2014-04-22

how to paint your sewing machine


කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ ,





සමහරක් භාණ්ඩ ගැන කතන්දරය එහෙම උනාට , හැම තැනකටම ඒක වලංගු නැ .
එහෙම එක තැනක් තමයි මහන මෙෂින් , තාක්ෂණයෙන් දියුණු වැඩ කෑලි ගොඩක් තියන සුපිරි මෙෂින් එක්ක බලන කොට ( මැෂිමේ කල්පැවැත්මෙන් , මනා ක්‍රියාකාරිත්වයෙන් නොවේ , මෝස්තර  වලින් පමණි )  ඒ කතාව පුස්සක් උනාට ,
තවම ලංකාවේ අපි වැඩිපුර පාවිච්චි කරන පරණ මාදිලි ගැන බලපුවහම  ( තවමත් චීනයේ , ඉන්දියාවේ  නිෂ්පාදනය කරන ) අළුත් මෙෂින් වලට වඩා දහස් වාරයක්,  අවුරුදු  පනහාහැට පරණ බ්‍රසීලයේ , ඇමරිකාවේ , එංගලන්තයේ , ඉතාලියේ , ජපානයේ , නිෂ්පාදන කරපු එව්වා    හැම පැත්තෙන්ම හොදයි,
ඉතින් ගොඩක් වෙලාවට පරණ මෙෂින් හොදයි කියලා කට්ටිය කියනවා , ඒත් ඒ ඉතින් පරණ මෙෂින් එකට අමතර කොටස් මීළදි ගන්න තියනවා නං විතරයි,
අපේ රට සියල්ලෙන් සපිරිලා හන්දා දැන් සල්ලි තියන මනුස්සයෙක්වත් අළුතින් මහන මැසිමක් ගන්නැ, පරණ එව්වාම හද හදා දුහනවා ,
පහළ තියන පීන්තූර පීන්තූර වල තියන මෙෂින් දෙකක්ම දුවට දෑවැද්දට දෙන්ඩ අම්මලා තාත්තලා අළුත් කරලා හදන මෙෂින්, දුවට දෑවැද්දට දෙන්ඩවත් අළුත් මෙෂිමක් ගන්ඩ සල්ලි නැති රටක් සංවර්ධනය වෙලා කියලා කියන්නේ කොහොමද කියලා මට නං තේරෙන්නේ නෑ.
මෙෂින් පාට කරලා අළුත් එකක් වාගේ හදන්ඩ තරමක වියදමක් දරන්ඩ වෙනවා ,
හදන එකාට හොදට මහන්සි වෙන්ඩත් වෙනවා ,
මැසිමේ අයිති කාරයාට නං වටිනා කියන වැඩක් උනාට ,
කාර්මිකයාට නං අමුදූව්‍ය වලට යන වියදම , ගතවෙන කාලය ,
මහන්සිය ගැන හිතනකොට නං වැඩක් ඇති වැඩක් නෙමෙයි,
ඒත් පින්තාරු කරපු මැසිම දිහා බලාගන අළුත් ඇදුමක් ඇන්ද තමන්ගේ දරුවෙකුගේ ලස්සන බලලා සතුටුවෙනවා වාගේ අප්‍රමාණ සතුටක් විදින්ඩ නං පුළුවන්.
මම පරණ මෙෂින් අළුත් කරලා දෙන විදිහ ගැන තමා මේ ලියන්නේ








මෙන්න මේ විදිහට පරණ වෙලා ජරා වාස මෙෂින් හතරක් තමයි මම අද පේන්ට් කරන්න යන්නේ

ඉස්සෙල්ලාම තීන්ත වලින් හානි වියහැකි කොටස් ගලවලා ඉවත් කරගන්නවා,
ඊලගට පරණ තීන්ත සූරලා ඉවත් කරගන්නවා ,
ඒ කාරියට මම නං පාවිච්චි කරන්නේ මෙන්න මෙව්වා.
මම  ඔය වැඩේට පාවිච්චි කරන්නේ 120 ප්‍රමාණයේ වැලි කඩදාසි.





මෙන්න මේ වාගේ පේන්ට් රිමූ පාවිච්චි කරන්නත් පුළුවන් උනත් ටිකක් විතර අවදානම් වැඩක් , ඇස් වලට ගියොත් විනාසයි ,  මේ කෑන් එකේ මූඩිය ගලවද්දි බොහොම ප්‍රවේසම් වෙන්න ඕන , ඇගේ ගෑවුනහම බොහොම දරුණු වේදනාවක් එනවා ,



අනිත් කාරනාව තමයි . රීමූ චුට්ටක් හරි පින්තාරු කරන කොට ඉතුරු උනෝතින් එතන පපඩමක් වාගේ ඉදිමිලා විනාස වෙනවා, ඒක නිසා මම දැන් මෙව්වා පාවිච්චි කරන් නැ


සුරලා පිරිසිදු කරපු මෙෂින් වලට ලැකර්ප්‍රයිමර් ආලේපල කරනවා මෙන්න මේ විදිහට.







හොදින් පුයිමර් වියලුනාට පසුව වැලි කඩදාසියකින් සුමට කරනවා , මෙතෙන්දි පාවිච්චි කරන්නේ 800 ප්‍රමාණයේ වැලි කඩදාසි,

තව දුරටත්  මතුපිට වලගොඩැලි තියනවානං  පිලර් ආලේප කරලා  තූනී වැලීකඩදාසියකින් තවදුරටත් සුමට කරගන්න පුළුවන් ,
ඔබ දක්ෂයෙක් නං පිලර් ආලේප කිරිමක් නැතුව සිනිදු මතු පිටක් ලබාගන්න පුළුවන් ලැකර් ප්‍රයිමර් පමණක් ආලේප කිරීමෙන්, මේ ආලේප කිරිමට කෝට් 2 වඩා කරන්න එපා




ඊලගට මෙන්න මේ විදිහට ඒ ඒ මැසිමට අදාල වර්ණය ආලේප කරනවා, සතුටු දායක මතු පිටක් ලැබුනේ නැත්නම් වාර දෙකක්



ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියන කො‍ටස් වලටත් තීන්ත ආලේප කරනවා . අවශ්‍ය නම් තීන්ත වලට කලින් ප්ලාස්ටික් ප්‍රයිමර් ආලේප කරන්නත් පුළුවන්





ඊලගට හොදින් වේලුනාට පස්සේ   නම් ගහන්ඩ තියන එව්වාට නම් ගහනවා ස්ක්‍රීන් එකක් ආධාරයෙන් , එතනකාට ඉතින් අළුත් එකක් වාගේ තමා.










මෙන්න මේ ස්ටිකර් කළුපාට මැසිමට ස්ටිකර් ගැහිල්ල තමා ටිකක් අමාරු වැඩේ, ඔය ස්ටිකරය අපි මීලදි ගන්න කොට සව් කඩදාසියක ගහලා තූනී කාඩ් බෝඩ් එකක අලවලා තියෙන්නේ.




ස්ටිකරයේ සව්කොලය පැත්තේ ටොප්කෝට් (ක්ලියර් ලැකර් ආලේප කරලා ) අදාල තැනට තියලා ඇගිල්ලෙන් තද කරලා , ටිකවේලාවකින් උඩින් තියන කාඩ් බෝඩ් එක ඉවත් කරනවා.



දැන් ඔය තියෙන්නේ ස්ටිකරය සව් කඩදාසියත් සමග



හොදට වේලිලා ස්ටිකරය ඇලුනාට පස්සේ , වතුරෙන් තෙමාපු රෙදි කැබැල්ලක් ආධාරයෙන් වතුර වක්කරමින මතුපිට තියන සව් කඩදාසිය ඉවත් කරනවා පරිස්සමින්.



කොහොමද දැන් පැට්ටගේ ලස්සන






තීන්ත වලින් ස්ක්‍රීන් එක ආධාරයෙන් ගහපු අකුරුවල සහ ස්ටිකර් වල ආරක්ෂාවට සහ සිනීදු දිලිසෙන මතුපිටක් ලබා ගැනීමට ක්ලීයර් ලැකර් (ටොප්කෝට් ) ආලේප කරනවා වරක් හෝ දෙවරක්.



ඔයාලට තව දුරටත් දිස්නය වැඩිකර ගන්න ඕනනං  රබින් කම්පවුන්ඩ් ටිකක් හරි කාර් පොලිෂ් ටිකක් හරි දාලා මදින්න



මෙන්න චීනයේ නිෂ්පාදනය කරපු අළුත්ම අළුත් මෙෂින් එකක්


මෙන්න මම පාට කරපු මැසිමක්





මෙන්න පාවිච්චි කරපු බඩු 









කම්ෆෙෂර් , හොද තීන්තම අවශ්‍ය නැ , ගෙදරදිම ඔයාලට මේ වැඩේ කරන්ඩ පුළුවන් මේ ස්පේකෑන් වලින් අපූරුවට



මෙව්වා එක එක නම් වලින් තියනවා ගන්න , පිලර් , ටොප් කෝට් එහෙමත් දැන් කෑන්වල එනවා, 

6 comments:

  1. මචං අටම මේ රටේ නම් කවදාවත් ඔය වැඩේ කරන්න බැහැ. මහන්සි වෙන එක ආර්ථිකව පාඩු හින්ද .ඔය වැඩේ කරන්න කොච්චර වෙලාව යනවද කියන එක තමයි මෙහේ වැදගත්. කඩේ ටොයිය මැසිමක් $100- $150 කට අඩුයි. දවසක කම්කරුවෙක්ගේ අවම වැටුපත් $100 ක් විතර ඔය වගේ Paint කරන්න පුළුවන් එකෙක්ට $200 ක් වත් ඔය වැඩේට ගෙවන් නැතිව බෑ කවුද බං කඩෙන් නොගෙන වැඩිපුර දීල හදන්නේ. ලංකාවේ තාම හදන්නේ මං හිතන්නේ ශ්‍රමය තාම ලාභ නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපිට බලපාන හෙනේ

      Delete
  2. මාර ගති වැඩක් නේ, මෙක කරලා ඉවර වෙනකොට චිත්‍රයක් අවසාන කරපු ශිල්පියෙකුට දැනෙන සතුට අටම්ට දැනෙන්න ඇති.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා මචං එහෙම තමා .............ඒ ආතල් එක විතරයි

      Delete
  3. ෂිට්, අදයි මේ පොස්ට් එක දැක්කේ, අම්මා නංගිගාව හිටි අවුරුද්දේ දැක්කානම්. 1960 සිංගර් එකක් ගෙනත් දුන්නොත් ගොඩ ගන්න කොච්චර කාලයක්, ආසන්නව කියක් වගේ යාවිද? උඩ රෝදේ ක්‍රෝම් පේන්ට් එහෙමත් ගැලවිලා තියෙන්නේ.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • මුල්ල පටස්
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  • එහෙම එකක් උනාද අප්පා
    ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින් …
  • How to identify high quality needles
  • බඩු තියනවා ගාණ දෙදහයි
  • චංචලා
    නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • Electric Water Heater Installation: Step-by-Step Directions to Do It You...
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
1,645,022

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>