2019-07-26

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න බැරිද

juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිද


පලමුවෙන්ම  අහන්න තියෙන්නේ  ඇයි එහෙම කරන්න උත්සාහ කරන්නේ , හයිස්ෆීඩ් මෙෂින්  එකක්  ඇරගන ඩොමැස්ටික්  මෙෂින් එකක තරමට වේගය අඩුකරගැනීමෙන්  පලක් නැ , පාවිච්චි කරන කෙනා වේගයෙන්  වැඩ කරන්න හුරුවෙන එක තමයි  කරන්න  ඕන.

ඩිරෙක් ඩ්‍රයිව් ( එනර්ජි සේවින්ග් )  මෝටරයක්  සමග එන  නව මාදිලියේ නං කිසිම ගැටලුවක්  නැ  වේගය  වෙනස් කරන්න පුලුවන් ඉතාමත් පහසුවෙන් යූසර් මෙනුවල් එකේ තියන  විදිහට   අදාල බොත්තං සීරුමාරු කිරීම මගින්.

නමුත් ක්ලච්  මෝටර්  සහිත මෙෂින් වලදි නං  එහෙම කරන්න  බෑ , කරන්න තියන  එකම ක්‍රමය මෝටර් පුලිය මාරුකරන එක ( අංක 1 පින්තූරය )

මෝටර් පුලිය කුඩා වීමෙදී වේගය අඩු වීමත්  ,  මෝටර්  පුලිය  විශාල  වීමේදි  වේගය වැඩි වීමත් සිද්ධවෙනවා






මහන  යන්ත්‍රය භාවිතා කරන්නන්ට පහසු ලේස අදාල කෙනාගේ උසට සහ රුචිකත්වයට සහ වැරදි ඉරියව් නිසා ඇතිවන අපහසුතා ඇති නොවන පරිදි සවිකරදිය යුතු උනත් .... අලෙවි කරුවන් සහ   සහ කාර්මිකයන්ගේ නොදැනුවත්කම  සහ නොසැලකිල්ල නිසා ...... පෙට්ටිය තුලින් එලියට ගන්න  අලුත් මෙෂින් එක  හෝ  නැවත විකුණන පරණ මෙෂින් එක  එහෙන් මෙහෙන් එල්ලලා හයිකරලා විකුනනවා ........ ඔන්න ඔය කාරනාව නිසා තමයි පාවිච්චි කරන අයට ..හසුරුවා ගැනිමට අපහසුවක් සහ වේගය වැඩි බවක් දැනෙන්නේ. නියමාකාරයෙන්  සවිකර සීරුමාරුකර ඇත්නම්  කිසිදු අපහසුවක් දැනෙන්නේ  නැ භාවිතාකරන අයට.

සමහර අය  කියනවා ... වේගය අඩු කරන්න පුලවන්  කියලා  ,  වේගය අඩුකලා  කියලත්  කියනවා  , බලනකොට අඩුවොල වාගේත්  දැනෙනවා ,  නමුත්  ඇත්තටම  වෙන්නේ වේගය අඩුවෙන එක නෙමෙයි ... හොදින්  සීරූමාරු  වීම නිසා මහන කෙනාට  මෙෂින් එක පහසුවෙන් හසුරවාගන්න හැකි වීම.

හරි දැන්  බලමු  ඒක කරන්නේ  කොහොමද  කියලා





අපි කලින්  ලිපියක කතා කලානේ  නියමිත උසට මෙෂින් එක එජස් කරගන්න එක සහ ගැලපෙන පුටුවක් තෝරාගන්න එකගැන , දැන්  මේ  සීරුමාරු කරන්නේ  අන්න ඒ  අවස්තාදෙකට  අදාල කරගන කියලා මුලින්ම හිතන්න.

ඉස්සෙල්ලාම අංක එක කියන ඇණය බුරුල් කරන්න , ඔය මෝටර්  එකේ තියනවා  ක්ලච් බ්රේක් එකක් ඒකෙන් වෙන්නේ  ඔයා මෙෂින් එකේ පැඩල් එක පාගලා අත ඇරියහම ඉක්මනින්  මෝටර් එක නවත්තලා දෙන එක , අන්න ඒ බ්රේක් එක  සවිවෙලා තියන  ඇණය තමයි  ඔය ... ඒ ඇණය  බුරුල් කරනවා  වට දෙකක්  විතර.

ඊලගට අංක දෙක කියන  නට් එක සහ ඇණය  බුරුල් කරනවා , දැන් මෝටර්  එක ඔන් කරලා  හිමිහිට  අංක 2 කියන ඇණය ඉස්සරහට තදකරනවා , එහෙම කරගන යනකොට  .. සර සර ගාලා සද්දයක්  එනවා ... අන්න එහෙම සද්දයක් එනකොට ඇණය ඉස්සරහට කරකවන එක නවත්තලා ... නැවත වට බාගයක් ඇණය පස්සට ඇරගන නට් එක හොදින් තදකරනවා , ඊලගට  අංක එක  ඇණයත් තදකරන්න , එහෙම කරනකොට .... මෝටරයේ  වේගය අඩුවෙනවා  හෝ  ... සර ...සර  .. වැනි හඩක්  නිකුත් වෙනවානං ...  ඉක්මනින්  අංක 1 ඇනය බුරුල්  කරලා ... අංක 2 ඇණය තවත්  වට බාගයක්  පසුපසට ගන්න ........ නැවතත් නට් එක තදකරන්න ........ නැවත අංක 1 ඇණයත් තදකරන්න.......... හඩේ  වෙනසක් හෝ  වේගයේ  අඩුවීමක්  තියනවද කියලා හොදින් නිරීක්ෂනය කරන්න , එහෙම නැත්නම් පවර් ස්විච් එක ඕෆ්  කරන්න.

මෙෂින් මෝටරය සම්පූර්ණයෙන්  ධාවනය වීම නැවතුනහම නැවත ස්විච් එක  ඔන් කරන්න , ..... හම් ....හඩක්  තප්පර පහක් පමණ පැවතීමෙන් පසු මෝටරය ධාවනය වීම ආරම්භවෙන්න  ඕන , එහෙම නැත්තං ... ඔබ විසින්  බ්රේක්  එක සහ කොක් ෂිට්  එක  මෝටරයට  ලංකරලා වැඩියි .... නැවතත් ඉහතසදහන් කල ක්‍රියාවලිය මගින් .... නිවැරදි  ආරම්බයක්  මෝටරයට ලබාගන්න.
කිහිපවරක් ඔන්  ඕෆ් කරමින්  සියල්ල නිවැරදිව  සිදුවෙනවාද කියලා නිරික්ෂණය කරන්න.

ඊලගට  ... මෝටර් ලිවර් පෙෂර් ස්ප්‍රීන්ග්  එකේ  බටර්ෆලයි නට් එක  ඉදිරියට තදකරන්න   ( අංක 3 ) , එය නියමාකාරයෙන්  සිදුවී  ඇති විට ... මෝටර් ලිවරය පහතට අදිනවිට ... පහසුවෙන්  පහතට ඇදීයාමත් සමග  මෝටරය  ධාවනය වීමත් ... අත් හරින විට පහසුවෙන් ... ලිවරය ඉහලට ගමන් කිරීමත්  .... ක්ෂණිකව මෝටරය නැවතීමත්  සිද්දවෙන්න  ඕන .




දැන් අංක 4 ඇණය මගින්  මෝටර් පැඩල් එක  මහන කෙනාට පහසු  සහ නිවැරදි ආනතියෙන්  සීරිමාරු කරන්න.
මෙෂින් එකේ පැඩල් එක මෙන්න මේ වාගේ සාමාන්‍ය ආනතියකින් තියන එක වටිනවා , පැඩල් එකේ ආනතිය වැඩි වීම සහ අඩුවීම නිසා විලුඹ ආශිතව සහ කකුලේ ඉහල කලවා ප්‍රදේශයේ වේදනාවන් ඇතිවෙනවා , පැඩල් එක පාගන කොට ගොඩක් ප්ලේ ( මෙෂින් එක දුහන්න ගොඩක් යටට පාගන්න ඕන ) තියෙන්න බෑ ,  ඒ  වාගේම පාලනයකින්  තොරව  කඩා  බිදගන යන්නත්බෑ ,  ඒක මෝටර් ක්ලච් එජර්ස්මන්ට් එකෙන් එජස් කරලා තියෙන්න ඕන.







මේ  සමගම  ෆුට් ලිප්ටර්  එකත් මහන කෙනාට පහසු විදිහට  එජස්වෙන්න  ඕන , එතකොට තමයි මහන කෙනාට නියම පහසුව  දැනෙන්නේ. බොහෝ මෙෂින්වල  මෙතැන ගැටලු සහගතතත්වයන් තියනවා.
ෆුට් ලිප්ටර්  ශාෆ්ට් එකේ  ප්ලේ  එකක්  තියනවානං  , අංක 5 ඇණය මගින් තදකරගන්න පුලුවන්

අංක 6  ඇණය මගින්  පුට් ලිප්ටර් එක අනවශ්‍ය ලෙස පාදය දෙසට යොමු වීම සහ වෙහෙසකාරි ලෙස දකුනු පසට දණහිස්ස යොමු කිරීමට සිදුවීම පාලන කරන්න පුලුවන්. ( අර පුට් එක උස්සන්ඩ  දනිස්ස බස් එකක පටවන්ඩ වෙන සීන් එක )

අංක 7 ඇණය මගින් පුට් එක අනවශ්‍ය විදිහට ඉහලට එසවීම සහ   දණහිස්සට අනවශ්‍ය වෙහෙසකාරී බව නැති කරගන්න පුලුවන්


අංක 8 සහ අංක 9 ඇණ දෙක මගින්  අවශ්‍ය ප්‍රමාණයට  ෆුට් ලිප්ටරය  පාදයට ලංකරගැනීම සහ ඈත්කරගැනීම කරගන්න පුලුවන්.

දැඩි සැලකිල්ලක් දැක්විය යුතු විශේෂ කරුණ
මෝටරය සීරූමාරු කිරීමේදි ... දැඩි සැලකිල්ලකින් සහ මනා අවබෝධයකින් සිදුකල යුතු අතර , සුලු අතපසු වීමකින් උවද ... මෝටරයට දැඩිලෙස හානී සිදුවීමට පුලුවන.

0778707807
ලක්මාල්


5 comments:

  1. මැසිමක් ගත්තම බොට කෝල් එකක් දෙන්නං. ඒක ඔයිට වැඩිය ලේසියි.

    ReplyDelete
    Replies
    1. //සුලු අතපසු වීමකින් උවද ... දැඩිලෙස හානී සිදුවීමට පුලුවන.//

      Delete
    2. ඔවු මුගේ බඩ වැඩියි. ඔය ෆුට් ඇජස් කරන වැඩේ බඩත් එක්ක ලේසි නෑ.

      Delete
    3. බඩ තිබුනට වැඩ කොහොමද? හානියක් සිදුනොවන්න වැඩ කාරයා

      Delete
  2. මමත් හිතං හිටියේ මැෂින් වල වේගේ අඩු කරන්න පුළුවන් කියල. ඩිරෙක්ට් නැති ඒවල. දැන් තමා හරි ම විස්තරේ දැනගත්තේ.
    පරණ මැෂින් එකකට ඩිරෙක්ට් මෝටර් එකක් සෙට් කරන්න පුළුවන් ද සාර්ථකව?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • සිංගර්  ශ්‍රී ලංකා .... අපිට හොද ගියර් වීල් ගෙනත් දෙන්න
    මා දැනට විසි වසරකට අධික කාලයක් මහන මෙෂින් අලුත්වැඩියා කරන්නෙක් ලෙසට ජීවිකාව ගෙන යන්නෙක්මී , අප රටේ  භාවිතාවන  බහුතරයක්  මහන…
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
  • වගකීම  සහ  යුතුකම
    අයිතිවාසිකං විතරමයි යුතුකං වගකීම් කැලේ මටනං වටින්නෙ මස් කෑලි විතරමයි මස්බර දැනෙන්නෙ ලේබර වැඩිනං
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
    මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස …
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • බඩු තියනවා ගාණ දෙදහයි
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • Making a  Blacksmith's bellows / blower from an empty cement bag
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • elna su air electronic sewing machine
    මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි…
  • වඳ සැත්කම්
    මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
1,648,861

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>