2017-01-01

ෆොටෝ එකකිං මක් කරන්ඩද




"තාත්ති කොහෙද යන්නේ "

 " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "

 " මමත් එන්ඩද "

 " මම ඉක්මනට එන්නං "

 " අපිට තනියි "

 " අම්අම්මත් ඉන්නවනේ "

 " එයා අද යනව කියුවා "

 " නැ මම එනකං ඉන්නවා "

 " කම්මැලියි "

 " කියන එක අහල ගෙදර ඉන්ඩ ...ඔයා ඔහොම දගලනකොට නංගිත් කුලප්පු වෙනවා "


 " එයි හොරෝ කොහෙද යන්නේ "

 " මං ටවුමට ගිහිං ඉක්මනට එනවා "

 " මොනාටද "

 දැං කියලත් බැ නොකියත් බැ , දවස් දහ දොලහකට පස්සේ අද තමා කෙල්ල ටිකක් හිනා වෙලා හිටියේ , දැං ආයෙත් හූල්ල කන්ඩ පටං ගනීද දන්නැ

 " ස්ටූඩියෝ එකට "

 " ඒ ඇයි "

 " ඇවිත් කියන්නං කෝ ...මගේ මැණික අයියයි අම්අම්මයි එක්ක ගෙදරට වෙලා ඉන්ඩකෝ ...මං එනකොට බඩඉරිගු ගෙනත් දෙනවා "

 " ඉතිං අපි හතර දෙනාම යංකෝ "

 මට ඉතිං පනිනව දැං ඉවසීම ....වෙනද වගේ සැර කරන්ඩද

 " අම්අම්මට බයික් එකේ යන්ඩ ඉඩ නෑනේ "

 " ඉතිං අපි හතර දෙනාම ඉස්සර යන්නෙ "

 ...හම් ....දැං කෙල්ලත් නෝමල් වගේ ...කොල්ල නං ... පලවෙනි දවස දෙකෙන්ම නෝමල් උනා ...ඇඩුවෙත් නැනේ පැන් වඩන කොටවත් මට පස් මිටක් දාාන සිහිය නොතිබුනාට කොල්ලා දාපු පස් මිට පෙට්ටියට වැටෙන සද්දෙටනෙ මටත් පස් මිට දාන්ඩ මතක් උනේ..

 " හරි හරි එහෙනං දෙන්නම එන්ඩ හෙල්මට් අරං "

 කියල ගේ දිහා බලනකොට සදූගෙ අම්මා දොරකඩ වෙලා ඉන්නවා , නොකියුවට ඒ මූනේ තිබුනෙ ... අනේ පව් අසරණ ළමයි වගේ පෙනුමක් ..

 " අපි ගිහිං එනකං අම්මට හිටිය හැකිනේ "

 " රැ වෙනකොට ගියහම මදැ "

 කියාගන අම්මා ගෙට ගියා ....එක අතකට සදූ එක්කම කුසේ ඉන්න පැටියත් ගිය එකත් හොදයි ...නැත්තං මේ දරුවො දෙන්නගේ අනාගතය ගැනත් ස්ථාවරයක් නැතුව ඒ කිරිකැටියව මම කොහොම බලන්ඩද, ......හයියෝ ෂීක් ....මං හිතන කාළකන්නි කතා..... නැ ..නැ ...මං මහ කාළකන්නියෙක් තමා ...පව්කාරයෙක් ...වැඩකට නැති පරයෙක්


 " හරි හරි අපි යං "

 " පුතා මොකද ඕක ගත්තේ ...."

 " ඉතිං ඇයි "

 " කියන එක අහලා අම්මගෙ එක තියල තමුසෙගේ හෙල්මට් එක අරගන එනවා "

 " තාත්ති මාත් පිටි පස්සෙං නගින්නං "

 " නැ ඔයා එන්ඩ ඉස්සරහට .... කෝ ඔය ක්ලිප් එක දාගන්ඩ "

 " ඇත්තටම අපි යන්නෙ කොහෙද ඈ "

 " ස්ටූඩියෝ එකට තමයි "

 " හරි යං "


 " යං කියල බයික් එකට නගින්ඩ කලිං කලිසම උස්ස ගන්නවා "

 " ස්ටූඩියෝ යන්නෙ ඇයි "

 " මං අම්මිගේ ෆොටෝ එකක් ලොකු කරන්ඩ දුන්නා , ඒක දැං රාමු කරලත් ඇති "

 " හම් "

 ඒ පාර දෙන්නම සද්ද නැ .....මේ විදිහට ටික ටික තනියම ජීවත් වෙන්ඩ හුරුවෙයි ... මටහිතා ගන්ඩ බැ ඔයා නැතුව කොහොම ජීවිතයට මුහුන දෙන්ඩද කියල ....අද චූට්ටක් බොන්ඩ හිතයි මට ....කොහෙද මේ ළමයි දෙන්න ආවනෙ

 " හෝව් හෝව් බඩඉරිගු කාල යං "

 " දැං පාස් උනානෙ මැණික එන ගමං ගෙදර අරං යං "

 " බැ බැ ගඟගාව බංකුවේ ඉදගන කාල යං .... අම්මි කියුවහම නං ඔයා කරනවා "

 " හරවමු නේද ලොකු පුතේ "

 " අනේ පිස්සුහුටංගේ විකාර "

 " හඩ්ඩා ...හඩුගදයා "

 " හා හා කෑ නොගහ ඉන්ඩ ...ඔන්න මම හරවනවා "

 " ආ ඇද්ද "

 " මෝඩ චූන් "


 " ලොකු පුතා ......"

 යකෝ මුං දෙන්න එල්ලෙන්ඩම බලාගන නෙ ඉන්නෙ

 " අප්පෝ තාත්තෙ තම්බපුවා දාන බාජනේ වහලත් නැ "

 " ඔයාට එපානං ඔයා නිකං ඉන්ඩ ...අපි කනව නේද තාත්තී .. මහලොකු සුද්දෙ මෙයාගෙ "

 " මාත් කනව බඩගියත් කට්ටියටමනෙ ...හෙක් හෙක් "

 " දෙන්නම කට පියා ගන්නවද "

 " අපිට කරල් හතරක් දෙන්ඩ ....ආ ..නැ ...තුනක් "


 " තාත්ති හතරක්ම ගන්ඩ "

 " ආ ආ හතරක්ම දෙන්ඩකො "

 " මහත්තය එකසිය හැටයි "


 " ආ මෙන්න "

 " හැටක් මාරු නැතෙයි "

 " කමක් නැ දෙසීයම ගන්න "

 " ආ එහෙනං ආයේ ආපුවහම ගන්නවද , නැත්තං තව කරලක් දෙන්ඩද "

 " ඇන්ටි තව කරලක් වෙන මල්ලකට දාල දෙන්ඩ , අපේ අම්අම්මට දෙන්ඩ "

 " ආනේ , චූටී බබා අම්මට වඩා ආච්චී අම්මට ආදරෙයි වාගේ ... අපේ දුවගේ ළමයිනුත් එහෙමයි මහත්තයා .....කෝ අද නෝනා ආවේ නැතෙයි "


 " අපි ගිහිං එන්නං "

 " තාත්තී ලා පාට එක මට "

 " හරි හරි ඉස්සෙල්ලා ඔතනින් ඉදගන්ඩ "

 " හැබැයි ඔන්න අම්අම්මගෙ එක ඇරුනහම වැඩිය තියන එක මට ඕන "

 " එහෙම කොහෙද මටත් බාගයක් ඕන "

 " ඇයි දැං ඔයාට වහල නැ කියල කන්ඩත් බැ කියුව නේද "

 " කට කට කට මේ ගෙදර නෙමෙයි .....දෙන්නටම බාගේ බාගේ ...දෙනවා ආ මෙන්න ..."


 " එහෙනං කන්ඩ බැරි කෙනාට යට හයිය කෑල්ල දෙන්ඩ ...මට උඩ එක "


 " තමුසෙගේ බඩේ හිඟන්නෙක් ඉන්නවද "

 " ලොකුපුතා "

 " ඉතිං විහිලුවක්නෙ "

 " තමුසෙ දැං වත් නංගිව බයිට් එකට ගන්න එක නවත්තල ....නංගිව බලාගන්නවා "


 " බයින්ඩ තාත්ති බයින්ඩ ....මෙයා හැම වෙලාවෙම ..මට අරක මේක කියනවා "

 " ආ හරි හරි ඔයාටත් එක්කයි මේ කියන්නෙ ...ඔය දෙන්නට දෙන්නා ඉන්ඩ ඕන උදව් උපකාර කරගන හැමදාම ආදරෙන් "

 " තාත්ති දැං අපි දෙන්නා අම්අම්මලැ දිහා නවතින්ඩ යනවද"

 " බෑනේ මැණික ශිෂ්‍යත්වයට තව මාස කීයද ... ඉස්කෝල මාරු කරල කොහොමද "


 " මට නං බැ මං තාත්ත එක්ක ඉන්නවා "

 " ඉතිං මං හා කියුව යැ "

 " අපි ගෙදර වැඩට කාවහරි ගම්මු ....ඇන්ටි කෙනෙක් ඉන්නවා කියුවා රණසිංහ අංකල් ...එයා එයි ...තාත්ති වැඩට ගිහිං එනකං ඔයාල එයා එක්ක ඉන්ඩ "

 " දැං ඔයා රාමු කරන්ඩ දුන්න ෆොටෝ එක අපි කොහෙද තියන්නෙ "

 " සාලේ බිත්තියේ එල්ලමු ...ඇයි මගේ පුතාට කාමරේ තියන්ඩත්   එකක් ඕනද ..., එහෙනං අපි තව පොඩි එකක් හදාගම්මු ඇඳ ගාවිං තනියට තියාගන්ඩ "

 " තනිත් නැ ... ඇයි ඉතිං මා එක්ක නිදාගත්තට මට නින්ද ගියහම ...අම්මි තාත්ති ලගට ගිහිං ....මට තනියම ඉදල පුරුදුයි ...ඒ උනාට මටත් එකක් තියනවනං හොදයි ...එතකොට අම්මි ඉන්නවා වාගෙනේ "

 " ලොකු ඔයාටත් එකක් ඕනද "

 " එපා ...අම්මි හිටියා ...දැං නැ ....‍ෆොටෝ එකකිං මක්කරන්ඩද"

71 comments:

  1. උඹේ කතාව නම් ලස්සනයි.
    මට නම් මීටර් වෙනවා හොරයි.

    මේ එක නෙමෙයි, උඹේ කී බෝද්ඩ් එකේ එන්ටර් කී එක කැඩිලා ද, අතුරුදහන් වෙලාද?
    සේරම දෙබස් ටික එක පේලියට ගිහින් තියෙන්නේ මොකෝ...



    ReplyDelete
  2. සරළ කතාවක් වුණත් මේකෙ ලොකු කතාවක් තියෙනවා. ඒත් 2017 මුලින්ම මේකතාවම දැම්මේ ඇයි අටං ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද අන්තිමට ලියන්ඩ ගත්ත එකක්

      Delete
  3. ඇත්ත, ෆොටෝ එකකින් මක් කරන්නද?

    සංවේදී කතාවක්....

    නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා අටම්....

    ReplyDelete
  4. අර පස් මිටේ සීන් එක....

    ReplyDelete
    Replies
    1. මටත් පොල්ලෙන් ගහනවා වගේ දැනුනේ ඒ සීන් එක...

      Delete
    2. සද්ද ය හරියට මතක් කරගන්ඩ බැරි උනා

      Delete
    3. වෙ ලාවට සද්දයක් දැම්මේ නැත්තේ

      Delete
  5. යටි පෙළක් තියෙනවද ? සංවේදී කතාවක්.... ඒ සපත්තු දෙක දාගෙනම බලන්න ඕනේ.......! පොඩ්ඩක් වෙලා ඒ සපත්තු දෙක දාගෙන ඉන්න උත්සාහ කලා...... ඒත් බෑ..... ගලෝලා වීසි කරලා දැම්මා......!

    ReplyDelete
    Replies
    1. එහෙම නනැැ හිිතට ආවට ලියුුවාා

      Delete
  6. උදෙන්ම හිතට වැදුන කතාවක්.

    ReplyDelete
  7. මරු කථාව. අදනං මීටර් වෙන විදිහට ලියල හිටං. අළුත් අවුරුද්දට ජය..! 🍻

    ReplyDelete
  8. බෑ යකෝ මෙව්ව කියවන්න.මොන මඟුලක්ද මන්දා.. අරලිය මල් ගැන කියල නැති උනාට, කැඩුනු ඉටිකොල වැල් වල සිලි සිලිය ගැන කිව්වෙ නැති උනාට ඒ ගතිය.. පාළුව...... පිරිලා.
    ෆොටෝ එකකින් මක් කරන්නද?
    ජයවේවා..!!

    ReplyDelete
  9. හොඳ නිර්මාණයක් අටම් !!! 2017 ට ජයවේවා !!!

    ReplyDelete
  10. බොහොම සංවේදී කතාවක්, කෙලින් කියන්න බැරි හිතට වදින බොහොමයක් දේවල් දෙබස් වලට යටින් දුවන බව තේරෙනව. මට මේ කතාව ඒකාංගික ටෙලි නාට්‍යක් වගේ මැවිල පෙනුනා !

    අටo පවුලටම ජයෙන් ජයම වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  11. සංවේදි කාතාවක් ලියුව සංවේදි අටංට හා මිචෙල් ඔබාමා ඇතුලු පැටික්කියෝ දෙන්නාට සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.

    ReplyDelete
  12. අවුරුද්දෙ මුලම මේවගේ ඒව දානවද බං.

    උඹටත් පවු‍ලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  13. හැමදාමත් වගේ රහයි......

    ReplyDelete
  14. මම අහන්න කැමතිම නැති සින්දු දෙකක් තියනව
    1. මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    2. එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා
    වුවමනාවෙන් හිත් රිද්දගන්නෙ මොටද.......

    සියලුදෙනට නිදුක් නිරෝගී සුව ඉත සිතින්ම පතමි..!

    ReplyDelete
  15. සංවේදී කථාව. අවුරුද්ද මුලදි මේවගේ කථා දානවද?

    ReplyDelete
    Replies
    1. තවත් එක දවස් කියල හිතන්න

      Delete
  16. මරු...!
    අටම්ගේ මේ වර්ගයේ කතා ලිවීමේ හැකියාව විශිස්ටයි

    ReplyDelete
    Replies
    1. ඒ් උනාට සමහරක් කැමති නැනේ

      Delete
    2. අටම්ගේ මේ වර්ගයේ කතා ලිවීමේ හැකියාව විශිස්ටයි x 2

      Delete
  17. මගේ ජීවිතෙත් මේ වගේ ආසන්න සිදුවීමක් තියනවා ...
    සදුට පෙන්නන්නවා මේ කථාව

    ReplyDelete
  18. හදවතට දැනුන සංවේදී කතාවක්..
    ///ෆොටෝ එකින් මක්කරන්නද///ඇත්ත...

    ReplyDelete
  19. අපේ මාමණ්ඩි ගේ ෆොටෝ එක මම අයින් කරා.. ඒක දිහා බල බල ගෙදර ඉන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම කණගාටුයි කල්‍යාණ මිත්‍ර . මාත් දැනගත්තේ පෙරේදනේ.

      Delete
  20. අම්මෝ ... හරිම දුකයි...අලුත් අවුරුද්දෙ ඇස් දෙකට කඳුළකුත් ආවා

    ReplyDelete
  21. ඇත්ත තමයි අටමෝ ෆොටෝ කන්නද...හිතේ තියෙන ෆොටෝ එක තමයි හොඳම ෆොටෝ එක. වචන අඩු ගානකින් ලොකු කතාවක්.නියමයි.

    ReplyDelete
  22. ෆොටෝ එක දුටු කලට, කඳුළු එයි නෙත් වලට
    ෆොටෝ මක් කරන්නද, හිතවතා නැති කලක..
    සුභම සුභ නව වසරක් වේවා, අයියේ!

    ReplyDelete
  23. උඹේ කතා වල මං ආසම සීන් එක පටන් ගද්දි මොකුත්ම හිතා ගන්න බැරි එක! කරකෝලා අත අරිනවා වගේ!

    ReplyDelete
  24. අටං අයිය එළ... මං ඒ පැත්තෙ එන්න ඉන්නෙ. ඉක්මනට එන්නං
    කෙල්ල බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ ඊයෙ. අරකට වැටිල තිබුණ. එළ

    ReplyDelete
  25. ෆොටෝ එකක් නිසා සමහරවිට ඒ මතක අලුත් වෙලා හිත පැරෙන්නත් පුළුවන්.ඒ කොහොම වෙතත් හිතට වදින දෙබස් එක්ක ගලාගෙන යන දුක තවරපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. සමහරක් විට තිබුන නං කියලත් හි තෙ යි

      Delete
  26. දුමියගෙ කමෙන්ට් එක නිසා ආයි ගිහින් කියෙව්ව. මුකුත් නොකිය යනව.

    ReplyDelete
  27. අටමො ...... මේවා කතා උනාට ජීවිතවලට අදාළ වෙන වෙලාවලුත් තියෙනවා බං

    ReplyDelete
  28. අටමා... උබේ පොස්ට් එකින් එක මම පස්සට ගිහින් කියවන්නේ උබ ලියන ආරය මම කාගෙන්වත් දැකලා නැති නිසයි. මම වගේ අලුතෙන් බ්ලොග් ලියන එකෙක්ට දෙන අතහිතට මේ සුදු හුණු තවරනවා නෙමෙයි. හදවතින්ම ස්තුතියි...

    ReplyDelete
  29. අපූරු නිර්මාණයක්...

    ReplyDelete
  30. නියමයි අටමා. 2016 ට දැම්ම නම් මගේ හොඳම කෙටි කතාව වෙන්නේ මේක.

    ReplyDelete
  31. ගොක් කොළ ගැන කියල නැති උනාට සිරාවටම ලියල තියෙනවා අටම් ,.....

    ReplyDelete
  32. හරිම හැගිම් බරයි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • බඩු තියනවා ගාණ දෙදහයි
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද
    මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ ,…
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • ඇයි යකෝ ඔය
                                             …
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • අස්සට දාන්නේ කොහොමද
    කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින්…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • මෙන්න  බලන්න  මේ  siruba 747 overlock  එකට වෙලා තියන දේ
    මේ  මෙෂින්  එක  සිරුබා නුල් හතරේ  ඔවර් ලොක්  මෙෂින්  එකක් , මේ   මෙෂින්  එක…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
1,648,404

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>