයි , නිතරම ලෙඩ දෙනවා , පාට්ස් හොයන්න අමාරුයි

මේ මෙෂින් එක ඉන්දියන් එකට පෙනුමෙන් සමානයි , ඉන්දියන් එකට වඩා ලස්සනයි , මිළත් ඉන්දියන් එකට වඩා අඩුයි , ඉන්දියන් මෙෂින් වල නමට සමාන නම්වලින් තියන නිසා බොහෝ දෙනෙක් රැවටෙනවා

 ප්‍රසිද්ධ සමාගම් වලින්  ඉන්දියන් මෙෂින් එකේ  නමින්ම ගෙන්වනවා ........ මිළදි  ගන්නකොට විමසලා සැකහැර දැනගන්න ...... මේ චයිනීස් මෙෂින් එක ගන්න එපා......  මොකද තව සුළු මුදලක්  දැම්මහම ..ඔයාලට හොද ඉන්දියන් එකක්  ගන්න පුලුවන්

නූල් 6 ,නූල් 5 , නුල් 4  මෙෂින්  චයිනීස් ඒවා හොදයි කියුවනේ ........ඇයි මේක නරක කියලා හිතෙන්න පුලුවන්  කාටහරි , ........මෙහෙමයි  මේ මෙෂින් එක අඩු මුදලකට විකුනන්න හදපු එකක් ...... ඒක නිසයි   භාවිතය අපහසු නිතරම  ලෙඩ දෙන  අමතර කොටස් ලබාගැනීමට අපහසු කල්පැවැත්මක් නැති , මැහුම් ලස්සන නැති .... මාදිලියක් වෙන්නේ.



( 4 ) ඔය මෙෂින්  ඇරුනහම  තවත් හවුස්හෝල්ඩ්  ඕවර්ලොක්  මෙෂින්  තියනවද


ඇත්තෙන්ම තියනවා නමුත් ප්‍රචලිත නැ ,මොකද ඒවා වැටෙන්නේ  Expensive domestic overlock machine කාණ්ඩයට , මිළ ටිකක්  ඉහලයි.





ඇත්තටම මැහුම් වලට ආදරය කරන අය අතරේ  ජනප්‍රීය වෙන්න අවශ්‍ය මෙන්න මේ මාදිලියේ  ඔවර්ලොක් මෙෂින් , වාණිජ මට්ටමේ  කර්මාන්ත වලට යොදාගන්න බැරි උනාට , හැම අතින්ම ...පුද්ගලික පාවිච්චියට අනර්ඝයි කියලා කියන්න පුලුවන්.  යාන්ත්‍රණයේ සහ ක්‍රීයාවලියේ  සුමුදු සහ සුමටබව , මැස්මේ  නිමාව අතින් අනිත් ගෘහස්ත ඔවර්ලොක්  මෙෂින්  පරාදයි කියලා කියන්න පුලුවන්.


මේ  ඕවර්ලොක් මෙෂින් භාවිතය ප්‍රවර්ධනය කරගැනීම ‍ වෙළද නියෝජිත ආයතන , කාර්මිකයන් සහ මැහුම් වලට ආදරය කරන අයගේ වගකීමක් සහ යුතුකමක්  කියලයි මම හිතන්නේ ( මම මේ  කියන දේ  තේරෙනවා මේ විදිහේ මෙෂින්  එකක් දවසක් හරි පාවිච්චි කරපු කෙනෙකුට )


පිළිගත් වෙළද නාමයන් යටතේ ‍ලංකාවේ මිළදී ගන්න තිබෙනවා උනත් මිළ අධික වීම නිසාම මිළදී ගන්න අය බොහොම අල්පයි , ඒ නිසාම වෙළද නියෝජිතයන් ලග අමතර කොටස් විශාල තොග තබාගෑනීමක් සිදුවෙන්නේ  නැ , සමහරක් වෙලාවට කාර්මිකයන්ට අමතර කොටස් ලබාගන්න ගියහම අදාල අමතර කොටස වෙළද නියෝජිතයන් ලග මිළදී ගන්න නැ , අන්න ඒ  නිසාම  කාර්මිකයන්  ......... ඔව්වා ගන්ඩ එපා .කියලා කියනවා ........ ඉතින් විකිනෙන්නේ නැ , කෝම්පෑණි වලින්  නැවත මේ  හොද මෙෂින් ගෙන්වීම සහ විකුණපු ඒවාට පාට්ස් ගෙන්වීමත් නවත්තලා දානවා.

මේ මෙෂින්  ලේසියකට කැඩෙන්නේ  නැ , මහන අය කරන්ඩ බැරි වැඩ කරන්ඩ ගිහින්  කඩාගන්නවා

නූල් පහ , නූල් හතර , නූල් තුන , විතරක් නෙමෙයි නුල් දෙකෙන්  ඕවර්ලොක්  කරන්න පුලුවන් මෙෂිනුත් නිෂ්පාදනයේ  තියනවා , මම තවම  නූල්  හයේ  මෙෂින්  එකක් දැකලා නෑ ...... මම නොදැක්කට ... නොතිබෙනවා වෙන්නත්  බෑ.

බේබී ඔවර්ලොක් , නැරෝ ඔවර්ලොක් , එහෙමත් නැත්තං නැරෝ හෙම්  හෝ වෙනත් ඕනෑම වෙනස් මැස්මක් ( උදාහරණ ... මැහුම් ලංකිරීම ඈත් කිරීම , පළල වැඩිකිරීම )   මහන්න උවමනා උනහම පාවිච්චි කරන කෙනාටම  සීරුමාරු කරගන්න  පහසු  විදිහට එජස්මන්ට් එක්ක නිෂ්පාදනය කරලා තියනවා දකින්න පුලුවන්.

ලංකාවෙන් පිට  ඉන්න කෙනෙකුට නං  , මේ මිළ ගැන ගැටලුව ,  අලෙවියෙන් පසු සේවාව , අමතර කොටස් සහ අලුත් වැඩියාවට දැනුම තියන කාර්මිකයන්ගේ ආදි  ගැටලු නැති නිසාත් ........... මෙෂින් එකේ ධාරිතාවයට එහාට ගිය අවශ්‍යතා නැති නිසාත් .......... මේ වාගේ  මෙෂින්  එකක් ගන්න කියලයි  මම නං කියන්නේ.

ලංකාවේදි උනත් ........ කොහේහරි.......... තැනකට ගියහම .......හිතට හරි සතුටක්  දැනෙනවා ....... ෂා  මරුනේ ...... බර්නිනා එකක් නීකී එකක් හරි වෙන බෑන්ඩ්  එකක හරි ..මේ  විදිහේ  අලුත් මාදිලියේ  සහ උසස්  නිමාවේ මෙෂින්  එකක් දැක්කහම .............. ඒ හැගීම ...........  හොද කාර්  එකක්  හොද බයික්  එකක් ........ දකිනවා .......... හොද ෆර්ෆියුම්  එකක සුවද දැනෙනවා ......... වාගේ  හැගීමක්.

අපේ රට සහ අපි  හොද දේවල් අත්විදින දවසක්  හිතාගන්න අමාරු නිසා  ......... ඒ ගැන මේ ඇති .... ඇත්තටම දුකයි ඉතින්.

අන්තිමටම කියන්ඩ තියෙන්නේ  පුද්ගලික පාවිච්චියට ගන්නවනං  ඔන්න  මෙෂින්  කියලා  තමයි.



,( 5 )  බේබී ඕලොක් නිතරම කැඩෙනවලු  නේද 

අපේ  අයට පැටලිලි  ගොඩක්  තියනවා  කියලා  හිතුනා  ... දවසක්  මම  මේ  ප්‍රශ්නය  මුහුණු පොත්  සමූහයක දැක්කහම ....... දන්න තරමට පුලුවන්  විදිහට  එකින්  එක  ලෙහන්නං


 බේබි ඕවර්ලොක් කියන  නම දෙවිදිහකට පාවිච්චි කරනවා අපේ අය  , සමහරක් අය නූල් තුනේ පොඩි ඕවර්ලොක් මෙෂින් වලට බේබි ඕවර්ලොක් කියලා කියනවා ..නමුත් ඒකට තියන නිවැරදි යෙදුම .. ඩොමැස්ටික් ඔවර්ලොක් කියලා කියන එක හරි හවුස් හෝල්ඩ් ඕවර්ලොක්  කියන එක හරි  .... තවත් වේලාවල්වල  වල හීනියට කෝඩ් එකක් වාගේ මහන ඔවර්ලොක් මැස්මටත් ..බේබි ඕවර්ලොක් කියලා කියනවා........... ඒකට නිවැරදි යෙදුම තමයි ... නැරෝ ඔවර්ලොක් කියන එක හරි නැරෝ හෙම් ඔවර්ලොක් කියන එක හරි. ( ඒක එක නං කියනවා ඉතින්  ..... දිවේ පහසුවටනේ )


( 6 ) මා ලග තියනවා  ඉන්දියන්  නූල්  තුනේ  ඕවර්ලොක්  එකක් ..... මට ඒකෙන්  බේබී තට්ටු සායවල්වල තට්ටුවට නැරෝ හෙම්  ගහනගමං   සාරි බ්ලවුස්  වලට  හරි යන විදිහේ  මැස්ම ගහන්ඩ බැරිද

ඇත්තටම පුලුවන් ......... නමුත් වරින් වර නැරෝ කෝඩ් එකටයි ...නෝමල් ඔවර්ලොක් එකටයි වෙනස් කරන එකනං ප්‍රයෝගික වැඩක් නෙමෙයි ............මැහුම්  ලංකරන්න ඈත් කරන්න වෙනවා ,ප්ලේට්  සහ  ෆුට්  මාරු කරන්න  වෙනවා , ත්රේඩ්  ටෙන්ෂන් වෙනස්  කරන්න වෙනවා ......... ඒ  කරන්ඩ ගියහම  අලවෙලා කාර්මිකයෙක්  ගෙන්වන්ඩ වෙනවා ............. වරින්  වර සීරු මාරු කිරිමෙන්  මෙෂින්  එකේ  කොටස්වලට හානි වෙනවා.

( 7 ) ගණකම රෙදි සහ සිල්ක් රෙදි  දෙවර්ගයම  ඔය කියන ඉන්දියන් නූල් තුනේ මෙෂින් එකෙන් මහන්න පුලුවන්ද

කිසිම ගැටලුවක්නැ ඕනම රෙද්දක්  මහන්න පුලවන් ........ මෙෂින් එක හරියටම එජස් කරලා තියනවනං  ..... නිවැරදි  ඉදිකටුව  යොදලා  තියනවනං  , හොද නූල්  හොදලා තියනවනං  ,කොටින්ම ඩෙනිම්  පොටවල් තුනක්  පහසුවෙන්  පුලුවන්  ......... ඩෙනිම්  පොටවල් හතරක්  අමාරුවෙන් පුලුවන්........... සිල්ක්  සහ  ඇදෙන රෙදි පහසුවෙන්ම   පුලුවන්.

( 8 ) දැන්   ඔයා  කියන විදිහට  ඕන  දෙයක්  මහන්න පුලවන්නේ  ,  ඉන්දියන් හවුස්හෝල්ඩ් ත්‍රී ත්රේඩ් ඔවර්ලොක් මෙෂින් එකකින්

ඔව්  පැහැදිලිවම , උසස් තත්වයේ ... ඉන්දියන් හවුස්හෝල්ඩ් ත්‍රී ත්රේඩ් ඔවර්ලොක් මෙෂින් එකකින්  ඕන රෙද්දක්  මහන්න පුලවන් .......TKT 120 කොට්න් ....... හොද නුල් තුනක් දාන්න , , හොද බෑන්ඩ් එකක DC - BP - 14 ... ඉදිකටුවක් දාන්න , අනිවා ඕන මැටිරියල් එකක් මහන්න පුලුවන් , අවුලක් තියනවනං ...... මහන්ඩ බැරි රෙදි කෑලි ටිකක් සාම්පල් දීලා හොදට මෙෂින් හදන්න දන්න කෙනෙකුට කියලා , මෙෂින් එක එජස්කරගන්න.

( 9 ) මගේ මෙෂින් එකේ  සමහරක්  නූල්  දැම්මහම  හරියට මැහෙන්නේ  නැනේ

ඔව්  එහෙම  වෙනවා .......... මෙහෙම කරන්න .......... ඉදිකටුවට  සහ  ලූපර්  දෙකටත්  tkt 120 කොට්න් නූල්  තුනක්  දාන්න , එහෙම නැත්තං  ඉදිකටුවට tkt 120  කොට්න් නූල් එකක් සහ  ලූපර්  දෙකට  හොද වර්ගයක tkt 80 ඔවර්ලොක්  නූල්  දෙකක්  දාන්න .............. කාඩ්බොඩ්  කෝර්වල ඔතපු  ඉන්දියන්  තඩි ඔවර්ලොක්  නූල්  නං පැත්ත පලාතේ  ගේන්න එපා , ඔය අවුලවෙන්නේ  ගොඩක් වෙලාවට .......වෙන මොකවත් වැඩකට ගන්ඩ බැරි    නූල්  ඉන්දියන්  ඕවර්ලොක්  මෙෂින්  එකට දාලා  මහන්ඩ උත්සාහ කරනකොට.

( 10 ) මගේ නූල් තුනේ  ඉන්දියන්  ඕවර්ලොක්  මෙෂින්  එකේ  ........ මැහුම්  කිසිම ලස්සනක්  නෑ

එක්කෝ  ඔය උඩින්  කියපු  විදිහට වැරදි  නූල්  පාවිච්චිය , එහෙම නැත්තං  නූල්  ඒකාකාරීව ගලාගන එන්නේ  නෑ .............. ත්රේඩ්  ස්ටෑන්ඩ්  එක  හරියට  හයිකරලා  නූල්  පැටලි  පැටලී එන එක වලක්වන්ඩ , ත්රේ්ඩ්  ස්ටෑන්ඩ්  එකක් නැත්තං ........ මෙෂින්  එකතියලා  තියන  මේසය පිටිපස්සේ  බිමින්  නූල් කොන්  තුන  තියන්න ..........එහෙමත්  නැත්තං  .......මේසය  උඩින්  නූල්  කෝන්  තුන තියලා  ......... මේසයට  ඉහල බිත්තියෙන්   ලොකු  බොත්තං තුනක්  රදවලා  ..ඒකේ  සිදුරකින්  නූල් තුන දාලා මෙෂින්  එකට දාන්න ,  නූල්  දාන නිවැරදි  ක්‍රමයට  නූල්  දාන්න , ............ බුරුල්  නූල මොකක්ද  ,........ තද නූල මොකක්ද  බලලා හරියටම සීරු මාරු  කරන්න.

දැනට මතක් උනේ  මේ  ටික විතරයි  .......... තව මොනවාහරි  මතක්  උනොත් ඒ සම්බන්දව  ලිපියේ  යටට එකතු  කරන්නං ............

දිගින්  දිගට  චැට් කිරීම නං අමාරුයි ,  ගැටලුවක් තියනං කතා කරන්න , ඒක මට පහසුයි  ...වැඩ කරන ගමං හරි  උත්තර දෙන්නං  , මට කිසිම අවුලක්නෑ එහෙම ........... 0778707807

6 comments:

  1. මැහුම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන මැෂින් ගැන නිසි අවබෝධයක් නැති කෙනෙකුට මේක නොසෑහෙන්න වටිනවා. ඇත්තම කියනවා නම් මෙච්චර කාලයක් මං අහල තිබුනෙත් මැෂිමෙ නම විතරයි.

    ReplyDelete
  2. කැඩුනු මැසින් ෆුට් ඇජෙස්ටර් හදාගන්න
    විස්වාසයි
    යළි නොකැඩෙයි
    වගකීමෙන් බැදී සිටියි
    සිංගර්, ජුකී, ඔලොක් එක එක මැසින් මොස්තරයි
    ඔබත් එන්න අදම ඔබේ කැඩුනු මැසින් හදාගන්න
    දොස්තර අටමා මල්ලී
    දොස්තර අටමා මල්ලී
    දොස්තර අටමා මල්ලී................

    ReplyDelete
    Replies
    1. ෆුට් ඇජස්ටරේ හදාගන්න ගමං ඔයිල් ටික මාරුකරගන්නත් පුලුවං. ඔවු මැසිමෙ තමයි.

      Delete
    2. // වාණිජ මට්ටමේ කර්මාන්ත වලට යොදාගන්න බැරි උනාට , හැම අතින්ම ...පුද්ගලික පාවිච්චියට අනර්ඝයි කියලා කියන්න පුලුවන්. //

      Delete
    3. ඔයිල් මාරුකොරන්නේ නොමිලේ වෙන්නැති.... ඔව් ඔව් මැසිමේ තමා.

      Delete
  3. ඕලොක් මැසිං ගැන අහල තිබුණට මෙච්චර විස්තර දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>