2014-07-23

පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්


'' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල ''

''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට ගිහින් බාස්කට් ටික වාහනේට දාගත්තනං''

'' අපේ හාමුදුරුවනේ හත් නමක් සම්පූර්නයි නේද ''

'' හත් නමට දහ නමක් ඉන්නව මහත්තයෝ ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ‍අපේ පොඩි උන්නාන්සෙල තුන්නමයි මමයි හතර නමයි , අනිත් උන්නාන්සෙල පිටින් තමයි වැඩමෙව්වේ , පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත් පිලිගන්වන්ඩ වෙයි ගමං ගාස්තුවට ''

'' එහෙමයි හාමුදුරුවනේ ''

'' ඒක ඔය සබේ මැද්දේ දික් කොරන්ට ඕන නැ , ආපහු වඩම්මනකොට දුන්නහම ඇති ''

'' එහෙමයි ''

යැයි කියු සමන්තිලක තමන් සේවය කරන රජයේ කාර්යාලයේ තමන් පදවන වැන් රථයට නැගි රියැදුරු අසුනින් හිදගත්තේය , දානේ බාස්කට් රැගෙන පැමිනි ජගත් පසු පස දොර හැර සියල්ල පටවා . ඉදිරිපස පැති දොර හැර බලා සිටියේය.ධාතු  කරඩුවද රැගෙන වැන් රථයේ ඉදිරි අසුනට ලොකු හාමුදුරුවන් නැගුනු පසුව විඩින් විඩ ඉතිරි හිමිවරුන්ද නැගුන පසුව.

'' අවසරයි හාමුදුරුවනේ ''

'' එකොලහයි යං යං ''

තම නිවහනේ මිදුලේ රථය නවත්වා දානයට වැඩම කල හිමිවරුන් බිමට බහින්නටත් පෙර නිවස තුලට දිව ගිය සමන්තිලක

'' තව ටිකක් ලංකරල තව අසන තුනක් හරිගස්සහල්ලා තව තුන්නමක් වැඩියා ''

'' එතකොට ....ඒයි .....පිරිකර .....''

'' කාවහරි කඩේට ඇරල මොනවහරි පාර්සල් කරල ගෙන්න ගම්මු ''

'' මොනවහරි .... කියන්නේ පිස්සුද අනේ පිරිකරට ගැලපෙන දෙයක් වෙන්ඩ එපැය ''

'' දැන් ඉතින් වෙන මොනව කරන්ඩද ''



'' මොනවද අනේ..... ඔයාට තිබුනේ ලොකු හාමුදුරුවන්ගෙන් පස්සේ සල්ලි දෙන්නං කියල හරි තව අටපිරිකර තුනක් ඉල්ලං එන්ඩ , .....තේරෙන්නේ  නැද්ද තුන්නමකට වෙන මොකවත් දෙන ඒක හරිනැ කියල . ...අනික ලොකු හාමුදුරුවන්ටත් තිබ්බා කලින් ඔය ගැන කියන්ඩ ''

'' හරි හරි ...අන්න ලොකු හාමුදුරුවෝ දෙපා දෝවල ඇතුලට වැඩිය , තමුසේ කුස්සිය පැත්ත බලල දුහල එනව , මං කාවහරි  ටවුමට අරල එන්න ''

තවමත් සාමනේර හිමි වරුන්ගේ දේපා දෝවන ඉදිරිපස උළුඅස්සෙන් එලියට යාගත නොහැකි නිසා , සුදු සරම දෙපසින් ඔසවාගන උස ජනේලයෙන් එලියට පහසුවෙන් පය තැබු සමන්තිලක තම ජංගම දුරකතනය ගෙන අංකයක් ඇමතුවේය

'' ...හෙලෝ ....ප්‍රසන්න මල්ලි ............මම............තිලක්අයියා .........අනේ මල්ලි මට  ලොකු උදව්වක් කරහං ......මං අපේ මස්සිනාව එවන්නං . උඹ දන්නවනේ උෟව ...ජගත ....ජගත ...අනේ කොල්ලෝ ..ඔය පිරිකරට හරියන මොනවහරි පාර්සල් තුනක් ඔතල , පන්සීයේ කොල දහයක් ලියුං කවරවලට දාල ....ජගත අතේ එවහං මචෝ , මං උඹට අරගත්ත බඩු වල බැලන්ස් එක දෙන ගමං දෙන්නං , අනේ කරදරයක් කියල හිතන්ඩ නං එපා රත්තරනේ ... මං හෙන අමාරුවක වැටිලයි ඉන්නේ .............හා හා .....එහෙම හොදා ........උඹ  දන්නවනේ ඉතින් මට වඩා ඔව්වට දෙන ඒවා ......හා මල්ලියේ හා ..........මේ ඒක නෙමෙයි  කාවහරි ඔතනට පට්ටල් කරල වරෙන්කෝ දවල්ට බත් කටක් කාල යන්ඩ
..................ඒකත් එහෙමයි නේද හා හා එහෙනං ...කඩේ දාල එන්ඩත් බැනේ .... මං එහෙනං තියන්නං .............හාමුදුරුවෝ වඩම්මල මේ ගත්තේ .... එහෙනං බුදුසරනයි .......හරි හරි  , .....බායි ''

ඇමතුම අවසන් කරමින් කමිස සාක්කුවට දුරකතනය රුවාගත් සමන්තිලක බිරිදගේ මලනුවන් කඩයට පිටත් කොට පැමින ආගමික වතාවත් වලට හිදගන සිටියද හිත එක් තැනක නොරැදුන සමන්තිලක වදින්නං වාලේ ඔහේ වැදගන සිටියේය , දන් පිලිගන්වන අවස්තාවේ නැගීසිට සපයාගත හැකිවු වැඩිම මිලක් නියම කල සහලෙන් පිසු බත්  පිරවු බන්දේසිය රැගෙන නායක ස්වාමීන්වහන්සේට බත් හැදි දෙකක් බෙදන විට අත්ල පිගාන උඩට ගෙන ඒමෙන් පසුව , අනිත් හිමිවරුන්ටත් බෙදන අතර ග්‍රීන් පීස් නොයොදා පිසින ලද කජු  වැංඡනය අතැතිව සිටි බිරිදට හිසින් සං කරමින් බත් බෙදීම අවසන් කොට මුඩියකිං වසාතිබෙන භාජනය අතට ගෙන නායකහිමිනම අසලට පැමින.

'' අපේ හාමුදුරුවනේ අවසර , ..............මේ අර ඔබ වහන්සේ කැමතිම මාන්ස ටිකක් ලැබුනා ටිකක් පිලිගන්වන්ඩද ''

'' හම් ..හම් ...මහත්තයෝ ......මේ  ..මට තියන අර්සස් අමාරුවට පංකාදු අවුසදේ . අපේ ඔය බංගලි හාමුදුරුවොත් මනාපයි මයේ හිතේ අහල පිලිගන්වමු ''

'' එහෙමයි ''

'' මහත්තයෝ......අර........ අපේ .... බුදුගේ රෙපයාර් කරන  බාසුන්නැහෙලයි , ඩයිවර් ළමයයි  එක්ක තව දහයක් දොලහක් ඔක්කොම ඉන්නව , බාස්කට් ටිකත් පුරවන්ඩ කියල කාටහරි කියුවනං ''

'' එහෙමයි ''

දන් පිලිගැන්වීම අන් අයට පැවරු සමන්තිලක ජගත්ට  පසෙකට අඩගැසුවේය.

'' ප්‍රසන්න මොකද කියුවේ ''

'' මොකවත් නැ අයියේ , අන්න මං පිරිකරටික අනිත්වා ලගින් තිබ්බා, මෙන්න ලියුං කවරටික ''

'' ඔය ටික ලග තියාගන වාහනේට නැග්ගහම දෙනවකෝ , මං යනව ඇතුලට ........ ආ මේ අර දානේ භාජන වලට පහලවකට විතර කන්ඩ කැම ඕන කියුවා  . පොඩ්ඩක් බලල ඒකත් පටවගන්නව හරිද මල්ලි ''

යැයි කියු සමන්තිලක නැවතත් නිවස තුල‍ට පිවිසියේය

'' තිලක් මහත්තයෝ... සුප් එහෙම තියනවනං මෙහෙම්ම පිලි ගැන්වුවානං ''

'' අවසර අපේ හාමුදුරුවනේ .......සුප් පිලියෙල කරන්ඩ අතපසු උනා ''

'' හා හා ඒකට කමක් නැ , එහෙනං අරව පොඩ්ඩක් ගම්මුකෝ තව ''

''එහෙමයි .....එහෙමයි''

කියමින් පියනින් වසා පරිස්සමින් පැත්තක තැබු භාජනය රැගත් සමන්තිලක නැවත වරක් අතින් පිගාන වසනතෙක් පිගානට බෙදුවේය , තව තවත් හඩ බාල කල ලොකු හාමුදුරුවෝ .

'' මෙව්වා නොම්මර එකේ කෑම මහත්තයෝ , දැං මෙව්වයේ ඇහැටවත් දකින්ඩ නැ ''

'' එහෙමයි හාමුදුරුවනේ .......ගිය සතියේ මං මන්නාරං ගියා එහෙදි හම්බුනේ ඔබ වහන්සේ මතක් වෙලා තියාගත්තා ''

'' හොදා හොදා මහත්තයෝ ''

අටපිරිකර හත පිලිවලින් පුජාකොට කුඩා හිමිවරුන්ට අනෙක් පිරිකර තුන පූජාකර , මතකපැන් වක්කොට දානයේ වැඩකටයුතු අවසන්කර නැවතත් ජගත් සමග පන්සලට වඩම්මන අතර තුර , පාර නිදහස් තැනකදී පසු පසට හැරුන සමන්තිලක

'' මල්ලි කෝ අරක ''

අසුන් අතරින් ඉදිරියට රිංගා ජගත් දික්කල ලියුම් කවර ටික තනි අතින් ලොකු හාමුදුරුවන්ට දික්කල සමන්තිලක

'' හාමුදුරුවනේ ගමං ගාස්තු ''

'' අපිටත් එක්කද,  මක්කටෙයි මහත්තයෝ අපට''

කියු ලොකු හාමුදුරුවන් වහන්සේ . එක් ලියුං කවරයක් රැගෙන අනෙක් සියල්ල පිටිපස සිටින හිමිවරුන්ට පසු පසවත් නොබලා දික්කලේය.

වේගයෙන් පැමිනි වැන් රඡය පන්සල් වත්තට පිවිසුන පසුව කට හඩ අවදිකල ලොකු හාමුදුරුවෝ

'' පොඩි උන්නාන්සෙල බස්සල . පොත්තේකන්දේ දෙනම එහෙට බස්සගනම දෙවෙක්කදු යං මහත්තයෝ , අපේ ඉස්කෝලේ හාමුදුරුවන්ව ඉන්ටර්සිටියට දාගන  එන ගමං බැරියැ  ධර්මරත්නව යටිපිලින් බස්සගන එන්ඩ , කරඩුව තියල මං දුහල එන්නං ටවුමේ ෆෝන් කඩයට යන්ඩ ඕන දැං හදන්ඩ දිලා සති ගානක් ''

මුවින් කිසිවක් නොකියා නිහඩව සිටි සමන්තිලක සියල්ලන්ව කියනා තැනකින් බස්සා අවසානයේ සැතපුම් පහලවකටත් වඩා පැමින ප්‍රධාන මාර්ගයේ දිවෙන ඉන්ටර්සිටි බසයක් ජගත් ලව්වා  නවත්වා ඉස්කෝල ගුරු හිමිනම එයට නග්ගවා පැමීන , පැයකටත් වැඩි කාලයක් දුරකතන අළුත්වැඩියාකරන තැනකත් කාලය කාදමා ,පන්සල් මිදුලෙන් ලොකු හාමුදුරුවන්ව බැස්සුවේය.

'' එහෙනං මහත්තයෝ බොහොම ස්තුතියි ''

'' තරහ අවසර අපේ හාමුදුරුවනේ , අර ගුරු හාමුදුරුවෝ කොහොමටත් සිකුරාදා ඉස්කෝලේ ඇරිලා තමුන්ගේ පන්සලට වඩින මනුස්සය මිසක් මගේ වැඩේට ආවා නෙමෙයිනේ , කොහොමින් කොහොමහරි  දැන් වෙලාව තුනහමාරත් පැනල , දානේ තිබ්බේ මගේ ගෙදර , කාලෙකින් ආපු නෑදැයෝ , යාලුවෝ , වැඩපලේ මිනිස්සු ඔක්කොම අපේ ගෙදර , ගමංගාස්තු දිලත් අන්තිමට මට උනේ පැයගානක් වටේ කැරකෙන්ඩ , මං ඩීසල් එක්ක වාහනයක් උස්සං එන්ඩ පුලුවං ආණ්ඩුවෙ තැනක ඩයිවර් කෙනෙක් වෙච්ච හන්දා හොදයි , නැති බැරි අහිංසකයෙක් දානයක් දෙන්ඩ ගියානං ..............අම්මට  %^*&^%$%^  නේද ''

154 comments:

  1. මුව මස් ටිකක් දුන්නට පව් නැතුවා.

    ReplyDelete
    Replies
    1. අර්සස් අමාරුවට හොද වල් ඌරු මාළු

      Delete
    2. කරුණාකර බුකියේ ආතල් බුකියේ ගන්න

      Delete
  2. නියමයි ලක්මාල් අයියා . සංඝ සමාජයේ ඇති ඔය පැත්ත ගැන කිසිම කෙටිකතාකරුවෙක් කතා කරන්නෙ නෑ.ඇයි ඒකෙන් බුදුදහමට නිගාවක් වෙයි කියලද . බුදුදහමට කිසිම නිගාවක් වෙන්නෙ නෑ..ඕක දාන්ඩ ඕනෙ කෙලින්ම පත්තරේට...නැත්තං තවතවත් ඔය කියන සංඝ සමාජය අපේ මේ සාරගර්භ වු බෙෘද්ධ සංස්කෘතිය කෙලසනවා.
    මේකෙ ලියල තියෙන හැම වාක්‍යක්ම මේ කෙටිකතාවට මනාවට ගැලපෙනවා. අයින් කරන්ඩ කියල කිසිම දෙයක් කියල තමා මගේ මේ පුංචි මොලේටනං තේරෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේම අත්දැකීම් තියෙනවා දාන ගෙවල් වලට උදව් පදව් වෙන්න ගිහින් ලබාපු. ඒත් ලිව්වොත් මුං කියාවිනෙ බුද්දහගමට අපහාස කොරනවා කියලා.

      දැන් කාලෙ සීලවන්ත පැවිද්දො බොහොම පොඩ්ඩයි ඉන්නෙ. හැම ආගමකම වගේ. වෙලාවකට හිතෙනවා මේ පැවිද්දොද කියලත්.

      Delete
    2. ස්තුතියි වැව් ඉස්සමත්ත

      Delete
    3. ඒකනං ඇත්ත හැරී මම දන්න පාදර්ල ඉන්නව හාමුදුරුවන්ට හපං

      Delete
  3. හාමුදුරුගොල්ලෝ මිසක් පන්සල්වල බුදුහාමුදුරුවෝ නැනේ බන්..... අනෙක් අතට බුදුහමුදුරුවෝ හිටියත් කරන්න බරිවැඩක් කිව්වමත් එහෙයි කියන්නේ නැතුව මේ වෙල් වේලාවෙනම් අපහසුයි කියන්න දායකයෝ දැන් දැන් පුරුදුවෙන්න ඕනා ..... දැන් ඉතින් බුද්දවර්ශවලින්ම කියනවනම් 2600කුත් පහු කරලනේ තියෙන්නේ

    ReplyDelete
  4. චක් විතරක් පින ඔක්කොම ඉවරයි අර අන්තිමට කරපු පින් අනුමෝදනාවෙන්

    ReplyDelete
    Replies
    1. මචං ඇත්තටම එහොම අනුමෝදනා කරල තිබුනා පොර

      Delete
  5. පොඩි නම අර ගොනා ගියාද?

    ගියා ළොකු හාමුදුරුවනේ...

    බලපන් මේ ගොන් හරකා මගෙන් ගන්නේ නැතිව, වෙන කොහෙන්ද පිරිකර වගයක් ගෙනත් දුන්නා නේ.... ඔය තිලක්සිරි කොලුවට ගිහින් කියහන් මගේ කොමිසොන් ගාන පිරකර කඩෙන් ඉල්ලගෙන එන්න කිව්වය කියලා. ඒ ගමන්ම අර පරණ මළ අල්ලපු පිරිකර දෙක තුනත් කඩේට යැව්වා නම් හොඳයි නේද?

    මේන් මේ කකුල් දෙක මිරිකුවා නම්, පැය ගානක් එක තැන ඉඳලා, නිකන් හිරි ගැහිලා වාගේයි. තිලකසිරිට කියාපං. එනගමන් සුජාතා ඉස්කෝළේ හාමිනේට හැන්දෑ වෙලා මේ ඇවිත් යන්න කිව්වය කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ ගමංම සීල් බාගෙකුයි ඩන්හිල් පැකට් එකකුයි ගේන්න කිව්ව කියාපං දවල් හම්බුන සල්ලි වගයක් ඇති ඒකෙන් දෙන්නං කියලා … !!!

      Delete
    2. කෝ යකෝ මේ ලාච්චුවෙ දාල තිබ්බ පෙති ටික

      Delete
    3. හා හා පොඞිනම ඔය ෆෝන් එක පරිස්සමට ඔය ඇපැල් ෆෝන් එක දුන්නේ කුඞු රංඡියාගේ ගෙදර දානේට වැඞපු වෙලාවේ.. අන්න එහමයි දාන දෙන්න ඔිනේ අප්පේ තිබුන කෑමබිම මතකද පොඞිනම.

      Delete
    4. @ පත්තරේ, අමුවෙංමද බං. බයිට් සැන්ඩි මොකුත් නැද්ද?

      Delete
    5. අප්පට බොල ප්‍රසන්නයිය දැක්ක කල්.… පංසලේ ගහෙං තැඹිලි ගෙඩියක් බාගත්තම හොඳා නේ :D ෂැන්ඩි වලට .

      Delete
    6. කෝ බොල අර පාර්සල් කොල්ල ඉල්ලගතිපු මස් ටික....ගනින් බලන්න.....

      Delete
    7. හිතවත් ඇනෝ

      ඔබ දැමු කමෙන්ටුව ඔබේ ෆෝපයිල් එකෙන් දැම්මානං නොමකා තියනව.

      පේක් නැති රියල් ‍‍‍ෆෝපයිල් එකකින් කුණුහාරපයක් , බලවත් අපහාසයක් උනත් දැම්මත් නොමකා තියනව

      ද්වේශ සහගත ඇනෝ කමෙන්ට් බැ මචං , දැක්ක ගමං මකනවා , තරහවෙන්ඩ එපා

      දැං කියන්ඩ එපා මං පූර්ණකාලීන ඇනෝ කෙනෙක් කියල

      Delete
    8. අපරාදේ මම දැක්කේ නෑ මොකක්ද තිබුනේ කියලා. නැත්නම් ත්ව ධර්‍ම දේශනාවක් දෙන්න තිබුනා.. නිවන් දකින්නම.. තියෙනවනම් මේල් එකටවත් දාපන්..

      Delete
    9. සොරි ඒකනං මැකුවා

      Delete
    10. මොකක් කියුව මල් මල්

      Delete
    11. මොන පෙතිද මහේෂ්

      Delete
    12. හාහා මාතලං උඹටත් මට වගේ උණ ගැනෙයි

      Delete
    13. බාගයක් ඔලුවට දාන්ඩද පත්තරේ

      Delete
    14. ඇපැල් ෆෝන් පාවිච්චි කලාට නං කමක් නැ ප්‍රසන්නයෝ

      Delete
  6. සාදු ලාට රතගාය ඩිංගක් වැඩිනං තමා.. :D

    ReplyDelete
  7. මහත්තයෝ මේ තව පොඩි උන්නාන්සේලා 3න් නමක් විතර ඉන්නවා. කමක් නෑ නේද? මේ වගේ කතාවක් හැම අවුරුද්දෙම මටත් කියනවා.. ඒක කියන්නේ ගොඩක් වෙලාවට දානේ දවසේ උදේට පන්සලට ගියාම...මුල්ම දවසේ අනාත වුණා ඔහොම කියල. යන්තම් පිරිකරක් හොයල දීල දැම්ම. දැන් ඉතින් අපි දන්නා නිසා කලින් ම වැඩිපුර පිරිකර 2ක් 3ක් ලෑස්ති කරලම තියෙනවා..
    හෙහ් හෙහ්

    පන්සලෙන් අටපිරිකර අරන් පන්සලටම පුජා කරන එක මම නම් හිතන්නේ හොඳ වැඩක්.. කාටත් ලේසියි නේ..

    වාහන සෙල්ලම ගැනත් කතා කරලා වැඩක් නෑ.. හාමුදුරුවරු 10 නමක් ආවොත් පන්සල් 5කට විතර යන්න වෙනවා. සිරාවට දානයක් දීල පිනක් නම් සිද්ද වෙන්නේ නෑ දැන් කාලේ වෙන දේවල් වල හැටියට..

    ReplyDelete
    Replies
    1. එවා ඔක්කොම ඉවසත හැකි වරද පෙන්නන එකාට අරින්ඩ එන එක තමා ඉවසන්ඩ බැරි

      Delete
    2. @pathum

      තෝ මහලොකු සත්‍ය ගවේෂණ කරපිය හාමුදුරුවරුන්ට බැන බැන

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේ කුනුහාරප මකපු එකත් මට දිඨ්ටධම්මවේදණියම පලදෙයිද

      Delete
  9. පට්ට පට පට...
    නියම කෙටි කතාව ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් කෙටිකතාවක් කලා

      Delete
  10. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ. අහෝ ඉරකි දුකකි තිත් පේලියකි.… නෙදකින්.

    දැන් ඔය දානෙ දෙන එකාට ඔය තරම් කරදර දෙන්නෙ මයෙ හිතේ සසර දුක තේරුම් කරන්ට වෙන්නැති.

    කතාව ඇත්තෙන්ම පට්ටය.

    ReplyDelete
    Replies
    1. සමහරක් විට එහෙම වෙන්ට ඇති ඔය මව් බාසාවෙන්ම උත්තර දිලා තියෙන්නේ නොදකිං

      Delete
  11. ඇත්ත,දැන් කාලේ සාංඝික දානයක් දෙනවා කියන්නෙ ලෙහෙසි වැඩැක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මිනිස්සු කොහොමහරි තමන්ගේ යුතුකම් ඉටු කරනව

      Delete
  12. සියල්ල කෙටියෙන් දීල තියෙන්නෙ ලෙසටම. හැමදාම වගේ හොද නිර්මානයක්.

    ReplyDelete
  13. නොදෝසනවාන්. බුදුහාමුදුරුවො හිටියනම් බෙල්ලෙ වැලදාගන්නවා බෝ අත්තක සිවුරෙන් බුද්ධ සාසනේට මේ වෙලා තියෙන නස්පැත්තිය දැකලා. දැන්කාලෙ දාන වලදි වෙන්නෙම ඔය ටික තමයි. මේක සැබෑ අත්දැකීමක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. //නොදෝසනවාන්//

      කියන්නේ මොකක්ද බං

      Delete
    2. ඒක මේ අපේ පැත්තෙ වචනයක් බං. හරියට නොදකින් කිව්ව වගේ. නොදකින්න වාසනාවන් කියන එක. තේරුණැයි?

      Delete
  14. කිරි කළයක් දෝලා ගොම බිංදුවක් දැම්ම හේ අර අන්තිමට කියපු ටික.ඔය හාමුදුරුවරුත් එක්ක ගනු දෙනු ඔහොමම තමයි.සමන්තිලක දානයක් දෙන්න ඇත්තෙ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඇති.එහෙම නැතුව දන්න පළපුරුදු කෙනෙක් නං

    ඔය අඳන හරි තුවා හරි දෙකතුනක් වැඩිපුර ගෙනත් තියාගන්නවා.

    හාමුදුරුවො වඩම්මන්න ආපහු එක්ක යන්න වගේ ගමනාගමන කටයුතු වල තමන් නොයෙදී වෙන කෙනෙක් යොදවා ගන්නවා.ඔය වැඩේට තමුන් පන්ගාර්තු වුනහම ගෙදර තියෙන අටෝරාසියක් වැඩ කටයුතු ඔක්කොම අවුල් වෙනවා.

    ලියුම් කවර ඕපන් එකේ දුන්නට හාමුදුරුවරු දැන් මොකුත් කියන්නෙ නෑ බොහොම සතුටිං හිනාවෙලා පිළිගන්නවා.විහිලුවකුත් කරලා.

    කතාවක් වශයෙන් ගත්තොත් කතාව පංකාදුයි.අන්තර්ගතය ගත්තම ඔය කතානායකයාගේ මම කියපු දුර්වලකම් තියෙනවා.හැම අවුරුද්දකම සාංඝීක දානයක් දීම සිරිතක් වශයෙන් කරන්න ගත්තම ඔය අඩුපාඩු දුර්වලකම් මග ඇරිලා යයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් දෙන්නේ නෑ. බලෙන් ගන්නවා.

      Delete
    2. හැලපේ අයියට කියන්න ඔය හැම එකටම වඩා කලපුරුද්ද.. දැක පුරුද්ද වටිනවා.. ඒ වගේම දෙයක් කරන්නං වාලේ කරන අයගෙයි... දෙයක් ගැන අවබෝධයක් ඇතිව කරන අයගෙයි වෙනස හැලපෙ අයියගේ කමෙන්ටුවෙන් පෙන්නුම් කරනවා...

      Delete
    3. මේක ඇත්තම කතාවක්

      Delete
    4. එතකොට හැලපයියේ එයාල එහෙම කරන එකේ වරදක් නැද්ද

      වැරදිකාරය හිගාකාල දානේ දෙන අර අහිංසකයද

      Delete
    5. හැලප,

      / හැම අවුරුද්දකම සාංඝීක දානයක් දීම සිරිතක් වශයෙන් කරන්න ගත්තම ඔය අඩුපාඩු දුර්වලකම් මග ඇරිලා යයි. /

      දාන දෙන එක නවත්තලම දැම්මම සල්ලිත් ඉතුරුයි, ප්‍රෙෂර් නඟින්නෙත් නෑ, හාමුදුරුවන්ට හිත යටින් කුණුහබ්බ කියල පව් පුරවගන්ට වෙන්නෙත් නෑ. :)

      Delete
    6. කෝ මේ හැලප අයියා

      Delete
    7. හැලපේ සමග එකඟයි.
      මිනිස්සුන්ගේ පෞද්ගලික අඩුපාඩුකම් ඉවසා ඉන්න බැරි හරි , ඒ ඒ අවස්ථා අවස්තානොචිත ලෙස හැන්ඩ්ල් කරන්න බැරි උදවිය මේ වගේ වැඩ නොවෙයි කොයි වැඩෙත් නොකර ඉන්න තරමට හොඳය.

      ස්වාමින් වහන්සේලාට රථ ගාය දරුණුවට ඇත.
      කලින් ගාන එකඟ වූ පසු වැඩිපුර වඩින ස්වාමීන්වහන්සේලාට අප ලබාදෙන්නේ ලියුම් කවර පමණකි.
      (බොහෝ දාන ගෙවල් වල අරක්කු බෝතල් ගණනින් විවුර්ත කරන මුදලින් මේ සඳහා මුදලක් වෙන්කර තැබීම එක්තරා ආකාරයක පිනකි )
      දත් ගැලවීම දරුණුවට සිදුවෙන නිසා කලින් සියල්ල කතාකරගෙන එකඟ විය යුතුය.

      අවාරෙට පොල් වැටෙන්නාක් සේ පන්සල් ඇසුරු කරන පිංවතුන් මේ කරුණු නොදන්නා අතර අවසානයේ කල පින නොව අමනාපය පමණක් සිතේ රඳවාගෙන සිටිති. ඔවුන් මෙවැන්නක් නොකර සිටියානං වඩා හොඳයි කිව්වේ ඒකයි

      අන්තිමට කියන්න ඇත්තේ සංඝ සමාජයද පිරිහුණ සිරි ලාංකික සමාජයේම තවත් පැතිකඩක් පමණක් බවය. ඔවුන් වෙත කියන කුණුහරප සියල්ල තමන්ටත් අවුලක් නැතිව ආදේශ කරගත හැකිවා මෙන්ම එය ලැබීම සඳහා ගිහියන්ටත් සියලු සුදුසුකම් ඇත.

      Delete
    8. //අවාරෙට පොල් වැටෙන්නාක් සේ පන්සල් ඇසුරු කරන//

      පිල්ලියෝ ඔන්න ඕකට ඇරෙන්ඩ අනිත්වට මං ලයික්

      Delete
  15. අන්තිම ටික හාමුදුරැවන්ට කිව්වේ නෑ හිතුවා විතරයි.

    ReplyDelete
    Replies
    1. නැ බං ඇත්තටම කියල

      Delete
    2. එහනම් සතුටුයි... මම ගානේ හොර ගනයන්ට මේ ටිකත් එකතු කරහන්.
      $%^&*(*&&%$#%^&&**&^^
      @#%^&*&^^&**

      Delete
  16. ඇත්ත ඇති සැටියෙන් කීමත් මේ දිනවල වරදක් ...කතාව පංකාදුයි ,

    ReplyDelete
    Replies
    1. එය දැක්කේ නැද්ද මවු බාසාවෙන්ම අදහස් දක්වල තිබුනේ

      මතවාදිව ගැටෙන්ඩ බැ ඉතින් කුනුහාරපෙන් බනිනවා

      Delete
  17. ඔන්න දැන් කාලේ දාන කටයුතු..... ඉතින් විදානයා බොරුවට බය වෙලා අර මළදානේ කියන නම අයින් කරන්න හදනවා. ඇත්තට ම මේ දානයට වඩා මළදානය හොද නැත්ද???

    ReplyDelete
  18. දැන් ඒ ගානටම ඇවිල්ලද තත්වේ?

    නියම කතාව. හැබැයි අටම් සමහර තැන්වල් වාක්‍ය ඔච්චර දිගට අමුණන්නේ නැතුව කීපයකට කඩලා ලිව්වා නම් තවත් පැහැදිළියි. මටෙ ඒක නෝට් වුනේ මේක මගෙඔ පවුලේ අයට ඇහෙන්න හඬනගා කියවන්න ගියාම.

    උඹ ඇඟිල්ල දික් කරලා තියෙන්නේ දැවෙන සමාජ ප්‍රශ්ණයක් දිහාට ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ඇත්තම සීන් එකක් අයියේ . රිදෙන තැන්වලට රිදිල . කමෙන්ට් ටික බලහං , මට නං ලැජ්ජයි ,

      Delete
  19. ඔය අන්තිමට කියල තියෙන ටික ඇහෙන්නම කිවුවනං තමයි හොඳ.
    අර හැලපෙ කියල තියෙනව වගේ ඔය ට්‍රාන්ස්පෝට් වලට ගෙදර මනුස්සය නොයා ඉන්නවනං තමයි හොඳ.
    අනික සාමාන්‍ය පන්සලක් උනාම දහ දොළොස් දෙනෙක් ඒ පංසලෙන්ම ගෙන්න ගන්න බෑ කියන්නෙ ඒ පන්සල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ කියන්නේ වැඩක්ම නැහැ ප්‍රසා... බොලා හැම සාමාන්‍ය පන්සලකටම මහණ කරන්න කියලා හත් අට දෙනා ළමයි වදලා හඩලා දීලා තියෙද්දිත් ඔය ගාන පන්සලේ නැත්තං වැඩක්ම නැහැ තමා.. :D

      Delete
    2. මේක මහනවෙන උං අඩුකම නෙමෙයි බොල. මේ පංසලේ පරිවෙණාධිපති පවුලක් පන්සලක් වෙලා ඉන්නෙ පංසලේම. වයසක නායක හැමුදුරුවො තමයි දානෙ ඉවරවෙලා හාමුදුරුවරු පංසලට වැඩැම්මෙවුවට පස්සෙ පලු යනකල් බැන්නෙ උංදැට පන්සලේ කට්ටිය වැඩි කරගන්නවට වඩා වෙන වෙන වැඩ කරනව කියල.

      Delete
    3. මචං අටමා මුගේ (ඇනෝගේ) කැතකම පිරිලා..
      මේ එක වචනයකින්වත් උඔට අබමල් රේණුවක හානියක් නෑ. ඌ කියලා තියෙන්නේ ඌ ගැනමයි.

      Delete
    4. AnonymousJuly 25, 2014 at 8:37 AM

      උඔලට විතරද එහෙම කරන්න හොද , අපි කියුවහම නරකද

      උඹට එහෙම කියුවහම රිදුනා වාගෙම Praසන්னට ටත් එහෙම කියුවහම රිදෙනව

      ඩිලිට් කරපු කමෙන්ට් එකෙයි , මේ තුනෙයි තියෙන්නේ වෙන මොනවද ඇනෝ , එකම අන්තර්ගතයනේ . එහෙම නැතුව පෝස්ට් එකේ තියන දේවල් නැහැයි කියන්ඩ එක අකුරක් තියනවද.

      මහ සෙල්ලමටයි අවසේස සෙල්ලංවලටයි කතා නොකර මේ ගැන කතා කරන්ඩ බැරිද , ඒකට එක එකාගේ අම්මලව ඇදල ගන්ඩ ඕනද

      ඒහෙම කතා කරනකොට ඒ බාසාවෙන්ම කතා කලහම රිදෙන්නේ මොකද

      ඔව්වම නෙමෙයිද ඒකෙත් තිබුනේ

      Praසන්னට බැනල තිබුන එක ඉවත් කලාට මට බැනල තියන හින්දා මේ තුන ඉතුරු කරනවා

      ඔව්වායෙන් මට රිද්දන්ඩ බැ


      Delete
    5. මචං මාරේ ඇත්තටම ඇයි බං උඹ උපැවිදි උනේ ,

      ඒක උඹේ අයිතියක් මම ඒකට අභියෝග කරනව නෙමෙයි

      ඒත් ප්‍රරසන්නයට අරහෙම උත්තර දීලා තියන හන්දයි ඇහුවේ

      Delete
    6. අනික මෙන්න මේකත් මතක තියාගනින්

      මට මොනව කියුවත් මම ඒක නොමක තියනව

      හැබැයි වෙන කෙනෙකුට කුනහාරපෙන් බනින එකක් හරි වෙනත් අපහාසයක් හරි දැක්ක තැන කොන්දේසි විරහිතව ඉවත් කරනව

      තව කවුරුහරි මොකක් හරි කමෙන්ට් එකක් ඉවත් කරන්න කියුවොත් ඉවත් කරනවා

      කුණුහාරපෙන් ඕන නං එහෙම උත්තර දෙන්ඩ මට හොදට පුලුවං මොකද මං උඹට වඩා කුනුහාරප දන්නව

      ඒ වගේම මේ බ්ලොග් එක මගේ ලියන්නේ මොනවද , නැත්තේ මොනවද , ඉවත් කරන්නේ මොනවද තීරණය කරන්නේ මම

      Delete
  20. මේකට කොමෙන්ට් එකක් කොටන්න ගියොත් අද දවස ඉවරයි... එයිට හොඳා නිකං ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මොකද්ද මාරයියෙ.... මේ වගේ පෝස්ට් එකකට මාරයියගේ කමෙන්ට් එකක් නැතුව වැඩක් තියෙනවද... හි හි ....

      Delete
    2. ඒකනේ බං උඹ තමයි අපි අතරෙ ඉන්න සුදුසුම කෙනා

      Delete
    3. @sanjeewa mendis

      මුන් තමා බං බුදුදහම කන්නේ

      Delete
  21. අපි සියලු දෙනා වෙනුවෙන් පහත පියවර ගනිමු. මේ නොවැදගත් , නුගත් සත්ත්ව කොට්ඨාශය වඳකිරීමට ඔවුන්ගේ පැවැත්මට අදාල කිසිඳු සාධකයකට දායකනොවීම
    නිදසුන්
    1.පැවිදිනොවීම,අනුබල නොදීම,සිටින පැවිද්දන් උපායෙන්,බලෙන් ඉවත් කිරීම
    2.දානය නොදීම,විහාරස්ථාන නඩත්තු නොකිරීම
    3.දුටු දුටු තැන අපහාස කිරීම එවිට මේ සතුන් පිරිස ලංකාවෙන් තුරන් වේ.
    එතැන් සිට ඔබ බල බලා සිටි සිහින දේශය බිහිවේ.
    1.මහින්ද සාධාරන පාලකයෙකු වේ.
    2.ආදායම් විෂමතාවය අවම වී හැමදෙනාටම ඇපල් දුරකථන ලැබේ.අලුත්වැඩියා නැත.අලුත්ම
    ඒවා.සමන්තිලකට තමන්ගේම වාහනයක් ලැබේ.
    3.දාර්ශනිකයින්,වෘත්තිකයින් රාජ්‍ය කරවනු ඇත(එවිට මහින්ද ද දාර්ශනිකයෙකි)
    4.නීතිය සියල්ලට ඉහලිනි .
    5. මෙකී නොකී සියලු වාසී එකම දේශයක.
    පමාවීම සුදුසු නැත.මේ අවිධිමත් විරොධතා විධිමත් ලෙසත්,සංවිධානාත්මකවත් ඉදිරියට ගෙන යමු.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ හාමුදුරුවනේ.. මේ කියල තියෙන්නෙ අපි දකින, අපිට පේන ඇත්තක් ගැන... අනිත් එක මෙතන හාමුදුරුවරු කියන්නෙ නූගත් සත්ව කොට්ඨාසයක් කියල කොහෙවත් කියල නෑ.. හාමුදුරුවරු වර්ජනය කරන්න, එහෙම නැත්තං නැත්තටම නැති කරන්න ඕනෙ කියලත් කියල නෑ... හැබැයි අපි දකින වැරදි ගැන කතා කරන්නෙ ඒ දේවල් වැරදි බව අපිට පේන නිසයි... ඒත් මෙතන එක දෙයක් තියෙනව.. බලන්න මේ වැරදි තියෙන බව දැනගෙනත් කී දෙනෙක් තමන් දන් දුන්නු බව කියල තියෙනවද කියල..

      මම මේ කමෙන්ට් එක දාන්නෙ හැමදේම වැරදි පැත්තෙන් අල්ලගන්න එපා කියල කියන්න... අපි දන්න, අපි ගරු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා අද සමාජයෙ ඉන්න සමාන්‍ය මිනිස්සුන්ගෙ තත්වය වටහා ගත්තු.. ඒ අයට ගැලපෙන්න බණ කියන්න උත්සාහ කරන.. ජාතක කතා පොතෙන් එහාට ධර්මය දේශනා කරන්න උත්සාහ කරන අය... බණ අහන කීපදෙනා හරි මාර්ගයට ගන්න උත්සාහ කරන.. ඒ වගේ ධර්ම දැනුම ඇති, සාමාන්‍ය දැනුම ඇති, අද සාමජය තේරුම් ගන්න පුළුවන් සඟ පරපුරක් මිසක් යන්නං වාලේ සිවුරු පොරෝ ගෙන සමාජය තවත් ලෙඩ ගොඩක් කරවන පිරිසක් සාසනයට හෝ සමාජයට කරන හොඳක් නෑ නේද...

      අන්තිමට කියන්න තියෙන්නෙ මහින්ද නෙවෙයි මොකා ආවත් සඟ සමාජය, සාමාන්‍ය බෞද්ධයන්ගෙ හිත් දිනා ගත්තෙ නැත්තං මොන මංගල්ලයක්වත් කරන්න බෑ... ඒකට තියෙන්නෙ සිවුර කරේ තියන් ගහපියව් මරපියව් කියන්න නෙවෙයි.. එහෙම උනාම අප්‍රසාදය මිසක් ප්‍රසාදයක් ලබෙන්නෙ නෑ පොඩ්ඩක් හරි බුද්ධ දර්ශනය දන්න මිනිස්සුන්ගෙන්.. ඔන්න ජාතිවාදීන්ගෙන් නං සහයෝගය ලැබෙයි.. ඒත් ඒකෙන් හොඳක් සිද්ධ වෙයිද.. අද මේ තත්වෙ ඇති වෙලා තියෙනනෙත් මේ හින්දම තමයි.. කාලයක් තිස්සෙ ගමත් පන්සලත් අතර තිබ්බ සම්බධන්තාවය නැති වෙලා ස්වාමීන් වහන්සේලා ගැන තිබ්බ ‌ගෞරවණිය හැඟීම වෙනුවට වදයක් වෙන තැනට ආවට පස්සෙ හරි දේකට වත් සාමන්‍ය බෞද්ධයක් එකතු කරගන්න සඟ පරපුරට අපහසුයි.. ඉතිං ඒකට ජාතිවදය යොදා ගන්න වෙලා...

      අද ලංකාවෙ වෙලා තියෙන්නෙ ඒකයි... පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් මං මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි....

      Delete
    2. මහත්මියනි,
      දේවො වස්සතු කාලේන ....... ගාථාව ගැඹුරින් හදාරන්න. ගැඹුරින්.ඉන් පස්සේ ගණ්ඩතින්දු ජාතකය කියවන්න.එහි යටිපෙළ හදාරන්න.අපි කියන දෙය තේරෙයි.

      Delete
    3. අවසර හාමුදුරුවනේ

      දේශපාලනේ ඇයි මෙව්වට ඇදගන්නේ

      Delete
    4. මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක්ෂකව විග්‍රහකරන්න ගියහම ලොකු අමාරුවක වැටෙනවා.ඔබ ඒ උගුලට අහුවුණා.ඇදුම්,ආහාර,නිවාස,බෙහෙත් මුලික අවශ්‍යතා ඉටුකරගන්නේ දෙශපාලනික ක්‍රියාවලියකින්.ඒකට සමිමුතිය කියමුකෝ.දැන් පරමාර්ථය.ඒ කියන්නේ නිවීම,පරිපුර්ණබව,අර්ථවත්බව,තෘප්තිමත් බව කියමුකෝ. අන්න ධර්මය අවශ්‍ය තැන.මේක තර්කයක් විදිහට ගත්තොත් කිකිළියි බිත්තෙරෙයි වගේ.දිනුමක් නැහැ.ඔන්න එතකොට ඒක තේරුමි ගන්න තව දැනුමක් පාවිච්චි කරනවා.හේතු ඵල කියමුකෝ.ඔන්න ඕක තේරෙන කොට අවුල් ලිහෙනවා.ඔබේ ලියමන කොච්චර දේශපාලනිකද කියලා තේරෙනවා.ඔබ සහ ඇනෝගේ දෙබස්වලින් මේ ක්ෂේත්‍රය ගැන කථා කරන්න ඔබ සතු දැක්මේ, සංයමයේ අඩුපාඩු ඇති බව තේරෙයි.ඒකේ දේශපාලනය තේරෙයි.අපි කියන්නේ ඕකට ලෝකය කියලා.ඒකෙන් මිදුනහම නිවීමක් තියෙනවා කියලා.ඕක තේරුම් ගන්න අමාරුයි.හැබැයි සුන්දරයි.එදාට මම ඔබ ඇනෝ සීමා මායිමක් නැති එකම කුලකයට අයිති බව තේරේවී.

      Delete
    5. මුලික ශරීරයෙන් සංර්ණ ප්‍රශ්න කඩලා අපේ දැනුමට සාපේක්ෂකව විග්‍රහකරන්න ගියහම ලොකු අමාරුවක වැටෙනවා.ඔබ ඒ උගුලට අහුවුණා.ඇදුම්,ආහාර,නිවාස,බෙහෙත් මුලික අවශ්‍යතා ඉටුකරගන්නේ දෙශපාලනික ක්‍රියාවලියකින්.ඒකට සමිමුතිය කියමුකෝ.දැන් පරමාර්ථය.ඒ කියන්නේ නිවීම,පරිපුර්ණබව,අර්ථවත්බව,තෘප්තිමත් බව කියමුකෝ. අන්න ධර්මය අවශ්‍ය තැන.මේක තර්කයක් විදිහට ගත්තොත් කිකිළියි බිත්තෙරෙයි වගේ.දිනුමක් නැහැ.ඔන්න එතකොට ඒක තේරුමි ගන්න තව දැනුමක් පාවිච්චි කරනවා.හේතු ඵල කියමුකෝ.ඔන්න ඕක තේරෙන කොට අවුල් ලිහෙනවා.ඔබේ ලියමන කොච්චර දේශපාලනිකද කියලා තේරෙනවා.ඔබ සහ ඇනෝගේ දෙබස්වලින් මේ ක්ෂේත්‍රය ගැන කථා කරන්න ඔබ සතු දැක්මේ, සංයමයේ අඩුපාඩු ඇති බව තේරෙයි.ඒකේ දේශපාලනය තේරෙයි.අපි කියන්නේ ඕකට ලෝකය කියලා.ඒකෙන් මිදුනහම නිවීමක් තියෙනවා කියලා.ඕක තේරුම් ගන්න අමාරුයි.හැබැයි සුන්දරයි.එදාට මම ඔබ ඇනෝ සීමා මායිමක් නැති එකම කුලකයට අයිති බව තේරේවී.

      Delete
    6. අවසරයි හාමුදුරුවනේ

      Delete
  22. හාමුදුරුවන්ට දානයක් දෙන්නෙ ගෙදර උනත් පන්සලේ උනත් පිණ එකමයිනෙ. ඒත් වැඩි තන්හාවට ගෙදරට වඩම්මනව. පස්සෙ ලොකු කමට උස් ආසන දෙනව. මස් මාලුත් දෙනව. සල්ලි තීන උන් තමන්ගෙ බලය පෙන්නන්න ඔහොම කරද්දි නැති උන් ණයක් වෙලා හරි තමන්ගෙ තත්වෙ රැක ගන්න ඔහොම කරනව. පස්සෙ හාමුදුරුවන්ට බණිනව.

    මම නම් බණකට මිසක් දානෙකට හාමුදුරුවරු ගෙදරට වඩම්මන එක අනුමත සහ අනුගමණය නොකරන කෙනෙක්. ඒ මගේ ක්‍රමය.

    අනෙක් පැත්තෙන් දානෙට ඔය බඩු මුට්ටු වලට වඩා සල්ලි දෙන එක හොඳයි. මොකද හාමුදුරුවන්ට නෙස්ටොමෝල්ට් බීල සිවුර ඇඳල විතරක් ජීවත් වෙන්න බැරි සමාජෙක ඔය දේවල් දීල විතරක් කොහෙ පිරිමහගන්නද?

    ඒ එක්කම ඉල්ලන ඕන දෙයක් අරන් දෙන බව දන්න ගර්ල්ෆ්‍රෙන්ඩ්ල වගේ තමයි අද ඉන්න ගොඩක් හාමුදුරුවරුත්. ඒත් දායකයට කොන්දක් තියේනං අනේ හාමුදුරුවනේ එකනං කරන්න වෙන්නෙ නෑ කියන දේට, ඔය අවුල නෑ. කොහෙද, පාන්සකූලෙට නෝයි කියල භයයිනෙ.

    ඔයි ඔක්කොම අමතක කලොත් අටමගෙ ලියැවිල්ල වෙනද වගේම රසයි. අනික මම මේකට කැමති, නිතර දකින සුලභ මාතෘකාවකින් එහාට ගිය කතවක් නිසා. හැබැයි කෙටි කතාවක් විදියට තවත් තාත්වික වෙන්න අර අග කොටස කියල දාන්න තිබ්බෙ "තමන්ටම කියා ගත්ත" කියල.

    ReplyDelete
    Replies
    1. //ඒ එක්කම ඉල්ලන ඕන දෙයක් අරන් දෙන බව දන්න ගර්ල්ෆ්‍රෙන්ඩ්ල වගේ තමයි අද ඉන්න ගොඩක් හාමුදුරුවරුත්//

      දැතේ වැඩක් දන්න උන්ට හෙනට කරදරයි ,
      ආයේ ඉතින් මේ මිනිහට පවුලක් තියනව නේද කියලවත් තැකීමක් , මම නං ඒ කරදරය බොහොම අමාරුවෙන් වලක්වා ගත්තා

      තමන්ටම කියාගන නැ ඒ යකා කෙලින්ම කියල දාල

      Delete
  23. අපි නං මේ ගිය මාසෙත් සාංගීක දානයක් දුන්නා, උම්බලකඩවත් නොදායි ඉව්වේ.

    පන්සලට ගිහින් දානේ පූජා කරන්න පූරුදු වුණා නම් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔව් එ්ක හොදයි ගොඩදෙනෙක් එහෙම කරනවා

      අපි පන්සලට මොනව හරි කරනකොට අපිට කරන්න පුලුවං දෙයක් හාමුදුරුවන්ගෙන් අහගන අවශ්‍ය දේ ලබා දෙනව

      හැබැයි ලිස්ට්වලට නම් නොදාන බවටයි , ලවුස්පීකරයෙන් නම නොකියන බවටත් පොරොන්දු කරගන

      අළුතින් විහාර ගේ හදනකොට දහදාහට වඩා දෙන අයගේ නම ගල් ඇන්දේ කොටනවා කියුවා , අපේ හාමිනෙයි මමයි කියුවා එහෙනං ඒකට නම දාන්න ඕන නැ , අපි අවශ්‍ය CFL බල්බ් ටික අරන් දෙන්නං කියල

      Delete
  24. මේ ලෝකේ පින් කරන මිනිස්සු වර්ග 03කට වෙන් කරන්න පුලුවන්.
    1. අදක්ෂ යා - පින්කම් සිදුකරලා ලෝභ ද්වේෂ මෝහ වඩාගෙන දුගතියට/අපායට යනවා.
    2. දක්ෂ යා - පින්කම් සිදුකරලා අලෝභ අද්වේෂ අමෝහ වඩාගෙන මනුශ්‍ය දිව්‍ය ආදී සුගති වලට යනවා.
    3. වඩාත් දක්ෂ යා - පින්කම් සිදුකරලා, ඒ පුන්‍යකර්ම වල ආනිසංස වල අනිත්‍යය ස්වභාවය මෙනෙහි කරමින් නිවීම කරා යන මග පාදාගන්නවා.

    මෙතන වෙලා තියෙන්නේ 1, 2, 3 න් කොයි එකද කියලා ලිපිය ලිවූ අයත්, කොමෙන්ට් කල අයත් හිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් මෙන්න මේ තියෙන කොටස දැනගෙන පිං දහම් කලොත් හොඳයි.

      Delete
    2. එතකොට වඩාත් දක්ෂයා විමට සියලු අකටයුතු කම් ඉවසා සිටිය යතුද ,

      ඔය තියරිය ඉස්සරහට දාලා මිනිස්සුන්ට සුද්දේ දාන එක කැත නැද්ද

      Delete
  25. // නැති බැරි අහිංසකයෙක් දානයක් දෙන්ඩ ගියානං ..............අම්මට %^*&^%$%^ නේද '' //

    ඒ කතාවනම් සහතික ඇත්ත අයියේ.. අද හාමුදුරුවරු දානෙකට ඉල්ලන ලිස්ට් එක දැක්කම හිතෙන්නෙම දන් නොදී ඉන්න..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි වෙනව තමයි මල්ලි

      Delete
  26. ඔකොම්මත් හරි දානෙට පන්සල් වලින් ඇහින්දාස් හාමුදුරුවරු හොයන්න ගියාම තමයි සංසාරේ එපා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් ඔච්චර එපාවෙන දේවල් කට්ට කාගෙන, පුක ඉරාගෙන කරන්නෙ? දෙනවට වඩා වැඩි දෙයක් ආපිට බලාපොරොත්තුවෙන් නේද?

      Delete
    2. ඔව් මිට පස්සේ හිතාගෙන ඉන්නේ හාමුදුරුවන්ට නොදී අසරණ මිනිස්සුන්ට දෙන්න.මොකාට දුන්නත් චේතනාව නේ බලපාන්නේ.එත් කතාවක් තියෙනවා නේ හාමුදුරුවන්ට දුන්නම පින වැඩියි කියලා.මම නම් පිළිගන්නේ නැහැ.එත් අපේ ගෙවල් වල අනික් අය පිළිගන්නවා.එකයි පුක ඉරා ගෙන් හරි කරන්න වෙලා තියෙන්නේ.

      Delete
    3. හරියටම හරි මනොජ්, ඔයා නියම තෙනට ආවා. ඔයා දන් දෙන්නෙ දනවට වඩා වැඩි යමක් බලාපොරොත්තුවෙන්. ඒ කියන්නෙ ආත්මාර්තකාමී ලෝභ සිතිවිල්ලෙන්. ඔයා ඔය හාමුදුරුවොන්ට බනින්නෙ ඔයාගේ ආත්මාර්තය ඉටු නොව්නු නිසා. දැන් එතකොට කව්ද වැරදි.

      Delete
    4. නැහැනේ පිංවත මම කිවේ එක ප්‍රයෝගිකව කරන්න තියෙන අපහසුව.
      අනිත් දේ මම පිං බලාපොරොත්තු වෙන්නේ නැහැ.එකනේ කිවේ මම පිළිගන්නේ නැහැ කියලා.කාට දුන්නත් පින එකයි.නමුත් අරම මතයක් තියෙනවා මම එකයි කිවේ.

      Delete
    5. ඒක තමයි උපාසක මජත්තයෝ.., ඔයාට ඔයාගම කියලා මතයක් නැතිකම කියන්නේ. කාගවත් මතයට සීනි කිරන්න ගියාම කරදර වෙනව තමයි. පින් පව් විස්වාස නොකරන අබෞද්ධ (පින් පව් විශ්වාස නොකරනව කියන්නෙ මිත්‍යාදෘෂ්ටිකයි බෞද්ධ නොවෙයි) අය මොකටද බෞද්ධ හාමුඩුරුවොන්ට දන් දෙන්න හවුල් වෙලා, හොඳනෑ කිය කිය අඬන්නෙ? මෝඩ කමට කලානම් කරපු මෝඩකමට නාඬ ඉඳිං.

      මේක හරිම පැහැදිලියි, මේ අන්‍යාගමිකයො රැලක් බුදුදහමට අපහාස කරනවා. තමුන්ගෙ ආගමක වරදක් හදාගත්තනම් නරකද, අනුන්ගෙ ලබ්බවල් හාරන්න එන්නෙ නැතිව.

      Delete
    6. බෞද්ධ වේවා අන්‍යාගමිකයෙක් වේවා වරදක් පෙන්නන එක වරදක්ද

      Delete
    7. //පින් පව් විස්වාස නොකරන අබෞද්ධ (පින් පව් විශ්වාස නොකරනව කියන්නෙ මිත්‍යාදෘෂ්ටිකයි බෞද්ධ නොවෙයි) අය මොකටද බෞද්ධ හාමුඩුරුවොන්ට දන් දෙන්න හවුල් වෙලා, හොඳනෑ කිය කිය අඬන්නෙ? මෝඩ කමට කලානම් කරපු මෝඩකමට නාඬ ඉඳිං.

      මේක හරිම පැහැදිලියි, මේ අන්‍යාගමිකයො රැලක් බුදුදහමට අපහාස කරනවා. තමුන්ගෙ ආගමක වරදක් හදාගත්තනම් නරකද, අනුන්ගෙ ලබ්බවල් හාරන්න එන්නෙ නැතිව.//

      නැට්ට පාගගන වගේ ඔය මනුස්සය Fernando උනාට බුද්ධාගං කාරයෙක්

      Delete
  27. ඔයා ලංකාවෙ බුද්ධාගම ලස්සනට නිරුවත් කරල තියෙනව .සිවුරෙන් කොච්චර දේවල් වහගන්න පුලුවන්ද? නේ.

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ නිරුවතක් නෑ, වැරදි ඇති කෙනෙක් නිරුවත් වෙන්න ඇති, ඒක බුදුන්වහන්සේගේවත්, ධර්මයේවත් වරදක් නොවෙන බව වටහාගන්න පුංචියට හරි මොලයක් තියෙන්න ඕන.

      Delete
    2. බුදු දහමේ නිරුවතක් නෑ

      ධර්මයේ වරදකුත් නැ

      සම හරක් උපාසකයන්ගෙයි

      සාදුලගෙයි ( හාමුදුරුවන්ගේ නෙමෙයි ) තමා වරද තියෙන්නේ

      Delete
    3. එතකොට වරද දැක දැක බුම්මාගන ඉන්නේ පුංචියට මොලයක් තියන හන්දද මොලය ඉදිමිලා හන්දද

      Delete
    4. තව දෙයක් අමතක කරන්න එපා සිවුරෙන් විතරක් නෙමෙයි ලෝගුවෙනුත් වහගන්න පුලුවං

      කතා නොකර ඉන්නේ මගේ ආගම නොවෙන හින්ද

      Delete
  28. සාදු සාදු සා

    ReplyDelete
    Replies
    1. අනේ බුද්ධ සාසනේට ගිය කලක්

      Delete
  29. අටම්..කතාව නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රතිචාර ටිකක් ලැබුනා මචං

      Delete
  30. ඔය හාමුදුරුවෝ ආපහු වඩම්මන වැඩේ මට ඇත්තටම වෙලා තියනවා. පැය ගානක් අතනට මෙතනට රවුං ගහලා ඔන්න එක තැනකින් අන්තිමට හිටිය හාමුදුරුවොත් බැස්සා. ඇත්තටම මම කීප පොළකින් අහගෙන ආපහු දානේ ගෙදරට ආවේ. (මගේ ඥාතියකුගේ ගෙදරක තිබුණු දානයක්. මම ඒ පැත්තේ පාරවල් දන්නේ නැහැ.මගේ ඥාතියා හාමුදුරුවෝ වැඩම්මුවේ ආපහු යන වැඩේ මට පවරන්න හිතාගෙන බව පස්සෙයි මම දැනගත්තේ ) මමත් එනකොට තුනත් පහුවෙලා. මොනවද ඉතින් අරූට කිව්වා මම, දානෙදී අහපු බන කන්දෙකෙන් විසිවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයට බැනල වැඩක් ඇතැ

      Delete
  31. මට හොදටම උණ , රිප්ලයි පසුවට

    ReplyDelete
    Replies
    1. උණ නෙවෙයි, මේ කරපු අපරධයට ඔබතුමාට ලැබෙන විපාකය සාමාන්‍ය මනුස්ස හිතකින් හිතල කෙලවර කරන්න බැරි තරමේ එකක්. ඔබ දන්නා සිල්වත් ස්වාමීන්වගහන්සේ කෙනෙක් ඉන්නවානම් (මම හිතන්නෙනෑ ඔබට එහෙම සම්බන්ධතා ඇති කියල) මේ කරගත් අකුසල කර්මයේ තරම අසා දැනගන්න. ඔබ දැනටමත් ප්‍රමාද වැඩියි තමයි, නමුත් මතුවට පරිස්සම් වෙන්න පුලුවන්. ඔබ ගැන මට බොහොම කණගාටුයි. තිසරණ සරණයි!

      Delete
    2. මම දැනං හිටියෙ නෑනෙ ඇඩ්මිනුත් ඇනෝ කමෙන්ට් දාන බව.

      Delete
    3. කෝකද හාමුදුරුවනේ මං දාපු ඇනෝ කමෙන්ට් එක

      Delete
    4. ඉක්මනට සනිප වෙලා වරේන් මුන් හිතාගෙන ඉන්නේ කුනුහරැප රිප්ලයි දැම්මහම මුන් පොරවල් උන්ට බයේ අපිට චු ගිහින් කියලා.

      Delete
    5. //සිල්වත් ස්වාමීන්වගහන්සේ කෙනෙක් ඉන්නවානම්//

      එහෙම ස්වාමීන්වහන්සේල හරිම අඩුයි නේද අදකාලේ

      ඇත්ත ඇති සැටියෙන් දැකිම වරදක් වෙන්නේ කොහොමද
      අනික මේ ඇත්තට උන දෙයක්

      Delete
    6. මම දන්න ලගින් ඇසුරුකල බොහොම හිමිවරුන් ඉන්නව

      කියනවනං කතා බොහොමයි ( අන්‍යාගමිකයෝ හුරේ දාන්න එපා පල්ලිවලත් මෙහෙමම තමයි )

      මම ඒ සාදුට බොහොම ගරුකරා පන්සලක් අහලකවත් නැති පැත්තක පුදුම සටනක් කරල පන්සලක් පටන්ගත්තා , ඒ සාදුට ඕන තරම් අයිතිය තියන පන්සල් තියාගන .

      ගමේ මිනිස්සුන්ගෙන් රුපියල දෙක එකතු කරල තමයි පන්සල හැදුවේ . වරක් දෙවරක් අන්‍යආගමිකයෝ පන්සල කැඩුවා , හිටපු තව ස්වාමින්වහන්සේ කෙවෙකුට පහරදුන්නා , අර ලොකු සාදු දුහල ඇවිත් අපේ වත්තේ හැංගිලා බේරුනා .

      ඔය සිද්ධියට සම්බන්ද මගේ හිතවතෙක් එක්ක දවසක් මම බහින්බස් විමකුත් වෙලා සැහෙන කාලයක් කතා නොකරත් හිටියා .

      පස්සේ දවසක මිනිහා මට දාලා පෙන්නුවා අර සාදු කොල්ලෙක්ට සමලිංගික ඇසුරකට ආරාධනා කරන ඔඩියෝ ක්ලිප් එකක් ,

      අර කොල්ලා තමයි රෙකෝඩ් කරල තියෙන්නේ .

      ඒකේ කියන ඒවා ඇහුවහම පිස්සු හැදෙනව , හත් අවුරුද්දක් බඩගින්නේ හිටපු එකෙක් බත් ඉල්ලනව වගේ තමයි අර කොල්ලගේ පුක ඉල්ලන්නේ

      දැං මේක ලියපු මට පවු සිද්ධ වෙනවද
      මට ඒ රෙකෝඩ් එක අහන්ඩ දීපු එකාටත් පවුද
      රෙකොඩ් කරපු කොල්ලටත් පවුද


      Delete
    7. @sanjeewa mendis

      මං නොදන්න කුණුහාරප මචං

      Delete
    8. //මම හිතන්නෙනෑ ඔබට එහෙම සම්බන්ධතා ඇති කියල//

      මොකද නැත්තේ එහෙම තියන හන්දනේ මෙහෙම ඒවා දන්නේ , දන්න දේවල් සියල්ල මම නොලියා ඉන්නේ ඔයාලගේ කුණුහාරප ඇනෝලගේ කුනුහාරප වලට බයේ නෙමෙයි .

      ඔහෙල මෙහෙම වරදවල් කරකර , එව්වා වහගන , කතා කරන උන්ටත් අපහාස උපහාස කරගන ගේම ගහන්ඩ යන හන්දා තමයි රටට ජාතියට ආගමට කෙල උනේ

      Delete
  32. අන්ප්ල්ග් බණ කියන්නේ කවදාද අනේ
    දස ලක්ෂයක් ඉම්පෝටඩ් පිච්ච මලේ
    පන්දාහයි ටිකට් පිංකම ඉදිරි පෙලේ
    මික්සර් එකෙන් කවිබණ මිහිරියට ඇහේ
    අන්ප්ලග් බණ කියන්නේ කවදාද අනේ

    පන්දාහේ කොලයක් පිරිකරට තියා
    මැසිමක් වොෂින් අටපිරිකර ලෙසට කියා
    මහා සඟ රුවන සෝෆාවට වැඩම වලා
    දානය කේටරින් එකකින් සර්ව් කලා

    රහතුන් පහල වී ඇත රට හතර අතේ
    බුදුරැස් විහිදෙනව දෙවියනි සෑම කොතේ
    සුදු කිරි ගලනවා දුටු දුටු වෙහෙර මතේ
    බුදු හිමි හිටියනම් පනිනවා ළිඳට පුතේ

    ReplyDelete
    Replies
    1. පලවෙනි කවියට පද පහක් තියන එකෙන් කවි රසය ඉස්මතු වෙන්නේ නැ

      Delete
  33. මෙතන කියවිලා තියෙන හැමදේම හරි අටං අයියේ. මට නම් දැන් පංසලට යන එකත් එපා වෙලා තියෙන්නේ. කෙනෙක් මහනවෙන්නේ සියලු සැප සම්පත් අතැරලා නිවන හොයාගන්න කියලයි මම නම් අහල තියෙන්නේ. එත් දැන් පංසල් වල තියෙන සැප පහසුකම් දැක්කම අනිත්‍ය මෙනිහි කරන්නේ හාමුදුරුවෝ නෙමෙයි අපි කියල හිතෙනවා. (කලින් කොමෙන්ටුවේ වචන මගඇරී තිබුණි.)

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන කතා කරන්න එපාලු බං
      එහෙම කතා කරහම පවු සිද්ද වෙනවලු ,
      මේ ඉන්න බහුතරය බෞද්ධ නෙවෙයිලු ,
      මේක හිතාමතාකරන අපහාසයක්ලු

      Delete
  34. මේ වගේ දේවල් දැකලා, අත්දැකලා තියෙනවා. කරන්න තියෙන්නේ නිහඬව ඉන්න එක. අපි බෞද්ධයෝ(ඒක ගැන වෙනම කියන්න වෙනවා, උප්පැන්න සහතිකයෙන් බෞද්ධ අයත් ඉන්නවා), මේ වගේ විවේචන වලට ගියාම අන්‍යාගමිකයින් උඩ පැන පැන මේවට සහයෝගය දක්වනවා. නමුත් අපි කොතැනවත් දැක්කද, අන්‍යාගමිකයින් එයාලගේ පූජකයින් කිසි ලෙසකවත් විවේචනයට ලක් කරනවා. හැම කෙනෙක්ම ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන බව සැබෑව. නමුත් අපේ අධිෂ්ඨානය විය යුත්තේ සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රමුඛ අෂ්ඨාරිපුග්ගල මහා සංගරත්නයට කරන පූජාවක් කියන එකයි. දනට වඩින කෙනාගේ සිල්වත් බව අපිට වැඩක් නෑ. අපි දානය පූජා කරන්නේ අෂ්ඨාරිපුග්ගල මහා සංගරත්නයට. ඉතිං උපාසකයා එයා යන තැනකට යයි, ස්වාමීන් වහන්සේ උන් වහන්සේගේ කර්ම විපාක වලට ගැලපෙන තැනකට යයි. උඩින් අසරණයා කියලා තියෙන විදියට තමයි එක්-එක්කෙනාට විපාක ලැබෙන්නේ. ඕනෑම කෙනෙකුට දෙයක් දෙත්දී "යහපත් සිතින් දෙන්න හොඳම දේ දෙන්න" කියන ක්‍රමය අනුගමන කරන්න උත්සාහ කරන්න.

    එයට අමතරව මේ කතාව රස වින්දා. මම දාපු කමෙන්ට් එකට පහර දීමෙන් වැඩක් නෑ. එහෙම පහර දුන්නොත් ඒ පහර දෙන්නෙත් බුදු සසුනට බව සිහියේ තබා ගන්න.

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ බනක් දහමක් තේරෙන එකම එක්කෙනෙක් හරි මෙතන හිටිය එක ලොකු දෙයක්. හොඳටම පැහැදිලියි මචෝ, මේ ඉන්න බහුතරය බෞද්ධ නෙවෙයි. මේක හිතාමතාකරන අපහාසයක්.
      බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදිම, නිය සිලට ගත් පස් ප්‍රමානයක් පමන සත්ව ප්‍රමානයක් යතම යි සුගතිගාමී වෙන්නෙ. මේ කොමෙන්ට් බැලුවම ඒක පහැදිලියි. බුදු බන සදාකාලික සත්‍යයි.

      Delete
    2. //බුදු බන සදාකාලික සත්‍යයි.//

      ඒකගැනනං විවාදයක් නැ

      //දනට වඩින කෙනාගේ සිල්වත් බව අපිට වැඩක් නෑ//

      කියල තියනතරං අලුගුත්තේරු වැඩ කරන නසරානියෙක්ට කොන්ද නමල වැදල කන්ඩ දෙන්ඩ නං මම කැමති නැ

      Delete
    3. //මේ ඉන්න බහුතරය බෞද්ධ නෙවෙයි.//

      ‍මම දන්න තරමින් මේ කමෙන්ට් කරල තියන අයගෙන්

      එක් අයෙක් ‍බක්තිමත් කිතුනුවෙක්
      දෙදෙනෙක් කුමන හෝ ආගමක් අදහන්නේ නැ
      අනිත් සියල්ලන් බොදුනුවෝ

      Delete
    4. //මේක හිතාමතාකරන අපහාසයක්. //

      ඔබහෝ ඔබගේ ෆේස්බුක් මිතුරා පට්ට කුණුහාරපෙන් මෙතන කමෙන්ට් සීයකට වඩා දැමිම එබ අනුමත කරනවාද

      Delete
    5. //නිය සිලට ගත් පස් ප්‍රමානයක් පමන සත්ව ප්‍රමානයක් යතම යි සුගතිගාමී වෙන්නෙ. මේ කොමෙන්ට් බැලුවම ඒක පහැදිලියි//

      එතකොට අර කුණුහාරප ඇනොත් ඒ ගොඩට අයිතියිද

      Delete
    6. @සුදීක

      //එයට අමතරව මේ කතාව රස වින්දා. මම දාපු කමෙන්ට් එකට පහර දීමෙන් වැඩක් නෑ. එහෙම පහර දුන්නොත් ඒ පහර දෙන්නෙත් බුදු සසුනට බව සිහියේ තබා ගන්න//

      මේ කමෙන්ට් එක පරස්පරයි
      දානයේ ආනිසංස මනාව පැහැදිලි කල ඔබ මෙම කතාවෙන් වින්දේ කුමන රසයක්ද

      Delete
    7. sudeeka kiyapu de hari atamo api dana dena eken karanne athhereema thanhawa nethi kireema kusal sidda karageneema api dane denne hamuduruwanta unata eken prayojanaya apitai hamuduruwo kohoma unath apita eka adaala ne a kusalaya apita sasara gamanedi upakarayak wei hamuduruwange pawa a aya sasara purama geniyai

      Delete
  35. මෙහි පවසා ඇති දේ සැබෑ බොරු බව කුමක් වුනත් දානමය පුන්‍යකර්මයක් කිරීමේදී එය සන්ඝයා අරමුනු කර දීම වෙනත් අයට දෙනවාට වඩා ආනිසංශ බව බුදු දහමේ දැක්වෙනව. හේතුව සන්ඝයා සිල්වත් ගුනවත් බවින් වැඩි වීමයි. දැන් අහවි අර කියල තියෙන දේවල් එක්ක සන්ඝයා කොහොමද වඩා ගුනවත් කියල. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ල තමුන් අවන්කව තමුන්ගෙ ගුනවත්බව ගැන් බලන්න ඕන. බුදුහාමුදරුවො ගිහියන්ට රකින්න කියල තියන්නෙ පන්සිල් වි්තර යි. ඒ සිල් පද පහ වත් හරියට රකින කී දෙනෙක් මේක ලියන්න, ක්මෙන්ට් කරන්න දායක වෙලා තියනවද? මදුරුවෙක් නොමරන, හොරකම් (රස්සාවවත් අවංකව අකුරට කරන) නොකරන, එක සහකාරියකට වඩා ඇසුරු කරන, අරක්කු පොදක් කටේ නොතියන,බොරුවක් කියන්නෙම නැති, කීයක් ඉන්නවඩ. මහනවුන අයට සිල් පද දෙසිය ගානක්බ්තියානව. එයාල 100ක් කැඩුවොත් තව සියගානක් ඉතිරියි. අපි උපරිම රැක්කත් අපට තියන්නෙ 5යි. ඒ කියන්නෙ සංඝයා ගිහියන්ට වඩා කොහොමත් සිල්ත්.

    කාසාය-ඛන්ටක කියන්නෙ අනාගතයේ පහලවන සන්ඝයා. ගිහියන්ට වඩා තියන එකම වෙනස අතේ කහ පාට නූලක් තියන එක විතරයි. බුදු බනට අනුව එයාට දන් දීලත් මහාආනිසන්ස ලබන්න පුලුවන්.

    ගුනයෙන් වැඩි අයට චෝදනා අපහාස කිරීමෙන් අත්වන විපාකවිශාලයි.

    දැන් හිතන්න වැර්දි තියනව් වුනත්, සන්ඝයාට චෝදනා කරන්න තරම් තමුන් සිල්වත්ද කියල.

    ReplyDelete
    Replies
    1. හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

      ඒත් ඔහොම කියල හිත හදාගන්න පුලුවන්ද

      කතා නොකර ඉන්න ඉන්න ඔව්වා වැඩි වෙනව නේද

      එහෙම කරකර දායකයන්ව හප කරල සාරය උරාබොන ඒක කැතයි නේද

      Delete
    2. //සිල් පද දෙසිය ගානක්//

      දහසක් සීල් කියල කියනව නේද

      //එයාල 100ක් කැඩුවොත් තව සියගානක් ඉතිරියි//

      බරපතලම සිල් පදයක් කැඩුවත් කමක් නැද්ද

      Delete
  36. මම මචං දාන දෙන එක නවත්තල හුඟක් කල්.

    ReplyDelete
  37. ඔය ෆොරමය දැං යල් පැනල මල්ලියේ

    ඔය ලින්ක් එක දානකොට ඔය කමෙන්ට් වලට පල්ලෙහා තියන( සමහරක්විට ඔයා දන්නව ඇති )

    //ඕන එකක් ඕන විදිහකට ඕන වෙලාවක කියල යන්ඩ, ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න. //

    කියන තැන තියන

    ස්ක්‍රිෆ්ට් කැල්ල කොපි කරලා ඒකට ලින්ක් එකයි කියන්ඩ ඕන දෙයි බස්සල දාහං.නැත්තං ඔක කොපි කරල හොයාගන යන්ඩ කට්ටිය ඇඹරෙනවා

    හැබැයි පුතේ ඔය තැන් තැන් වල ඔහොම කිය කිය ගියහම එන එකෙක් වත් එන්නේ නැ

    ගොංකං කල පලපුරුද්දෙං මේ කියන්නේ , නැතුව තරහකට නෙමෙයි

    ReplyDelete
  38. අටමෝ,

    මා දිනපතාම ඔබේ blog ඒක බැලුවත් හිතාමතාම උත්තරයක් නොලීවේ අන් අයගේ උත්තර සහ ඒකට ඔබ දෙන පිළිතුරු මොනවාදැයි දන ගැනීමට තිබු උනන්දුව නිසයි (මගේ උත්තරය කුමක්දැයි ඔබ මැනවින්ම දන්නවා.) මේ කතාව ඇත්ත එකක් යයි ඔබ දක්වා තිබෙනවා. එබැවින් මගේ අද්දැකීම ලියන්න හොඳම අවස්තාව මේකයි.
    වසර 35කට පෙර අපී අම්මා ජිවිතයෙන් සමු ගත්තා. එදින මේ වසර දක්වාම පටන් අඛණ්ඩවම වාර්ෂිකව බන දේශනයක් සහ පසුදින දානමය පින්කමක් අපේ පව්ලෙන් කෙරෙනවා. ඒකට වසර 29 කට පෙරේ ගිය අකාලයේ මියගිය මල්ලිගේ මෙන්ම වසර 25කට පෙට මියගිය පියාණන්ගේ සැමරුමත් එකතු කර ගෙන තිබෙනවා. මේ වාර්ෂික දානයට අමතරව මා ගමේ පංසලට මාසික සලාක හිල දානයක් මෙන්ම වාර්ෂිකව මහමෙව්නා අසපුවට දහවල් දානයක්ද දෙනවා. එබැවින් දානයක් දීමේදී ඒ ඒ යුගයන්ගේ ඇතිවූ වෙනස්කම් ගැන අදහසක් පලකිරීමට මා සුදසු යයි මට හැඟෙනවා .
    1970 ගණන් වලදී අපට පළාතේ සිටි තපොවුර්ධ සහ වයෝ වුර්ධ මෙන්ම අපේ දෙගුරුන්ගේ සමකාලින භික්ෂුන් වහන්සේලාට දැන් දීමට හැකි උනා.(ගමේ පන්සල හා බැඳුනු පන්සල් 5 ක්ම තියෙනවා) ආවේ ගමේ පන්සලෙන්.ගමන් කලේ පයින්.අපෙන් ඉල්ලන්න නෙමෙයි අපිට වේල් කිහිපයක් උනත් කන්න දෙන්න මේ හාමුදුරුවරුන්ගේ නෑදෑයන්ට හැකියාව තිබුනා.
    80 /90 දශකයේදී මේක ටිකක් වෙනස් උනා. උගත් ගෝලයෝ නාගරික පන්සල් වලට ගිය අතර එතරම් උගත්කමක් නැති පන්සල බලා ගන්නා හාමුදුරුවන්ට අපට අවශ්‍ය බික්ෂුන් වහන්සේලා සපයන්න උනේ පිටස්තර පන්සල් වලින් සහ ආසන්න පිරිවෙනින්. එතකොට එභික්ෂ්න් වහන්සේලාගේ ගමන් වියදම් ගෙවීමට මෙන්ම අපේක්ෂා කලාට වඩා සාමාන්‍යයෙන් වැඩිපුර භික්ෂුන් වහන්සේලා ලැබීම සහ අතිරේක පිරිකර සැපයීමට සිදු උනා. ඒ උනත් ඒක බරක් උනේ නැහැ.
    2000 දශකයේදී මා ඇත දැක ඇත්තේ ආරාධනා කරනවාට වඩා අඩු භික්ෂුන් වහන්සේලා ලැබීමයි.මේ වසරේදී භාවනා වැඩ සටහනක් සමග වාර්ෂික දානය සම්බන්ධ කල බැවින් දානය දීමට ලැබුනේ එක් හාමුදුරුවන් වහන්සේ නමකට සහ එක් දස සිල් මෙහෙනියකට පමණයි.ඉතිරි කොටස භාවනා වැඩසටහනට ආපු ගැහැණු 290 ක් පමන සහ පිරිමි 5ස් .
    අටමෝ ඔබ ඔය කියන පන්සල ගැන විස්තර දෙන්න. එතකොට ලබන වසරේ මට ඒ පංසලට දානය දෙන්න සැලසුම් කරන්න පුලුවන්. එතකොට භික්ෂුන් වහන්සේලාගේ අඩුවක් ඇතිවෙන්නෙ නැතිවෙයිනෙ.
    අටමෝ මට පසක් වුන තවත් කරුණක් නම් දානයක් දීමට මුදල් වැය කලාට පසු මුදල් කරදය මට ඇවිල්ලා නැති බවයි.ඒ දානයට පෙර, දානය දෙන සහ දානය දුන්නාට පසු ඒ ගැන සන්තෝෂයක් මිස අසතුටක් මා තුල නොවීමයි.
    එමෙන්ම මා අන් අයටත් සමහර අවස්ථා වලදී මුදලින් උපකාර කල අවස්ථා තිබුනා. ඒ උපකාරයෙන් පසු මා ඇත්තෙන්ම මුදල් අහේනියට පත්වී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. සමරෙ අයියේ
      දැත් එක්කොට ගෛෟරවනීයව පිලිගන්නවා
      මම දන්නවා ඔබ හැමදාම මෙහි එන බව

      Delete
    2. මේ කාරනා මෙහෙම වෙන තැනුත් ඇති නමුත් සෑම තැනම හෝ වැඩිපුර එහෙම කියා කියන්න බැහැ. සුදීක මහත්මාත්, සමරසේකර මහත්මාත් දැක්වූ අදහස් මේ ලිපියෙන් සිදුවිය හැකි අනර්තය යම්තරමකට අඩුකිරීමට හේතුවේ යැයි සිතමි. ඔබට යහපතක්ම වේවා. ලිපිය පලකල මහත්මාට සම්මා ද්ටිඨිය පහල වේවා.

      Delete
  39. මමනම් කියන්නේ මේ වගේ ගෙදරට වඩම්මලා දානයක් දෙනවනං පුකත් දීලා කෙලත් දෙන්න රෙඩි පිට කරන්න ඕනේ... මම සහභාගීවුන අන්තිම දානේ හාමුදුරුවරු සේරම පන්සල්වලට ආපහු වඩම්මලා, ලොකු හාමුදුරුවෝ එක්ක චයිත්ය රෙපෙයාර් කරන බාස්සුන්නැහේ කෙනෙක් හම්බුවෙලා, පොඩි හාමුදුරුවරුන්ගේ කම්පීතරේට Assassins Creed ගේම් එකත් ඉන්ස්ටෝල් කරලා දීලා මම ආවේ... ලොකු හාමුදුරුවෝ සැතපෙන වෙලාවටලු ගහන්නේ... අවුලක් නෑනෙ...

    හාමුදුරුවරුන්ටත් සතුටුයි.. දානේ නියමෙට කෙරුනා කියලා ආච්චි අම්මටත් සතුටුයි... දෙගොල්ලොම සතුටු හින්දා මටත් සතුටුයි... දානේ කියන්නේ ඕක නේද ඉතින්...?

    ReplyDelete
  40. අම්මගේ අහවල් එක නමින් ෆෝපයිල් එකකුත් අටවාගන පැමිනි කුනුහාරප ඇනෝගේ කමෙන්ට් සියල්ල ඉවත් කලා

    ReplyDelete
  41. අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් මේ පොඩි පොඩි පන්සල් ටිකත් වැහිලා යයි. එහෙම වුනාම ඒ අවට නොයෙකුත් ආගමික නිකායන් පැතිරෙන්න ගන්නවා. සමාජ තුලනය බිඳ වැටෙන්න පුළුවන්. මේ සමහර කාලකන්නි සාධුලා නිසා හැමෝම බැණුම් අහනවා.
    උඹ දන්නවානේ දානයක් තියා පැන්ඩෝල් පෙත්තක් ලැබෙන්නේ නැති අන්ත අසරණ පන්සල් තියෙන බවත්. මේවා උඩු යටිකුරු වෙන්න ඕන බං. ගමට පන්සලක් නැතිවුනා කියන්නේ..අපිට නොපෙනන විපර්යාසයන්, නොපෙනෙන දෙදරීම් වෙන්න පුළුවන්. මුන්ව රඳවා ගන්නත් ඕන. මුන්ට ඕන විදිහට නටන්න දෙන්නත් බැහැ. සීරියස් සමාජ කතිකාවක් විය යුතුයි. මහනායක රූකඩයින්ට බලපෑම් කල යුතුයි. නැත්නම් පොන්න ෆැන්සි පන්සල් ටිකයි, මුදලාලි සාධුලා ටිකයි විතරක් ඉතුරුවෙයි.

    මෙහේ තත්වය ඔයිට දෙවෙනි නැහැ. මම පන්සල් යන්නේ නැහැ.

    ReplyDelete
  42. අටමෝ.......දාන නොදුන්නොත්, පන්සල් නඩත්තු නොකරොත් මේ පොඩි පොඩි පන්සල් ටිකත් වැහිලා යයි. එහෙම වුනාම ඒ අවට නොයෙකුත් ආගමික නිකායන් පැතිරෙන්න ගන්නවා. සමාජ තුලනය බිඳ වැටෙන්න පුළුවන්. මේ සමහර කාලකන්නි සාධුලා නිසා හැමෝම බැණුම් අහනවා.
    උඹ දන්නවානේ දානයක් තියා පැන්ඩෝල් පෙත්තක් ලැබෙන්නේ නැති අන්ත අසරණ පන්සල් තියෙන බවත්. මේවා උඩු යටිකුරු වෙන්න ඕන බං. ගමට පන්සලක් නැතිවුනා කියන්නේ..අපිට නොපෙනන විපර්යාසයන්, නොපෙනෙන දෙදරීම් වෙන්න පුළුවන්. මුන්ව රඳවා ගන්නත් ඕන. මුන්ට ඕන විදිහට නටන්න දෙන්නත් බැහැ. සීරියස් සමාජ කතිකාවක් විය යුතුයි. මහනායක රූකඩයින්ට බලපෑම් කල යුතුයි. නැත්නම් පොන්න ෆැන්සි පන්සල් ටිකයි, මුදලාලි සාධුලා ටිකයි විතරක් ඉතුරුවෙයි.

    මෙහේ තත්වය ඔයිට දෙවෙනි නැහැ. මම පන්සල් යන්නේ නැහැ.

    ReplyDelete
  43. අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි. සුපිරියටම ලියල තියෙනවා. රතු පාටින් ලියල තියෙන අන්තිම දෙබස නම් එලම කිරි අටමෝ. ජය වේවා...!!!!!

    ReplyDelete
  44. අම්මටහුඩු.. වැඩක් නැ ඔයි උගේ ලිවිල්ල. පංකාදු පහයි. සුපිරියටම ලියල තියෙනවා. රතු පාටින් ලියල තියෙන අන්තිම දෙබස නම් එලම කිරි අටමෝ. ජය වේවා...!!!!!

    ReplyDelete
  45. අටම්., මම ප්‍රායෝගිකව දන්නවා මහණදම් පුරන යතිවරු ගැන. ඒ වගේම ඔවැනි භික්ෂුන් ගැන. ඒ දේවල් වලට අපිට කරන්න තියෙන්නේ ගිහියන් විදියට ඒ අයට දන් නොපිලිගැන්වීම සහ වැඳුම් පිදුම් නොකිරීම කියන එකයි. ඒ තමා බුදුන් අනුදැන වදාළ විදිය.පින්කම් කරන්න පුළුවන් විදි බුද්ධාගමේ තියනවා. ඒ දේවල් කරලා අපිට සතුටක් ලැබෙනවා නං ඒ පිණක්. පිණක් කරන්න ගිහින් පාපයක් කරගන්න ඕනේ නෑ නේ. ඒ නිසා දන්පිලිවෙත් සීල වඩන වෙනත් උතුමෙක්ට දුන්නාම හරි.

    කොහොමත් අද කාලේ නිර්මල බුදු දහම හොයාගන්න නෑ. ඇත්තටම නෑ. වාද විවාද කෙළවරක් නෑ. අසපු දහම කියයි පන්සලේ දහම කියයි.. ඒ කිසිවෙක් වද වෙන්නේ නෑ නිර්මල බුදු දහම හොයන්නත්. ඒ දහම තියෙන්නේ කොහෙද කිසිවෙක් දන්නේ නැති තැනක මේවා ගැන වාද කරලා වැඩක් නෑ.

    කමෙන්ට්ස් ටික කියෙව්වා. සියල්ලන්ගේම අදහස් දැක්කා.

    ReplyDelete
  46. හැමොටම කියන්න තියෙන්නේ උඹලා හාමුදුරුලාගේ වැරදි හොයලා පුලුවන් තරම් බැනලා කමෙන්ට් කරපල්ලා
    තරුණ භික්ෂුන් වහන්සේලාට සිවුරු දාලා යන්න හිතෙන තරමට හා දෙමාපියන්ට සාසනේ වෙනුවෙන් දරුවෙක් දෙන්ට නොහිතෙන තරමටත් ටික දවසකින් පන්සල් වැහෙන විදිහට වැඩකරන්න
    ඒතකොට බුදු දහමට වින කරන අැත්තොත් ඒක්ක ඒකතුවෙලා සතුටු වුනහැකි
    සතුටුයි නේද

    ReplyDelete
  47. මෙකෙන් වෙන්නේ සිවුරෙ ඉන්න අයත් ගෙදරට යන ඒක

    ReplyDelete
  48. අම්මප මුන් නම් මහ පුඩුම ජතියැක් ත්මා

    ReplyDelete
  49. මේක නිකං ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සින් එකක් බං ... දුන්නත් අවුල් නුදුන්නත් අවුල් !

    වැඩේ විවිචනය කලොත් ඔය මොනවා කරත් ඔක්කොම අවුල් !

    ReplyDelete
  50. මමත් සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා හදවතින්ම නමුත් ඉන්නේ බහුතරයක් වල් සාදුලා සහ මුදලාලිලා තමයි. පන්සල් දානයක් දෙනවට වඩා හොදයි ඒ සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදවුවක් කරන එක පුලුවන් විදියට

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>