2020-01-03

අතිගරු ජනාධිපතිතුමනි








ඔබතුමා අපේ  භාරකාරයා විදිහට පත් උනාට පස්සේ යම් යම් තීන්දු තීරණ ගන්න විදිහ දැක්කහම , කරන්න උත්සාහ කරන දේවල්  දැක්කහම ඔබතුමා පත්කරගන්න කතිරය ගැහුව කෙනෙක්  විදිහට හරිම සතුටුයි , ඉතින් පුංචි ඉල්ලීමක් තියනවා ඔබතුමාගෙන්  කරන්න.

එතුමාට කතාකල හැකි  අයෙක් හෝ එතුමාට සමීප කෙනෙකුට කතා කලහැකි අයෙක්  මේ ඉල්ලීම දකිනවානං කරුණාකරලා ජනාධිපතිතුමාගේ අවධාන මේ ජාතික අවශ්‍යතාවයට යොමුකරන්න.

ගූගල් සිංහල පරිවර්තකය හරියට වැඩකරන්නේ  නෑ
https://translate.google.com/

බොහෝවිට පෙන්වන්නේ  වැරදි  දේවල් , ගූගල්ට ස්වෙච්චා වෙන් ඉදිරිපත් වෙලා  වචන , යෙදුම් , වාක්‍ය නිවැරදි  කරන අයට තනියම මේක  කරන්න බෑ , ඒ නිසාම  සමහරක් විට වැරදි  දේ  එකතු  වෙනවා ඇති.
https://translate.google.com/community?source=mfooter#en/si

වසර ගණනන්  මේ දිහා බලන් හිටපු  , පාවිච්චි  කරපු , පුලුවන්  විදිහට  හරියටම දන්න  වචන පමණක්  එකතු  කරපු  කෙනෙක්  විදිහට  මම මේ  ඉල්ලන්නේ. අපිට  මේ  වැඩේ   කරලා දෙන්න.

විෂයපතයට අදාල වන රාජය්‍ය ආයතනයක්  හරහා ගුගල්  සමාගම  සම්බන්ද කරගන , සිංහල සහ ඉංග්‍රීසී භාෂාව පිළිබදව හසල දැනුමක්  ඇති  පිරිසක්  යොදවා  ......... ගුගල් සිංහල ඉංග්‍රීසි  එසැනින්  පරිවර්තකය නිවැරදිව  සකසා  දෙන්න.

සිංහල සහ ඉංග්‍රීසි  පරිවර්තකය නිවැරදිව  සැකසුනොත් .... වෙනත්  භාෂාවන්  වලින්  ලියැවුන  දේවල්  පවා  100% නිවැරදිව   නැති   උනත්  ......... ආසන්න  වශයෙන්වත්  පරිවර්තනය කරගන්න  අපිට  පුලුවන්  වෙයි.

නැවත  වරක්  ඉල්ලනවා .......... අතිගරු ජනාදිපතිතුමනි ... ගූගල් සිංහල පරිවර්තකය අපිට නිවැරදිව සකසා දෙන්න.

13 comments:

  1. orgasm කියන එකට ඉන්ද්‍රියය කියාපු එකනම් බරපතල ප්‍රශ්නයක්. එතකොට organ කියන්නේ සුරාන්තයද ??

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැරදියට දෙන්නේ ...... වචන කිහිපයක් තියන වැකියක් දුන්නහම වදුරු කුනුහරප එන්නේ

      Delete
  2. ජාතිකත්වය ගැන, රට ගැන සාඩම්බර වෙන හැමෝමත් මේ ඉල්ලීමට සහාය දෙන්න ඕනේ. රටකට, ජාතියකට අනන්‍යතාවක් තියෙන්නේ භාෂාව නිසානේ......

    ReplyDelete
    Replies
    1. අයියා පුලුවන් වෙලාවට වචනයක් දෙකක් හදමු

      Delete
  3. ඕක කරන්න පුළුවනුත් ලංකාවෙ මිනිස්සුන්ට මිසක ජනාධිපතිවරයාට නෙවෙයි. ඕකෙ පරිවර්තන වැරැද්දක් දැක්කම ඒ වැරදි පරිවර්තනයට යටින් තියෙන පැන්සලේ ලකුණ ඔබලා හරි පරිවර්තනය ඇතුල් කරලා Submit කලහම ඒක යන්ත්‍රයෙන් නිවැරදි කරගන්නවා. ඒ විදිහට තමයි අද ඔය තියෙන තැනට Google translator එක ආවේ. ඕකට මේ රටේ දාස් ගානක් මිනිස්සු කාලය, ශ්‍රමය, ධනය වැයකරගෙන දායක වුනා. එනිසා සිංහල වගේම වෙනත් භාෂාවනුත් දන්න අයට ඔය වැඩේ කරන්නය කියල ආරාධනා කිරීමයි කළ යුත්තේ.

    ඒ විදිහට හැමෝගෙම දායකත්වය නැතුව Google සමාගමට ජනාධිපතිවරයා කිව්වා කියල ඕක කෙරෙන්නේ නෑ. ජනාධිපතිවරයාට කරන්න පුළුවන් විදුලි සංදේශ සම්බන්ධ වැඩ තියෙයි. එයින් එකක් තමයි මේ රටේ තියෙන දුරකථන සමාගම් වලින් එක එක උත්පතන පණිවුඩ එවලා එව්වා එබුනහම සතිය ගානෙ රුපියල් විස්ස තිහ කපාගන්න සෙල්ලම නැවැත්වීම. බොත්තං ඔබන ටෙලිපෝන් තියං ඉන්න වයසක මිනිස්සුංගෙ ටෙලිපෝන් වලින් තමා ඕකලා වැඩිපුරම ගරන්නෙ. පාරිභෝගිකයා විසින් ටයිප් කර යවන SMS පණිවුඩයක් හෝ අංකනය කරන දුරකථන ඇමතුමකින් කරන ඉල්ලීමක දී හැර වෙනත් ආකාරයකින් අමතර සේවා සක්‍රීය කිරීම තහනම් කලා නං වැඩේ ගොඩ. අන්න ඒක කලොත් ගෙවල්වල පොඩි එවුනුයි, ගෑනුයි ගුටි කන එකත් නවතියි.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහේ ආරාධනාත් මීට කලින් කරලා තියනවා , හරියටම දන්න වචන එකතු කරලත් තියනවා පටන්ගත්ත දවසේ ඉදන් , මේක එහෙම කරලා වණ වීමත් වෙලා තියනවා , විදිමත් විදිහට දැනුමැත්තන් කරනවානං බොහොම ඉක්මනට කරන්ඩ පුලුවන් , පෝස්ට් එක හරියට කියවන්න ජනාධිපතිට ගුගල් සමාගමට කියලා කරවන්ඩ කියලා කියලා නැ මෙතන අදාල ආයතනයක් හරහා වැඩේ හරියට කරවන්ඩ කියලයි මේ කියවන්නේ ......... දුරකථන සමාගංවල දේවල් මෙතනට අදාල වෙන්නේ කොහොමද

      Delete
    2. සමාවෙන්න. මං වැරදියි.

      Delete
    3. යකෝ බ්ලොග් කාරයෝ සමාව කියන වචනය පාවිච්චි කරන්නේ නෑ ......... අල්ලලා දාපං සුරංගයා

      Delete
  4. පරිවර්තනය කරන කෙනෙක් විදියට මට තේරුණ දේ ඔතැන ඩික්ශනරි වර්ඩ් දාලා වැඩේ ගොඩ ගිය සීන් එකක් තියෙන්නේ. ට්‍රාන්ස්ලේෂන් ගැන මට දීර්ඝව ඉගෙන ගන්න හේතු වුණේ මාස්ටර්ස් ප්‍රොජෙක්ට් එකට මට ලෙචා දුන්න ප්‍රොජෙක්ට් එක ඕක නිසා. මම අන්තිමේදි හොයා ගත්ත දේ තමයි Example based Machine Translation තමයි සාර්ථකම ක්‍රමය කියලා. ඒ කියන්නේ දැනට පරිවර්තනය වුණු දේවල් මේ engine එකට train කරන එක. උදාහරණයකට හැලිබොරේන්ජ් බෝතලේ ගහලා තියෙන් සිංහල සහ ඉංග්‍රිසි උපදෙස් වලින් පෝෂණය කරන එක. මේ වගේ විවිධ හොඳින් ක්‍රියාත්මක වන දේවල් එකතු කරන්න ඕනේ. වචනෙන් වචනය පරිවර්තනය සිංහළට හරි යන්නේ නෑ. නැතිනම් Gramatic Based Machine Tranlation හරි යන්නේ නෑ. ඒකට හේතුව මේ භාෂා දෙකේ ව්‍යාකරණ වල වෙනස. ස්පාඥ්ඥ වගේ භාෂාවකට, ලන්දේසි වගේ එකක් ඉංග්‍රීසි Engine එක පහසිවෙන් 85% කට වැඩි accuracy එකකට ගන්න පුලුවන්. මේක හරි නොගිය හේතු අතරට පැහැදිලි දැනුමක් නැති අය එය පෝශණය කිරීම, සමහර සිංහල වචන වලට පැහැදිළි ඉංග්‍රීසි නෑ. උදාහරණයකට පින් වලට ඉංග්‍රීසි වචනයක් නෑ. පව් වලට තේරුමක් තියෙනවා sin කියලා. Unsin කියන්නත් පුළුවන්. ඒ වගේම අතීතයේ පරිවර්තන වැරදි Analyst කියන එකේ තේරුම විශ්ලේෂක වුනත් රජයේ රස පරීක්ෂකට කියන්නේ Government Analyst. කෙඳි සහිත ආහාර කිය එක හැදුනේ Fiber කියන වචනයට ඉංග්‍රීසි අරුත් දෙකක් තියෙන නිසා. ඇත්තට ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවට අනුව බිඳෙනසුළු ආහාර පැපොල්, ඇපල් හෝ කුරක්කන් අදහස් කළත් අපේ තාත්තලාගේ පරම්පරාවේ අය කෑවේ කොහිල හෝ කෙසෙල් බඩ.

    ReplyDelete
  5. මාත් ඇවිත් කියවලා ගියා.

    ReplyDelete
  6. රජයේ මැදිහත්විමක් එක්ක මේක ගොඩ දාන්න පුළුවන්ද කියන එක මෙතන ප්‍රශ්නයක්. හැබැයි යම් භාෂාව පිළිබඳ යම්කිසි දැනුමක් තේරුමක් තියෙන අය https://translate.google.com/community#en/si වැඩසටහනට සම්බන්ධ කර ගත්තොත් ටිකක් හරි වැඩේ වෙයි.

    තව දෙයක්.. ඉස්කෝල වල වගේම විශ්වවිද්‍යාල වලත් මේ crowdsourcing වැඩේ ප්‍රචලිත කරලා ගන්න ඕනි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>