2016-07-20

how to assemble juki High Speed Lockstitch Sewing Machines ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය

ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා , මෙෂින් එක එන්නේ ලෑල්ල සහ ස්ටැන්ඩ් එක එකපෙට්ටිය , මෝටරය තව පෙට්ටිය සහ හෙඩ් එක තවත් එකක විදිහට පෙට්ටි තුනක. ඉතින් ඔය පෙට්ටි තුනම කඩල එලියට අරගන හයිකරන්ඩ ගිහිල්ලා , එක්කෝ වැරදියට හයි කරල , නැත්තං කෑලි අඩු වෙන් හයි කරල එක්කෝ බාගෙට තදකරල , එව්වායෙන් මොනවහරි ලෙඩක් දීලා අලවෙලා තමයි මට යන්ඩ වෙන්නේ ,  

මෙන්න මං දන්න විදිහට  juki High Speed Lockstitch එකක් හයි කරගන්න විදිහ



ස්ටෑන්ඩ් සවි කිරී


ඉස්සෙල්ලාම ස්ටැන්ඩ් පෙට්ටිය කඩල ඒක ඇතුලේ තියන ලාච්චුව අරගන්න , මෝටර් බෙල්ට් එක පැත්තකින් තියල , ලාච්චුවේ තියන කෑලි ටික එලියට ගන්න




ඔය තියෙන්නේ කැලිටික ඔක්කොම




දැන් ඉස්සෙල්ලාම එක කකුලක් අරගන කුඩා කොටස විශාල කොටසේ ඇතුලට රිංගවලා , ඇතුලු පැත්තෙන් බෑකට් එක තියල දාහතර සයිස් ඇණ දෙකක් අරගන තද කරන්න , මෙතනදි  සාමාන්‍ය සම්මත උස තමයි අඟල් 28 , ඒත් අපේ රටේ කොට ජීවත එච්චර උස නැති හන්දා මම නං තියන්නේ අඟල් 26ක් වාගේ ,  අනික තමයි කඩෙන් හයිකරල ගේනවා නෙමෙයි අපිම මෙතනදි කරගන්න නිසා මහන කෙනාට ගැලපෙන නිවැරදි උසෙන්ම අපිට සවිකරගන්න පුලුවන් , එක කරන්නේ මෙෂින් එක සම්පූර්නයෙන් හයිකරල ඉවරවෙලා , මහන කෙනා ඉදගන්න පාවිච්චි කරන පුටුවම තියල ඉන්දවලා , වැල මිට ලගින් අත නවල මෙෂින් ලෑල්ල උඩින් තිබ්බහම කොන්ද නොනැමි කෙලින් තියන විදිහට එජස් කරල , එතකොට ඉතින් කවදාවත් කොන්ද රුදාවල් , බෙල්ල රුදාවල් හැදෙන්නේ නැ.





මේ තියෙන්නේ ඇතුලතින් බෑකට් එක සවිවෙන විදිහ





මෙන්න මේ විදිහට කකුලේ පහලට රබර් මවුන්ට් එකත් හයිකරගන්න




මෙන්න තියනවා කකුල් දෙකම හයිකරල ඉවරවෙලා





දැන් තියෙන්නේ පැඩල් එකට පැඩල් කූර සවිවෙන බැකට් එක හයිකරගන්න , එකට පාවිච්චි කරන්නේ සයිසි දහයේ ඇණ දෙක




දැන් පැඩල් බාර් එකට පැඩල් එක සවිකරගන්න ,  ඒක කරනකොට බාර් එකේ වම් පැත්තේ දෙවැනි සිදුරේ වම් පැත්තෙම කොනටම තියල හවි කරන්න



මේ තියෙන්නේ හයි වෙලා තියන විදිහ ,





දැං තියෙන්නේ සයිඩ් බාර් එක සහ ලෙග් දෙක සවිකර ගෑනිම




දැන් පැඩල් බාර් එක බැකට් එකට හයිකරගන්න කුඩා බෑකට් නට් එක ස්ටෑන්ඩ් එකේ ඇතුලු පැත්තට තියල ( කකුලේ ඉස්සරහ ඉදන් පැඩල් බාර් එකට අගල් පහක් විතර තියන්න  )




ඔන්න දෑන් ස්ටැන්ඩ් එක හයිකරගන ඉවරයි


මෝටරය සවිකිරිම



මේ තියෙන්නේ මෝටර් පෙට්ටියෙන් එලියට ගත්ත මෝටරයට අදාල කොටස් ටික


 

ඉස්සෙල්ලාම ලොකු ඇණ තුන ලෑල්ලේ උඩින් යටට රිගවාගන්න




දැන් මෝටර් පුලිය ලෑල්ලේ බෙල්ට් එක වැටෙන කටට සමාන්තරව හිටින විදිහට තියල



මෙන්න මේ විදිහට නට් වලින් තදකරගන්න



දෑන් මෝටර් ස්විච් එක  ලෑල්ලේ ඉදිරිපස දකුනු කොනට ස්කුරුප්පු ඇණ වලින් සවිකරගන්න


 
බෙල්ට් එකේ නොවදින විදිහට වයර් එකත් ක්ලිප් කරගන්



බෙල්ට් කවරය සවිකරගන්න 




ලෑල්ල සවිකිරීම









 අනිත් පැත්ත හැරවු ලෑල්ලේ උඩින් ස්ටැන්ඩ් එක තියලා , ඉදිරි පසින් සහ පසු පසින් සමාන දුරක් සහ , දකුනු පසින් ස්ටැන්ඩ් එක මෝටරයේ නොවදින විදිහට තියල ලෑල්ල සිදුරු කරන්න





මේ වැඩේදි ඩ්රිල් එකක් පාවිච්චි නොකර ඇලිස් කට්ටක් පාවිච්චි කරනවානං හොදයි , පේනවානේ ලෑල්ලේ හැටි







දෑන් ඇණ හතර හොදින් නොසෙල්වෙන්න තද කරන්න



දැන් වම් පැත්තේ කොනෙනෙන් ලාච්චුව හයිකරගන්න ( මේ ඇණ වලට ඇලිස් කට්ටෙන් හිල් කරන්න එපා )


බාත්එක සහ හෙඩ්එක සවිකිරීම










රබර් මවුන්ට් හය බාත් එකට සහ ලෑල්ලට සවිකරගන්න




යකඩ සරනේරුව හෙඩ් එකට රිංගවාගන්න



බාත් එක ලෑල්ලට බස්සවාගන්න




ලිප්ටරය බාත් එකේ සිදුරට රිංගවාගන්න




හෙඩ් ස්ටොපර් එක ලෑල්ලට බස්සන්න





ත්රේඩ් ගයිඩ් එක හෙඩ් එකට සවිකරගන්න



හැන්ඩ් වීල් එක හෙඩ් එකට හයිකරන්න , වීල් එකේ ඇණ දෙකෙන් එකක් මේ කට් මාර්ක් එකට හිටින්න තද කරන්න




හෑන්ඩ් වීල් එකට සහ මෝටර් පුලියට බෙල්ට් එක සවිකරගන්න



දැන් මෝටර් එජස්මන්ට් නට් එක මගින් අතින් තදකරන කොට එබෙන ප්‍රමානයට බෙල්ට් එක සීරු මාරු කරන්න




දැන් මෝටරය සහ පැඩල් එක පැඩල් රොඩ් එක මගින් සම්බන්ද කරන්න , පැඩල් එක අනවශ්‍ය ලෙස ඉහලට නොවුස්සා පැඩල් බාර් එකේ සිට ඉදිරිපසට අගලක පමන ආනතියක් සහිතව සවිකරගැනිමෙන් දිගුකාලිනව ඇති වන පාදයේ ස්නායු තෙරපිමේ රෝගයෙන් මිදිමට හැකිය , මෙෂින් එක පාවිච්චි කරනකෙනා මෙෂින් එකේ ඉන්දවා , පැඩල් එකට කකුල තැබුවිට විලුඹ ලගින් කකුලේ යට කොටස අනවශ්‍ය ලෙස ඉහලට නොයිස්සි නිදහසේ තිබෙන ලෙස සීරුමාරු කිරිම තමයි නිවැරදිම ක්‍රමය




මේ ඉදිරිපස ඇනය බුරුල් කොට පැත්තෙන් ඇති ඇනය ඉදිරියට තදකිරිමෙන් , කොක්ෂීට් එක ඉදිරියට  ගෙන මහන කෙනාට පහසු වෙන පරිදි කකුල බුරුල් කරනවිටම මෙෂින් එක නවතිනලෙස සකසාගත හැක


මේ ස්ප්‍රීන් එක තදකිරිම මගින් පැඩල් එක ඉහලට එසවීම වේගවත් කල හැක





පුට් ලිප්ටර් බෑකට් එක මේලෙසට සවිකොට ඇත්තේ ඇසුරුම් කිරිමේ පහසුව සදහාය , මෙය උඩ පැත්ත යටට හිටිනසේ සවිකරගන්න

ලිප්ටර් සවිකරන නිවැරදි ක්‍රමය මෙයයි , කකුලට පහසු වෙන පරිදි උඩට පහලට සහ දෙපසට සීරුමාරු කරගන්න




මේ ඇණ දෙක මගින් පුට් ලිප්ටරයේ නිදහස් සෙලවීම් සීරු මාරු කරගත හැක


බෙල්ට් කවරය සවිකිරිම




කලුපාය යකඩ පින් එක මෙතනට සවිකරන්න


බෙල්ට් ගාඩ් එක ඇණ තුන මගින් මෙලෙස සවිකරගන්න







ගාඩ් එකේ පිටුපස කොටසත් මේ ලෙස සවිකරගන්න







දැන් හෙඩ් එක ඔසවා බොබින් වයින්ඩරය මේ ලෙස තබා , නැවතත් හෙඩ් එක පහත්කර , වයින්ඩරය ඉදිරියට තල්ලු කල පසු බෙල්ට් එකේ වදින ලෙසත් , වයින්ඩරය ඕප් කලවිට බෙල්ට් එකේ නොවදින ලෙසත් තිබෙන තැනින් තබා , ස්කුරුප්පු ඇණ දෙක මගින් සවිකරගන්න





නුල් ස්ටෑන්ඩ් එක සවිකරගන්නා ආකාරය


                                                                             






                                                                     

                                                     





නූල් දමාගන්නා ආකාරය



                                                  



                                                      

                                                                                   

   




දැං ඉතින් හෙඩ් පෙට්ටිය ඇතුලේ තියන ඔයිල් ලීටරය බාත් එකට හලලා මහන්ඩයි තියෙන්නේ

අවුලක් තියෙනං කෝල් එකක් දෙන්න 0776531595


74 comments:

  1. ඩී. අයි. වයි. නියමයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Do It Yourself නෙ ඔය කියල තියෙන්නේ.සිංහලෙන් නම් කියන එක හරියටම දැනගන්න හෙන්රි හෝ රවියාගෙන් අහන්න. ඔය මාතෘකාවත් How to fix නොව How to assemble විය යුතුයි.

      Delete
    3. හප්පට සිරි. දැනුයි දැක්කේ. Do it Yourself තමා. ඕක කාර් වැඩවල වලවනාතේ යූස් වෙන වචනයක් නිසා මාත් දැම්මා. උපදෙස් ටික අගෙයි. ඔහොම පොටෝ එක්ක විස්තර කරලා තියනවා දැක්කම ආසයි.

      Delete
    4. මං දන්නැ අනේ මට තේරෙන්නැ අනේ

      Delete
  2. හරිම අනුවේදනීය කතාවක්!

    ReplyDelete
    Replies
    1. මැෂින් බිජ්ජාගෙ "මැෂිමාලංකාරය", හද කිලිලිපොලා යනවා.

      Delete
    2. හැලපයෝ ඇනෝ දාන්න ගිහින් අදනම් කෙලවුනා නේද?

      Delete
    3. ඇනෝ කමෙන්ට් ප්‍රොෆයිල් එකෙන් වැටීමේ ඒ අජූත මොහොතට හැලපයා මුහුණ දෙන අයුරු

      Delete
    4. හප්පට සිරි කිවුවලු.

      Delete
    5. හැලපයාට අපහාස කොරන්ට කාරි නෑ යකුනේ.
      ඒක ලිව්වෙ මම- ඔරිජිනල් ඇනෝ

      Delete
    6. ඒක තමා මුන්ට පිස්සු

      Delete
    7. ඔරිජිනල් ඇනෝ.ඔයාට හැලපගෙ ප්‍රොෆයිල් එකෙන් කොමන්ට් කරන්න පුලුවන්ද.මාරයි අනේ.

      Delete
    8. ඇනෝලා,
      මට වැරදුනේ නෑ බං.මම ඔය අනං මනං කරන්න යන්නෙ නෑනෙ ඔහෙ ලියනවා.

      Delete
    9. අනේ ඔව්වා ගනන් ගන්න එපා

      Delete
  3. උඹේ මේ අනුවේදනීය මැෂිමාලංකාර‍ය කියෙවුවට පස්සෙ මම ජුකී මැෂිමක් ගන්න අදහස අතෑරිය.

    ආයෙ මොකටද පෙට්ටි කඩන්නෙ එක්කො ආයෙ ආපු වෙලාවක උඹම හයි කරල දියං. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ උඹගෙයි මගෙයි මැහිල්ල

      Delete
  4. එක්කෝ උඹ රස්සාව අතඇරලා..නැත්තං හිට්ස් වැඩිකරගන්න කරපු දෙයක් මේ....
    ජුකී මැෂින් හයිකරන අවශ්‍යතාවය තියෙන බ්ලොග්කියවන අය කී දෙනෙක් ඉඳීද හැබෑට..?
    කොහොමහරි රස්සාවට අබ සරණයි...!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං අතුන්වේතම්බං කන්නේ එව්වා

      Delete
    2. හරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං අතුන්වේතම්බං කන්නේ එව්වා

      Delete
    3. ///අතුන්වේතම්බං////...??????????

      Delete
    4. චෙෆ්ල එක්ක ආස්සරේ වැඩි උනාම ඔය වගේ අමුතු ඒව තමයි කන්න වෙන්නෙ. හැක්..

      Delete
    5. අතුන්වේතම්බං ලුණු ඉහල පොලුත් එක්ක හොඳයි

      Delete
    6. හරියටම හරි හිටිස් වැඩිකරගන්ඩ දැං තුන්වේල තම්බං කන්නේ එව්වා ලෙස නිවැරදි විය යුතුය

      Delete
  5. මාත් මේ කල්පනා කලේ මේක කියවල කී දෙනෙක්ට ප්‍රයෝජනයක් තියෙයිද කියල.
    බඩ ගෝස්තරේ හොයාගන්න දේ ගැන ඕනෙවට වඩා කියන්න එපා බං , උඹම ඕව සල්ලි අරං කරල දීපන්.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවට මූ වැදගත්ම කෑලි එකක් දෙකක් හයිකරන හැටි කියල දීල නැතුව ඇති. ඔය පෙට්ටිය කඩල මුගේ කෑලි ටික හයි කළාට පස්සෙ ඉතුරුවෙන ඒව කොහෙටද හයි කරන්නෙ කියල අහල මූට කෝල් දෙන්න තමයි ඔය නොම්බරෙත් දාල තියෙන්නෙ. අන්න එතකොට තමයි ගාන කපන්නෙ ඩබල් එකේ. හැක්..

      Delete
    2. මූ එන්නෙ පැඩ්ල් එක එජස් කරන්ඩ කියාගෙන.

      Delete
    3. උඹල දෙන්නට විතරයි වැඩේ අහු උනේ

      Delete
  6. තව්ව නෑ නෙ... රබර් බුස් එකත් නෑ..
    (හෙන වෙලා යන වැඩක් මෙයා බස් බස් ගාල ලියලා දාල.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කේස් එකත් පිම්බිලා.. වැස්සකුත් එනව.... චේං එකට මම වග කියන්නෑ ඔන්න

      Delete
    2. මට තේරෙන්නේ නැ

      Delete
    3. ඇයි බං අයියෙ අර ගැරේජ් බාස් කියලා වීඩියෝ එකක් ශෙයා උනේ?

      Delete
  7. හරිම සුංගාරාත්මක කතා පොජ්ජ....
    පින්තූර ජුන්ඩත් නිලන්කාරයි...
    තනි ඇහැට ඇඬුන හිටං...

    ReplyDelete
  8. ජුකී මහන මැෂිමක් ඇති නිවසකට වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇති නෙමෙයි ගන්න ඉන්න ගෙදරකට

      Delete
  9. බඩ ගෝස්තරේ හොයාගන්න දේ ගැන ඕනෙවට වඩා කියන්න එපා බං , උඹම ඕව සල්ලි අරං කරල දීපන්.//2

    ReplyDelete
    Replies
    1. කාටහරි වැඩක් වෙයි කියල ලිව්ව නම් හිත හදාගනින් මොකද මෙහෙම ලියන දෙයක් කවද හරි කාට හරි වැඩක් වෙනව. හැබැයි කවුරුවත් අගේ කරේ නෑ කියල හිත නරක්කරගන්න එපා. අපි උඔල මේව මනින යුනිට් වලින් නෙවෙයි හැමෝම මනින්නෙ. ඒකයි මං කම්මල කියාපු එක අනුමත කරන්නෙ.

      Delete
    2. හිතේ දැං නරක්වෙන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ බං ....හිත තියෙන්නේ අක්මාවෙලු නේද

      Delete
  10. ආසාවෙන් කියෙව්වා. ස්ක්‍රීන්ෂොට් ගහගත්තා. ඉඳලා හිටලාවත් මෙව්වා දාන්න මලේ.

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රීන්ෂොට් දාල පොත් එහෙම ගහන්නැ බස්වල විකුනන්ඩ

      Delete
  11. කවද හෝ කවුරු හෝ කෙනෙක් ජුකී මැසිමක් අටෝගන්නේ කොහොමද කියල සර්ච් පාරක් දැම්මොත් මේක ඌට හතරමහ නිධානෙ පහලවුනා වගේ වෙයි..!!
    රෙෂ්පට් මස්සිනා හොඳම එකෙන්..

    උඹට මතකද අර "මොනවද මුත්තේ මොකද කරන්නේ "කියල අහන පොඩි එකාගෙයි සීයගෙයි අඹ පැලයක් හිටවන සිංදුව.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කෙනෙක් හොදින්ම දන්නා ඔහුගේ/ඇයගේ නිපුණතාවයක් ඇති දේ ගැන ලිවීම වඩාත්ම සාර්ථකයි කියල මමත් හිතන්නේ. එතකොට මේවා කියවන අපිටත් නොදන්නා ක්ෂේස්ත්‍ර වල දේ ගැන ගූගල් එකෙන් දැන ගන්න බැරි බොහෝ දේ දැන ගන්න පුළුවන්. හැමදෙයක් ගැනම යමක් දැනගෙන ඉන්න එක කොයිතරම් වටිනවද!

      Delete
    2. මොනවද මුත්තේ ඔතන කරන්නේ - මිත්තගෙ මූයා ඔය වැලි කන්නේ

      Delete
    3. ඒකනේ මං ලියුවේ

      Delete
  12. Very imported and usefull analicis you put to blog. Good good

    ReplyDelete
  13. මචෝ. ලිව්ව වගේම ඕකම පොඩි වීඩියෝ කෑල්ලක් වගේ හදල යු ටියුබ් එකට දාගන්ට වගේ වැඩක් කොරල බලහන්. ලියනවට වඩා මහන්සි වෙන්ට ඕන තමයි. මම කිව්වේ උබේ මේ උත්සාහය තවත් ගැම්මක් දෙන්ට. නිකන් "ඇටම් වීඩියෝ ප්‍රඩක්ෂන්". කොහොමද නැගල ගියොත්.👊🏽

    ReplyDelete
    Replies
    1. අම්මෝ මචෝ කෝ කාලය , අනික යකෝ අප්ලොඩ් බයිට්

      Delete
  14. ෂෙහ්... ඔව්වගෙන් ඩබොලක් ම ගෙදර තියේ පැකින් පිටින්ම. කොහෙද ඉතිං අදාළත් නෑ අයිතිත් නෑනෙ මට..........

    ReplyDelete
    Replies
    1. කොහොමද හම්බුනේ කියල මං දන්නවා

      Delete
  15. බැරි වෙලාවත් මැෂින් එකක් හයි කරගන්න ඕනේ උනොත් , ඉන්න තැනකින් ඇවිත් හයි කරලා යන්න අටම්... එක ලේසි වගේ මේක ඉගෙන ගන්නවට වඩා :)

    ReplyDelete
  16. දැන් ගෙවල්වල් මැෂින් තියනව ද බන් ? මම හිතන්නේ නැතිම තරම්...

    ReplyDelete
    Replies
    1. නැතුව බං එහෙනං මං බඩගින්නේ මැරෙන්ඩ එපැය

      Delete
  17. We are best seller in india as well as services provider of  Industrial Sewing Machine Supplier, Direct Drive Motor Energy/Power Saving Machine & Direct Drive Motor Energy Saving Machine. We have all kinds of industrial Sewing Machine.. Contect us: 9810081403 & http://bsmcompany.com.

    ReplyDelete
    Replies
    1. අපි ඉන්දියාවේ හොඳම විකුණන්නා මෙන්ම කාර්මික Sewing Machine සැපයුම්කරු වන සේවා සම්පාදකයා වන සෘජු ඩ්රයිව් මෝටර් බලශක්ති / විදුලිබල ඉතිරිය යන්ත්රය සහ සෘජු ඩ්රයිව් මෝටර් බලශක්ති ඉතිරිය යන්ත්රය වේ. 9810081403 සහ http://bsmcompany.com: අපි කාර්මික Sewing Machine, සියලු වර්ගවල .. අපට Contect ඇත.

      Delete
  18. මගෙ අම්මෝ..
    ජුකී මෙශින් එකක් හයි කරන්න මේතරම් අමාරුද?
    මන් ජුකී මෙශින් එකක් ඇත්තට දැකලා නෑ. ඒත් මේ පින්තුර්‍ර ටික එක්ක විස්තරේ බලද්දි ඇත්තට දැක්ක වගේ තමයි...
    :)

    ReplyDelete
    Replies
    1. අමාරු නැ හරිම ලේසියි ඊටත් වැඩිය මහන්න ලේසියි

      Delete
  19. මෙච්චර මගුල් කරන්න බෑ බං. අපේ ගෙදරට එකක් ගත්ත දවසට උඹට කෝල් එක් දෙන්නම්. ඒක මීට වඩා ලේසියි වගේ.

    ReplyDelete
  20. නියමයි. මට කෙසේවෙතත් අපේ අම්මටනන් මේ ලිපිය වටිනවා. ජුකී මැෂින් එක ගෙනාපු දවසෙ ඕක හයි කරගන්න බැරුව අපි විඳපු දුකක්. පස්සෙ කෙනෙක්ව ගෙන්නලා තමා හයි කර ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. කොහොමහරි කරගන්න එකයි වටිනේ

      Delete
  21. මේ ලිපිය හා කන්ටෑක්ට් අංකය මට ඉතා නුදුරේදීම වැදගත් වීමට ඉඩ ඇත.
    එදාට අටම් වෙත ඇමතුමක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හා අහලපහලකනං ආව හැකි , මහ දුරකනං බැ

      Delete
  22. පාරිභෝගිකයා ම එකලස් කර ගැනීමට එවන බඩු සහිත පෙට්ටි ඇතුලේ එකලස් කර ගැනීම පිළිබඳ පියවරෙන් පියවර විස්තර කෙරෙන රූප සහිත අත් පොතක් එනවා නේද?
    https://www.facebook.com/suriyaarachchi/posts/10153506833303793

    ReplyDelete
    Replies
    1. @රසිකොලොජිස්ට් අත් පොතක්නන් තිබ්බා.මැෂින් එක ඩුබායි වලින් ගෙන්නපු එකක්. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොත තිබ්බෙ නැ. අරාබියෙන් ලියපු පොත තමා තිබ්බෙ.අපිට අරාබි තේරෙනවයෑ.. :-)

      Delete
    2. ලංකාවේ එහෙමටවත් එකක් හම්බෙන්නේ නැ රසික , අනික මොකදෝ මන්දා අපේ අයට පැහැදිලි සටහනක් තිබුනත් කරගන්න බැ . ගෙදර තියන හොල්ඩරය ස්කූරු ටයිප් කියල දැක දැක පින් ටයිප් බල්බ් ගේන රටක් මේක

      Delete
  23. can u do home visiting repairs???

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • How to identify high quality needles
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති
    '' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.'' ''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි'' අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන…
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • මහත්තයට කියන්නැ
    අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස්…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
1,646,051

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>