පළවෙනි එක මට කෙලෝලා ජීවිතේම අන්නලා ..... මාරු උනා.
දෙවනි එකීගෙන් පළවෙනි එකී එක්ක තිබුන ඇරියස් එක කවර් කලා, ඒ ළමයා පව්.
තුන්වෙනි ඇන්ටි ( අක්කා ) එයා තමයි ආදරේ කරනකොට තමන්ට වඩා පාට්නර් ගැන හිතන්න ඕන ..... ඒයා කැමති විදිහට ඉදලා එයාව සතුටු වෙන විදිහට වැඩ කටයුතු කරලා අවසානේ තමන් සතුටු වෙන්ඩ ඕන කියන පාඩම කියලා දුන්නේ ...... පස්සේ එයා ..... මගේ අතේම ලියුං ඇරිය අයියා කෙනෙක් බැදලා දැන් සැදෑසමය ගතකරනවා ....... එයාලගේ දුව මෑතක කසාද බැන්දා
හතරවෙනියගේ දුසිං ගානක් වෙච්ච පෙම්වතෙක් අතින් මම මැරුම් කන්නත් තිබ්බා ........ හම්මෝ ....මතක්වෙනකොට ඇග හිරි වැටෙනවා
පස්වෙනියා ..... ඒකී මට බෑම කියලා කුඩ්ඩෙක් බැන්දා .... මැන් එල්ලිලා මලා ... දැන් ඒකගේ ළමයි දෙන්නටයි ........ උගේ මල්ලිගේ ළමයි තුන්දෙනෙකුටයි .. උගේ මල්ලිටයි ... බත් තම්බනවා.
හයවෙනියා දෙන්ඩ වගේ එනවා ...... ආයේ ගන්නවා ........ අනේ උක්කාගනිං කියලා නිකං හිටියා
හත්වෙනියට මගේ ජාතිවාදී යාළුවෙක් හරස් උනා ...... අපේ අම්මට කේලං කියලා ....... හාලම දැම්මා ...... ඒ උනහපුලුවා ....... අපේ අම්මා කාලී අම්මට ඇදලා ...... වැඩේ කුරුවල් කරලා දැම්මා ....... සමහර වෙලාවට අදටත් හම්බෙනවා ...... ඉස්සර හිනාවම දාලා යනවා ....... කතා කරන්නැ හැබැයි ...... මාත් එයා තියාගන්න හදන සීමාවට ගරුකරලා ගෙදර එනවා
අටවෙනියාත් අක්කා කෙනෙක් ........ එයා පට්ට සීරියස් ..... අවවාද දෙනවා එයාව එපාවෙනකං ....... අපරාදේ ....එයා ටිකක් පොලවේ පයගහලා හිටියානං ...... මට තිබ්බා අර කලින් අක්කා මට කියලා දුන්න පාඩං ඔක්කොම කියලා දෙන්න ....... එයාට ඒකට පින නැති උනාට මං මක්කරන්ඩද
ඊට පස්සේ ලව් නෑ ........ සෑහෙන කාලයක් ඔහේ ගෙවිලා ගියා .........
ඔහොම කාලයක් ගතවෙලා ගිහින් ගෙදර උන්දෑගෙන් ඇහුවා ....... අවුරුදු තුනක්ම බෑමයි කියුවේ ... හැබැයි මුන්දැගේ තියන මව්වත්කමට මට ලෝභ හිතුනා ......... ඇණයක් වෙනකං පස්සෙං ගියා .......... පස්සේ මගෙන් බේරෙන්ඩ බැරි කමට හා කියුවා ...... අපරාදේ මට වඩා හොද මිනිහෙක් එක්ක මේකිට යන්ඩ තිබ්බා ........
උන්දැගේ පෙර කල අකුසල් පලදුන්නා
.
කෙනෙකුට වස තව කෙනෙකුට රස වෙනවා
ReplyDeleteකෙනෙකුගෙ නරක තව කෙනෙකුට හොඳ වෙනවා
විෂ්ණුන්නාන්සේටත් අපලේ වෙනවා
එයාට පව්! ඔයාගෙ පින පළ දෙනවා
10?
ReplyDeleteඒක තමයි මං ඔය යටිං දාල තියෙන්නෙ.
Deleteඊට පස්සෙ අර මැසිම හදන්න ගිය ගෙදර අක්ක එක්ක තිබ්බ සීන් එක මේකෙ නෑනෙ බං.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteතුන්වෙනි ඇන්ටි ( අක්කා ) හොඳට උගන්නලා වාගේ 😂
ReplyDeleteඇත්තටම මෙච්චරද?
ReplyDelete"උන්දැගේ පෙර කල අකුසල් පලදුන්නා"
ReplyDeleteඅන්න හරි.
ගෙදර උන්දා බ්ලොග් එක කියවන්නේ නෑ නේද මචෝ?
ReplyDelete