2015-07-05

interlock (flatlock) sewing machine and overlock sewing machine and t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්


මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක්

‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘

කියන එක මං ඉතින් කියනව

‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද ‘‘

කියල , එතකොට උන්දල කියනව

‘‘අර උඩයි යටයි දෙකම එක විදිහට කරවටෙයි අතවටෙයි යටයි ලස්සනට එලියට පේන්ඩ ගහල තියෙන්නේ ඔලොක් පාර ‘‘

‘‘ආ ඒ ඔවර් ලොක් එකක් නෙමෙයි , පැට්ලොක් එකක් ‘‘

ඔන්න ඉතින් ඊලගට පැයකින් හමාරකින් මං බේරිලා ගෙදර එනව බොරු , ඒ උනත් මං මගේ වැඩක් පස්සට දාලහරි , මං දන්න විදිහට උන්දලට කියල දෙනවා අලගිය තැන් මුලගිය තැං ඔක්කොම .

මොකද ඉතින් දන්න උන් අපෙන් අහනවැ , උන්දල හොදට දැනුම , හයිය හත්තිය තියන උන් , සල්ලිත් යහමින් තියනව කොහේ හරි හොද තැනකට ගිහින් ඕන කලමනා ටිකයි , මැෂින් ටිකයි ඇන්න එනව මිසක් , එහෙම යැ මේ මිනිස්සු කොට්ට උරයක් , ගවුමක් , හැට්ටයක් මහගන ජීවත් වෙන ගමං , ටිෂර්ට් එකක් , ජංගියක් , ලංකට් එකක් මහල , පොලේ දාල විකුනල තව පනං හතරක් හොයාගන්නනේ හදන්නේ .
සයිබරෙත් කාටහරි ඕන වෙයි කියල මං දන්න විදිහට , ඔය පටලැවෙන මෙෂින්වල , මුලික මෙෂින්ටික ගැන කියන්නයි මේ යන්නේ , ( තව ඉතින් මෙව්වායේ එක එක වෙනස්කං තියන ආටෝ රාසියක් මෙෂින් තියනව ) , හැබැයි ඉතින් නැති බැරි එකෙක්ට , මේවායෙන් තමන්ට අවශ්‍ය එකක් දෙකක් තෝරගත්තහම , අනිත් ඒවායෙන් කරන දේවල් වලටත් පැලැස්තරයක් ගහගන , ටීෂර්ට් ගේමක් , ලංකට් ගේමක් ගහත හැකි.



interlock (flatlock) sewing machineපැට්ලොක් කියන්නේ මොනවද
ප්ලැට් බෙඩ්       


https://www.youtube.com/watch?v=TJJZcY-2wcM  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )
මෙන්න මෙතන තියනවා නූල් පහේ ප්ලැට්බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්.


ඒකෙන් කරන්න පුලුවන් ප්ලැට් බෙඩ් එකකින් කරන වැඩ විතරයි , පෝල්ඩර් හයි කරන එක , සහ සිලින්ඩර් බෙඩ් එකකින් කරන දේවල් එකේන් කරන්න බැ.( අස්සට රිංගවල වටේ මහන එක , පොල්ඩරයක් දාගන ඉලස්ටික් එකක් නමල මහන එක , පයිපින් පොල්ඩර් දාන එක කරන්න බෑ , කොටින්ම කියුවොත් ප්ලැට් ජොබ් විතරයි කරන්න පුලුවන් .


                                                                                                                                         
සිලින්ඩර් බෙඩ්








https://www.youtube.com/watch?v=rJe8qZ0dwqM (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )


මෙන්න තියනවා නූල් පහේ සිලින්ඩර් බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
, ගන්නවානං ගන්න ඕන මේකක් තමයි , ඒකට හේතුව ඔය මෙෂින් එකෙන් පැට්ලොක් මෙෂින් වලින් කරන ඕනම දෙයක් කරන්න පහසුයි  ( කට්ටක් කාල හරි පෝල්ඩර් හයි කරන්ඩ උනත් පුලුවන් ) . මේකක් තියන කොට සෙල්ලං දාන්ඩ ලේසියි , දක්ෂ කාර්මිකයෙක් අල්ල ගත්තහම , මොනව හරි කරල ඕනම ඔපරේෂන් එකක්ට කන්වට් කරගත්ත හැකි මැෂිම , සමහරු නං කියනව  ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරනකොට අමාරුයි කියල , ඔව් ටිකක් අමාරුයි තමයි හැබැයි පුරුදු උනහම ගානක් නෑ , පුලැට් බෙඩ් එකක් සහ පෝල්ඩර් මෙෂින් එකක් ගන්ඩ ලක්ෂ දෙකකටත් වඩා වියදං කරනවට වඩා හොදයි නේ සල්ලි නැති කෙනෙක්ට , මේකකින් මහල සල්ලි ටිකක් හොයාගන බැරියැ අනිත් දෙකත් ගන්න , අනික පිරිමි අන්ඩවෙයාර් වගේ දෙයක් කරන කෙනෙකුට මේක තිබුනහම හොදටම ඇති .පෝල්ඩර් මොඩල්



https://www.youtube.com/watch?v=Knsef8o4z_M  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

මෙන්න තියනවා නූල් පහේ ෆෝල්ඩර් මෝඩ්ල්  පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
එකේන් කරන්න පුලුවන් ඉලස්ටික් සහ පයිපින් අල්ලන්නත් , ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරන්නත් , සිලින්ඩර් බෙඩ් එකෙන් කරන වැඩ කරන්න බැ .


අවශ්‍ය නම් මැද ඉදිකටුව හෝ පැත්තේ ඉදිකටුවක් අයින් කරල ඉදිකටු දෙකෙනුත් , උඩ  ලූපරයේ නුල අයින් කරල ස්පයිරල් ත්රේඩ් නැතුව ඉදිකටු දෙකේ හෝ තුනේ නුල් පාර නෝමල් මැස්මක් විදිහට පෙනෙන් නත් මහන්න පුලුවන් .

( උදා ....ටිෂර්ට් වල යට වටේ සහ අත්වටේ , කරවටේ එහෙම මහල තියෙන්නේ ) 

මෙන්න තියනවා එක එක විදිහට මැහෙන හැටි






වෙනත් විශේෂ කාර්ය්‍යන්ට නිපදවපු වෙනස් මෙෂින් තිබුනත් මූලිකව මේ වර්ග තුනටම තමයි ඒවා අයත් වෙන්නේඔය මෙෂින් වර්ග තුනෙන්ම මැහෙන්නේ මෙහෙමයි


...........................................................................................

overlock sewing machine
ඔවර්ලොක් කියන්නේ මොනවද




 නුල් හයේ ඔවර්ලොක් 



https://www.youtube.com/watch?v=cS5m_Hg-6jY (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

නුල් හයේ ඔවර්ලොක් මැෂින් එකක් මේක , නුල 6 සහ 5 සහ 4 සහ 3 වශයෙන් ඕනැම ඔවර් ලොක් මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .


නූල් හතරේ ඔවර්ලොක් මෙෂින්
                                                       


https://www.youtube.com/watch?v=dqjLLxmDWg4 (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන්, මේකේ ලොක් ස්ටිච් මැස්මක් හෝ , චේන් ස්ටිච් මැස්මක් නැති නිසා කරවටේ වගේ ඇදෙන්න ඒන මැස්මවල් මහන්නේ මේකෙන්

නුල් පහේ ඔවර්ලොක් මැෂිම


https://www.youtube.com/watch?v=wX2-VLryNlQ (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

ඔවර්ලොක් මැස්මට අමතරව යට පැත්තෙන් චේන්ස්ටිච් සහිත නෝමල් මැස්මක්ද සමගින් මහන් පුලුවන් , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන් , ගොඩක් දුරට යොදා ගන්නේ ටිෂර්ට් වගේ ඇදෙන රෙදි මහන්න නෙමෙයි , ටීෂර්ට් වලට පාවිච්චි කලත්  ගන්නේ දෙපැත්ත මහන්න විතරයි. කලිසම් සායවල් ෂර්ට් වගේ දේවල් මහන්න තමයි ගන්නේ

එක එක නිමාවන්ට මැහුම් සකස් කරල තියන හැටි





ඔන්න එහෙනං දන්න විදිහට කියුවා , ප්‍රශ්නයක් තියනං 0776531595නොම්බරයට කතා කරන්න

51 comments:

  1. No eka save karagaththa.. SL katahari uwamana unoth.

    ReplyDelete
  2. අනේ උඹේ ටෙලිපෝං නොම්බරේ ඕකට කතා කරනවට වඩා හොදයි නිවාඩු වෙලාවක ඇවිත් කතාකරනව.
    බලපන් 1/7/2015 9:36 AM මිස් කෝල් එකක් තියනව. මැසිමක් ගැන අහගන්න මම තමයි කෝල් එක දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. ‍ෙදෙ‍ෙදෙතුන් පාරක් ගන්න එපැය

      Delete
  3. අටම් ව්‍යාපාරික පැත්තටම බරවෙලා අයියෝ..........

    ReplyDelete
  4. කවදහරි ටී සර්ට් එකක් මහගන්න ඕව උන වෙලාවක බොට කෝල් එකක් දෙන්නං.

    ReplyDelete
  5. අටම් මොකෝ පේජ් එකේ නම වෙනස් කරලා

    ReplyDelete
    Replies
    1. මට එක එක ‍ෙවෙල‍ොවට හි‍ෙතෙන පිස්සු ‍ෙකෙේස්

      Delete
  6. ඔයිට හොඳ නැද්ද ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක් වත් කිව්වනම්.. :-(

    ReplyDelete
    Replies
    1. ඇයි එ‍ෙහෙම කියන්‍ෙනෙ

      Delete
    2. ඇයි බ මුන්ට මේවා හාලුයි චිසුයි
      ගූයි තක්කාලි
      බොල්ට් ඇනයි කඩලයි වගෙනෙ

      Delete
  7. උඹේ රස්සාවනේ.... මුකුත් කියන ඒකත් හරිනැහැ... ඒත් මාර ජාති කටට ඒනවා... පස්සේ වෙලාවක කියන්නම්කෝ.....

    ReplyDelete
  8. මටත් මැසිමක් නං ගන්නත් ඕනෑ එච්චර වියදං කරන්නත් වත්කමක් නෑ.මොකද උඹ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරි ලේසියි..
      අවශ්‍ය ද්‍රව්‍ය:-
      හොඳ (වියලි නැති) කුරුබැට්ටියක්
      හයිය ඉර‍ටු කීපයක්
      සාදන අයුරු යූ ටියුබ් එකේ බල!

      Delete
    2. හැලපෙට කුරුම්බැට්ටියක් හොයාගන්න මැසිමක් ගන්නවට වැඩිය වියදමක් කරන්න වෙයි.

      Delete
    3. ඊබේ එකේ බැලුවනම්... හැක්!

      Delete
    4. ඒ කියුවේ පොල් වත්තක්ද

      Delete
    5. ගනං අඩු එකක් ගම්මු

      Delete
  9. ඕලොක්.. මතක් කොරන්ඩ එපා... අපේ අම්ම ගාවත් ඔය කියන අටමගයක් තියෙනවා... ඒකේ නූල් ගැල වුණාම දාන්න ඕනි මං... ඒ තරං එපා වෙන වැඩක් නෑ අටං...

    ReplyDelete
  10. අනේ මන්දා මේවා නම්!!! මම දන්නේ අර ඉස්සර තිබුන පාගන ඒවා තමා...
    අපේ අම්මාගේ පාගන මහන මැෂිමේ පාගන කෑල්ලේ රථ ධාවන කොට එය දියුණු කිරිමේ ගෞරවය නම් මං සතුයි!!!

    අටං අයියේ ප්‍රශ්නයක් තියෙනවා....
    එතකොට ජුකී මැෂින් මොනවද??

    ReplyDelete
    Replies
    1. ජුකී කියන්නෙ සිංගර් වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් බොල.
      ඔය අන්තිමට තියෙන නූල් පහේ මැසිමත් ජුකී එකක් නෙ.

      Delete
  11. මහන එක ගැන මමත් උනන්දුයි. මේක හොඳ වටින පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට බ්ලොග් එකක් තියනවද , තියනවනං ,Edit User Profile වල Privacy වලට ගිහින් Share my profile ඉස්සර හරිය දාන්න

      Delete
  12. එළ කිරි.. ගස්ලබ්බිලාගෙ අහත් ඔය ටී ශර්ට් කෙරුවාව කොරනවා කාලෙකට.දැං හරි.... ගස්ලබ්බටත් මෙශින් වචන දාලා ටෝක් එකක් දෙන්න ඇහැකි..
    ජයවේවා..!!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔය මැෂින් වලින් රෙද්දක වාටිය දිගේ ලස්සන රටාවක් වගේ මැහෙන හැටි බලා ඉන්න ආසයි.

      හැබැයි මගේ හීනේ කවදාහරි අපේ උන්දැට මෙන්න මෙව්වා එකක් ඇන්න දීමයි.

      [im#]https://jangun.files.wordpress.com/2015/07/bro_2800d.jpg[/im]

      Delete
    2. ඉතින් බර්නිනා එකක්ම අරගන දෙමුකෝ , මොකෝ සල්ලි නැතුවයැ , ඊලග පැන්සොං පඩියෙන් ලෝබකං නොකර ඇන්ටිට එකක් අරගන දෙනවා හොදයි.

      Delete
  14. හරිම වටිනා තොරතුරු ආපු ලිපියක් කතා කරල බලන්න ඕන වෙලාවක

    ReplyDelete
  15. තට්ටෙගාල තියන විදිහට පේනව මහණ අය සමඟ දැඩි සම්බන්ධයක් තියනව කියල

    විනාඩි දහයකට සැරයක් සෝඩා සප්ලයි කරන මැෂින් එක මොන ලොක්ද?
    එතකොට පරිප්පු උපරිමයෙන් බෙරි කරන මැෂිම?

    ReplyDelete
    Replies
    1. ඒව අටමලොක් බ්‍රෑන්ඩ්.

      Delete
  16. කම්පියුටර් එකට සෙට් කරල ඩිසයින් එක දෙන්න පුලුවන් මැසිමකුත් තියෙනවා නේද? ඒ ගැනත් විස්තරයක් දාමුද?

    ReplyDelete
    Replies
    1. ඔය විචාරක මහත්තය දාල තියෙන්නේ ඒක තමයි
      , මචං වැඩක් තියේ කෝල් මී

      Delete
  17. මට නම් ඉතිං මැෂින් සද්දෙ ඇහුනෙ නැත්නම් කෑවේ නෑ වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මෙන්ඩෝ උඹට එහෙම හිතෙන්නේ ප්‍රගමනයක් ඇති හන්ද වෙන්ඩ ඇති , මට නං වෙලාවකට හිතෙන මේ රස්සාව අත ඇරල වෙන මොනවහරි කරන්ඩ ,

      Delete
  18. මාත් උන්න නෙ ගාමන්ට් පැට්ටේරියක. හම්මේ සුපයිසර් වුනැයි කියල
    හැම සෙද්දෙ මැසිමක්ම පුරුදු කලා. රෙද්දෙ ඕලොක්
    අන්න කන්සායි හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. කන්සායි හදන්ඩ ගියහමත් එහෙමයි , කන්ස ගහන්ඩ හිතෙනව

      Delete
  19. අර අපිට් තලාව කලේ යන්න ටී ෂර්ට් ඕන වෙලා ගණන් බැලුව. කෝ අටම නිකන් කතා කළේවත් නැහැනේ.
    http://nelumyaya.com/?p=3458

    ReplyDelete
    Replies
    1. මං ටිෂර්ට් මහන්නැ‍ෙනෙේ මහත්ත‍ෙයෙො

      Delete
  20. වැදගත් තොරතුරු ටිකක්... මැහුම් වැඩ වලට ආස වුනාට වේලාවක් නැති එකනේ ප්‍රශ්නේ.. :(

    ReplyDelete
  21. wow its amazing post thanks for share it did you used White Hat SEO? or Video Marketing for your blog?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • Making and tempering a traditional rock drilling chisel
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
  • බැරි උන හරිය ඔයාම කාගන්ඩ
    '' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ '' '' මට බැ '' '' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම '' '' අනේ මං කන්නැ '' '' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට…
  • How to write a Sinhala blog  ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් )  එක්කරගන්නා ආකාර
    නමවෙනි කොටස මෙතැනින්  බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික්…
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • how to assemble juki High Speed Lockstitch Sewing Machines  ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය
    ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා ,…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • දෙන්නැ එකෙකූට රුපියලක්
    උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ අපේ ගොඩනැගිල්ලට…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
1,646,553

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>