මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන් සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න තියනවා , සමහරක් වෙලාවට අන්තර්ජාලය හරහාත් විකුනනවා දැකලා තියනවා ,
කරුනාකරලා හොද ෆෝටබල් මෙෂින් එක්ක මේවා පටලවාගන්න එපා , මම මේ කියන්නේ පුංචිම පුංචි ....එලියේ තියන dc පවර් සප්ලයි එකකින් කරන්ට් එක දීලා මහන මෙෂින් ගැන , සමහරක් ඒවා තියනවා රීචාර්ජ් කරන්න පුලුවන් බැට්රියක් එක්ක , සමහරක් සමාගම් වලින් රුපවාහිනියේ පවා ...වෙළද දැන්වීම් දමමින් විකුනනවා .
එක වරක් දෙවරක් මහලා අයින් කරන්න වෙනවා , අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා.
මෙව්වට අහු නොවී ඉන්න තියන හොදම ක්‍රමය තමයි , ....ලාබ බඩුවේ හිලක් කියන කතාව විස්වාස කරන එක .....හොද ෆෝටබල් මහන මෙෂින් එකක් රුපියල් 15000 කට අඩුවෙන් ගන්න බැ .
සමහරක් පිටරට ගිහින් එන අය මේවා අරං එනවා , එක්කෝ කාටහරි තෑග්ගකට දෙනවා , සමහරු බිස්නස් එකට ගෙනලා කාවහරි රවට්ටලා ඇගේ ගහනවා.
ෆේස් බුක් එක හරහත් මේ ජාවාරම කෙරෙනවා දැක්ක නිසා , මේ ගැන ලියන්න හිතුනේ , පහල තියන ඡායාරුප සහ වීඩියෝව බලලා ඔයාලම තීරනය කරන්න මේවා ගන්නවද නැද්ද කියලා
මෙන්න මෙහෙම ස්ටිකර් එකක් එහෙම ගහලා තියනවා , ඒ උනාට මේක සෙල්ලං බඩ්ඩක්
මෙන්න කුණූ ගොඩවල් අදුරගන්ඩ තියන හොද ක්‍රමයක් , ෆෝන් චාජර් එකක් වාගේ පවර් සප්ලයි එකකුයි , අගල් දෙක තුනක ෆුට් කන්ටෝලර් එකකුයි , පෙට්ටිය ඇතුලේ තියනවා
මෙන්න බලන්න 4.5 වොට් විදුලියෙන් වැඩ කරනවා කියල ගහලා තියෙන්නේ ....ඔහොම මෝටරයකට ...රෙදි කෑලි දෙකකට , නුල් දවටන්ඩ තරං ශක්තියක් තියද
මේ බලන්න ෆුට් කන්ටෝලර් ප්ලග් එක සහ සොකට් එක .... සාමාන්‍ය මොනෝ හෙඩ්ෆෝන් ජැක් එකක්
මෙන්න තියනවා ඔයාල දකින්නම ඕන දේ , මේ මෙෂින්වල තියෙන්නේ ..අර ඉස්සර අපි වෙසක් එකට බුදුරැස් මාලාව කරකවන්ඩ පාවිච්චි කරපු මෝටර් එකක්
මෙන්න බොබින් වයින්ඩරය
නිඩ්ල් බාර් ලින්ක් එක සහ ස්ටඩ් එක ප්ලාස්ටික් වලින් හදලා එක යකඩ ඇනයක් දාල හයිකරලා තියෙන්නේ , නිඩ්ල් බාර් එක යකඩ බට කෑල්ලකින් හදලා තියනවා , ඒකත් ප්ලාස්ටික් වලින් පුලුවන් උනානං මුං එකත් කරයි
ත්රේඩ් ටෙක් අප් ලිවර් එක යෝගට් හැන්දක් වාගේ
මෝටරය මේන් ශාෆ්ට් එකට සම්බන්ද වෙන තැන , සෙල්ලං නැ ..ඩිරෙක් ඩ්‍රයිව් .....හේ ..හේ්..හේ
කැරියර් ඩ්‍රයිවරය මේන් ෂාෆ්ට් එකට සවිවන විදිහ
ෆීඩ් බාර් එක ලස්සනයි නෙ
මැසිමක් උනහම බර තියෙන්ඩත් එපැය , ඔන්න ඒකනං හරියට කරල තියනවා , කාස්ට්අයන් කුට්ටියක් ඇතුලට බස්සලා
සුදට සුදේ ලස්සනේ බැ , අලුවා කෑලි වාගේ ....කැරියර් රේලින්ග් කේ අනිත් පැත්තත් ඔය පේන්නෙ
කැරියර් එක ෂටල් එක සහ තනි ඇණයකින් හයි කරල තියන ෂටල් ස්ප්‍රීන්ග් එක
මේ වීඩියෝ එකත් බලන්ඩකෝ වැඩ කරන විදිහ
දැං මොකද හිතෙන්නේ ..මේවා සල්ලි දීලා ගන්නවද
මෙන්න තියනවා ඔය වාගේ තව මොඩ්ල් කිහිපයක්
සල්ලි දීල ගන්නැතුව උඹ හිතන්නෙ ඕව ගෙන්නන එවුවො නිකං දෙයි කියල ද? හැක්..
ReplyDeleteමොක උනත් උඹ වගේ සබ්ජෙක්ට් එක ගැන දන්න එකෙක් මේ ගැන දැනුවත් කිරීම වටිනව.
/සබ්ජෙක්ට් එක ගැන දන්න එකෙක්/
Deleteඑතකොට මූත් සබ්ජෙක්ට් කාරයෙක්ද?
තැංකියු
Deleteඔව් සබ්ජට් තමා ...කළු කෙට්ටු උන්ට තමා කැමති
Deleteඅද මැෂින් බිජ්ජා ස්පෙෂල්
ReplyDeleteසර්ටිපිකෙට් ට්‍රුත්. මේකෙන් මැෂින් බිජ්ජාගේ බිජ්ජ මහන්න පුලුවන්ද.
Deleteඕකගේ බිජ්ජ මහන්න අත් යන්ත්‍ර රෙදි මැෂිමක් තමයි හරියන්නේ...
Deleteඒ මොකටද ඒක මහන්නේ
Deleteඅනික ඔය චයිනීස් සෙල්ලංබඩු ඔක්කොගෙම වගේ තියෙන්නෙ ඔය බුදුරැස්මාලා මෝටර් තමයි.
ReplyDelete/බුදුරැස්මාලා මෝටර් තමයි./
Deleteබුදු දහමට අත නොතබනු...
වෙන එකක් තිබ්බට කමක් නැද්ද?
Deleteඔව් ගොඩක් එව්වායේ තියෙන්නේ එව්වා තමා
Deleteඅනික ඔය කැරි බාර් අර බාර් මේ බාර් ගැන අපි දන්නවැයි. දන්නෙ ඉස්සරහ බාර් එක ගැන විතරයි.
ReplyDeleteඅයියේ ඉස්සරහ බාර් කියන්නේ මක්කටෙයි?
Deleteමං හිතන්නෙ බොලා දන්නෙ බෆර් ගැන විතරයි ද කොහෙද.
Deleteඇයි තාප්ප ගැන
Deleteමගේ තරහකාර යාලුවෙක් ඉන්නවා මෑන්ට මෙයින් එකක් අරන් දෙන්නද?
ReplyDeleteඑපා ඌට බෝතලයක් අරං දියං.
Deleteඑහෙම ඕන්නෑ ... ඌත් එක්ක කොහෙ හරි ගිහිං බීපං .... එන දඬුවමක් ඕනෙ නෑ ...
Deleteඑහෙම ඕන්නෑ ..............බිලා උට කෝල් එකක් දීපන් වෙන දඬුවමක් ඕනෙ නෑ ...
Deleteමෝටබයිසිලකෙල්ක නග්ගලා යවපන්
Deleteබීල ඌත් එක්ක කාර් රිවස් කරපං තාප්පෙට
Deleteමාව කාපං
Deleteමාව කාපිය
Deleteමං ආයේ උඹල එක්ක බොන්නැ
Deleteමේවා ගැන අටං හොදටම දන්නවනේ ඉතින්... දැනුවත් කරපු එක වටිනවා...
ReplyDeleteඉස්තුතියි මචං
Deleteප්ලාස්ටික් දැති රෝද...ඒ ටිකම ඇති තත්ත්වය හිතා ගන්න... සිංගර් එකකුත් තියෙන්නේ.. ඇත්ත සිංගර් එකක්ද, හොරට ගහපු එකක් ද ?
ReplyDeleteමම ඇස් දෙකට දැකලා නැ ඒක , හොරට හදපු එකක් කියලයි මගේ විස්වාසය
Deleteඔය මොක කිව්වත් දැන් වැඩක් නැහැ බං...
ReplyDelete2015 දීම අහුවෙලා ඉවරයි, හැබැයි ඒක 18,500/- ක් උනා...
තාම වැඩ කරනවද කොහෙද...
මොඩලය සිංගර් 8280...
සිංගර් 8280 හොද ෆොටබල් මෙෂින් එකක් මචං ....
Delete///සිංගර් 8280 හොද ෆොටබල් මෙෂින් එකක් මචං ....///
Deleteවැඩකට ඇති දෙයක් සල්ලි දීල ගත්තමද කොහෙද...
ඔන්න මමත් අටං අයියගෙන් අහලා ගත්තා සිංගර් 8280 මෙෂින් එකක් ආදරවන්තයින්ගේ දිනේ දවසේ.. දවස් කීපයක්ම ෆුල් රොමෑන්ටික්..
Deleteබොහොම ස්තුතියි අයියේ ඔබ කළ සේවාව... ඔබට ඡය...
පලි- මේක දැකලා අපේ කට්ටිය අටං අයියට කරදර කරනවා නෙවෙයි මෙෂින් ගැන අහලා....
මගේ සතුට මේක තමයි බං ... ජංජාලේ අවුරුදු හය හතක් කටු ගාල එකෙකුට හරි වැඩක් උනාන් එච්චරයි .... අරුන්දැට කියහං ඉදල හිටලා හරි යට සායක් හරි මහන්ඩ කියල නැත්තං ඕක හිරවෙයි ... නැත්තං ආදරේට දුන්න ඒක ආදරේ පොරවල ඔතලා මුල්ලක ගහයි
Deleteමේ ඔයි ඔය 8280 තාම කැඩුනේ නැද්ද ... සිංගර් ඉතිහාසෙට ඔහොම පෝටබල් එකක් ආවේ නැනේ බං
Deleteහොඳ බ්‍රැන්ඩඩ් ඒවා ගැනත් විස්තරයක් දාපන්.. දැක්කහම ගන්න හිතෙනවා..
ReplyDeleteබ්ලොක්ගල් මහන්න ද?
Deleteකෝ වෙලාව .... මගේ හිතේ ආසාවක් තියනවා ....කාලෙක ඉදන් ...පරිවර්ථනය කරගන්න බැරුව ඉන්නෙ
Deleteමේවත් අපි පත්කරගන්න ආණ්ඩු වගේ....පත්කරලා පැත්තකට දාන්න තමයි වෙන්නේ.
ReplyDeleteඒවා අහක යන්නෙ නෑ බොස්, ඒවාගේ පාර්ට්ස්වලින් වෙන ඒවා හැදෙනවා ඉබේම
Deleteහැ ඒ මොනවද එහෙම හැදෙන්නෙ
Deleteආන්ඩු මීට හපං
Deleteසෙල්ලම්බඩුවක් විදිහට නම් හොඳයි...
ReplyDeleteජයවේවා..!!
එකක් අරං දෙන්නා එක්ක සෙල්ලං ගෙයක් දාහං
Deleteහොඳ දැනුවත් කිරීමක්. අපේ නැන්දලා ගෙ දුව ලඟත් තිබුනා ඔය වගේ මැෂින් එකක් එයා ඒක අන්තිමට පොඩි එවුන්ට දුන්නා සෙල්ලම් කරන්න.
ReplyDeleteනුවනක්කාර තීරණයක්
Deleteබය වෙන්ඩ දෙයක් නෑ මොනා හරි උනොත් උඹ ඉන්නවනේ ...
ReplyDeleteඋස්සං එන්ඩ එහෙම එපා පැත්ත පලාතේ
Deleteඅනේ මටනම් ආස හිතුනා ඔය පල්ලෙහා පින්තූර ටික දැක්කම.මහන්න දන්නෙ නැති මට සෙල්ලම් බඩ්ඩක් උනත් මොකෝ ඔන්න ඔහෙ
ReplyDeleteඑහෙනං ගනිං
Deleteහොද පනිවිඩයක් නොවැ ඔහෙ දීලා තියෙන්නේ
ReplyDeleteස්තුතියි
Deleteමචං අටමෝ බැරිද ඔයවාගේ පොටබල් මැසිමක් හදන්න කට වාචාල ගෑණුන්ගේ කටවල් මහන්න. උඹ බිල් ගේට්ස්ටත් වැඩිය සල්ලිකාරයෙක් වෙනවා සත්තයි.
ReplyDeleteබෑග් ක්ලෝසර් එකක් ගන්ට හිටං
Deleteමොනා උනත් හරි කියුට් නේද...බොහොම තැන්කු දැනුවත් කිරීමට
ReplyDeleteගන්නෙ එහෙම නැ
Deleteඔයා ඔය උඩින්දාල තියන ස්ටේප්ලර් මාදිලියෙ එකකුත් අපේ ගෙදර තිබ්බ, මතක හැටි්‍ය පෙන්ටෝච් කෑලි 4කින් වැඩ කලේ. දැන් සිංගර් කියල කරන්නෙත් ඔය වගේ ගේමක් තමයි තනිකරම චයිනීස් රීබැජ් ඒව,
ReplyDeleteඋදා:- 588 මොඩල් පෝටබල් මැෂින් එක ( හැබැයි මේක චයිනීස් වුනත් යම් තත්වයක් තියන එකක්).
588 පරණ මොඩ්ල් එකක් නේද
Delete588 ඩොමැස්ටික් එකකුත් ආවා ...ලගදි පෝටබල් එකකුත් ආවා ... ඒ දෙකම ලේසියෙන් දකින්ඩ නැ ......... හරිම දුරුලභයි
Deleteපොස්ට් එකේ හොඳම එක.. \\..අහුඋන කෙනෙක් ලැජ්ජාවට කියන්නෙත් නැ , එක්කො කාටහරි අහිංසකයෙකුට විකුනලා දාල අත හෝදගන්නවා , එහෙම නැත්නං පැත්තකට දාලා සද්දෙ වහලා ඉන්නවා...//
ReplyDeleteඕක අපේ ජාතියේ තවත් ලක්ෂණයක්. තමන් වැටුණු වලේ අනිත් ඇවුනුත් වැටෙනවට පුදුම ආසාවක් තියෙන්නෙ.. 😡
සක්කිලිම වැඩේ ගෙනත් විකුනන එක
Deleteසිංඟර්කාරයත් ඕවගේ ප්ලාස්ට්ක් අටමගල් විකුණනවා ලොකු ලොකු ගණන් වලට, මාත් අහුවුනා නෙව.
ReplyDeleteදාල තියන පොටෝ කෑලි වල තියන සමහර ඒව්වා ආවේ 20වන සියවසේ, ඒවා තාමත් ප්‍රොඩක්ෂන් යනවාය කියන්නේ අළුත් ජෙනරේෂන් එකෙත් අපට නොදෙවෙනි මොඩයෝ ඉන්නවා කියන එකයි.
ඔව් එයාලගෙත් සමහරක් මොඩ්ල් ටෝටලි ෆේල්
Deleteදන්න දේ කියලා දෙන ගුණේ කොහොමත් තියෙන පුද්ගලයෙක් නෙවැ අටම් කියන්නෙ
ReplyDeleteෂික් කමෙන්ට් කියවනකොට කොලර් තියන ෂර්ට් එකක් ඇදගන ඉන්ඩ ඕන
Deleteවටින පොස්ට් එකක් අටම්... අපේ ගෙදරත් අර සෙල්ලම් මැෂින් දෙකක් තියෙනවා එකක් දෝණිගේ අනික මගේ :) :)
ReplyDeleteසෙල්ලං ගෙදරක්ද
Deleteනැතුව :) :)
Deleteඉඳි කටුවා ගැලෙව්වා නම් පොඩි එකීට සෙල්ලම් කරන්න දෙන්න තිබුණා. ගෑණුන්ට ඉතින් අඩුවට දෙනවා නම් ඔ.පු. තමයි
ReplyDeleteසිරාවට අඩුවට දෙනවනං බලු බෙට්ට හරි ගන්නවා
Deleteදැනගත් එකනම් හොඳයි. දෙවරක් තුන්වරක් මහන්න හදල පරිසරේට කොතරම්නම් ප්ලාස්ටික් ගොඩක් එකතු වෙනවද? මිනිස්සු රවටන්නම හදන බාල බඩු
ReplyDeleteමිනිස්සුන්ගේ තියන කුනු පෙරේත කම හන්දාමයි මෙහෙම දේවල් නිෂ්පාදනය කරන්නේ
Deleteකන ගාවින් බේරුනා ....අහුඋනනම් මොන විලි ලජවක්ද
ReplyDeleteචික් අහු උන්නැනේ
Deleteහරිම අනුවේදනීය කතාවක් බං.
ReplyDeleteකමෙන්ටුවට ස්තුතියි , නැවත පැමිනෙන්න
Deleteසිංගර් ඒවත් තියෙනවද එහෙම හපොයි
ReplyDeleteඔය වගේ ඒවා නැති උනාට නරක ඒවත් තියනවා
Deleteමේවා සෙල්ලම් ඒවනේ බං. අපේ ලොක්කි ටත් කවුද උපන්දිනේට දීල තිබ්බ. දැන්නම් කෑලිවත් නැහැ. මෙහෙ toys ආ අස් කියන එකෙයි ආගෝස් එකෙයි විකුනන්න තියනවා.
ReplyDeletehttp://www.toysrus.co.uk/toys/totally-me-sewing-machine/0130194
http://www.argos.co.uk/product/5420829
අපේ නෝනා මහත්තයාගේ උජාරැව ඉවසන්න බැරුව මාත් ගත්තා ඔය ඇබින්ද මැෂි එකක්. මනං එකෙන් නෝනාගේ ගණංකාර කම බැස්සුවා. මටනං එක ඒ හින්දා ලස්සෙකටත් වඩා වටිනවා ඕං..
ReplyDeleteඅපේ වගේ රටවල මේවට හොඳ වෙළඳපලක් තියන බව චීන්නුත් දන්නවා !
ReplyDeleteමට නං ඔය චුටි බඩ්ඩ මහ උන්දැගේ මට දාන ගණකාරකං බස්සන්න උදව් වුණාය. දැං මං නිවිහැනහිල්ලේ මගේ කමිස්සයක් අරකක් මෙකක් මහ ගන්නවාය.
ReplyDeleteඅේ මංද ඉතිං.
ReplyDeletePink Mini ඒක නං නරකම නැ අජියා
ReplyDeleteඅනික නං ටෝයි එකක්
දැනුවත් කිරීමට ස්තූතියි. ලස්සන දැක්කම අහුෙවන සම්භාවිතාවය වැඩියි.
ReplyDeleteඇතුළේ ප්ලාස්ටික් කෑලි ටික දැක්කම හීල්ලුනා බං...
ReplyDeleteමේවට අහුවෙච්චි උදවියට වෙන මොනව හරි මහ ගන්න හිතෙනව ඇති දැං , පව් බං කවුරු උනත් අමාරුවෙන් නෙව සල්ලි හම්බ කරන්නෙ 🤔
ReplyDeleteමොනා උනත් පට්ටට වටිනවා මේ පොස්ට් එක .විසේසෙන් පණ්ඩිත ගෑනුන්ට
ReplyDelete