2014-07-26

යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ




මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.

රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා. කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා. වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා. දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා. දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි ……..ඉතිං මේ රටෙන් තමයි පස්සෙ කාලෙක මුස්ලිම් අන්තවාදීන්ට නෙළන හැටි මුළු ලෝකෙම ඉගෙන ගන්නෙ.

ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා.

මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් වලියට ගියේ වැරදි ජාතියක් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා.

මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහූණුවක් තිබුනේ නෑ.

අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා.

ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට !


ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. ඒක නිසා ඒගොල්ලො ඔක්කොම අකුලගෙන ආපහු යුරෝපෙටම ගියා ? මොන පිස්සුද. මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා.

දැන් තමයි හොඳම හරිය එන්නේ. තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන. ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !ඔව්……. දවස් 6 යි.

මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.

අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින්. (ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලය ලංකාව තරම්ම ලොකුයි)

මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ල International Celebrity ල ගෙ තත්වෙට ආවා.

පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා. යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා. ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය කරන එක පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා, අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා (‍Yom Kippur War)

රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා. ඊශ්‍රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.



කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා. නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මෝලේ කියන එක

අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.

හරියට මාස ගණනක් කට පාඩම් කරල කතාවක් පැවැත්තුවට පස්සෙ සභාවෙ කෙනෙක් අංඤකොරොස් ප්‍රශ්නයක් ඇහුවා වගේ.

ඊශ්‍රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා.

(Arial Sharon. එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි )

මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා. එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ. මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්‍රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා !!!

ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, ගුවන් හමුදා පයිලට් ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා.

අනික් රටවල ජෙනරල්වරු වගේ පදක්කම් rack පිටින් ඇඳුමෙ එල්ලගෙන ඉන්න සිරිතක් ඊශ්‍රායලයේ officers ලගෙ නෑ. නිතරම front එකට ගිහිල්ල අණ දෙන එක මේ සරළ ඇඳූම නිසා ලේසි වුණා.මේ ගොල්ලන්ගේ නායකත්වය තමයි හැම වතාවකදීම අරාබි හමුදා දණ ගැස්සුවෙ.

මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්‍රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්‍රති ප්‍රහාර ඊශ්‍රායලය හමුදා එල්ල කළා

පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.

හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.

ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.

ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්‍යක්ශම කළා. යුද්ධ කාලෙදි ලෝකය පුරා ඉන්න ගොඩක් ඊශ්‍රායලය ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඔක්කොම දාල ආපහු රටට එන්නේ කවුරුත් බල කරල නෙවෙයි. මේ විදිහට යුද්ධ වලදි front සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.

වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.

ඇමරිකාවෙ CIA එකේ 20 000 නිළධාරීන් Most Wanted 100 people list එකක් ගැන බලද්දි, ඊශ්‍රායලය ඔත්තු සේවාවේ (Mossad) එකේ 2500 නිළධාරීන් වටේම ඉන්න අරාබි රටවල Most Wanted 100 000ක ලෝකෙ ලොකුම list එකේ මිනිස්සු ගැන අවධියෙන් හිටියා

කොටින්ම අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම thugs ලද ? අපෝ නෑ

මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. ) වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා. (මිනිස්සු 10k ට 145ක්,දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)

සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි. අපි යැව්වෙත් චීනාට කියලනෙ)

3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා. වැඩිම Scientific Papers Publishing ප්‍රතිශතයක් ලබාගන්නවා. ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගත්තා.

කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි. ඒ වගේ Intel හි Pentium IV, Centrino වගේ Processors බිහිවෙන්න ගත්තා.

Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් ). ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්‍ය විද්‍යාව ඉහලම තැනකට ආවා.

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි ! හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි. ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !! “Arabs may have the oil, but we have the matches” – Arial Sharon

ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . එයාල තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.

(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා. ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්. ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)

මනෝ වෛද්‍යවරුන් (සිග්මන් ෆ්‍රොයිඩ්)

සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.

ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.

පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා.

ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා. දැන් තේරෙනවා ඇති නෙ තත්ත්වෙ ?

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා.

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.

අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා. ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ

එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාවට එන්න වුණෙ නෑ.

ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි, කතෝලික ආගම අදහන අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාම තමයි.

මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.

අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා. අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්‍ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන් තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.

යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.

හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා

ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.

රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා.

මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි”Come Home”

ඒත් ලෝකෙ හතර අතේ විසිරිලා තිබුණු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ).

මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ හීබෲ භාශාව කතා කරන්න ගත්තා ! අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.

මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ !

මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කළා.

තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා පවා දක්වන්න අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.

නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?

ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.

ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්‍රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක් !

නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.

යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.

මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.

හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.

“යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “

“හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

“ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා

යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.

ඉතින් තවත් අවුරුදු 1000 ක් ට විතර පස්සෙ හිට්ලර් ගෙන් බේරිලා,3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා

මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.

ඉතිං මේ විදිහට තමයි යුදෙව්වන් තමන්ගෙ අවුරුදු 4000 පරණ සැලැස්මේ අන්තිමට හරියත් ගොඩනගන්න සමත් වුණෙ.

අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයට නැවත ඇවිල්ලා හතර වටේම ආපු මුස්ලිම් තර්ජන අස්සෙ රටක් හදලා 0 ඉඳලා ලෝකයේම ඉහලම තැනකට ඇවිල්ලා අවුරුදු 4000 ක සැළැස්මක් සාර්ථකව ඉවර කරපු කතාව තමයි මේ.

අරාබි රටවල් එකිනෙකා එක්ක ඇණකොටාගෙන ලේ විලක් වෙද්දි ඊශ්‍රායලය රට ඉතාම සාමකාමීව සිංදුවක් කියාගෙන, දෙයියනෙ කියල ලෝකෙට විද්‍යාවෙන් දේවල් දායක කරල නොබෙල් තෑග්ගක් දෙකක් ගහගෙන හිටියා.

සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා.

අපිට වගේම මේගොල්ලන්ට යුධ අපරාධ චෝදන අම්බා……නක් තියෙනවා. ලංකාව ගරිල්ල සංවිධානයක් එක්ක ගහගෙනත් ලෙඩ වැටුණු එකේ. ඊශ්‍රායලය තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල රටවල් එක්ක හැප්පෙද්දි මේ චෝදනා එන එක පුදුමයක් නෙවෙයිනෙ ?

ඉතිං මේක මෙතනින් ඉවරද ?ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි

  එයාල මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන එක අපි කවුරුත් දන්නෙ නෑ.

දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.

හැබැයි ඉතිං මුළු ලෝකෙටම ඉන්නෙ මිලියන 12-14ක් වගේ. ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි.

(මෙම ලිපියේ අයිතිය මුල් අයිතිකරු සතුය Nimmi Muditha Herath ගේ ෆේස්බුක් පිටුව තුලින් උපුටාගන්නා ලදි)

මෙන්න  එළකිරියේ Zeus ලිපිය 
http://www.elakiri.com/forum/showthread.php?t=1622022 

83 comments:

  1. මේ ලිපිය ෆේස්බුක් වල ගොඩක් ෂෙයාර් වෙලා තිබ්බට කියවගන්න බැරි වුනා. මේ දැං තමා සහසුද්දෙන්ම කියෙව්වෙ..
    එල

    ReplyDelete
    Replies
    1. මට තේරෙන බාසාවෙන් ලියල තියෙන නිසා මට මේකට ආසා හිතුන බං

      Delete
  2. අටමා..................

    ඔය කතාව වෙනමම පැත්තකින් බලපු ලිපියක්. ඒත් ඊශ්‍රායලය කියන්නේ හරි ජාතියක් නෙමෙයි. බලෙන් අල්ලගත්තු රටක්.. පලාස්තීනය පීඩනයට පත් කරමින් රට හදාගන්නවා. පලාස්ථීනුවන් කියන්නේ භුමියේ අයිතිය තියෙද්දි රටක් විදිහටවත් පිළිගන්නැති ජාතියක්.. ඇමරිකාවේ අවශ්‍යතාවයට අරාබිය විනාශ කරන ඊශ්‍රායලය හොද දෘෂ්ටියකින් දැකීම ගැන අපි විරුද්ධයි....

    යුදෙව්වෝ ඉතිහාසයේ ඉදලා ම පොරවල් තමයි. දෙවැනි ලෝක යුද්දෙදි හිට්ලර් පන්න පන්න මැරුවේ ඔවුන් තමයි. ඒත් ඔවුන් අරාබිය තුළ කරන විකාර වැඩනම් අනුමත කරන්න බෑ.... පලාස්තීනය කියන්නේ තැලෙන ජාතියක් මොවුන් හින්දා....

    ලංකාවේ මුස්ලිම් ප්‍රශ්ණයක් ඇතිවෙයි කියන පසුබිමක මේ දෘෂ්ටිය හොද වුණාට අටමෝ ඉතිහාසයේ කතාව නම් මීට වඩා වෙනස් විය යුතුයි කියන එකයි අපේ අදහස...

    මොනවා වුණත් විස්තර ගොඩක් තියෙනවා. අපි මේ ගැන ටිකක් කතා කරමු..... අපි අනුන්ගේ අදහස් වලට කොහොමත් ගරු කරනවා...........

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම්
      ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රට
      (හරියට අපිට ලංකාව වගේ)
      මුස්ලිම්වරුන් විසින් අල්ලගත්ත
      නැවත වරක් ඔවුන් එය අල්ල ගත්තා
      මමනං ඒකේ වරදක් දකින්නේ නැ
      එහෙම නොකර කෝ ඔවුන්ට රටක්
      අපි එල්ටිටිඊ එකත් එක්ක කන්ඩ බොන්ඩ බෙහෙත් දීලා
      සටන්කලා වගේ එයාලත් පලස්තීනුවන්ට කන්ඩ බොන්ඩ දීලා සටන් කරන්නේ
      පලස්තීනය මුස්ලිම් වරුන්ට එයාල දුන්න භූමිය ඒකත් මදි කියලයි එය සටන් කරන්නේ
      එහෙම බලන කොට අපිට වඩා ඊශ්‍රායලය හොදයි
      මොකද අපි දෙමළ මිනිස්සුන්ට කෑල්ලක් දුන්නේ නැනේ

      මම නං ඊශ්‍රායලයට කැමතියි

      Delete
    2. කුරුටු ඔයා දැකලා තියෙන්නෙත් වෙනමම පැත්තකින් මතුපිටින්,

      //බලෙන් අල්ලගත්තු රටක්.. පලාස්තීනය පීඩනයට පත් කරමින් රට හදාගන්නවා. පලාස්ථීනුවන් කියන්නේ භුමියේ අයිතිය තියෙද්දි රටක් විදිහටවත් පිළිගන්නැති ජාතියක්.. ///

      මේක ගොඩක් වැරදි කියමනක්, 1948 පලස්තිනේ දෙකඩ කරලා කොටසක් යුදෙවුවන්ට දෙද්දී මුල් පදිංචි කාරයෝ ඕනේ තරම් හිටියා,, මන් දැන් ඉන්න පළාත ඒකට හොදම සාක්ෂියක්,

      අටමගේ ප්‍රබුද්ධ කතා නැති සරළ කියමන මන් අගය කරනවා ,
      මේ ගැන මගේ අදහස් කියන්නේ නැහැ ,W3 එකේ ඇනොලා මා එක්ක කතා කරපු දේවල් එක්ක මේ ගැන කතා කරලා තේරුමක් නැහැ

      Delete
    3. //අටමගේ ප්‍රබුද්ධ කතා නැති සරළ කියමන මන් අගය කරනවා ,//

      හත්දෙයියනේ යකෝ ඕක මං ලියාපු එකක් නෙමෙයි බොල

      Delete
    4. අටමා.......................

      සංවාදය හොදයි.. අපි සංවාද කරමු.....

      අටමා ඔබ නොදකින ලොකු කතාවක් මේක ඇතුළේ තියෙනවා.. යුදෙව්වන් කියන්නේ ලෝකේ හිටපු පරණම ජාතියක්. මං දන්න විදිහට යේසුස් කියන්නෙත් යුදෙව්වෙක්. ඔය යුදෙව් ආගම තමයි පරණ ආගම. පස්සේ තමයි ක්‍රිස්තියානි එන්නේ.. ඕකෙම සම්බන්ධයක් ඉස්ලාම් වලටත් තියෙනවා... ඔය මරා ගන්නේ එකම දර්ශනයක කොටස් අදහන මිනිස්සු. ඕක මොකක් ද ඉතිහාසයේ කුරුස යුද්ධත් කලේ ඕකටමනේ... ලෝකෙන් වැඩිම මරණ ගානක් සිදුවුණ යුද්ධ කරගෙන තියෙන්නෙත් ඔය කට්ටිය ටිකම තමයි.....

      හරි මචං... මං දන්න විදිහට කතාව ටිකක් කියන්නම්. දෙවැනි ලෝක යුද්දෙදි හිට්ලර් සටන් කරේ ආර්ය ලේ සංකල්පයෙන්. ඒ කියන්නේ ආර්යයෝ ලෝක‍ේ උතුම්ම ජාතිය කියලා. ඊට විරුද්ධව හිටපු යුදෙව්වන් ව තමයි සපූල ඝාතනය කළේ... ඔවුන් යුරෝපා රටවල් බොහොමයක ජීවත් වුණා. මොකද එයාලා මේ පළාතේ හිටපු පරණම ජාතියක් නිසා.....

      යුද්දෙදි හිට්ලර්ට විරුද්ධ ව සටන් කරපු ඒකාබද්ධ ජාතීන් අතර මූලික තැනක් ගත්තු ඇමරිකාව සහ එංගලන්තය නියමෙට ප්ලෑන් කරලා අවතැන් වූ යුදෙව්වන් ටික අරාබි භුමිය කියලා තිබුණ පලාස්තීන භූමියට ගෙනත් දැම්මා. එතකොට එහෙ ඕන තරම් මුස්ලිම් මිනිස්සු හිටියා. ඒත් ඒක ලොකු භූමියක් නිසා ගැටළුවක් වුණේ නැහැ.

      පස්සේ යුද්ධ ඇති වුණාම යුදෙව්වන් ඊශ්‍රායලය කියලා රටක් ප්‍රකාශයට පත් කරපු ගමන් බටහිර ජාතීන් ඒක එසැනින් අනුමත කරලා රටක් විදිහට පිළිගත්තා. ඒත් අදටත් ඒ කුහකයන්ට පලාස්තීනය රටක් විදිහට පිළිගන්න බෑ. යූඑන් එකේ තාමත් නිරීක්ෂක මට්ටමේ රටක් විතරයි පලාස්තීනය. හොදට බලන්න 1940 ගණන් වල ඉදලා පලාස්තීන භුමිය යුදෙව්වන් අත් පත් කරගෙන තියෙන විදිහ. ක්‍රමයෙන් ඒ භූමිය කොල්ල කාලා කාලා රටෙන් 80% ක් අල්ලගත්තා. දැන් පලාස්තීනය කියන රටට ඉතුරු වෙලා තියෙන්නේ ගාසා තීරය කියන පොඩි තීරුවයි බටහිර වෙරළයි විතරයි. ඒක කොයි තරම් පොඩි ඉඩක් ද කියලා බැලුවානම් තේරෙයි. ඊශ්‍රායලයට යුද සහය දිදී ඇමරිකාව අරාබියේ තමන්ට ඕනේ සෙල්ලම් ඔක්කොම දානවා. ඒවා එළිපිට කරන මහ කැත වැඩ. අදට පලාස්තීනයේ මිනිස්සු කීයක් මරලා තියෙනවාද කියලා බලන්න.

      මේ විදිහ ජාතියක් මහා ජාතියක් විදිහට කතා කරනවාට අපි නම් අකමැතියි. ඔවුන් මහා මොළ කාරයෝ තමයි. ඒත් දැන් ඔවුන් දුවන්නේ ඇමරිකාවේ අවශ්‍යතාවය මත අරාබිය විනාශ කිරීමටයි. ඒක කාටවත් කඩේ යෑමක් විනා මහා ක්‍රියාවක් නෙමෙයි. අනික ඊශ්‍රායලය කියන්නේ හිතක් පපුවක් නැතුව මිනී මරන ජාතියක්. අහිංසක ගාසා වැසියන් අමු අමුවේ මරලා දානවා.

      ලංකාවේ දැන් ඇති කරන්න හදන මානසිකත්වය තුළ මුස්ලිම් ජාතිය පාගන්න ඕනේ නම් ඊශ්‍රායලයට වදින එක සාධාරණයි. ඒත් ඒ කියන්නේ අපි ඇමරිකාවටත් වදිනවා කියන එකම තමයි. අපි දන්නෑ මේ රටේ මිනිස්සු ඒකටත් ලෑස්තිද කියලා........

      මොනවා වුණත් අටමා අපි සංවාද කරමු............

      Delete
    5. ///////අනික ඊශ්‍රායලය කියන්නේ හිතක් පපුවක් නැතුව මිනී මරන ජාතියක්. අහිංසක ගාසා වැසියන් අමු අමුවේ මරලා දානවා. ////////

      මේවා අනුමත කරන්න පුළුවන් නානසාර පන්නයේ ගෝත්‍රිකයින්ට පමණයි කියලා මම හිතනවා. මේ අමාණුසිකත්වය ටීවී තුලින් දකිනකොට පවා අප්‍රියයි. ඒ විඳවන මිනිසුන්ට කොහොම ඇතිද? උපාසක ඇමරිකන් නපුංසක ආණ්ඩුවට මේවා පේන්නේ නැද්ද? අපේ එවුන්ට ඇමරිකාව නරකයි...ඊශ්‍රායලය හොඳයි....මට නම් තියෙන්නේ මණුෂ්‍යත්වය ගැන ප්‍රශ්නයක්. ඊශ්‍රායල ඉතිහාසයම විකෘතියක් කියලයි මට හිතෙන්නේ.

      Delete
    6. //////මන් නම් කැමති ඕකුන් ඔක්කොම අතුගෑවිලා යනවට අල්ලගෙ පුත්තු////////

      අහෝ......ඔමා....උපතින් යුදෙව්වෙක්වත් ඔය තත්වයට පත්වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉන්නා රට අනුව මනුස්සත්වයට නිගා කරන්න එපා. මේ මනුස්සත්වය, දයාව, ප්‍රේමය ගැන ලියපු ඔමාද කියලා හිතුනා.

      Delete
    7. Inna rata neme muslim agama kiyanne me lokenma thuran karanna onema agamak ... mun serama me loken athu gawila giya dawasata me loke yudda walin 90% k iwarayi

      Delete
    8. සීයට 90% ඉවරකරන්න ඔක්කොම මුස්ලිම් අයව අතුගාලා දානවා. ඉතිරි සීයට 10% ඉවරකරන්න අතුගාලා දාන්නේ බෞද්ධයින්වද ඇනෝ? දන්නේ නැති නිසා අහන්නේ.....ආතල් තියරියක්නේ බන් උඹටත් තියෙන්නේ..ඕක අර ඔබාගෙන ඉන්න ඔබාමාට යැව්වා නම් හරි. මිනිහාගෙත් තාත්තා හෝ සීයා මුස්ලිම්නේ. හැබැයි අම්මා American Jewish. ඒ ගැන දන්නවාද. DREAMS FROM MY FATHER.....BARACK OBAMA කියන පොත කියවපන් විස්තර තියෙනවා.

      Delete
    9. ඉන්න රට නෙමේ මගේ ඇස් වලින් මන් දකිනවා ඔයා පෙරිලා එන නිව්ස් වලින් දකින දේට වඩා ,ඒ නිසා මං ගැන ඔයා හිතන දේ වැදගත් නැහැ

      Delete
    10. හබෑටම ඔමා ගාසා වලටත් ගිහින් බලලා එන්න ඇතිනේ...

      Delete
    11. /////,ඉන්න රට නෙමේ මගේ ඇස් වලින් මන් දකිනවා ඔයා පෙරිලා එන නිව්ස් වලින් දකින දේට වඩා ,ඒ නිසා මං ගැන ඔයා හිතන දේ වැදගත් නැහැඒ නිසා මං ගැන ඔයා හිතන දේ වැදගත් නැහැ//////////////


      මේ කමෙන්ට් එක මට නම් ඉලක්ක කරේ....මට කිසිම ගැටළුවක් නැහැ.

      හැබැයි ඔමා මතක තියාගන්න...සහ නැවත කියවන්න ඔබ ලියපු දේවල්. ඔබ කවුද කින්ද මන්ද සහ උප්පත්තිය මරණය මට අදාල නැහැ. මට බ්ලොග් ලෝකයේ ආදාල වෙන්නේ ලියන්නාගේ අදහස් විතරයි. එකට කාපු බීපු නටපු දේවල් තුල මගේ මතය හිරකර ගෙන ඉන්න මම සුදානම් නැහැ. එහෙම අය ඉන්නවා ඇති. මම එහෙම නැහැ.

      නැවතත් කියන්නේ....ගාසා තීරයේ වෙන අමානුශික ළදරු මරණයන්ට හාමාස් වැරදි තිබුනාට ඊශ්‍රායලයට එහෙම අයිතියක් නැහැ. ඒක කිසිම ධර්මයක් අනුමත කරන්නේ නැහැ. ඔබට ඔබ ගැන හිතන්න තව මොනවා හරි මූලාශ්‍ර ඕන නම් මම දෙන්නම්. ඔබ සෙල්ලම් කරන්න. අනාගත පරපුර සමග සෙල්ලම් කරන්න එපා. එකින් එක කියන්න පුළුවන් ඔබේ දෙබිඩි පිලිවෙත ගැන අදහස් වශයෙන්. මට ඔබේ පෞද්ගලිකතවය පැන්සයකට අදාල නැහැ.

      Delete
    12. ඇනෝ මං ගිහින් තියෙනවා ,

      මට තේරෙන්නේ නැහැ ඔයා කියන දෙබිඩි පිළිවෙත, මං කීවේ ඇත්ත. යුදෙවුවෝ ගැන පොත පතින් කියෝනවට වඩා එයාලා එක්ක ඉද්දි ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ඒකයි මං කීවේ,,


      //අනාගත පරපුර සමග සෙල්ලම් කරන්න එපා. එකින් එක කියන්න පුළුවන් ඔබේ දෙබිඩි පිලිවෙත ගැන අදහස් වශයෙන්. /// අනාගත පරපුරට මං මොනාද කලේ?

      Delete
    13. ඔමා.....අනාගත පරපුරට ඉතිරිකරන්න ඕන ද්වේෂය නෙමේ...ආදරණීය සිතුවිලි..මම ඔබට තරහින් කියනවා නොවේ. ආදරයෙන් ඉතිරිකරන රුපියලක් ඇති...ආදරයක් නොමැතිව ඉතුරුකරන ලක්ෂයකට වඩා......

      Delete
    14. කුරු‍ටු,
      ඊශ්‍රායලය බිහිවීම සම්බන්ධව ඔබ දක්වා ඇති විස්තරය නිවැරදියි. ඉතිහාසය ඕක තමයි. ඇමරිකාව සහ යුරෝපීය ප්‍රජාවට මැදපෙරදිගට අතදාගන්න හදාගත්ත දොර තමයි ඊ්‍ශ්‍රායලය. ‍එහෙම නැතිව ඔවුන් තනිවම දියුණුවුනා කියන එක වැරදියි. ඔවුන් අරාබි රටවලට පහර‍දුන්නෙ ඒ විදියටයි.

      මෙතන තියෙන්නෙ මෙහෙම දෙයක්. සිංහලයන් මේ වෙනකොට මුස්ලිම් විරෝධියි. මරක්කලයන්ට වදිනව නං කාගෙන් හරි කමක් නෑ කියලයි ඉන්නෙ. අනිත් අතට අරාබියට එදිරි ඊශ්‍රායලය = දෙමළුන්ට(තමිල්නාඩුවත් ඇතුළු) එරෙහි සිංහල කියල හිතං ඉන්න කට්ටිය මේකෙන් චුන් වෙනව.

      මගේ අදහස නම් ඊ්‍ශ්‍රායලය සිදුකරන ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රමාණය අති විශාලයි. ඒ ගැන කවුරුත් කට අරින්නෙ නෑ.

      Delete
  3. ඇනෝ මහත්තයෝ

    එකපාරක් දෙපාරක් එළකිරියේ මගේ ලිපි ගියා,
    සමහරක් ෆේස්බුක් ගෘෘෆ්වලත් ගියා,
    හැබැයි ඒ එළකිරියේ දාපු කෙනා ගත්ත තැන දාල තිබුනේ නැ,
    කවුදෝ මන්දා දැකල එතන කමෙන්ට් එකකුත් දාල මටත් කියුවා,
    මමත් මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක ලින්ක් එකක් දානවනං හොදයි කියුවා,
    ඊටපස්සේ එළකිරියේ ලින්ක් එකක් දාල තිබුනා,
    අර ෆේස්බුක් ගෲෆ්වලනං කවදාවත් ලින්ක දැම්මේ නැ,

    එහෙම නැතුව ඔයා මේ කියන විදිහට,
    ඔයා මේ කෑගහන විදිහට මං කෑගැහුවේ නැ,
    මම ලියන්නේ මිනිස්සුන්ට කියවන්ඩ සහ මගේ ආතල් එකට මිසක් සල්ලි වල‍ට නොවෙන නිසා කවුරු ගත්තත් කමක්නැ,
    ගත්තේ මෙතනින් කියල ලින්ක් එකක් දැමීම විතරක් මට ප්‍රමාණවත්,
    මේ ලිපිය මගේ සිත බෙහෙවින් පැහැරගත් නිසා අනිත් අයටත් දකින්න කොපි කරල මෙතන දැම්මා,

    මම ගත්ත තැනත් ලින්ක් එක දැම්මා,
    මම එළකිරිය පැත්තේ යන්නේ නැ ,
    ඒ නිසා එළකිරියේ එකක් කියල මම දැනගන හිටියේ නැ,
    එහෙම එකක් මම ගත්ත තැන තිබුනෙත් නැ,
    එහෙම තිබුනනං ඒකත් යටින් දානව,
    දැං අවුලක් නැ ඔයා ලින්ක් එක දැම්මනේ,
    දැං ඒ අඩුවත් පිරුනා,
    ඔයාට ස්තුතියි,

    ඔයා ඔය උඩින් කියල තියන kuhaka කම හින්දයි මේ කියන්නේ,
    කවුද දන්නේ තව ටිකකින් කෙනෙක් ඇවිත් කියයිද කියල ,
    '' ඕක එළකිරියේ එකක් නෙමෙයි මගෙන් ussapu එකක් කියල '' ,
    එහෙම උනොතේ ඒ අඩුවත් සම්පූර්ණයි ,
    එහෙම නොවෙන්ඩ බැරි කමකුත් නැ ,
    එළකිරි ඉතිහාසය දිහා බලනකොට නේද,

    සයිබර් අවකාශය තුල අපි කරපු නිර්මාණයක් නැවත පළවීම වලක්වන්න බැ,
    ලින්ක් එකකට වඩා සාදාරණයක් කරන්නත් බැ,
    ඊට වඩා දෙයක් බලා පොරොත්තුවීමටත් බැ,
    කෙනෙක් යමක් කොතනින් හරි උපුටාගන්නකොට,
    එතන තිබුනේ නැත්තං තව තැනකින් ගත්තේ කියල,
    උපුටාගන්න කෙනා දන්නේ කොහොමද ,
    තව තැනකින් උපුටා ගත්ත එකක් කියල,

    තමන් දැන දැන කරන වරදක්,
    තව කෙනෙක් නොදැන කරහම ,
    ඒ කෙනට kuhakaya කියන කෙනාට,
    කියන්න සුදුසු වචනය මොකක්ද මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++ අටම්

      Delete
    2. අපි අටමත් එක්ක.................

      Delete
    3. Elakiri එකේ බොහෝ විට අනුංගෙ ඒව යනව මාත් දැකල තියෙනව. ඒ වගේම වැදගත් දේවලුත් නොයනව නෙමෙයි. මේක ඒ වගේ ලිපියක්.

      මේ මෑතකදි ඉන්දිකගෙ මේ ලිපිය ලක්බිම පත්තරේ ගියා කිසිම උපුටා ගත්ත තැනක් නැතුව.

      නමුත් තමුං ගන්න තැන දැනගෙන ඒක නොදා ඉන්නවනං ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒත් සමහර ‍ඒවයෙ ඔරිජිනල් එක මොකක්ද කියල හොයාගන්න එක ඊට වඩා අමාරු දෙයක්.

      Delete
  4. මෙන්න තවත් එම රට ගැන විස්තර තිබෙන ලිපියක්.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1622022

    ReplyDelete
    Replies
    1. මෙම ලිපිය මම කියවල මට එම ලිපිය එළකිරි නිසා ..... මම දන්න තුන් දෙනෙකුට යැව්ව.....පුද්ගලිකවම.....
      ඊශ්‍රායලයේ මනුෂ්‍ය ගාතන හැර හැම දෙයකටම මා කැමතියි....

      Delete
    2. ලිපිය වැදගත් තමයි. මාත් ගොඩක් විස්තර දැනගත්තේ මෙතනින්. තර්ක වැඩි උනාම තව විස්තර ලැබෙනවා. එහෙම වෙන එකත් හොදයි...... ඔක්කොම කතන්දර ටික ඊශ්‍රයලය ගැන , දැන ගන්න ලැබේවි.

      Delete
    3. සාමාන්‍ය මිනිස්සු මැරෙන්නේ එයාලව සටන් බිමේ තියාගන එයාලට මුවාවෙන නිසා නේද කෙන්ජී

      Delete
    4. ඔයා හරි නිහීංසා

      Delete
    5. >>සාමාන්‍ය මිනිස්සු මැරෙන්නේ එයාලව සටන් බිමේ තියාගන එයාලට මුවාවෙන නිසා නේද කෙන්ජී << ......
      ඕක මචෝ අහපං අපේ විචාරක තුමාගෙන්......එතුම ගොඩක් දන්නව ඇති.....
      මම ඊශ්‍රායල් ජාතිකයන්ට කැමති වුනේ ඇමරිකානුවන් බලෙන් විද්වතුන් ගෙන ගොස් තාක්ෂණය සොරා ගන්න කාලෙ ඉදල...
      එළකිරි ලිපිය කියවපු අපේ එකෙක් ...එලම කතාවක් කිව්ව ,,,,

      Delete
    6. ඒ කතාව කියහංකෝ

      Delete
    7. යුද්ධයේදී මිනිස් පලිහ නන්දිකලාල් කලපුවේදීත් ප්‍රභාකරන් භාවිතා කලා, කෙන්ජි...... මේක යුද්ධ උපක්‍රමයක්.

      Delete
    8. ඔව් ඔව්..අපි හැමදාම යුධ උපක්‍රම නිසා පලිහවල් වෙලා ඉමු.....පලිහ හිල්වුනාම අඬමු.

      Delete
  5. Atam,umba meka dapu ekai,eka gaththa thenai kiyala thiyenawane,echcharai,anota amaru lipiya israyalawadi wimai,omayatath Anola attack karalathobba,eth,lipiya israyalayata hithawadeeweemi.lankawe goda indan newperalana jathiye glogkarayek dennek thamai israyalayatapaksa lipiwalata Ano ewith ledaadinne.(Paththagodaya)

    ReplyDelete
    Replies
    1. එහෙමසත් එකක්ද කවුද අප්පච්චියේ ඔව්වා දන්නේ

      Delete
  6. මේ ලිපිය ලියාපු Zeus කියන කෙනා අගට දාල තීන ඩිස්ක්ලේමර් එක බලහන්

    //Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව.
    (කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න.
    ඒ නැතත්. අනේ කමක් නැත.//

    ඒ අතින් ඌ ඇත්තවශයෙන්ම උතුම් අදහස් තියෙන කෙනෙක්.!

    අන්න ඒකට සලකල මේ එළකිරි ලිපියටත් ලයිව් ලින්ක් එකක් දාන එක උඹ එහෙම හොඳ මිනිහෙකුට කරන අනුග්‍රහයක් මිසක් දෙකයි පනහෙ අනුන්ගෙ එකෙන් බැබලෙන භූතයෙකුට දෙකට නැවීමක් නෙමෙයි කියල මම හිතනව.

    ReplyDelete
    Replies
    1. හරි
      ඉන්දිකය
      උඹ කියන කතාව හරි නිසා
      මම ලින්ක් එකක් දානව

      Delete
    2. ඉන්දික.... ++++++++++++++++++++++++

      Delete
  7. මට නම් මේ ලිපිය පේන්නෙ සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපතිවරණයට කාලෙ ඉඩි අමීන් චිත්‍රපටිය පෙන්නපු ජාතික රූපවාහිනිය වගේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මට තේරුනේ නැ හරි

      Delete
    3. ඉඩි අමීන් Vs බොකාසා

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  8. ලෝකේ පුරාම මුස්ලිම් ජාතීන්ට වෙන් වෙච්ච රටවල් තිබුනට යුදෙව්වන්ට එහෙම තැනක් තිබුනේ නැහැ. ඊශ්‍රායිලය කියන්නේ මුළු ලෝකෙම ඉන්න යුදෙව්වන්ට තමන්ගේම කියන්න පුළුවන් රට, නිවහන. එක හරියට සිංහලයින්ට ශ්‍රී ලංකාව වගේ. වෙන කොහෙද සිංහලයින්ට තමන්ගේම කියල රටක් තියෙන්නේ?

    අටම් ගේ ලිපිය බොහොම අගය කොට සලකනවා. මෙතෙක් කල් අහපු නැති විස්තර ගොඩක් තියෙන ලිපියක්.


    ReplyDelete
    Replies
    1. අපේ කතන්දරය වගේම කතන්දරයක් ඔතන තියෙන්නේ
      අපේ අයිතිය වෙනුවෙන් අපි සටන්කලා වගේම
      නැතිවෙලා තිබුන තමන්ගේ නිජභූමිය සටන් කරල නැවත ලබාගත්ත එයාල එයාලගේ අයිතිය රැකගන්න සටන් කරනව

      Delete
    2. ශෙහාන්,
      මම ඉහලිනුත් කිව්ව වගේ ඕක තමයි අපේ චූන්එක.

      ////ලෝකේ පුරාම මුස්ලිම් ජාතීන්ට වෙන් වෙච්ච රටවල් තිබුනට යුදෙව්වන්ට එහෙම තැනක් තිබුනේ නැහැ. ඊශ්‍රායිලය කියන්නේ මුළු ලෝකෙම ඉන්න යුදෙව්වන්ට තමන්ගේම කියන්න පුළුවන් රට, නිවහන. /////

      මේ ප්‍රකාශයේ යුදෙව් වෙනුවට දෙමළ කියල දාල ඊශ්‍රායලය වෙනුවට ඊලාම් කියල දැම්මමයි අපේ ආතල් කැඩෙන්නෙ.

      Delete
  9. ඔබ මේ ලිපියේ කර්තෘ නොවන නිසා, මෙහි අප දක්වන අදහස් වලට ඔබට පිළිතුරු දෙන්නට වීම තරමක් වෙනස් තත්වයක්.

    අද හවස වනවිට ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 1000 කට වඩා මිය ගිහිල්ලා තියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන ගිය සරණාගත මධ්‍යස්ථානයකටත් ඊශ්‍රායලය පහර දීලා. කෝ දැන් මානව හිමිකම්?

    ඊශ්‍රායලයට හැමදාම ගණන්කාරකමෙන් ඉන්න බැරිවෙන දවසක් උදාවෙනවා. ඒ විරෝධතාව එන්නේ මැදපෙරදිගින් විතරක් නෙවෙයි.

    ReplyDelete
  10. එයාල පහරදෙන්නේ සැහෙන කාලයක් බලාගන ඉදල
    දිනපතා තමන්ගේ ඔලුවට එන රොකට් වෙඩි වලින් 90% ක් උඩුගුවනෙදි පුපුරුවල
    තමන්ගේ රටේ මිනිස්සු පැහැරගෙන මරනකං බලාගන ඉදල
    අල්ලපු ගෙදර මනුස්සය අපේ වහලෙට ගලක් දෙකක් ගැහනකොට
    '' ඕක මට නිකං ගැරඩියෙක් වගේ ගැරඩි මරල පව් පුරවගන්නේ මොකටද කියල ''
    නිකං ඉන්නකොට ජනෙල් වලටත් ගඩොල් බාග එවනකොට නවගුන වැල ගනන් කරකර ඉන්ඩ පුලුවන්ද අයියේ

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ බං ඔය ගමේ හන්දියෙ සීන් විදියට ජාත්‍යන්තර කේස් විසඳන්න පුළුවන් කියල නං ඒක මුලාවක්. මොකෝ මහින්ද මහත්තයත් හිතං ඉන්නෙ ඔහොම තමයි. මේ ලෝකයෙ කටයුතු කරද්දි (යුද්ධ කරද්දි පවා) ක්‍රමයක් තියනව. හැමදාම ජනෙල් වලට ගැහුවත් අනෙකාගෙ නිරායුධ මිනිස්සු මරන්න බෑ. නමුත් දැං සිද්ධ වෙන්නෙ වෙනත් දෙයක්.

      Delete
  11. අැත්තෙන්ම ස්තූතියි ඔබේ ලිපියට.
    නමුත්, මානව සම්පත වර්ධනය කිරීමට අපේ රටේ මහ උන්දැලට කිසි ගානක් නෑ.
    උන්ගේ දැක්මයි, යුදෙවුවන්ගෙ දැක්මයි අතර විශාල පරස්පරයක්....
    ඉතින්, සුභ අනාගතයක්.... අාශියාවේ අාශ්චර්යලු....

    ReplyDelete
  12. පෞද්ගලිකව මං ඊශ්‍රායලය කියන රටට සහ එහි වැසියන්ගේ බුද්ධිමත් භාවයට ගරු කරනවා , කොහොමත් මටනම් මේ ලිපියේ පෙන්නේ එකම අඩුපදුවයි , ඒ තමයි ලෝකේ ලස්සනම කානතා සොල්දාදුවන් ඉන්නේ ඊශ්‍රායලයේ කියන එක කියලා නැතිවීම

    ReplyDelete
  13. www.youtube.com/embed/UbUA2jeJEPk" frameborder="0" allowfullscreen

    ReplyDelete
  14. අටමා මෙතනට උබ මේක උස්සලා නොදම්මනම් කවදාවත් මේවගේ ලිපියක් කියවන්නවත් මේ රට ගැන හා එම ජාතිකයන් ගැන මෙතරම් පැහැදිලිකිරීමක් කොහොමටවත් දැන ගන්න ලැබෙන එකක් නෑ .....
    කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)

    මනෝ වෛද්‍යවරුන් (සිග්මන් ෆ්‍රොයිඩ්)

    සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

    Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.

    යකෝ මේ ටික දැක්කම ඇඟේ මයිල් ඉස්මයිල් උනානේ බන්

    ස්තුතියි අටම්
    ස්තුතියි නිම්මි
    ස්තුතියි සියුස්

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායලය ගැන කියද්දි මතක් වෙන තවත් නම් දෙකක් තියනව.
      ශකීරා. (ගායිකාව)
      ඉෂාක් බෂෙවිස් සිංගර්. (නොබෙල් ත්‍යාගලාභී ලේඛක)

      Delete
  15. ඇත්තෙන්ම මේක මෙහෙම බෙදා නොගත්තා නම් fb එකේ නම් කියවෙන්නෑ බොහෝ විට.

    මේක බෙදා ගත්තට ස්තූතියි අටම් අයියෙ. ඒ වගේම ලියපු කතුවරයටත් ස්තූතියි. වැදගත් ලිපියක්.

    ReplyDelete
  16. මම මේ කමන්ට් එක W3LANKA එකට දාපු එකක්,
    පලස්තීන ප්‍රදේශය යුදෙව්වන්ගෙ මුල් වාසභූමි, යේසුස් වහන්සෙ පවා යුදෙව් සම්භවයක් ඇති අයෙක්, එතුමාගෙ උපත සිදුවූයේත් ජෙරුසලම ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල මීට වසර 2014 කට පෙර, පලස්තීන ප්‍රදේශයේ ඉතිහාසය මෙහෙම සුලුවෙන් සඳහන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. යුදෙව්වන් ඉතිහාසයේ යම් වකවානුවල ඉතා අසාධාරන් අයුරින් තම වාසභූමි වලින් පලවා හැරිය ජාතියක් මෙන්ම ලක්ෂ ගනනින් ඝාතනය වූ ජාතියක්. විලියම් ෂේක්පියර් පවා තමාගේ වැනිසියේ වෙලෙන්දා කතාව තුල අපහාසයට පත් කරන්නේ යුදෙව්වන්වයි.
    හමාස් කියන්නෙ අන්තවාදී සටන්කාමී සංවිධානයක්, ඔවුන්ට මිනිස් ජීවිත වලට වඩා වටින්නෙ ඔවුන්ගේ පැවැත්මයි.ඔවුන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් විදියට පාවිච්චි කරනව. අමතක කරන්න එපා කොටි සංවිධානයෙ ක්‍රියාකාරකම්. මැද පෙරදිග මුස්ලිම් අරාබි රටවල ඒකායන බලාපොරොත්තුව ඊශ්‍රායලය මැද පෙරදිගින් අතුගා දැමීමයි. සෞදි අරාබිය වැනි රටවල තියෙන ලෝක සිතියම්වල ඊශ්‍රායලය මකා දමා තියෙනවා. මා සවුදි අරාබියෙන් මිලදී ගත් සිතියමකත් එසේමයි. හමාස් සංවිධානයෙ යුද යාන්ත්‍රනය දුවන්නෙ අරාබි රටවල තෙල් සල්ලි වලින්, හමාස් රොකට් ප්‍රහාර එල්ලවන්නේ ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාව සිටින පැතිවලටයි. ඊශ්‍රයලයේ අයන් ඩෝම් ප්‍රති ආරක්ෂන මිසයිල පද්ධතිය නොතිබුනානම් මිනිස් ජීවිත හානිය ඉතා විශාල විය හැකියි.

    ReplyDelete
  17. නියමයි.මෙ මොන මගුලක්වත් කලින් දැනගෙන හිටියෙ නැ.මෙක ලියපු මම කියවනතැනක දාපු හැමොටම ස්තුතියි

    ReplyDelete
  18. බුකියේ ශෙයාර් වෙද්දී මේක මම කියෙවුවා.. ඇත්තටම ජාතියක් විදිහට ඔවුන් කෙටි කාලයකදි ලබාගෙන තියෙන දේවල් එමටයි.. ඒත් ඉතින් ඒ හැමදේම අඩියක් හරි පස්සට දාන්න යුද්ධෙකුත් ඔවුන්ට පැටවිලා.. හැබැයි එකක්, යුද්ධය නොවන්න ඔවුන්ගේ සමහර දේවල් මෙච්චර ඉක්මනට දියුණු නොවෙන්නත් තිබුනා..

    ReplyDelete
  19. මම පලස්තීන මිනිස්සු එක්ක වැඩ කාලේ උන් කියුවේ ඊශ්‍රායල් අයට උදව්වක් විදිහට තමයි පලස්තීනයේ ජිවත් වෙන්ට ඉඩ දීල තියෙන්නේ කියල. පස්සේ තමයි උන් ඉශ්රායෙල් කියල රටක් හදාගෙන තියෙන්නේ. ඒත් අටමගේ ලිපියෙන් නොදන්න දේවල් ගොඩක් දැනගත්ත. තව කාරණයක් කියන්ටම උවමනායි. මම දැකල තියෙන වැඩ කරලා තියෙන මුස්ලිම් රටවල මිනිස්සුන්ගෙන් ජරාම ජාතිය තමයි පලස්තීන අය. පලස්තීන අයගෙන් ගොඩක් ය දේශපාලන රැකවල් විදිහට ජෝර්දාන් ගිහින් ඒ රටවල පුරවැසිකම් අරගෙන අරාබියේ ජිවත් වෙන අය . මිනිස්සු මරණ එකට අකමෙති උනත් අවුරුදු 4000 පස්සෙත් ඔහොම කොන්ද කෙලින් ඉන්න එක ගෙන සන්තෝසයි.

    ReplyDelete
  20. අටං මේක ටිකක් ඒකපාර්ශ්විකයි වගේ.. ඒත් කරුණු ගොඩක් වැදගත්...

    නිම්මි මුදිතා හේරත් කියන්නෙ අන්තවාදිනියක්... යම් තරමකට...
    මමත් ඇගේ පෝස්ට් කියවා තියෙනව

    ReplyDelete
  21. අටම්පහුර ඊශ්‍රායලය ගැන අපූරු ලිපියක් පළ කර ඇත.මෙය නම් අන්තර්ජාලයේ බොහෝ සෙයින් ශෙයා වූ එකකි.මෙහි මුල් රචකයා ඉතා අපූරුවට එය නිර්මාණය කර ඇත.ඇත්තටම මමද එයින් බොහෝ දේ උගත්තෙමි.ඊශ්‍රායල්වරුන්ගේ බුද්ධිමහිමය මටද මහ පුදුමයකි.
    ඊශ්‍රායල්වරුන් පිට සම්පූර්ණ වරද පටවන බොහෝ දෙනා නොදත් දෙයක් නම් ඊශ්‍රායලය යනු අවුරුදු 4000ක සිට ඔවුන් ජීවත්වූ ඔවුන්ගේ ජන්මභූමිය බවයි.රෝමවරුන් විසින් පලවා හරින ලද ඔවුහු දෙවන ලෝක යුද්ධයෙන් පසු යලි තම මවුබිමට ආහ.
    මිනිස් පලිහක් තබාගෙන රොකට් එවන හමාස් ත්‍රස්තවාදීන් ඉදිරියේඔ ඊශ්‍රායල්වරුන් සිල්ගත යුතුයැ‍යි ඇතැම් වාමාංශිකයන් හිතනවාදැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. අනාගතේදි මුස්ලිම්මු කාලිපේට් එක හදන්න ලෝකෙ පුරා මිනී මරන්ඩ ගද්දිවත් මුංගෙ ඇස් පු* ඇරෙයිද මන්දා.. සහජීවන හිපාටුවෝ....

      Delete
  22. මෙයට සම්බන්ධ www.holytemplenet.wordpress.com වෙබ් අඩවියේ පළවූ පහත ලිපිද කරු. කියවා බලන්න.
    01.පලස්තීන අරාබීන් උමතු කරවන , ‘බටහිර ඉවුර ‘ලෙස හැඳින්වෙන යුදය හා සමාරියානු ප්රiදේශවල සත්යT ඉතිහාසය ඇතුළත් මෙම වීඩියෝව නරඹන්න.
    02.සිරියාවට එල්ල කෙරෙන ඇමරිකානු ප්රරහාරය යොර්දානයේ, පලස්තීන- අරාබි ජාතික රාජ්යපක් ස්ථාපනය කිරීමේ පසුතලය සකස් කරයිද
    03. පලස්තීන-යුදෙව්වන්ගේ නිජ බිම උදුරා ගැනීමට සටන් වදින පලස්තීන-අරාබී ජාතිකයෝ
    04. ක්රිඅ.පූ.586දී බබිලෝනියානු ආක්රදමනික හමුදාවන් විසින් යුදා දේශයේ හා ඊශ්රාරයෙල් දේශයේ,යෙරුසලමේ පිහිටා තිබූ ශුද්ධ දේව මන්දීරය විනාශ කිරීමෙන් පසු ඉන් පලා ආ යුදෙව්වන් විසින් මෙම වසර 2400ක් පැරනි යුදෙව් සිනගෝගය /නැමදුම් හල(house of prayer ) ටියුනීසියාවේ ඉඳි කරන ලදැයි පැවසේ-Ghriba syanagogue-one of the oldest Synagogue in Tunisia(Jewish place of worship) said to be built in 586 BC
    05.1967 සය දින යුද්ධයේදී, යෙරුසලමේ, ශුද්ධ දෙව් මැඳුරු සංකීර්නය පිහිටා තිබූ භුමි ප්‍රදේශය , ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ලා ගත් මොහොත මෙම වීඩියෝවෙන් දැක්වෙයි.
    06.නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of Christ to establish a new world order



    ReplyDelete
  23. mama thamai mulma comment eka damma ano...

    atam machan samawenna one umbe hitha ridunanam... mata ekaparata hithuna umbei anith blog karayingei wenasak ne kiyala.. ekai kuhaka kiyana wachane pawichchi wune... atampahura kiyanne mama balana blog walin awankawa kata karana ekama eka liyana blog eka.. ehema ekek mehema anunge copiyak dai kiyala mama hithuwe ne.. anith unge loku talk asse umba meke dana punchi talk tika mama hamadama balanawa ban..

    ara patthagodayada mokada dala thiyena eka nam pachayak.. mama ehema ekek nemei.. mama elakiriye inna parana dial ekak... nethuwa wena ekek nemei..

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචං අමතක කරහං ඔව්වා මෙ‍ානවද

      Delete
  24. කවුරු කවුරු හරි ගහ මරා ගන්න එකට මම මනාපයි නොවැ.ඒ හින්දා යුදෙව්වෝ ඔය මැදපෙරදිගට වෙලා ඉන්න එක හොඳා.කවදා හරි අපිට බලා ගන්ඩ බැරියෑ යෙහෝවා ද අල්ලාද වඩා ප්‍රභලා කියලා.

    ReplyDelete
  25. සමහරවිට මම වැරදි ඇති යාලුවනේ.එත් ඔය ලිපිය මුලින්ම කියවනකොට මට හිතුනේ මුසල්මනුවෝ එක්ක හැප්පෙන බලසේනාවේ හෙන්චයියෙක් ලියපු එකක් කියල. මොකද ෆේස් බුක් එක එක ශෙයා කලේ වැඩිපුරම එහෙම අය කියල. මට නම් මේක කියෙව්වම හිතුනේ ඇමරිකාවේ ඔඩොක්කු කුක්ක කියල ඊශ්‍රායලය වහ කදුරු වුන අයට එක පාරටම හොද වුනේ ඇයි කියල ? මට හිතෙන්නේ රචකයා ඔවුන්ට ගහන්න බැරි අයට යුදොව්වෝ ගහන බලල ස්වයං වින්දනයක් ලබන අයෙක් කියල. හැබැයි යුදෙව්වොන්ගේ බුද්ධි ඵලය ඉත ඉහල බව සහ හමුදාවන්ගේ දක්ෂ කම ගැන රචකයාගේ කරුණු දැක්වීම නම් සත්‍යයක්.

    ReplyDelete
  26. ඒක පාර්ශවික ලිපියක්.

    අපේ අයියලා ඊශ්‍රායලයට කඩේ යන හැටි දැක්කාම මට සිහි වුණේ WW2 වලින් පසු ඊජිප්තුව වගේ අරාබි රටවල් Naziන් රැක බලා ගත් ආකාරයයි.

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සිඟර්August 3, 2014 at 7:15 PM

      හා හා සමබර වෙන්න හදන්න නම් එපා. පහුගිය ටිකේ බොදුබලසේන සහ අන්තවාදී මුස්ලිම් කල්ලි යන දෙගොල්ලොම තහනම් කරන්න ඕනේ කිව්වම කට්ටියක් අපිට අන්තවාදී ලේබලය ගැහුවා, තව කට්ටියක් දේශ ද්‍රෝහී ලේබලය ගැහුවා. සිංහල ඉස්ලාම් බක්තිකයන් මුස්ලිම් වීමට පෙර ශ්‍රී ලංකික විය යුතුයි කිව්වම ඒ ගොල්ලොත් අපිව ජාතිවාදී කොලා. දැන් ඊශ්‍රායෙල් වල හොඳ වගේම නරක තියනවා කියල මොනවා අහගන්න වෙයිද දන්නේ නැ.

      Delete
  27. මේ කාට හරි මතකද බිබිලේ තිබ්බ දොඩම් වලට වෙච්ච දේ?

    ReplyDelete
  28. ඊශ්‍රායලේ කාරයො එහෙම වුණත් බහුතර සිංහල මිනිස්සු එහෙම නෑ.. බහුතරය හරිම සාමකාමී සහජීවන බලු කුක්කෝ... තමන්ට වෙන අසාධාරණයව විරුද්ධව කතා කරන තමන්ගෙම උන්ට වැටෙන්න ගහන උන්..

    ReplyDelete
  29. මම ලියපු ලිපිය ගැන කතිකාවක් වෙනවා දකින්නත් ආසයි.

    1- මං මේ ලිපියෙදි ලියපු

    " පුළුවන් නම් තව අමතර දෙයක් එකතු කරන්න, වැරදි පෙන්නන්න,
    වෙලාව ලැබෙන විදිහට මං reply කරන්නම් "

    කොටස මෙතන නෑ. මේ ලිපිය සාධාරණව විවේඡනය වෙනවං ඊට වඩා මං ආස දෙයක් නෑ

    2- @කුරුටු ගෑ ගී පවුර ඔයා ඔය කියන කතාව 100% සාධාරණ නෑ. ඒ කාලෙ පලස්තීනය කිව්වෙ දැන් ඔය තියෙන ජෝර්දානයයි දැන් පලස්තීනයයි දෙකේම එකතුවට.

    පස්සෙ ඒක දෙකට කඩලා ජෝදානයට දීලා ඒ පැත්ත තනිකරම යුදෙව්වන්ට තහනම් කළාපයක් වුණා

    යුදෙව්වො ඇවිල්ල වැලි පොළොවෙ ගස් හිටවල ඒක පාරාදීසයක් කරනකොට තමයි අරාබීන් එ පොලොවට රොතු පිටින් එන්න ගත්තෙ. ප්‍රශ්න පටන් ගත්තෙ.

    එ නිසයි 1930 ගණන් වල Peel commission එකෙන් යුදෙව්වො ඔය දැන් තියෙන පුංචි පලස්තීන කෑල්ලෙන් 20% ඉල්ලුවෙ. හරිනං ඊට වඩා අයිති වෙන්න ඕනෙ. ඒත් යුදෙව්වො හා කිව්වා. අරාබියො බෑ කිව්වා.

    ඊට පස්සෙ ආපු හැම partition plan එකටම යුදෙවො හා. අරාබීන් - බෑ

    ඊශ්‍රායලය හිච්චි රටට ගොඩාක් ඇමරිකානු සහය ලැබෙනවා ඒක හරි. නමුත් ඒ කාලෙ ඉඳන්ම අති විශාල අරාබි රටවල් හැම එකකටම රුසියාවෙන් සෑහෙන්න සහය ලැබුණා. ඇයි එවා කතා නොකරන්නෙ ?

    කරුණාකරලා ඉතිහාසය හොඳට කියවලා එන්න. ඔක්කොම මට කියන්න වෙලාවක් නෑ

    3- මගෙ ලිපියෙ link එක සඳහන් කරන්නෙ කිව්වෙ ගොඩ දෙනෙක් මං මහන්සිවෙලා හොයපු පුන්තූර නැතුව ඕක දාන නිසා
    (මේකෙත් එහෙමනෙ ?) එහෙම කළාට කමක් නෑ ඕනෙ කෙනෙක්ට පින්තූර සහිතව බලන්න link එක දැම්මනං හොඳයි :)
    අනික මේකට වඩා අමතර කරුණු මං ඒ ලිපියට ඇතුලත් කරල තියෙන්නෙ :)

    4- පල්ස්තීනයේ වෙන මනුශ්‍ය ඝාතනය -
    අමතක කරන්න එපා හමාස් කියන්නෙ පලස්තීනයේ මිනිස්සු පත් කරගත්තු ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක්. හමාස් උං හොඳටම දන්නවා ඊශ්‍රායලයට ගැහුවොත් ආපස්සට වදිනවා කියලා. එහෙම තියෙද්දිත් මුං පුංචි ළමයි වටකරගෙන දවසට 300-400 රොකට් ඊශ්‍රායලයට යවනවා. මුං මුංලෙ ළමයින්ට ආදරේ නං අඩුම තරම් සිවිල් වැසියො, රෝහල් වලට මුවාවෙලා සටන් කරයිද ?

    මේ වෙද්දි 5 පාරකට වඩා සටන් විරාමයකට එන්න කිව්වා. ඒ 5 පාරම ඊශ්‍රායලය හා කිව්ව හමාස් බෑ කිව්ව

    මේව වෙන්නෙ මුං මුංගෙ පොඩි උන්ට ආදරේ කරනවට වඩා යුදෙව්වන්ට වෛර කරන නිසා නෙවෙයිද ? උං රොකට් ගහන්නෙ ඊශ්‍රායලයේ ඉන්න හැම සිවිල් වැසියෙක්ම ඉලක්ක කරගෙන. ඊශ්‍රායලයේත් මිනිස්සු මැරෙන්න ගත්තනං ඕහොල්ලන්ගෙ ඔය කිඹුල් කඳුලු එකක් වත් නෑ

    පල්ස්තීනය කියන්නෙ ලෝකෙ වැඩිම ජන ඝනත්වයක් තියෙන තැනක්. එහෙම තැනක මිනිස්සු මැරෙන එක නතර කරන්න කොයි තරම් ලේසි වෙයිද ?
    තමන්ගෙ සමූල ඝාතනය කරන්න ආපු අරාබින්ට අනේ පව් කියල වැටිලා ගාසාව ආපහු දුන්නෙ කවුද ? ගාසා වල ඉන්න යුදෙව්වො බලෙන්ම ආපහු වෙන තැන් වලට ඇදගෙන ගියේ කවුද ?
    ගාසා, West Bank වලට ආහාර කරන්ට් එක දෙන්නෙ කවුද ?

    ඊශ්‍රායලය 100% සුපිරිදු නෑ. මේගොල්ලො ඇමරිකාවෙ බලය අරන් UN එකේ ප්‍රශ්න නැතුව හිතේ හැටියට වැඩ කරනවා. අපේ හමුදාවට තමයි ඔක්කොම ලෙඩ
    .ඒත් අඩුම තරමෙ ඒගොල්ලො target කරන්නෙ ත්‍රස්තයොන්වයි. ඒත් හමාස් target කරන්නෙ ඕනෑ.....ම යුදෙව්වෙක්.

    අනික

    පහුගිය කාලෙ සිරියාවෙ 100 000 ගණන මිනිස්සු මැරූනා. ISIS එකෙන් මහ මග මිනිස්සු බල්ලො බළල්ලු වගේ මරනවා. ඇයි ඒවට ඕය කඳූලු වැටෙන්නෙ නැත්තෙ ?
    ඒ අතරෙ කෙනෙක් කියනව මුස්ලිම් අයට ගහනව බලල මම ස්වයං වින්දනයේ යෙදෙනවලු.... ඔය හැමෝටම ගහල ජෙරුසලම ඇල්ලුවත් තමන්ගෙ Temple එක උඩ මුස්ලිම් ගොඩනැගිලි හදලා තියෙනකොටත් ඒ පැති මුස්ලිම් අයටම දීලා අර කොනක තියෙන Western Wall එකක්කට වැඳ වැඳ ඉන්න යුදෙව්වො දිහා බලල දුක්වෙන කෙනෙක් මම. ඇයි කොහෙවත් නැති බාමියන් පිළිමෙ කඩන ජාතියෙ මිනිස්සු එක්ක අර වගේ ඉවසීමකින් වැඩ කරන්නෙ ඇයි ? ඇයි ගහන්නෙ නැත්තෙ කියල අහන කෙනෙක් මම

    5- මම මේ ලිපිය ලිව්වෙ නිළ මාධ්‍ය වල තොරතුරු වලින් විතරයි. ඒ ඇරෙන්න තව කට කතා වක්‍ර සාක්කි ඕනෙ තරම් තියෙනවා
    බිබිලෙ දොඩම් විනාශ කළාලු
    LTTE එකට අවි දුන්නලු
    LTTE එකයි හමුදාවයි දෙකම පුහුණූ කළා ලු

    අපිව ගොනාට අන්දලා මහවෙලි ප්‍රොජෙක්ක් එකක් කියල දෙයක් අපේ කරේ ගැහුවලු

    මාත් ඕවා කියෙව්වා. නමුත් ඕය කතා ඔක්කොම ටික මට ඇතුලත් කරන්න බැහැනෙ.

    මේ ගැන දැනගන්න ඕනෙ කට්ටිය By Way of Deception- Victor Ostrovsky පොත කියවන්න
    Mossad එකේ හිටපු නිළධාරියෙක් ලියපු පොතක් ඒක.
    ඒකෙ ලංකාව ගැන chapter එකකුත් තියෙනවා

    ඉතිං අවසානයේ කියන්නෙ තියෙන්නෙ ඊශ්‍රායලය කියන්නෙ සුදනො නොවුනත් මැදපෙරදිග නිදහසේ මනුස්සයෙක්ට ගිහිල්ලා තමන්ගෙ ආගම දහම උනත් අදහගෙන බෙල්ලත් බේරගෙන ආපහු එන්න පුළුවන් තැනක්. ඉගෙනීමට උපරිම තැනක් ලැබෙන රටක්.

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සිඟර්August 4, 2014 at 10:09 AM

      ඔන්න අයිසිස් එකෙන් ඉරක යුද සිරකරුවන් 1500ක් මරල සත්තු වගේ. වීඩියෝ එකකුත් රිලීස් කරලා. එක දැක්කම මතක් වුනේ නාසි ජර්මනිය. අනේ කෝ අපේ ෆ්‍රී පලස්තීන් කියපු අය? අපේ බහුතරයකට ඔය මාතෘකාව ෆැඩ් එකක් විතරයි. මනුස්සකමින් බලන්නේ බොහොම ටික දෙනයි.

      Delete
    2. //මුස්ලිම් අයට ගහනව බලල මම ස්වයං වින්දනයේ යෙදෙනවලු//. නැහැ මම නම් කියන්නේ ඊට වෙනස් දෙයක්. ඔයා කරන්නේ, අපිට ගුටි කාල, අපිට ගහන්න බැරි එවුන් පොලිසියෙන් ගුටි කනවා බලල සතුටු වෙනවා වගේ නිවට වැඩක්. ඇනොනිමස් දැම්මේ මට බ්ලොග් ප්‍රොෆයිල් එකක් නැති නිසා .

      Delete
    3. Dear Anonymous. ලිපිය ලියපු කෙනාගෙ හිතේ තිබිච්ච දේවල් guess කර කර ඉන්නෙ නැතුව තමන් එකක් ලිව්ව නම් නේද හොඳ ?

      Delete
    4. සියුස් ගේ අදහස් වලට මමත් ගොඩක් දුරට එකඟයි. හැබැයි ඒ ඇනෝ කියන විදියට මුස්ලිම් අයට ගහනවා බලලා සතුටු වෙන හින්දා නම් නෙමෙයි. තමන්ගේ අයිතිය අහිමි කරලා නිජ බිම් වලින් අතුගාලා දාපු ජාතියක් අද එකා වගේ නැගිටලා ඔලුව කෙලින් තියාගෙන ඉන්න හැටි දැක්කම සතුටු හිතෙන නිසා. සිංහල මුස්ලිම් ප්‍රශ්නේ මෙතනට ගාව ගන්නේ ඇයි ද මන්දා.

      Delete
    5. ඕන ලයින් පත්තරයක් කියවන්න, එකට අදහස් ලියන්න මාධ්‍යය වේදියෙක් වෙන්න ඕනේ නැහැනේ. මං හිතුවේ බ්ලොග් එකක් කියන්නේත් විවෘත්ත මාධ්‍යයක් කියල. ඒ නිසයි කියවල අදහසක් එතතුකලේ. අටම්පහුර බ්ලොඅග් අඩවිය ඇනොනිමස් ප්‍රතිචාර දක්වන්න ඉඩක් දෙන නිසා මම මගේ අදහස ලිව්වා. සියුස් බ්ලොග් ලියන්නේ බ්ලොග් රචකයන්ට පමණක් කියවන්න බලාපොරොත්තු වෙන පුද්ගලික මාධ්‍යයක් විදියට වෙන්න ඇති. එනිසා ඒ බ්ලොග් කඩමාල්ලට වැරදිලාව ගොඩ නොවැදී සිටීමට ප්‍රවේශම් වෙමි. සයුරිට උත්තරේ නම්, එදා මෙදා තුර බටහිර ඔඩොක්කු කුක්ක (වතාවක් ලංකාව මේ හේතුවෙන් ඉශ්‍රයල සමග තානාපති සබඳතා පවා අත්හිටෙව්වා ) වුන ඉශ්‍රයලේ එකපාරට මෙයාට වීරයෙක් වුනේ මොකද කියල හිතුවොත් තේරේවි.

      Delete
  30. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
  31. http://arunishapiro.wordpress.com/2014/08/04/%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%81-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A/

    ReplyDelete
  32. මං හිතුව දාපු කමෙන්ට් පබ්ලිෂ් කරන්න තව සතියක් වත් යයි කියල.

    ReplyDelete
  33. muslim hethikareta ohoma gahala madi meke comment karana raj kiyana eka ethulu sarwagamika ponnainta theren ne un ithama kapati wargawadi agamwadi jathiyak kiyala lankawe unta kisima karadarayak nethiwa nidahase inna dunna eth un karanne tiken tika thamange balaya wedi karagena halal burka shariya genath meka muslim ratak karanna hadana eka api ekata wiruddawa ape rata jathiya beraganna weda karama api bargawadilu anthawadilu ethakota hambayo sahajeewanen inna ahinsaka jathiyakda mathaka thiyaganilla gedara inna ballata api adarei kanna denawa nawanawa sellam karanawa hurathal karanawa eth uta pissu hedila hapakanna patan gaththoth thurulu karagan ne marala danawa eka thamai hambayantath karanne

    ReplyDelete
  34. ඊස්‍රායල ජාතියට රටක් නැතුව ඉන්න කාලේ ලන්කාවේ උතුරු නැගෙනහිර යුදෙව්වන්ට දෙන්න බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රටවල් උත්සාහ කලා නමුත් ඒකවුනේ නෑ

    ReplyDelete
  35. ඊස්‍රායල ජාතියට රටක් නැතුව ඉන්න කාලේ ලන්කාවේ උතුරු නැගෙනහිර යුදෙව්වන්ට දෙන්න බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රටවල් උත්සාහ කලා නමුත් ඒකවුනේ නෑ

    ReplyDelete
  36. හඳේ හාවා ඇන්දෙත් ඊශ්‍රායලිකයො :)

    ReplyDelete
  37. උන් අපේ රටත් අල්ලයිද බන් උබ කියන විදියට ,......උන්ට හිතුනොත්.....,

    ReplyDelete
  38. Superb article. Thanks for posting. I got print out in order to hand over my younger brothers who are studying still.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>