2023-01-19

මගේ ලව්

 පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.


දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක කවර් කලා, ඒ ළමයා පව්.


තුන්වෙනි  ඇන්ටි ( අක්කා ) එයා තමයි    ආදරේ කරනකොට තමන්ට වඩා පාට්නර් ගැන හිතන්න ඕන  ..... ඒයා කැමති විදිහට ඉදලා එයාව  සතුටු  වෙන විදිහට වැඩ කටයුතු කරලා අවසානේ තමන් සතුටු  වෙන්ඩ ඕන කියන පාඩම කියලා දුන්නේ ...... පස්සේ එයා ..... මගේ  අතේම  ලියුං ඇරිය අයියා කෙනෙක්  බැදලා  දැන් සැදෑසමය ගතකරනවා ....... එයාලගේ    දුව  මෑතක  කසාද  බැන්දා


හතරවෙනියගේ  දුසිං  ගානක්  වෙච්ච   පෙම්වතෙක්  අතින්  මම  මැරුම්  කන්නත්  තිබ්බා ........ හම්මෝ ....මතක්වෙනකොට ඇග හිරි වැටෙනවා


පස්වෙනියා ..... ඒකී  මට බෑම  කියලා  කුඩ්ඩෙක්  බැන්දා .... මැන්  එල්ලිලා   මලා ...  දැන්  ඒකගේ  ළමයි  දෙන්නටයි ........ උගේ මල්ලිගේ  ළමයි  තුන්දෙනෙකුටයි  ..  උගේ මල්ලිටයි ... බත්  තම්බනවා.


හයවෙනියා  දෙන්ඩ  වගේ  එනවා ...... ආයේ  ගන්නවා ........  අනේ  උක්කාගනිං  කියලා  නිකං  හිටියා 


හත්වෙනියට  මගේ ජාතිවාදී යාළුවෙක්  හරස් උනා ...... අපේ  අම්මට  කේලං  කියලා .......  හාලම  දැම්මා ...... ඒ  උනහපුලුවා ....... අපේ  අම්මා කාලී අම්මට ඇදලා ...... වැඩේ  කුරුවල් කරලා දැම්මා .......  සමහර  වෙලාවට අදටත්  හම්බෙනවා ......  ඉස්සර හිනාවම දාලා යනවා ....... කතා කරන්නැ  හැබැයි ...... මාත්  එයා  තියාගන්න  හදන  සීමාවට ගරුකරලා      ගෙදර  එනවා


අටවෙනියාත්  අක්කා  කෙනෙක්  ........  එයා පට්ට  සීරියස් .....  අවවාද   දෙනවා  එයාව  එපාවෙනකං  .......  අපරාදේ ....එයා ටිකක්  පොලවේ   පයගහලා  හිටියානං ...... මට  තිබ්බා   අර කලින්  අක්කා  මට  කියලා  දුන්න  පාඩං  ඔක්කොම   කියලා දෙන්න .......  එයාට   ඒකට පින  නැති  උනාට  මං  මක්කරන්ඩද 


ඊට  පස්සේ   ලව්  නෑ ........ සෑහෙන  කාලයක්  ඔහේ ගෙවිලා  ගියා ......... 


ඔහොම කාලයක්   ගතවෙලා  ගිහින්  ගෙදර  උන්දෑගෙන්  ඇහුවා .......  අවුරුදු  තුනක්ම  බෑමයි   කියුවේ ... හැබැයි   මුන්දැගේ  තියන මව්වත්කමට  මට ලෝභ හිතුනා ......... ඇණයක්  වෙනකං   පස්සෙං  ගියා .......... පස්සේ  මගෙන්  බේරෙන්ඩ බැරි  කමට හා කියුවා ...... අපරාදේ  මට වඩා හොද මිනිහෙක්   එක්ක මේකිට  යන්ඩ තිබ්බා ........ 


උන්දැගේ පෙර කල අකුසල්  පලදුන්නා

.

11 comments:

  1. කෙනෙකුට වස තව කෙනෙකුට රස වෙනවා
    කෙනෙකුගෙ නරක තව කෙනෙකුට හොඳ වෙනවා
    විෂ්ණුන්නාන්සේටත් අපලේ වෙනවා
    එයාට පව්! ඔයාගෙ පින පළ දෙනවා

    ReplyDelete
  2. Replies
    1. ඒක තමයි මං ඔය යටිං දාල තියෙන්නෙ.

      Delete
  3. ඊට පස්සෙ අර මැසිම හදන්න ගිය ගෙදර අක්ක එක්ක තිබ්බ සීන් එක මේකෙ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. තුන්වෙනි ඇන්ටි ( අක්කා ) හොඳට උගන්නලා වාගේ 😂

    ReplyDelete
  5. ඇත්තටම මෙච්චරද?

    ReplyDelete
  6. "උන්දැගේ පෙර කල අකුසල්  පලදුන්නා"
    අන්න හරි.

    ReplyDelete
  7. ගෙදර උන්දා බ්ලොග් එක කියවන්නේ නෑ නේද මචෝ?

    ReplyDelete
  8. දෙන්නටම පරණ පව් පල දුන්නා කියලා කියමු.

    ReplyDelete
  9. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • covid 19 solution to safety From the betel
  • බෝතාල් පත්තරේ
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං
    අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා වාහන ගාන වැඩිකලාටත් බනිනවා වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා අදායම් බදු…
  • බඩු තියනවා ගාණ දෙදහයි
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • කුරුඳු තැලිල්ල
    ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා…
  • හොර ගෑණු
    '' හෙලෝ මේ '' '' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
1,646,582

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>